අභිධර්ම සංගමය.

selinux57

Active member
  • Jul 19, 2016
    416
    134
    43
    :yes:ඔයා underline කරල තියන කෑල්ල කොහොමත් වැරදියි. ගොඩක් වෙලාවට එක එක්කෙනාගේ site වල කොහොමත් ඔය වගේ වැරදි කරුණු තියනව. ඉතුරු ටිකේ හරි ඇත්තක් තියනවද කියල ටිකක් හොයල බලන්න ඕන.

    එකනේ. උබත් ඔව්ව නිකම් ක්වෝට් කරන්න එපා මචො.දන්නේනැති එකෙක් බැලුවොත් ඇත්ත කියලා හිතනවා.

    සතිපට්ටානේ තියෙන්නේ , ධ්‍යාන වඩන්නයැ.
    එයා සතිපට්ටනේ දන්නේත්නෑ.

    සතිපට්ටානේ ,හරිම ලොජිකල්. ඔතනින් තමයි බුදුදහම සන්දිට්ඨිකව දකින්න පුලුවන් තැන. අපි ඉස්කෝලේ විභගේ පාස්වෙන්නනේ මචන් සන්දිට්ඨික කියන පදේ තේරුම මතක තියන් ඉන්නේ.නමුත් ඔන්න ඔතනයි බුදුදහමේ තියන සන්තිට්ඨිකගතිය පෙන්නන්න පුලුවන් එකතැනක්.

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    ඔවු. උඹේ කතාව ඇත්ත. නොදන්න කෙනෙක් වැරදි වැටහීමක් ගන්න පුළුවන්.
    මම ඒ post එකට note එකක් දැම්ම.

    අනෙක,කෙනෙක්ගේ උප්පත්ති භවංගය යම් මට්ටමකට පැහැදිලි නැත්නම්, බුදුන් වැඩල අවුරුදු හතක් එක දිගට බණ දේශනා කලත් ඒ මනුස්සය මාර්ගඵල ලබන්නේ නෑ.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    එකනේ. උබත් ඔව්ව නිකම් ක්වෝට් කරන්න එපා මචො.දන්නේනැති එකෙක් බැලුවොත් ඇත්ත කියලා හිතනවා.

    සතිපට්ටානේ තියෙන්නේ , ධ්‍යාන වඩන්නයැ.
    එයා සතිපට්ටනේ දන්නේත්නෑ.

    සතිපට්ටානේ ,හරිම ලොජිකල්. ඔතනින් තමයි බුදුදහම සන්දිට්ඨිකව දකින්න පුලුවන් තැන. අපි ඉස්කෝලේ විභගේ පාස්වෙන්නනේ මචන් සන්දිට්ඨික කියන පදේ තේරුම මතක තියන් ඉන්නේ.නමුත් ඔන්න ඔතනයි බුදුදහමේ තියන සන්තිට්ඨිකගතිය පෙන්නන්න පුලුවන් එකතැනක්.

    මහා සතර සතිපට්ටාන සූත්‍රයේ ධ්‍යාන ලැබීම ගැන කිසිම සඳහනක් නැති නිසා එතන ඒ කියල තියෙන කතාව වැරදියි තමයි.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම ඔය හාමුදුරුවන්ගේ බන අහනවා. හැබැයි උපරිම හත් වසරකින් අනාගාමී හෝ අරහත් වෙන බවක් නම් කියනවා අහල නැහැ. මේ සයිට් එකට දාන කෙනා වරද්දල වගේ.

    ඔය වචනය ගැන මතභේදයක් තියනව කියල මාත් අහල තියනව.

    මෙන්න මෙතන http://hiddenbuddhism.blogspot.com/2010/08/107-108.html

    මෙහෙම කතාවක් තියනව.

    "සිව්පිළිසිඹියාපත් මහ රහතන් වහන්සේලා දුන් අර්ථ විවරණ ගණන් නොගෙන ඒ අත්දැකීම්වත් නොලත් ආචාර්ය වාදයක් මුදුන් මල් කඩක් සේ දරමින් ප්‍රතිඵලයක් ද හේතු සහිතව විද්‍යාමාන කළ නොහැකිව සිටියදී තවමත් ඒ පසු පසම යාම සිතා බැලිය යුත්තකි. මග හරි නැති නම් ඵලය ලබන්ටද බැරිය. උපරිම හත් වසරකින් අනාගාමී වීම හෝ අරිහත් ඵලය ලැබෙන බව පෙන්වා තිබිදයදී හැත්තෑ වර්ෂයක් තරම් කාලයක් වැඩුවත් ධ්‍යානයකට සම වදින්නට බැරි නම් මේ පිළිබදව විමර්ශනය කල යුතුමය. මේ භාවනාව විග්‍රහ වන පෙළ දහම් පොත්වල “සතෝව අස්ස සති, සතෝ පස්ස සති” යනුවෙන් මුල අරඹයි. එය පෙළ දහම් වාක්‍යයයි. එයට දුන් සිංහල තේරුම “සිහියෙන් හුස්ම ගන්න, සිහියෙන් හුස්ම හෙලන්න” යනුයි. එය පෙළ දහම් වාක්‍ය නොවේ. ඒ ඊට පසු කලෙක දුන් සිංහල අර්ථ කථාවයි. වාක්‍යය නිවැරදි වුවත් ඊට දුන් අර්ථ කථාව වැරදි නම් මුලදිම වැරදී හමාරය. කෙසේ නම් ප්‍රතිඵල ලැබේද? තර්ක වාද කෙතෙක් ගෙන හැර පෑවත් ප්‍රතිඵල නැත්නම් ඇයි කියා විමසිය යුතුය.
    “අස්සසාස” යන වචනය ත්‍රිපිඨක ධර්මයේ තව කිහිප ‍තැනකම සදහන්ව ඇත. ඒ කිසි තැනක නාසින් අදින හෝ හෙළන හුස්මක් ගැන අර්ථ විවරණයක් නොමැත. කාලාම සූත්‍රයේ වෛර පහක්, භය පහක් දුරු කල ආර්ය ශ්‍රාවකයා ඉහාත්මයේදීම ආස්වාස හතරක් ලබන බව “චත්තාරෝ අස්සාසා අධිගතා හොන්ති” යනුවෙන් පෙන්වා ඇත. ඉදින් පාපයක් ඇත්නම්, කරන පව් වලට විපාකත් ඇත්නම් එය මට ප්‍රශ්ණයක් නොවේ යන පළමු වැනි ආස්සාසය ලබයි. ඉදින් පරලොවක් නැත කීවත්, කරන පව් වලට විපාක නැත කීවත් එය මට ප්‍රශ්ණයක් නොවේ. කරන්නාට පව් සිදු නොවේ කීවත් එය මට ප්‍රශ්නයක් නොවේ, කරන්නාට පව් සිදු වේ කීවත් එය මට ප්‍රශ්නයක් නොවේ, යන මේ ආස්සාස හතර ලබන බව පෙන්වා ඇත. වරද දැක, වරද දැන පාප වැඩ අත්හල කෙනෙක් එය අත්හැරියේ කරුණු දැන සත්‍ය ‍දැනම බැවින් ලෝකයාගේ තර්ක ඒ ශාන්තිය වනසන්නට සමත් නැත. සත්‍යය දැන ලැබූ සංසිදීමේ සුව දෙන නිසයි ඒවාට ආස්සාස කීවේ."

    ටිකක් හොයල බලන්න ඕන දෙයක්.:dull:

    P.S- ඔය රතු කරල තියන ටික මගේ දැනුමට අනුව වැරදියි.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මම ඔය හාමුදුරුවන්ගේ බන අහනවා. හැබැයි උපරිම හත් වසරකින් අනාගාමී හෝ අරහත් වෙන බවක් නම් කියනවා අහල නැහැ. මේ සයිට් එකට දාන කෙනා වරද්දල වගේ.

    නිවැරදි ආකාරයට සතර සතිපට්ටානය වඩනවනම් ඒ කෙනා උපරිම අවුරුදු හතකින් අනාගාමී හෝ අරිහත් ඵලයට පත්වෙන බව බුදුරජානන් වහන්සේ දේශනා කරල තියෙනව. :yes:
     
    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    ඇත්තටම සතිපට්ටානය වඩන්න පුළුවන් කොහොමද ?
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඇත්තටම සතිපට්ටානය වඩන්න පුළුවන් කොහොමද ?

    මේකට උත්තරයක් දෙන්න පුළුල් වැඩි ප්‍රශ්නයක් මචන්. හරියටම සතිපට්ටානය වඩන විදහට මම හිතන්නෙ මමත් දන්නේ නෑ. ඔය ගැන තියන බණ ටිකක් අහල බලන්න.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    සතර සතිපට්ටානයේ කායේ කායානුපස්සනාව විග්‍රහ කරද්දි යමෙක් "කාය" කියන මාගධී වචනය කය හෙවත් ශරීරය කියල අර්තකතනය කළොත් මුලු සතර සතිපට්ටානයම එතනින්ම ඉවරයි.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    බුදු හාමුදුරුවෝ කිව්වා කියල තිබුනත් මට නම් ඕක පිළිගන්න අමාරුයි. බුද්ධගෝෂ ගෙ වැඩක් ද දන්නෙ නැහැ.

    නිවැරදි ආකාරයට සතර සතිපට්ටානය වඩනවනම් ඒ කෙනා උපරිම අවුරුදු හතකින් අනාගාමී හෝ අරිහත් ඵලයට පත්වෙන බව බුදුරජානන් වහන්සේ දේශනා කරල තියෙනව. :yes:
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    බුදු හාමුදුරුවෝ කිව්වා කියල තිබුනත් මට නම් ඕක පිළිගන්න අමාරුයි. බුද්ධගෝෂ ගෙ වැඩක් ද දන්නෙ නැහැ.

    බුද්ධගෝශ ත්‍රිපිටකයට අත තියලවත් නෑ.එයා විකෘති කලේ හෙළ අටුවා විතරයි.

    මේක මහා සතිපට්ටාන සූත්‍රයෙ පැහැදිලිව කියල තියෙන තියෙන දෙයක්.මහා සතිපට්ටාන සූත්‍රයෙ සඳහන් මාර්ගය නිවැරදි ආකාරයට අනුගමනය කලොත් මේ ප්‍රතිඵල ලබන්න පුලුවන්.ඒත් අද බුද්ධ දේශනාව වැරදි ආකාරයට අර්තකතනය කරල තියෙන නිසා බුදුරජානන් වහන්සේ ඉතා පැහැදිලි ලෙස දේශනා කරපු මේ නිවන් මාර්ගය වැහිල ගිහිල්ලයි තියෙන්නෙ.
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    බුද්ධගෝශ ත්‍රිපිටකයට අත තියලවත් නෑ.එයා විකෘති කලේ හෙළ අටුවා විතරයි.

    මේක මහා සතිපට්ටාන සූත්‍රයෙ පැහැදිලිව කියල තියෙන තියෙන දෙයක්.මහා සතිපට්ටාන සූත්‍රයෙ සඳහන් මාර්ගය නිවැරදි ආකාරයට අනුගමනය කලොත් මේ ප්‍රතිඵල ලබන්න පුලුවන්.ඒත් අද බුද්ධ දේශනාව වැරදි ආකාරයට අර්තකතනය කරල තියෙන නිසා බුදුරජානන් වහන්සේ ඉතා පැහැදිලි ලෙස දේශනා කරපු මේ නිවන් මාර්ගය වැහිල ගිහිල්ලයි තියෙන්නෙ.

    බුද්ධ දේශනා වැරදි ආකාරයට අර්ථකථනය කරනවා කියල අදහස් කරන්නේ ත්‍රිපිටකයේ තියෙන කරුණු වැරදි කියන එකද? නැතිනම් ත්‍රිපිටකයේ තියෙන කරුණු නිවැරදි ඒවා විවධ පුද්ගලයන්/භික්ෂුන් විසින් අර්ථකථනය කරන ආකාරය වැරදි කියන එකද?
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    බුද්ධ දේශනා වැරදි ආකාරයට අර්ථකථනය කරනවා කියල අදහස් කරන්නේ ත්‍රිපිටකයේ තියෙන කරුණු වැරදි කියන එකද? නැතිනම් ත්‍රිපිටකයේ තියෙන කරුණු නිවැරදි ඒවා විවධ පුද්ගලයන්/භික්ෂුන් විසින් අර්ථකථනය කරන ආකාරය වැරදි කියන එකද?

    ත්‍රිපිටකය වැරදි නැහැ. නමුත් ත්‍රිපිටකයේ අඩංගු සමහර සූත්‍ර දේශනා ආදිය සිංහලට පරිවර්තනය කරපු අය අතින් යම් යම් වැරදි සිදුවෙලා තියෙනව.ඒ වැරදි පරිවර්තන ගරු කොටගෙන ගුරු කොටගෙන වර්තමානයේ දහම් දේශනා කරන අය අතිනුත් නොදැනුවත්වම පාහේ ඒ වැරදි කරුණු දිගින් දිගටම දේශනා වෙනව.බුදුන් දේශනා කළ දේ නිවැරදි ආකාරයට අහන්න නොලැබීම නිසා බෞද්ධයින්ට නිවන් මාර්ගයේ ගමන් කරන්න තියෙන අවස්තාව නැතිවෙලා ඔවුන් මංමුලා වෙන තත්වයට පත්වෙනව.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    " ඒකායනෝ අයං, භික්ඛවෙ, මග්ගො සත්තානං විසුද්ධියා " ආදී වශයෙන් නිවන් මගට ඒකායන මාර්ගය ලෙස බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර වදාළේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවයි.නිවන උදෙසා සෘජු මාර්ග ප්‍රතිපදාවක් ලෙස දේශනා කළ මෙම සූත්‍රය බුදු දහමේ සියලු දේශනා අතරින් වඩාත් උතුම්ම දේශනාවයි. යම් අයෙක් මෙම සතර සතිපට්ටාන සූත්‍ර දේශනාව මැනවින් තේරුම් ගෙන එහි පෙන්වා වදාල මාර්ගය නිසිපරිදි අනුගමනය කරන්නේනම් එම පුද්ගලයා වසර හතක කාළයක් ඇතුලත ඒකාන්ත වශයෙන්ම අනාගාමී හෝ අරිහත් ඵලයට පත්වන බව බුදුරජානන් වහන්සේ විසින් සහතික කොට දේශනා කර ඇත.

    මෙම උතුම් දේශනාව සිහි නුවණින් යුතුව ශ්‍රවණය කිරීම තුලින් මෙතෙක් කලක් තිස්සේ වැසී තිබූ ඔබගේ නිවන් මාර්ගයද ඒකාන්ත වශයෙන් විවෘත කර ගැනීමට ඔබට හැකියාව ලැබෙනු ඇත.

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    14355161_289518988100916_6536867532732275832_n.jpg
     
    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    ඇත්තටම පිරිසිදු බුදු දහම අපි හොයාගන්නේ කොහොමද ?
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    පඨ්ඨාන ප්‍රකරනය කියවල තේරුම් ගත්තු කෙනෙක් ඉන්නවද කවුරු හරි?

    ලෝභයයි, මෛත්‍රියයි එකම සිතක එක විට යෙදෙන්න පුලුවන්ද?
    :)
    තව පඨ්ඨාන ප්‍රකරනය කියවල තේරුන් ගන්න හැටිත් පොඩ්ඩක් කියපල්ලකො දන්න එවුන්...:baffled:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    පඨ්ඨාන ප්‍රකරනය කියවල තේරුම් ගත්තු කෙනෙක් ඉන්නවද කවුරු හරි?

    ලෝභයයි, මෛත්‍රියයි එකම සිතක එක විට යෙදෙන්න පුලුවන්ද?
    :)
    තව පඨ්ඨාන ප්‍රකරනය කියවල තේරුන් ගන්න හැටිත් පොඩ්ඩක් කියපල්ලකො දන්න එවුන්...:baffled:

    පඨ්ඨාන ප්‍රකරනය ගැනනම් උත්තරයක් දෙන්න බෑ මචන්.

    ලෝභ කියන්නෙ අකුසල් චෛතසිකයක්.
    මෛත්‍රිය කියන්නෙ කුසල් චෛතසිකයක්.
    ධර්මයේ එන ප්‍රධාන සිද්ධාන්තයක් තමයි, කිසිම විටක කුසල් හා අකුසල් චෛතසික මිශ්‍ර සිත් ඇති නොවන බව.
    ඒක නිසා, ලෝභයයි මෛත්‍රියයි කවදාවත් එකම සිතක යෙදෙන්නේ නෑ.