අභිරහස්_උමගක් මහනුවරින් මතුවෙයි

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    අභිරහස්_උමගක් මහනුවරින් මතුවෙයි

    අභිරහස් උමගක් මහනුවරින් මතුවෙයි


    මහනුවර, කන්ද හන්දිය, කැප්පෙටියාව ප‍්‍රදේශයෙන් අභිරහස් උමගක් සොයාගෙන තිබෙනවා. කැප්පෙටියාව ගම්මානයේ ජල ව්‍යාපෘතියක් සදහා කාණු කපමින් සිටියදී මෙම උමං මාර්ගය මතුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

    උමග හමු වූ ස්ථානය අලවංගුවකින් හාරනවිට එය ගැඹුරට ගිය බවත් තවදුරටත් පරීක්‍ෂා කර බැලීමේදී අඩි 30 ක් පමණ ගැඹුරැති උමං මාර්ගය දුටු බවත් එම ස්ථානයේ වැඩ කරමින් සිටි ප‍්‍රදේශවාසියෙකු සඳහන් කර තිබෙනවා.

    පසුව ප‍්‍රදේශවාසීන් කිහිප දෙනෙකු උමගට බැස එය නිරීක්‍ෂණය කර ඇති අතර හරස් අතට ගමන් කළ හැකි මාර්ග දෙකක් තිබූ බවයි ඔවුන් ප‍්‍රකාශ කර ඇත්තේ. එහි කිසිදු අපහසුවකින් තොරව අඩි දහසක පමණ දුරක් ගමන් කිරීමට හැකි වූ බවද ප‍්‍රදේශවාසියෙකු පවසා තිබෙනවා.

    කෙසේවෙතත් දැඩි අඳුර, අධික රශ්මිය සහ හුස්ම ගැනීමේ අපහසුතා හේතුවෙන් තමන් ආපසු පැමිණි බවයි එම පුද්ගලයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

    මහනුවර රාජධානි සමයේ හගුරන්කෙත දක්වා රහසිගත උමං මාර්ගයක් තිබූ බවත් මෙය එවැන්නක් විය හැකි බවත් ප‍්‍රදේශවාසීන්ගේ මතයයි.

    එම ස්ථානය භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කැනීම් කාර්යාංශයේ පරීක්‍ෂාවට ලක්ව ඇති අතර එය ස්වභාවිකව නිර්මාණය වූවක්ද නැද්ද යන්න පිළිබඳ පර්යේෂණයක් පැවැත්වීමට නියමිතයි.


    kandy-www.nethnews.lk00001.jpg


    kandy-www.nethnews.lk00002.jpg


    kandy-www.nethnews.lk00003.jpg


    kandy-www.nethnews.lk00004.jpg


    kandy-www.nethnews.lk00005.jpg
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,374
    0
    මැඩම් ළඟ
    දැන් රවණා ලෝලීන් ගෙන් කනක් ඇහිලා ඉන්න හම්බ වෙන එකක් නැහැ. උන් කියයි මේ රවනගේ උමගක් කියලා. :lol:
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    රාවනා මේකෙත් සීතාව තියන් හිටියද දන්නේ නැහැ..:baffled:
    ඔව් ඔව් තියන් ඉඳලා
    බිත්ති වල තවම සෙවල පාරවල් තියෙනව ලු
    දැන් ඒවා වලින් ඩී.එන්.ඒ අරන් රාවනා ආයෙ උපද්දයි:shocked::lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් ඔව් තියන් ඉඳලා
    බිත්ති වල තවම සෙවල පාරවල් තියෙනව ලු
    දැන් ඒවා වලින් ඩී.එන්.ඒ අරන් රාවනා ආයෙ උපද්දයි:shocked::lol:

    බලන් ගියාම රාවණාත් ඔහොම හිටියට ඒ කාලේ සීතාව එක එක උමන් වලට ඇදල තියෙනවා නෙහ් :lol::lol:
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    බලන් ගියාම රාවණාත් ඔහොම හිටියට ඒ කාලේ සීතාව එක එක උමන් වලට ඇදල තියෙනවා නෙහ් :lol::lol:
    එහෙම තමා ඉතින්,
    ආයෙ වෙන රටකින් උස්සන් ඇවිත් කන්න බොන්න දීලා තියා ගන්නෙ මොන මගුලකටද ඉතින් :rofl: