අපේ බයිට් අපිම හදමු
යාළුවෙක් දෙන්නෙක් එක්ක පොඩියට සෙට් වෙද්දි අම්මලගෙයි බිරිඳගෙයි ගෑස් නම් අනිවා බලන්න වෙනවමයි නේද? එයාලට පේන්නත් එක්ක ලේසියෙන් හදාගන්න පුළුවන් බයිට් ටිකක් තමයි මේ කියල දෙන්න යන්නෙ. මීට පස්සෙ සෙට් වෙන කොට යාළුවන්ට වැඩ පෙන්නන්නත් එක්ක මේ බයිට් වලින් එකක් දෙකක් හදල බලන්නකො.
1. Fried chicken
යාළුවෙක් දෙන්නෙක් එක්ක පොඩියට සෙට් වෙද්දි අම්මලගෙයි බිරිඳගෙයි ගෑස් නම් අනිවා බලන්න වෙනවමයි නේද? එයාලට පේන්නත් එක්ක ලේසියෙන් හදාගන්න පුළුවන් බයිට් ටිකක් තමයි මේ කියල දෙන්න යන්නෙ. මීට පස්සෙ සෙට් වෙන කොට යාළුවන්ට වැඩ පෙන්නන්නත් එක්ක මේ බයිට් වලින් එකක් දෙකක් හදල බලන්නකො.
1. Fried chicken
- හම නැති චිකන් බ්‍රෙස්ට් එකක් අරගෙන හොඳට සෝදල කටුව ඉවත් කරගෙන මස් ටික පොඩි තීරු කපාගෙන, දෙහි ඇඹුල් ටිකක් අතගාගන්න. ( කටුව නැතුවත් මස් කඩවලින් චිකන් බ්‍රෙස්ට් එකක් ගන්න පුළුවන්.)
- බෝල් එකකට පාන් පිටි කප් 2ක්, ගම්මිරිස් කුඩු තේ හැඳි 2ක්, මිරිස් කුඩු තේ හැන්දක්, ලුණු තේ හැඳි 1 1\2ක් දාලා කලවම් කරගන්න.
- කපාගත්ත චිකන් ටික මේ පිටි එකට දාල හොඳින් පිටි ටික දවටගන්න.
- ගැඹුරු තෙලේ බැදගන්න තරම් තෙල් තාච්චියකට දාලා රත් වෙන්න තියාගෙන වැඩිපුර පිටි යන්තම් ගසල ඉවත් කරගත්ත චිකන් ටික දාල රන්වන් පාට වෙනකම් බැදගන්න. ලිපේ ගින්දර සාමාන්‍ය ගානට තියාගන්න. (Medium Heat)
- මෙහෙමම බයිට් එකට ගන්නත් පුළුවන් තක්කලි සෝස් ටිකක් එක්ක. සැරට කැමති නම් වෙනම නන්ස්ටික් පෑන් එකක් රත් කරන් ඒකට බටර් මේස හැන්දක් දාගෙන ඒකට කෑලි මිරිස් මේස හැන්දක්, ලොකුවට කපාගත්ත ලූනු ගෙඩියක්, ලුනු තේ හැඳි බාගයක් දාල බැදගත්තු චිකන් ටික දාලා කලවම් කරල ලිප නිවාගන්න.
- ලොකු ලූනු ගෙඩි දෙකක් අරන් දෙපැත්ත කපල පොත්ත සුද්ද කරල සෝදල රවුමට අඟල් බාගයක් විතර මහතට පෙති කපාගන්න. ලූණු කපනකොට අඬන්නේ නැතුව කපාගන්න නම් බයිට් එක හදන්න ගන්න විනාඩි 15කට කලින් ලූනු ගෙඩි ටික ෆ්‍රීසර් එකේ දාල තියල ගන්න. මේක නම් අපේ හුඟක් නෝනලා දන්නෙත් නැතුව ඇති. (ඔන්න ඔයාලගෙ නෝනලට වැඩ පෙන්නන්න ටිප් එකක්)
- දැන් බෝල් එකක් අරගෙන ඒකට පාන්පිටි කප් 1\2, කෝන් පිටි (corn flour) කප් 1\4, ලුනු තේ හැඳි 1\2, මිරිස් කුඩු තේ හැන්දක්, බේකින් සෝඩා තේ හැඳි 1\2ක්, (ආප්ප සෝඩා කියන්නෙත් මේවමයි) හොඳට මික්ස් කරගන්න.
- සැන්ඩි වලට ගෙනාව සෝඩා ටිකක් අරගෙන මේ පිටි මික්ස් එකට ටික ටික දාගෙන ඝනකම බැටර් එකක් හදාගන්න. (බැටර් එකට අත දැම්මම ඇඟිලි වල දැවටෙන තරම් ඝනකමට)
- කපාගත්තු ලූනු ටික හෙමීට රවුම් ගලවගෙන හදාගත්ත බැටර් එකේ දවටගෙන පාන් කුඩු තවරලා රත් කරගත් ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනකම් බැදගෙන ටිශූ එකකට දාල තෙල් බේරගන්න. ලිපේ ගින්දර සාමාන්‍ය ගානට තියාගන්න. (Medium Heat)
- බිත්තර 4ක් අරගෙන බෝල් එහෙකට කඩල දාගෙන ලුණු තේ හැඳි 1\2ක්, කෑලි මිරිස් තේ හැන්දක් දාල ගෑරප්පුවකින් හොඳට ගහගන්න(beat කරගන්න).
- නන්ස්ටික් පෑන් එකක් ලිපේ තියාගෙන ඒකට තෙල් මේස හැන්දක් දාල රත් කරන් ඒකට පොඩියට කපාගත්ත සොසේජස් 4ක් 5ක්, පොඩියට කපපු තක්කලි ගෙඩියක්, ලූනු ගෙඩියක්, අමුමිරිස් ටිකක් දාලා බැදගන්න.
- සොසේජස්, ලූනු මිශ්‍රනය පෑන් එක පුරාම විසිරෙන්න ඇරලා ඒකට උඩින් අර ගසාගත්ත බිත්තර ටික පෑන් එක වැහෙන්න දාගන්න.
- ලිප අඩුම කරල පියනකින් වහල විනාඩි 3ක් තියෙන්න අරින්න.
- හැපීකව් චීස් වෙජස් 4ක් අරගෙන පොඩියට කඩල හදාගත්ත ඔම්ලට් එකේ තැනින් තැන දාගෙන ඔම්ලට් එක එක පැත්තකින් පැතලි හැන්දකින් උස්සල දෙකට නවාගන්න.
- ලිප ටිකක් වැඩි කරල විනාඩියක් තියාගෙන ලිප නිවල ඔම්ලට් එක බාගන්න.
- අල ගෙඩි 4ක් අරගෙන පොත්ත ඇරලා සෝදලා ගෙඩියක් කෑලි 8කට වගේ කපලා ආයෙත් සෝදන්න. (දෙකට කපල එක කොටසක් 3ට 4ට කපන්න)
- පාන් පිටි කප් එකකට ලුනු තේ හැන්දක්, ගම්මිරිස් කුඩු තේ හැන්දක්, මිරිස් කුඩු තේ හැන්දක් දාගෙන හොඳින් කලවම් කරගන්න.
- බිත්තර දෙකක් බෝල් එහෙකට කඩලා දාගෙන ගෑරප්පුවකින් ගසාගන්න (beat කරගන්න).
- කපාගත් අල ටිකේ බිත්තර සාරු ගාගෙන පිටි වල දවටලා රත් කරගත්ත තෙල්වලට දාගෙන ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනකම් බැදගන්න.
- මේක තක්කලි සෝස් එක්ක කන්නත් පුළුවන් එහෙමත් නැත්නම් මෙන්න මේ පහත තියනව වගේ ඩිපින් එකක් ලේසියෙන් හදාගන්නත් පුළුවන්.
- මයොනිස් සෝස් කප් එකකට හැපී කව් චීස් කෑල්ලක් දාගෙන ඒකට ගම්මිරිස් කුඩු ටිකක් දාල ගෑරප්පුවකින් හොඳින් මික්ස් කරල ගත්තම පොටෑටො වෙජස් වලට හොඳටම ගැලපෙනවා.
- සුදු ලූනු ගෙඩි දෙකක් විතර අරන් බික් ටික වෙනම ගලවගන්න.
- පොත්ත පිටින්ම හොඳට සෝදල වතුර ටික රෙද්දකින් පිහිදලා අරගෙන මේ සුදු ලූනු බික් ටික යන්තම් තලා ගන්න.
- තාච්චියක් ලිපෙන් තියල ලිප ඔන් කරගෙන ඒකට සුදු ලූනු ටික ගැඹුරු තෙලේ බැදගන්න ඕන තරම් තෙල් දාගෙන රත් වෙන්න තියන්න. ලිපේ ගින්දර සාමාන්‍ය ගානට තියාගන්න. (Medium Heat)
- තෙල් ටික බුබුළු දාල රත් වෙද්දි සුදු ලූනු ටික දාලා රන් වන් පාට වෙනකම් බැදගෙන ටිශූ එහෙකට දාලා තෙල් බේරගන්න.
- නොන්ස්ටික් පෑන් එකක් රත්වෙන්න තියල ඒකට බටර් තේ හැන්දක් සෝයා සෝස් මේස හැන්දක්, මිරිස් කුඩු තේ හැඳි බාගයක් දාලා බැදගත්ත සුදු ලූනු ටික දාල මික්ස් කරල විනාඩියක් විතර ලිපේ තියල බාගන්න. සුදු ලූනු බයිට් එක රෙඩී.
- සොසේජස් 6 පැකට් එකක් අයිස් යන්න එළියෙන් තියන්න. ඒ අතර තුර ලූනු ගෙඩියක්,මාලුමිරිස් කරලක්, තක්කලි ගෙඩියක් ටිකක් ලොකුවට කපාගන්න. (ලොකු සොසේජස් පැකට් එකක් ගන්නවනම් ප්‍රමාණ වැඩි කරල ගන්න)
- ලිපේ තියාගත්ත නන්ස්ටික් පෑන් එහෙකට තෙල් මේස හැන්දක් විතර දාලා අයිස් ඇරගත්ත සොසේජස් ටික දාල හොඳින් බැදගන්න. තෙල් බේරෙන්න ටිශූ එකක් උඩට දාලා රස්නෙ අඩු උනාම මේකත් ලොකු කෑලි කපාගන්න. (සොසේජ් එකක් කෑලි 4කට වගේ)
- වෙනම බාජනයක් ලිපේ තියල බටර් හෝ ඇස්ට්‍රා මේස හැන්දක් දාගෙන ඒකට චිලි පේස්ට් මේස හැන්දක් දාලා කපාගත්ත ලූනු,මාළු මිරිස්, තක්කලි ටික දාල කලවම් කරන් විනාඩියක් වහල තියන්න.
- ඊට පස්සේ තක්කලි සෝස් මේස හැඳි 3ක් විතර දාලා බැදලා කපාගත්තු සොසේජස් ටික දාල කලවම් කරල ලිප නිවාගන්න.
