අපේ උරුමය - ශාන්ති කර්ම

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    තෙල්මෙ නැටීම

    තෙල්මෙ නැටුම

    gurunnanselagen-awasara-pethema.jpg

    wjir .ekSu

    dolaha-deviyanta-thelmethatuwa.jpg

    fod,y foõ f;,afu ;gqj

    sethsanthi-keerima.jpg

    fi;a Ydka;s lsÍu

    thelme-malakkam.jpg

    f;,afu ud,lalï

    -lankadeepa-
     
    • Like
    Reactions: amila_90210

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    තෙල්මෙ නැටුම

    තෙල්මෙ කොච්චර පැරණිද?
    එත් තෙල්මේ නටද්දී මාලක්කම කැරකෙන්නේ අංශක කීයකට ඇළවෙලා කියලා හිතන්නේ?

    23.5

    පුරුදුයි වගේ නේද?

    ඒ පෘතිවිය සූර්යා වටා පරිභ්‍රමණය වෙන එක සංකේතවත් කරන්නේ..ඒ ආනතිය
    8.gif

    කොපර්නිකස් 1530 ගණන් වල සූර්යාවටා පෘථුවිය කැරකෙනවා කියද්දිත් සුද්දොන්ට මැජික් වෙච්චි එවා :oo:
     
    • Like
    Reactions: Amalka101

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    තවත් වටිනා වැඩක් පටන් අරං තියෙන්නෙ
    නියමයි ...... මාත් පුළුවන් විදිහට උදව් කරන්නම්

    + රෙප් දෙන්නටම
     
    • Like
    Reactions: amila_90210

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    දෙවොල් මඩු ශාන්ති කර්මයේ ඉතිහාසය

    පහතරට නර්තන සම්ප්‍රදායේ දෙවොල් දෙවියන් මුල් කරගෙන කරනු ලබන ශාන්ති කර්මය දෙවොල් මඩුව නම් වේ. මෙහි උපත් කතාව නම්....

    සේරමන් නම් රජ කෙනෙකුගේ උයන පාළු කරමින් සිටි ගෝනෙකු මරා දමනට රජු අණක් නිකුත් කරන අතර රජුගේ හේවායන් අතින් ගෝනා මරණයට පත් වේ. නැවත එම ගෝනාම මැඩියෙකු වී රජුගේ උද්‍යානයේ පොකුණෙහි උපත ලබා එහි වෙසෙයි. දිනක් උයනට ගොස් පොකුණෙ වූ මලක් සිඹින විට එතුල උන් මැඩියා රජුගෙ නාසය දිගේ ගොස් මොළයට රිංගා ගන්නා අතර රජුට හිසරදයක් සෑදේ. මෙසේ කල් යවන රජු දිනක් සිහිනෙන් රූමත් කාන්තාවක් දකී. මෙය බමුණන්ට පැවසු පසු ඒ පත්තිනි දේවිය බවත් ඇගේ සාපයක් රජුට ඇති බවත් බමුණන් ප්‍රකාශ කරයි. එබැවින් පත්තිනි දෙවියට පින් දිය යුතු බවත්, පත්තිනි දේවිය හා දෙවොල් දෙවියන් එක්ව දෙවොල් මඩුවක් කල යුතු බවත් පැවසේ. රුවන් වැල්ලේදී ප්‍රථම දෙවොල් මඩුව කල අතර එදා පටන් දෙවොල් මඩු ශාන්ති කර්මය පැවත එන බව සදහන්ය.

    මෙහිදී දෙවොල් හත් කට්ටුව නැව් නැග ලංකාවට පැමිණෙද්දී පත්තිනි දේවිය එම නැව් විනාශ කර, ගිනිකඳු සතක් මවා දෙවොල් දෙවිවරුනට බාධා පැමිණවූ බව කියන රසවත් කතා බොහොමයක් වන අතර ඉතාමත් හාස්‍යෝත්පාදක අයුරින් දෙවොල් මඩුවල එම ඉතිහාස තකා රඟ දැක්වේ.

    Wikipedia Version

    ' ඉන්දියාවේ චෝල රාජ්‍ය කාලයේ සිටි සේරමානම් නම් රජුගේ උයන පාළු කරමින් සිටි ගෝනෙකු මරා දමන ලෙසට අණ ලද හේවායන් ඌ පසුපස පන්නා යන විට ගෝනාගේ පය පැටලී අසල තිබූ රජුගේ පොකුණ තුළට වැටී මරණයට පත්විය. මේ වන විට ගෝනා ගැබ්බරව සිටි බැවින් රජු කෙරෙහි වෛරයෙන් මරණයට පත්ව, එම පොකුණෙහිම මැඩියෙකුව උපන්නේය. දිනක් රජතුමා උයන් කෙළියෙන් පසු, පොකුණ අසළට විත් එම පොකුණෙහි පිපී තිබූ ඉතා ලස්සන මානෙල් මලක් කඩා සුවඳ ආඝ්‍රාහණය කරන විට මල යට සැඟව සිටි මැඩියා ක‍ෂණයකින් රජුගේ නාසය දිගේ මොළයට රිංගා ගත්තේය. (ඇතැම් කතා පුවතක මැඩියා රජුගේ මොළයට විෂක් යැවූ බව ද, රජතුමා මානෙල් මලෙහි ගෙඹි බිත්තර දැකීමෙන් තම මොළයට ගෙම්බෙකු ඇතුළු වුවාදැයි සැක කළ බව ද සඳහන් වේ.)

    කෙසේ වෙතත් මේ හේතුවෙන් ඇති වූ හිසරදයට රජුට කොතරම් ප්‍රතිකාර කළ ද සුවයක් නොලැබුණි. මෙසේ කලක් ගත වත්ම දිනක් රජුට සිහිනයෙන් ඉතා රූමත් කාන්තාවක් දිස්විය. ඒ බව රජු පුරෝහිත බමුණාගෙන් විමසූ කල සිහිනෙන් පෙනී සිටියේ පත්තිනි දේවිය බවත්, ඇගේ සාපයක් රජුට ඇති නිසා නිර්මල බුද්ධ ශාසනයක් තිබෙන, සතර මහා දේවාල ති‍බෙන රටකට ගොස් දින 7 ක් දුගී මගී යාචකාදීන්ට දන් දී ඒ පිං පත්තිනි දේවියට පැමිණවිය යුතු බවත් කීය. මීට සුදුසුම රට ලංකාව බව තීරණය කළ රජු වත්තලින් දිවයිනට පැමිණ කැළණියට ගොස් බුදුන් වැඳ දෙවියන්ට පිං දී රුවන්වැල්ලේ දී දී ප්‍රථම දෙවොල් මඩුව කරවූහ. එදා පටන් රජුගේ හිසරදය දුරු වූවා සේම ලංකාවේ දෙවොල් මඩුව ආරම්භ වූ බව ද පුරාවෘත්තවල කියැවේ.
     
    Last edited:
    • Like
    Reactions: sandun thilaka

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    දෙවොල් මඩු ශාන්ති කර්මයේ ඉතිහාසය

    පහතරට නර්තන සම්ප්‍රදායේ දෙවොල් දෙවියන් මුල් කරගෙන කරනු ලබන ශාන්ති කර්මය දෙවොල් මඩුව නම් වේ. මෙහි උපත් කතාව නම්....

    සේරමන් නම් රජ කෙනෙකුගේ උයන පාළු කරමින් සිටි ගෝනෙකු මරා දමනට රජු අණක් නිකුත් කරන අතර රජුගේ හේවායන් අතින් ගෝනා මරණයට පත් වේ. නැවත එම ගෝනාම මැඩියෙකු වී රජුගේ උද්‍යානයේ පොකුණෙහි උපත ලබා එහි වෙසෙයි. දිනක් උයනට ගොස් පොකුණෙ වූ මලක් සිඹින විට එතුල උන් මැඩියා රජුගෙ නාසය දිගේ ගොස් මොළයට රිංගා ගන්නා අතර රජුට හිසරදයක් සෑදේ. මෙසේ කල් යවන රජු දිනක් සිහිනෙන් රූමත් කාන්තාවක් දකී. මෙය බමුණන්ට පැවසු පසු ඒ පත්තිනි දේවිය බවත් ඇගේ සාපයක් රජුට ඇති බවත් බමුණන් ප්‍රකාශ කරයි. එබැවින් පත්තිනි දෙවියට පින් දිය යුතු බවත්, පත්තිනි දේවිය හා දෙවොල් දෙවියන් එක්ව දෙවොල් මඩුවක් කල යුතු බවත් පැවසේ. රුවන් වැල්ලේදී ප්‍රථම දෙවොල් මඩුව කල අතර එදා පටන් දෙවොල් මඩු ශාන්ති කර්මය පැවත එන බව සදහන්ය.

    මෙහිදී දෙවොල් හත් කට්ටුව නැව් නැග ලංකාවට පැමිණෙද්දී පත්තිනි දේවිය එම නැව් විනාශ කර, ගිනිකඳු සතක් මවා දෙවොල් දෙවිවරුනට බාධා පැමිණවූ බව කියන රසවත් කතා බොහොමයක් වන අතර ඉතාමත් හාස්‍යෝත්පාදක අයුරින් දෙවොල් මඩුවල එම ඉතිහාස තකා රඟ දැක්වේ.

    සේරමන් චෝල රජෙක්
    ගෝණා රජ්ජුරුවන්ට නිදා ගන්න දෙන්නැතුව මහ රෑ හයියෙන් කෑ ගහනවළු
    ගෝණා මැරිලා තියෙන්නේ රාජ පුරුෂයො එළවද්දී පොකුණට වැටිලා
    රජ්ජුරුවෝ ඉම්බේ මානෙල් මලක් :)

    එඩිට් එක දැක්කේ දැන්
     
    Last edited:
    • Like
    Reactions: nwnbs

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සේරමන් චෝල රජෙක්
    ගෝණා රජ්ජුරුවන්ට නිදා ගන්න දෙන්නැතුව මහ රෑ හයියෙන් කෑ ගහනවළු
    ගෝණා මැරිලා තියෙන්නේ රාජ පුරුෂයො එළවද්දී පොකුණට වැටිලා
    රජ්ජුරුවෝ ඉම්බේ මානෙල් මලක් :)

    එඩිට් එක දැක්කේ දැන්
    11.gif

    :rofl:
     
    • Like
    Reactions: thilzz

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    දෙවොල්මඩු ගැන තව කතාවක් ගත්තේ shanthikarma.org එකෙන්

    එනම් සේරමාන රජු බිසව සමග නැවකින් යද්දී මලක් කඩා සුවද ආඝ්‍රහණය කල විට එහි තිබූ විෂ වායුවක් නිසා රෝගී වූ බවත් පසුව රජු වෙනුවෙන් දෙවොල් දෙවියන් නාමයට එම නැවේ කුඹ ගසක් සිටවූ බවත් ඉන්පසු යාගයක් කර රෝගය සුව වූ බව කියැවේ. දෙවොල් මඩු ශාන්ති කර්මයක දක්නට ඇති කාල පන්දම් ගස සහ බිසෝ කප එම සිදුවීම සිහි කරවන බවත් ඇතැමුන්ගේ අදහසයි. එදා පටන් දෙවොල් මඩු යාගය ඇතිවූ බව සමහරක් සාමුප්‍රදායික ශිල්ලීන්ගේ අදහසයි. එසේම දෙවොල් මඩුව ප්‍රධාන දේවාලයකට සම්බන්ධ කර එම දේවාල බිමෙහි කරන කල එය දෙවොල් මඩුව බවට ප්‍රචලිත විය.
     
    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    me shanthi karma gana ahala tbunata mechchara vstarayak danan htye na
    thnx mcn mewa apith ekka share kalata
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    යක් බෙරය

    පහතරට සම්ප්‍රදායේ එන ප්‍රධාන වාද්‍ය භාණ්ඩය පහතරට බෙරය, නැතිනම් යක් බෙරය ලෙස හැඳින්වේ. යක්ශ ගෝත්‍රය බිහිවූ මුල් අවධියේම නිර්මාණය වන්නට ඇතැයි සැලකෙන යක් බෙරයේ සිවිය ලෙස සත්ව හමක් යොදා නොගැනීමද විශේෂයි. හමක් වෙනුවට යොදා ගැනෙන්නේ හරකාගේ ආමාශයයි.

    ආතත (අතින් වයන) ගණයට අයත් පහතරට බෙරය: ඝෝශක බෙරය, රුහුණු බෙරය, යක් බෙරය, දෙවොල් බෙරය, තොවිල් බෙර, මිහිඟු බෙරය යනාදී නම් වලින් හැඳින්වේ. මෙයට සමුද්‍ර ඝෝශක බෙරය යන නමද භාවිතා කරන්නේ මුහුද අසලදී වාදනය කල හැකි එකම බෙරය වන බැවිනි. මන්දයත්, මුහුදේ හඬ අභිබවා යක් බෙරයේ හඬ ඇසෙන බැවිනි.

    යක් බෙරයක් තුන් වියත් තුනඟුලක් දිග වන අතර (අඟල් 27ක්) විශ්කම්භය වියතකි. බෙර සිවි සඳහා හරක් බොක්ක යොදා ගැනෙන අතර බෙරය බඳින වරපටි සදහා හරක් හම යොදා ගනී. වරපටිය බඹ 6ක (යාර 14/ අඩි 6) දිගින් යුතුවේ. බෙර කඳ සඳහා කොහොඹ, රත් ඇහැල මෙන්ම පොල් ලීය යොදා ගැනේ

    DSC05448-Copy.jpg

    Last edited:
    • Like
    Reactions: nwnbs

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    විස්තර ගොඩක් එකතු කරල... :) බොහොමත්ම ස්තුතියි ඔයාල හැමෝටම... :) අපේකම තියෙන හැමෝටම... :)

    අපේ රටට...අපේ උරුමයට ආදරය කරන හෑමෝම වෙනුවෙන්.....ඔබට බොහොම ස්තුතියි.....:):):):):)