[අභිධර්මය] ටිති අවස්ථාව

SIC

Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    ඉස්සර බුදුන් ගෙ කාලේ, බන ඇහුව, ඒ විදිහට ක්‍රියා කලා, ප්‍රතිපල ලබාගත්තා...කාටවත් ප්‍රශ්න තිබුනෙ නැ. මේ කියන්නෙ හරි දර්මයද, අත්තනෝමතද කියල..

    දැන් එහෙම නැනෙ..දහ දෙනෙකුකෙන් බන ඇහුව නම්, දහ විදිහක්...කැමත්ත ඉශ්ට වෙන්නෙ නැති නිසා අනිත්යයි කියයි.. තව් කෙනෙක් වලි දාගෙන කුලල් කා ගත්ත නිසා වලි කුකුලෙක් වෙනව කියල රටේ නැති නිරුක්ති පෙන්නයි....

    ඔන්න ඔතනදි තමයි...ඔය කියන දේවල් වල යම්කිසි දැනීමක් අවශ්ය වෙන්නෙ...යම්කිසි ශාස්ත්‍රියමය දැනීමක්..අභිදර්මය එහෙම කලින්ටත් වඩා ප්‍රයොජන වෙන්නෙ ඒ නිසා.. නැති නම් ඉතින් මොන මගුල කිව්වත්, එහෙයි එහෙයි කියල ඉන්න තමයි වෙන්නෙ...හැම දෙයක්ම වගේ, යම්කිසි දෙයක් ඉගෙන ගනිද්දි...ඊට් අදාල ටරිම්ස් ඉගෙන ගන්න එක වටිනව...මේව මහ ගැබුරු දේවල් නෙවේ...කාලය ටිකක් යොදල ඉගෙන ගන්න...

    බුදුන් පෙන්නන දේ, හිතල තාරිකකව කරන්න පුලුවන් දෙයක් නෙවේනෙ...එක නිසා මට හොද මීටරයක් තියෙන නිසා, සෝපාක කල නම් මටත් ගේමක් නැ කියල දෙයක් නැ..

    ඔය බුදුන් පෙන්නන දේ පෙනෙන්නෙ..මනසේ තියෙන යම්කිසි විශෙශ හැකියාවකට (ප්‍රජ්නා චයිතසිකය / ඉන්ද්‍රියට ).. තුන්වන ඇහ කියල හිතන්න...මගේ එක ඩෙවලොප් වෙලා තියෙන්නෙ 0 වෙන්න පුලුවන්, සෝපාකගේ, 95% වෙන්න පුලුවන්.. එක නිසා එක කෙනෙකුට කියන දෙයක් තව කෙනෙකුට කිව්ව කියල ඒ ප්‍රතිපලය ලැබෙනව කියල බලා පොරොත්තු වෙන්න බැ..

    දාරුචීරියට කිව්වෙ, දැක්ක දැක්ක විතරයි, එතනින් එහාට දෙයක් නැ කියල.... දැන් ඕක ඇහුව කියල අපිට නිවන් ගියාද?..ඒ පේලියෙ සරල වගේ තිබුනට...ඉතාමත් ගැබුරුයි..ඔකෙ ඇතුලෙ, ඔය රුප, වින්නාන කතා තියෙනව, වචන වලින් කිව්වෙ නැති උනාට

    ෆොරම් එකක මේක කියල දෙන්න අමාරුයි...සරල අදහසක් දෙන්නම්..

    බුදුන්ගේ කලේ සත්වයා කියන්නෙ මොකක්ද කියල හොයල බලපු එක... සත්වය කියන්නෙ. පෙනීම, ඇසීම, රස බැලීම...සිතීම වගේ එක්ස්පිරියන්ස් ගොඩක එකතුවක් වගේ පෙනුන...මේ එක එක එක්ස්පිරියන්ස් එක තව දුරටත් බෙදුවාම පෙනුනා කොටස්ක් 5 ක් තියෙනව කියල..

    ඉතාමත් සරලව (රුපයක් බැලීමෙදි )

    රුප - ඇස මත ඇති වෙන වෙනස (යම්කිසි බාහිර දෙයක් නිසා කියල හිතන්න )
    වේදනා - රුපය නිසා ඇතිඋන සුව හෝ දුක
    සන්නා - රුපය හැදින ගැනීම
    සන්කාර - රුපය නිසා ඇති උන සිතුවිල්ල.... (ආ මේ මල හොදයි... )
    වින්නානය - ඔය කියපු සියල්ල ඔපෙරේට් කරන දෙය කියල හිතන්න...

    ඊට පස්සෙ, බුදුන්ට පෙනුනා, ඔය කියන එකක්වත්...ඉන්ඩිපෙන්ඩෙන්ට්ලි පවතින දේවල් නෙවේ...හේතු නිසා තියෙනව, හේතු නැති උනාම නැ..කිසිම කෝර් එකක් නැ..හරියට හෙවනැල්ලක් වගේ...හෙවනල්ල තියෙන්නෙම ආලෝකය හේතු වෙලා..හෙවනැල්ල කියල තනිවම ගන්න දෙයක් නැ..

    ඉතින් එහෙම පවතින 5ක්...මම මගේ, ආත්මයක්, සත්වයෙක්, පුද්ගලයෙක් කියල ගන්න දෙයක් නැ කියල පෙනුන...අපේ මෝඩ කමට තමයි එහෙම ඉන්නව කියල පෙනෙන්නෙ...එක නිසා තමයි...අපිට තියෙන හැම දුකක්ම ඇති වෙන්නෙ කියල...

    ඔන්න ඕකයි කතාව ඉතමත් සරලව...
    😍
     
    • Like
    Reactions: ek_rosh

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113

    මෙහෙම යම් ඉඩක් තුල ගැටීම් ස්වභාවයක් ගැන කතා කරන්න පඨවි, අපෝ, තේජෝ, වයෝ කියන පරමාර්ථ ධර්ම physical entities කියල ගන්න වෙනව නේද මහත්තය? මේ රූප හතරෙ නියම ස්වභාවය සර්වඥ ගෝචරයි කියල තමයි අහල තියෙන්නෙ... මම තවටි කක් හොයල බලන්නම්, පිළිතුරු දුන්නට බොහොම පිං.
    ------ Post added on Dec 7, 2023 at 8:02 AM

    "මේ රූප හතරෙ නියම ස්වභාවය සර්වඥ ගෝචරයි කියල තමයි අහල තියෙන්නෙ"

    මේ කොටස බරපතලයි.මෙහි ගැටලුව විසඳ ගන්නේ නැතුව කොතරම් හෙව්වත් ලැබෙන එකක් නෑ.
    මබටත් බොහොම ස්තුතියි.
     
    • Like
    Reactions: MalSeven

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    "මේ රූප හතරෙ නියම ස්වභාවය සර්වඥ ගෝචරයි කියල තමයි අහල තියෙන්නෙ"

    මේ කොටස බරපතලයි.මෙහි ගැටලුව විසඳ ගන්නේ නැතුව කොතරම් හෙව්වත් ලැබෙන එකක් නෑ.
    මබටත් බොහොම ස්තුතියි.
    ඔබතුමා "මේ කොටස බරපතලයි" කියපු නිසා මම ඇයි එහෙම කිව්වෙ කියල පැහැදිලි කරන්නම්...
    දැන් මෙහෙම තියනවනෙ...
    • පඨවි - ඝනමය ස්වභාවය
    • අපෝ - ද්‍රවමය ස්වභාවය
    • තේජෝ - උණුසුම/සිසිල
    • වයෝ - වායුමය ස්වභාවය
    ඝනමය, ද්‍රවමය, උණුසුම/සිසිල සහ වායුමය කියන මේ ස්වභාවයන් අපිට ගෝචර වෙන්නෙ ඉන්ද්‍රිය හරහනෙ, ඉතින් ඉන්ද්‍රය distorted නම් අපිට මේවායේ නියම ස්වභාවය දැනෙන්න විදියක් නැහැ නේද?
     
    • Like
    Reactions: nipund

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,318
    2,164
    113
    "වෙනස් වෙන" කෑල්ල drop කරන්න රෝෂ් මහත්තය, "ක්‍රියාවලියක fix වෙච්ච දෙයක් විද්‍යමාන වෙන මුලාවක් නිසා" කියල ගන්නකො... හදිස්සියෙ ලිව්වෙ.

    fix වෙච්ච කියන්නෙ, කාලයට සාපෙක්ශවද?
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ඔබතුමා "මේ කොටස බරපතලයි" කියපු නිසා මම ඇයි එහෙම කිව්වෙ කියල පැහැදිලි කරන්නම්...
    දැන් මෙහෙම තියනවනෙ...
    • පඨවි - ඝනමය ස්වභාවය
    • අපෝ - ද්‍රවමය ස්වභාවය
    • තේජෝ - උණුසුම/සිසිල
    • වයෝ - වායුමය ස්වභාවය
    ඝනමය, ද්‍රවමය, උණුසුම/සිසිල සහ වායුමය කියන මේ ස්වභාවයන් අපිට ගෝචර වෙන්නෙ ඉන්ද්‍රිය හරහනෙ, ඉතින් ඉන්ද්‍රය distorted නම් අපිට මේවායේ නියම ස්වභාවය දැනෙන්න විදියක් නැහැ නේද?
    ඔය හතරම පැහැදිලිව ගෝචර වෙනවා ප්‍රක්ඥ ඉන්ද්‍රියට.
    නමුත් ශ්‍රද්දා කුසලය පුර්ණ මුගලන් හාමුදුරුවන්ට ප්‍රක්ඥ ව කුමක්දැයි නිවැරදිව අවබෝද නොවීම නිසා ගමන නැවතූ පසුත් විශ්වයේ ස්වබාව හොයන්න යන්න හිතුන ,එත් හොයා ගන්න බැරි උනා.බුදු රජාණන් වහන්සේ කියපු දේවල් වැටහුනා නම් එහෙම වෙන්නේ නැනේ.
     
    • Love
    Reactions: MalSeven

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,298
    67,650
    113
    Dathu vubanga sutreth gonek anila marila,ditte diitamattan eketh gonek anala marila.mewa passe liyapuwada?
     
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    Dathu vubanga sutreth gonek anila marila,ditte diitamattan eketh gonek anala marila.mewa passe liyapuwada?
    මචෝ කතාවක හරය විතරක් අද්‍යනය කරන්න.හරය අවබෝදයට නොයේ නම් අහකින් තියන්න,කතාවේ රඟපාන චරිත වැදගත් කර ගන්න අවශ්‍යම නම් විතරක් කතාව ලියපු කෙනා හොයන්න. මමත් කාලෙකට කලින් බුද්ධ ධර්ශනයට ගොඩක් නින්දා කළා.අපහාස කළා.කුසලතා යාන්ත්‍රනය තුල පාප මිත්‍රයෙක් වෙසින් ආපු කල්‍යාණ මිත්‍රයෙක් නිසා එක මොහොතින් සියල්ල වෙනස් උනා. මම තමයි දන්නේ කියන ප්‍රතිරූපය මටම අවබෝද උනා. ඔබ දුර ගිහින්.25km කියල හිතන්න. දැන් ගොඩක් දේවල් දැකල අද්‍යනය කරලා දෘෂ්ටි සකස් වෙලා.ලේසි නෑ දීර්ග අද්‍යනය පසෙක තියල පලවෙනි kmරේ දිහා බලන්න.
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,577
    840
    113
    මුළ ඉඳන් මේ සම්භන්දව දැනගන්න ආසයි, online resources තියෙන කෙනෙක් ශෙයා කරනවද?
    පින් 🙏
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    fix වෙච්ච කියන්නෙ, කාලයට සාපෙක්ශවද?
    නැහැ මම හිතන්නෙ ඔය තිථි කියන ලක්ෂණය තුල කාලයත් විද්‍යමාන වෙන දෙයක්, @lankalk මහත්තය මෙතන වෙනස් මතයක් දරනව පොඩ්ඩක් ඒක explore කරල බලන්න ඕනි.

    ඔය හතරම පැහැදිලිව ගෝචර වෙනවා ප්‍රක්ඥ ඉන්ද්‍රියට.
    නමුත් ශ්‍රද්දා කුසලය පුර්ණ මුගලන් හාමුදුරුවන්ට ප්‍රක්ඥ ව කුමක්දැයි නිවැරදිව අවබෝද නොවීම නිසා ගමන නැවතූ පසුත් විශ්වයේ ස්වබාව හොයන්න යන්න හිතුන ,එත් හොයා ගන්න බැරි උනා.බුදු රජාණන් වහන්සේ කියපු දේවල් වැටහුනා නම් එහෙම වෙන්නේ නැනේ.
    බොහොම පිං මහත්තය, මම කලින් අදහස් කලේ ඇත්තටම "ප්‍රඥා ගොචරයි" කියන එක මොකක් හරි හේතුවක් උඩ "සර්වඥ ගොචරයි" කියල ලියල, දැන් තමයි note උනේ.
    ------ Post added on Dec 7, 2023 at 10:29 AM
     
    • Like
    Reactions: lankalk

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,298
    67,650
    113
    මචෝ කතාවක හරය විතරක් අද්‍යනය කරන්න.හරය අවබෝදයට නොයේ නම් අහකින් තියන්න,කතාවේ රඟපාන චරිත වැදගත් කර ගන්න අවශ්‍යම නම් විතරක් කතාව ලියපු කෙනා හොයන්න. මමත් කාලෙකට කලින් බුද්ධ ධර්ශනයට ගොඩක් නින්දා කළා.අපහාස කළා.කුසලතා යාන්ත්‍රනය තුල පාප මිත්‍රයෙක් වෙසින් ආපු කල්‍යාණ මිත්‍රයෙක් නිසා එක මොහොතින් සියල්ල වෙනස් උනා. මම තමයි දන්නේ කියන ප්‍රතිරූපය මටම අවබෝද උනා. ඔබ දුර ගිහින්.25km කියල හිතන්න. දැන් ගොඩක් දේවල් දැකල අද්‍යනය කරලා දෘෂ්ටි සකස් වෙලා.ලේසි නෑ දීර්ග අද්‍යනය පසෙක තියල පලවෙනි kmරේ දිහා බලන්න.
    Mmm ne mn baluwe mewa ananda thero liyapu ewa neda tripitake tiyenne ma wisin asana ladi kiyala etakota story ekama hadapu ekak wenna bane.ekai.mata haraya terenawa
     
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    Mmm ne mn baluwe mewa ananda thero liyapu ewa neda tripitake tiyenne ma wisin asana ladi kiyala etakota story ekama hadapu ekak wenna bane.ekai.mata haraya terenawa
    ත්‍රිපිටකය මුක පරම්පරාවෙන් පැවත ආවේ.ඔතන ආනන්ද හාමුදුරුවෝ මා විසින් මෙසේ අසන ලදී " කියල කියන දේ කාටවත් ගැටළුවක් උනේ නෑ.හේතුව ඒකාලේ සිද්දීනිසා ඕව ගොඩදෙනෙක් දැනගෙන හිටිය.දැන් තත්වය වෙනස්.සිද්දි ගෝචර ඉන්ද්රියෙන් ගෙන් දැක්ක කිසිකෙනෙක් මේ වෙනකොට නෑ.එතකොට විචිකිච්චාව ඉස්මතුවෙනවා.උද්දච්චයත් කුක්කුච්ච යත් හුව මාරුවට හටගන්නවා.කතාව සටහන් කරලා බලාපොරොත්තු වෙච්ච දේ වෙන්නේ නෑ. අපේ මනුෂ්‍ය ජාතියට වෙලා තියෙන්නේ ඒක.ඒක මිනිය නොහැකි අකුසලයක්.
     
    • Like
    Reactions: MalSeven and Emios

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මුල ඉඳන් දැනගන්න අවශ්‍ය කෙනෙකුට මුලින්ම විමුක්ත විමුක්තිය වගේ පොතක් රෙකමන්ඩ් කරන එකනම් ග්‍රීන්තන්ඩර්ට ගැටළු සහගතයි. ඇයි එහෙම රෙකමන්ඩ් කරන්න හේතුව ?
     
    • Sad
    Reactions: SLHodahitha

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    මුල ඉඳන් දැනගන්න අවශ්‍ය කෙනෙකුට මුලින්ම විමුක්ත විමුක්තිය වගේ පොතක් රෙකමන්ඩ් කරන එකනම් ග්‍රීන්තන්ඩර්ට ගැටළු සහගතයි. ඇයි එහෙම රෙකමන්ඩ් කරන්න හේතුව ?
    tyutyut.JPG

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: MalSeven

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113

    විමුක්ත විමුක්තියේ දෝෂයක් නැහැ. නමුත් ඔය පොත ගැලපෙන්නේ කලක් සතිපට්ඨාන භාවනා කරපු යෝගාවචරයෙකුට. එහෙමත් නැතිනම් භාවනා ගුරුවරයෙකුට. නවකයෙකුට ඕක හුදු කතන්දරයක් හෝ විශ්වාස කරන්න බැරි කතා ගොඩක් විතරයි.

    ඒකම නිසා තමා ඔය පොත ගොඩ කාලයක් ප්‍රින්ට් නොකර නිස්සරණ ආරණ්‍යයේ භාවනා කරන අය අත පමණක් තිබුනේ. මාතර ශ්‍රී ඥානාරාම හාමුදුරුවොත් ඕක ප්‍රින්ට් කරන එක අනුමත කලේ නැහැ. මතක විදිහට ධම්මජීව හාමුදුරුවෝ තමා මැදිහත්වෙලා ප්‍රින්ට් කලේ.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    විමුක්ත විමුක්තියේ දෝෂයක් නැහැ. නමුත් ඔය පොත ගැලපෙන්නේ කලක් සතිපට්ඨාන භාවනා කරපු යෝගාවචරයෙකුට. නවකයෙකුට ඕක හුදු කතන්දරයක් හෝ විශ්වාස කරන්න බැරි කතා ගොඩක් විතරයි.

    ඒකම නිසා තමා ඔය පොත ගොඩ කාලයක් ප්‍රින්ට් නොකර නිස්සරණ ආරණ්‍යයේ භාවනා කරන අය අත පමණක් තිබුනේ. මාතර ශ්‍රී ඥානාරාම හාමුදුරුවොත් ඕක ප්‍රින්ට් කරන එක අනුමත කලේ නැහැ. මතක විදිහට ධම්මජීව හාමුදුරුවෝ තමා මැදිහත්වෙලා ප්‍රින්ට් කලේ.
    හොඳයි :ROFLMAO:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,298
    67,650
    113
    Satipattana 4 wadanne netuwa udaya wayen 4tama eka para shot eka denna berida?