අබිරහස්_කාමරය

signshop

Well-known member
  • May 30, 2011
    12,173
    8,878
    113
    Dubai
    විදුහල්පතිවරයාගේ අබිරහස් කාමරය :angry:

    pina.jpg



    විදුහල්පතිවරයාගේ අමානුෂික බැණ වැදීම් හමුවේ මානසික කෲරත්වයට පත්ව සිය දිවි හානි කරගත් බව පැවසෙන කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහ‍ලේ ශිෂ්‍යාවක වූ වෙනූෂා ඉමන්දිගේ මරණය සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවල අවසානයක් තවමත් දක්නට නැත.
    ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනී අනෝමා දිසානායකගේ උපදෙසින් එහි ‍පොලිස් ඒකකයේ ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක බන්දුජීව බෝපිටිගොඩ ඇතුළු නිලධාරීන් පසුගිය දින කිහිපයේම රැඳී සිටියේ සර් ජෝන් කොතලාවල විදුහල තුළමය. ඒ වෙනූෂාගේ සියදිවි හානිකර ගැනීමට තුඩුදුන් තවත් බොහෝ කාරණා එක්රැස් කරමිනි. ඒ අතර විදුහල්පතිවරයා සම්බන්ධයෙන් තවත් කරුණු රැස් කර ගැනීමටද එම නිලධාරීන් සමත්ව සිටියේය.
    විදුහල්පතිවරයාගේ කාර්යාල කාමරය තුළ පවත්වාගෙන යන ‘අබිරහස් කාමරයක්’ ගැන ජාතික ළමා ආරක්ෂක අධිකාරියට තොරතුරු දැනගන්නට ලැබෙන්නේ එහිදීය. මෙරට කිසිදු පාසලක විදුහල්පති කාර්යාලයක අබිරහස් කාමර නැත. ඇත්තේ වැසිකිළියක් හෝ නාන කාමරයක් පමණි. නමුත් මෙම කාමරය කොට්ට මෙට්ට දැමූ ඇඳක්ද සහිත කාමරයකි. එම කාමරය අබිරහස් කාමරයක් ලෙස හැඳින්වෙන්නට තවත් හේතුවක් වන්නේ කාමරය තුළ ඇතිවන සද්ද බද්ද පිටතට නොඇසෙන ලෙසත්, සිදුවන දේවල් පිටතට නොපෙනෙන ලෙසත් ජනෙල් සහ වාකවුළු සියල්ලක්ම වසා මුද්‍රා තබා තිබිම හේතුවෙනි. විදුලි පංකාවක්ද සහිත එම කාමරයට ඇතුළු වීමට ඇත්තේ විදුහල්පතිවරයා අසුන්ගෙන සිටින පුටුවට වම් පැත්තෙනි. එහෙත් කාර්යාල කාමරයේ බිත්ති වටා තිර රෙද්දකින්ද ආවරණය කර ඇති බැවින් කාමරයට ඇතුළුවන දොර ඇත්තේ ඊට වැසීය. ඒ නිසා එම කාමරය ගැන විදුහ‍ලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා වන වත්මන් වැඩබලන විදුහල්පතිවරයාද දැන සිට නැති බව පැවසේ. පුදුමය එළවනසුලු කරුණක් වන්නේ නියෝජ්‍ය විදුහල්පති ඒ ගැන නොදැන සිටියද පාස‍ලේ ඇතැම් ශිෂ්‍යයන් එම අබිරහස් කළුවර කාමරය ගැන දැන සිටීමය. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන්ද ඒ ගැන දැනගන්නේ සිසුන්ගෙන්මය. විදුහල්පතිවරයා එම කළුවර කාමරයට සිසුන් දමා දඬුවම් කරන බවත්, පැය ගණනක්ම එම කාමරයේ රඳවාගෙන සිටින බවත් සිසුන්ගෙන් ප්‍රකාශ වී තිබිණි.
    ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් එම කාමරය පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබි සුවඳ විලවුන් කුප්පි කිහිපයක්ද හමුවී ඇත. එකී කාමරය විදුහල්පතිවරයා විසින් යොදා ගන්නා ලද්දේ සිසුන්ට දඬුවම් දෙන තැනක් ලෙස පමණක් නම් සුවඳ විලවුන් සහ කොට්ට, මෙට්ට සහිත ඇඳක් එහි තබාගත්තේ ඇයි දැයි යන්න ප්‍රහේළිකාවකි. ඊට විසඳුම් සොයා ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් වයඹ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මුණගැසී ඇතත් එවන් කාමරයක් ගැන ඔහුද දැන සිට නැත. සර් ජෝන් කොතලාවල විදුහ‍ලේ ඇති එම අබිරහස් කාමරය ගැන තොරතුරු දැනගත් ඔහු පුදුමයෙනුත් පුදුමයට පත්ව ඇත්තේ පාසලක විදුහල්පති කාර්යාලයක එවැන්නක් තිබිම අසාමාන්‍ය කාරණයක් බැවිනි.
    ඒ ගැන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගත් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් ඉන් නොනැවතී පාස‍ලේ ඇති ඉන්වෙන්ට්‍රිය පරීක්ෂා කොට ඇත්තේ එහිවත් එම අබිරහස් කාමරය ගැන හෝ ඇඳ ඇතිරිලි සම්බන්ධයෙන් හෝ සටහනක් තිබේදැයි දැන ගන්නටය. එහෙත් එහි එවැනි සටහනක් සොයා ගන්නට නොහැකිවී ඇත්තේ එම කාමරය ගැන තවදුරටත් ගැටලු ඇතිකරමිනි. ඒ තත්ත්වය මත එම කාමරය යම් ‘නීත්‍යානුකූල නොවන’ අප්‍රකට කටයුත්තක් සඳහා යොදා ගත්තේදැයි ළමා ආරක්ෂක අධිකාරියට ගැටලුවක් ඇතිව තිබේ. එම කාමරය සහ වෙනූෂාගේ මරණය අතර යම් සම්බන්ධයක් තිබේදැයි කියාද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සොයා බලමින් සිටින බව දැනගන්නට තිබේ. ඒ සම්බන්ධයෙන් පාස‍ලේ සිසු සිසුවියන්ගෙන් තොරතුරු රැස් කිරීම් මේ දිනවල සිදුවන බව ආරංචි මාර්ග අනාවරණය කළේය. ඒ අතර පාස‍ලේ මනෝ උපදේශක ගුරුවරියගෙන්ද වෙනූෂා සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්නට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් පියවර ගෙන ඇත. ඒ වෙනූෂා මානසික ආතතියකින් පෙළුණු බව මනෝ උපදේශක ගුරුවරිය සඳහන් කර තිබිම හේතුවෙනි. ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් ඇගෙන් ඒ ගැන කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඇය සඳහන් කර ඇත්තේ වෙනූෂා බරපතළ ලෙස විශාදය නැමැති මානසික තත්ත්වයෙන් පෙළුණු තැනැත්තියක් බවය. ඇය ඒ සම්බන්ධයෙන් ජනවාරි 29 වෙනිදා තැබූ සටහනක්ද ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන්ට පෙන්වා ඇත. එහෙත් ඒ සටහන පෙබරවාරි 05 වෙනිදා වෙනූෂාගේ මරණින් පසු තැබූ සටහනක් විය හැකි බවට ජාතික ළමා ආරක්ෂක අධිකාරියට සැකයක් ඇති බවද සඳහන් වේ.
    ඒ අතර ළමා ආරක්ෂක අධිකාරියට ඇය පවසා ඇත්තේ වෙනූෂාගේ දෙමාපියන්ව ඒ ගැන දැනුවත් කර, මනෝ වෛද්‍යවරියක වෙත ඇයව යොමු කරන ලෙසද උපදෙස් දුන් බවය. ඒ වෙනූෂා අත දෙමාපියන්ට ලිපියක් යවමිනි.
    මනෝ උපදේශකවරිය මෙහිදී යම් බොරුවක් කරනවාද යන සැකයක්ද ඇතිව තිබෙන්නේ එම ලිපිය වෙනූෂා අතම යැවූ බව සඳහන් කිරීම නිසාය. එම විද්‍යාලයේ වෙනත් සිසු සිසුවියන් සම්බන්ධයෙන් ඇතිවන සුළු මානසික ගැටලුවලදී පවා දෙමාපියන්ට දුරකථන ඇමතුම් පවා දෙමින් පාසලට කැඳවා, කළ යුතු දෑ ගැන උපදෙස් දී ඇති ඇය බරපතළ විශාද තත්ත්වයකින් සිටි බව පවසන වෙනූෂා සම්බන්ධයෙන් දෙමාපියන්ට මේ ආකාරයෙන්, වෙනූෂා අතම ලිපියක් යැව්වා යැයි කීම විශ්වාස කිරීම තරමක් අපහසු වී ඇති බැවිනි. එවන් ලිපියක් වෙනූෂාගේ දෙමාපියන්ට ලැබි නොතිබිමද ඊළඟ ගැටලුවය.
    එය එසේ වුවත් මනෝ උපදේශකවරිය සඳහන් කරනුයේ වෙනූෂාගේ මානසික තත්ත්වය ගැන තමා විදුහල්පතිවරයාවද දැනුවත් කළ බවය. දැඩි විශාද තත්ත්වයකින් සිටි වෙනූෂාට අනවශ්‍ය ලෙස බැණ වැදීමක් කළ විට සියදිවි හානිකර ගැනීමකට පවා ඇය පෙළඹීමට හැකි බව මනෝ උපදේශකවරියගේ මතය වී ඇත. වෙනූෂා සම්බන්ධයෙන් ඇය තම සටහන්වලද එවැන්නක් ලියා තිබේ. ඒ පවතින තත්ත්වය හමුවේ වෙනූෂා සියදිවි හානිකර ගැනීමේ අවදානමක් ඇති බවය.
    ඇයගේ එම සටහන් නිවැරදි නම් සහ විදුහල්පතිවරයා වෙනූෂාට ඉතා පහත් අන්දමින් බැණ වැදුණානම් ඔහු එසේ කර ඇත්තේ එම දැරිය සිටි මානසික තත්ත්වය දැන දැනම විය යුතුය යන්නද ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන්ගේ අදහස වී තිබේ. එසේම මනෝ උපදේශක ගුරුවරියගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන්ද ගැටලු මතුවී තිබේ. වෙනූෂා සියදිවි හානිකර ගන්නා මට්ටමේ විශාද තත්ත්වයකින් පෙළෙන බව දැන දැනත් කඩිනමින් ඇයව මනෝ වෛද්‍යවරයෙකු වෙත, විධිමත් ආකාරයෙන් යොමු කිරීමට කටයුතු කර නැති බවක් පෙනී යන නිසාය. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ මනෝ උපදේශිකාවද ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අත්අඩංගුවට පත් වන්නට බොහෝ විට ඉඩ ඇතැයි පැවසේ.
    සර් ජෝන් කොතලාවල විදුහල තුළ මෙතරම් දේවල් සිදුවී ඇතත්, එසේම වෙනූෂාගේ මරණයට විදුහල්පතිවරයා සෘජුවම වගකිව යුතු බවට සැකකරමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඔහුව අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇතත්, තවමත් ඔහුගේ වැඩ තහනමක් සිදුවී නැත. එය සිදුවන පාටක්ද නොමැත. පළාත් අධ්‍යාපන කාර්යාලයට වී සිටින ඔහු සූදානමින් සිටින්නේ දේශපාලන ආශිර්වාදය ඇතිව නැවතත් සර් ජෝන් කොතලාවල විදුහලට එන්නට බවටද චෝදනා එල්ල වෙමින් තිබේ.
    සර් ජෝන් කොතලාවල විදුහල්පතිවරයා සම්බන්ධයෙන් කටයුතු සිදුවන්නේ ඒ ආකාරයෙන් වුවත්, කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපයේ ගුරු උපදේශකයකු තම නිවසේ මෙහෙකාර සේවයට යොදාගත් බව කියන සිසුවියකගේ යටිපතුල් පිළිස්සීමක් සම්බන්ධයෙන් මේ වන විටත් සිටින්නේ වැඩ තහනමකට ලක්වය. සිසුවියගේ දෙපා පිළිස්සීම ඉකුත් ජනවාරි 31 වෙනිදා සිදුවූ බව පැවසුණත්, ගුරු උපදේශකගේ වැඩ තහනම් වන්නේ ඒ ගැන පළවූ මාධ්‍ය වාර්තා දැක ඇමැතිවරයෙකු සිසුවිය කොළඹට ගෙන්වා තුවාලවලට ප්‍රතිකාර කිරීමට පටන් ගැනීමත් සමගය. ඒ ඉකුත් 28 වෙනිදාය.
    ගුරු උපදේශකගේ වැඩ තහනම් වන්නේ පාසල තුළ සිදු වූ සිදුවීමක් සම්බන්ධයෙන්ද නොවේ. නමුත් වෙනූෂා සිසුවිය සියදිවි හානිකර ගෙන ඇති බව සැක කරන්නේ පාසල තුළ ඇතිවූ සිද්ධියක් මුල්කර ගෙනය. ඒ සම්බන්ධයෙන් විදුහල්පතිවරයාව අත්අඩංගුවටද ගත්තේය. අධිකරණයටත් ඉදිරිපත් කළේය. දැන් ඔහු සිටින්නේ ඇප මතය. නමුත් තවමත් ඔහුගේ වැඩ තහනමක් වී නැත්තේ දේශපාලන ආශිර්වාදය නිරන්තරයෙන් ඔහුට ඇති නිසා විය හැකි බවට ඇතැම් පාර්ශ්ව චෝදනා කරයි. මේ තත්ත්වය මත, ඔහුගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට කටඋත්තර, ප්‍රකාශ සහ තොරතුරු ලබාදී ඇති සිසු සිසුවියන් සහ ගුරුවරුන් සිටින්නේ මහත් අපහසුතාවට පත්වීය. ඒ නැවතත් විදුහල්පතිවරයා සර් ජෝන් කොතලාවල විදුහ‍ලේ විදුහල්පති ලෙස පැමිණියහොත් තමන්ගෙන් පළිගනු ඇතැයි කියාය. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විශ්වාස කරනුයේ ඔහුගේ වැඩ තහනම කෙසේ වෙතත් ඔහු වෙනුවට වෙනත් ස්ථිර විදුහල්පතිවරයකු පාසලට පත් කිරීමට බලධාරීන් කටයුතු කළහොත් විදුහල්පති කාර්යාලයේ ඇති කාමරයේ අබිරහස පමණක් නොව මතෛක් හෙළි නොවූ බොහෝ තොරතුරුද පාස‍ලේ සිසුන්ගෙන්ම හෙළිදරව් වනු ඇති බවය.


    Source: lakbima
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Good post. TFS bro
    Mehema source ekak ekka me gena news ekak hariyata thibbe nathi nisa, wishwasa karanne mokakda kiyalawath hariyata idea ekak thibbe na. godak posts ehema dakiddi pinata mada gahanna gahanawada kiyalath hithenawa :P

    mona unath oya room eka gena nam loku jaltharayak athi thamai :yes:

    oya pinawa kapala daana eka kaatathh honda deyak :yes:
    matath muladi hituna oya manasika ledak gaga teachers la gahanne banak da kiyala
     
    Last edited:
    May 19, 2013
    1,864
    81
    0
    රැස්වීමක ළමයි ඉස්සරහා වේසි කියලා කියපු එක ලියුමේ ලියලා තියෙද්දිත්, අවවාදයක් ඉවසා ගන්න බැරිව නිසා සිය දිවි නසා ගෙන කියලා ටීවී චැනල් වල ගියේ. අඩු ගානේ පාසල් ශිෂ්‍යයෙක්ගේ මරණෙකදි වත්, කාගේවත් පැත්තක් ගන්නේ නැතිව ස්වාධීන මාධයක් විදියට වාර්තා කරන්නේ නෑනේ දැන් ඉන්න මාධ්‍ය කාරයෝ
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    රජ්ජුරුවෝ;16374698 said:
    රැස්වීමක ළමයි ඉස්සරහා වේසි කියලා කියපු එක ලියුමේ ලියලා තියෙද්දිත්, අවවාදයක් ඉවසා ගන්න බැරිව නිසා සිය දිවි නසා ගෙන කියලා ටීවී චැනල් වල ගියේ. අඩු ගානේ පාසල් ශිෂ්‍යයෙක්ගේ මරණෙකදි වත්, කාගේවත් පැත්තක් ගන්නේ නැතිව ස්වාධීන මාධයක් විදියට වාර්තා කරන්නේ නෑනේ දැන් ඉන්න මාධ්‍ය කාරයෝ
    ekanam aththa. melo rahak na :angry:
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    mun wage harak patawu marilama yanna ona...nathnam kollo tikath narak wenawa loku wela wesa kame yanakota..............
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    එසේම මනෝ උපදේශක ගුරුවරියගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන්ද ගැටලු මතුවී තිබේ. වෙනූෂා සියදිවි හානිකර ගන්නා මට්ටමේ විශාද තත්ත්වයකින් පෙළෙන බව දැන දැනත් කඩිනමින් ඇයව මනෝ වෛද්‍යවරයෙකු වෙත, විධිමත් ආකාරයෙන් යොමු කිරීමට කටයුතු කර නැති බවක් පෙනී යන නිසාය. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ මනෝ උපදේශිකාවද ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අත්අඩංගුවට පත් වන්නට බොහෝ විට ඉඩ ඇතැයි පැවසේ.

    Source: lakbima

    රජයේ නිළධාරීන්ගේ රාජකාරිය සම්බන්ධයෙන් සිදුවන අතපසුවීම් වලදී අපරාධ නීතිය යටතේ අත්ඩංගුවට ගැනීම්/නඩු දැමීම්/දඩුවම් කිරීම් සාමාන්‍යයෙන් සිදුවෙන්නේ නෑ. මෙය නිළ නොවන රීතියක්.

    මේ සීමාව ඉක්මවා රජය කටයුතු කළොත් අනිවාර්යයෙන්ම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සිදු විය හැකියි. රජයේ සේවකයන් වැඩ කරන්නේ ඔවුන්ට ගෙවන තුට්ටු දෙකේ වැටුප් හා තුට්ටු දෙකේ පහසුකම් ඉවසාගෙන. ඔවුන්ට විරුද්ධව අපරාධ නීතිය ආයුධයක් කරගන්න කළින් හොයල බලන්න ඕන තමන්ගේ රාජකාරිය උපරිම විදිහට කරන්න අවශ්‍ය නීතිමය ආවරණ, බලතල හා පහසුකම් දීල තිබුණද කියල.


    අනික් කාරණය මේ ලිපිය ලියපු මෝඩයට කියල දෙන්න ඕන ආයතන සංග්‍රහය අනුව පොලිස් විමර්ශණ හා විනය පරීක්ෂණ එකිනෙකාගෙන් ස්වායත්තයි කියන එක. පොලීසියට බෑ විනය පරීක්ෂණ 'කරවන්න' හෝ ඒකට බලපෑම් කරන්න.