තෙල්මෙ නැටීම
තෙල්මෙ කොච්චර පැරණිද?තෙල්මෙ නැටුම

Wikipedia Version' ඉන්දියාවේ චෝල රාජ්‍ය කාලයේ සිටි සේරමානම් නම් රජුගේ උයන පාළු කරමින් සිටි ගෝනෙකු මරා දමන ලෙසට අණ ලද හේවායන් ඌ පසුපස පන්නා යන විට ගෝනාගේ පය පැටලී අසල තිබූ රජුගේ පොකුණ තුළට වැටී මරණයට පත්විය. මේ වන විට ගෝනා ගැබ්බරව සිටි බැවින් රජු කෙරෙහි වෛරයෙන් මරණයට පත්ව, එම පොකුණෙහිම මැඩියෙකුව උපන්නේය. දිනක් රජතුමා උයන් කෙළියෙන් පසු, පොකුණ අසළට විත් එම පොකුණෙහි පිපී තිබූ ඉතා ලස්සන මානෙල් මලක් කඩා සුවඳ ආඝ්‍රාහණය කරන විට මල යට සැඟව සිටි මැඩියා කෂණයකින් රජුගේ නාසය දිගේ මොළයට රිංගා ගත්තේය. (ඇතැම් කතා පුවතක මැඩියා රජුගේ මොළයට විෂක් යැවූ බව ද, රජතුමා මානෙල් මලෙහි ගෙඹි බිත්තර දැකීමෙන් තම මොළයට ගෙම්බෙකු ඇතුළු වුවාදැයි සැක කළ බව ද සඳහන් වේ.)
කෙසේ වෙතත් මේ හේතුවෙන් ඇති වූ හිසරදයට රජුට කොතරම් ප්‍රතිකාර කළ ද සුවයක් නොලැබුණි. මෙසේ කලක් ගත වත්ම දිනක් රජුට සිහිනයෙන් ඉතා රූමත් කාන්තාවක් දිස්විය. ඒ බව රජු පුරෝහිත බමුණාගෙන් විමසූ කල සිහිනෙන් පෙනී සිටියේ පත්තිනි දේවිය බවත්, ඇගේ සාපයක් රජුට ඇති නිසා නිර්මල බුද්ධ ශාසනයක් තිබෙන, සතර මහා දේවාල තිබෙන රටකට ගොස් දින 7 ක් දුගී මගී යාචකාදීන්ට දන් දී ඒ පිං පත්තිනි දේවියට පැමිණවිය යුතු බවත් කීය. මීට සුදුසුම රට ලංකාව බව තීරණය කළ රජු වත්තලින් දිවයිනට පැමිණ කැළණියට ගොස් බුදුන් වැඳ දෙවියන්ට පිං දී රුවන්වැල්ලේ දී දී ප්‍රථම දෙවොල් මඩුව කරවූහ. එදා පටන් රජුගේ හිසරදය දුරු වූවා සේම ලංකාවේ දෙවොල් මඩුව ආරම්භ වූ බව ද පුරාවෘත්තවල කියැවේ.
සේරමන් චෝල රජෙක්දෙවොල් මඩු ශාන්ති කර්මයේ ඉතිහාසය
පහතරට නර්තන සම්ප්රදායේ දෙවොල් දෙවියන් මුල් කරගෙන කරනු ලබන ශාන්ති කර්මය දෙවොල් මඩුව නම් වේ. මෙහි උපත් කතාව නම්....
සේරමන් නම් රජ කෙනෙකුගේ උයන පාළු කරමින් සිටි ගෝනෙකු මරා දමනට රජු අණක් නිකුත් කරන අතර රජුගේ හේවායන් අතින් ගෝනා මරණයට පත් වේ. නැවත එම ගෝනාම මැඩියෙකු වී රජුගේ උද්‍යානයේ පොකුණෙහි උපත ලබා එහි වෙසෙයි. දිනක් උයනට ගොස් පොකුණෙ වූ මලක් සිඹින විට එතුල උන් මැඩියා රජුගෙ නාසය දිගේ ගොස් මොළයට රිංගා ගන්නා අතර රජුට හිසරදයක් සෑදේ. මෙසේ කල් යවන රජු දිනක් සිහිනෙන් රූමත් කාන්තාවක් දකී. මෙය බමුණන්ට පැවසු පසු ඒ පත්තිනි දේවිය බවත් ඇගේ සාපයක් රජුට ඇති බවත් බමුණන් ප්‍රකාශ කරයි. එබැවින් පත්තිනි දෙවියට පින් දිය යුතු බවත්, පත්තිනි දේවිය හා දෙවොල් දෙවියන් එක්ව දෙවොල් මඩුවක් කල යුතු බවත් පැවසේ. රුවන් වැල්ලේදී ප්‍රථම දෙවොල් මඩුව කල අතර එදා පටන් දෙවොල් මඩු ශාන්ති කර්මය පැවත එන බව සදහන්ය.
මෙහිදී දෙවොල් හත් කට්ටුව නැව් නැග ලංකාවට පැමිණෙද්දී පත්තිනි දේවිය එම නැව් විනාශ කර, ගිනිකඳු සතක් මවා දෙවොල් දෙවිවරුනට බාධා පැමිණවූ බව කියන රසවත් කතා බොහොමයක් වන අතර ඉතාමත් හාස්‍යෝත්පාදක අයුරින් දෙවොල් මඩුවල එම ඉතිහාස තකා රඟ දැක්වේ.

සේරමන් චෝල රජෙක්
ගෝණා රජ්ජුරුවන්ට නිදා ගන්න දෙන්නැතුව මහ රෑ හයියෙන් කෑ ගහනවළු
ගෝණා මැරිලා තියෙන්නේ රාජ පුරුෂයො එළවද්දී පොකුණට වැටිලා
රජ්ජුරුවෝ ඉම්බේ මානෙල් මලක්
එඩිට් එක දැක්කේ දැන්

එනම් සේරමාන රජු බිසව සමග නැවකින් යද්දී මලක් කඩා සුවද ආඝ්‍රහණය කල විට එහි තිබූ විෂ වායුවක් නිසා රෝගී වූ බවත් පසුව රජු වෙනුවෙන් දෙවොල් දෙවියන් නාමයට එම නැවේ කුඹ ගසක් සිටවූ බවත් ඉන්පසු යාගයක් කර රෝගය සුව වූ බව කියැවේ. දෙවොල් මඩු ශාන්ති කර්මයක දක්නට ඇති කාල පන්දම් ගස සහ බිසෝ කප එම සිදුවීම සිහි කරවන බවත් ඇතැමුන්ගේ අදහසයි. එදා පටන් දෙවොල් මඩු යාගය ඇතිවූ බව සමහරක් සාමුප්රදායික ශිල්ලීන්ගේ අදහසයි. එසේම දෙවොල් මඩුව ප්‍රධාන දේවාලයකට සම්බන්ධ කර එම දේවාල බිමෙහි කරන කල එය දෙවොල් මඩුව බවට ප්‍රචලිත විය.
බොහොමත්ම ස්තුතියි ඔයාල හැමෝටම...
අපේකම තියෙන හැමෝටම... 
විස්තර ගොඩක් එකතු කරල...බොහොමත්ම ස්තුතියි ඔයාල හැමෝටම...
අපේකම තියෙන හැමෝටම...
![]()




