මම ඊයෙ දේශනාව බැලුව, මට නම් ප්‍රශනයක් පෙනෙන්න නැහැ, දුක්ඛ ගැන කතා නොකලට උන්වහන්සේ එතන කලින් දේශනාවකට refer කරනව නේද?... කොහොම නමුත් අපි මෙතන වාද කරල වැඩක් නැහැ... අපි දෙන්නම මූලික සංකල්ප වලදී එකම තැන හිටියට ඒවා පිළිබඳව අපි හිතාගෙන ඉන්න වපසරිය (scope) වෙනස්...
ඔය fix කියන කතාව නිවාතාප ස්වාමින් වහන්සේ විතරක් කියන කතාවක් නෙමෙයි අනිච්ච ස්වභාවයක් (අවිද්‍යාවෙන්) නිච්ච ලෙස ගැනීමට fix කරගැනීම කියන සංකල්පය වෙනත් ස්වාමින් වහසේලාත් පාවිච්චි කරනව මම දැකල තියෙනව...
දල අදහසක් ඇරෙන්න මම හරියටම දන්නේ නැහැ ප්‍රඥා ඉන්ද්රිය සහ එයට ගෝචර වන ආර්ය දුක්ඛය ගැන ඔබතුමා හිතාගෙන ඉන්න scope එක. සරලවම කිව්වොත් ඒක මටනම් ඔය අවිද්‍යාව නිසා fix කරගත් දෙයකට තණ්හා වීම නිසා ඇතිවෙන පෙලීම කියන කාරණාව දැනුමකට එහා ගිහින් අවබෝධයකට පත්කර ගැනීමට අවශ්‍ය මට්ටමට දියුණු වුන ප්‍රඥාව, ප්‍රඥා ඉන්ද්රිය ලෙසත් ඒ ප්‍රඥා ඉන්ද්‍රියට අවබෝධ වුන ඔය පෙලීම් ස්වභවය (දැනුම නොවෙයි) ආර්ය දුක්ඛය ලෙසත් තමයි මම හිතාගෙන ඉන්නෙ...
Thanks for all the talks රොෂ් මහත්තය! Since your day is practically wrapped up, go ahead and have a good evening - or, as I like to call it, the pre-evening snack time before dinner!