අපේ රට හෙට එකම එක සුරපුරයක්

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    අපේ රට හෙට එකම එක සුරපුරයක්

    images

    කවුරු මොනවා කිවුවත් අද රටේ ලොකූ සංවර්ධනයක් වෙනවා
    සමහරු කිවුවට ණය කොච්චර ගත්තත් කන්න නෑ කියලා
    ඇත්තටම ණය අරන් කන්න දෙනවා නම් ඒක ඇත්තටම බුද්ධිමත් වැඩක් නෙමෙයි

    හැබැයි මේ වෙන සංවර්ධනය ඇත්තටම රටට අවශ්‍යය සංවර්ධනය ද?
    අන්න එතනයි ගැටලුව තියෙන්නෙ. වසරකට රුපියල් ලක්ෂයක් පොලී ගෙවන්න රුපියල් මිලියනයක් ණයට අරන්
    අපි සංවර්ධන කටයුත්තක් කරනවා කියලා හිතමු. නමුත් ඒකෙන් නැවත ලැබෙන ආදායම වසරකට ලක්ෂයක් නැත්තන් හෝ
    ඒ ලක්ෂයක පොලියට ප්‍රමාණවත් ප්‍රතිලාභයක් නොලැබෙනව නම් ඒ සංවර්ධනයෙන් ඇති වැඩක් නැහැ. අපේ රටේ සම්පත් පවා
    පිටතට ගලාගෙන යන එකයි ඒකෙන් වෙන්නෙ. උදාහරණ කියනව නම් හම්බන්තොට වරාය මත්තල මිහින් එයාර් වගේ දේවල්
    ඇත්තටම ගත්තු ණයට ගෙවන පොලියට සාපේක්ෂව ලැබෙන ප්‍රතිලාභ බොහොම අඩුයි.

    මාර්ග සංවර්ධනයේ නම් එක පාර ප්‍රතිඵල නොලැබුණත් ඒක දිගුකාලීනව ප්‍රතිලාභ සපයන නිසා මාර්ග සංවර්ධනයට
    ලබාගන්නා ණය ගැටලුවක් වෙන්නෙ නැහැ. ඔයාලා මොකද හිතන්නෙ ඇත්තටම මේ වෙන සංවර්ධනය විය යුතු තමයි
    හැබැයි මේ වෙන විදිහ හරිද?​
     
    Last edited:
    • Like
    Reactions: Rashitha prithiraj

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    images

    ශ‍්‍රී ලංකාව පසුගිය නොවැම්බරයේදී චීනයේ සැටලයිට් කොමියුනිකේෂන්ස් සමාගම සමග සුප‍්‍රීම් සැට් එක්ව දියත් කළ ‘සුප‍්‍රීම් සැට් 1′ චන්ද්‍රිකාවේ දෙවැනි අදියර ලෙස සුප‍්‍රීම් සැට් 2 චන්ද්‍රිකාව කක්ෂගත කිරීම සඳහා චීනයේ ගේ‍්‍රට් වෝල් කර්මාන්ත සංස්ථාව සමග නිල ගිවිසුම් අත්සන් කළේය.

    සුප‍්‍රීම් සැට් 2 චන්ද්‍රිකාවේ පූර්ණ අයිතිය ශ‍්‍රී ලංකාවේ සුප‍්‍රීම් සමූහය සතු බව එම සමාගම පවසයි.

    ඇමෙරිකානු ඩොලර් මිලියන 215 ක (රු. මිලියන 27,520) කොන්තාත්තු ගිවිසුම අත්සන් තැබීමට ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ චීන ජනාධිපතිවරයා සාක්ෂිකරුවන් ලෙස පෙනී සිටියහ.

    නිල ගිවිසුම අත්සන් තැබීම පෙරේදා සිදු කෙරිණි. අදාළ ගිවිසුමට අනුව සුප‍්‍රීම් සැට් 2 චන්ද්‍රිකාව්වි මෝස්තර නිර්මාණය, නිෂ්පාදනය සහ දියත් කිරීම යන අංශවල වගකීම චීනයේ ගේ‍්‍රට්වෝල් කර්මාන්ත සංස්ථාව සතුය.
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,934
    2,065
    113
    වීඩියෝ song එහකුත් ඕනා !! ෂං ෂිං බිං කියලා
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Monawa karannada ban, api hamadaama karanne theyana patta hoda nati wenakota anith patta balayata gena eka. Rata ta oone jaathika prathipattiyak,ehema nathuwa eka ekenage chinthana theerana walata wada karanna gehin duk widinne rate minissu.....

    Maath mahindata chande dunne machan minihata kondak athi kiala hethan,
    Dan minihath rookadayak welaa wage...
     
    gadola777

    Member
    Feb 26, 2013
    519
    18
    0
    kottawa

    kathawa atta machan
     
    • Like
    Reactions: tnnera

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    Monawa karannada ban, api hamadaama karanne theyana patta hoda nati wenakota anith patta balayata gena eka. Rata ta oone jaathika prathipattiyak,ehema nathuwa eka ekenage chinthana theerana walata wada karanna gehin duk widinne rate minissu.....

    Maath mahindata chande dunne machan minihata kondak athi kiala hethan,
    Dan minihath rookadayak welaa wage...

    මටත් හිතාගන්න බැරි මෙච්චර බලගතු විධායක බලය අතේ තියාගෙන ඇයි කාගෙවත් රූකඩයක්
    වෙන්නෙ කියලා. මහින්දගෙන් පහලට අන්තිම රජයේ සේවකයා වෙනකන්ම කරන්නෙ අවස්ථාවක් ආපු ගමන්
    ගසාකන එක. ඇත්ත මිනිස්සු ජීවත් වෙන්නෙ අමාරුවෙන් තමයි. හැබැයි මේ රට මෙච්චර අගාධයකට වැටිලා
    තියෙන්නෙ ඔය ගසාකෑම නිසාමයි.

    ‍ඊයෙ දැක්කනෙ විනිසුරුවෙකුත් පගාව අරන් අහු උනා.
     
    Jude1991

    Active member
  • May 23, 2008
    508
    138
    43
    ලංකාවේ
    ණය අරන් කන්න දෙනවා නම් ඒක ඇත්තටම බුද්ධිමත් වැඩක් නෙමෙයි තමයි. ඒ උනාට ණය ටික දේසපාලුවෝ විසින් කන එකනෙ වැඩේ දැන්.
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ණය අරන් කන්න දෙනවා නම් ඒක ඇත්තටම බුද්ධිමත් වැඩක් නෙමෙයි තමයි. ඒ උනාට ණය ටික දේසපාලුවෝ විසින් කන එකනෙ වැඩේ දැන්.

    අනිවාර්යෙන් අන්න එකම තමා ලොකුම හානිය
    ඔය වැඩක් නැති ව්‍යාපෘති උනත් හරි හරියට කරන්නෙ තමන්ගෙ සාක්කුව ගැන හිතලනෙ
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    ගසාකෑම නෙ ගොඩක්ම වෙන්නෙ... ජනාධිපති ලග ඉන්න එකා ඉදන් බදාම අනන බාස්ලට පඩි දෙන මිනිහ දක්වා තියෙන්නෙ ගසාකෑම. ඉතින් කොච්චර ගත්තත් මුන්ට ඇති වෙන්නෙ නෑ. දැන් ඔය සැටලයිට් යවල IDD ගාස්තු වත් අඩු උනාද? Broadband ගාස්තු වත් අඩු උනාද? (ආස්චර්යමත් රාජපකිස්තානයේ හුදී ජනයා වන අප නම් මුව අයා බලා සිටියේ එවැන්නක් වෙනුවෙනුයි)
    සිංගප්පූරුවෙ උන්ට පොලව ඉඩ මදි වෙලා පස් ගෙනත් ගොඩ කරල රට හදනව. මෙහෙ යක්කු තියෙන ටිකත් මූදෙ ගිල්ලනව :rofl:
    යුද්දෙ ඉවර කරපු එක වවාගෙන කනව, බදු බර වැඩි කරල අපිට කෙලවන කොට ඒක අමතක වෙන්න හලාල් සෙට් එකක් බස්සනව... කවද බලපු නාටක ද?
    :no:
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    නිකං හිතපල්ල හෙට ලොක්කට හිතුනොත් උඹේ ඉඩමක් එයාට ඕනෙ කියල, ඒක එයා ගන්නව. (ඇයි අවුල්ද?:angry: මතක තියාගන්න අග විනිසුරු වරියක් අකුලන් ගිය රටක් මේ)
    ඉතිං උඹල ගිහින් නඩුකාර හාමුදුරුවො ඉස්සරහ කලිසම ගලවං උඩ පැන්නත් වැඩක් වෙන්නෙ නෑනෙ!
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    නිකං හිතපල්ල හෙට ලොක්කට හිතුනොත් උඹේ ඉඩමක් එයාට ඕනෙ කියල, ඒක එයා ගන්නව. (ඇයි අවුල්ද?:angry: මතක තියාගන්න අග විනිසුරු වරියක් අකුලන් ගිය රටක් මේ)
    ඉතිං උඹල ගිහින් නඩුකාර හාමුදුරුවො ඉස්සරහ කලිසම ගලවං උඩ පැන්නත් වැඩක් වෙන්නෙ නෑනෙ!

    දැන් පවරාගන්න ඉඩම් කිසිවකට වන්දි දෙන්නෙ නැහැ
    වන්දි දෙන්න කොහෙද සල්ලි තියෙන්නෙ ඔක්කොම ගසාකාලානෙ

    මෙතනට හරි මිනිහෙක් ආවොත් ඔය සල්ලි අදින එක ගේමක් නෑ
    දැන් තියෙන මුදල් සියල්ල අවලංගු කරලා. තියෙන සල්ලි මාරු කරන්න මාසයක් දුන්නා නම් කට්ටියගෙ සල්ලි නිකන්ම එළියට එනවා.
    නව මුදල් නෝට්ටු ගහලා වත් පරන ඒවා අවලංගු කරන්න තිබුණා. ඇයි එහෙම නොකලේ? එහෙම දෙයක් කරන්න කාටවත් කොන්දක් නැහැ.
    අන්න එතකොට ‍ගේන සල්ලි ගැන එක එකාගේ වත්කම් ගැන වත්කමට සරිලන බදු ගෙවලද කියලත් හොයාගන්න පුලුවන්.
     
    Last edited:

    nalakas987

    Active member
  • Oct 13, 2007
    762
    31
    28
    ණය අරන් කන්න දෙනවා නම් ඒක ඇත්තටම බුද්ධිමත් වැඩක් නෙමෙයි තමයි. ඒ උනාට ණය ටික දේසපාලුවෝ විසින් කන එකනෙ වැඩේ දැන්
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    දැන් පවරාගන්න ඉඩම් කිසිවකට වන්දි දෙන්නෙ නැහැ
    වන්දි දෙන්න කොහෙද සල්ලි තියෙන්නෙ ඔක්කොම ගසාකාලානෙ

    මෙතනට හරි මිනිහෙක් ආවොත් ඔය සල්ලි අදින එක ගේමක් නෑ
    දැන් තියෙන මුදල් සියල්ල අවලංගු කරලා. තියෙන සල්ලි මාරු කරන්න මාසයක් දුන්නා නම් කට්ටියගෙ සල්ලි නිකන්ම එළියට එනවා.
    නව මුදල් නෝට්ටු ගහලා වත් පරන ඒවා අවලංගු කරන්න තිබුණා. ඇයි එහෙම නොකලේ? එහෙම දෙයක් කරන්න කාටවත් කොන්දක් නැහැ.
    අන්න එතකොට ‍ගේන සල්ලි ගැන එක එකාගේ වත්කම් ගැන වත්කමට සරිලන බදු ගෙවලද කියලත් හොයාගන්න පුලුවන්.

    අර ලොක්කගෙ මූණත්තහඩුව ගහල නම් නෝට්ටු ගැහුවා නේ
     
    gadola777

    Member
    Feb 26, 2013
    519
    18
    0
    kottawa
    Monawa karannada ban, api hamadaama karanne theyana patta hoda nati wenakota anith patta balayata gena eka. Rata ta oone jaathika prathipattiyak,ehema nathuwa eka ekenage chinthana theerana walata wada karanna gehin duk widinne rate minissu.....

    Maath mahindata chande dunne machan minihata kondak athi kiala hethan,
    Dan minihath rookadayak welaa wage...
    thankz ayya
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva

    අර ලොක්කගෙ මූණත්තහඩුව ගහල නම් නෝට්ටු ගැහුවා නේ

    එහෙම සල්ලි ගැහුවම වෙන්නෙ නිකන් උද්ධමනය වැඩි වෙන එක විතරයි
    අන්තිමට ඒ නෝට්ටු දාගන්නෙ ලොකු ලොකු මිනිස්සු
    පොඩි මිනිහ ගන්න සබන් කෑල්ලෙ ඉඳන් මිල වැඩි වෙනවා

    ඔය කලු සල්ලි හොයන්න නම් දැන් තියෙන මුදල් අවලංගු කරලා
    අලුත් නෝට්ටු ගහලා ඒවා මාරු කරන්න මාසයක් වගේ දුන්නා නම් හරි.
    එක්කෝ ඒවා එලියට ගන්න වෙනවා. නැත්තන් මුදල් අවලංගු වෙනවා.
    ඒකෙන් අනිවාර්යෙන් උද්ධමන වේගය අඩු වෙනවාමයි.