මට මතක විදිහට 2001දි සිහළ උරුමය බිහිවෙලා ඒ උණුහුම එක්ක පළවෙනි ඡන්දෙන්ම ලැබුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනයට පක්ෂයේ සභාපති තිලක් කරුණාරත්න සහ තවත් කීපදෙනෙක් මරාගත්ත එකෙන්ම ඡන්දෙ දීපු මිනිස්සුන්ට පවා සිහළ උරුමය එපා වෙන්න පටන්ගත්තා. පස්සේ ජාතික හෙළ උරුමයේ හාමුදුරුවරුන්ට ලැබුණු මන්ත්‍රීධූර වලට ප්‍රශ්නයක් වෙලා ඇතුලේ කචල් එක්ක සෝභිත හාමුදුරුවෝ එළියට ඇවිත් පාඨලී ඇතුලට ගියා. හෙළ උරුමෙත් එතන ඉඳන් ඉවරයි. දැන් අපේ ජන බල පක්ෂය ලැබුණු එකම මන්ත්‍රීකමටත් මරාගන්නවා. මොකක්ද ලංකාවේ සිංහල-බෞද්ධ ජාතික ව්‍යාපාරවලට සිද්ධවෙලා තියන හෙණේ?

