අප විසින් අමතක කර දැමූ විශිෂ්ටතම පරාජිතය&#3535

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    අප විසින් අමතක කර දැමූ විශිෂ්ටතම පරාජිතය&#3535

    මං මේක දැක්කෙ ෆේස් බුකියේ. සන්තෝෂයක් වගෙම දුකකුත් දැනුන. ඇත්තටම මේක කියවගෙන යද්දී දන්නෙම නැතුව ඇස් වලට කඳුළු ආව. අපි අපේ මිනිස්සුන්ව අමතක කරල , අපේ මතකයෙන් ඈත් කරද්දී ඔවුන්ගෙ වටිනාකම දන්න මිනිස්සු ඔවුන්ව ලං කරගන්නව. මට මතකයක් තියෙනව මේ ගැන ත්‍රෙඩ් එකක් එලකිරියෙ ගියා වගේ. කමක් නෑ. මං ආයෙත් දානවා. වැඩි වෙන එකක් නෑ.



    391204_396838800379157_347695086_n.jpg



    සුසන්තිකා, දමයන්ති දර්ශා, මේරියන් ජෝන්ස්, මයිකල් ජෝර්ඩ්න් මෙම නම් පෙළ ඔබ අසා ඇතුවාට සැකයක් නැත. නමුත් ඔබ R. කරුණානන්ද යන නම අසා තිබේ ද? 1964 ඔලිම්පික් උළලේ පිරිමි මීටර 10,000 දිවීමේ ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩකයා R. කරුණානන්ද විය.

    තරඟය ආරම්භ විය. වටයෙන් වටය ඉදිරියට ඇදෙන තරඟකරුවන් අතර Billy Mills නම් ඇමරිකානු ක්‍රීඩකයා ප්‍රථම ස්ථානය හිමි කරගන්න ලදි. ප්‍රථම දෙවන තෙවන ස්ථාන පිළිවෙලින් තීරණය වෙද්දී අනෙකුත් ක්‍රීඩකයින් එකිනෙකා තරඟයෙන් ඉවත් වන්නට විය. කරුණානන්දට වඩා වට 4ක් ඉදිරියෙන් Billy Mills තරඟය නිම කර අවසානය. ඒත් කරුණානන්දට තරඟය තවම අවසන් නැත. අන් සියලුම ක්‍රීඩකයින් ධාවන පථයෙන් ඉවත්ව ඇත. නමුත් ඔහු තවමත් දිවයයි. ඔහු තනිව දිවයන ප්‍රථම වටය පුරාවටම ප්‍රේක්‍ෂකයින් උසුළු විසුලු හඬින් කෑ ගසන්නට විය. ඒත් කරුණානන්ද නොනැවතී තරඟයේ යෙදෙයි. දැන් ප්‍රේක්‍ෂකයින් සියල්ලෝම මේ සිදුවන්නේ කුමක්දැයි සිතාගත නොහැකිව මීයට පිම්ඹාක් මෙන් නිහඬය. තවත් වට දෙකක් ඉතිරිව ඇත. ප්‍රේක්‍ෂකාගාරයෙන් අන් කිසිම තරඟකරුවෙකුට පල නොකෙරූ අයුරේ අත් පොළොසන් හඬත්, ප්‍රීතිඝෝෂා හඬත් ආරම්භ විය. තනිව දිවයන කරුණානන්දගේ අපිරිමිත ධෛර්‍යය සියල්ලෝම විශ්මයට පත්කර අවසානය. පුරා වට දෙකක් ඒකාකාරිව ඔහු වෙනුවෙන් සියල්ලෝම අත්පොළොසන් දෙමින් තම සුබපැතුම් එකතු කළෝය. මුලූ‍ ක‍්‍රීඩංගනයම එකම හඩකින් ගිගුම් දුන්නේය. ඒ "කමෝන් සිලෝන්... කමෝන් සිලෝන්..." ලෙසය. තනිවම වට හතරක් ධාවනයේ යෙදී තරගය නිමා කල ඔහු වෙනුවෙන් නරඹන්නන්ගේ දෙනෙත් කදුළින් තෙත් විය.

    තරඟය අවසානයේ Billy Mills සමඟ කරන ලද සාකච්ඡාවකදී ඔහු පවසා ඇත්තේ "ප්‍රථම ස්ථානය හිමි විය යුත්තේ මට නොව, කරුණානන්දට" ලෙසටයි. දින කිහිපයක් පුරාවටම කරුණානන්ද වෙනුවෙන් ජපන් වැසියෝ තෑගි බෝග පිළිගන්වමින් ඔහුට තම උත්තමාචාරය පුද කර ඇති අතර රූපවාහිනියේ එම තරඟය නැරඹූ ජපන් කාන්තාවක් පවසා ඇත්තේ තරඟයේ අවසන් වට 2 ඇය නැරඹුවේ කඳුලු පිරි දෙනෙතින් බවයි. මිනිස් අධිෂ්‍ඨානයේ මහිමය පිළිබඳ පාසල් දරුවන්ට ඉගැන්වීම සදහා ඔහුගේ කතාව ජපානයේ පාසල් පෙල පොත් වලට ඇතුළත් විය. ඔහු ගැන අදටත් ජපානයේ දරුවන් පෙළපොතින් උගනිති.

    සියල්ල අවසානයේ තම රටට පැමිණි කරුණානන්ද මහතා හට ජපන් ආයතනයක් මඟින් රැකියාවක් සඳහා ඇරයුම් ලැබුණි. නමුත් ඔහු ඒ සඳහා රටින් පිටව යාමට දින කිහිපයකට පෙර මෙලොව හැරදමා ගොස් තිබුණි. යමෙකු ඔහු හදිසි අනතුරකින් මියගිය බව පවසති. තවත් අයෙකු ඔහු ඝාතනය කල බව කියති.

    කෙසේවුවත් රට වෙනුවෙන් තම උපරිමය ඉටු කළ මෙම අභිමානවත් ක්‍රීඩකයා අද ශ්‍රී ලාංකීය ජනමාධ්‍යය විසින් අමතක කර ඇත. මෙම තරඟය වෙනුවෙන් කරුණානන්ද මහතා දැරූ වීර්‍ය වෙනුවෙන් ඔහු සැබෑ වීරයකු ලෙස සැමගේ ගෞරවාදරයට පත් විය යුතු නොවේද?



    පහත වීඩියෝවේ දක්වා ඇත්තේ එම තරඟයයි





    උපුටා ගැනීම FaceBook.......... http://www.facebook.com/photo.php?f...770582195.58780.228131663916539&type=1&ref=nf
     
    Last edited:

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    patta mamath fb eke dakka eth meka thamay mama hariyata baluwe thanks macho ++

    thx bro +

    Apita thama me minissu age naththe..

    ඔලිම්පික් වල තරඟ වදින්න යන ක්‍රීඩකයෙක්ව, අදාළ පුහුණුකරුත් සමග යවන්න තරම් මොලයක් නැති පරිපාලකයො ඉන්න අපේ රටේ, මේ වගේ කාලෙකට කලින් මැරුණ මනුස්සයෙක් ගැන මතක තියෙයිද බන්..


    තැන්ක්ස් මචන්
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    machan u wathue gilila merune......eeka case ekaklu...
    siddiya aaye aayeth ehuwata wedi wenne nehe ..
    thx.....rep 7+

    මැරුණේ කොහොමද කියල හරි විස්තරයක් මං දැනගත්තෙත් අද බන්.. තැන්ක්ස් මචන්.. +

    බන්ටු;13185481 said:
    මේක බලනකොට මෙතුමා ගැන ලොකු ආඩම්බරයක් දැනුන, මෙන්න අපේ උත්තමාචාරය !!
    TFS මචන් :D!

    අනිවා මචන්..+ :yes:
    11.gif
     
    Last edited: