මචන් RapidWorkers, MicroWorkers වගේ සයිට් වල වැඩකරලා පොඩි ගානක් හොයාගන්න පුලුවන්. කස්ටමර්ව ඩිරෙක්ට් කන්ටැක්ට් කරන්නෙ නැති නිසා customer handling skills අවශ්‍ය නැහැ. දීල තියෙන available job list එකෙන් තමන්ට කැමති ඒවා කරලා සබ්මිට් කරන්න තියෙන්නේ. විශේෂ ස්කිල් එකක් ඕනෙත් නැහැ සයිට් වල රෙගිස්ටර් වෙන්න, එෆ්බී යූටියුබ් කමෙන්ට් කරන්න. තව පොඩි ඩේටා එන්ට්‍රි වැඩ වගේ ඒව තියෙන්නේ. මමත් අපේ වත්තේ වගාව නඩත්තු කරනවාට අමතරව ඔය සයිට් වල වැඩ කරනවා.