අමන රියදුරන්ට ගිය රටක්‌!

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    අමන රියදුරන්ට ගිය රටක්‌!

    284361_486191714732544_1375335434_n.jpg


    අමන රියෑදුරන්ට ගිය රටක්‌!

    මේ එක්‌තරා කනගාටුදායක සිද්ධියකි. අපේ රටට වරක්‌ පැමිණි සංචාරකයන් නැවත අපේ රටට පැමිණෙන්නේ නැත. මට හමුවූ ජර්මන්, ස්‌විට්‌සර්ලන්ත හා විශේෂයෙන්ම ඇමරිකානු ජාතිකයන් සෑම කෙනෙක්‌ම කීවේ ශ්‍රී ලංකාවට නැවත නොයන බවයි. අපේ රටේ නොයන කාරණා තුනක්‌ ඔවුන් සඳහන් කරනවා. ඉන් වැඩිම කොටසක්‌ ප්‍රධානම වශයෙන් සඳහන් කරන්නේ අපේ ටේ අමන රියෑදුරන් සම්බන්ධවයි. මේ කණගාටුදායක අසුබ ආරංචිය මට මගේ රට ගැන විශ
    ාල දුකක්‌ ඇති කළා. මේ සිදුවීමෙන් පසු මට මගේ මව් බිම වෙනුවෙන් මේ සම්බන්ධව යම්කිසි දෙයක්‌ ඉටු කළ යුතු බව හැඟී ගියා. මම තීරණයකට එළැඹියා. මා ළඟදී ලංකාවට යනවා නිවාඩුවකට. ඒ ගිය විට මේ සම්බන්ධව සමීක්‍ෂණයක්‌ කළ යුතු බව සමහර සංචාරකයන් සඳහන් කළේ ලංකාවට ගිය විට විවිධ ස්‌ථාන නැරඹීමට යැමට මුලින් අදහස්‌ කර සිටියත් මේ අමන රියෑදුරන් නිසා ඔවුන් විශාල තැති ගැන්මකට පත්වූ හෙයින් සියලුම ගමන් බිමන් අවලංගු කළ බවයි. අපි මුලින් දැන සිටියේ නැහැ ශ්‍රී ලංකාවේ මෙවැනි රියෑදුරන් සිටින බවක්‌. මෙම චෝදනාව අපේ සංචාරක ව්‍යාපාරයට ඉතාම තදබල පහරක්‌. මා ශ්‍රී ලංකාවට ආ පසු කළ සමීක්‍ෂණයේදී මට සිහිපත් වූවා සංචාරකයන් ප්‍රකාශ කළ දේ සම්පූර්ණ ඇත්තක්‌ බව. අපේ රථ වාහන දෙපාර්තමේන්තුවට ක්‍රමවත් රියෑදුරු පුහුණු කිරීමේ වැඩපිළිවෙළක්‌ නොමැති බව, මට එක හෙළාම අවබෝධ වූවා. මට පෙනී ගියේ මෙය විශාල ජාතික අපරාධයක්‌ ලෙසයි. මේ හේතූන් මත අප කොහොමද විනීත රියෑදුරන් බලාපොරොත්තු වෙන්නේ. අසරණ දරුවන්, මිනිසුන් කොපමණ සංඛ්‍යාවක්‌ නිරපරාදේ මිය යනවද? කවුද? මේ අසරණ ජීවිතවලට වග කියන්නේ. ක්‍රමවත් රියෑදුරු පුහුණුවක්‌ නොලැබීම අසරණ දහස්‌ ගණනකගේ ජීවිත විනාශ වීමට හේතුවයි.

    අපේ රටේ පුවත්පත්වලින් රූපවාහිනියෙන් අහන්න ලැබෙන්නේ ඊයේ සිදුවුණ මාරක රිය අනතුරින් තිදෙනකු මියගොස්‌ දෙදෙනකුට බරපතළ තුවාල සිදුවී ඇත. පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වයි යන්නයි. මේ අපිට හැමදාම අහන්න ලැබෙන ප්‍රවෘත්තිය. මොකක්‌ද පොලිසිය කළ පරීක්‍ෂණය. කෝ ප්‍රගති වාර්තාවක්‌. මොකක්‌ද යෙදූ පිළියම. හැමදාම අහන බනේම තමයි අපි අදටත් අහන්නේ. පාරට බැහැලා විනාඩි 15 ක්‌ පමණ පාර දිහා බලා සිටින විට පෙනී යනවා අපි කොයි තරම් ලෝකයේ නොදියුණු මිනිසුන් කොටසක්‌ද බව. මම උදාහරණයකට පෙන්වා දෙන්නම් කහ ඉර. පාර මාරුවෙන්න කහ ඉර මත ළමයෙක්‌ වඩාගෙන තවත් දරුවෙක්‌ අතින් අල්ලාගෙන සිටින අසරණ කාන්තාවට වාහන නතර කර ඉඩ සලසා දෙන්න තරම් විනීත රියෑදුරන් මා දුටුවේ 5% පමණ සුළු පිරිසකි. මා අනෙක්‌ පුදුමයට පත්වුණ කාරණාව වූයේ සියලුම වාහන ගියාට පසුවයි මිනිසුන් පාර මාරු වුණේ. තවත් මා දුටු දෙයක්‌ කහ ඉර පනින මිනිසුන් තම අතින් වාහනයට නවතින්න සංඥවක්‌ දෙමින් කහ ඉර මාරුවන අයත් මා දුටුවා. මා ඉහතින් සඳහන් කළ දේ වැරදි නැහැනේ. අපි කොයිතරම් ලෝකයේ නොදියුණු ජාතියක්‌ද. අපේ රටට පැමිණෙන සංචාරකයන් මෙවැනි නූගත් වැඩ දැකීමට කොහෙත්ම කැමැති නැත. මට නම් මෙවැනි දේවල් දැකීමෙන් මගේ රට ගැන විශාල කනගාටුවක්‌ ඇති වුණා. මෙවැනි දේවල් ඇතිවන්න හේතූන් මා සෙව්වා. කනගාටුවෙන් සඳහන් කළ යුතු කාරණාවක්‌ වන්නේ ලියන්න, කියන්න බැරි රියෑදුරන් 12% පමණ අප රටේ සිටිනවා. විශේෂයෙන්ම මේ පිරිස මාර්ග නීති, රීති කිසිවක්‌ දන්නේ නැහැ. උගත් නූගත් මේ දෙපිරිසම කහ ඉර පනින මිනිසුන්ට පවා වාහන නලාව ශබ්ද කරන්න තරම් නොදැනුවත් කමක්‌ තිබෙන්නේ. මෙවැනි හේතූන් මත නිසියාකාර ක්‍රමවේදයකින් තොරව ලබාගත් රියෑදුරු බලපත් හිමියන් සෑම දිනකම අසරණ ජීවිත ගණනාවක්‌ බිලිගන්නවා. ඒ සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරීන් මොකද කරන්නේ? මෙවැනි නූගත් රියෑදුරන් දැනුවත් කිරීමට රූපවාහිනි වැඩසටහන් ප්‍රචාරය කරවීම ඉතාම වැදගත්. මේ අවස්‌ථාවේ මා වැදගත් දෙයක්‌ සඳහන් කරමි. රටක විනීත රියෑදුරන් ඇති කළ හැකි ක්‍රමයක්‌. ඇමරිකාවේ රියෑදුරු බලපත්‍රයක්‌ ලබාදෙන හැටි මා මේ අවස්‌ථාවේ සඳහන් කරන්නම්. ප්‍රථමයෙන්ම මාර්ග නීති රීති පිළිබඳව ප්‍රශ්න 75 ක්‌ පාඩම් කළ යුතුයි. මෙයින් පසු පරීක්‍ෂණයට ඉදිරිපත් විය යුතුයි. මෙයින් ප්‍රශ්න 20 කට පිළිතුරු සැපයිය යුතුයි. අනිවාර්යෙන්ම ලකුණු 80-100 ක්‌ ලබාගත යුතුයි. මෙම ප්‍රශ්න 75 ට විශේෂයෙන්ම කහඉර එනම් මිනිසුන් පාර මාරුවන ස්‌ථානය පිළිබඳව විශේෂ අවධානයක්‌ ඇති කරලීම සඳහා ප්‍රශ්න 6 ක්‌ ඇතුළත් වී තිබෙනවා. අපේ රටේ සමහර රියෑදුරන් මේ කහ ඉර තිබෙන්නේ මොනවටද කියාවත් දැනුමක්‌ නැත. මෙවැනි හේතූන් මතයි සංචාරකයන් අපිව නොදියුණු ජාතියක්‌ හැටියට හඳුන්වන්නේ. මා නැවතත් මාගේ මුල් ප්‍රශ්න මාලාවට යනවා. ප්‍රශ්නවලට පිළිතුරු සපයා ලකුණු 80-100 අතර ලබාගත් විට ඔහු ඊළඟ පරීක්‍ෂණයට සූදානම් වෙනවා. මෙයින් පසු ඔහු සමත් බවට නිකුත් කරන කාඩ්පත සමග තමන් කැමති රියෑදුරු පාසලකට යා යුතුයි. රියෑදුරු පාසලේදී තමන්ට කැමති පැය 20, 30, 40 හෝ එයට වැඩිය පැය ගණනක්‌ වුවද මුදල් ගෙවා පුහුණුවක්‌ ලබාගත යුතුයි. මේ රියෑදුරු පුහුණුවෙන් පසු රියෑදුරු උපදේශකවරයා තීරණය කරනවා රජයේ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ පරීක්‍ෂණය සඳහා ඔහු හෝ ඇය සුදුසුද නැද්ද යන වග. අවසාන වශයෙන් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සමීක්‍ෂණයට පෙනී සිටිය යුතුයි. සමීක්‍ෂණ නිලධාරියාගේ අධීක්‍ෂණය යටතේ රථය පැදවිය යුතුයි. එම නිලධාරියාගේ ලැබෙන ලකුණු මතයි රියෑදුරු බලපත්‍රය ලැබෙන්නේ. මේ නිලධාරියා අකටයුතු කම්වල නොයෙදන ඉතාම අවංක මහත්මයෙක්‌. මේ අවසාන පරීක්‍ෂණය අවස්‌ථාවේ අප හට ඔහු සමග කතා කිරීම තහනම්. අනෙක්‌ සඳහන් කළ යුතු දේ තමා පිළිගත් රියෑදුරු පාසලකින් හැර පුද්ගලිකව රිය පැදවීම ඉගෙන ගැනීම ඇමරිකාවේ තහනම් නීතියක්‌. අපේ රටේ මේ තහනම් නීතිය ක්‍රියාත්මක වෙනවා. නීති රීති ගැන හරි අවබෝධයක්‌ නැති රියෑදුරෙක්‌ තව කෙනෙකුට උගන්වන්නේ කොහොමද? පෞද්ගලිකව කෙනෙකුගෙන් රියෑදුරු පුහුණුවක්‌ ලබන තැනැත්තා, අවංක, විනීත, නීතිගරුක රියෑදුරෙකු වන්නේ කොහොමද? ඇත්ත වශයෙන්ම මා ශ්‍රී ලංකාව තුළ දුටුවේ නම් ඉතාම අවිනීත මනුස්‌සකම පළාතකවත් නැති දඩබ්බරව මාර්ග නීති රීති කඩ කරමින් පුදුම කලබලකාරී රුපියල් මිලියන ගණනක වෙළෙ¹මකට දුවන නරුමයන් පිරිසකි. මනුස්‌සත්වය මොකක්‌ද කියාවත් ඔවුන් දන්නේ නැහැ. මේ තමයි සංචාරකයන් තැති ගැන්මකට හා කණස්‌සල්ලට පත් වූ සිද්ධිය. ඔවුන් මා වෙත කළ ප්‍රබලම චෝදනාවයි. තවදුරටත් ඔවුන් පැවසුවේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්‌තානය, හා අප්‍රිකානු රටවල පමණයි මෙවැනි රියෑදුරන් දැකිය හැක්‌කේ.

    රියෑදුරන් කරන අනෙක්‌ වැරදිවලට වඩා මාරාන්තික හා භයානකම වැරැද්ද මෙයයි. මේ අමානුෂික රිය ධාවනය හේතුවෙන් පාර දෙපැත්තේ ජීවත්වන අසරණ දරුවන්, රෝගීන්, මහල්ලන් සහ අසරණ ජනතාව කියා නිම කළ නොහැකි මානසික පීඩනයක්‌ ලබන්නේ මේ දරුණු වාහන නලා ශබ්දය හේතුවෙන්. කවුද මේ ගැන සමීක්‍ෂණයක්‌ කරන්නේ. කාටද මේවා කියන්නේ. මේ ගැන සොයා බලන්න සමීක්‍ෂණයක්‌ කරන්න තරම් අපි දියුණු මදි. ශිෂ්ඨ සම්පන්න බුද්ධිමත් රටවල නලා ශබ්දයක්‌ ඇහෙන්නේවත් නැත. මගේ සමීක්‍ෂණයට අසුවුණේ වැඩිපුරම වාහන නලාව ශබ්ද කරන පුද්ගලයන් වූයේ පෞද්ගලික බස්‌ රථ, ලොරි, ටිපර්, ත්‍රීවීලර් රථ රියෑදුරන්ය. ලෝකයේ දියුණු රටවල නීතියක්‌ තිබෙනවා. සවස 6 න් පසු හදිසියකදීවත් වාහන නලා ශබ්ද කිරීම තහනම්. නමුත් අපේ රටේ එවැනි නීතියක්‌ ක්‍රියාත්මක වන්නේ නැත. අපේ රියෑදුරන් පාන්දර 2-3 ටත් වාහන නලාව ශබ්ද කරනවා. නොදියුණු කමයි මෙයට ප්‍රධාන හේතුව. සියලුම මිනිසුන් නින්දට වැටී තිබෙන්නේ අපේ රියෑදුරන්ට එතරම් දුරට සිතන්න තරම් ශක්‌තියක්‌ නැත. මේ අපේ රටේ තහනම් විය යුතු දේවල්.

    දියුණු රටවල මෙන් මෙම දියුණු තාක්‍ෂණය අප වහා ක්‍රියාත්මක කළ යුතුයි. දියුණු රටවල මෙන් අපේ රටේ පාර මැද කහ ඉරි දෙක නැත. අපේ රටේ සිදුවන අනතුරුවලට ප්‍රධානම හේතුව මෙයයි. මෙම කහ ඉරි දෙක අධිවේගී මාර්ග හැර, අපේ රටේ අනෙක්‌ සෑම මාර්ගයකම තිබිය යුතුයි. සෑම සැතපුම් 5 න් 5 ට ස්‌ථානවල හැටියට වේග සීමා සඳහන් පුවරු සවි කළ යුතුයි. මෙම කහ ඉරි දෙකෙහි ප්‍රධාන හේතුව කිසිම රියෑදුරෙකුට අභිබවා යැම තහනම් (OVER TAKE) යා යුතු ගමන් වේගය සඳහන් වී තිබෙනවා. මේ දියුණු තාක්‍ෂණය පාර බදුගෙන මාර්ග නීති කඩකරන අමන රියෑදුරන්ට වැට බැඳීමක්‌ හා අසරණ ජීවිත බිලි ගැනීම වැළැක්‌වීමට හොඳම පිළියමක්‌.

    මෙම නීතිය හදිසි ගිලන් රථ, ගිනි නිවීම් හා හදිසි පොලිස්‌ රථවලට බලපාන්නේ නැත. උදාහරණයකට කොළඹ නුවර මාර්ගය, මෙය අධිවේගී මාර්ගයක්‌ නොවෙයි. අසරණ ජීවිත බිලි ගන්නා ප්‍රධාන මාර්ගයක්‌ය. අනිවාර්යයෙන්ම මෙම මාර්ගය සඳහා මෙම දියුණු තාක්‍ෂණය ඇති කළ යුතුයි. අපිට සංචාරකයන් අවශ්‍යනම් ඒ වාගේම අසරණ ජීවිත බේරා ගැනීමටත්, අසරණයන් රෝගී කරන අමිහිරි නලා ශබ්දයෙන් තොර ශ්‍රී ලංකාවක්‌ දැකීමටත්, ශ්‍රී ලංකාව ශිෂ්ඨ සම්පන්න දියුණු මිනිසුන් සිටින රටක්‌ වග සංචාරකයන්ගේ මුවින් ඇසීමටත්, මේ දියුණු තාක්‍ෂණික නීතිය වහාම ක්‍රියාත්මක වුවහොත් අපත් ලෝකයේ දියුණු ජාතියක්‌ බවට පත්වනවා. විශේෂයෙන් සඳහන් කළයුතු අනෙක්‌ වැදගත් කාරණය වන්නේ මහා මාර්ග නීති රීති අකුරටම ක්‍රියාත්මක කරවා ගැනීමයි. මෙය පොලිස්‌ දෙපාර්තමේන්තුව සතු ජාතික වගකීමක්‌ සේම ජනතාවගෙන් අවංක ජාතික වගකීමක්‌ බවට පත්විය යුතුයි.

    අපේ රථ වාහන පොලිසිය මෙයට වඩා ක්‍රමවත් විය යුතුයි. රථ වාහන පොලිසියේ සේවය පැය 24 පුරාම මහා මාර්ගයට සීමාවිය යුතුයි. අද අපි දකින්නේ උදේට සහ සවසට ප්‍රධාන මංසන්ධිවල වාහන හැසිර වීම හා ඉඳහිට වේග සීමාව නිරීක්‍ෂණ කිරීමත් පමණයි. විශේෂයෙන්ම දිවා රාත්‍රි කාලයේ මුර සේවා මෝටර් සයිකල් ක්‍රමයක්‌ ඇති කළ යුතුයි. අනෙක්‌ විශේෂ කාරණය පොලිස්‌ රථවාහන අංශයට අවංක, විනය ගරුක, ජාතික හැඟීමක්‌ තිබෙන ඉරුදින ආගමික පාසල් සහතිකයක්‌ තිබෙන තරුණ මහත්වරුන් බඳවා ගත්තොත් අප රටේ මහා මාර්ගයේ සිදුවන ජාතික අපරාධ හා නොහික්‌මුණු අමන රියෑදුරන් නැතිකර ගැනීමට විශාල පිටිවහලක්‌ වනු ඇත.

    අප රට තුළ ක්‍රියාත්මක විය යුතු තවත් විශේෂ කරුණු කීපයක්‌ සඳහන් කළ යුතුව ඇත. මා මේ සඳහන් කිරීමට යන කාරණා කීපය මුල්ම වකවානුවේ එනම් සුද්දන්ගේ පාලන කාලය තුළ පැවැති දේවල්, නමුත් අද මේවා අභාවයට ගොස්‌ ඇත. ප්‍රධාන මාර්ගයක්‌ අසල පාසලක්‌ පිහිටා ඇත්නම් එම මාර්ගයේ වේග සීමාව පැ.සැ. 15 ක්‌ විය යුතුයි. පාසලට ප්‍රථම මීටර් 200 හා පාසල පසුවී මිටර් 200 යන තෙක්‌ වාහනයේ වේග සීමාව පැ.සැ. 15 ක්‌ සඳහන් දැන්වීම් පුවරුවක්‌ සමග වාහන නලා ශබ්දය තහනම් දැන්වීම් පුවරුද ඒ සමග විය යුතුය. අප රට තුළ තවත් වාහන නලා ශබ්දය තහනම් විය යුතු ස්‌ථාන හැටියට රෝහල්, උසාවි, පූජනීය ස්‌ථාන හා ප්‍රධාන මංසන්ධි විය යුතුයි. අවසාන වශයෙන් සඳහන් කිරීමට ඇත්තේ තවත් බරපතළ වැරැද්දකි. රාත්‍රි කාලයේදී අපේ රියෑදුරන් කරන තවත් විශාල වරදක්‌ තමා වාහනයේ ප්‍රධාන එළියෙන් (HEAD LIGHT) වාහනය පැදවීම. රාත්‍රි කාලයේ ඇතිවන අනතුරුවලට ප්‍රධානම හේතුවයි. ඇමරිකාවේ ප්‍රාන්ත 52 ම ප්‍රධාන එළියෙන් වාහනය පැදවීම තහනම්. සමහර අවස්‌ථාවල ප්‍රධාන එළිය පාවිච්චි කළ හැක්‌කේ ඉදිරියෙන් වාහනයක්‌ නොඑන වනාන්තර වැනි ප්‍රදේශයකදී පමණි. මෙයට හාත්පසින්ම වෙනස්‌ දේ මා අප රට තුළ දුටුවා. බොරැල්ල වැනි ජනාකීර්ණ මංසන්ධිවලත් ප්‍රධාන එළියෙන් දුවන වාහන විශාල ප්‍රමාණයක්‌ දුටුවා. මා මෙහි සඳහන් කරන මාර්ග නීති රීති ලෝකයේ දියුණු රටවල අකුරටම ක්‍රියාත්මක වන දේවල්. දියුණු රටවල රියෑදුරු බල පත්‍රයට අමතරව කළු තිත් තුනක්‌ තිබෙන කාඩ් පතක්‌ රියෑදුරුට ලැබෙනවා. යම්කිසි වරදක්‌ කළ විට මුදලින් දඩයක්‌ ගසා එක කළු තිතක්‌ අවලංගු කරනවා. මේ ආකාරයට කළු තිත් තුනම අවසන් වූවොත් ඔහුගේ රියෑදුරු බලපත්‍රය වසර 2 කට අවලංගු වෙනවා. මෙම කළු තිත් අවලංගු කරන ප්‍රධාන වැරදි වශයෙන් පාර මාරුවීමට වාහනය නතර නොකොට යැමට උත්සාහ කිරීම, මේ සඳහා ඇමරිකාවේ නිකුත් කරන දඩය රුපියල්වලින් නම් 12,000 ක්‌ හා එක්‌ කළු තිතක්‌ අවලංගු කිරීමයි. කහ ඉරි දෙක ඇති මාර්ගයේ අභිබවා යැම (OVER TAKE) මේ සඳහා ඉහත සඳහන් කළ දඩයමයි. පාසලක්‌ අසල ගමන් වේගය කඩ කිරීම දඩ මුදලකට සීමාවේ. මගේ නිගමනයේ හැටියට මේ නීති රීති අප රටේ වහාම ක්‍රියාත්මක විය යුතුයි. ඒ සමගම මෙයට පෙර රියෑදුරු බලපත්‍රය ලබාගෙන සිටින සියලුම රියෑදුරන් නැවත කැඳවීමක්‌ කර විශේෂ පුහුණුවක්‌ ලබාදිය යුතුයි. සියලුම වාහන හිමියන්ගෙන් පුහුණුවට රු. 100 ක මුදලක්‌ ලබාගෙන ක්‍රමවත් මාර්ග නීති රීති පිළිබඳව දැනුමක්‌ ලබාදිය යුතුයි. මේ ලැබෙන මුදල් මාර්ග නඩත්තුව පිණිස යොදා ගත යුතුයි. අපේ පාලකයන්ට සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමට පෙර අප යන මේ වැරදි මාර්ගය හැකි ඉක්‌මනින් නිවැරදි කර ගත යුතුයි. එසේ නොවුණ හොත් කෙන්යාවේ සංචාරක ව්‍යාපාරයට අත්වූ ඉරණම අපටත් අත්වනවා නියතයි. අවසාන වශයෙන් මා සඳහන් කිරීමට පෙළඹෙන්නේ සංචාරකයන් චෝදනා කළ අවසාන කරුණු කීපයයි. ශ්‍රී ලංකාව බොහොම ලස්‌සන රටක්‌. ඒ ලස්‌සන රට උඹල තියාගන්න දන්නේ නැහැ. හරිම අපිරිසිදුයි. හැමතැනම කැළි කසළ, තාප්පවල, කොන්ක්‍රීට්‌ කණුවල හැම තැනම පෝස්‌ටර්. බල්ලෝ, බලල්ලු, හරක්‌ මහ පාරේ නිදැල්ලේ. අපි හිතුවා ඉන්දියාව, පාකිස්‌තානය, බංගලිදේශයට වඩා වෙනසක්‌ දකින්නට ලැබේවි කියා. නමුත් අපිට කිසිම වෙනසක්‌ දකින්නට ලැබුණේ නැත.

    නිව්ටන් විඡේසිංහ
    ඇමරිකාවේ වොෂින්ටන් සිට

    උපුටා ගැනීම facebook

     

    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    ඔය කියන විදියට අපේ පාරවල් ගන්න ගොඩක් කල් යයී...
    හැබැයී සංචාරකයන් ආයෙ එන්නෙ නෑ කියන කතාව නම් බොරු බං....
    මේක ලියන එකා ඇමරිකා වල ඉඳලා ඌ කොහොමද එහෙම කියන්නෙ...?:oo::oo:
    මචං සංචාරකයෝ එන්නෙ අපේ රටේ පාරවල් බලලා යන්න නෙමෙයී නෙ බං....:no::no:
    අනික අපි දුප්පත් රටක් තමයී,ඒත් අපේ ගොඩක් මිනිස්සුන්ගෙ හදවත්,හැඟීම්,හැදියාව දුප්පත් නෑ බං....:):)
    මොකක් හරි කරදරයක් උනාම බලපන් මිනිස්සු උදව් කරන හැටි...වෙනින් රටවල ඒවගේ කරනවා කියලා මම නම් හිතන්නෙ නෑ....මම වැරදිත් ඇති,මම ඔය රටවල් වල ගිහිල්ලා නෑ....:no:
    නමුත් අපේ රටේ නීතිය තව තද කරන්න ඕන...ඒක මම පිලිගන්නවා..... :):):)
     
    • Like
    Reactions: Fox C2

    asatech

    Active member
  • Jan 6, 2007
    203
    42
    28
    Elakiri
    Mama License gannakota trial dawase mama balagena iddima mukuth bari ekekwa horata pass kara. pora bike, 3wheel, van 3 ma dala tibba. bike, 3wheel fale una. van eke gear wath hariyata daaganda bari una. eth ape learners eke pora apu officer ta katha karala van eka hadala deela arugen BOTHALAYAK Illagaththa :( Onna ape rate thathwe :( aye wibageta kalin learners eken paper eka dunna. Pora paper 4k deela mewagen 1k thama enne kiyala ewa tika kata padam karaganda kiwwa. kiwwa widihatama ekakma gedi pitin awa :(

    Ape Rateth ara SUDU IRI 2 Thiyenne kisiseeth ewa kapagena yama thahanam kiyala. Thani sudu iren kiyanne dakunata haraweema hara wena kumana hethuwakatawath eya haraha gaman kereema thahanam kiyala. Eth Ape Private BUS KARAYO YANA HATI dakala thiyenawa neda?? Motorcycle karayo yanne paare mada, wamen issara karanawa. Ara Head light kathawanam sahathika aththa. Visheshayen Lori kaarayo, jeewitheta dim karanne na :growl: samahara un wam paththe head light eka dim NOWENDA FIXED karala hadagena inne :no:
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ඔය කියන විදියට අපේ පාරවල් ගන්න ගොඩක් කල් යයී...
    හැබැයී සංචාරකයන් ආයෙ එන්නෙ නෑ කියන කතාව නම් බොරු බං....
    මේක ලියන එකා ඇමරිකා වල ඉඳලා ඌ කොහොමද එහෙම කියන්නෙ...?:oo::oo:
    මචං සංචාරකයෝ එන්නෙ අපේ රටේ පාරවල් බලලා යන්න නෙමෙයී නෙ බං....:no::no:
    අනික අපි දුප්පත් රටක් තමයී,ඒත් අපේ ගොඩක් මිනිස්සුන්ගෙ හදවත්,හැඟීම්,හැදියාව දුප්පත් නෑ බං....:):)
    මොකක් හරි කරදරයක් උනාම බලපන් මිනිස්සු උදව් කරන හැටි...වෙනින් රටවල ඒවගේ කරනවා කියලා මම නම් හිතන්නෙ නෑ....මම වැරදිත් ඇති,මම ඔය රටවල් වල ගිහිල්ලා නෑ....:no:
    නමුත් අපේ රටේ නීතිය තව තද කරන්න ඕන...ඒක මම පිලිගන්නවා..... :):):)
    අපේ රටේ මාර්ග නීති සහ විනය මිට වඩා හොදින් රියදුරන් පිළිපැදිය යුතුය. (මට වෙනත් රටවල් ලොකු කර ගැනීමේ අවශ්‍යතාවයක් නැත.):cool::cool:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    සංචාරකයෝ එන්නේ පාරවල් බලන්න නෙවෙයි හැබැයි උන්ට පාරවල් වල යන්න වෙනවා උන් මැරෙන්න කැමති නැති නිසා අපහු එන්නේ නැහැ
    ප්‍රයිවට් බස් ත්‍රීවිල් වලට නගින සංචර්කයෝන්ගේ අත්දැකීම් කොහොම වෙයිද ආයි එයිද
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඔක්කොට මුල මිනිස්සුංගෙ විනය කියලා දෙයක් නැති කම........
    ඔය කියන විදේශ රටවලත් විනය කියන එක නැහැ.......
    ඒත් පාරවල් වල යන විදිහ කාලයක් තිස්සේ පුහුනු කරලා එතනදි හරි ඒගොල්ලෝ විනය රකිනවා.......
    ඒකට නීතියෙනුත් ගොඩක් බලපෑම් කරලා තියෙනවා........
    ඒක නිසා එක පැත්තක් විතරක් නෙමේ මේතන තියෙන්නේ........
    ඒත් මූලිකවම තම තමං තමං ගැනම පොඩ්ඩකට හිතුවොත් වැඩේ කෙරෙයි.............
     

    samanx

    Junior member
  • Apr 1, 2010
    139
    17
    18
    ලංකාවෙ මිනිස්සුන්ගෙ විනය පිළිබද ප්‍රශ්නයක් නෙමෙයි මේක. නීති තද මදි නිසයි ඔය වගේ දේවල් වෙන්නෙ. බටහිර රටවල විනය තියා ගන්නෙ තද නීති නිසයි.