අපේ බස් සේවාවයි ටොයිලට් නාඩුවෙයි වෙනස

Jun 23, 2016
1,044
136
0
Maharagama
driver bus eka elawanne aathal ekata neweine ban
unta sindu ahanna ona nan gedarata wela sindu ahanna kiyahan
driverte echcharatama sindu ahanna aasa nam uge oluwa gaawa speakers hai karanna epai... mona ehekatada bus eke yana ewunta wada denne? :rolleyes::rolleyes:

:yes::yes:
සිරාවටම අහන්න අාස ඒවා ඩ්‍රයිවර්ට ඇහෙන්න දාගත්ත නම් ඉවරයි නේ. අනික් එවුන්ට බලෙන් අස්සවන්නේ නැතුව.
දැන් ඔය ඕවා මුකුත් නැතුව යන ඩ්‍රයිවර්ලා , කොත්තු රොටි music නැතුව ලාවට රේඩියෝ චැනල් එකක් අහ අහ යන බස් ඩ්‍රයිවර් ලා ටත් නින්ද යන්න එපැයි. :rofl:

"ඇතැම් බස්‌ කොන්දොස්‌තරලාගේ තුට්‌ටු දෙකේ ආතල් විඳින්නට සියලුම මගීන්ට බල කිරීම කවරනම් අකටයුත්තක්‌ ද? වගකිව යුත්තන් නොපමාව මේවා පාලනය කරන්නට දැඩි නීති රීති පනවා ක්රියාත්මක කළ යුතුව ඇත.බස්‌ රියකට ගොඩ වූ පසු ශ්රවණාරක්‌ෂක උපකරණ පළඳින්න.කොපමණ ප්රමාණයකින් ශබ්දය උත්පාදනය වෙනවාදැයි මනින්නේ ඩෙසිබල් (Decibel) නැමති ඒකකයෙනි. ඩෙසිබල් 80 වඩා ට අඩු ශබ්දය මිනිසෙකුට ඔරොත්තු දෙයි. මේ ශබ්දය ඩෙසිබල් 85 ඉක්‌මවා ගියහොත්, කන් බෙරයට ඔරොත්තු නොදෙන තත්ත්වයක්‌ ඇති වෙයි. දිනකට ඩෙසිබල් 88 ක ශබ්දයකට නිරාවරණය විය හැකි උපරිම කාල පරාසය වන්නේ පැය 4 කි. ඩෙසිබල් 85 කට වඩා වැඩි ශබ්ද පරාසයක සිටින උදවිය ශ්රවණාරක්‌ෂක උපකරණ පැළඳිය යුතු වෙනවා.කලාන්තරයක්‌ තිස්‌සේ ඔරොත්තු නොදෙන ශබ්දයකට නිරාවරණය වීමෙන් ශ්රවණය ක්රමයෙන් අහිමි වෙයි. අතේ දුරින් සිටින පුද්ගලයෙකු සමග අපහසුවකින් තොරව අදහස්‌ හුවමාරු කර ගන්නට බැරි තරම් ඝෝෂාකාරි බවක්‌ ඔබ අවට තිබෙනවානම්, එයින් හැඟවෙන්නේ ඔබ අවට ශබ්දය ඩෙසිබල් 85 ඉක්‌මවා ගොස්‌ ඇති බව ය.

ඝෝෂාකාරී බව සෞඛ්යයට බලපාන ආකාරය විවිධය.ඇකඩමි ඔෆa ඇමරිකන් ජර්නල් ඔෆa පීඩියෑටි්රක්‌ස්‌ නිල වෙබ් අඩවියේ පළ කෙරී තිබෙන පර්යේෂණ වාර්තා වලට අනුව ඝෝෂාකාරී පරිසරයක ජීවත් වන ගර්භනී මව්වරුන් නොමේරු දරුවන්, අඩු බර සහිත දරුවන්, සහ ශ්රවණාබාධ, ස්‌නායු ආබාධ සහ පැලුණු උඩු තල්ල(Cleft palate) වැනි සංජානනීය ආබාධ සහිත දරුවන් බිහි කිරීමේ වැඩි අවදානමක්‌ දරන බව තහවුරු වෙයි. ගර්භනී සමයේ මුල් මාස තුන අවදානම් සහගත බව වැඩිම කාලය වෙයි. මේ අනුව ගර්භනි මවුවරුන් සඳහා අසුනක්‌ වෙන් කර තබන්නට කාරුණික වන බස්‌ හිමියන් තම බස්‌ රථවල අධික ශබ්ද දූෂණයට ඉඩ දී තිබීමෙන් ඔවුන්ගේ මානව දයාවේ දිග පළල පෙන්වයි.

කෝර්නෙල් සරසවියේ (Cornell University) සිදු කෙරුණු පර්යේෂණයකට අනුව ඝෝෂාකාරී පරිසරයක වැඩෙන දරුවන් ගේ අධ්යාපන හැකියාව සහ අවභෝධ ශක්‌තිය නිහඬ පරිසරයක වැඩෙන දරුවන්ට සාපේක්‌ෂව බරපතළ ලෙස බිඳ වැටෙන බව හෙළි වී තිබෙනවා. මෙවැනි ළමුන් හිසරදය, අධික රුධිර පීඩනය සහ මානසික ආතතියට ද ගොඳුරු වෙන බව හෙළි වී තිබෙනවා. පාසැල් දරුවන් ගමන් කරන ඇතැම් බස්‌ රථ සහ ස්‌කූල් සර්විස්‌ රථ වල සවි කොට තිබෙන බෆල් සෙට්‌ වලින් එළියට පනින පෙර කී කසිකබල් සංගීත නාද වලින් ද මෙම හානිය සිදු වන බව කිව යුතුව ඇත.ඝෝෂාකාරිත්වය මානසික ආතතියට ද හේතු වෙයි. නිතර ආතතියෙන් පෙළීම හදවත් රෝග, දියවැඩියාව, මානසික ආබාධ, ඇඳුම, හිසරදය සහ ඇතැම් පිළිකාවලට ද හේතු වෙයි. අධික ශබ්ද සහිත පරිසරයක ජීවත් වන්නවුන් අධික රුධිර පීඩනයට සහ හදවත් රෝග වලට ගොඳුරු වීමේ ඉහළ අවදානමක්‌ සහිත බව හෙළි වී තිබෙනවා. විශේෂයෙන් හදවත් රෝගීන් මෙම අවදානමෙන් මිඳීම සඳහා ශ්රවණාරක්‌ෂක උපකරණ පැළඳීම සුදුසු බව අවධාරණය කළ යුතුව ඇත.

ශබ්ද පූජා පවත්වන බස්‌ රියෑදුරෝ සහ කොන්දොස්‌තරවරු නීතිමය වශයෙන් ද තමන් කරන්නේ වරදක්‌ බව දැන දැනම එය සිදු කරති. පසුගිය දිනක මධ්යම පරිසර අධිකාරියේ නිලධාරින් පිරිසක්‌ පිටකොටුවේ බස්‌ නැවතුමේ බස්‌ රථ වල නලා ශබ්දය පිළිබඳ පරීක්‌ෂාවක්‌ සිදු කළ අතර, බස්‌ රියෑදුරන්ගේ ගෝත්රික චන්ඩිපාට්‌ නිසාවෙන් එම උත්සාහය ව්යර්ථ විය. කොටින්ම මාර්ග නීති අමු අමුවේ උල්ලංඝණය කොට මිනිසුන් මරා දමන්නට වුව තමන්ට අයිතියක්‌ ඇති බව පවසමින් පසුගිය දා මේ ගෝත්රික රැල උද්ඝෝෂණයක ද නිරත විය. ශිෂ්ට සම්පන්න බව, විනයගරුක බව, රටේ දේපල සහ මනුෂ්ය ජීවිත ආරක්‌ෂා කර ගැනීම උදෙසා කටයුතු කරන්නට සැරසෙන රජයට එරෙහිව නැගි සිටින්නට තරම් අවිනීත, අශිෂ්ටයින් අභියස සාමාන්ය නීති ගරුක පුරවැසියෙකුට නැගී සිටින්නට හැකියාවක්‌ නැත. එවන් අයෙකුට ලැබෙන්නේ හිංසා පීඩාවන් හා නින්දා අපහාසයන් ය."

http://www.divaina.com/2017/01/01/feature07.html
 
Last edited:
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
බස් ගැනම නෙමේ මේක

පොඩ්ඩක් හිතල බලහං
ඒ එකම ඔය වීඩියෝ එකේ කමෙන්ට් දිස්ක්රිප්ෂන් කියවලත් බලපන්

ඉන්දියාව කොච්චර ඉස්සරහින් ඉන්නවද කියලා

දෙමටගොඩ,ඔරුගොඩවත්ත,කැලණිය ගන්න දෙයක් නැ කන්ටේනර් පාර හරස් කරන්


 

sika2

Well-known member
  • Nov 15, 2013
    3,719
    2,611
    113
    නිධානයක් උඩ


    උන්ට හොඳ කෝච්චි / බස් තිබ්බට වැඩක් නැහැනේ.. ලංකාවේ වගේ ටොයිලට් නැහැනේ... සිත නිවන කතා.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,138
    5,948
    113
    canada
    මොන්සුන් ගේ මොනෝ රේල්ලුව අවහම මේවා වෙනස් වේවි. පොර එක තනියම පදිනවද මන්ද
     

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    මිනිස්සුන් ගේ ආකල්ප හදන්නේ නැතුව මේ රටේ කිසිම දෙයක් හැදෙන්නේ නැහැ. බස් එකේ තියන කර්ටන් එකෙන් හොටු දාඩිය පිහින, කාපු චුයින් ගම් එක සීට් එකේ අලවන​, කාපු රටකජු පොතු ටික බිම හලන​, බීපු වතුර බෝතලේ බස් එකේ දාලා යන​ මිනිස්සු ඉන්න රටක් මේක​.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මිනිස්සුන් ගේ ආකල්ප හදන්නේ නැතුව මේ රටේ කිසිම දෙයක් හැදෙන්නේ නැහැ. බස් එකේ තියන කර්ටන් එකෙන් හොටු දාඩිය පිහින, කාපු චුයින් ගම් එක සීට් එකේ අලවන​, කාපු රටකජු පොතු ටික බිම හලන​, බීපු වතුර බෝතලේ බස් එකේ දාලා යන​ මිනිස්සු ඉන්න රටක් මේක​.

    ඔහොම කරන්න කියල උපදෙස් දීපු ත්‍රඩ් එකකුත් තිබ්බේ එළකිරියේ පරණ :lol::lol:
    කොන්ද ඉතුරු දුන්නේ නැ කියල බස් එකේ සීට් කපන්න ටිපෙක්ස් එකෙන් බලිකුරුටු අදින්න එහෙම කියල තිබ්බා එකේ
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මොන්සුන් ගේ මොනෝ රේල්ලුව අවහම මේවා වෙනස් වේවි. පොර එක තනියම පදිනවද මන්ද

    වික්කාමසිංහ ගැන හිත හිත මනෝ රේල් ගහනවා ඇති :lol:
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    මහින්ද අධිවේගයේ ධාවනයට ගෙනාපු බස් ඔක්කොම ඔය කියන ඉන්දියන් ප්‍රමිතියටත් වඩා උසස් ප්‍රමිතියක් තිබ්බ ඒව..:yes:

    අපේ උන්දල ඒව දැකල ඉරිසියාවෙන් පැලිල, ලoගමට ගෙනාපු බස් ඔක්කොම නාමල්ගෙ කියල මඩ ගහන්ඩ පටන් ගත්ත..අන්තිමට මහින්දගෙ ආණ්ඪුව මාරු වෙලා අවුරුදු 3ක් ගියත් තාම නාමල්ගෙ එකම එක බස් එකෙක්වත් හොයාගන්ඩ බැරි වෙලා..

    ගත යුතු ආදර්ශය නම් මනුස්සයෙක් මොකක් හරි කරද්දි ඉරිසියාවෙන් පැලිල ඒක විනාශ කරල ,පස්සෙ අනේ අපිට එහෙම නැනෙ කිය කියා දුක්වෙලා පලක් නැ කියන එකයි..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: erozan
    Nov 20, 2012
    1,467
    477
    0
    මහින්ද අධිවේගයේ ධාවනයට ගෙනාපු බස් ඔක්කොම ඔය කියන ඉන්දියන් ප්‍රමිතියටත් වඩා උසස් ප්‍රමිතියක් තිබ්බ ඒව..

    අපේ උන්දල ඒව දැකල ඉරිසියාවෙන් පැලිල, ලoගමට ගෙනාපු බස් ඔක්කොම නාමල්ගෙ කියල මඩ ගහන්ඩ පටන් ගත්ත..අන්තිමට මහින්දගෙ ආණ්ඪුව මාරු වෙලා අවුරුදු 3ක් ගියත් තාම නාමල්ගෙ එකම එක බස් එකෙක්වත් හොයාගන්ඩ බැරි වෙලා..

    ගත යුතු ආදර්ශය නම් මනුස්සයෙක් මොකක් හරි කරද්දි ඉරිසියාවෙන් පැලිල ඒක විනාශ කරල ,පස්සෙ අනේ අපිට එහෙම නැනෙ කිය කියා දුක්වෙලා පලක් නැ කියන එකයි..

    :yes::love::love::love::love::love::yes:
     
    • Like
    Reactions: erozan