අපේ ජනකවි

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    අපේ_ජනකවි

    අපේ ජනකවි


    ඡන කවි යනු ‍පොදු ඡනයා අතර පරමිපරාවෙන් පරමිපරාවට කටින් කට පැවතගෙන ආ ඡනශ්‍රැති විශේෂයකි. මටසිලිටු බව,සරල බව හා ආදිනත්වයත් ඒවාට දක්නට ලැබෙන සුවිශේෂි ලක්ෂණ වෙයි. ඡනකවි මඟින් ගැමි ඡිවිතය හා ගැමි සංස්කෘතිය පිලිබඳ රසවත් තොරතුරු රාශියක් අනාවරනය වෙයි.

    අතීත ජනයා තමන්ගේ කාන්සියත්,වෙහෙසත් නිවාගැනීම සඳහා යොදාගත් ජන කවිය, විවිධ ක්‍ෂේත්‍රයන් , වෘත්තීන් ඔස්සේ නිර්මාණය වී ඇත.මෙම ජනකවි ගැමියාගේ ස්වයං නිර්මාණ වශයෙන් දැක්විය හැකිය. අප මතුන්මිත්තන් සැඟවුණු කුසලතා පිළිබිඹු කරන්නා වූ වටිනා නිර්මාණ වශයෙන් අපේ ජනකවි දැක්විය හැකිය. ඡනකවි මඟින් ගැමි ඡිවිතය හා ගැමි සංස්කෘතිය පිලිබඳ රසවත් තොරතුරු රාශියක් අනාවරනය වෙයි.



    sigiri-flwr.jpg



    සිංහලකමත්, ගැමි දිවියත් එකට යාවුණු පුරුකකි ජන කවිය.
    සිංහල ජන කවියේ ආරම්භය කවදා කෙසේ සිදුවීදැයි කිව නොහැකි නමුදු ශාස්‌ත්‍රීය නොහොත් පණ්‌ඩිත කවියට වඩා එය පැරණි වන්නේය. බුද්ධඝෝෂ හිමියන් විසින් රචිත "සාරත්ථප්පකාසිනී" ග්‍රන්ථයෙහි "ඇල් ගෙවිලියක විසින් ජාති, ජරා, මරණ යන ත්‍රිලක්‍ෂණය ප්‍රකාශ කරන ලද ගීයක්‌ ගායනා කරනු අසා සිටි සැටනමක්‌ භික්‍ෂූන් රහත්වූ බව කියැවෙයි. එමෙන්ම බොහෝ විචාරකයන්ගේ පිළිගැනීම වන්නේ "උගත් සාහිත්‍යයක්‌ බිහිවීමට පෙරාතුව ජනකවි පහළවීම ස්‌වභාවික බවයි." මේ තුළින් ජනකවියේ ඉතිහාසය දුරාතීතයට දිවෙන බැව් පැහැදිලිය.

    ජන කවිය ගැමි දිවිය සමග අත්‍යන්තයෙන් බැඳී පවත්නා ගැමි කලාංගයකි. තත් කවි වෙසෙස ගැමියා ගයන ලද්දේ හුදෙක්‌ දිළිඳුකමත්, සිත, කය වෙහෙසීමටත් කටුක දිවිපෙවෙත කරණකොටගෙන ලබන දුක්‌පීඩා අමතක කරලනු පිණිසය. ඔවුන්ගේ කවි අධික දුක්‌ පීඩාවන්ගෙන් වෙහෙසුණුවුන්ගේ හදින් නැගී පිටවූ දොම්නස්‌ සුසුම් හා සොම්නස්‌ සුසුම් වැන්න. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගැමි ජීවන යථාර්ථය යනු ගැමි ජනයාගේ ජීවිතයේ සැබෑ තත්ත්වයයි. ජන කවිය ජනහිත දිනූ කලා මාධ්‍යයක්‌ වන්නේ ගැමියන්ගේ ආධ්‍යාත්මයන් තුළින් උපත ලද අව්‍යාජ අත්දැකීම් එමගින් ප්‍රකටවීම නිසාය. ලේඛකයකුට ස්‌වකීය අදහස්‌ සන්නිවේදනය කිරීමට එකී ස්‌ථානය හෝ වේලාව බලනොපායි. ගැමි ජන දිවිය සුවිශාලය. බෙහෙවින්ම සංවේදීවූ අත්දැකීමක්‌ ගැමි කවියා ස්‌වකීය නිර්මාණයට විෂය කර ගනියි.

    sigiri-flwr.jpg




     
    Last edited:

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ජන කවි වර්ග බොහොමයකි. ඒවායින් කිහිපයක් නම්,


    • කරත්ත කවි
    • පාරු පවි
    • පැල් කවි
    • පතල් කවි
    • නෙළුම් කවි
    • දඩයම් කවි
    • සී පද
    • දරු නැළවිලි කවි
    • වැදි කවි
    • රබන් පද
    • වස් කවි
    • ඔන්චිලි වාරම්
    • සන්දේශ කවි
    • උපමා කවි
    • උපදේශ කවි
    • කවට කවි
    • සොකරි කවි
    • සෙත් ශාන්ති/යාතිකා කවි
    • තේරවිලි කවි
    • තල මල් කවි
    • උඩැක්කි කවි
    • තෙතඟු කවි
    • කමත් කවි
    • බමර කවි
    • කුරක්කන් කවි
     
    Last edited:
    • Like
    Reactions: Elcid

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    ඇත්ත පැරණි සමාජය ගැන එ තාක්ෂණය ගැන සිරිත් විරිත් ගති පැවැතුම් ගැන තොරතුරු හොයාගන්න කවිය අපිට ගොඩක් ඉවහල් වෙනවා පැරණි සමාජය පිලිබිමු කරණ කැඩපතක් වැනි ජන කවිය:):):):)
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ජනකවියෙන් සුවඳ හමන ගැමි දිවියේ යථාර්ථය

    ජනකවියෙන් සුවඳ හමන ගැමි දිවියේ යථාර්ථය

    උපත, වැඩිවියට පත්වීම, විවාහය, මරණය යන මිනිස්‌ ජීවිතයේ ප්‍රධාන අවස්‌ථාවන් හෙළි පෙහෙළි කරන ජනකවි තුළින් ගැමිජන ජීවන යථාර්ථය පිළිබිඹු වෙයි. බිළිඳකු බිහිවීමෙන් අනතුරුව එළඹෙන සුවිශේෂ ස්‌ථානයක රන්කිරි කටගෑම, දරුවා සුවඳ පැනින් නහවා පිරිසිදුකොට රන්කිරිකට ගානු ලබයි. තනකිරි බැමිතිරිය යුෂ සමඟින් රත්රනින් ගලගා... රන්කිරි කටගෑමෙන් අනතුරුව දරුවාගේ වස්‌දොස්‌ දුරුකොට ආයුවර්ධනය සඳහා ආශීර්වාද කරයි.

    කළු කපුටා සුදුවන තුරු
    ඇසල කණුව ලියලන තුරු
    ඉදිබුවාට ලොම් එන තුරු
    ආයුබෝවන්න ළදරු

    අනතුරුව දරුවාගේ උපන් නැකැත් අනුව නමක්‌ දීම සිදුකෙරෙයි.



    නෙළුම් කවි, පැල් කවි, කරත්ත කවි, පතල් කවි, දඩයම් කවි යනාදිය ආර්ථිකමය ජීවනෝපායයන් මුලික කොටගෙන බිහිවූ කවි සඳහා උදාහරණය. මේ තුළින් ද ඔප්නැංවෙන්නේ ගැමි ජීවන යථාර්ථයයි. කුඹුර පවුළ පසුවද ඉක්‌බිතිව ගොයමෙහි කරල් නැගුණු පසුවද කෙත වනසතුන්ගෙන් රැකගනු පිණිස ගොවීන් දැරූ ප්‍රයත්නය පූජාවලියෙහිද විස්‌තර වෙයි.

    කැලේ ගොසින් ලී කැපුවා කැත්ත දනී
    වෙලේ ගොසින් වැට බැන්දා නියර දනී
    පැලේ ගොසින් පැල් රැක්‌කා පැදුර දනී
    මෙදා යලේ වී නැතුවා අටුව දනී




    කෙතෙහි තැනූ පැලක දිවා රෑ කල් යවමින් වනසතුන්ගෙන් වගාව රැකගැන්මට ඔවුන්ට සිදුවිය. ගැමි දිවියේ යථාර්ථය පතල් කර්මාන්තය තුළින්ද නෙතුගැටෙයි. පතල් කනින්නන්ගේ දුක්‌ගැනවිලි සිත් තුළ කි¹බැස ඇති ආකාරය පාලුව සහ දොම්නස මුසු මෙකී සීපද තුළින් ගම්‍ය වේ.

    වඳුරා ගොඩට අපි ඇවිදින් විදින දුකා
    ගැටිය නැති මුට්‌ටි පොඩියේ උයන් කකා
    පණම් විස්‌ස ණය වෙනකොට හිතට දුකා
    මීට වැඩිය නරකද ගම හිඟා කකා

    ගමෙහි ජීවත්ව ස්‌වකීය ආර්ථික තත්ත්වය දියුණු කර ගැන්මට නොහැකි යෑයි අවබෝධ වූ විට ඈත පළාත්වල පිහිටි මෙම පතල් වෙත ගැමියන් ඇදී ගියේ කාන්තාරයක ජලය දක්‌නට ලැබෙන ස්‌ථානයකට ඇදී යන පිපාසිතයන් ලෙසිනි. කෙසේ නමුදු ඔවුන්ගේ ආර්ථික පිපාසාව සංසිඳවන්නට තරම් ඵලයක්‌ පතල් වලින් ලැබූ බවක්‌ නොපෙනේ.



    කෙත, වැව හා දාගැබ ඇසුරින් වැඩුණු සංස්‌කෘතිය සිංහල සංස්‌කෘතියකි. බෞද්ධ රටක්‌ වූ ශ්‍රී ලාංකික ගැමියෝ ආගමික කටයුතු සඳහා ප්‍රධාන ස්‌ථානයක්‌ දෙමින් ක්‍රියාකළ බවට අපේ වෙහෙර විහාර සාක්‍ෂි දරයි. සෑම ගමකම පාහේ පන්සලක්‌ දැකිය හැකිය.

    දම්බරා මැද්ද මග හිමය මැද යමු
    කඩා පලු වීර කාලා වතුර බොමු
    අඬන ළමයි මඟ සිටුවා කිරි පොවමු
    මයියන්ගනේ වැඳ බැහැදැක යන්ට යමු



    ගැමියෝ ජීවිතයේ සෑම අවස්‌ථාවකදීම ජනකවි කීහ.
    තමන් ගමන් කරන කටයුත්ත සඳහා විවිධ කරදර, බාධක, පැමිණිවිට එම කරදර දුක්‌කම්කටොලු නිරාවරණය කර ගැනීමට විවිධ දෙවිවරුන් හා විශ්වාසයන්ගේ පිහිට පැතූහ.
    ජන සාහිත්‍යයේ සඳහන් දෙවිවරුන් ප්‍රධාන කොටස්‌ තුනකි. විෂ්ණු, විභීෂණ, ස්‌කන්ධ කුමාර, වැනි හින්දු දෙවිවරු එක්‌ කොටසකි. අයියනායක, පත්තිනි වැනි ඉන්දියාවේ සිටි මෙහිදී ස්‌වදේශික වූ දෙවිවරු තවත් කොටසකි. ගලේ බණ්‌ඩාර, මහසෙන්, මොරටු, රන්වල වැනි ලක්‌දිව එක්‌ එක්‌ ප්‍රදේශවල උපත ලැබූ මනුෂ්‍යත්වය දේවත්වයට උසස්‌ කරනු ලැබූ දෙවිවරු තුන්වැනි කොටස වේ.
    ඒ ඒ ප්‍රදේශවලට අධිපති දෙවිවරුද වෙති. දෙවිනුවර ප්‍රදේශයට උපුල්වන්ද, කැලණියට විභීෂණ ද, සබරගමුවට සමන් ද, කතරගමට ස්‌කන්ද කුමාර ද ආදී දෙවිවරු එකී ප්‍රදේශවලට අධිපති වූහ. එක්‌ අවධියකදී තත් දෙවිවරුන් සතරදෙනා සතර වරම් දෙවියන් ලෙස සැලකූ බව දැකිය හැකිය.

    අහසට හිමි ඉරහඳ දෙවියන් නේ
    පොළොවට හිමි මිහිකත් දෙවියන් නේ
    දෙලොවට තෙද ඇති සක්‌දෙවියන් නේ
    මෙලොවට වැඩි දෙවි අවසර දෙන් නේ


    ඉර, හඳ, දෙවියන් ලෙස සැලකීම සිංහල ගැමි සංස්‌කෘතියේ ලක්‍ෂණයකි. ආලෝකය ලබාදෙන සූර්යයාටත්, රාත්‍රිය ඒකාලෝක කරන චන්ද්‍රයාටත් පය තබාගෙන සිටින මහ පොළොවටත් ගැමියා ස්‌තූතිවන්ත වූයේ එම වස්‌තූන්ට වන්දනා කිරීමෙනි.



    ගැමියන් අතර පවත්නා ඇදහිලි අතර "යකුන් ඇදහීමද" සුවිශේෂය යකුන් බොහෝ සිටියද ගැමියන් අදහන යකුන් ස්‌වල්පයකි. ඒ අතර සූනියම්, මහසෝන්, සන්නි, රීරි, ඔඩ්ඩි යන යකුන් ප්‍රධාන වෙයි. යාග කම_වලදී මෙම එක්‌ එක්‌ යක්‍ෂයාගේ උත්පත්ති කතාවද විස්‌තර වේ. කළුකුමාර යක්‍ෂයා පිළිබඳ ජනකවියක මෙසේ සඳහන් වේ.

    මල්වර වෙලා ඉස්‌නානෙට යන ගම නේ
    මනකල්වෙලා හඬතලමින් නාන තැ නේ
    මල්වර තරුණ අඟනන් දැක අල්ලමි නේ
    ඇල්නොව රකින් ආතුර කළු කුමරුව නේ

    කළුකුමාර යක්‍ෂයා කාන්තාවන් රෝගී කරන බැව් ජන සම්මත මතයකි. මොහු තරුණ කතුන් මල්වර වූ විට දිෂ්ටි හෙළන බව මෙකී කවියෙන් විෂද වෙයි.



    divaina-2009/10/28/-feature05
     
    Last edited:

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ජනකවියෙන් සුවඳ හමන ගැමි දිවියේ යථාර්ථය-2

    විනෝදය සහ ශෘංගාරය ආශ්‍රිතව බිහිවූ කවිද දක්‌නට ලැබේ. එදා ජන සමාජයේ විවිධ දුක්‌කම්කටොලු පැවතිය නිසා මිනිසුන් ජනකවි තුළින් යම් ආස්‌වාදයක්‌ ලැබුවේය. නන් රැකියාවන්හි නිරත වෙමින් ස්‌වකීය වෙහෙස නිවාගන්නා අතරම ඔවුන්ගේ සිත් ආදරයටත්, ශෘංගාර රසයටත්, නිතැනින්ම ඇදී ගිය බව පෙනේ. එහෙත් මෙය ගැමියාගේ අහිංසක විනෝදයක්‌ වූ බවද පැවැසිය හැකිය. අසන්නා කෙරෙහි හැඟීම් දැනවෙන පරිදි මෙන්ම සංයමය රැකෙන පරිදි කීමට ජනකවියා සමත්කම් දක්‌වයි.

    තනිමඟ තරුණියක යනු දුටු තරුණයකුගේ සිතෙහි රාගය මෝදු වෙයි. ඔහු ඇය අමතා සංයමයෙන් යුතුව ව්‍යංගයෙන් යමක්‌ පවසයි.


    අල්ලාගෙන නෙරිය අතකින් කිම්ද නගෝ
    වසාගෙන දෙතන අතකින් කිම්ද නගෝ
    හිමියෙක්‌ නැති ගමන් තනිමග කිම්ද නගෝ
    අම්බලමේ ඉඳලා අපි යම්ද නගෝ

    ඒ රසවත් කවිය ඇසූ තරුණිය ඔහුගේ සිත නොරිදවා තවත් කවකින් පිළිතුරු දෙයි.

    අල්ලාගෙන නෙරිය මඩතැවරෙන හින්දා
    වසාගෙන දෙතන බිළිඳුගෙ කිරි හින්දා
    බාල මස්‌සිනා පස්‌සෙන් එන හින්දා
    යඤ්ඤං අයියන්ඩි ගමරට දුර හින්දා



    කවියක ආත්මය රසයයි. එම රසය මතුකිරීමේ උල්පත වන්නේ නිර්ව්‍යාජත්වයයි. අවංකකම තීව්‍ර වූ තරමට නිර්ව්‍යාජත්වයට මඟ පෑදෙයි.

    ඉරට මුවාවෙන් ඉඳගෙන ඉස පීරනවා
    සඳට මුවාවෙන් ඉඳගෙන සලු පළඳිනවා
    මලට මුවාවෙන් ඉඳගෙන මල් පළඳිනවා
    අපට මුවාවෙන් ඉඳගෙන ඔමරි කරනවා

    ඔමරියකගේ ලලිතාභිනයෙන් හෝ නෙතඟ බැල්මෙකින් හෝ ඇය කෙරෙහි ඇදී ගිය ඇස්‌ ඇතියකු ඇගේ රූපකායෙන් ලත් චමත්කාරය විමසිය යුත්තේ තර්කඥනයෙන් නොවේ. එහි පිරී ඇති භාවිකවදන්වලට බලය දීමෙනි. මෙයින් ජනකවියේ අව්‍යාජත්වය, යථාර්ථය ගම්‍ය වෙයි. එහි රස විඳින්නාද අව්‍යාජ විය යුතුය.




    ජනකවිය ජන දිවිය හා අත්‍යන්තයෙන් බැඳී පවතින්නකි. තමාගේ අභිරුචිය මත අවශ්‍ය වේලාවට මුහුණදුන් දේ අනුව නේකවිධ කවි නිර්මාණය කළේය. බඩගින්න දුප්පත්කම හා බැඳී පවතී. නැති බැරිකම කරණකොටගෙන බඩගින්නේ හිඳීමට සිදුවේ.

    බඹේකට ඈත මගෙ කුඹුර පෙනි පෙනී
    සබේ බැන්ද ජයසක්‌ සේම පෙනි පෙනී
    ඔබේ පිහිට ඇත්නම් මෙමට පුළුවනී
    ඉබේ කෙඳිරි ගෑවෙන ලෙඩකි බඩගිනී


    බඩගින්නෙන් පෙළෙන කෙනකුට වෙනත් දෙයක්‌ කළ නොහැකිය. පළමුව බඩගින්න නිවාගත යුතුය. දේශනාවකට පෙර හාමත තුරන් කළ යුතු බව බුදුන්වහන්සේ දේශනා කළහ. ලිය බඩගිනි වූ විට දරුවා ඉවත දමන බවත් නැයිනිය සිය බිජු බුදින බවත් ඕනෑම පවකට නැමෙන බවත් පඤ්චතන්ත්‍රයේ සඳහන් එක්‌ අදහසකි. බඩගින්න එදා මෙදාතුර සමාජයේ තදින් බලපැවැත්වෙන්නකි.


    ජනකවිය අතුරින් ගැමි ජීවිතය දෙස බලා අපට මහත් මිහිරක්‌ සන්තෝෂයක්‌ ලැබිය හැකි බව සත්‍යයකි. ජීවිතයේ කොතෙකුත් කරදර, කම්කටොලු අමතක කරමින් සතුට, විනෝදය ලබන ගැමියන්ගේ මුවින් නිකුත් වන රසවත් ගීත මාලාවෝ විස්‌මයාවහ හැඟීම් දනවති.
    ජීවිතයක ඇතිවන කටුක බව අමතක කොට සන්තෝෂය ලබාගැන්මට හැකි බලයක්‌ පැවැතීමයි. කලා නිර්මාණයෙහිලා ගැනෙන කවරක හෝ පරමාර්ථය වනුයේ උපදේශාත්මක, සංවාද, පවුල් ජීවිතය සම්බන්ධ කවි තුළින් ද ගැමි ජීවන යථාර්ථය හෙළි පෙහෙළි කරන්නාවූ ජන කවිය ගැමියාගේ හදවතෙහි වූ හැඟීම් එළිගන්වන ගීතාංගයකි.


    චමිලා නිශාන්ති විඡේවර්ධන
    ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය

    divaina-2009/10/28/-feature05
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ‍තවත් හොඳ ක්‍රියාවකට මුල පුරල තියනව හැමදාම වගේ. මූලාංශ්‍රයන් සමඟ ම මේ දේවල් දාපු එක ඉතා ම අගය කරනව. අදාල මුල් නිර්මාපකයන්ට නිසි ගෞරව දීල තියන එක ඉතාම අපූරුයි. මේ ත්‍රේඩ් එකත් හැමෝටම වැඩදායී වෙන ලෙස දිගටම කරගෙන යන්නට අවැසි හැකියාව හා සහයෝගය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව! බොහොමත් ම ස්තූතියි මේ වගේ හොඳ ත්‍රේඩ් දානවට.
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    පැල් කවි

    පැල් කවි

    තම වගාවන් වන සතුන්ගෙන් රැක ගැනීමට රෑ පැල් රකින විට ගැමි ජනයා තම පාලුව කාන්සිය මකා ගැනීමට ගැයූ කවි පැල් කවි වේ.

    ඉරු දෙවියන් ඉර මුදුනෙන් වඩින තුරා
    සඳ දෙවියන් සඳ මුදුනෙන් වඩින තුරා
    ගණ දෙවියන් ගන අඳුරෙන් වඩින තුරා
    සීපද කියමු අපි ඉරගල තිබෙන තුරා

    උණ දඬු කපන තපන තැන උණ දඬු රිකිල්ලා
    බට දඬු කපන තැන රන්වන් කුරුල්ලා
    වතුර බසින තැන හොල්මන් කුරුල්ලා
    සීපද කියන්නට කවුරුත් වරෙල්ලා

    පෙරකලේ තැනු පැල දැන් දිරාලා
    එමකා‍ලේ බැදපු වැට ගොනු කඩාලා
    පැල්පතේ ගොයම් රෑ රැක බලාලා
    නිදිමතේ කියමු පැල් කවි ගොතාලා

    එගොඩත් බලම් එගොඩත් වවුලන්ගෙ කැලේ
    මෙගොඩත් බලමි මොගොඩත් වවුලන්ගෙ කැලේ
    දෙගොඩම බලම් දෙගොඩම වවුලන්ගෙ කැලේ
    වවිලනි තොපට මොර ඉදිලා පල්ලෙ කැලේ

    දුම්බර හිමවතේ මා වී පැසෙන්නේ
    දුක්‌දෙන අලි ඇතුන් පන්නා හරින්නේ
    රැකුමෙන දෙවියනේ වෙල බත බුදින්නේ
    දුප්පත් කම නිසයි මම පැල් රකින්නේ

    අනේ මහතුනේ මට උන වියෝයා
    පිලේ පැදුර හොරු අරගෙන ගියෝයා
    ගෙදර ගියත් මා නොතකන ලියෝයා
    පැදුර දුන් කෙනෙක්‌ මගෙ නෑ සියෝයා

    ඇල් හේනේ උඩ මැස්සේ සිටින නගෝ
    ඇඳි සේලේ රැළි සුළඟට නගන නගෝ
    කකා බුලත් සප සුළඟට නගන නගෝ
    කුරුණෑගලට මග නොසඟව කියකො නගෝ


     
    Last edited:

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    පැල් කවි-2

    පැල් කවි

    කන්ද උඩින් එන කිකිළිය ගෝමරි යේ
    නළල් වටින් එන දාඩිය මුතු සැටි යේ
    අත පා මුදු පය පා මුදු වයිරෝඩි යේ
    මට පිටිපා ගෙට යනවද සුරතලි යේ

    කිරි වැදි වැදි කිරි වැදි වැදි මෝරන්නේ
    ගොබ ඇදි ඇදි ගොබ ඇදි ඇදි පූදින්නේ
    අත නැමි නැමි අත නැමි නැමි බරවෙන්නේ
    පැලට වෙන්න දැන් කාලය ලන්වෙන්නේ

    ලස්සන හිමවතේ මා වී පැසෙන්නේ
    දුක් දෙන අලි ඇතුන් පලවා හරින්නේ
    රැක්මෙන දෙවියනේ වෙල බත බුදින්නේ
    දුප්පත්කම නිසයි මම පැල් රකින්නේ

    පැලේ පැදුර සුළඟට වැනි වැනීයෝ
    වැවේ වතුර රැල්ලට සිඳි සිඳීයෝ
    වෙලේ ගොයම පින්නට පැසි පැසීයෝ
    ‍අපේ මෙවන් දුක දෙවිඳුට පෙනීයෝ


    වෙලක මහිම බල මාවී පැසී ලා
    පැලක මහිම බල බට කොල හොයා ලා
    මලක මහිම බල අතු අග පිපි ලා
    ළියක මහිම බල ගෝමර ඉසි ලා

    වෙල හොඳ මොකද යල මහ පාලු වේ නම්
    පැල හොඳ මොකද පොද වැස්සට තෙමේ නම්
    මල හොඳ මොකද අතු අග පරවයේ නම්
    ලිය හොඳ මොකද ඉසි ගෝමර මැකේ නම්
     
    Last edited:

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    sha maru watinawaaaaaaaaaaaaaaaaaa

    Thanks Bro..
    Important essay.

    ඇත්ත පැරණි සමාජය ගැන එ තාක්ෂණය ගැන සිරිත් විරිත් ගති පැවැතුම් ගැන තොරතුරු හොයාගන්න කවිය අපිට ගොඩක් ඉවහල් වෙනවා පැරණි සමාජය පිලිබිමු කරණ කැඩපතක් වැනි ජන කවිය:):):):)

    Thawa details danna bro.book mark ekak da ganna watinawa.
    thanks.
    +

    ස්තුතියි෴

    රෙප් +4

    ‍තවත් හොඳ ක්‍රියාවකට මුල පුරල තියනව හැමදාම වගේ. මූලාංශ්‍රයන් සමඟ ම මේ දේවල් දාපු එක ඉතා ම අගය කරනව. අදාල මුල් නිර්මාපකයන්ට නිසි ගෞරව දීල තියන එක ඉතාම අපූරුයි. මේ ත්‍රේඩ් එකත් හැමෝටම වැඩදායී වෙන ලෙස දිගටම කරගෙන යන්නට අවැසි හැකියාව හා සහයෝගය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව! බොහොමත් ම ස්තූතියි මේ වගේ හොඳ ත්‍රේඩ් දානවට.

    godak usefull thanx thilzz :)
    බොහොම ස්තූතියි :)
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ගොයම් කවි/නෙළුම් කවි

    ගොයම් කවි/නෙළුම් කවි

    goyum2.jpg




    වරම්ගතිමි ඉර සඳ දෙවි අතින් වරම්
    වරම් ගතිමි මිහිකත දෙවි අතින් වරම්
    වරම් ගතිමි සක්වල දෙවි අතින් වරම්
    වරම් ගොයම් කව්පුමට දෙවිඳුගෙන් වරම්

    තෙල් ගාලා ඉස පිරන් නෑනෝ
    ඇට වැල ඇරගෙන බැදගන් නෑනෝ
    සේලේ අරගෙන ඇදපන් නෑනෝ
    ගොයමි නෙළන්නට යමු අපි නෑනෝ

    ඉරැ දෙවියෝ වැඩිය තැනේ
    බොල් පිණි ගිලිහෙයි සැනිනේ
    සද දෙවියෝ වැඩිය තැනේ
    කරැවල නොතිබෙයි එතනේ

    පසේ බුදුන් වැඩිය තැනේ
    පස්පව් දුරැවෙයි සැනිනේ
    ගන දෙවියෝ වැඩිය තැනේ
    නුවණ වැඩෙනවා නිතිනේ

    මේ කොතනින් ගෙනා ගොනා
    රැහුණු රටින් ගෙනා ගොනා
    කොඹ මැඩුමට ගෙනා ගොනා
    කොඹ මැඩුම‍ට හොදයි ගොනා

    ගොනුගෙ පයේ රනෙන් විල්ල
    අපේ පයේ රිදි විල්ල
    කමත වටේ කරැකැ විල්ල
    උනා වරෙන් බැත වලල්ල


     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    එගො‍ඩ ගොජඩි නා කණුවෙ බැන්ද ගොනා
    මෙගොඩ ගොඩේ සපු කණුවෙ බැන්ද ගොනා
    දෙගොඩ තලා යන වතුරට පැන්න ගොනා
    අපොයි මගේ රන්මුතු මල්ලියා ගොනා

    මලේ මලේ තැඹිලිය වැන්න පොල් මලේ
    බලේ බලේ රාසිං දෙවියන්ග බලේ
    රැළේ රැළේ මුදෙන් දමන දිය රැළේ
    ගලේ කොටුව බැන්දයි තිරිකුණා ම‍ලේ

    මං බාලේ ඇති කළ තලගොයි පැටියා
    මට තනිවට මිදුලේ පෙමි‍‍ කෙළ සිටියා
    ‍උගෙ මරැවා ඌ ඇවිදින් ඇරන් ගියා
    නිවන් පුරේ පලයන් තලගොයි පැටියා

    ගසට නමකි ගස මරැණම වෙන නමකී
    ගෙඩියට නමකි ගෙඩියේ පොත්තට නමකී
    මදයට නමකී මද කන කොට වෙන නමකී
    මෙතුන් පදේ තෝරාලා කියන් සකී