ජනකවිය හා සමාජ වර්ධනය-2
කුඩා කාලයේ සිටම දරුවා සමාජයට යහපත් පුරවැසියෙකු ලෙස දායාද කිරීමට මවු දරන උත්සාහය සාර්ථක වීම තුළින් සිදුවන ප්‍රතිඵලය වනුයේ යහපත් සමාජයක් බිහිවීමය. ආගමික හා කෘෂිකාර්මික ජීවන රටාවකින් පෝෂිතව සිටි අතීත ගැමියා ප්‍රායෝගික පුහුණුවකින් මිස න්‍යායාත්මකව සමාජ සාරධර්ම පිළිබඳව පුරුදු පුහුණු වූවක් නොවීය. එබැවින් ඔවුන් සමාජ සාරධර්ම පිළිබඳ නිරතුරුවම සැලකිලිමත් විය.
වර්තමානයේ සාරධර්ම පිළිබඳව මෙන්ම මානව ගරුත්වය සහ වැඩිහිටියන්ට සැලකීම පිළිබඳව නිරතුරුවම කතා කළ ද වැඩිහිටියන් නොසලකා හරින තත්ත්වයට වත්මන් සමාජය පත්ව ඇති සෙයක් දැකිය හැකිය. එසේ වුවද එදා අතීත ජන කවියා
පැල් රක්‌නා අපෙ වරිගේ හත් මුත්තෝ
උන්දැල හතර පෝයට අටසිල් ගත්තෝ
හේනෙ කුඹුරෙ වැඩ නිසි ලෙස දැන ගත්තෝ
ජාතිත් වාසනාවන් ඒ මී මුත්තෝ
යනුවෙන් පවසා ඇත්තේ ගරුත්වයකින් නොවේද? ස්‌වයංපෝෂිත වූ ආර්ථිකයක් බිහි කිරීමට සමාජ සාරධර්ම ආරක්‌ෂා කිරීමට කැපවූ එම වැඩිහිටි පරම්පරාව පිළිබඳව ජන කවියා ගෞරව සම්පුයුක්‌තව බලා ඇති ආකාරය ඉතා මනරම්ය.
මේ සමාජ සාරධර්ම බිඳී ගිය අවස්‌ථාවකි.
බඩගිනි වෙලා මා ගිය කල පුතුගෙ ගෙට
මැනලා වී දෙකක් දුන්නයි මල්ල කට
ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට
මැනල ද පුතේ කිරි දුන්නේ මා නුඹට
තම මවට පුතු සලකා ඇති ආකාරය පිළිබඳව සෑහීමකට පත් විය නොහැකිය. පවුලේ වැඩිමහල් සහෝදරයා විසින් බාල සහෝදරයාට උපදෙස් දෙන්නේත් වරද වටහා දෙන්නේත් මේ ආකාරයෙනි.
මල්ලියෙ ඔහොම නොකරන් අපෙ අම්මාට
තියෙන දෙයක් දෙන්නෙත් අපි දෙන්නාට
දෙතනේ කිරි දුන්නෙත් අපි දෙන්නාට
බුදුන් වඳින ලෙස වැඳපන් අම්මාට
එදා ගැමි ජනයා ද සමාජය සංවර්ධනයට නම් සාරධර්ම වැඩිහිටි ගරුත්වය හා සුරක්‌ෂිතභාවය ආරක්‌ෂා විය යුතු බව වටහාගෙන සිට ඇත. අහස සිඹින මැඳුරු, විශාල කම්හල් ආදී නවීන තාක්‌ෂණික දියුණුව තුළින් සමාජය සංවර්ධනය නොවන්නා සේ එදා ද ආර්ථිකය තුළ කාය බලය සහ ආශාවන් පොදි බැඳීම තුළින් සමාජ සංවර්ධනය හා මානව ගරුත්වය ආරක්‌ෂා නොවන බැව් ජන කවියා වටහා ගෙන තිබූ බවත් ඉතා සුක්‌ෂ්මව එකිනෙකාගෙන් අනපේක්‌ෂිතව ඉස්‌මතු වන නොහොබිනා සිතුම් හා හැඟීම් ක්‍රියාත්මක කිරීම වළක්‌වාලීමට ද උත්සාහ දරා ඇති බවක් ද පෙනේ.
අල්ලා ගෙන නෙරිය අතකින් කිමද නගෝ
වසාගෙන දෙතන අතකින් කිමද නගෝ
හිමියෙක් නැති ගමන් තනි මඟ කිමද නගෝ
අම්බලමේ ඉඳලා අපි යමුද නගෝ
අල්ලාගෙ නෙරිය මඩ තැවරෙන හින්දා
වසාගෙන දෙතන බිළිඳුගෙ කිරි හින්දා
බාල මස්‌සිනා පස්‌සෙන් එන හින්දා
යන්නම් අයියන්ඩි ගම රට දුර හින්දා
ඉහත සංවාද කවියෙන් සමාජ සාරධර්ම නොසලකා හැරීමට ඇතැමුන් උත්සාහ ගන්නා අවස්‌ථාවලදී එය ඉතා සූක්‌ෂ්මව වළක්‌වාලීමටද, තැනට සුදුසු ලෙස නුවණ මෙහෙයවා මුහුණදීමට වන කරදර මඟ හරවා ගැනීමට ද එකල ගැමියා උපන් හපන්කම් දක්‌වා ඇත්තේ මෙසේය.
හේනේ කුඹුරේ වෙහෙස මහන්සිය දහදිය හෙළා තමා රක්‌ෂා කරන ගැමියා බිරිඳ හඳුන්වා ඇත්තේ රත්තරං කඳක් ලෙසින්ය.
බුලත් කඩාදෙමි කට රතු කරගන්ට
සපුමල් නෙළාදෙමි වරලස ගවසන්ට
දිවසළු ගෙනත්දෙමි බඳවට සරසන්ට
එතොත් වරෙන් දිව සැපදෙමි වළඳන්ට
බුලත් මොටද කස්‌තුරි කපුරු කන මට
සපුමල් මොටද නාමල් පළඳනා මට
දිවසළු මොටද පටසළු ගවසනා මට
අන් හිමි මොටද මගෙ රන්කඳ ගෙදර කොට
-දිවයින-

Last edited: