අමතක නොවන ඒව නම් ඕන තරම් ඇති..විශේෂයෙන් මතක ඒව ටිකක් තියනව.
මේක යද්දි මම පට්ට පොඩි.. ක්‍රිකට් බලන පිස්සුව හැදුන කාලේ. අපේ නෑයෝ මේ මැච් එක දවස් වල කතරගම ට්‍රිප් එකක් දාගෙන තිබ්බ. මට ඔය ට්‍රිප් වලින් වැඩක් නෑ මැච් එක බලන්න ඕන. අපේ තාත්ත ගියෙ නෑ ට්‍රිප් වැඩට යන්න තියන නිසා.මමත් ඉන්න ගියාට හරිගියේ නෑ

යන්න උනා මැච් එක බැලුවෙ නෑ..නිවාඩු දවසක මැච්එක තිබ්බේ. තාත්ත ඔක්කොම බලල. ගෙදර ආපු ගමන් තාත්තගෙන් ඇහුව.පලවෙන් බෝලෙ ඉදන් ප්‍රසන්ටේශන් එක වෙනකන් විස්තර කරා

.. මේකෙ හයිලයිට් තිබ්බේ නෑ සැහෙන කාලයක් යනකන්. දැන් නම් ෆුල් මැච් එකත් තියනව යූ ටියුබ්
මේ තව ඔය වගේ එකක්.. මෙලෝ දෙයක් හරියට තේරෙන්නෙ නැති කාලේ. ක්‍රිකට් බලන්න පිස්සුව නම් තිබ්බ..
මතක මේ අන්තිම ටික විතරයි.පරදින්න ගිහින් ඉන්දියාවේ උන් ගහපු එකක්. ඕක බලද්දි අපේ ආච්චිත් නිකන් ඔතන හිටිය ගමේ ඉදන් ඇවිත්. තව මාමා කෙනෙක් හිටිය. ඌ හෙන ජෝකරය.ආච්චි අහන දේවල් වලට විහිලු කර කර ඉන්නවා. ඔතන ගෑනු දෙන්නෙක් ඉන්නව පැවිලියන් එකේ. මූ කිව්ව ඒ ඉන්නේ බැට් කරන එකාගේ අම්ම..අනිත් එකාගේ ආච්චි වගේ කතාවක්. මම හිතුව මූ පච කියන්නේ කියල. දැන් බලද්දි ඇත්ත..
සනාගේ 189, වාස්ගේ විකට් 8 මැච් එක..දවල් වෙන්න කලින් ඒක ඉවරයි.. , 2003 semi වගේ සෑහෙන තියනව
vb මැච් එකක් තිබ්බ aus එක්ක..අපි එක දිගට උන්ගෙන් චාටර් විදියට පැරදුනා.
ඔය මැච් යන්නේ උදේ. ඉස්කොලෙ නිසා මිස් වෙනව බාගයක්. එක මැච් එකක් දවසක ස්කුල් වෑන් එකට නැග්ගම මැච් එකේ ලකුනු ඇහුව අදත් කාලා නේ කියල හිතල.. මෙන්න යකෝ 330+ ගහල

සනායි මාවනුයි දෙන්නම 100ඒව ගහල..
මේකත් මතකයි.. ඩිල්ෂාන්ගේ ෆීල්ඩින් නිසා දිනපු මැච් එක..