අපේ උරුමය - ශාන්ති කර්ම

මේ අපේ කියන දේ අපි අගය නොකරනවානම් මේ විශ්වයේ වෙන කවුද අගය කරන්නේ.සමහර දේවල් හරයක් නෑ වගේ මතුපිටින් පෙනුනත්,ව්‍යංගයෙන් හෝ ජීවිතාවබෝධය පිණිස හේතුවන යමක් තියනවා.අපි ඒක වටහගන්නවද කියන එකයි ගැටළුව.උදාහරණයකට ගත්තොත් දුම්මල ගැසීම-,අද නවීන විද්‍යාව පවා මවිත වෙනවා,දුම්මල පිළිස්සීම නිසා අවට පරිසරයේ ඇති විෂබීජ හා අහිතකර වායු ඉවත්වන හැටි දැකලා.මේ කෝළං සන්නි නැටුම් පවා මතුපිට පෙනෙන දෙයට වඩා වෙනස් අයුරකිනුයි මිනිස් මනස කෙරේ බලපවත්වන්නෙ.
අපේ දේ වටහාගනිමු, අගයමු.!
:)
 

The_CN

Member
May 2, 2009
1,614
7
0
34
Anuradapura
ගොඩක් වටින පොස්ට් එකක් සහෝ ...මම දන්නේ නෑ ගොඩක් දෙවල් දැන ගත්තා....
ගොඩක් ස්තූතියි සහෝ ...
දිගටම කරගෙන යන්න මම සුබ පතනවා ....
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    කඩවර යක්‌ කංකාරිය

    ස්‌ත්‍රීන්ගේ මන දොළ සපුරන කඩවර යක්‌ කංකාරිය

    yak_thumb%5B3%5D.jpg



    ලක්‌දිව උඩරට ප්‍රදේශයට සුවිශේෂ වූ ගර්භ සංරක්‍ෂණ ශාන්ති කර්මය කඩවර යක්‌ කංකාරියයි.
    උඩරට ගැමි ජනතාවගේ ඇදහිලි විශ්වාස, ආකල්ප මෙන්ම සාරධර්ම ද ඇසුරු කරගනිමින් ප්‍රභවය ලබා ඇති මෙකී යක්‌ කංකාරිය, රට යකුමෙන් පහතරට ජනතාවටත්, කුමාර සමය මෙන් සබරගමු ජනතාවටත් සිදුවන්නා වූ සමාජ මෙහෙවරට සමගාමි වූ සමාජ මෙහෙවරක්‌ නිහඬව සිදුකරන බව හේතු සාධක සහිතව පෙන්වා දිය හැකිය.
    කඩවර හුදු ගර්භ සංරක්‍ෂණයට පමණක්‌ සීමා වූ ශාන්ති කර්මයක්‌ නොව ගැබ් ගැනීම් සිදු නොවීම, හටගත් ගැබ ගබ්සාවීම, නියමිත කාලයට මාස්‌ ශුද්ධිය ඇති නොවීම, කිලිමාල, ලේමාල, වැළඳීම මෙන්ම මල්වර දෝෂ, තනිකම් දෝෂ, රතිකම්දෝෂ, ඇඟ වෙව්ලීම ආදී ස්‌ත්‍රීන් හා සම්බන්ධ වූ දහසකුත් එකක්‌ ලෙඩ රෝග හා සබැඳි යක්‌කාරියකි. එමෙන්ම දරු ප්‍රසූතිය පමා කිරීම, අංගවිකල දරුවන් බිහිකිරීම, බිහි වූ දරුවන් දින තුනක්‌ සත් දිනෙන් මරා දැමීම යනාදී කටයුතු ද සිදුකරන්නේ කඩවරය. උක්‌ත උවදුරුවලින් කාන්තාවන් නිදහස්‌ කර ගැනීමට කඩවරට පුද පූජා දොළ පිදේනි පුදා තුන්තිස්‌ පැයක්‌ මුළුල්ලේ අංග සම්පූර්ණව කඩවර යක්‌ කංකාරියක්‌ පැවැත්විය යුතු බව ඇදුරෝ තරයේ විශ්වාස කරති.

    කඩවර යක්‌ කංකාරිය කන්ද උඩරට මෙන්ම උතුරුමැද හා වයඹ යන පළාත්වල ද විවිධ මුහුණුවරින් පවත්වන්නෙකි. උතුරුමැද පළාතේ පවත්වන කඩවර නැටීම, කොහොඹා යක්‌ කංකාරියේ පූර්වාධයකි. වයඹ පළාතේ කඩවර නැටීම, දළකඩවරට ගොට,පිදේනි කැපකොට දීමට සීමාවන්නෙකි.

    එහෙත් මධ්‍යම පළාතේ කඩවර යක්‌ කංකාරිය සීරි/ රීරි කඩවර, කොට කඩවර, රතිකඩවර, දළ කඩවර යන යකුන්ට වෙන වෙනම දොළ පිදේනි, ගොටු කැපකොට දෙන පන්යක්‌කම, කපුයක්‌කම, නයියක්‌කම, වැදියක්‌කම, දරුයක්‌කම, බොරුයක්‌කම, මහයක්‌කම යන යක්‌කම් හතකින් පරිපූර්ණ වූ සර්ව රාත්‍රිකව පවත්වන ගර්භ සංරක්‍ෂණ පූජා කර්මයකි.
    ගර්භ සංරක්‍ෂණය අරබයා කන්ද උඩරට පැවැත්වෙන සොකරි නැටුම, මල් බලිය පිදීම, කිරි අම්මාවරුන්ගේ දානය, කළුකුමාර යන්ත්‍රය පැළඳීම හා විවිධ ආගමික ස්‌ථානවලට භාරහාර වීම යනාදී දහසකුත් එකක්‌ පූජා කර්ම අතර කඩවර යක්‌කංකාරියට ප්‍රමුඛ ස්‌ථානයක්‌ හිමිවන්නේ ප්‍රතිඵලදායක වූ වත් පිළිවෙත් රටාව හේතුවෙනි.



    "කඩවර" පොදු ව්‍යවහාරයේ කඩවර යක්‌/දෙවි නමින් සැලකෙන අන්තරාවරිතිත දෙවි කෙනෙක්‌ වුවද කඩවර යක්‌ කංකාරියේදී කඩවර දෙවි නමින් පුද පෙත් ලබන්නේ සෙනවිරත්න මුල්කඩවර හෙවත් කලාකඩවරටය.
    පුළුටු බත් භෝජන නොබුදින කලාකඩවරට කිරිබත් ගොටුවක්‌ පුද දීමට ඇදුරන් පුරුදු වී සිටින්නේ මෙබැවිනි. දැදුරුඔය, නුවර කලාවිය පමණක්‌ නොව සමස්‌ත වැව්ගම්වාසීන්ගේම එකම ඉටුදෙවියා සෙනවිරත්න මුල්කඩවරය. දේශීය සම්භවයක්‌ ඇති එකම කඩවර දෙවියා ද වන්නේ සෙනවිරත්න මුල්කඩවරය. මොහුගේ බලපරාක්‍රමය එදා මෙන්ම අද ද කිසිදු අඩුවකින් තොරව පවත්නා බවත් ඇතැම් දිනවල කලා වැවේ වැව් ඉස්‌මත්තේ පෙනී සිටින බවත් ඇදුරෝ ප්‍රකාශ කරති. සෙනෙවිරත්න මුල්කඩවර වෙනුවෙන් සකස්‌ කළ කිරිබත් ගොටුවක්‌ පුදදීමට මොවුහු කිසිසේත් අමතක නොකරති.
    සෙනවිරත්න මුල්කඩවර හෙවත් කලාකඩවරට කිරිබත් ගොටුවක්‌ පුදදෙන ඇදුරෝ රීරිකඩවරට, තොටකඩවරට, රතිකඩවරට, දළකඩවරට යන කඩවර යකුන්ට පිළිවෙලින් සැන්දෑ පිදේනිය, තොටකඩවර පිදේනිය, රතිකඩවර පිදේනිය, නොමළ දත්ත පිදේනිය යන සිව්මහා පිදේනි මන්ත්‍ර දිෂ්ටියෙන් දිෂ්ටි කොට ඒ ඒ අදාළ තැන්වලට අදාළ වෙලාවට ගෙනගොස්‌ කැපකොට දෙති.
    එමෙන්ම හාස්‍ය හා විනෝදය, මානසික විරාමය රැගත් පන්යක්‌කම, කපුයක්‌කම, බොරුයක්‌කම, දරු යක්‌කම, වැදියක්‌කම, නයි යක්‌කම හා මහයක්‌කම යන යක්‌කම් හතක්‌ හා තංතිරිවේණා උඩැක්‌කි නැටීම් ආදී නාට්‍යමය ජවනිකා ඉදිරිපත් කිරීමටත් කංකාරියෙන් අපේක්‍ෂිත මුඛ්‍ය පරමාර්ථය වටා මෙකී සියලුම උපාංග හා චරිත සිද්ධි මෙන්ම විවිධ අවස්‌ථා ද එකට එක්‌වී එකී භූත ධාරණාවකට අනුව පෙළගැසී තිබීම ද අවධානය යොමු කළ යුතු කරුණකි.
    මෙවන් සියලු උපාංගවලින් සැදුම්ලත් සර්ව රාත්‍රිකව පවත්වන කඩවර යක්‌කාරියක්‌ මධ්‍යම පළාතේ හැරුණු විට වෙනත් කිසිදු ප්‍රදේශයකින් දැකගන්නට නොලැබීම ද විශේෂ කරුණකි.


    ඉතාමත් සැලැස්‌මකට අනුව සකස්‌ වූ ප්‍රතිඵලදායක මෙම ශාන්ති කර්මය ආරම්භ කරන අවස්‌ථාවේදී රෝගාතුරව දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් යාගමඩුවට පැමිණි කාන්තාවන් පසුදා උදෑසන ශාන්ති කර්මය අවසානයේදී එකී සියලු රෝග තත්ත්වයන්ගෙන් අත්මිදී ඉතා හොඳ සනීපයෙන් විනෝදයෙන් ඇදුරුතුමන්ට නමස්‌කාර කර යාග මඩුවෙන් සමුගත් අවස්‌ථා අප එමටවත් දැක ඇත.

    මල්වරවීම, මල්වර කිල්ල පිළිබඳ තම දූ දරුවන් නිසි පරිදි දැනුවත් නොකිරීමේ වරදින් මල්වර වන මොහොතේම ඇතිවන මල්වර කිල්ලක්‌ සමඟ වැළඳෙන කඩවර දෝෂය බොහෝ අය හඳුනාගෙන දේශීය මෙන්ම විදේශීය වෛද්‍ය ප්‍රතිකාර සිදුකරනු දැකිය හැකිය. එසේ වෛද්‍ය ප්‍රතිකාර කොතෙක්‌ සිදු කළත් කඩවර දෝෂය ඉවත්වනතුරු එකී රෝගී කාන්තාවට ගැබ් ගැනමක්‌ සිදු නොවන අතර ගැබ් ගැනීමක්‌ සිදු වුවද එක්‌ මසකින් සමසකින් හෝ සත්මසකින් එකී දරු ගැබ විනාශ කර දැමීම කඩවරගේ සාමාන්‍ය ස්‌වභාවය බව මේ පිළිබඳව අවබෝධය ඇති බොහෝ පිරිස්‌ විශ්වාස කරති.

    එබැවින් මෙකී ශාන්ති කර්මය පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීම සුවිශේෂ සමාජ මෙහෙවරක්‌ කොට සැලකීම අසාධාරණ නොවන්නේය.

    ඒ අනුව උඩරට කඩවර යක්‌කංකාරියේ පූජා විධි රටාව පිළිබඳ අපේ සැලකිල්ල යොමු කළ යුතුය. පූජාවිධි රටාව සමයම් හතරකින් සමන්විත වෙයි. ඒ,

    • හැන්දෑ සමයම
    • පූර්ව මධ්‍යම සමයම
    • අපර මධ්‍යම සමයම
    • අලුයම සමයම
    යනු ඒ සමයම් හතරයි.

    කඩවර යක්‌ කංකාරියේ සැන්දෑ සමයමට අයත් ආරම්භක කටයුත්ත වන්නේ යාග මඩුව පවිත්‍ර කිරීමයි. එහිදී කඩවර පිදේනිය හා සකස්‌ කළ පිදේනි හා කොටු සභාගත කොට, කීලපන්දම් දල්වා දුම්මල ගසා කහපැන් ඉස යාගමඩුව මැනවින් සුද්ධ පවිත්‍ර කොට දෙවියන් වැඩ සිටීමට සුදුසු තැනක්‌ බවට පත්කිරීමට ඇදුරෝ අමතක නොකරති.


    - දිවයින-
     
    Last edited:

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    කඩවර යක්‌ කංකාරිය-2

    - සමාගම් නූල පැළඳවීම -

    කඩවර යක්‌ කංකාරියේ පළමුවන චාරිත්‍රය වන්නේ සමාගම් නූල පැළඳවීමයි. කංකාරිය පැවැත්වීමට දින විසිඑකකට පෙර මෙකී කටයුත්ත සිදුකළ යුතුය. මෙහි කංකාරියට අත්‍යවශ්‍ය වූ චාරිත්‍රාංගයකි.
    විවාහපත් ස්‌ත්‍රීන්ට වසර ගණනාවක්‌ ගතවුවද දරු ගැබ් ඇති නොවීම, ඇති වූ දරු ගැබ් මසකින් දෙකකින් ගබ්සා වී යැම, ඔක්‌කාරය, තුන්ජාමෙට වෙව්ලා උණ ගැනීම, යනාදී රෝග ලක්‍ෂණ යම් කාන්තාවකට දක්‌නට ලැබේ නම් අත්දැකීම් තුළින් පරිපාකයට පත් ගම්මු ඇයට නිසැක වශයෙන්ම කඩවර දෝෂය වැළඳී ඇති බව පසක්‌කෙට ගෙන කඩවර යක්‌ කංකාරියක්‌ සිදුකිරීමට අවැසි කටයුතු සම්පාදනය කරති.
    ප්‍රධාන ගුරුන්නාන්සේ ආතුරයාගේ නිවසට ගොස්‌ ආතුරයා හොඳින් පරීක්‍ෂා කොට ඇයට වැළඳී ඇත්තේ කඩවර දෝෂයක්‌ බව හැඳින සුදු තුන්පටේ නූලක්‌ ගෙන කඩවර යාදින්න තෙවරක්‌ කියා එම මූල ආතුරයාගේ දකුණතේ ඉහළ කොටසෙහි ගැටගසනු ලැබේ.
    මෙම සමාගම් නූල පැළඳීමෙන් දින විසිඑකක්‌ ගතවූ තැන ආතුරයා රෝග උපද්‍රවයෙන් නිදහස්‌ කොට දෙන ලෙසත් එසේ නිදහස්‌ කළහොත් රීරි කඩවර, තොටකඩවර, රත්කඩවර, දළ කඩවර යන කඩවර යක්‍ෂයන්ටත් සෙනවිරත්න මුල්කඩවර හා නාටහතර කකට්‌ටුවක්‌ කඩවරයින්ටත් කඩවර යක්‌ කංකාරියක්‌ පවත්වා දොළ පිදේනි පිළිගන්නා කඩවර කංකාරියක්‌ පවත්වා දොළ පිදේනි පිළිගන්වා කඩවර කංකාරියක්‌ පවත්වා දොළ පිදේනි පිළිගන්වන බවට ප්‍රතිඥ දෙති.
    දෙන ලද ප්‍රතිඥවේ ආකාරයටම දින විසිඑකක්‌ නොව දින හතක්‌ යැමට පෙර සිටම ප්‍රතිඵල පෙන්නුම් කරන අතර කඩවර යක්‌කංකාරියට සූදානම් වන්නේ මින් අනතුරුවයි.

    කාන්තාවක්‌ මල්වර වන අවස්‌ථාවේදී තනිවුවහොත් තනිපොල පිරිකඩවර ඇයට බැල්ම හෙලා එදා සිට ඇය කැටුව වාසය කරන අතර ඇය විවාහ වුවද දරුවන් පිළිසිඳ ගැනීමට මොහු ඉඩ නොදෙයි. පිළිසිඳ ගත්තට කළලයට මාසයක්‌ දෙකක්‌ වන විට ගබ්සා කොට දමයි. තනිපොල සීරි කඩවර ඇමක්‌ ස්‌වාමිපුරුෂයා සේ හැසිරෙයි. රාත්‍රියේදී යහනට පැමිණෙන මොහු ඇය සිහිනෙන් බිය ගන්වයි. නින්ද යැමට ඉඩ නොදෙයි. එවන් කාන්තාවන්ට සමාගම් නූල පැළඳවීමේදී සාමාන්‍ය සමාගම් නූලක්‌ පැළඳවීමට වඩා වෙනස්‌ වේ. ඒ අනුව නූල්, දුම්මලතටුව, නාබර කුකුළෙක්‌ යනාදිය රැගෙන තුන්මංසලට ගොස්‌ කඩවර යාදින්න කියා දිෂ්ටි මන්ත්‍ර තියා දුම්මල කීල ගසා ඇප නූල කුකුළාගේ කකුලේ ගැටගසයි.

    ඇයට වැළඳී ඇති තනිකම් දෝෂය ඉවත් කොට දරු ඵල ලබාදුනහොත් දරුවකු පිළිසිඳ තුන්මාසයක්‌ ගතවීමට පෙර කඩවර යක්‌ කංකාරියක්‌ පවත්වා තනිපොල සිරිකඩවර ඇතුළු සියලු කඩවරයින්ට දොළ පිදේනි කැපකොට දෙන බවට කන්නලමව් කොට කියා සිටියි. "තනිපොල සිරිකඩවර" ඉතාමත් දරුණු යකෙකු වන බැවින් කුකුළා මරා පිදේනි කැප කොට දීම විශේෂ ලක්‍ෂණයකි. තනිපොල සිරිකඩවර කිසිවිටකවත් රැවටිය නොහැකි බියකරු යකෙකු බව ගුරුන්නාන්සේලා තරයේ විශ්වාස කරති. දින විසිඑකක්‌ ඇතුළත දොළ පිදේනි කැපකොට නොදුනහොත් රෝගියා මරණාසන්න තත්ත්වයට පත්වන බැවින් පොරොන්දු ප්‍රකාර දොළ පිදේනි පුදදීමට ගම්මු වගබලා ගනිති.


    - යාගමඩුව -

    නියමිත පරිදි දිග අඩි 30 ක්‌ හා පළල අඩි 15 ක්‌ පමණ ඉඩ ප්‍රමාණයේ යාගමඩුවක්‌ තුළ සවස 5.00 ට ආරම්භ කරන මෙම ශාන්ති කර්මය පසුවදා පෙරවරු 7.30 දක්‌වා පැවැත්වේ.
    කුරාලයේ හා තුන්මංසලේ හා දොළේ පිදේනි කැපකොට දීම හැරුණු කොට අනෙක්‌ සියලු යාග කටයුතු සිදුවන්නේ මෙම යාගමඩුව තුළය.
    අඩි හතක්‌ උස කෙසෙල් කඳක්‌ කොටස්‌ තුනකට බෙදා සකස්‌ කොටගත් අයිලය සඳුන්, භූත, බත් යන කාලි දෙවිවරුන්ට වෙන් වූවකි. ගොක්‌අතුවලින් සැරසූ "ආතුර වාසස්‌ථානය" ආතුර කාන්තාව වෙනුවෙන් සකස්‌ කොට ඇත. එක්‌ පසෙකින් පිදේනි යහනකි. එම යහන තුළ,

    01. සීරි කඩවර පිදේනිය
    02. තොට කඩවර පිදේනිය
    03. රති කඩවර පිදේනිය
    04. නොමළ දත්ත පිදේනිය
    05. මෝරංගල පිදේනිය

    යන පිදේනි තබා ඇත.

    ශාන්ති කර්මය ආරම්භ කිරීමට පෙර "කුරාලය" සකස්‌ කළ යුතුය. ආතුර නිවසේ සිට යාර 300 ක්‌ දුරින් ගසක්‌ උඩ ඇත් උසට මෙම කුරාලය සවිශක්‌තිමත්ව ලී දඬු යොදා සකස්‌ කළ යුතුය.
    නැවුම් මැටි මුට්‌ටියකට කහ දියර යොදා අලංකාර කරන ලද "කළස" යාග මඩුවේ පසෙකින් තබා ඇත්තේ මල් කඩවරට පුද දීමට ය.
    මල් බුලත් තටුව ශ්‍රියා කාන්තාවට ය. මල් බුලත් හැරුණු විට කැඩපතක්‌, පනාවක්‌, හවරියක්‌ සුවඳ වර්ග මීට අයත් වේ.


    - ආතුරයා ආතුර වාසස්‌ථානයේ වඩා හිඳුවීම -

    යාග මඩුව පුරා කහ දියර ඉස දුම්මල ගසා පවිත්‍ර කොට වැදියක්‌ කඩවර, අභිමාන කඩවර යන රීරි යකුගේ දෑග සවුවන්ට වෙන් වූ පරිවාර ගොටු දෙකත්, රීරි කඩවර ගොටුවත් යාග මඩුවේ ආතුර වාසස්‌ථානය ළඟින් තබා මෙතෙක්‌ හිස්‌ අසුනක්‌ව පැවැති ආතුර වාසස්‌ථානයට ආතුර කාන්තාව නිවාස තුළ සිට මොට්‌ටක්‌කිලියෙන් මුහුණ වසා ප්‍රධාන යකැදුරාගේ මැදිහත්වීමෙන් ආතුර වාසස්‌ථානයේ වඩා හිඳුවීමට පෙර පළමුව තෙරුවන් සිහිකොට, දෙවනුව දෙවියන් සිහිකොට, තෙවනුව යක්‍ෂයන් සිහිකොට පහන් දල්වා ආතුර වාසස්‌ථානයේ වඩා හිඳුවයි.


    - හැන්දැ සමයම නැටීම -

    බුදුන්ට, දෙවියන්ට මෙන්ම යක්‍ෂයන්ටත් පහන් දල්වා නයියණ්‌ඩි ඇඳුමින් සැරසුණු ඇඳුරෝ උඩැක්‌කි අතට ගෙන මඟුල් බෙර වයා බුදුන්ගෙන් දෙවියන්ගෙන් ආශිර්වාද ලබා ගැනීමට කිසිසේත් ම අමතක නොකරති. හිසට ජටා බැඳ පිරුවට හැඳ සිලම්බු හා වළලු පැළඳ, ඇඳුරෝ මල් යහන ඉදිරිපස සිට උඩැක්‌කියෙන් මඟුල් බෙර වාදනය කරමින් මල් යහන් කවි ගයමින් සියලු දෙවියන්ට මල් යහනට ආරාධනා කරති.
    දෙවියන් ඉදිරියේ නැටුම් ගැයුම් පැවැත්වීමෙන් ඔවුන් සතුටට පත්වන බවත්, සතුටට පත් දෙවියෝ තමන්ට පෙරළා ආශිර්වාද කරන බවත් ගැමියෝ තදින්ම විශ්වාස කරති. එලෙස දේවාශිර්වාද ලැබෙනවාත් සමඟම මෙතෙක්‌ තිරයෙන් මුහුණ වසාගෙන සිටි ආතුර කාන්තාවගේ කඩතිර හැර දෙවියන්ට ඇයව ඉදිරිපත් කිරීම කළ යුතුය


    - දිවයින-
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    කඩවර යක්‌ කංකාරිය-3

    - සිරිකඩවර පිදේනිය කැපකොට දීම -

    දෙවියන්ගේ ආශිර්වාද ලබා ගත් ඇයව ඉදිරිපිටම හැන්දැ පිදේනිය හෙවත් සිරිකඩවර පිදේනිය සිරිකඩවරට කැප කොට දීම ආරම්භ කරති. මල්වර වන අවස්‌ථාවේදී තනි වුවහොත් රීරි කඩවර දෝෂය වැළඳේ. එබඳු කාන්තාවන්ට මෙම පිදේනිය පුද දීමෙන් රෝගය සුව වේ. සියලුම පූජා ද්‍රව්‍ය අඩංගු සිරිකඩවර පිදේනිය, අභිමාන, වැදියක්‌, යන කඩවරයන් විෂයෙහි සකස්‌ කළ දොළ පිදේනි ද, පන්දම් ද, කුකුළා ද සමීපයට ගෙන දොළ පිදේනි භාර ගැනීමට සිරියකු ප්‍රධාන අනෙකුත් යකුන්ට අඬ ගසති.

    "තෙද සීරියක්‌කු - අද කෙළි පුදට එක්‌කු
    යකුගේ බල දැක්‌කු - බැස වරෙව් තෙද සිරි යක්‌කු


    සීරි විල වසනා - බාර ලේ වල වෙසෙනා
    සමන් දෙවි දකිනා - සිරි යකු බල පෙන්නු එදිනා


    කපා රතු කුකුලන් - ඉරාලා ලේ ගොටුවන්
    බැඳ මැසි කුරාලන් - මෙසේ දොළදෙන් සිරි යකුටත්"


    - අටකොණට සමයං දීම -

    පැදුර යාගමඩුවේ මැද එළා පැදුර අටකොණේ බත්ගොටු අටක්‌, පහන් අටක්‌ දල්වා තබා ප්‍රධාන ගුරුන්නාන්සේ පැදුරෙන් මුනින් අතට දපා සිරිකඩවර පිදේනිය පපුව මත තබා දුම්මල කීල ගසමින් අටකොණට සමයං දෙයි. සෙසු ඇඳුරෝ උඩැක්‌කි වයමින් මෙම කටයුත්තට සහාය ලබා දෙති.
    අටකොණ සමයම හමාර කොට රීරිකඩවර පිදේනිය ආතුරයාගේ හිසේ සිට පාදාන්තය දක්‌වා යවමින් සෙත් පතා පිදේනිය හිසමත තබා කවි ගයමින් කුරාලය කරා ගමන් කරයි.

    "අහසේ ගොසින් ඉරුයට සැඟවුණත් වරෙන්
    පොළවේ ගොසින් වැලියට සැඟවුණත් වරෙන්
    මහ මුහුදේ ජලයට සැඟවුණත් වරෙන්
    ලෙඩ කළ දේවතා කොතැනක ගියත් වරෙන්"

    කුරායල වෙත ගමන් කොට කුරාලයට නැගී එහි දපා පපුවමත පිදේනිය තබා දිෂ්ටි මන්ත්‍ර කියා දිෂ්ටි කොට, රීරි කඩවර යක්‍ෂයාට අඬගසා පුද දෙයි. සෙසු ඇඳුරෝ කුරාලයේ පාමුල සිට උඩැක්‌කි වයමින් දුම්මල කීල ගසමින් උදව් වෙති.


    - තොට කඩවර පිදේනිය කැපකොට දීම -

    ස්‌නානය කරන තොටකදී දිය කඩකදී වැඩිවියට පත් ව තනි වුවහොත් තොට කඩවර දෝෂය වැළඳේ. බොහෝ කාන්තාවන්ට මෙම දෝෂය වැළඳෙන්නේ නොසැලකිල්ල හා නොදැනුවත්කම හේතුකොට ගෙනයි. මෙම දෝෂය තිබෙනතුරා දරුවන් පිළිසඳ ගැනීමකට ඉඩ නොදෙන තොට කඩවර යකු විෂයෙහි ඉහත පිදේනිය තොටක තබා කැප කොට දීමෙන් සුව කර ගත හැකිය. හැන්දැ පිදේනිය හෙවත් රීරි කඩවර පිදේනිය කැපකොට දීමෙන් පසු රාත්‍රි ආහාරය ගෙන රාත්‍රි අටෙන් පසුව මෙම තොට කඩවර පිදේනිය කැපකොට දීම ආරම්භ කරති.

    උඩරටට ආවේණික වූ නයියණ්‌ඩි ඇඳුමෙන් සැරසුණු ඇඳුරෝ ඉතාමත් ගරු ගාම්භීර ලෙස සභාවට පැමිණ මඟුල් බෙර වයා සෙත් කවි ගයා ආතුරයාට ආශිර්වාද කරති. පුවක්‌ මල් කිනිත්තක්‌ ගෙන තුන්පටේ නූලක්‌ ඔතා සකස්‌ කළ "පිරිත්තුව" මේ අවස්‌ථාවට විශේෂයෙන් වැදගත් වේ. කංකාරියට සහභාගි වන සියල්ලන්ටම පිරිත් නූලක්‌ ලබාදිය යුතුයි. පිරිත්තුවේ එක්‌ පැත්තක්‌ ආතුර අතේ ද, අනෙක්‌ කෙළවර අයියලයට ද සම්බන්ධ වේ.

    තොටකඩවර පිදේනි කැපකොට දීමට පෙර ඇදුරෝ සභාවේ සිටින සියල්ලන්ගේම සතුට සඳහා ඉතාමත් අලංකාර ලෙස නැටුම් ඉදිරිපත් කරති. ශාන්ති කර්මය නරඹන්නන්ගේ නිද්‍රාශීලී අලස ස්‌වභාවය මෙම අලංකාර නැටුම් බැලීමෙන් ඉවත්ව යන අතරම ආතුරයාගේ රෝග උපද්‍රවයන් ද යම් තරම් දුරකට සමනය වීමක්‌ ද සිදුවේ.

    තොටකඩවරට සකස්‌ කළ "නැව්පිදේනිය" සුදු පිරුවට බැඳි වතුර පිරවූ කොරහක්‌ මත තබා යාගමඩුවේ මැද තබා දිෂ්ටි මන්ත්‍ර, තොට කඩවර අස්‌න, කවි මෙහිදී ගායනා කිරීමට ඇඳුරෝ අමතක නොකරති.

    තොටුපල ගලට ඇවිදින් යකු මග බැලු වා
    දුටු අඟනන්ට රෑ සිහිනෙන් ලෙඩ කෙරු වා
    යුතු ලෙස දෙන්ට දොබිලි ඔබට මාරු වා
    තොට කඩවර දොළ ගෙන දිය පිට වැඩු වා"


    මෙසේ අස්‌න හා කවි කියමින් පිදේනිය හිසමත තබා ගෙන දියකඩක්‌ දක්‌වා ගමන් කොට ප්‍රධාන ගුරුන්නාන්සේ දියමත දපා පිදේනිය පපුව මත තබා නැවත දිෂ්ටි මන්ත්‍රයෙන් මතුරා දුම්මල ගසා දිෂ්ටි කොට තොටකඩවර යකුට පිදේනිය කැප කොට දෙති.

    - දිවයින-
     
    • Like
    Reactions: Amalka101

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    කඩවර යක්‌ කංකාරිය-4

    - රති කඩවර පිදේනිය පුදදීම -

    අයිලයට යාදිනි ගයා දෙවියන්ට කන්නලව් කොට දෙවියන්ගෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කරති. රතිකඩවර, රතිකම් කඩවර, රතිකාම කඩවර යනාදී විවිධ ස්‌වරූපයෙන් පෙනී සිටින රති කෙළියෙහි ඇලී ගැලී වාසය කරන රති කඩවර කිල්ලක්‌ දුටු සැණෙකින් දිෂ්ටි හෙළා බැල්ම හෙළා කාන්තාවන් ලෙඩ කරවන යක්‍ෂයෙකි.
    ග්‍රාමීය පරිසරය තුළ බොහෝ දුරට අඹුසැමියන් වශයෙන් එකතු වන්නේ නිවස තුළදී නොව වනයේදී ය. එබඳු අවස්‌ථාවලදී යම් හෙයකින් බිරිඳ මොහොතකට හෝ තනි වුවහොත් මෙම රතිකම් දෝෂයට ගොදුරු විය හැකි බව ඇඳුරන්ගේ පිළිගැනීමයි.
    රති කඩවරට වෙන්වූ "රතිකඩවර පිදේනිය" දිෂ්ටි මන්ත්‍ර කියා යාදිනි ගයා කුකුල් සිරි (ලේ) පිදේනියට දමා පිදේනිය ආතුරයාගේ නිවසට සමීපව ඇති "තුංමංසලක" කැප කොට පිදිය යුතුය.


    - දළ කඩවර පිදේනිය පුදදීම -

    උඩරට කඩවර යක්‌ කංකාරියේ අවසන් මහ පිදේනිය හෙවත් නොමළ දත්ත පිදේනිය පුද දෙන්නේ දළ කඩවරයට. එබැවින් එයට "දළකඩවර පිදේනිය නමින් ද හැඳින්වෙයි.
    මෙම මහ පිදේනිය කැපකොට දීමට මත්තෙන් දළ රජු කළ යාගය සිහි ගන්වමින් ගිරිදේවි බලියක්‌ අඹා එය ආතුරයා ළඟින් තබා පිරිත් හූය එහි ගැටගසා යාදිනි ගයා ආතුරයාට සෙත් පැතීම ද සිදු කරති.

    ඉන් අනතුරුව එළඹෙන්නේ මෙම කංකාරියේ නාට්‍යමය ලක්‍ෂණ බොහොමයක්‌ අඩංගු ජවනිකා කිහිපයකි. මෙම ජවනිකා ආතුරයාගේත් රැස්‌ව සිටින අයගේත් මානසික කායික සුවයට සරිලන පරිදි දෙපැත්ත කැපෙන වචන අවස්‌ථා හා සිද්ධි වලින් අනූන කිරීමට ඇඳුරෝ වගබලා ගනිති.


    අයිලේ බැලීම සුවිශේෂ ජවනිකාවකි.

    ඇඳුරා - මොනවද කියාපං බලන්ඩ ඔය හොඳ කාම (කෑම)
    ප්‍රධාන ඇඳුරා - "අපේ හොඳ කාම තමයි ඉප්පා, කප්පා, කපරගොයා, කොරලියා


    අඩා සිංහලයා කුදා වදලා
    "කුදාලා කොහොමද වදන්නේ. කුදියෝ මිස. කුදියෝ නම් වදාලා ඇති. කුදා වදලා නොවෙයි පුදා වඩලා"


    කාමුක රාගික හැඟීම් ජනිත කරවීම, දරුවන් වැදීම ආදිය වාචික මෙන්ම ආංගික අභිනයෙන් ද රඟ දැක්‌වීම මෙහිදී සිදුවෙන සුවිශේෂ ජවනිකා වේ.
    මෙකී අවස්‌ථාවලදී ඉදිරිපත් කරන සංවාද, ජවනිකා, ආතුරයාගේත් සෙසු නරඹන්නන්ගේත් හාස්‍ය රසය ජනිත කරවන අතරම ඔවුන්ගේ නිද්‍රාශීලී ස්‌වභාවය ද තුරන් කෙරේ.
    මනෝ විද්‍යාත්මකව සලකන විට ආතුරයාට වැළඳී ඇති රෝග උපද්‍රව මෙන්ම මානසික ආතතිය තුරන් කිරීමේ බලයක්‌ ශක්‌තියක්‌ මේ මගින් උදාවන බව කවුරුත් පිළිගන්නා සත්‍යයකි.


    අයිලේ බැලීමෙන් පසුව එළඹෙන්නේ උඩරට මෙන්ම පහතරට ශාන්තිකර්ම අතර කඩවරයක්‌ කංකාරියට පමණක්‌ ම සීමා වූ යක්‌කම් පෙළපාලි හතක්‌ (07) ක්‌ පිළිවෙළින් වේදිකාගත කිරීමයි.

    1. කපු යක්‌කම
    2. පන් යක්‌කම
    3. බොරු යක්‌කම
    4. දරු යක්‌කම
    5. නයි යක්‌කම
    6. වැදි යක්‌කම
    7. මහ යක්‌කම
    යනුවෙන් ඒවා වේදිකාව මත දිග හැරේ.
    මෙකී සියලු යක්‌කම් කඩවර යක්‌කංකාරියටම ආවේණික වූ ජවනිකාවලින් අනූන කිරීමට අපේ කඩවර ඇඳුරෝ පොහොසත් වෙති. එමෙන්ම තංතිරියට, උඩැක්‌කියට, වීනාවට, කවි ගායනා කොට ඒ ඒ අංශ වෙන වෙනම රඟ දැක්‌වීම ද විශේෂ ලක්‍ෂණයකි.

    නොමළ දත්ත පිදේනිය/ මහ පිදේනිය/ දළ කඩවර පිදේනිය (- යක්‌කම් ජවනිකා වශයෙන් ඉදිරිපත් කොට අවසානයේදී දළ කඩවරට සකස්‌ කළ ගැබ් හැටකින් (60) සමන්විත වූ මෙම මහ පිදේනිය දළ කඩවර අස්‌න දිෂ්ටි මන්ත්‍ර ගායනා කොට සැරපරුෂ දළ කඩවරට වෙන් වූ අට කොණට සමයංදීම/ පැදුරේ දපා සමයං දීම හමාර කොට රීරි පුදා ආතුර නිවසේ සමීපයේ ඇතෙක්‌ උසට සකස්‌ කොට ඇති කුරාලය වෙත ගොස්‌ කුරාලයේ දපා පිදේනිය බඩ මත තබා දිෂ්ටි මන්ත්‍ර ගයා පිදේනිය කැප කොට දෙයි.

    නොමළ දත්ත පිදේනිය/ මහ පිදේනිය/ කැපකොට දීමෙන් අනතුරුව ආරම්භයේ පටන් අවසාන මොහොත දක්‌වා වේදිකාවට ගෙන්වා ගත් සියලුම භෞතික සම්පත් වලට කවි ගායනා කොට කඩා ඉවත් කළ යුතුය. ඒ අනුව අයිලය කඩන්නට කවි කියා අයිලය කඩා ඉවත් කෙරේ.

    මෙම එක්‌ එක්‌ ජවනිකා අවසානයේ ආතුරයාට ආවඩා "ආයුබෝවේවා රෝග නිවාරණය වේවා යි කියා සෙත් පැතීමට ඇදුරෝ කිසිසේත්ම අමතක නොකරති. හෝරා කිහිපයක්‌ තිස්‌සේ පවත්වන මෙම යක්‌කම් පෙළපාලි නාට්‍යමය ලක්‍ෂණවලින් පරිපූර්ණ වේ. උඩැක්‌කි තංතිරි වේණා වැයීම්වල අන්තර්ගත සංවාද මෙන්ම කවි ගායනා, කාමුක, රාගික හැඟීම් උද්දීපනය වන සේ රචනා වී ඇත. ඒවා යක්‌ කංකාරියෙන් අපේක්‍ෂිත මුඛ්‍යාර්ථය හා සෘජුවම බද්ධ වේ. කායිකව සිදුවන අබල දුබලතාවලට මානසිකව සිදුවන විපර්යාසයන් සෘජුවම බලපායි. දරුවන් නැතිවීමෙන් ආතුර මානසිකත්වයෙන් පසුවන කාන්තාවන්ට මෙමගින් සිදුවන්නේ සුවිශාල වූ අස්‌වැසිල්ලකි.

    - දිවයින-
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    කඩවර යක්‌ කංකාරිය-5

    සභා ගැබේ සිටින යකැදුරන් සමඟ එකතුව සතුටින් සිනා මුසු මුහුණින් කල්ගත කරන ආතුර කාන්තාව තමන්ට මානසිකව කායිකව පවතින රෝග උපද්‍රවයන් අමතක කර දැමීම, තුරන් කර ගැනීම, අගය කළ යුතු අපේ අවධානයව යොමු කළ යුතු කරුණකි. හෝරා කිහිපයක්‌ ඇය ලබන වින්දනය දරුඵල ලබනු වස්‌ බෙහෙවින් ම හේතු සාධක වේ.
    ආතුර කාන්තාව දරුවකු ලැබීමට හැකි මානසික ශක්‍යතාවක්‌ ඇති කාන්තාවක්‌ බවට පත් කරවීම මෙහි එන සෑම යක්‌කම් පෙළපාලියකම මූලිකම අරමුණයි.
    එකී අරමුණ බෙහෙවින්ම සාර්ථක වන බව ශාන්තිකර්ම ගණනාවක්‌ සියෑසින් දුටු අපේ අදහසයි. දරු යක්‌කම, නයි යක්‌කම, පන් යක්‌කම මේ සඳහා දිය හැකි ප්‍රබල සාක්‍ෂියන් ය.

    දරුඵල නැති කාන්තාවන්ට නූතන සමාජයේ අත්වන ඉරණම ගැන කල්පනා කරන විටත්, දරුඵල නැති කාන්තාවන්ගේ මානසිකත්වය ගැන සිතන විටත් මෙවන් ශාන්තිකර්ම තුළින් සිදුවන මානසික ශක්‌තිය මිල කළ නොහැකි බව සඳහන් කළ යුතුය. දොස්‌ පරොස්‌ මැද කනස්‌සල්ලෙන් පසුවන ආතුර කාන්තාව දරු යක්‌කමේදී තම සුරතට දරුවකු ලැබීව, දරුවා නැලවීම, කිරි පෙවීම ඇය ලබන භාග්‍යයකි. දැන් ඇයට දරුවකු ලැබී ඇත. ඈ සතුටින් කවි ගීත ගයන්නේ එබැවිනි. මවක්‌ වීමෙන් ඇය ලබන සතුට ඇය මුළු සභා ගැබටම කෑ මොර දී පවසන්නීය.

    මේ නයින් බලන විට ශාන්ති කර්ම හුදු විනෝදය සපයන සංදර්ශන පමණක්‌ නොව කායික මානසික රෝග සංසිදුවන ප්‍රබල ශක්‌තියක්‌ ඇති මහා ඔසුවක්‌ ලෙස සැලකීම වඩාත් සුදුසු වේ. උඩරට කඩවර යක්‌කංකාරිය ද උඩරට පමණක්‌ නොව සමස්‌ත ලාංකේය කාන්තා පරපුරේම මනදොළ පුරවාලිය හැකි මහෞෂධයක්‌ ලෙස නම් කළ හැකිය.

    ආචාර්ය වසන්ත කේ. දිසානායක
    ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
    මානව ශාස්‌ත්‍ර අධ්‍යයන අංශය,
    ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය,
    මිහින්තලේ.

    - දිවයින-
     
    Jan 15, 2009
    9,238
    368
    0
    දෙවොල් මඩු ශාන්ති කර්මය




    පහත රට නැටුම් සම්ප්‍රදාය හා බැදුනු අතීතයේ සිට පැවත එන්නා වූ දෙවොල් මඩු ශාන්ති කර්මය ජනී ජනයාගේ යහපත සහ සශ්‍රීකත්වය පතා දෙවියන් වෙනුවෙන් පවත්වන්නා වූ මඩු ශාන්ති කර්මයකි. ලංකාවේ පළමු දෙවොල් මඩු ශාන්ති කර්මය රුවන්වැල්ල ප්‍රදේශයේදී ඉන්දියාවෙන් පැමිනි සේරමාන නම් රජ කෙනෙකු විසින් පවත්වන ලද බව ඉතිහාසයේ සදහන් වෙයි.



    ඒ මෙසේය,

    ඉන්දියාවේ චෝල රාජ්‍ය කාලයේ සිට සේරමාන නම් රජුට සිටි ගෝනෙකුගේ කෑගැසීම නිසා රජුගේ නින්දට බාදා ඇතිවිය. දිගින් දිගටම ඇති වූ කෑගැසීම නිසා රජුගේ ගෝනා මැරීමට නියෝග කලේය. රාජ පුරුෂයින් ගෝනා මැරීමට පසුපස එලවද්දී උගේ පය පැටලී අසල තිබූ රජුගේ උයනෙහි පොකුණට වැටී මරණයට පත්විය. රජතුමා මෙම විපත තමාට කල බව දැනගත් ගෝනා රජු කෙරෙහි වෛරයෙන් මරණයට පත්වූවේය එම පොකුනෙහිම කුඩා මැඩියෙක්ව උපදමින්ය.

    දිනක් උයනට ගිය රජු පොකුනෙහි පිපී තිබූ මානෙල් මලක් කඩා සුවද ආඝ්‍රහණය කරන විට මල යට සැගවී සිටි ගෙම්බා නහය දිගේ රජුගේ මොලයට රිංගා ගත්තේය. මෙයින් රෝගාතුර වූ රජුට නෙයෙක් ප්‍රතිකාර කලද සුව නොවීය. දිනක් රජතුමා රූමත් කතක් සිහිනෙන් දුටු අතර මේ පිළිබදව පුරෝහිත බමුණන්ට දැන්වීමෙන් ඔවුන් කියා සිටයේ සිහිනෙන් පෙනී සිටියේ පත්තිනි මෑනියන් බවත් ඇගේ ශාපයක් රජුට ඇති බවත්ය. ශාපය දුරලීමට බුද්ධාගම ස්ථාපිත රටකට ගොස් පිං පැමින විය යුතු බව ඔවුන් කියා සිටියේය.


    මීට සුදුසුම රට ලංකාව යයි තීරණය කල සේරමාන රජු ඇතුළු පිරිස නැවිනැගී වත්තල් තොටින් දිවයිනට පැමිණ කැළණියට ගොස් බුදුන් වැද පත්තිනි දේවියට පිං දී නවගමුවේදී රජුගේ හිසේ ප්‍රමාණයට රන් අඹ ගෙඩියක් පූජා කරන ලදී. අනතුරුව රුවන්වැල්ලේ දී පළමු දෙවොල් මඩු යාගය කරන ලදී.


    මීට තරමක වෙනස් කථා ප්‍රවෘතියක්ද කියැවෙන අතර යාග සාහිත්‍ය තුල මෙම අදහස නොමැත. එනම් සේරමාන රජු බිසව සමග නැවකින් යද්දී මලක් කඩා සුවද ආඝ්‍රහණය කල විට එහි තිබූ විෂ වායුවක් නිසා රෝගී වූ බවත් පසුව රජු වෙනුවෙන් දෙවොල් දෙවියන් නාමයට එම නැවේ කුඹ ගසක් සිටවූ බවත් ඉන්පසු යාගයක් කර රෝගය සුව වූ බව කියැවේ. දෙවොල් මඩු ශාන්ති කර්මයක දක්නට ඇති කාල පන්දම් ගස සහ බිසෝ කප එම සිදුවීම සිහි කරවන බවත් ඇතැමුන්ගේ අදහසයි. එදා පටන් දෙවොල් මඩු යාගය ඇතිවූ බව සමහරක් සාමුප්‍රදායික ශිල්ලීන්ගේ අදහසයි. එසේම දෙවොල් මඩුව ප්‍රධාන දේවාලයකට සම්බන්ධ කර එම දේවාල බිමෙහි කරන කල එය දෙවොල් මඩුව බවට ප්‍රචලිත විය.


    මිනිසුන්ටත් ඔවුන්ගේ කර්මාන්ත වලට සහ ඔවුන් ජීවත් වන ස්ථානයන්ට හා ප්‍රදේශ වලටත් බලපාන්නා වූ අපල උපද්‍රව රෝග පීඩා ඇතුළු නොයෙකුත් කරදර වලදී මඩු ශාන්ති කර්මයක් පවත්වා දෙවියන්ගේ ආශිර්වාදය සහ පිහිට ලබා ගැනීමට අතීතයේ පටන් මේ දක්වා පැවත එන්නේය.

    දෙවොල් මඩු, හැල්ලුම් මඩු, කිරි මඩු, පූජා මඩු, පහන් මඩු, දේවාල මඩු, තුන් දා ගී මඩු, හත් දා ගම් මඩු, ගරා මඩු, දනු මඩු ආදී වශයෙන් බොහෝ මඩු ශාන්තිකර්ම පවතින අතර පත්තිනි දෙවියන් මුල්කරගෙන මේ සියළු යාගයන් සිදු වේ. මේවා අතරින් දෙවොල් මඩු ශාන්තිකර්මය පහතරට ප්‍රචලිතව පවතින අතර සමහර ප්‍රදේශ වල සියල්ලන්ගේ ආධාර උපකාර ඇතිව දෙවොල් මඩු කරන අතර සමහරක් තම තනි වියදමෙන්ද කරන අවස්ථාද වෙයි.


    පහතරට ප්‍රදේශයේ මෙම ශාන්ති කර්මය කරන කපු මහතුන් අදටත් ජීවත් වෙයි. යමෙකුට දෙවොල් මඩු ශාන්ති කර්මයක් කරවා ගැනීමට අවශ්‍ය නම් මඩු යාග සිදු කරන කපු පරම්පරාවේ මුල් කපු මහතා හමුවී අරාධනා කිරීම උදාරත්වයෙන් හෙබි සිරිතක් ලෙස හදුන්වයි. ඒ ඇරයුම පිළිගන්නා මුල් කපු මහතා පේරු හතක නොහොත් පරම්පරා හතක ඇදුරන් කැදවා මඩු ශාන්ති කර්මය පැවැත්වීමට ක්‍රියා කරන අතර දෙවොල් මඩු ශාන්ති කර්මය ක්‍රමානුකූලව සිදු කරනු ලබයි.
     
    Jan 15, 2009
    9,238
    368
    0
    උත්පත්ති කථාව

    ඉන්දියාවේ චෝල රාජ්‍ය කාලයේ සිටි සේරමානම් නම් රජුගේ උයන පාළු කරමින් සිටි ගෝනෙකු මරා දමන ලෙසට අණ ලද හේවායන් ඌ පසුපස පන්නා යන විට ගෝනාගේ පය පැටලී අසල තිබූ රජුගේ පොකුණ තුළට වැටී මරණයට පත්විය. මේ වන විට ගෝනා ගැබ්බරව සිටි බැවින් රජු කෙරෙහි වෛරයෙන් මරණයට පත්ව, එම පොකුණෙහිම මැඩියෙකුව උපන්නේය. දිනක් රජතුමා උයන් කෙළියෙන් පසු, පොකුණ අසළට විත් එම පොකුණෙහි පිපී තිබූ ඉතා ලස්සන මානෙල් මලක් කඩා සුවඳ ආඝ්‍රාහණය කරන විට මල යට සැඟව සිටි මැඩියා ක‍ෂණයකින් රජුගේ නාසය දිගේ මොළයට රිංගා ගත්තේය. (ඇතැම් කතා පුවතක මැඩියා රජුගේ මොළයට විෂක් යැවූ බව ද, රජතුමා මානෙල් මලෙහි ගෙඹි බිත්තර දැකීමෙන් තම මොළයට ගෙම්බෙකු ඇතුළු වුවාදැයි සැක කළ බව ද සඳහන් වේ.)

    කෙසේ වෙතත් මේ හේතුවෙන් ඇති වූ හිසරදයට රජුට කොතරම් ප්‍රතිකාර කළ ද සුවයක් නොලැබුණි. මෙසේ කලක් ගත වත්ම දිනක් රජුට සිහිනයෙන් ඉතා රූමත් කාන්තාවක් දිස්විය. ඒ බව රජු පුරෝහිත බමුණාගෙන් විමසූ කල සිහිනෙන් පෙනී සිටියේ පත්තිනි දේවිය බවත්, ඇගේ සාපයක් රජුට ඇති නිසා නිර්මල බුද්ධ ශාසනයක් තිබෙන, සතර මහා දේවාල ති‍බෙන රටකට ගොස් දින 7 ක් දුගී මගී යාචකාදීන්ට දන් දී ඒ පිං පත්තිනි දේවියට පැමිණවිය යුතු බවත් කීය. මීට සුදුසුම රට ලංකාව බව තීරණය කළ රජු වත්තලින් දිවයිනට පැමිණ කැළණියට ගොස් බුදුන් වැඳ දෙවියන්ට පිං දී රුවන්වැල්ලේ දී දී ප්‍රථම දෙවොල් මඩුව කරවූහ. එදා පටන් රජුගේ හිසරදය දුරු වූවා සේම ලංකාවේ දෙවොල් මඩුව ආරම්භ වූ බව ද පුරාවෘත්තවල කියැවේ.


    පුරාවෘත්තානුකූලව පැවැත්වූ ශාන්තිකර්මය, සත් දා ගී මඩුවක් ලෙස පැවැත්වූ අතර ගැමියන්ගේ කාලීන අවශ්‍යතා වන භවභෝග සම්පත් ආරක‍ෂා කර ගැනීමත්, රෝග වසංගතවලින් ආරක‍ෂාවීමත් හේතු කොටගෙන ගමක් මුල් කොට යාතුකර්මය පැවැත්වීම ආරම්භ වූ බව ඇදුරෝ පවසති. සේරමානම් රාජ කතා පුවත අනුව රෝග නිවාරණ ශාන්තිකර්මයක් වූ සත් දා ගී මඩුව, තවත් යාගාංග ඒකරාශී කරමින්, සශ්‍රීකත්ව අරමුණ ද එක් කරමින් ’ගම්මඩුව නම්න් සාමූහික ශාන්තිකර්මයක් ලෙස පැවැත්වීම ආරම්භ වුණි.


    ගම්මඩුව වූ කලී කිසියම් අධිභෞතික දේව ගණයාගෙන් එදිනෙදා ඕනෑ එපාකම් ඉටුකර ගැනීමට තමන්ට පුළුවන් යැයි ගැමි ජනතාව තුළ තිබූ විශ්වාසයට අනුව සිදුවන්නකි. ’මඩු පුරය යයි ගම්මඩු උත්සවයේදී භාවිත වන පාඨය විමසා බලන විට එම කාරණය තවදුරටත් පැහැදිලි වේ. ‘මඩුව’ වූ කලී මණ්ඩපයකි. නැතහොත් දෙවියන්ගේ බල ප්‍රදේශයයි. ‘පුරය’ වූ කලී වාසය කරන නගරය යන අරුතින් දෙවියන්ගේ නුවර සේ සැලකිය හැකිය. ඒ අනුව ගම්මඩුව භූමිය මඩු පුරයක් හෙවත් දෙවියන්ගේ බලය පවත්නා නගරයකි. ඔබේසේකර දක්වන ආකාරයට ගම්මඩුව වූ කලී දෙවියන්ට පුද පූජා දැක්වීමට ගම සූදානම් කිරීමකි. මඩුව යන භෞතික සැකැස්ම වන අතර ඉන් පිටත දෙවියන්ට ස්තුති කිරීමට හා නැරඹීමට මිනිස්සු රොක් වී සිටිති (ඔබේසේකර 1984 : 50). එමෙන්ම ගම්මඩුව රංග මණ්ඩලයක් ලෙස ද සැලකිය හැකි බව ඔහු දක්වා සිටියි (එම : 51). රඟ මඩලෙහි දෙවියෝ නොපෙනෙන සේ වැඩහිඳිති. මන්ද යාතුකර්ම ඇදුරෝ දෙවියන්ට දිව්‍ය ලෝකයේ සිට රඟ මඩලට වඩින සේ ආරාධනා කරන බැවිනි. දෙවියෝ අදෘශ්‍යමානව වැඩ හිඳින බැවින් යාතුකර්ම ඇදුරෝ, යාතුකර්මය නරඹන ප්‍රේක‍්ෂක ආතුරයන්ට දෙවියන් දෘශ්‍යමාන කිරීමට දෙවියන් මෙන් සමාරෝපණ වෙති. උදාහරණ ලෙස පත්තිනි දෙවියන්, වාහල දෙවියන් ලෙස ඇදුරෝ සමාරෝපණය වී නර්තන ඉදිරිපත් කරති.


    යාතුකර්ම ඇදුරෝ දක්වන ආකාරයට ප්‍රථම ගම්මඩුව ශ්‍රී ලංකාවේ රුවන්වැල්ල ප්‍රදේශයේ දී පවත්වා ඇත. එතැනින් ආරම්භ වූ ශාන්තිකර්ම සම්ප්‍රදාය සඳහා නර්තන, පද, කවි ගායනා එක් වී ඇඳුම් පැළඳුම් විචිත්‍ර වී මූලාකෘතිය සිහිගන්වමින් අද වන තුරු ශ්‍රී ලංකාවේ පහතරට ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් ගම්මඩුව ශාන්තිකර්මය පවත්වනු ලබයි
    .

    පූජා විධි රටාව

    ගම්මඩුව ශාන්තිකර්මය සාමාන්‍යයෙන් පවත්වන්නේ සෙනසුරාදා දිනයක දී ය. කෙම්මුර දිනයක් වන බැවින් ද, මිනිසුන්ට විවේකී දිනයක් වන බැවින් ද එය යොදා ගන්නා බව යාතුකර්ම ඇදුරෝ පවසති. ප්‍රධාන ශාන්තිකර්මය පැවැත්වීමට පෙර සිදුකරන අංග රැසක් වේ. සුභාසිරි පතා කරන සෑම කාර්යයකටම සිංහල චාරිත්‍රය අනුව කප් සිටුවීම සිදු කරන බැවින් ශාන්තිකර්මයට මාස 3 කට පෙර කප් සිටුවීම සිදුකරයි. මෙසේ එම කාලය ගත වී යාමට පෙර ශාන්තිකර්මය පවත්වන බවයි. මෙහිදී 7 රියන් කිරි ගහක් තෝරාගෙන, එහි යට සිට උඩට ගොක් කොළ බැඳ, මැද පෙදෙසට පුවක් හා පොල් මලක් ද, ලෙලි සහිත පොල් ගෙඩි 2 ක් ද බැඳ, මුදුනත කළයක් මුනින් නමා, බුලත් 7 ක් හා පඬුරු 7 ක් කණුවේ පහත තබා, කණුව සිටුවා එහි පඬුරක් ගැට ගැසීමෙන් භාරවීමක් සිදුකරනු ලබයි. කප් සිටුවීමෙන් ඇරඹෙන ශාන්තිකර්මය නවද ගිරි, හත්දා ගිරි, පස්දා ගිරි, තුන්දා ගිරි යනුවෙන් එය පවත්වන දින ගණන අනුව නම් කරයි. නවදා ගිරි දින 9 ක් ද, හත්දා ගිරි දින 7 ක් ද, පස්දා ගිරි දින 5 ක් ද, තුන්දා ගිරි මඩුව දින 3 ක් ද පැවැත්වෙන බව ගම්මඩු යාග ඉතිහාසයේ සඳහන් වේ.

    ‘රජ කුලයට රන් තොරණින් නව දවසක් යාග කළයි
    බමුණු කුලට මිණි තොරණින් සත් දවසක් යාග කළයි

    වෙළඳ කුලට පිළි තොරණින් පස් දවසක් යාග කළයි

    ගොවි කුලට රඹ තොරණින් තුන් දවසක් යාග කළයි’


    මේ අනුව ගොවි කුලයට තුන් දවසක් යාග පවත්වා ඇත. ඒ අර්ථයෙන්ම අදත් ප්‍රධාන ශාන්තිකර්මය පැවැත්වීමට පෙර දිනයේ දී මඩු පේ කිරීම සිදු කරනු ලබයි. එහිදී ශාන්තිකර්මය පවත්වන ස්ථානයට දේවාභරණ වඩමවා, රඟමඩල ශාන්තිකර්මය පැවැත්වීමට සූදානම් කරනු ලබයි. නමුත් ශාන්තිකර්මය පවත්වන ස්ථානයට ආසන්නයේ දේවාලය පිහිටා ඇත්නම් මඩු පේ වන අවස්ථාවේ දේවාභරණ වැඩම කරවීම සිදු නොකරයි. කපු මහතා සහ සහායකයකු පිරුවට හා සුදු පිරුවට හා සුදු බැනියමක් ඇඳ, ඛෙර වාදන ශිල්පීන් කිහිප දෙනෙකු සමඟ ශාන්තිකර්මය පවත්වන ස්ථානයේ කහ දියර ඉස, සුවඳ දුම් අල්ලා දේව ගණයනට ආරාධනා කිරීමට සුදුසු ස්ථානයක් බවට පත් කරනු ලබයි. රාත්‍රී පහන් දල්වා, සක් පිඹ, දෙවියන්ට කවි ගායනා කර, ආතුරයන්ට දේවාශිර්වාද කර මධ්‍යම රාත්‍රියේදී පමණ එදින කටයුතු නිම කරයි.
     
    Last edited:
    Jan 15, 2009
    9,238
    368
    0
    මිල්ල කැපීම

    ප්‍රධාන යාතුකර්මය පැවැත්වීමට පෙර, ශාන්තිකර්මය පැවැත්වෙන දින සවස 4 ට පමණ, පසුදා උදෑසන පැවැත්වෙන ගිනි පෑගීමේ අවස්ථාව සඳහා අවශ්‍ය දර එකතු කිරීම සිදු කරනු ලබයි. සුදු පිරුවට හැඳ, සුදු බැනියමක් ඇඳ කපුරාළ සැරසෙන අතර, රඟමඩලෙන් (ගම්මඩු භූමියෙන්) පිටස්තර කැළයකට ගොස් මිල්ල ගසක් සොයා ඒ වටා ගොක් රැහැන් ඇද, වෙන් කර එහි වාසය කරන රුක් දෙවියන්ට වෙනත් ගසකට මාරු වන ලෙස කන්නලව් කර, ගස වටා කහ දියර කොතලය, අඟුරු දුම්මල කබල නටා මිල්ල ගසේ අත්තක් කපා ගනියි. ඒ සඳහා යාග ඇදුරන් කැත්තක් රැගෙන එන අතර, බෙරවාදන, සක් පිඹීමෙන් අනතුරුව උඩු වියන් ඇති පෙරහරින් මිල්ල ගසෙහි දැව පිරුවටයක ඔතා රංග භූමියට රැගෙන එයි. මිල්ල කැපීමට යන විට ගායනා කරන කවියක් මෙසේ වෙයි.

    ‘කැලේ ගොසින් අමු මිල්ල කපන්නේ

    මැලේ සදා වට වියන් බඳින්නේ

    රැළේ පුළුල් ලෙස දුම විහිදෙන්නේ

    මැලේ මහිම බල දෙවොල් යකුන්නේ’


    පසුව කපාගෙන ආ දැව දෙවොල් දෙවියන්ගේ මල් අස්නයෙහි තැන්පත් කරන අතර, පසුදා උදේ පැවැත්වෙන දෙවොල් දෙවි සත් කට්ටුව ලක්දිවට ගොඩ බැසීමේ අවස්ථාව නිරූපණය කරන විට, දෙවොල් දෙවියන් මෙතෙරට ගොඩ බැසීම බාධා කළ පත්තිනි දෙවඟන මැවූ ගිනි කඳු සත පාගා සිසිල් කළ පුවත දැක්වීමට ප්‍රයෝජනයට ගනී. මිල්ල කැපීමෙන් අනතුරුව පහන් පූජාව සිදු කරයි.


    පහන් පූජාව

    මෙම අංගය රාත්‍රී 9.00 ට පමණ ආරම්භ වන අතර කපුරාළ හා සහායකයින් 4-5 සමඟ බුදුන්, දහම්, සඟුන්ගෙන් අවසර ගෙන දෙවියන්ට මල් යහන්වලට ආරාධනා කරයි.

    ‘රැස්ව නොයෙකුත් සව් සතන් වෙත පිහිට කරුණා කර වතා

    ලක‍ෂ කෙළි පුද භාර ගන්නට වරම් ලැබ පූරුවෙ පතා

    තොස්ව නීලය වරුණ පාමින් ගරුඬ වාහනයෙන් යතා

    අස්නයට වැඩ විශ්ණු දෙවියනි මෙපුද ලැබ කරුණා වෙතා’


    මෙලෙස විශ්ණු, නාථ, කතරගම, පත්තිනි යන සතර දෙවිවරුන්ට යහන්වලට ආරාධනා කරන අතර, සමන්, දැඩිමුණ්ඩ, ගම්භාර ආදී දෙවිවරුන්ට ද ආරාධනා කරනු ලබයි . එසේ ආරාධනා කරන දෙවිවරුන්ට පහන් පූජා කිරීම මෙම අංගයේ දී සිදුකරනු ලබයි.
     
    • Like
    Reactions: thilzz
    Jan 15, 2009
    9,238
    368
    0
    දළු මුර පූජාව

    දළු මුර යනු බුලත් ය. මෙහිදී දෙවියන් වෙනුවෙන් දළුමුර ද, පඬුරු හා මල් පූජා කිරිමත් සිදුකරනු ලබයි. ඔබේසේකර (1984) ට අනුව සිංහල සංස්කෘතිය තුළ බුලත්වලට වැදගත්කමක් හිමිවෙයි. එහිදී කෙනෙකුට ආරාධනා කිරීමට, උදාහරණයක් ලෙස විවාහ මංගල උත්සවයකට ආරාධනා කිරීමට බුලත් හුරුළු දෙන අතර ගම්මඩුවේ දෙවියන්ට ආරාධනා කිරීම සඳහා ද බුලත් භාවිත කරයි (ඔබේසේකර 1984: 76). පුද වට්ටියට බුලත්, පුවක් කිනිති, කපුරු, මල්, හඳුන්කූරු, පිණි දිය, පඬුරු ආදිය අඩංගු වන අතර එක් එක් දෙවිවරුන්ගේ මල්යහන්වලට ඒවා පූජා කර ආරාධනා කිරීමක් කරන අතර, මල් යහන් ඉදිරිපිට කුඩා පද කොට්ඨාස සහිත නර්තන ඉදිරිපත් කරන්නේ කවි ගායනාවලට ප්‍රධාන තැන ලබා දෙන බැවිනි.

    යහන් දැක්ම (යහන් දැකීම)

    යහන යනු අසුනයි. දේව විමානයයි. එම යහන්වලට දෙවියන් වැඩම කරවා, අරක් ගැන්වෙන්නේ මේ මොහොතේ දී ය. රඟමඩලට බිසෝ කප රැගෙන ආසනයක තබා, යහන් දැක්ම නටනු ලබයි. වර්තමානයේ නවක ශිල්පීන් කරළියට රැගෙන එන්නේ මෙම අවස්ථාවේ දී ය. ඔවුන්ගේ දක‍්ෂතා පෙන්වීමටත්, තෑගි ලැබීමටත් යහන් දැක්ම අවස්ථාවක් කොට ගනියි.

    බිසෝ කප සිටුවීම

    බිසෝ කප යනු සේරමානම් රජුගේ බිසව නාගී විසින් රජුගේ හිසෙහි හටගත් රෝගය සුවවීම පතා, පත්තිනි දෙවියන්ගේ නාමයට සිටුවන ලද කණුවකි. සඳුන් ලීයෙන් කරවන ලද කැටයම් සහිත කණුවක් එදා සිටුවන ලද අතර එය සිහිකරනු වස් අදත් බිසෝ කප (පත්තිනි තොරණ) අසළ එය සිටුවනු ලබයි.


    200px-Bisokapa.jpg


    ‘රියන් එවියත් අගුල් පත් බිඳ සඳුන් කඳ අට පැති පැසා

    මුදුන් කොත සත් මාලයක් කර කනෙක වරනින් තිබු ලෙසා

    මුදුන් අතුරක් සේම අට පැති ලතා කැටයම් එක ලෙසා

    සඳුන් හැර මේ ලෙසින් සරසන සිටුවන්න නැකතක් අසා’


    මෙසේ එදා සේරමානම් රජු බිසව විසින් සිටුවන ලද කපෙහි ප්‍රමාණය හා විචිත්‍රවත් බව කවිවලින් විස්තර කරන අතර වර්තමානයේ ද කෙසෙල් කඳක් ගෙන එය ගොක් කොළ කැටයමින් සරසා, පුවක් මලක්, පොල් මලක් ගසා මුදුනට විලක්කුවක් ගසා පත්තිනි දෙවියන්ගේ තොරණ ළඟ සිටුවයි. එනම් අතීතයේ එසේ කළ නිසා, වර්තමානයේ දී එසේම කළ යුතුය යන්නක් ඉන් හැඟවෙන අතර, අතීතය වර්තමානය තුළ ප්‍රතිනිෂ්පාදනය කිරීමක් සිදුකරයි . කපු මහතා බිසෝ කප සිටුවීමට පෙර ඊට අදාළ යාදිනී කියන අතර කෙටි කතාවක් මගින් එහි පුරාවෘත්තය ප්‍රේක‍්ෂක ආතුරයන්ට සමීප කරයි. මෙම කවි හා යාදිනිවලින් ගම්මඩු ශාන්තිකර්මයේ උත්පත්තිකතාව හෙවත් මඩු උපත විස්තර කෙරේ.
     
    Jan 15, 2009
    9,238
    368
    0
    කාලපන්දම් සිටුවීම

    කාලපන්දම් පූජාව මගින් අතීත, වර්තමාන, අනාගත වශයෙන් කිසිදු අපල උපද්‍රවයක් නොවීම සඳහා පිහිට පැතීමක් සිදුකරයි. පුවක් ගසක් කපා එහි නියමිත දිග ගෙන (රියන් 11) මුදුනේ කාල පන්දම සිටුවනු ලැබේ. ගොක් කොළවලින් මුදුන සරසා, සතර දිශාවට ගොක්පතින් කං වැල් සතරක් ඇද තිබේ. ඉන් අරමුණු වන්නේ උතුරු, දකුණු, බටහිර, නැගෙනහිර යන සිව් දිශාවටම ආරක‍ෂාව සැලසීමය. මෙසේ කාල පන්දම් ගසක් පූජා කිරීමෙන් දෝෂ දුරු කරන බව විශ්වාස කරන අතර, ගම්මඩුව ශාන්තිකර්මයේ මුඛ්‍යාර්තය තවදුරටත් ජනිත කිරීමට මෙම යාගය සමත් වෙයි. කෙසේ වෙතත් මෙම පුරාවෘත්ත පිළිබඳව පොදු එකඟතාවයක් නොමැති අතර ඉන් එක් පුරාවෘත්තයක් නම් කතරගම දෙවියන්ට අදාළ පුරාවෘත්තයයි. එනම් දුටුගැමුණු රජු එදා අනුරාධපුර සටනට පිවිසීමට පෙර කතරගම දෙවියන්ගේ නාමයට කාලපන්දම් පූජාවක් කර ආරක‍ෂාව පැතූ බවත්, යුද්ධයෙන් ජයග්‍රහණ කළහොත් තම රටවැසියන්ට පෙනෙන අයුරින්, කාල පන්දම් ගසක් සිටුවන බවටත් පොරොන්දු විය. එම පොරොන්දු වූ අයුරින්, කාලපන්දම් පූජාව අදත් දෙවොල් මඩුවේදී සිදුකරනු ලබන බව එම පුරාවෘත්තයේ කියැවේ. දුටුගැමුණු රජුගේ යුද්ධයට දමිළ වැසියන්ගෙන් උපකාර ඉල්ලා සිටි නමුත්, ඔවුන් මුලදී එය ලබාදීමට අකමැති වූයෙන්, ඊට කතරගම දෙවියන්ගෙන් සමාව ගනු වස්, බිම පෙරළි පෙරළී යාමත්, කටු ගසා එල්ලීමත්, උල් ඇ‍‍ඟේගසා ගැනීමත් සිදු කරන බව ඇදුරෝ දක්වති.

    කෙසේ නමුත් කාලපන්දම් පූජාවට අයත් තවත් පුරාවෘත්තයක් වෙයි. එනම් දෙවොල් දෙවියන් ප්‍රමුඛ සත් කට්ටුව (කුරුම්බර යැයි ද කියති) ලක්දිවට ගොඩ බැසීමට පැමිණි නැවේ කුඹ ගස ලෙස, කාලපන්දම සංකේතාත්මකව නිරූපණය වන බවයි. දඹදිව කුඩුප්පුරි නුවර ශ්‍රී රාමසිංහ රජුගේ දරුවන් වූ මොවුන්, වෙළඳාම සඳහා පැමිණෙන අතරතුරේ නැව මුහුදේදී කුණාටුවකට හසුව, ලක්දිවට ගොඩබැසීමට සැරසෙන කල්හි, සිරිලකට ඔවුන්ගේ පැමිණීම අනර්ථක යැයි සිතූ පත්තිනි දෙවඟන ගිනි කඳු 7 ක් මැවූ නමුත් දෙවොල් දෙවි ඒ මැඩගෙන, ස්වදේශීකයන්ගේ රෝගාතුර වීම් නැතිකිරීමේ වරම් උඩ, විශ්ණු දෙවියන්ට තම නැවේ කුඹ ගස මුදුනේ නීල රත්න මැණික තබා පූජා කර, වරම් ලැබ සීනිගමට ගොඩබැස්ස බව කියවේ.


    400px-Pandam_Neteema.jpg


    ‘මෙලක් දිව සැම තැනට
    රජ කරන දෙවි නමට

    කාලපන්දමක් කොට

    පන්දම් නැටීම

    පින් දෙන්න නියම කොට

    ඔප්පු දුනි එදා සිට

    අපට වන් මේ දුකට

    පිහිටවන් ඔබ විසින්

    නීල රත්න මැණික ගෙන

    කුඹ මුදුන තබවමින්

    මෙපුද දෙවියන් නමට

    දෙවා පින් දී සතුට

    පතිනි දෙවි රකින්නට

    දෙවොල් කුමරිඳුන් හට

    සීනිගම් දේවාලයට

    ගොඩ බසින්නට ලොබා…….’

    (කාලපන්දම් යාදින්නේ කොටසකි).

    ඔබේසේකරට අනුව කාල පන්දම යනු, කාලය දනවන්නක් බවත්, අතීත, වර්තමාන, අනාගත කාලවලදී ආතුර පවුලට හෝ ගමට කිසිම හානියක් සිදු නොවීමට මෙය සිටුවන බවත් දක්වයි. අතීතය විශ්ණු දෙවියන්ටත්, වර්තමානය කතරගම දෙවියන්ටත්, අනාගතය දේවතා බණ්ඩාරටත් හිමිවන බැවින් ඔවුන්ගෙන් කිසිම අකල් දෝෂයක් නොවන්නට කාලපන්දම් ගස සිටුවයි (ඔබේසේකර 1984: 113). කතරගම දෙවියන්ගේ පුරාවෘත්තය මෙම අවස්ථාවට සම්බන්ධ වන්නට ඇත්තේ ඔබේසේකර දක්වන ආකාරයට කතරගම දේව වන්දනාව එම සමය වන විට කේන්ද්‍රීය වැදගත්කමක් (1984: 113) ගත් නිසා වන්නට ඇත. විශ්ණු දෙවියන් කාරුණික දෙවියකු වන බැවින්, දේව ධුරාවලියේ ඉහළ සිටියත් ඔහුව අතීතයට ඇද දමා ඇත. නමුත් කතරගම දෙවියන් එම සමයේ ජනප්‍රිය මට්ටමේ සිටින බැවින් ද, පිහිට පැතීමට හා වර්තමාන ගැටලූවලට විසඳුම් දෙන බැවින් ද, වර්තමානය තුළ ස්ථාපිත කර ඇත (ඔබේසේකර 1984: 113). එහෙයින් කතරගම දෙවියන්ට සම්බන්ධ පුරාවෘත්තය මෙම අවස්ථාවට පැමිණියත්, කාල පන්දම් යාදින්නට අනුව විශ්ණු දෙවියන්ගේ නාමයට දෙවොල් දෙවියන් විසින් කාලපන්දම් පුජා කළ බව පැහැදිලිය.

    කෙසේ වෙතත් කාලපන්දම් පූජාව මගින් ද රෝග නිවාරණය වැදගත් කොට සලකන බව පැහැදිලි වෙයි.


    ‘උණ ඉසරද ලෙඩ තද ඔක්කාර ද

    ඇඟ ඇඹරුන් ලෙඩ රදේ රුදාව ද

    තැන තැන ඇවිදින පිස්සු විකාර ද

    ගඟ වැඩි සෑ දිය සේම නිවන් අද’

    (කාලපන්දම් කවි)
     
    Jan 15, 2009
    9,238
    368
    0
    පිදේනි දීම (පෙරයම / හැන්දෑ සමයම)

    පිදේනි දීම, පෙරයම, මධ්‍යම, අලූයම යන තුන් යාමයට කළ යුතු වන අතර පෙර යම හෙවත් හැන්දෑ සමයමේදී ආතුර හිසෙහි පිදේනි මුට්ටිය තබා සුදු කුරුම්බර හා මහසොහොන් යකුට ආරාධනා කර, මඩුවෙන් පිටත වන යකුන් සඳහා වන තටුවලට තබයි. දේව මණ්ඩලය ප්‍රධාන වන ස්ථානයකට යකුන් ඇතුළත් කර තිබීම මගින් පෙනී යන්නේ යක‍ෂ – දේව යන ගණ දෙකටම අයත් හැටියට ගැමියන් විශ්වාසය අනුව වර්ග කෙරෙන සූනියම් වැනි යකුන් ඇදහීම හේතු කොට ගෙන මෙම පූජාව බිහි වූ බවයි.

    හැන්දෑ සමයමේදී රතු, සුදු, කළු, කහ මිශ්‍ර විචිත්‍රවත් ඇඳුමකින් සැරසෙන නර්තකයන් හිසට කිරුළ තොප්පියක් පළඳිති. පන්දම් දෙකක් සහිතව නර්තනයේ යෙදෙන ඔවුහු, මඩුව වටා දුම්මල ගසමින් භයානක රසයක් ආතුර ප්‍රේක‍ෂකයන් තුළ ජනිත කරවන අතර දුම්මල ඇල්ලීමට සහයෝගයට සිටින කොට්ටෝරු මහතාව (මඩු පුරයා / අතොරකරුවා) මඩුව පුරා දුවවමින්ප්‍රේක‍්ෂක ආතුරයන්ව හාස්‍යය රසයෙන් ප්‍රබෝධමත් කරති. ඉන්පසුව බෙර වාදන ශිල්පියා හා නර්තකයන් අතර වන සංවාදයේ දී ‘නැන්දගේ සමය මේ ආවා’ ලෙස දක්වන අතර පන්දම් පද ආදිය නැටීමෙන් පසුව මඩුවෙන් පිට පිදේනි තටුවලට පිදේනි දෙති.


    තොරණ් යාගය


    ලංකාවේ ගජබා රාජ සමයෙහි සොලී රට සේරමානම් රජුගේ සිරසේ හටගත් දොස් දුරු කිරීමට සිරිලකට සැපත් වූයේ පත්තිනි වන්දනාව මෙන්ම බුද්ධාගම ද ස්ථාපිත රාජ්‍යයක් වූ බැවිනි. දකුණු ලක රුවන්වැල්ලේ දී පැවැත්වූ මෙම ප්‍රථම දෙවොල් මඩුවේදී ගී, කවි ආදිය දෙමළ බසින් යුක්ත වූ නමුත්, පත්තිනි කෝල්මුර ගායනා පසු කාලයකදී හෙළ බසට නැඟුණ බව ද එතැන් සිට මෙම යාග ක්‍රමය දක‍ෂිණ ශ්‍රී ලංකාවේ ස්ථාපිත වූ බව ද පුරාවෘත්ත කථනයෙන් හෙළි වේ. මෙසේ ආරම්භ වූ ගම්මඩුව ශාන්තිකර්මයෙන් රංග මණ්ඩලය සරසන ප්‍රධාන සැරසිල්ල වන්නේ පත්තිනි තොරණය. මෙය නම් පත්තිනි දෙවියන්ගේ පූජාසනයයි. මකර තොරණ ලෙස ද හැඳින්වෙන මෙය රඹ පතුරු, හබරල කොළ, ගොක් කොළ කැටයමින් සරසන අතර උසින් හත් රියන් වේ. මෙහි විවිධ සතුන්ගේ රූප හා කැටයමින් ද, ලියවැල් ආදියෙන් ද සමන්විත වේ.


    ප්‍රථම කොට යාග ඇදුරන් රඟ මඩලට විත් කඩතුරාවකින් වසා ඇති තොරණ අභියස සිට, තොරණ විස්තර කරන ශ්ලෝක ගායනා කරනු දැකිය හැකිය. එම ශ්ලෝකයන්ට සන්න ද ගායනා කෙරේ. ඒවා සංස්කෘත හෝ පාලි යන භාෂාවන්ගෙන් ලියවී ඇති අතර සාමාන්‍ය ජනයාට තේරුම් ගත නොහැකි ආකාරයෙන් ද ගායනා කරති. එමෙන්ම ඒවායේ සිංහල භාෂාව ඉතාම උසස් තත්ත්වයෙන් පවතින අතර සූක‍ෂමව එය අසා සිටින්නෙකුට අමතරව ඒවා වැටහෙන්නේ නැත.


    මෙසේ ශ්ලෝක සන්න ද දක්වමින් තොරණ් යාගයේ කවි ද ගායනා කරයි. නමුත් ඒවා ආරම්භ වන්නේ බුදු ගුණ ගායනා කරමින් ය. එම එක් එක් පදයේ අර්ථයෙන් විස්තරාත්මකව සන්නයක් සේ ගායනා කරයි. ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ බලි තොවිල් පිළිබඳව කළ අධ්‍යයනයේදී ප්‍රේම කුමාර ද සිල්වා දක්වන්නේ සිංහල ජන වහරේ ගොතන ලද කතාවන්ට නිර්ව්‍යාජත්වය හා යුක්ති සහගත බවක් බෞද්ධ සම්ප්‍රදායට ඈඳා ගනිමින් සිදු කරන බවයි . මන්ද තම ප්‍රධාන ආගම ලෙස බුද්ධාගම පිළිගන්නා මිනිස්සු, ඉන් නොලැඛෙන යාතුකර්මීය හා මානසික සහනය සොයා ගනු වස් අවශේෂ යාතුකර්මවලට යොමු වුවද, තමා බෞද්ධ වීමේ සවිඥානකත්වයෙන් මිදීමට නොහැකි වීම ද මීට හේතු පාදක වේ.