අභිධර්ම සංගමය.

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    හොඳ ත්‍රෙඩ් එකක් මුල ඉඳ කියෙව්වා, ගොඩක් ඒවා තේරුනෙ නං නෑ. අග හරියේදී දෙගොල්ලක් වාද කරගන්න "ආත්මය" කියන එක ගැන අවබෝධයක් ගන්න මටත් ලොකු උවමනාවක් තියෙනවා හැබැයි තාම අදහසක් ආවේ නෑ. මෙතන කියන අදහස වැරදි කියන අයත් එකට හරි පැහැදිලි කිරීමක් කරල නෑ නිකන් හිනාවෙලා එක වැරදි කියනව විතරයි. :oo:

    ත්‍රෙඩ් එක දිගටම කරගෙන යන්න :) +4

    Thank you.

    උඹේ rep දෙන style එක සිරා.:cool:
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මට නම් හිතෙන්නේ මෙහෙම.

    මම නම් කියන්නේ පෙර අත්බැව් වල මතකයන් රැඳිලා තියෙන්නේ සිතේ නොවෙයි.

    දැන් ඔය එක් එක් ඥාණ දියුණු කරගත් උත්තමයින්ට යම් ස්ථානයට ගියොත් එතැන අවුරුද්දකින් සිදුවුණ දේ එහෙම බලන්න හැකියි නේ? තමන්ගේ මතකයන් නොවන ඒවාත් බලන්න හැකියිනේ? තමන් කිසිසේත්ම සම්බන්ධ නැති දේවලුත් බලන්න හැකියි නේ?

    දැන් තවත් අවුරුදු කල්ප කොටි 10000000000 කින් පහළවන බුදුකෙනෙකුට පුළුවන් නේද ආපස්සට ආවර්ජනා කරලා සුමේධ තාපසතුමා නියත විවරණ ගත්ත හැටි පවා බලන්න, අන්න ඒ "සිදුවීම්" කියන ඒවා දිරන්නේ නෑ :yes:

    ඉතින් පෙර ආත්ම මතක් කරගන්න පුළුවන් කෙනෙකුට යම් කිසි මානසික ශක්තියක් තියෙන්න ඕනේ ඒ පෙර සිදුවීම් ආයෙත් සිතට දැනගන්න :yes: නැතුව සිතේ රැඳිලා තිබ්බ නොවෙයි

    ඒ කියන්නේ මේ කාලේ වුනත් පුබ්බේ නිවානුස්සති ඤාණය ලබාගත්ත කෙනෙකුට පෙර ආත්ම බලන්න පුළුවන් වගේ බුදුන්වහන්සේ ඒ කාලේ හිටපු හැටි බලන්න පුළුවන්ද? මරුනේ....:yes::yes:
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ



    මම දන්නව මේ thread එකට එන්නෙ වැදගත්, මේ බොළඳ නාඩගම් වලට පැටලෙන්න කැමති නැති අය. ඒක නිසා මේ වගේ අයට කරන්න පුළුවන් හොඳම දේ තමයි, මෙයාලගේ
    Skylark
    ජිංතක ජිල්ලබකිට
    Harvard-Bio

    කියන profile තුනට ගිහින්, නම යටින්ම තියන 'user list' menu එකේ 'Add to ignore list' කියන එක දාන්න. එතකොට A/C කාර් එකේ ජනෙල් වහගත්ත වගේ. බල්ලොන්ගේ බිරිලි ඇහෙන්නේ නෑ, අපිට අපේ පාඩුවේ ගමන යන්න පුළුවන්.

    බුදුසරණයි.

    :)
     

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    ගන්ධබ්බ කියන්නෙත් සියුම් ශරීර ඇති සත්ව කොට්ටාශයක් වෙන්න ඕනේ :yes:.



    මාතා, උතුනී හෝති..
    ගන්ධබ්බෝ පච්චුපට්ටිතෝ හෝති (ගන්දබ්බයෙකුගේ පැමිනීම )

    කියලා දෙශනාවල කියවෙනවානේ..

    ච්‍යුති , පටිසන්දි, ඔක්කන්ති කියලා සිද්දි තුනක් තියනවානේ. ඒවායින් "ඔක්කන්තිය"තමයිලු ඔය, මවුකුසට ගන්දබ්බයෙක් පැමිනෙනවා කියන්නේ...

    ගන්දබ්බයා පැමිනෙන වෙලාවවෙද්දී පටිසන්ධි ක්‍රියාවලිය වෙලා අහවරයි.බඩකට ඔක්කන්ති වෙන්නයි මෑන් එන්නේ.

    (වහරක අභයරත්නාකන්කාර හිමි.. "කර්මය, විඥානය" විඩියෝව )
     
    Last edited:

    Pradeepdpala

    Member
    Dec 9, 2008
    4
    1
    3
    ගන්ධබ්බ කියන්නෙ...

    ගන්ධබ්බ කියන්නෙත් සියුම් ශරීර ඇති සත්ව කොට්ටාශයක් වෙන්න ඕනේ :yes:.

    අති පූජ්‍ය නා උයනේ අරියධම්ම මහා ස්වාමීන් වහන්සේ ගේ මනෝකාය හා මරණය පොතේ 25 පිටුව බලන්න.

    2016-08-25_1659.png


    https://www.facebook.com/DahamPotha/photos/ms.c.eJxFk9kRw0AIQzvKsCxn~;40lRrH4fSOEVtgnNFVMj~_ktqfqcP5D0~;EEluNJi6XcBRoIgR2G9YDyOEzQAPa6MR3LkYoutwgCY4wZGVpEAVBhMg6a~;xzwe1wgMCgazeILd5lusoDgvcBkPpcJhqjR1G4~_t0H08nIoQKJg00LpxJOCRCxwgCRKA0QNJjUnzTDDxBRhZxR2wBSXWBtcmSr4sOee20TvSUMgCeHCkdBSaC6DgSKF1Z6eFLcUtjVOeBWjsMGkHRmTBmBpNGwWd9~;ku6ION~_cHztQiey2W3EaB1dYKCgh7zQ2QzuhsU~;ILcpiDttyD3OVSofwFPRrUe.bps.a.1627204100904766.1073742130.1555500614741782/1627204677571375/?type=3&theater
     
    Last edited:
    • Like
    Reactions: mmaxx

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    බුදු දහම කොහෙවත් නැ.. බුදු දහම තියෙන්නේ තමන් තුල.." සබ්බේ සංකාරා අනිත්‍යා" සියලු සංස්කාර අනිත්යය්.. සංස්කාර කියන්නේ හිතේ හටගැනීම.. හිතේ හටගන්නා දේවල් ගැන බලන් ඉන්න..

    ..


    Totally wrong..
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    එල
    වැදගත් විස්තරයක්.
    ඔයා 2008 register වෙලා,
    පලවෙනි post එක මේ වගේ දෙයක් දාල පටන් ගත්ත එක ගොඩක් වටිනව.:yes:
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ




    මාතා, උතුනී හෝති..
    ගන්ධබ්බෝ පච්චුපට්ටිතෝ හෝති (ගන්දබ්බයෙකුගේ පැමිනීම )

    කියලා දෙශනාවල කියවෙනවානේ..

    ච්‍යුති , පටිසන්දි, ඔක්කන්ති කියලා සිද්දි තුනක් තියනවානේ. ඒවායින් "ඔක්කන්තිය"තමයිලු ඔය, මවුකුසට ගන්දබ්බයෙක් පැමිනෙනවා කියන්නේ...

    ගන්දබ්බයා පැමිනෙන වෙලාවවෙද්දී පටිසන්ධි ක්‍රියාවලිය වෙලා අහවරයි.බඩකට ඔක්කන්ති වෙන්නයි මෑන් එන්නේ.

    (වහරක අභයරත්නාකන්කාර හිමි.. "කර්මය, විඥානය" විඩියෝව )

    මාත් බලන්නම් video එක හොයාගෙන.
    video එකේ link එක දැම්මොත් අනෙක් අයටත් ලේසි වෙයි.:yes:
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    Totally wrong..

    එතන කොහොමද ඒ වාක්‍යය හැදෙන්න ඕන?

    "සංස්කාර කියන්නේ හිත අරමුණේ ඇලීම," කියල ආවොත් හරියයිද?:confused:

    ඒ වාක්‍යය ඇර අනික් ටිකනම් වැදගත්.:yes:
     

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    එතන කොහොමද ඒ වාක්‍යය හැදෙන්න ඕන?

    "සංස්කාර කියන්නේ හිත අරමුණේ ඇලීම," කියල ආවොත් හරියයිද?:confused:

    ඒ වාක්‍යය ඇර අනික් ටිකනම් වැදගත්.:yes:


    සන්ඛාරා අරුත් දෙකකින් ඒ ඒ තැන්වල යෙදෙනවා......
    1 හේතුප්‍රථ්‍යන්ගෙන් හැදුන දේ
    ( උදා: නිවන හැර සියලුදේ. අඹගස, වේදනාව, රුවන්වැලිසෑය......)

    2 කුසල් අකුසල් යන අත්ථයෙන්. එනම් අපි සන්ස්කරනය කරගත්තුදේ යන්න බව.පන්චස්කන්ධයේ කොටසක්වන සන්ඛාර (රුප,වේදනා,සඥා,සන්කාර,වි ) මේ අරුතින් ගන්න ඔනි.
    කොහොමද සන්ස්කරනය කරන්නේ.... ඔන්න කෙනෙක් අතීත කුසල විපාකයක් විදියට ප්‍රිය රුපයක් දකිනවා.කාන්තා රුපයක් කියමු. අභිධර්මයට අනුව අහෙතුක කුසල විපාක සිත් 17න් එකක්(විඥානයක්වශයෙන්)දැන් ඇසේ පහලවෙන්න යන්නේ,අතීත කුසලයක් නිසා.දැන් ඔන්න ඒ චක්ඛු විඥානය පහලවෙලා කෙල්ලෙක් පේනවා.දැන් ඒ දැනීමට ඇතිවෙලා නිරුද්ධවෙලා යන්නහරිනේ නැතුව, ඒක අල්ලන් රෝන්දේ ගහනවා.ඔන්න සන්කාර කරනවා.දිටිඨේ දිට්ඨ මත්තන් අනුගමනය නොකර කාන්තා රුපෙත් එක්ක රවුම් ගහනව. ඔන්න පට්ච්ච සමුප්පද චක්‍රය කරකවනවා.ඔන්න සන්කාර කරගනවා.


    ( අමතර -ඔන ඔත්නටයි, අපේ වැඩපිලිවෙල ඇප්ලයි කරන්න ඔනේ.)
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    සන්ඛාරා අරුත් දෙකකින් ඒ ඒ තැන්වල යෙදෙනවා......
    1 හේතුප්‍රථ්‍යන්ගෙන් හැදුන දේ
    ( උදා: නිවන හැර සියලුදේ. අඹගස, වේදනාව, රුවන්වැලිසෑය......)

    2 කුසල් අකුසල් යන අත්ථයෙන්. එනම් අපි සන්ස්කරනය කරගත්තුදේ යන්න බව.පන්චස්කන්ධයේ කොටසක්වන සන්ඛාර (රුප,වේදනා,සඥා,සන්කාර,වි ) මේ අරුතින් ගන්න ඔනි.
    කොහොමද සන්ස්කරනය කරන්නේ.... ඔන්න කෙනෙක් අතීත කුසල විපාකයක් විදියට ප්‍රිය රුපයක් දකිනවා.කාන්තා රුපයක් කියමු. අභිධර්මයට අනුව අහෙතුක කුසල විපාක සිත් 17න් එකක්(විඥානයක්වශයෙන්)දැන් ඇසේ පහලවෙන්න යන්නේ,අතීත කුසලයක් නිසා.දැන් ඔන්න ඒ චක්ඛු විඥානය පහලවෙලා කෙල්ලෙක් පේනවා.දැන් ඒ දැනීමට ඇතිවෙලා නිරුද්ධවෙලා යන්නහරිනේ නැතුව, ඒක අල්ලන් රෝන්දේ ගහනවා.ඔන්න සන්කාර කරනවා.දිටිඨේ දිට්ඨ මත්තන් අනුගමනය නොකර කාන්තා රුපෙත් එක්ක රවුම් ගහනව. ඔන්න පට්ච්ච සමුප්පද චක්‍රය කරකවනවා.ඔන්න සන්කාර කරගනවා.


    ( අමතර -ඔන ඔත්නටයි, අපේ වැඩපිලිවෙල ඇප්ලයි කරන්න ඔනේ.)

    එල එල. හොඳ විස්තරයක්.:yes:
     
    • Like
    Reactions: selinux57

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මාත් බලන්නම් video එක හොයාගෙන.
    video එකේ link එක දැම්මොත් අනෙක් අයටත් ලේසි වෙයි.:yes:

    මේකද දන්නේ නැහැ කතාවට ඈදිලා තියෙන වීඩියෝව...




    වහරක අභයරතනාලංකාර හිමි
    http://www.trekmentor.org/si/content/savaka/3612


    Skylark
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    සංඛාර​

    සං - රාග ද්වේශ මොහ වලින් යුක්තව එකතුකර ගැනීම , රැස් කර ගැනීම

    සංඛාර ( සං + ඛාර ) - රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් යුක්තව එක් රැස් කරගැනීම උදෙසා කරන ක්‍රියාකාරකම්
     
    • Like
    Reactions: selinux57 and mmaxx

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    This message is hidden because Skylark is on your ignore list.

    :rofl::rofl::rofl::rofl:

    "The dogs bark, but the caravan goes on.";)


    True, "The dogs bark, but the caravan goes on.".

    Skylark

    --------------------------------------------------------------------

    මම කවර දෙයක්ද මේ කරන්නේ?

    සටහන: පහත ලිපියෙහි නිවැරදි කිරීම් ඇතුලත්ව යාවත්කාලීන කෙරෙන සංස්කරණය කියවීම සඳහා මෙතැනට පිවිසෙන්න: http://www.trekmentor.com/si/content/book/625

    මම http://www.trekmentor.org/si වෙබ් අඩවියේ මම කරන දේ කවර අරමුණු උදෙසා කරන්නේදැයි සැකෙවින් සඳහන් කරලා තිබෙනවා. මම උත්සාහ කරනවා හැකි නම් යම් කාලයකදී ලොව සියළු රටවල් වල බුද්ධ ධර්මය අනුව ක්‍රියා කරන්නෙමැයි වෙනස් වෙනස් ස්වරූපයන්ගෙන් වරදවා දහම් අවබෝධ කරන්න යන හැමෝවම එකමුතු කර නිවැරදි දේ වෙත යොමු කරන්න. මම එය ඉලක්ක කරගෙන හිමින් හිමින් කටයුතු කරනවා. කොහොමද මම මේ වෙත වැඩි කාලයක් යොමු කරන්නේ, කොහොමද මම අන් අයට දහම් අවබෝධයට පහසු වන කාරණාවන් ඇති කරන්නේ, කොහොමද මම ගිහි පැවිදි දෙපිරිසම ධර්මයට යටහත් පහත් පිරිසක් බවට පත් කරන්නේ, කොහොමද මම වරදවා පිළිපන් අය නිවැරදි තැනට ගෙන එන්නේ, කොහොමද මම දැනට මුල් බැහැගෙන ඇති අධර්මය සහ අවිනය යට යන්න කටයුතු කරන්නේ, කොහොමද මම සංඝයා සමඟි කරවන්නේ, කොහොමද මම සාසනය ලිහිල්ව දැකීමෙන් අන් අයව මුදවන්නේ, කොහොමද මම සංඝයා සංඝ කර්ම කරන තැනට පමුණුවන්නේ, කොහොමද මමත් වැඩි වැඩියෙන් දහම් අවබෝධ කරන්නේ ආදී ලෙසින් හිතා බලා මම ක්‍රියා කරනවා, ඒ සඳහා උපක්‍රම යොදනවා.

    සමහර හිස් පුද්ගලයෝ තමන්ගේත් අන් අයගේත් අභිවෘද්ධියට තම තමන් කල යුත්තේ කුමක්දැයි වත් දන්නේ නැහැ. ඉතින් ඉහත පරිදි හිතා බලා ඊට ක්‍රියා කලාම, ඊට උපක්‍රම යොදපුවාම සමහර හිස් පුද්ගලයන් හිතන්නේ අන් පරිද්දකින්. ඒ පුද්ගලයෝ වරදවා හිතනවා මගේ මානසික සමතුලිත තාවය බිදිලාය, මම මානයෙන් අන්ධ වෙලාය, එසේ අන්ධව ප්‍රසිද්ධිය උදෙසා කටයුතු කරනවාය, මම සංඝයා නැති කරලා දාන්න උත්සාහ කරනවාය, මම බුද්ධ ධර්මය නැති කරන්න උත්සාහ කරනවාය ආදී ලෙසින්. ඒත් ඒ පුද්ගලයින් දකින්නේම මම පෙර කී පරිදි කටයුතු කරපු ආකාරයන්ට සාක්ෂි. උදාහරණයකට මම http://thripitaka.org/ යන තැන ථෙරවාද ත්‍රිපිටකය අන්තර්ජාලයට එක් කරනවා. මම http://www.trekmentor.org/si යන තැන බොහෝ ස්වාමීන් වහන්සේලාගේ ධර්ම දේශනාවන් සොයා ගැනීමට සහ සැසඳීමට පහසු වෙන්න කටයුතු කරනවා. මම http://www.trekmentor.com/si/daham/talks යන තැන මමත් ධර්මය දේශනා කර අන් අයට බෙදා දෙනවා. මම http://www.trekmentor.com/si/enlighten යන තැන ධර්මය සහ විනය මතු වන පරිදිත් අධර්මය සහ අවිනය යට යන පරිදිත් වරදවා පිළිපන් අය නිවැරදි බවට පමුණුවනු පිණිසත් උපක්‍රම යොදා තිබෙනවා. මම මාවම නිවැරදි කරමින් අන් අයවත් නිවැරදි කරමින් කටයුතු කරනවා. මේවා සත්‍ය වශයෙන්ම සිදුව ඇති සහ සත්‍ය වශයෙන්ම දැනටත් සිදුවන දේවල්. මේ ආකාරයටමයි මම ඉදිරියටත් ක්‍රියා කරන්නේ. ඉතින් මම මේ සැබැවින්ම කර ඇති සහ කරගෙන යන යහපත් සත්‍ය කාරනාවල් දකින හිස් පිරිසට මගේ වැරදි දක්වන්න ඊට වෙනස් සාක්ෂි නැහැ. ඊට වෙනස් සාක්ෂි නොදකින ඔවුන් හැකි නම් මම කරන දේට උපකාර කරනවා වෙනුවට මට අභූත දොස් පැවරීම් කරනවා. සත්‍ය වශයෙන් මා කෙරේ විද්‍යාමාන වන කාරනාවන් තිබියදී ඔවුන් මට පවසන්නේ මගේ මානසික සමතුලිත තාවය බිදිලාය, මම මානයෙන් අන්ධ වෙලාය, එසේ අන්ධව ප්‍රසිද්ධිය උදෙසා කටයුතු කරනවාය, මම සංඝයා නැති කරලා දාන්න උත්සාහ කරනවාය, මම බුද්ධ ධර්මය නැති කරන්න උත්සාහ කරනවාය ආදී ලෙසින්.

    සම්බුද්ධ සාසනයේ උපකාරයෙන් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදිය ඉපයීම අනුහස් කර ඇති පිරිස් ඉන්නවා. ධර්මය සහ විනය ඉස්මතු වූ විට එවන් බත් බැළයින්ට අන් අයට අධර්මය සහ අවිනය දෙසමින් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා උපයන්න ඇති අවස්ථා නැතිව යනවා. ඉතින් ඒ බත් බැළයින් ධර්මය සහ විනය ඉස්මතු වන විට ඔවුන්ට නැතිවන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදිය ගැන හිතමින් සුසුම් හෙළනවා, දුක් වෙනවා, තමන්ට නැති වන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පවත්වාගන්න උත්සාහ ගන්නවා.

    එවන් බත් බැළයින්ගේ ස්වභාවය තමයි ධර්මය සහ විනය මතු වන විට කවර ආකාරයන්ගෙන් හෝ එහි දොස් දැකීම. ධර්මය සහ විනය මතු වීම උතුම් ලෙස සලකා කටයුතු කරන්න ඒ බත් බැළයින් කැමති නැහැ. ඒ නිසා පවතින අධර්මය සහ අවිනය දිගටම පැවතීමට හෝ තව තව අධර්මය සහ අවිනය පැතිරවීමට ඒ බත් බැළයින් කටයුතු කරනවා.

    නුවනැති පුද්ගලයින් ධර්මය සහ විනය ප්‍රභල වීමටත් අධර්මය සහ අවිනය දුබල වීමටත් කැමතියී. ඒ නිසා නුවනැති පුද්ගලයින් එය උතුම් යැයි සලකා ඒ සඳහා කටයුතු කරනවා, ඒ සඳහා ඒකරාශී වෙනවා.

    බත් බැළයින් අධර්මය සහ අවිනය ප්‍රභල වීමටත් ධර්මය සහ විනය දුබල වීමටත් කැමතියී. ඒ නිසා බත් බැළයින් ඒ සඳහා කටයුතු කරනවා, ඒ සඳහා ඒකරාශී වෙනවා. ඔවුන්ට ධර්මය සහ විනය මතු වීම ඔවුන්ගේත් හිත සුව පිණිස හේතු වෙනවා යැයි හිතෙන්නේත් නැහැ. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදිය අනුහස් කොට එය රැකගන්න කටයුතු කරන ඔවුන්ට ධර්මය සහ විනය මතු වීම ඔවුන්ට යහපතක් වන බව හැඟෙන්නේ නැහැ.

    හිස් පුද්ගලයින්ගේ තවත් ස්වභාවයක් තමයි ධර්මය සහ විනය දන්නා බවටත් දොස් තැබීම. ඔවුන් බොහෝ විට දොස් තබන්නේ ධර්මය සහ විනය ගැන නිවැරදිව කතා කරන පුද්ගලයින් ත්‍රිපිටකය ඉගෙන ගැනීමෙන් පමණක් ධර්මය සහ විනය ගැන කතා කරන බව දක්වමින්. යම් පුද්ගලයෙක් ත්‍රිපිටක ධර්මය සහ විනය දරාගෙන සිටිනවානම් සහ එම පුද්ගලයා එම ධර්මයට සහ විනයට අනුව කටයුතු කරනවානම් එම පුද්ගලයා දහම් අවබෝධය පමා උවත් දහම් දරාගෙන සිටීම සහ ඊට අනුව කටයුතු කිරීම නිසා තමන්ගේත් අන් අයගේත් අභිවෘද්ධියට කටයුතු කරන පුද්ගලයෙක්. ඒ නිසා එවන් අයවත් පැසසීමයි සුදුසු.

    සමහර හිස් පුද්ගලයින් මටත් දොස් කියනවා මම ධර්මය සහ විනය ගැන කතා කරන්නේ සහ ඊට අනුව කටයුතු කරන්නේ ත්‍රිපිටකය ඉගෙන ගැනීමෙන් පමණක්ය, මට ඉන් මතු අවබෝධයක් නැතිය කියා. එවන් සමහර දොස් පැවරීම් වලදී නිවැරදි ධර්මය සහ විනය යැයි හිතාගෙන ඒ හිස් පුද්ගලයින් ඉදිරිපත් කරන්නේ ත්‍රිපිටකයේ ධර්මයට සහ විනයට ප්‍රතිවිරුද්ධ ලෙස විස්තර කර ඇති කරුණු. ඒ හිස් පුද්ගලයින් ත්‍රිපිටකයේ ලියවිලා තියෙන දේවත් සමහර විට දන්නේ නැහැ. ඉතින් තමන් හිතා ගත්ත මනස්ගාත ගෙන හැර දක්වමින් ඒ මනස්ගාත ධර්මය සහ විනය යැයි දැඩිව ගෙන කටයුතු කරන පුද්ගලයින්ට නිවැරදි දේ මෙය යැයි මම කොහොම අවබෝධ කරවන්නද?

    මම අන් අයට ත්‍රිපිටක ධර්මය හදාරන්න, අනුත්තර විද්‍යාවන් පසක් කරන්න ත්‍රිපිටකයේ ඇති ධර්මය සහ විනය උපකාරී වෙනවා, ත්‍රිපිටක ධර්මය විකෘති කරන්න එපා යැයි පවසන්නේත්, හැකි උපරිමයෙන් ඒ ත්‍රිපිටක ධර්මය අනුසාරයෙන්ම අන් අයටත් දහම් අවබෝධ කරවන්න උපකාර කරන්නේත්, මුලින් සඳහන් කල අරමුණු සපුරා ගැනීම සඳහා එම සඳහන් කල පරිදි ක්‍රියා කරන්නේත් ත්‍රිපිටකය කියවා ඒ ලැබූ දැනුම හේතුවෙන් තමන් ගැන මහත්වයෙන් හිතාගෙන නොවෙයි. නමුත් සමහර හිස් පුද්ගලයින් මාව අන් අයට ගෙන හැර දක්වන්න උත්සාහ කරන්නේ මම මා ගැන මහත්වයෙන් හිතාගෙන ඉන්නා අයෙක් හැටියට. ඒ හිස් ප්‍රකාශ ඔප්පු කරගන්න ඔවුන්ට සාධක හැබෑවටම නැති නිසා ඔවුන් මම මානයෙන් මත් වූ අයෙක් හැටියට අන් අයට දක්වන්න සාධකයක් ලෙස භාවිතා කරන්නේ මා විසින් ත්‍රිපිටක ධර්මය සහ විනය බහුල ලෙස අන් අයට ගෙන හැර දැක්වීම.

    ඒ සමහර හිස් පුද්ගලයින් ත්‍රිපිටක ධර්මය දන්නා බව සහ මානය යන කාරණා දෙක එකම දෙයක් හැටියට ගෙන හැර දක්වා මම මානයෙන් මත් වූ අයෙකු යැයි අන් අයට ගෙන හැර දක්වන්න බොහෝ උත්සාහ ගන්නවා. එවන් පුද්ගලයින්ට ත්‍රිපිටක ධර්මය දන්නා බව සහ මානය යන කාරණා දෙක දෙකක් බව වටහා ගන්න තරම් සාමාන්‍ය පමණකවත් බුද්ධියක් නැහැ නොවැ. තවත් සමහර බත් බැළයින් ත්‍රිපිටක ධර්මය දන්නා බව සහ මානය යන කාරණා දෙක එකක්ම ලෙසට වරදවා පෙන්වමින් අන් අය නොමඟ යවා තමයි ධර්මය සහ විනය දුබල කිරීමටත් අධර්මය සහ අවිනය ප්‍රභල කිරීමටත් මහත් උත්සාහයක් ගන්නේ. ඉතින් එවන් හිස් පුද්ගලයින්ට, එවන් බත් බැළයින්ට ත්‍රිපිටක ධර්මය දන්නා බවින් මත්තෙහි ඇති ධර්ම ප්‍රතිවෙධ කිරීම නම් දුෂ්කරයි. එවන් හිස් පුද්ගලයින්ට, එවන් බත් බැළයින්ට ධර්මය යම් පමණකට හෝ ප්‍රතිවෙධ කල අය මේ විය යුතු යැයි අනුමානයෙන් හිතා ගැනීමත් දුෂ්කරයි. ඒ ඔවුන් ත්‍රිපිටක ධර්මය දන්නා බවත් මානයක් ලෙස සලකා කටයුතු කරන නිසා.

    ධර්මය යම් පමණකට හෝ ප්‍රතිවෙධ කරන ලද අය දකිනවා ප්‍රතිවෙධ කරන ලද දේ ත්‍රිපිටකයේ එපරිද්දෙන්ම මනා සේ විස්තර කර තිබෙන බව. ඉතින් එවන් විශ්වාසයක් ඇති වූ විට අන් අයට නිවැරදි ධර්මය සහ විනය ලෙස ත්‍රිපිටකයේම ඇති කරුණු ගෙන හැර දැක්වීම තරම් පහසු දෙයක්, සුදුසු දෙයක් සහ වටිනා දෙයක් තවත් කොයින්ද? මමත් එපරිද්දෙන්ම සලකා ත්‍රිපිටකයේ ඇති කරුණු වෙතම අන් අයව යොමු කරනවා. එසේ මනා දෙයටම යොමු වන අයට කුමක් නිසා වරදින්නද?

    අසත්පුරුෂ පුද්ගලයින්ගේ මම දුටු ස්වරූපයක් තමයි පුද්ගලයින්ගේ ඇති ගුණ නැති ලෙසට අන් අයට ගෙන හැර දැක්වීම. ඒ සඳහා කූට උපක්‍රම ඔවුන් යොදා ගන්නවා. ඊට උපමාවක් දිය හැකියී. යම් සත්පුරුෂ පුද්ගලයෙක් දිය පහරකින් එතෙර වෙන අයට පහසුව පිණිස පාලමක් සාදන්නෙමැයි සිතා පාලම සාදන්න ගස් කපන්න පොරොවක් සොයනවා යැයි හිතන්න. අසත්පුරුෂයාගේ ස්වරූපය තමයි ඒ පාලම සාදන්න ගස් කැපීම පිණිස පොරොවක් සොයන පුද්ගලයා යම් අයෙක් මරන්න පොරොවක් සොයනවා යැයි අන් අයට ගෙන හැර දැක්වීම. ගස් කපන්න යන විට අසත්පුරුෂයා පවසන්නේ ඒ පුද්ගලයා යම් අයෙක්ව මරන්න යනවා ලෙස. ගස් කපන විට අසත්පුරුෂයා පවසන්නේ ඒ පුද්ගලයා සොබා දහම විනාශ කරන්නෙකු ලෙස. පාලම සාදන විට අසත්පුරුෂයා පවසන්නේ ඒ පුද්ගලයා අනිත් අයට දිය පහරින් බැහැලා යන්න තියෙන තැන නැති කරලා දාපු පුද්ගලයෙකු ලෙස. පාලම සෑදූ විට අසත්පුරුෂයා පවසන්නේ ඒ පුද්ගලයාට ලී වලින් නොව යකඩ කොන්ක්‍රීට් වලින් පාලම සාදන්න තිබුනා ලෙස. ඒ තමයි අසත්පුරුෂ ස්වභාවය.

    සත්පුරුෂ පුද්ගලයින් ඊට වෙනස්. පෙර උපමාවට අනුව මෙසේ සිතයි හැකියී. යම් සත්පුරුෂ පුද්ගලයෙක් දිය පහරකින් එතෙර වෙන අයට පහසුව පිණිස පාලමක් සාදන්නෙමැයි සිතා පාලම සාදනන් ගස් කපන්න පොරොවක් සොයනවා නම් අන් සත්පුරුෂයෝ පොරොවක් හරි ඊටත් වඩා වැඩේ පහසු කරන උපකරණයක් සොයා දෙන්න යුහුසුළු වෙනවා. පුළුවන් නම් ලී හොයලාම දෙනවා. පුළුවන් නම් යකඩ කොන්ක්‍රීට් වලින් පාලම ඉදිකිරීමට උපකාර කරනවා. පාලම සෑදූ විට තමන්ටත් අන් අයටත් ඉන් ඇති ප්‍රයෝජනය දැක සතුටට පත්වෙනවා. පාලම සාදන්න සිතූ, ඊට මුල්ව කටයුතු කල කෙනාටත් ස්තුතියි කරනවා. තමනුත් පාලම සැදීමට උපකාර කලා යැයි සිහි කරලාත් සතුටු වෙනවා. ඒ තමයි සත්පුරුෂ ස්වභාවය.

    නුවනැති පුද්ගලයින් ධර්මය සහ විනය ප්‍රභල වීමටත් අධර්මය සහ අවිනය දුබල වීමටත් කැමතියී. ඒ නිසා නුවනැති පුද්ගලයින් එය උතුම් යැයි සලකා ඒ සඳහා කටයුතු කරනවා, ඒ සඳහා ඒකරාශී වෙනවා. ඔවුන් කටයුතු කරන්නේ අන් අය ගැරහීමම උතුම්ය යන අදහසින් නොවෙයි. ඔවුන් සුදුසු විටෙක සුදුසු පරිද්දෙකින් ගැරහිය යුත්තාව ගරහනවා, පැසසිය යුත්තාව පසසනවා. ඒ ධර්මය සහ විනය ප්‍රභල වීමටත්, අධර්මය සහ අවිනය දුබල වීමටත්, ගැරහීම සහ පැසසීම කරන අයගේ අභිවෘද්ධියටත්, ගැරහීම සහ පැසසීම ලබන අයගේ අභිවෘද්ධියටත්, අන් අයගේ අභිවෘද්ධියටත් එසේ ගැරහීම සහ පැසසීම හේතු වන කාරණාවන් නිසා.
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    සන්ඛාරා අරුත් දෙකකින් ඒ ඒ තැන්වල යෙදෙනවා......
    1 හේතුප්‍රථ්‍යන්ගෙන් හැදුන දේ
    ( උදා: නිවන හැර සියලුදේ. අඹගස, වේදනාව, රුවන්වැලිසෑය......)

    2 කුසල් අකුසල් යන අත්ථයෙන්. එනම් අපි සන්ස්කරනය කරගත්තුදේ යන්න බව.පන්චස්කන්ධයේ කොටසක්වන සන්ඛාර (රුප,වේදනා,සඥා,සන්කාර,වි ) මේ අරුතින් ගන්න ඔනි.
    කොහොමද සන්ස්කරනය කරන්නේ.... ඔන්න කෙනෙක් අතීත කුසල විපාකයක් විදියට ප්‍රිය රුපයක් දකිනවා.කාන්තා රුපයක් කියමු. අභිධර්මයට අනුව අහෙතුක කුසල විපාක සිත් 17න් එකක්(විඥානයක්වශයෙන්)දැන් ඇසේ පහලවෙන්න යන්නේ,අතීත කුසලයක් නිසා.දැන් ඔන්න ඒ චක්ඛු විඥානය පහලවෙලා කෙල්ලෙක් පේනවා.දැන් ඒ දැනීමට ඇතිවෙලා නිරුද්ධවෙලා යන්නහරිනේ නැතුව, ඒක අල්ලන් රෝන්දේ ගහනවා.ඔන්න සන්කාර කරනවා.දිටිඨේ දිට්ඨ මත්තන් අනුගමනය නොකර කාන්තා රුපෙත් එක්ක රවුම් ගහනව. ඔන්න පට්ච්ච සමුප්පද චක්‍රය කරකවනවා.ඔන්න සන්කාර කරගනවා.


    ( අමතර -ඔන ඔත්නටයි, අපේ වැඩපිලිවෙල ඇප්ලයි කරන්න ඔනේ.)

    එල එල. හොඳ විස්තරයක්.:yes:




    220px-Yeltsin_and_clinton_laughing.jpg


    Skylark
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    :rofl::rofl::rofl:
    මුන්ට තියන ආතල් එක දැක්කම හිනත් යනව.

    මේ නාඩගම මොකද්ද කියල හිතාගන්න බැරි අයට මම වැඩිය මඩ ගහන්නේ නැතුව පොඩි විස්තරයක් දෙන්නම්. මේක පටන් ගන්නෙ මෙහෙම.

    මේ Skylark එහෙම නැත්නම්, කමල් වික්‍රමනායක කියන පුද්ගලය, තමන් සෝවාන් වෙලායි කියාගනිමින්, ප්‍රසිද්ධ භික්ෂුන්ව ප්‍රසිද්ධියේ පහත විදිහට විවේචනය කරනව. ඒක මෙයාගෙ විනෝදාංශය.

    මේ thread එකෙදි.
    නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!

    මමයි තව කිහිපදෙනෙකු ඒ වැඩේ වැරදියි කිව්වම මෙයා ඒක කීයටවත් පිළිගන්නේ නෑ. මෙයාගෙ ක්‍රමය තමයි ප්‍රශ්නයක් ඇහුවම සුත්‍රයක link එකක් දාල උත්තරේ මෙතන තියනව කියනව. ඒ අස්සේ fake accounts කිහිපයකුත් දාල, Skylar account එකේ සෝවාන් කම රැකගන්න, ඒ account ඒකෙන් කියන්න බැරි දේවල් අරවයින් කිය කියා අනික් අයට පහර ගහනව. පස්සෙ මෙයාගෙ 'සෝවාන්' කියන බොරුව මෙයාගෙම අතේ පත්තු කරල මෙයාගෙ හෙළුව පෙන්නන්න උනා මෙයා කරන හානිය අවම කරන්න. මෙයාගෙ මානයට පහර වැදුනම, මෙයාගෙ නියම ස්වරුපය එලියට ආව. මෙයාගෙ Skylark account එකත් මෙයාගෙ fake විදිහටම කතා කරන්න ගත්ත. පොඩි එවුන්ගෙ වැඩ කරන්න ගත්ත.

    http://www.elakiri.com/forum/showthread.php?t=1754494&page=9

    ටිකක් වෙලා යනකොට මට තේරුණා මේ මනුස්සයට ඇත්තටම මොකක් හරි මානසික ප්‍රශ්නයක් තියනව කියල. මට ලොකු අනුකම්පාවක් ඇති උනා. ඒක නිසා මම අර මුව හමට තල තල ඉන්නෙ නැතුව ඒ thread ඒකෙන් ගියා.

    එදා ඉඳල මේ කමල් වික්‍රමනායක මාත් එක්ක ජන්ම තරහයි මිනිහගේ සෝවාන් ඵලය හොරකම් කලා කියල.:rofl:

    මාව අවුස්සන්න දඟලනව මම මිනිහට වැඩිය නරකයි කියල පෙන්නන්න. සෝවාන් උනා කියාගන්න කෙනෙක් මාව එයත් එක්ක සසඳන එක මම එක අතකට ආඩම්බර වෙන්න ඕන දෙයක්.

    දැන් මෙයාගෙන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන, මෙයාට වන්දිබට්ට කම් කරන account දෙක, ජිංතක ජිල්ලබකිට, Harvard-Bio එයාලගෙ ජිවිත ඉලක්කය කරගෙන ඉන්නව මාව පරද්දල Skylark ට නැවත සෝවාන් පට්ටම ලබාදෙන්න.:rofl:

    හොඳට බලන්න මේ තුන්දෙනාම හරයක් ඇති, සාක්ෂි ඇති, තර්කාන්විත කිසි දෙයක් කියන්නෙ නෑ. අපි උත්තරයක් දුන්නත්, ඒක එක්කො නොදැක්ක වගේ ඉන්නව, නැත්නම් out of context අරගෙන පොඩි එවුන් වගේ උසුළු විසුළු කරනව. ඒක නිසා මෙයාලත් එක්ක කතා කරල වැඩක් නෑ. කතාවක් තියනවනෙ මොලේ තියන එවුන් 100ක් එක්ක වාද කරන එක ලේසියි කියල එක මෝඩයෙක් එක්ක වාද කරන එක.

    මෙයාල හරියට අර, පාර අයිනෙ ඉන්න, යන යන වහනයට බුරන බලු කල්ලියක් වගේ. මේ එයාලගේ class එක. මෙයා භික්ෂුන්ටත් කරන්නේ ඔය ටිකමයි.
    එක්කො අපි යන වාහනය නවත්තල, ගල් අහුලලා මුන්ට ගහන්න ඕන, නැත්නම් මුන්ට බුරාගන්න කියල අපේ ගමන යන්න ඕන.

    ධර්මයට වින කරන මේ වගේ අය බුදුරජුන් සමයේත් හිටිය. දෙවදත්තත් මේ වගේනේ. පොඩ්ඩක් පුළුවන් උනාම, සෘධියක් ලැබුනම මානෙන් ඉදිමුනානෙ; බුදු උනා කියල හිතුවනේ. ඊට පස්සෙ බුදුහාමුදුරුවන්වත් විවේචනය කලානේ. ගෝලයොත් එක්ක අනෙක අයට නිග්‍රහ කලානේ. ඉතින් දැන් කාලෙ ගැන මොන කතාද?


    මම දන්නව මේ thread එකට එන්නෙ වැදගත්, මේ බොළඳ නාඩගම් වලට පැටලෙන්න කැමති නැති අය. ඒක නිසා මේ වගේ අයට කරන්න පුළුවන් හොඳම දේ තමයි, මෙයාලගේ
    Skylark
    ජිංතක ජිල්ලබකිට
    Harvard-Bio

    කියන profile තුනට ගිහින්, නම යටින්ම තියන 'user list' menu එකේ 'Add to ignore list' කියන එක දාන්න. එතකොට A/C කාර් එකේ ජනෙල් වහගත්ත වගේ. බල්ලොන්ගේ බිරිලි ඇහෙන්නේ නෑ, අපිට අපේ පාඩුවේ ගමන යන්න පුළුවන්.

    බුදුසරණයි.