අපේ යාළුවො ගැන

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අපි හැමෝම ආස කරන මේ අය ගැන interesting පොඩි පොඩි දේවල් මේ ත්‍රෙඩ් එකේ දාන්නම්. ඔයාලත් ඔයාලා දන්න දේවල් ශෙයාර් කරන්න. :cool:


    මුවන්ට රතු පාට සහ තැබිලි පාට පේන්නෙ නෑ. එයාලට පාට වර් ග දෙකයි පේන්නෙ.

    lQkR7U8.png


    එතකොට කැලේ කොටියෙක් ඉද්දි අපිට මේ වගේ පෙනුනට.

    PF3UMes.png



    මුවන්ට පේන්නෙ මෙහෙම. කොටියෙක් ඉන්නවද කියලා පෙන්නෙම නැති තරම්.


    WSUrFmT.png


    ඒත් ප්‍රශ්නෙදි Chital Deerට නම් උදව්වට තව කට්ටියක් ඉන්නවා. ඒ තමයි Langur Monkeysලා. එයලා හදුනන්නෙ "කැලයේ ඇස් කියලා". එයාලගෙ ඇස් අපේ ඇස් වගේ. එයාලට පාට වර් ග තුනක් පේනවා. ඒ කියන්නෙ තැබිලි පාටත් පේනවා.

    13YoQyb.png


    ඒක නිසා කොටියව මෙයලට හොදට පේනවා. ඒක නිසා කොටියා දැක්ක ගමන් මෙයාලා අනතුරු අගවනවා.

    fDiU1q5.png


    ඒක නිසා මුවන් ටික දුවලා බෙරෙනවා. ඒ කොහොම වුනත් මැමල්ස්ලාට කොළ පාට (පෙනුමට) ගන්න බෑ. ඒක නිසා එයාලට තියෙන ඊලග හොදම විසදුම තැබිලි පාට පෙනුමක් අරගෙන එයාලගෙ ප්‍රධාන ගොදුරට කොළ පාටට පේන්න ඉන්න එක.

    nxGcm4E.png


    Sambar Deersලා Chital Deerලා වගේ වදුරොත් එක්ක සම්බන්ධ කම් තියා ගන්නෙ නෑ. එයාලා තනියමයි ඉන්නෙ. එයාලටත් පාට වර් ග දෙකයි පේන්නෙ. හැබැයි එයාලට සැටලයිට්ස් වගේ හොද කන් දෙකක් තියෙනවා.

    iFJ43Dg.png


    කොච්චර හොද වැඩ්ඩෙක් වුනත්. Bengal Tigerගෙ ඇටෑක්ස්වලින් 10%ක් වත් සාර් ථක වෙන්නෙ නෑ.

    rKifwt2.png


    සමහර සත්තු එයාලව තව කෙනෙක්ගෙ ගොදුරක් වෙන එකෙන් වැලකෙන්න, එයාලා ඉන්න පරිසරයටම හුරු පාටක් ගන්නවා. ඒත් එතකොට ඒ පරිසරය වෙනස් වෙද්දි (උද: හිම වැටෙන කාලයට) එයාලා මොකද කරන්නෙ? එතකොට ඒ අනුවත් වෙනස් වෙන්න සමහර අයට පුලුවන්. මේ ඒ වගේ කීපදෙනෙක්.


    Ptarmigan

    lgp7qva.jpg


    1GgSvtW.jpg


    Arctic Fox

    piIoEhX.png


    GMyBr4r.png


    Snowshoe Hare

    yFOJaKm.png


    Dwn6BRI.png



    අනිත් අයගෙ ගොදුරක් වෙන සතුන්ට එයාලා ජීවත් වෙන පරිසරයත් එක්ක මුහු වෙන මේ වගේ පාට තියෙද්දි.

    hVmyS8a.png


    සීබ්‍රාට මේ විදිහට ගොඩක් හයිලයිට් වෙන විදිහට සුදු සහ කළු පාට ආවෙ ඇයි කියලා, naturalists අවුරුදු සිය ගානක් තිස්සෙ තර් ක කලා. ඒත් මේ ලගදි කරපු අලුත් reseach එකකින් පුදුම දෙයක් කියවෙනවා.

    rjNpvF6.png


    කළු සහ සුදු කියන්නෙ ගොඩක් කන්ට්‍රාස්ට් වෙන පාට දෙකක්. සීබ්‍රාගෙ තියෙන්නෙ කළු සහ සුදු ලොකු ඉරි. ඉතින් මෙයාලා move වෙන කොට ඒ දිහා බලන් ඉන්න එයාලව දඩයම් කරන්න එන එය confuse වෙනවා. එතකොට සීබ්‍රාලා ගොඩක් ඉන්න තැනකදි හරියටම එක්කෙනෙක්ව ටාගට් කරගන්න බැරි වෙනවා. ඉතින් තත්පර කීපයක මේ වගේ confusion එකකදි සිංහයෙක්ට, හයිනෙක්ට හෝ චීටෙක්ට තමන්ගෙ ගොදුර මග ඇරෙනවා!

    svOUrHP.png



    තව දේවල් පසුවට! :love:


    මූලාශ්‍ර: Life in Color with David Attenborough
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    686
    2,001
    93
    33
    කළු සහ සුදු කියන්නෙ ගොඩක් කන්ට්‍රාස්ට් වෙන පාට දෙකක්. සීබ්‍රාගෙ තියෙන්නෙ කළු සහ සුදු ලොකු ඉරි. ඉතින් මෙයාලා move වෙන කොට ඒ දිහා බලන් ඉන්න එයාලව දඩයම් කරන්න එන එය confuse වෙනවා. එතකොට සීබ්‍රාලා ගොඩක් ඉන්න තැනකදි හරියටම එක්කෙනෙක්ව ටාගට් කරගන්න බැරි වෙනවා. ඉතින් තත්පර කීපයක මේ වගේ confusion එකකදි සිංහයෙක්ට, හයිනෙක්ට හෝ චීටෙක්ට තමන්ගෙ ගොදුර මග ඇරෙනවා!

    svOUrHP.png


    Dazzle Camouflage
    පලවෙනි ලෝක යුද්දේදි මිත්‍ර පාර්ශවයේ නැව්, ජර්මන් සබ්මැරින් ප්‍රහාර වලින් බේරෙන්න පාට කරලා තිබ්බ හැටි.

    USS_West_Mahomet_(ID-3681)_cropped.jpg


    740px-Dazzle_Camouflage_Effect.svg.png
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Dazzle Camouflage
    පලවෙනි ලෝක යුද්දේදි මිත්‍ර පාර්ශවයේ නැව්, ජර්මන් සබ්මැරින් ප්‍රහාර වලින් බේරෙන්න පාට කරලා තිබ්බ හැටි.

    View attachment 205492

    View attachment 205488

    දැන ගත්ත එකක් ගොඩක් වටිනවා. :love:

    සීබ්‍රාගෙ මේ කලු සහ සුදු ඉරි නිසා එයාලට තවත් ලොකු වාසියක් තියෙනවා. ඒ තමයි මෑස්සො වහන ගොඩක් අඩු එක. ඒකට හේතුව කලු සහ සුදු ඉරි නිසා මැස්සන්ට සීබ්‍රාලගෙ ඇගේ වහන්න ඕන කරන හරි දුර තීරනය කරන්න බැරි එක. :rolleyes: