අබ වල ගුන

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අපි අබ ආහාර වලට දාලා කෑවට මේකේ ගුන අගුන මොනවගේද කියලා ගොඩ දෙනෙක් දන්නේ නෑ නේ. මම හිතුවා අද අබ ගැන පොඩ්ඩක් කියලා දෙන්න.

    Brassica juncea (L.) Czern යන උද්භීත විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන අබ BRASSICACAFAE නම් කුලයට අයත්ය. සංස්කෘත භාෂාවෙන් මධුරිකා නම් වේ. දෙමලෙන් කඩුග නමින් හඳුන්වයි.

    ස්වරූපය

    Capture141.jpg


    Capture142.jpg

    අතු බෙදුන පැලෑටියක් වන මෙහි කඳ කොල පැහැතිය. පත්‍ර විවිධාකාරය. මල් කහ පැහැතිය. බීජ තද රතු පාටට හුරු දුඹුරු පාටකි.

    ඖශධීය ගුණය.

    අබ වා, සෙම් සමනය කරයි. කැසීම්, හිස රුදාව, රුධිර පීඩනය, ශරීර ගත විෂ, හන්දිපත් වේදනාව, කහ උණ, ස්ත්‍රීන්ගේ වාත සන්නිය, අර්ශස්, දත් කැක්කුම, දහඩිය ගඳ යන රෝගාබාධයන් සුව කිරීම සඳහා යොදා ගනු ලැබේ.

    රෝග සුවයට​

    ආහාර රුචිය ඇති වීමට: අබ ඇට දෙක තුනක් කෑම ගැනිමට පෙර ගන්න

    අර්ශස් ගෙඩි වල කැසීමට: එම ස්ථානයේ අබතෙල් තවරන්න

    රුධිර පීඩනයට: අබ ඇට මිශ්‍ර කර උණු දිය ස්නානය කරනු

    කටු ඇනුන විට: අබ තෙල් මී පැණි සමඟ මිශ්‍ර කර ගාන්න, කටුව ඇදී එයි.

    ගෙඩිවල සැරව පිට වීමට: අබ ඇට හා අබ කොල අඹරා ගාන්න

     
    Last edited:
    • Like
    Reactions: IDG and Lewke

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නමුත් රාලේ අබ වලින් අයඩින් ඇගට අවශෝෂණය කිරීම අම්බානක් අඩු කරන නිසා නිතර ආහාරයට එක් කිරීම සුදුසු නොවන බව තමා කියැවෙන්නේ.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    නමුත් රාලේ අබ වලින් අයඩින් ඇගට අවශෝෂණය කිරීම අම්බානක් අඩු කරන නිසා නිතර ආහාරයට එක් කිරීම සුදුසු නොවන බව තමා කියැවෙන්නේ.

    වෙන්න පුලුවන්.. නමුත් ආහාරයට පෙර ඇට දෙකතුනක් අහිතක් වෙන එකක් නෑ මයෙ හිතේ.. බඩේ වාතය කැපිලා යන්න එක්ක. හැබැයි සහෝ කියන විදිහට නිතර මස්ටඩ් පේස්ට් එහෙම කන එක හොඳ නතුව ඇති නේද? :yes::yes: