හැම භාවනාවක්ම එක වගේ වැදගත්. සමථයෙන් හිත පැහැදිලි කරල, විදර්ශනාවෙන් තමයි ප්‍රඥාව වඩන්නේ. සමථයක් නැතුව විදර්ශනාවක් කරන්න බෑ. ධර්මය ඉගෙන ගත්තත්, ඒ කරුණු ගැන විදර්ශනා කරන්න ඕන. එතකොට තමයි දැනගැනීම අවබෝධයක් කරගන්න පුළුවන්. අනාපානසතියත් පස්සෙ විදර්ශනාවකට හරවන්න පුළුවන්.
මිනිත්තු කිහිපයකින් රහත් උන අය කලින් භව වලදි විදර්ශනා කරල නිවන් දකින්න අවශ්‍ය ප්‍රඥාව තියාගෙන තමයි ඒ භවයේ ඉපදුනේ. පොඩි මතක් කිරීමක් විතරයි උවමනා උනේ. සමහර අයට ඒ මතක් වීම ඉක්මනට උනා, සමහර අයට ටිකක් කල් ගියා. සමහර අයට අවශ්‍ය ප්‍රඥාව පොඩ්ඩක් අඩුවෙන් තිබ්බ, ඒක නිසා මහන්සි වෙලා භාවනා කරන්න උනා ප්‍රඥාවේ ඉතුරු ටික වඩන්න. සමහර අයට ප්‍රඥාවේ ලොකු අඩුවක් තිබ්බ, ඒකනිසා ඒ ජිවිත කාලයේදී කොච්චර බණ ඇහුවත්, භාවනා කලත් අර අඩුව පුරවගන්න බැරි උනා.
සිත එක්තැන් කරන්න ලේසිම භාවනාව තමයි අනාපානසති භාවනාව. සිත පිරිසිදු කරන්න ලේසිම භාවනාව තමයි මෛත්‍රී භාවනාව. ලේසි උනාට ඔය දෙකේ අනුසස් ගොඩක් තියනව. භාවනාව පටන් ගන්න ඕන කෙනෙක් පටන් ගන්න ඕන ඔය දෙකෙන්.
ඔයත් ධර්මය ඉගෙන ගන්න පටන් ගත්ත එක වටිනව මචන්. වචනේ වචනෙ ගානෙ හරි නිවනට ලං වෙන්නේ.
බුදුසරණයි!
මැක්ස්,සමථය නැතුව විපස්සනා වඩන විදියකුත් තියනවා.. හිම මත ලිස්සනවා සහගල් ගැලවුන පාරක යනවා වගේ වෙනසක් තියෙන්නේ.. අරමුනේ හිත පවත්තන්න හරි අමරුයි.නමුත් සමහරු කරනවා. හේතු තියනව ඒවට..
කට්ටියක් විවේචනය කරන හාමුදුරු නමක් ඉන්නේ.. උන්වහන්සේ ශුෂ්ක විදර්ශනාවෙන් නිරෝදයට පත්වුන හිමිනමක්.. (සමථය වඩන්නේ නැතුව කෙලින්ම විපස්සනාව වඩා)උන්වහන්සේට ධ්‍යාන නෑ.ඵ්ලය හේතුවෙන් ලැබු ඥාන තුනක් තියනවා.. ඒව උපයෝගීකරගෙන සත්වයින්ගේ ච්‍යුති,ප්‍රතිසන්ධි බලල මිනිස්සුන්ට සසර බිය ඇතිකරන්නේ.
මේව මම උබලට කිව්වෙ,නොදැනුවත්කම නිසා පවුකරගන්න ඉඩ තියන නිසා.. එත් මට ලොකෙ මිනිස්සු හදන්න බෑ. එහෙම උත්සහකරන්නේත් නෑ.
Last edited:



