අභිධර්ම ප්‍රශ්නයක්

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    අභිධර්ම ප්‍රශ්නයක්

    සංඛාර පච්චයා විඤ්ඤාන කියලනෙ කියන්නෙ, ඒ කියන්නෙ සංඛාර නොහොත් සිතුවිලි වලින් විඤ්ඤානය නොහොත් සිත ඇතිවෙනව කියන එකනෙ, ඒත් අභිධර්මයෙ තියෙනව, අසංඛාර සිත් කියල කොටසක්
    අසංඛාර සිත් කියන්නෙ, සිතුවිලි වල බලපෑමක් නැතිව ඇතිවෙන සිත් නේද, එහෙනන් සිතුවිලි වල බලපෑමක් නැතුව මොනවගෙන්ද අසංඛාර සිත් ඇතිවෙන්නෙ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අභිධර්මය දේශනාකරල තියෙන්නෙ දෙවියන්ට, දෙවියන්ගෙ දේවල් තේරුම් ගන්ඩ උස්සහ ගන්නවට වඩා මනුස්සය්නට දේශනා කරපුව තේරුම් ගන්ඩ උස්සහ ගනින්..
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    අභිධර්මය දේශනාකරල තියෙන්නෙ දෙවියන්ට, දෙවියන්ගෙ දේවල් තේරුම් ගන්ඩ උස්සහ ගන්නවට වඩා මනුස්සය්නට දේශනා කරපුව තේරුම් ගන්ඩ උස්සහ ගනින්..

    එහෙයි හන්දුර්නෙ..:shocked::shocked:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අබිසංඛාර නොවුන හිත් වලට අසංඛාර හිත් කියන්නෙ

    රුපයක් දැකලා අදුර ගත්තා එක අබිසංඛාර හිතක් නෙවෙයි , දැකපු රුපෙට කැමැත්ත රුපෙට ආසව එක අබිසංඛාර හිතක්
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    සංඛාර පච්චයා විඤ්ඤාන කියලනෙ කියන්නෙ, ඒ කියන්නෙ සංඛාර නොහොත් සිතුවිලි වලින් විඤ්ඤානය නොහොත් සිත ඇතිවෙනව කියන එකනෙ, ඒත් අභිධර්මයෙ තියෙනව, අසංඛාර සිත් කියල කොටසක්
    අසංඛාර සිත් කියන්නෙ, සිතුවිලි වල බලපෑමක් නැතිව ඇතිවෙන සිත් නේද, එහෙනන් සිතුවිලි වල බලපෑමක් නැතුව මොනවගෙන්ද අසංඛාර සිත් ඇතිවෙන්නෙ..

    අසංකාරික කියන්නේ උඹ නොදැනුවත්ව වෙන දේවල්. උදාහරණයක් විදිහට උඹේ කකුලට පෑගිලා කූඹියෙක් මැරෙනවා. ඒක වෙන්නේ උඹ දන්නේ නැතිව. එතකොට ඒක වැටෙන්නේ උපේක්ඛා සහගත දිට්ඨි ගත විප්ප යුත්ත අසංකාරික සිතක් විදිහට. ඒක සිතක් විදිහට ගත්තාට අපේ අනුදැන්මක් නැතිව වෙන ක්‍රියාවලියක්. සසංකාරික කියන්නේ ඔකේ අනික් පැත්ත. අපි හිතලා කරන දේවල්. :yes:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    අසංකාරික කියන්නේ උඹ නොදැනුවත්ව වෙන දේවල්. උදාහරණයක් විදිහට උඹේ කකුලට පෑගිලා කූඹියෙක් මැරෙනවා. ඒක වෙන්නේ උඹ දන්නේ නැතිව. එතකොට ඒක වැටෙන්නේ උපේක්ඛා සහගත දිට්ඨි ගත විප්ප යුත්ත අසංකාරික සිතක් විදිහට. ඒක සිතක් විදිහට ගත්තාට අපේ අනුදැන්මක් නැතිව වෙන ක්‍රියාවලියක්. සසංකාරික කියන්නේ ඔකේ අනික් පැත්ත. අපි හිතලා කරන දේවල්. :yes:

    නෑ මන් බලපු පොතක(රේරුකානෙ හාමුදුරුවන්ගෙ ) අසංඛාරික කියන එක, කුසල, අකුසල සිත් වලටත් යෙදිල තිබ්බ, නොදැන වෙන ඒවට කුසල් අකුසල් එන්ඩ බෑනෙ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    රේරුකානෙ හාමුදුරුවන්ගෙ පොත් වල තියෙන්නෙ අසංකාරික සිත් කියන්නෙ උවමනාවක් නැතුව ඇතිවෙන සිත්. උඹ උත්සාහ කරල ඇතිකරගත්තොත් ඇතිවෙන්නෙ සසංකාරික සිත්.
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඔය කිය හිත් ගැන ත්‍රිපිටකයෙ කොහෙද තියෙන්නෙ

    අසංඛාරික සිත් ගැන ත්‍රිපිටකයෙ නෑ, අටුවාවකින් වගේ ගත්ත දෙයක් වෙන්ඩ ඕන ඔය පොත් ලියපු අය..
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    රේරුකානෙ හාමුදුරුවන්ගෙ පොත් වල තියෙන්නෙ අසංකාරික සිත් කියන්නෙ උවමනාවක් නැතුව ඇතිවෙන සිත්. උඹ උත්සාහ කරල ඇතිකරගත්තොත් ඇතිවෙන්නෙ සසංකාරික සිත්.

    ඔය දෙවල් ත්‍රිපිටකයෙ කොහෙද තියෙන්නෙ
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    රේරුකානෙ හාමුදුරුවන්ගෙ පොත් වල තියෙන්නෙ අසංකාරික සිත් කියන්නෙ උවමනාවක් නැතුව ඇතිවෙන සිත්. උඹ උත්සාහ කරල ඇතිකරගත්තොත් ඇතිවෙන්නෙ සසංකාරික සිත්.

    ඒ සිත් සතරෙන් පළමුවැන්න වූ සෝමනස්ස සහගත දෘෂ්ටිගත සම්ප්‍ර‍යුක්ත සිත නැවත ද දෙකට බෙදේ. ඒ මෙසේ ය:- සමහර අවස්ථාවකදී ඒ සිත ස්වභාවයෙන් ම ඇති වේ. සමහර අවස්ථාවකදී අනුන්ගේ මෙහෙයීමකින් හෝ තමා විසින් හෝ අනුන් විසින් හෝ උත්සාහවත් කරවීමකින් ඇති වේ. මෙහෙයුමක් - උත්සාහවත් කරවීමක් නැති ව ඇති වන සිත අසඞ්ඛාරික සිත යයි ද, මෙහෙයීමකින් හෝ උත්සාහවත් කරවීමකින් හෝ ඇති වන සිතට සසඞ්ඛාරික සිත යයි ද කියනු ලැබේ
    https://pitaka.lk/books/abhidharma-margaya/2-5.html
    උවමනාවක් නැතිව ඇතිවෙනව කියන්නෙ, සිතුවිලිවල බලපෑමකින් තොරව ඇතිවෙනව කියන එක නේද, නැත්තන් වෙන කොහොමද ඇතිවෙන්නෙ
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    නෑ මන් බලපු පොතක(රේරුකානෙ හාමුදුරුවන්ගෙ ) අසංඛාරික කියන එක, කුසල, අකුසල සිත් වලටත් යෙදිල තිබ්බ, නොදැන වෙන ඒවට කුසල් අකුසල් එන්ඩ බෑනෙ

    කර්ම විපාකයේදී අසංකාරික යන්න අනුන්ගේ මෙහෙය වීමේන් සිද්ධ වෙන කර්ම විදිහටත් අර්ථ දැක්වෙනවා. උදාහරණයක් විදිහට උඹට කවුරු හරි කියනවා කාව හරි මරන්න නැත්නම් උඹගේ පවුලේ කාව හරි මරනවා කියලා. එතකොට ඔඹ ඒ කෙනාව මරන්නේ සතුටු සිතින් නෙමේ. එතකොට උඹට උපදින්නේ දොමනස්ස සහගත දිට්ඨිගත සම්ප යුත්ත අසංකාරික සිතක්. තෙනදි අසංකාරික වෙන්නේ අනුන්ගේ මෙහෙය වීම නිසා...

    ඔය සිත් ටික ඇති වෙන්නේ මෙහෙමයි...
    ඉස්සෙල්ලාම සතුටු සිතින් කරන ඒවා...
    ඒක සෝමනස්ස සහගත වෙනවා... එතන සිත් 4ක් ඇතිවෙනවා

    සෝමනස්ස සහගත දිට්ඨිගත සම්ප යුත්ත අසංකාරික සිත
    සෝමනස්ස සහගත දිට්ඨිගත සම්ප යුත්ත සසංකාරික සිත
    සෝමනස්ස සහගත දිට්ඨිගත විප්ප යුත්ත අසංකාරික සිත
    සෝමනස්ස සහගත දිට්ඨිගත විප්ප යුත්ත සසංකාරික සිත

    ඊටපස්සේ උපේක්ඛා සහගත සිත් හතර.

    උපේක්ඛා සහගත දිට්ඨිගත සම්ප යුත්ත අසංකාරික සිත
    උපේක්ඛා සහගත දිට්ඨිගත සම්ප යුත්ත සසංකාරික සිත
    උපේක්ඛා සහගත දිට්ඨිගත විප්ප යුත්ත අසංකාරික සිත
    උපේක්ඛා සහගත දිට්ඨිගත විප්ප යුත්ත සසංකාරික සිත

    ඊට පස්සේ දොමනස්ස සහගත සිත් හතර

    දොමනස්ස සහගත දිට්ඨිගත සම්ප යුත්ත අසංකාරික සිත
    දොමනස්ස සහගත දිට්ඨිගත සම්ප යුත්ත සසංකාරික සිත
    දොමනස්ස සහගත දිට්ඨිගත විප්ප යුත්ත අසංකාරික සිත
    දොමනස්ස සහගත දිට්ඨිගත විප්ප යුත්ත සසංකාරික සිත

    අපිට අසංකාරික සසංකාරික බවින් එක පාරටම කියන්න බෑ ඒක කුසල සිතක්ද නැත්නම් අකුසල සිතක්ද කියලා. ඒකට අනික් කරුණු ටිකත් බලපානවා. හැබැයි රහතන් වහන්සේලාට මේ සිත් උපදින්නේ නෑ
    හසිතඋත්පාද සිත් විතරයි...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය දෙවල් ත්‍රිපිටකයෙ කොහෙද තියෙන්නෙ

    අභිධර්ම පිටකය කියවා නැත

    https://pitaka.lk/books/abhidharma-margaya/2-5.html
    උවමනාවක් නැතිව ඇතිවෙනව කියන්නෙ, සිතුවිලිවල බලපෑමකින් තොරව ඇතිවෙනව කියන එක නේද, නැත්තන් වෙන කොහොමද ඇතිවෙන්නෙ

    සිතුවිලි කියන්නෙ මොනාද ? චෛතසිකද ? :eek: චෛතසික නැතුව නං කිසිම සිතක් ඇතිවෙන්නෑ.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    https://pitaka.lk/books/abhidharma-margaya/2-5.html
    උවමනාවක් නැතිව ඇතිවෙනව කියන්නෙ, සිතුවිලිවල බලපෑමකින් තොරව ඇතිවෙනව කියන එක නේද, නැත්තන් වෙන කොහොමද ඇතිවෙන්නෙ

    ඇයි බන් මුලින් කිවුවෙ දැක්කෙ නැද්ද රුපයක් දැක්කහම ඇතිවෙන හිත ශබ්ද ගන්ද රස ස්පර්ස දම්ම එවා

    ඇහැ පුරෙ ජාතයි, චක්කු සිත පච්චෙ ජතයි

    එවා විපාක සිත්
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe

    සිතුවිලි කියන්නෙ මොනාද ? චෛතසිකද ? :eek: චෛතසික නැතුව නං කිසිම සිතක් ඇතිවෙන්නෑ.

    මන් අහන්නෙ මේකයි, අසංඛාරික සිත් කියන්නෙ, චෛතසික නැතුව උපදින සිත්ද, එහෙම නැත්තන්, චෛතසික වල බලපෑමක් නැතුව උපදින සිත්ද..
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කර්ම විපාකයේදී අසංකාරික යන්න අනුන්ගේ මෙහෙය වීමේන් සිද්ධ වෙන කර්ම විදිහටත් අර්ථ දැක්වෙනවා. උදාහරණයක් විදිහට උඹට කවුරු හරි කියනවා කාව හරි මරන්න නැත්නම් උඹගේ පවුලේ කාව හරි මරනවා කියලා. එතකොට ඔඹ ඒ කෙනාව මරන්නේ සතුටු සිතින් නෙමේ. එතකොට උඹට උපදින්නේ දොමනස්ස සහගත දිට්ඨිගත සම්ප යුත්ත අසංකාරික සිතක්. තෙනදි අසංකාරික වෙන්නේ අනුන්ගේ මෙහෙය වීම නිසා...

    ඔය සිත් ටික ඇති වෙන්නේ මෙහෙමයි...
    ඉස්සෙල්ලාම සතුටු සිතින් කරන ඒවා...
    ඒක සෝමනස්ස සහගත වෙනවා... එතන සිත් 4ක් ඇතිවෙනවා

    සෝමනස්ස සහගත දිට්ඨිගත සම්ප යුත්ත අසංකාරික සිත
    සෝමනස්ස සහගත දිට්ඨිගත සම්ප යුත්ත සසංකාරික සිත
    සෝමනස්ස සහගත දිට්ඨිගත විප්ප යුත්ත අසංකාරික සිත
    සෝමනස්ස සහගත දිට්ඨිගත විප්ප යුත්ත සසංකාරික සිත

    ඊටපස්සේ උපේක්ඛා සහගත සිත් හතර.

    උපේක්ඛා සහගත දිට්ඨිගත සම්ප යුත්ත අසංකාරික සිත
    උපේක්ඛා සහගත දිට්ඨිගත සම්ප යුත්ත සසංකාරික සිත
    උපේක්ඛා සහගත දිට්ඨිගත විප්ප යුත්ත අසංකාරික සිත
    උපේක්ඛා සහගත දිට්ඨිගත විප්ප යුත්ත සසංකාරික සිත

    ඊට පස්සේ දොමනස්ස සහගත සිත් හතර

    දොමනස්ස සහගත දිට්ඨිගත සම්ප යුත්ත අසංකාරික සිත
    දොමනස්ස සහගත දිට්ඨිගත සම්ප යුත්ත සසංකාරික සිත
    දොමනස්ස සහගත දිට්ඨිගත විප්ප යුත්ත අසංකාරික සිත
    දොමනස්ස සහගත දිට්ඨිගත විප්ප යුත්ත සසංකාරික සිත

    අපිට අසංකාරික සසංකාරික බවින් එක පාරටම කියන්න බෑ ඒක කුසල සිතක්ද නැත්නම් අකුසල සිතක්ද කියලා. ඒකට අනික් කරුණු ටිකත් බලපානවා. හැබැයි රහතන් වහන්සේලාට මේ සිත් උපදින්නේ නෑ
    හසිතඋත්පාද සිත් විතරයි...

    ඔහොම එවා ත්‍රිපිටකයෙ නැත මුලා කරන්න එපා අසත්‍ය එවා දාලා :no:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඇයි බන් මුලින් කිවුවෙ දැක්කෙ නැද්ද රුපයක් දැක්කහම ඇතිවෙන හිත ශබ්ද ගන්ද රස ස්පර්ස දම්ම එවා

    ඇහැ පුරෙ ජාතයි, චක්කු සිත පච්චෙ ජතයි

    එවා විපාක සිත්

    සංඛාර පච්චයා විඤාණ නෙ, සංඛාර නොසැදී විඤාණයක් හැදෙන්නෙ කොහොමද
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔහොම එවා ත්‍රිපිටකයෙ නැත මුලා කරන්න එපා අසත්‍ය එවා දාලා :no:

    අනේ උඹයි මමයි දන්න අභිධර්මය.... වැස්සකට වත් දහම්පාසල් ගිහින් තියෙනවාම් දන්නවා. මේක උගන්වන්නේ 7 පන්තියේදී...:lol::lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සංඛාර පච්චයා විඤාණ නෙ, සංඛාර නොසැදී විඤාණයක් හැදෙන්නෙ කොහොමද

    පටිච්චසමුප්පාද කියන්නෙ එක ලයින් එකට තියෙන එකක් නෙවෙයි විබන්ගප්‍රකරනය පටිච්චසමුප්පාද විබන්ගය බලන්න පටිච්චසමුප්පාද චක්‍ර 108 තියෙනවා, හැමතිස්සෙම සන්කාර මුලට එන්නෙ නැ,

    අවිද්‍යාව නිරොදා සන්කාර නිරොදා එතනදි කොහෙද සන්කාර යෙදෙන්නෙ

    මුලින්ම සන්කාර අබිසංඛාර දෙක දැනගන්න
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    සංඛාර පච්චයා විඤාණ නෙ, සංඛාර නොසැදී විඤාණයක් හැදෙන්නෙ කොහොමද

    අතීත සන්ස්කාර තියනවනේ මතුවෙන්න.සන්ස්කාර නැතිකෙනෙක් නෑනේ.සන්ස්කාර නිසනේ ඇසට රුපයක් දර්ශනය වෙන්නෙ.ඒනිස අහේතුක සිත් පහල වෙනවා, මතක හැටියටනම්
    ඊටප්ස්ස්සෙ ඒක ඇසුරින් සන්ස්කාර ඇතිකරගන්නත් පුලුවන්, නොගන්නත් පුලුවන්.එහෙම නේද
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113

    මන් අහන්නෙ මේකයි, අසංඛාරික සිත් කියන්නෙ, චෛතසික නැතුව උපදින සිත්ද, එහෙම නැත්තන්, චෛතසික වල බලපෑමක් නැතුව උපදින සිත්ද..

    සිත් එක්ක අනිවාර්යෙන් චයිතසික යෙනෙදෙනවනේ බන්, අභිධර්මයේ කියන්නේ.
    අනිවාර්යෙන් යෙදෙන චයිතසික හයක්මත් තියනවනේ, චේතන, මනසිකර වගේ.ඒවාගෙන් වියුක්ත සිත් නෑනේ.