අමරණීය-සොල්දාදුවන්-විසි-නවය

charithtg

Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    A SOLDIER'S CONFESSION

    A SOLDIER'S CONFESSION

    The soldier stood and faced God,
    Which must always come to pass.
    He hoped his shoes were shining,
    Just as brightly as his brass.

    'Step forward now, you soldier,
    How shall I deal with you ?
    Have you always turned the other cheek ?
    To My Church have you been true?'

    The soldier squared his shoulders and said,
    'No, Lord, I guess I ain't.
    Because those of us who carry guns,
    Can't always be a saint.

    I've had to work most Sundays,
    And at times my talk was tough.
    And sometimes I've been violent,
    Because the world is awfully rough.

    But, I never took a penny,
    That wasn't mine to keep...
    Though I worked a lot of overtime,
    When the bills got just too steep.

    And I never passed a cry for help,
    Though at times I shook with fear.
    And sometimes, God, forgive me,
    I've wept unmanly tears.

    I know I don't deserve a place,
    Among the people here..
    They never wanted me around,
    Except to calm their fears.

    If you've a place for me here, Lord,
    It needn't be so grand.
    I never expected or had too much,
    But if you don't, I'll understand.

    There was a silence all around the throne,
    Where the saints had often trod.
    As the soldier waited quietly,
    For the judgment of his God.

    'Step forward now, you soldier,
    You've borne your burdens well.
    Walk peacefully on Heaven's streets,
    You've done your time in Hell.'


    ~ Author Unknown ~

    15922146.jpg
     

    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    Epitaph on a war memorial

    Epitaph on a war memorial

    They shall grow not old, as we that are left grow old.
    Age shall not weary them, nor the years condemn.
    At the going down of the sun and in the morning
    We will remember them.

    When You Go Home, Tell Them Of Us And Say,
    For Their Tomorrow, We Gave Our Today

    1918885_540765739213_6415618_n.jpg


    ganguly_srilankaafterthetigers_memorial.jpg
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    "කර්නල් අස්ලාම් ෆස්ලි ලෆීර් PWV RWP RSP" 'පසුවෙනි දින විශේෂ මෙහෙයුමක් සඳහා තොප්පිගල බලා පිටත්වීමට ඔවුන් සුදානම්ව සිටියහ.......ඒ මාදුරුඔය විශේෂ බලකා සටන් පුහුණු පාසලේ 1996 ජුලි 18 දිනයි. පසුදා උදෑසන හෙලිකොප්ටර් යනා මගින් බලඝණ 2ක් ත්‍රිකුණාමලය ගුවන් කඳවුරට ගෙනයනලදී. එදින හවස් යාමයේ නැවත විශේෂ මෙහෙයුමකට ඔවුන්ට අවසර ලැබෙන ලදී. ඒ මුලතිව් කඳවුර තුල දැඩි ත්‍රස්ත ප්‍රහාරයන්ට ගොදුරුව සිටි සහෝදර සෙබළුන් බේරාගැනීමේ උතුම්වුත් භාරදුර වුත් කාර්‍යයයි. මුලතිව් කඳවුරට කි. මි. 4 ක් පමණ ආසන්නව කැලෑ ප්‍රදේශයට හෙලිකොප්ටර් ආධරයෙන් ගොඩබැසගත් මෙම වීරයන් පිරිස දැඩි සතුරු ප්‍රහාර මධයයේ තම අරමුණ ඉටුවෙන තෙක් බිහිසුණු සටනක නියැලිය. අභීත ලෙස සටන්කරමින් සිටියදී සතුරු ප්‍රහාරයකට ලක්වූ එවකට 1වන විශේෂ බලකායේ අණදෙන නිලධාරී කර්නල් අස්ලාම් ෆස්ලි ලෆීර් නම් මේ දේශයේ වීර පුත්‍රයා තම සොහොයුරන් බේරා ගැනීමේ උතුම් අරමුණින් තම ජීවිතය පුදන ලදී.එතුමාගේ මළසිරුර ලබාගැනීමට පවා දීන 3ක් සටන් කිරීමට සිදුවිය. ස්වෙච්චාවෙන් ඉදිරිපත්ව තම ජීවිතාරක්ෂාවද නොතකා සිදුකලාවූ අභීත වුත් වීර වික්‍රමාන්විත සේවය උදෙසා ත්‍රිවිද හමුදාවේ සාමාජිකයෙක් හට වීරත්වය වෙනුවෙන් ප්‍රදානය කරනු ලබන උසස්ම පදක්කමවන ''පරම වීර විභූෂණය'' මගින් මෙම විරුවා පුදන ලදී. "ඔබ වැනි විරුවන් යුධ හමුදාවට මෙන්ම මුළුමහත් ධරණී තලයටම අභිමානයකි.........! "
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අතීතය අමතක වුවන්ට අතීතය මතක් කර දීමකි., සර්, අපි දැන් කිලෝමීටර් 28ක් විතර ඇතුලට ඇවිත් තියෙන්නෙ. හැම තැනම ටෙරාල HIGH SECURE 1ක් දීල තියෙනෙ..., ඔව් අපි මෙතන් නැවතිලා TARGETS ගමු. ගත වූයේ පැය ගනනක් උනත් එය සෙබලුන්ට නිමේශයක් බඳු වේලාවක් විය, ඈතින් සුපෝපබෝගී L.T.T.E රත පෙලක් වේගයෙන් පැමිණෙමින් තිබුනි. විශේශ බලකා සෙබලු 8ක් සමග කොටි කටට ගොස්, මහා විරු දිනයට පැමිණෙන කොටි නායකයන්ට ප්රහාර එල්ල කිරීමට නොබියව බාරගත්තේ, ලාංකීය යුධ ඉතිහාසයේ වීරයන් අතර සිටි තවත් වීරයෙක්, ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහයන්ය. ................................ රථ පෙල ලංවනවාත් සමගම අටේ කණ්ඩායම සමග ලලිත් ජයසිංහ ක්රියාත්මක විය, කොටි කිසිසේත් නොසිතූ විරූ ප්රහාරයක් එල්ල විය, මන්දයත්, එය කොටි පාලන ප්රදේශයක් පමනක්ම නොව ඔවුන්ගේ දැඩි ආරක්ෂාව තබා තිබූ ප්රදේශයකි. එහෙයින් ඔවුන් කිසි විටෙක නොසිතන්නට ඇත, අප වීරෝදාරයන් එහි සිටීය යන වග. නැවත පැමිණීම ගැන කිසිම බලාපොරොත්තුවක් සිතේ තිබෙන්නට නැතිව, ජීවිතය දේශ වෙනුවෙන් කැප කිරීමට සෙබලුන් ලලිත් ජයසිංහයන් සමග එක්වී ධරුණු ප්රහාර එල්ල කලහ. එහිදී කොටි නායකයන් කිහිප දෙන්ක්ද මියගියහ, තවද ඔවුනට දැඩි අලාබහානි සිදුවිනි. .............................. එහිදී කොටි මෙල්ල කලද, ඔවුන් නැවත එන ගමනේදී අතිරේක කොටි කණ්ඩායම් රැසක් සමගම ධරණු සටන් වදින්නට ජයසිංහයන් ඇතුලු පිරිසට සිදුවිය. අවාසනාවන්ත ලෙස පාදයට වැදුනු වෙඩි පහරින් ජයසිංහයන් බිම ඇද වැටුනි. ලාංකීය ලෙය පොලව දිගේ ගලා යද්දී නැවත නැගී සිටි ඔහු පහර පිට පහර එල්ල කරමින් සහෝදර සෙබලුන් සමග නවත සටනට එක්විය. කොටි ප්රහාර ධරුනු වීමත්, උණ්ඩ හිගකමත් මැද සටනේ යෙදී සිටි ජයසිංහයන් අවසන් වෙඩිමුරය තැබුවේ පපුව පසාරු කරගෙන ගිය උණ්ඩයක් පපුව තුල තබා ගනිමින්මය. ....................................... ඔහු දේශයක් එලිය කරන්නට, අපේ හෙට දවස වෙනුවෙන් තම ජීවිතය මව්බිම වෙනුවෙන් කැපකරන විට තම ලෙයින් සැදුනු මේ ලොව එලිය දැක නැති තම බිරිදගේ කුසයේ වැඩෙන බිලිදියකගේ පියෙකි. ........................ ශ්රී ලංකා යුධ හමුදා විශේෂ බලකායේ දිග දුර විහිදුම් ඒකකයේ විශිෂ්ට නිලධාරියෙකු වූ මොහු රණ බිමේ පෑ සුරු විරුකම් නිසා වීර වීක්ක්රම විබුෂණ වීරක්ක්රිය පදක්කමෙන් දෙවරක්ම පිදුම් ලද අතර,දේශ පුත්, උතුරු නැගෙනහිර සංග්රාමික,50 වන යුධ හමුදා සංවත්සර හා පුර්ණ බුමි පදක්කම්වලින් පුද ලැබීමට තරම් අබීත සෙන්පතියෙක් විය. ........................ එදා ඒ පියපුතු සෙනෙහස අහිමි කල තිරිසන් යුගය අද අවසන් වී ඇත. මොහොතකට සිතන්න මිතුරනේ ඔවුන් රට වෙනුවෙන්, තම ආදරණීයයන් දමා ගියේ අප වෙනුවෙන් නිදහස් නිවහල් දැයක් තනනටයි. ඔවුන් කල දේ බලන විට, අප රටටත්, ඔවුනටත් කල දෙයක් නැත. ............................. ඔබ සදා අමරණීයයි පියාණෙනි. අපේ දේශයේ සැබෑ ආඩමබරය නුඹයි!
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    2009 පෙබරවාරි 02 පාන්දර 5.30 ආසන්නව්ත්ම ප්‍රදෙශයම දෙවනත් කරමින් නන්දිකඩාල් කලපුව දෙසින් කොටි සිය ගනනක් ප්‍රහාර එල්ල කරමින් ඉදිරියට පැමිනියහ, ප්‍රහාරයට පෙර ශූක්ෂමව මුලතිවු කඳවුර තුලට රින්ගාගත් ත්‍රස්තයන්ද ප්‍රහාර එල්ල කරන්නට විය, නොසිතූ ලෙස ඉදිරියෙන් හා පසුපසින් එලලවන ප්‍රහාර හමුවේ වීරෝදාර විරුවන් ඉතා අපහසුතාවයකට පත්විය, නමුත් දේශය වෙනුවෙන් පෙරට තැබූ පය පසු පසට ගැනීමට තරම් විරුවන් තුල කැමැත්තක් නොතිබුණි,
    ----------------------------------------------------------
    මුලතිවුහි L.T.T.E කොඩිය දැමීමට කොටින්ගේ ප්‍රබලම රෙජිමේන්තුව මේ සටන සඳහා යොදවා තිබුණි.
    53, 57, 59 සේනාන්ක සියල්ලම සටනේ යෙදුනේය. පුරා දෙවන දිනත් දරුණු ලෙස සටන් ඇවිලෙමින් තිබුණි.
    "සර් SF එකෙන් ආවනම් අපිට ලේසි වෙයි, මුන්ගෙ කට්ටිය වැඩී, මුන් ලොකු ගේමකට ඇවිත් තියෙන්නෙ"
    -------------------------------------------------------------
    යුධහමුදාපතිවරයාගේ නියෝගය මත හෙලිකොප්ටර් මගින් බ්‍රාවෝ සහ එකෝ කණ්ඩයම් මුලතිවු වෙත පිටත්කරයවන ලදී.
    දරුණු සටන් මැද දේශය වෙනුවෙන් ගුවන් හමුදා නියමුවා විරුවන් ආරක්ෂාකාරී ලෙස ගොඩ බැස්සවීය.
    ----------------------------------------------------------------
    වේලාව සවස 4.30 පමනවිය, බුද්ධි තොරතුරුවලට අනූව මරාගෙන මැරෙන ප්‍රහාරයක් බලාපොරොත්තුවෙන් විරුවන් සිටියහ. දරුණු සටන් මැද එක විටම වේගයෙන් කැබ් රතයක් හමුදා අරක්ෂක වලල්ල වෙත පැමිණෙමියේ ක්ෂණිකවමය.
    "කැබ් එකට වෙඩිවදින් නැහැ, උන් තහඩු ගහල තියෙන්නේ, කියමින් චන්ද්‍රසිරි බණ්ඩාර විරුවා රතය එන මගට පැන්නේ හසලක ගාමිණී විරුන්ගේ මතකය නැවත අවදි කරමිනි, නිසැක වශයෙන්ම තමා මිය යන බව දැනුනත්, තමාට වඩා තම දේශය වෙනුවෙන් කල යුතු යුතුකම ඔහුට දැනෙන්නට ඇත, මරණය පෙනි පෙනී එල්ල කල R.P.G අවිය තුල තිබූ උණ්ඩය ක්‍රියාත්මක නොවුනේ මන්දැයිවත් නොසිතා, එය ඉවතදා, නැවත ක්ෂනිකවම අවියක් ගෙන මුහුනට මුහුන පැමිනි කැබ් රතයට අවිය ක්‍රියාත්මක කලහ, 4 වන ඊලාම් යුධ ඉතිහාසයේ තවත් රන් අකුරක් ඉතිරි කරමින් විරුවන් විශාල පිරිසකගේ ජීවිත බේරාගනිමින්, ලාන්ස් කෝප්‍රල් චන්ද්‍රසිරි බංඩාර විරුවන් මෙලොවින් සමුගත්හ."
    කිලෝ 500 කටත් වඩා පුපුරණද්‍රව‍ය තිනූ රතය පුපුරා පලාතම දෙදරුම් කන්නට විය, රතය පොඩිවී රෝදයක් පමණක් ඉතිරිවී තිබුනි.
    -----------------------------------------
    සටන නැවතත් ඇරඹුණි, වීරෝධාර සෙබලුන්ගේ ධර්‍ය තවත් වැඩිවෙමින් තිබුණි,
    විරුවන්ගේ වෙඩි බලයට කොටින්ගේ දක්ෂම රෙජිමෙන්තුව පසුබාමින් සිටී, "එස්.එෆ් ල බැහැල ඉන්නෙ, වලල්ල කඩන්න අමාරුයි, අපි විත්ඩ්‍රො වෙනව" යයි කොටි පණිවිඩහුවමාරුවලින් කියනු ඇසින.
    පැය 72ක දරුණු සටනකින් පසු සටන ජය ගැනීමට වීරෝදාර විරුවන් සමත්විය, නමුත් ඒ වනවිටත් ලක්මවට වීරයින් රැසක් තම ලේවලින් ප්‍රදේශය නහවා තිබීම දරාගත නොහැකි දුකක්මවිය.
    -----------------------------------------
    විශේශ කාර්‍ය බලකා සෙබලෙකු සතු සියලුම ගුනාන්ග පෙන්වමින් දැයෙන් සමුගත් විරුව වීර වික්‍රම විභූශනයෙන් පිදුම් ලැබීය.
    දේශයට මෙවන් පුතකු බිහිකල ආදරනීය මෑනියනි,පියානනි අප ආඩම්බරයි ඔබ ගැන ඔබේ පුතු තරමටම. කරමි සදා ආචාර දෙශයේ සැබෑ විරුවන්ට, අප ඔබට සදා ණය ගැතියි අප විරුවනේ.
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    දශක 3ක යුධ ඉතිහාසයේ නොමැකෙන උතුම් යුධ නාමය, සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුලු අපගෙ විරුවන් පිරිසක් 1992 -08-08 වන දින දැයෙන් සමුගත්තේ කුරිරු ත්‍රස්තවාදීන්ගෙ බෝම්බ ප්‍රහාරයකිනි.
    අවසාන යුධ මෙහෙයුම ක්‍රියාත්මක කරීමට යන ගමනේ මෙලෙස අප අතරින් සමුගත් වීර පතාකයන් සමුගෙන 20 වසරක් සපිරෙන අද දවසේ ශ්‍රී ලාංකීය අප ලොවෙන්ම නිදහස් ජාතියක් වී වසර 2ක් ගතවී හමාරය.
    සෙන්පති තුමනි ඔබ සමුගෙන 20 වසරක් ගත වුනත් ඔබගේ නාමය සදාකල් මේ ලක්දෙරනේ රැව්දෙනවා නොඅනුමානය.
    දේශය වෙනුවෙන් කල මෙහෙවරට ඔබ ඇතුලු ඔබ සමග සමුගත් ආදරණීය සෙබලුන් හට පුදන දේශයේ උත්තමාචාරයයි මේ!
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113

    "වහාම unit එක අරගෙන withdraw වෙන්න, ඕක අත ඇරල දාල පැන ගන්න." එලෙස ඉහලින් නියෝගය ලැබුනේ මේජර් ධනංජන ඇතුලු බල ඇණිය දරුණු L.T.T.E ගෑස් ප්‍රහාරයකට හසුවී තිබුණු නිසාය.මේක මෙහෙම අත ඇරල දාල පස්සට එන්න බැහැ සර්, මගෙ කොල්ලො ගොඩක් නැති වුණා. ඒ ගොල්ලො වෙනුවෙන් මං මේක ඉවර කරලම එන්නම්".
    -------------------------------
    ශ්‍රී ලාංකීය යුධ ඉතිහාසයේ වීරයන් අතර තවත් විරුවෙකුගේ යුධ බිමේ හඬයි ඒ.
    ලුතිනන් වරයෙකු ලෙස හමුදාවට එක්වූ ධනංජන පෙරේරා විරුවන් අන් අය අතර කැපී පෙනෙන විරුවෙකුද වූහ. 2007 අප්‍රේල් මාසයේදී ඔහු දරුණු ලෙස තුවාල ලැබීය, නමුත් ඔහුට උවමනා වූයේ කෙසේ හෝ යලි යුධ බිමට ඒමටයි, තත්වය මදක් සුව වූ ක්ෂණික ඔහු නැවත යුධ බිමට එකතුවූයේ ආදරණීය දේශයට ඇති සැබෑම ආදරය සැමටම පෙන්වමිනි.
    -------------------------------
    නැවතත් ඉතා අවාසනා වන්ත ලෙස 2008 දෙසැම්බර් මාසයේදී ඔහු නැවත ධරුනු ප්‍රහාරයකින් තුවාල ලැබීය.ඔහුට නිවාඩුගන්නා ලෙස ඉහල නිලධාරීන්ගෙන් තරයේ උපදෙස් ලැබුණද, තම සටන මග නැවතීමට තරම් සිතක් ඔහුට නොවීය, කිලිනොච්චියෙ කොඩිය දාලම මම නිවාඩු යන්නම් සර්"
    -------------------------------
    ඉහල නිලධාරීන් කියූ අන්දමට, "ධනංජනට ඕන හැටිය යුද්දෙ ඉවර වෙනකන් නිවාඩු ගන්න තිබුණ, එත් එයාට ඕන වුණේ නියම වීරයෙක් විදියට රටේ නිදහස රකින්න. ධනංජය ඇත්තටම තමන්ට වඩා රටට ආදරේ කරපු කොල්ලෙක්, එයාට ඕන වුනේ මේ යුද්ධෙ ඉක්මනට ඉවර කරන්න" .
    -------------------------------
    දේශය වෙනුවෙන් ලේ, දහදිය හෙලන්නට යුධ බිමේ ජීවිතයත් මරණයත් අතර තම තරුණ ජීවිතය කැප කල ආදරණීය රණවිරුවා විවාහයට දින කිහිපයක් තිබියදී අප අතරින් සදහටම සමුගත්හ.
    -------------------------------
    මේ අභීත රණශූරයානන් "දේශ පුත්‍ර", "උතුරු නැගෙනහිර සංග්‍රාමික පදක්කම", "පූර්ණ භූමී" යන ඇගයීම් ලබා තිබූ අතර, "වීර වික්‍රම විභුෂණ", "රණ වික්‍රම පදක්කම" හා "රණ ශූර පදක්කම" යන පදක්කම්ද නිර්දේශ වී තිබුණි.
    -------------------------------
    ඒකීය දේශයක් වෙනුවෙන්, තම ජීවිතය අප වෙනුවෙන් කැප කල ඔබට අප කෙසේ උත්තමාචාරය පුද කරම්ද මාගේ ආදරණීය විරුවනි.ඔබ වැනි පුන් සඳක් එලිය දෙනවා නිසැකයි මේ ලක්දෙරනට අප වැනි නොදිලෙන තරු රැසක් අතර.
    ආදරණීය විරුවානනි, ඔබ අප වෙනුවෙන් කල කැපකිරීම අප කිසිදා අමතක නොකරන්නෙමු. මාගේ දේශයේ සැබෑ අයිතිකරුවානන් නුඹයි!!!
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අනුරාධපුර ගුවන් කඳවුර දැඩි ලෙස විනාශ කරමින් මරාගෙන මැරෙන කොටි පිරිසක් අති සාර්තක ප්‍රහාරයක් එල්ල කරමින් අඳුරේම හමුදා කඳවුරට ඇතුලු විය. හමුදා ඇදුම්වලට සමාන ඇදුම් වලින් සැරසී සිටි කොටි එක්විටම හඳුනා ගැනීමට පවා විරුවන්ට නොහැකි විය. ඔවුන් ඉතා සූක්ශම ලෙස ප්‍රහාරයට පැමිණ සිටියහ.
    -------------------------------------------
    ඔවුන් ගුවන් අංගනයේ සහ කඳවුරු භූමියේ බලය ඔවුන් සතු කර ගෙන සිටී.
    තත්වය කෙතරම් සංකීර්ණ වීද යන්න, ගුවන් හමුදා සෙබලුන් වරෙක තම තමන්ටම වෙඩි තබා ගත්හ.
    මන්දයත් සතුරා කවුදැයි හරියාකාරව හඳුනා ගැනීමට නොහැකි වීම නිසාය.කඳවුරු අවුල් ජාලාවක් වී තිබුණි.
    -------------------------------------------
    විශේශ බලකා සෙබලුන් කඳවුරට ඇතුලු වන විට, ගුවන්තොටුපල මහා විකාරයක් වී තිබුණි.
    "සර්, අපේ අය fire කරන නිසා, උන් ගහන්නෙ කොහෙන්ද කියල identify කරගන්න අමාරුයි, අපේ fire එක ටිකකට නවත්තල දෙන්න", මේජර් චන්දිමාල් පීරිස්ගේ ඉල්ලීමට ගුවන් සෙබලුන් මදකට නිහඬවිය.
    -------------------------------------------
    සෙබලුන් සතුරා මුලා කරමින් ඔවුන් සොයන සැලසුම ක්ෂණිකයින් තීරනය කලහ, BTR රතයක් මීටර කීපයක් ඉදිරියට යැවීය, ක්ෂනිකයින් ක්‍රියාත්මක වූ කොටි එයට වෙඩි තබන්නට විය.
    -------------------------------------------
    "සර් ගහ උඩ බඩු ඉන්නව, ලඟට යන්න බෑ, ඌ snipe කරන ගමන් LMG එකෙනුත් ගහනව."
    අපගේ Sniper වෙඩික් කරුවෙකු ඔහු බිම දැමීමට සමත්වූයේ මේ අතරතුරයි.
    -------------------------------------------
    "සර් සර්, උඩ, bathroom එකේ set එකක් ඉන්නව, උන් ලඟට යන්න බැහැ,", "අපි එහෙනම් කානුවෙන් බඩ ගාගෙන ගිහින් ග්‍රෙනෙඩ් ගහමු."
    කොටි කිසි ලෙසත් නොසිතූ ආකාරයට ක්ෂණික ලෙස ප්‍රහාරයක් එල්ල කල විරුවන් නැවතත් 100% ගුවන් කඳවුර තමන් සතු කරගත්හ.
    ------------------------------------------
    කණගාටුවෙන් වුවද කිවයුත්තේ, ඔවුන් කඳවුරට කල විනාශය මෙහි ලිවීමට තරම් මා හට සිත නොදෙයි. ආදරණීය විරුවන් නැති කලේ ලොව දරුණුම ත්‍රස්තවාදයයි.එයට ඊර්ශා කරන ඇමරිකන් කරුවන් ඔවුන් යුද අපරාද කරුවන් කිරීමට වෙරදරමින් සිටි.
    ආදරණීය මිතුරනේ අමතක නොකරන්න කිසි දිනෙක, ජාති, ආගම්, කුල බේද නොතකා ඔවුන් රැකදුන් රට රැක ගන්නට හැම විටම නැගී සිටින්න. ඒ ආඩම්බරය සදාකල් සුරැකේවා!
    ලක් මවගේ ආඩමබරය නුබයි මගේ විරුවානනි! මා ඔබට සදා ණය ගැතියි.
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    භානු, ලක්ෂ්මන් හා විදූෂ නායකත්වය ලබාදුන් විශාල සටන මධ්‍යයෙහි වීරෝදාර සෙබලුන් පිරිසක් කොටි ආරක්ශක වලල්ල අතරින් ඇතුල් විය.
    එලිය වැටෙත්ම භූමියේ වාසිය කොටින් අතට පත් විය.කුඹුරු වලින් සමන්විත විවුර්ත භූමියක් නිසා සෙබලුන්ට ආවරණය වීම අවාසිදායක විය.
    --------------------------------------------
    කොටි ආරක්ශක වලල්ල නැවත සාදා ගත් නිසා ඇතුලට ගිය ගැමුණු රෙජිමේන්තුවේ කණ්ඩායම් දෙක සිර වුණි. ආදරණීය සෙබලුන් හය දෙනෙකුගේ සිරුරු කොටි අතට පත් විය. තවත් තිදෙනෙකුගේ සිරුරු ආරක්ශක වලල්ල ඉදිරිපිට වැටී තිබුණි. සාමාන්‍ය සෙබල සුසිල් ප්‍රේමරත්න විරුවා හට පණිවිඩ හුවමාරු යන්ත්‍රයක් හමු වුණි. ඔහු වහාම අණ දෙන නිලධාරීවරයාට කතා කර ඊලඟට කිරීමට අවශ්‍ය දෙය අසා ගත්හ. කොටි කටේ ජීවිතත් මරණයත් අතර සිටි සුසිල් ආදරණීය විරුවෙකුගේ මල සිරුරක්ද රැගෙන සෙමින් ඉදිරියට ඇදුනි.
    --------------------------------------------
    ඉදිරියට එන ඔහු දුටුවේ තම ආදරණීය මිතුරු සෙබලෙකු වතුර ඉල්ලමින් වෙඩි වැදී වැටී සිටින අයුරුයි.
    සුසිල් අණ දෙන නිලධාරියා අමතයි. "සර්, මගේ ඉස්සරහ ටෙරාල 20ක් විතර ඉන්නව, මෙයා වතුර ඉල්ලනව, යයි තත්වය ඔහු රහසේ පැහැදිලි කලේය. " > අනදෙන නිලධාරී වරයා ඔහු අමතා කීවේ, "පුතා මං ඔයාව කොහොම හරි ගන්නව, ඔයා boddy1 තියල casualty කෙනා අරන් යන්න. ඔයා බය වෙන්න එපා, අපි ඔක්කොම ඔයා වෙනුවෙන් ඉන්නව." එම වදනින් තවත් සිතට දෛර්‍ය ගත් ඔහු තුවාල ලැබූ සෙබලාද ගෙන, අඳුර වැටෙත්ම යුධ අගලක් දිගේ කොටි විශාල ප්‍රමාණයක් මැද, සැඟවී විත් වැවකට බැස නෙලුම් කොල අතරින් කොටින්ට නොපෙනෙන සේ නැවත හමුධා පාලන ප්‍රදේශයට පැමිණියේ තම මිතුරු සෙබලුන්ගේ අත්පොලසන් හඬත් මැදිවයි!
    --------------------------------------------
    දිවි පරදුවට තබා කල මෙම වීරක්‍රියාව නිසා ඔහුගේ තනතුර උසස් කල අතර, වීර පදක්කමක්ද ආදරණීය බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා නිර්දේශ කර තිබුණි.
    --------------------------------------------
    ආදරණීය මිතුරනේ, සිතා බලන්න, එක බත් පත එකට අනාගෙන කෑ තම ආදරණීය මිතුරන් තමන් ඉදිරිපිට මැරී වැටෙන විට ඔවුන්ගේ හදවත් කෙතරම් කම්පා වන්නට ඇත්ද? මැරුණු සිරුරට පවා ගරු කරමින් එය කොටින්ගෙන් බේරාගෙන ඒමට තම ජීවිතයේ අණතුරු බව පවා නොතැකූ දහස් ගනන් ආදරණීය විරුවන්ගේ අභිමානය අද අපි නිදහසේ බුක්ති විඳින්නෙමු.
    --------------------------------------------
    නලලට අත තබා, හිස නමා ආචාර කරන්නම් ඔබට,
    හිරුත්, මවත්, මවුබිමත්, ඔබත් මා හට එක හා සමානයි මාගේ සදාදරණීය විරුවානනි.
    ගරු කරන්නනම් ඔබට දිවි ඇතිතුරා, ලබා දුන්නාට නිදහස් නිවහල් මව්බිමක් අප සැමට!
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි කොටි විශේශ හයේ කණ්ඩායමක් හමුදා පාලන ප්‍රදේශයේ සැඟව සිටියහ, හදිසි ප්‍රහාරයකින් සැඟව සිටින කොටි සොයා හමුදා මෙහෙයුම් ආරම්බ කලහ.
    --------------------------------------------
    මෙහෙයුම සඳහා විශේශ හැකියාව ඇති ශ්‍රී ලංකා කමාන්ඩෝ බලකායේ සුනඛ අංශයේ "ස්නෝවි" සහ "බොනී" වහාම වැලිඔයට පිටත් කරනු ලැබීය. ස්නෝවිගේ හසුරුවන්නා වූයේ එච්.පී.සම්පත් විරුවායි.
    --------------------------------------------
    පැන ගිය කොටින් දමා ගිය සරමක් සහ තොප්පියක් ස්නෝවිට ඉවකරන්නට දුනි. ස්නෝවි ඉදිරියට වේගයෙන් ඇදෙන්නට විය, සම්පත් විරුවාත් ස්නෝවී සමඟම ඉදිරියට ඇදුනි.සෙබලුන් ඔවුනට පිටුපසින් පැමිණියේය. යාමට හැකිවූයේ මීටර 300ක් පමන දුරකි, එක් වරම නැවතුනි ස්නෝවි ක්ෂනිකයින් පඳුරකට කඩා පැන්නේ කිසිවෙකු බලාපොරොත්තු නොවූ ලෙසටයි, හමුදාවට හසු වුවහොත් පුපුරවා ගැනීමට අත් බෝම්බයක් අතේ තබා සිටි කුරිරු ත්‍රස්තයා සැනෙකින් එය පුපුරවා හැරියහ.
    --------------------------------------------
    ආදරණීය ස්නෝවි සහ සම්පත් විරුවා දරුණු තුවාල සමග සැනෙකින් ඇද වැටුනි. නැවත නැගිටගත් ස්නෝවි තුවාල පිටින් නැවත ත්‍රස්තයා වෙතට දිවයන්නට විනි, ක්ෂනිකයින් ක්‍රියාත්මක වූ සෙබලුන් වෙඩි තැබීමට තැත් කරද්දී, සම්පත් එපා යයි කෑ ගැසුවේ තමාට වී ඇති දේය කුමක්ද කියා සිතන්නටත් පෙර ආදරණීය ස්නෝවිට වෙඩි වදී යයි බය නිසාය.
    --------------------------------------------
    බරපතල තුවාල ලබා සිටි ආදරණීය සම්පත් විරුවා ගුවන් මගින් අනුරාධපුර රෝහලට ගෙනයන ලදී. කොටි මෙහෙයුම අත හැරදැමූ විරුවන් ස්නෝවි බේර්‍රීමෙ මෙහෙයුම අරබන ලදී. ස්නෝවිට හුස්මගැනීමද මේ වනවිට අපහසු වී තිබුණි, කැබ් රථයකින් අනුරාධපුර පශුවයිද්‍ර වරයා වෙතට ගෙන ගියේ සේලයින්ද ලබා දෙමිනි.ලේ වහනය වැඩි වී තිබෙන නිසා ස්නෝවිට තවත් බරපතල වෙමින් තිබුණි, වහාම ස්නෝවි පේරාදෙනිය පශු වයිද්‍ර පීටයට මාරු කරන ලදී. ඉන්පසු ගිලන් රථයකින් ස්නෝවි පේරදෙනියට ගෙන ආවෙය. ප්‍රතම වරට වෙඩි වැදුණු සුනකයෙකුට ප්‍රතිකාර කිරීමට සියල්ලෝම සූදානමින් සිටියහ. ස්නෝවිට ලේ ලබාදීමට අවෂ්‍යව තිබුණු නිසා ස්නෝවිගේ සහෝදරයා "පෙට්" පේරාදෙනිය රෝහලට ගෙන එන ලදී.ස්නෝවි රෝහලට ගෙනෙන විට "පෙට්" ගෙන් ලේ ලබාගෙන වෙද පීටයේ වයිද්‍ය වරුන් සියල්ලට සූදානම්ව සිටියහ.
    --------------------------------------------
    ස්නෝවි ස්කෑන් කර, එක්ස්ට්‍රේ ගත් විට, බෝම්බ කැබලි 7-8ක් ඇගතුල හමුවිය, සමහර කැබලි පෙනහල්ලද තුවාල කර තිබුණි. වාසනාවන්ත ස්නෝවි ජීවිතය බේරුන ලදී.
    --------------------------------------------
    ජීවිත පරදුවට තබා කල මෙහෙය වෙනුවෙන් ආදරණීය සෙබල සම්පත්ට සහ ස්නෝවි හට රණ වික්‍රම පදක්කම පුදන්නට තරම් කමාන්ඩෝ රෙගිමේන්තුව නිහත මානී විය.
    --------------------------------------------
    මදකට සිතන්න මිතුරනේ, කොටි ත්‍රස්තයන් පලා යන සහ තුවාල ලද ඔවුන්ගේම සෙබලුන් හට වෙඩි තබා ඝාතනය කරද්දී, අපගේ ආදරණීය හමුදාව තිරිසන් සතෙකු පවා බේරීමට කෙතරම් උත්සාහ කර ඇත්ද? එයින්ම ඔවුන් කෙතරම් උතුම් විරුවන්ද කියා අපිට අමුතුවෙන් කිව යුතු නැත.
    --------------------------------------------
    ශ්‍රී ලන්කා ඉතිහාසයේ මෙවැනි වීරක්‍රියාවක් කල ස්නෝවි ලෝක ඉතිහාස ගත විය.
    ස්නෝවී කර ඇති මෙහෙය බොහෝය, ඒවා වෙනම දිනක මා ඔබ වෙත ගෙන එන්නම් මිතුරනේ.
    --------------------------------------------
    ආදරණීය ස්නෝවි, සුනඛයෙකු නිසා නලලට අත තබා ආචාර කිරීම වරදක්ද යයි මා නොදනා නිසා, දේශය වෙනුවෙන් කල සේවයට ආදරනීය ස්නෝවිට හදපත්ලෙන්ම ස්තූතිවන්ත වන්නෙමු. මතු ආත්ම බවයකදී මිනිස් ආත්මයක් ලබා මෙම පිං බිමේම උපදින්නට හෙතු වාසනා වෙවා!
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    සටන් එන්න එන්නම දරුණු වෙමින් තිබිණ. කොටි 700ක් මුතූර්, කට්ටපරිච්චාන් වෙත එල්ල කල ප්‍රහාර සාර්තකව පාබල හමුදාව මැඩ පවත්වන විට, මුතූර් ජැටිය කොටින්ගෙන් නාවික සෙබලු බේරා ගනු ලැබීය,
    -------------------------
    මාවිල් ආරු සටනට යාපනයේ සිට කමාන්ඩෝ බටයන් 750ක් රැගත් ආදරණීය ජෙට් ලයිනර් නෞකාව මහමුහුදින් පැමිණෙන්නේ මේ අතර තුරයි. ජෙට් ලයිනර් නෞකාව මෙසේ රණවිරුවන් රැගෙන එන බව කොටි ඔත්තු සේවා මගින් දැනගෙන තිබුණි, ඔවුන්ගේ සැලසුම වූයේ කමාන්ඩෝ විරුවන් සමග ආදරණීය ජෙට් ලයිනරය වරායට ඇතුලුවන ස්තානයේදී පුපුරවා හැරීමටයි, එසේ කලවිට, වරායේ ඇති නැව් වලට පිටතට යාමටත්, පිටින් එන නැව් වලට ඇතුලට යාමටත් මග සදහටම අහිමි වීමකි.
    --------------------------------------
    නැව වරායට ලංවත්ම නොසිතූ විරූ ලෙස කොටි ත්‍රස්තයන් දිගට හරහට ප්‍රහාර මාලාවක් දියත් කරන්නට විණි. අපිව හතර වටෙන් ටෙරා වට කරල, යයි නාවික විරුවෙකු කෑ ගසද්දී නැව දෙසට වෙගයෙන් මරගෙන මැරෙන බෝට්ටු සමූහයක් එන්නට විය, කමාන්ඩෝ සෙබලුන් 750කගේ ජීවිතවල වගකීම තිබුනේ ආදරණීය නාවික සෙබලු අතයි.
    -----------------------------------
    ගතවූ නිමේශයේ අභිමානය කෙසෙදයත්, මරාගෙන මැරෙන බෝට්ටු දෙසට යාත්‍රා කල අපගේ අභීත නාවික සෙබලුන් මරණය සොයාගොස්, සයුරේ සැබෑ රණකාමීත්වය ලොවටම හඬගා කියමින් සියලුම බෝට්ටු මුලුමනින්ම විනාශ කලේ, ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වීරත්වය ලංකා මාතාවට ආඩම්බරයක් ගෙන දෙමිනි. මහ මුහුද මැද එය එසේ සිදු වෙද්දී, මිලිමීටර් 152 කාල තුවක්කු උණ්ඩ 18-20ක් පමණ වරාය තුලට එල්ල විණි.
    සියලුම දේ නිසියාකාරව අවබෝධ කරගත් නැවේ කපිතාන් වරයා දැඩි ආරක්ශාව සහිත ප්‍රදේශයකට පැමින දේශයේ මුරදේවතා එලි බේරා ගැනීමට තරම් දක්ෂයෙක් විය.
    --------------------------------
    ආදරණීය මිතුරනේ, මදකට සිතා බලන්න, කමාන්ඩෝ අටේ කණ්ඩායමක් කරන වික්‍රමය, යම් හෙයකින් කොටි ප්‍රහාරය සර්තක වූවානම් එය ලංකා ඉතිහාසය ලද දරුණුම ඛේදවාචකය වන්නට තිබුණි. නමුත් ආඩම්බර කාර ශ්‍රී ලන්කා නාවික විරුවන්ගේ රණ ශූරත්වයත්, දේශාභිමානයත් සහ සැබෑ දක්ෂතාවයත් නිසා ලක්මෑණියන් හට වන්නට ගිය විශාල විනාශයක් වැලකිණි.
    --------------------------------------
    දේශය වෙනුවෙන් ඔබ කල මෙහෙය අති උතුම් මාගේ ආදරණීය නාවික විරුවානණි, රට වටා බැඳි ආඩම්බරකාර කිරිකොක් පවුර නුඹයි, මේ උත්තමාචාරය ආඩමබරකාර ශ්‍රී ලංකා නාවික හමුදාවටයි!
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    "වහාම බෙල් 212 සහ එම්.අයි 24 සූදානම් කරන්න, විශේශ මෙහෙයුමක්, SF එකෙ කොල්ලො ටිකක් හිර වෙලා ටෙරාල වට කරගෙන ගහනවලු, ඉක්මනින් ගිහින් අරන් ඔවුන් රැගෙන එන්න." පණිවිඩය අවසන් වන විටත් වීරෝධාර ගුවන් නියමුවන් යාන වලට නැග හමාරය, ඉලක්කයේ නිවැරදි තොරතුරු ලබා ගත් ඔවුන් ක්ෂණිකයෙන් ගුවන් ගත වුනි."
    --------------------------------------------------------
    කිලිනොච්චි කොටින්ගේ රජ දහන මැද විශේශ බලකායේ ආදරණීය හයේ කණ්ඩායමක් ජීවිතයත් මරණයත් අතර සටනක නියැලෙමින් සිටියදී සෙබලුන් දෙදෙනෙකු දේශය වෙනුවෙන් දිවි පුදා හමාර වී තිබුණි. තවත් සෙබලුන් දෙදෙනෙකු දරුනු ලෙස තුවාල වී තිබුණි. එක් මල සිරුරක් කොටි අතට පත් වූ අතර, අනෙත් සිරුර සහ තුවාල ලැබූ සඟයන් රැගෙන කිලෝමීටර 25කටත් වඩා පසු පසට ඒමට සෙබලුන්ට අභියෝගයක් විය.
    ඔවුන් පණිවිඩ හුවමාරු මගින් ගුවන් නියමුවන්ට රහස් තැනක් ලබදෙන්නේ මේ අතර තුරයි.
    --------------------------------------------------------
    සහෝදර යුධ හමුදා සෙබලුන් බේරා ගැනීමට පැමිණි ගුවන් යානා වලට කොටි දරුණු ලෙස ප්‍රහාර එල්ල කරන්නට විය, යාන වලට කර කියා ගත දෙයක් නොවීය, නමුත් තම ජීවිත ගැන පවා නොතකා අභිමානවත් බෙල් 212 විරුවා වෙඩි වරුසා මැද, පරිවාරක හෙලිකොප්ටර සහයද ඇතුව කොටි රජ දහනට ගොඩ බෑවේ, යුධ ගුවන් නියමුවෙකු සතු සැබෑ වීරත්වය ලොවටම පෙන්වමිනි.
    --------------------------------------------------------
    කාලතුවක්කු, මෝටාර් සහ වෙඩි වරුසා මැද සෙබලුන් ගත් යානය ගුවනට එසවෙන්නේ ලාංකීය ගුවන් හමුදා ඉතිහාසයේ වීරෝදාරවත් බව සහ සැබෑ අභිමානයම ලොවට පෙන්වමිනි. එම්.අයි 24 නියමුවන් නැවතත් ආරක්ෂාව ලබා දෙමින් සෙබලු රැගත් යානය අනුරාධපුරය දක්වා ගෙන යාමට මග සලසා දුණි.
    --------------------------------------------------------
    ආදරණීය මිතුරනේ, ඔවුන් ‍යුධ සහ නාවික හමුදාවන් වෙනුවෙන් කල මෙහෙය අප අද කතා කරන්නේ ඉතා අඩුවෙනි, අමතක නොකරන්න යුධ ජයග්‍රහණයේ තුනෙන් එකක පූර්ණ අයිතිය ඔවුන් සතු බව!
    කොටින්ගේ රජදහන වන කිලිනොච්චියටම ගොස් 100% නිවැරදිව තම කාර්‍යය ඉටු කල අභිමානවත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට කෙරෙන දේශයේ උත්තමාචාරයයි මේ!
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මණ්ඩතිවු,
    ශාන්ත ආනා දෙව්මැදුරේ
    භූමියේ සිට,
    දෙවිපිහිටයි,
    මාගේ ආදරණීය සරත් වෙත ලියමි.
    සරත් අපි යාපනය කොටුව බේරා ගැනීමට ඇවිත් දැනට සති තුනක් පමණ වෙනවා. පලාලි ඉඳල නේවි බෝට්ටු වලින් කරෙයිනගර් කෑම්ප් 1ට ආවා.එතන ඉඳලා අපි ඉන්න මණ්ඩතිව්වලට යනකන් ධරුණු සටන් තිබුණා. අපි කොටි බලකොටු සේරම විනාශ කලා අන්තිම සටන මණ්ඩතිවු වලයි සිදු වුනේ, ඒක අති බයානක සටනක්. කොටි විශාල පිරිසක් අපේ ධරුණු ප්‍රහාර වලින් මිය ගියා. අපි කොල්ලො ඔක්කොම එකා වගේ නිර්භීතව සටන් කලා. අපේ කොල්ලොත් මැරුණ සරත්, ඒත් අපි එලව එලවා පහර දීල අන්තිමේදි දිනුවා.
    සරත් දැන් තමයි මෙහෙයුමේ අහි භයානකම කොටස, යාපනේ කලපුව හරහා බෝට්ටුවලින් සතුරන්ගේ වෙඩි ප්‍රහාර මැද්දේ යාපනේ කොටුව බේරගන්න යන එක. මෙ සටනේදී නම් මම ජීවත් වෙයිද කියන එක ෂුවර් නෑ. මට මොනව හරි වුනොත් මගෙ රත්තරං අම්මගෙ හිත හදන්න.
    මාතර මහජන බැංකුවෙ අංක 1800 දරණ මගෙ ජංගම ගිණුමෙ රු.6200ක් ඇති. ඒ මුදල අරගෙන මගෙ අවසන් කටයුතු සඳහා වියදම් කරන්න.
    අපේ අම්මට මේ විස්තර මුකුත් කියන්න එපා, අම්ම අසනීප වේවි.මං හොදින් ඉන්න බව විතරක් කියන්න. ලඟදි පත්තරවල අපේ සටන් වල තොරතුරු බලාන පුලුවන් වෙයි.යාලුවෝ කවුරුත් මතක් කල බව කියන්න. සටන ජයගෙන ජීවත් වුනොත් නැවත ලිපියක් එවන්නම්.
    මීට,
    ඔබේ මිතුරු බණ්ඩාර.
    --------------------------------------
    ආදරණීය මිතුරනේ,
    ආදරණීය රණවිරුවන් එදා සටනට ගියේ,
    සුවිසල් මැදුරු තනන්නටවත්, සුපෝකබෝගී වාහන ගන්නටවත් මුදල් එකතු කරන්නට නොව අපගේ හෙට දවස වෙනුවෙන් දේශය රකින්නයි, තම මරණයත් රටට බරක් නොවන්නට හැකි තරම් මුදල් එකතු කලේ ඔවුන්ගේ උතුම් බව ලොවටම පෙන්නමිනි.
    අප කන බත් කටක් පාස ඔබට පිං මගෙ ආදරණීය විරුවානෙනි, ඔබයි මගේ දේශය නැවත අවදි කල සැබෑ වීරවරයා!
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    "ඔය target 1 ගොඩක් අමාරු 1ක්, ඕකට ගහන්න ගියොත් Army එකේ ගොඩක් අය නැති වෙයි, tera කෘතීම open area 1ක් හදල තියෙන්නෙ, කිසිම විටෙක පාලම හරහා නගරයට ඇතුල් වෙන්න හදන්න එපා, හැකිතාක් හොයල වෙන පැත්තකින් ඇතුල් වෙන්න " ඒ අභීත විරුවන්ට ලැබුණු බුද්ධි අංශ තොරතුරුයි.
    -----------------------------------
    පාලම්පිඩි නගරය කොටින්ගේ අති විශේශ නගරයකි, එම නිසා ඔවුන් හතරවටින් දැඩි ආරක්ශාව යොදවා තිබුණි, මර උගුල්, බිම් බෝම්බ විශාල බංකර්, යුධ අගල්, පස් බැමි සමග විවුර්ත භූමියක්ද සාදා තිබුණි. බුද්ධි තොරතුරු 100%ක් නිවැරදි බව පේන මානයට ගිය නිලධාරීන් හට පෙනුණි.
    -----------------------------------
    57 වන සේනාංකයෙහි 571 වන බල සේනාවට මෙම අභියෝගය භාර විණි. විමර්ෂන කටයුතු සඳහා අටේ කණ්ඩායම් කිහිපයක් නිලධාරීන් කිහිප දෙනෙක් සමග පිටත් කර යැවීය. දිනකට පසු ලබාගත් තොරතුරු අනූව පාලම වටා ප්‍රබල බංකර 10ක් ඉදිකොට ඇටි බව සොයා ගත්හ. පාලමේ ආරක්ශාවට L.T.T.E සාමාජිකයන් විශාල සන්කියාවක් යොදවා තිබුණි. තවද යම් හෙයකින් පාලම ආරක්ෂක හමුදා අල්ලා ගතහොත් එය පුපුරවා හැරීමට යුධ ටැංකි නාශක බෝම්බ හා කිලෝ 100ක් පමන පුපුරණද්‍රව‍ය අටවා තිබුණි.
    -----------------------------------
    සෙබලුන් සටන අරඹ්යි, ප්‍රහාරය ඉතාමත් ධරුණු ලෙස දෙපාර්ශවයම අතින් සිදුවෙයි, පාලමට වම් පසින් දරුණු ප්‍රහාර එල්ල වන විට කිසි සේත් නොසිතූ ලෙස ශ්‍රී ලාංකීය රණ ශූරත්වය පෙන්නුම් කරමින් සතුරාගේ වාසිදායක විවුර්ත භූමිය තම වාසියට ගෙනෙමින්, එම භූමිය හරහා වේගවත් ප්‍රහාරයක් කරගෙන පාලම වෙත වීරෝදාර සෙබලුන් මොහොතකින් කඩා වැදුනි. සිදුවූයේ කුමක්දැයි පවා සිතා ගැනීමට නොහැකි වූ කොටින් ආයුධ සහ මල සිරුරු දමා වේගයෙන් පලා ගියහ. ඔවුනට පාලම පුපුරවා හැරීමටවහ් සුලු කාලයක් වත් නොදීමට අප විරුවන් සමත් වීම තවත් සුවිශේෂි ජයග්‍රහණයකි.
    -----------------------------------
    කිසිඳු විරුවෙකුට සුලු තුවාලයක් හෝ නොලබා මෙම ලබාගත් රණ ශූර ජයග්‍රහණය මුලුමහත් ලක්වාසින්හටම ආඩම්බරයකි. මෙහිදී එම සටන මෙහෙය වූ සියලුම නිලධාරීන් හට රණ වීර වික්‍රම පදක්කම නිර්දේශ වූ අතර, සියලුම සෙබලුන් නිලයකින් උසස් කිරීමද සිදු විය.
    -----------------------------------
    තම ජීවිතය ගැන පවා නොසිතා, විවුර්ත භූමියෙන් පවා සටනට ගොස් රට ජාතිය වෙනුවෙන් සටන් කල ආදරණීය විරුවන් හට කරන ජාතියේ උත්තමාචාරයයි මේ!
    වීර පුතුන් බිහි කල රට රකින්න පුදනා!
    අම්ම වරුන් පායුග වැඳ පුදන්න ඕනා!
    අම්මේ ඔබ එක සේවය සදහට අගනා!
    මාගේ සැබෑ ආඩම්බරය නුඹයි මගේ විරුවානෙනි. අප ඔබට සදා ණය ගැතියි
     

    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    මාගේ සැබෑ ආඩම්බරය නුඹයි මගේ විරුවානෙනි. අප ඔබට සදා ණය ගැතියි
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    "කපිතාන් සාලිය වහාම කඳවුර අත් හැර පසු බසින්න. air force එකෙන් කිවුව විදියට කොටි 400ක් විතර ඇතුල් වෙලා",
    මේ වනවිට පුරා පැය 72කටත් වඩා වැඩි කාලයක් එක දිගට සටන් කරමින් වීරෝදාර රණවිරුවන් ආහාරත්, ජලයත් නොමැතිව හෙම්බත්ව සිටියහ. නමුත් කිසි විටෙක සටන අත හැරීමට ඔවුන් සිතුවේ නැත. ඔවුන්ගේ දැඩි කැපවෙම සහ එඩිතර කම නිසා කොටි 400ක් පමන සමග අපගෙ රණවිරුවන් 60 දෙනෙක් පමණ දරුනු සටන් යෙදී සිටියහ. නමුත් ටිකෙන් ටික තත්වය ධරුනු අතට හැරෙන්නට විය, ආදරණීය සෙබලුන් විශාල ප්‍රමාණයක් මියගොස් හා බරපතල තුවාල ලබා සිටියහ.
    ...................................................
    සැබෑ තත්වය අවබෝද කරගත් කපිතාන් අලදෙණිය, වහාම හැකි ඉක්මනින් අනෙකුත් සෙබලුන්ට පිටව යන ලෙස නියෝග කලහ, කිසි සේත් එසේ කිරීමට අකමති වූ සෙබලුන්ට තදින් නියෝග කර බේරී යන ලෙස ඔහු කියා සිටියේය.
    .................................................
    කඳවුරේ ඉතිරි වූයේ කපිතාන් අලදෙනිය සහ තුවාල ලැබූ රණවිරුවන් පමණි.
    කුරිරු ත්‍රස්තවාදීන්ට කඳවුරේ ඇති කිසිවක් ලබා දීමට ඔහු අක මැති වුණි. එහි නවීන ආයුද සහ පතුරම් විශාල ප්‍රමාණයක් තිබුනි. තනිවම සටන් කරමින් සිටි අලදෙණියගේ සහයට තුවාල ලැබූ රණවිරුවන්ද සහයෝගය දුනි.
    .................................................
    කපිතාන් වරයා මූලස්තානය අමතයි "සර්, මම කපිතාන් අලදෙනිය, අපේ කට්ටිය මං safe තැනකට යැවුව, air force 1ට කියන්න අපේ කඳවුර හැකි ඉක්මනින් විනාශ කරන්න කියල",
    ..............................................
    ආදරණීය මිතුරනේ, ගත වූ මොහොත මා හට විස්තර කිරීමට වැඩි කාලයක් නොමැත, මන්දයත්, ශබ්දයේ වෙගය අභිබවා යමින් ජෙට් යාන දෙකක් කටුනායක ගුවනින් අහසට නැග තිබුණි.
    ජීවිතයේ කුඩා කල සිට සටන් භූමිය දක්වා ආ ගමන නිමේශයකින් කපිතාන් වරයාගේ සිතට නැගුනි.ආදරණීය පියානන්ට මවගේ වගකීම බාර කොට දැයෙන් සමුගන්නට යන සාලිය කුමරුන්ට, ආදරණීය අම්මාගේ කටහඬ දෙසවන සිපගනිත්දී, මුලු පලාතම දෝංකාර දෙමින් වීර අලදෙණියන් දැයෙන් සමුගෙන මොහොතක් ගතවී හමාරය.
    ................................................
    කඳවුර අත හැරයාමට ඕනෑ තරම් අවස්තාව තිබියදීත් තම මියගිය හා තුවාල ලබා සිටි සහෝදර සෙබලුන් වෙනුවෙන් අවසන් උණ්ඩය දක්වාම සටන් කල වීර පුරුෂයාට වීරත්වයේ උසස්ම පදක්කම වන පරම වීර ව්භූෂණ පදක්කම ලක් ඉතිහාසයේ දෙවන වරට පුදනු ලැබීය.
    ................................................
    ආදරණීය විරුවානෙනි, දැය වෙනුවෙන් කලමෙහෙවර උදෙසා දෙයත් නලලට තබා ආචාර කරමි අප ඔබට, නිදහස් නිවහල් දැයක් අපට එලිය කරදුන්නාට!
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    "නිලන්ත ගබඩාව උන්ට දෙන්නන් එපා කොල්ලො, කොහොම හරි support team1 එනකන් ඕක අල්ලන් ඉන්න කොල්ලො ටිකත් එක්ක. හරි සර් මං මැරුණත් මගෙ රාජකාරිය හරියට කරනව....."
    වේලාව උදෑසන 7.30 පමණ වනවිට කුරිරු ත්‍රස්තවාදීන් පුදුකුඩීරුප්පු දෙසිනුත්, නන්දිකඩාල් කලපුව දෙසිනුත් දරනු ලෙස ආරක්ෂක හමුදාවන්ට ප්‍රහාර එල්ල කරන්නට වුණි. මුහුදු කොටි නායක සුසේ ඇතුලු අනෙකෙකුත් නායකයන් රැසක් සමග විශාල කොටි පිරිසක් මෙම සටනට පැමිණ තිබුණහ. මරාගෙන මැරෙන කොටි පමණක් නොව, පුපුරන්ද්‍රව්‍ය සහිත රතද යොදාගෙන තිබුණි, ඔවුන්ගේ ඉලක්කය වූයේ ආරක්ශක හමුදා අවි ගබඩාවයි.
    සටන එන්න එන්නම දරුණු විය, කොටි හමුදා ඉදිරි ආරක්ෂක වලල්ල අතරින් බුරුතු පිටින් රිංගා ගත්හ. මේ වනවිට කොටි බර අවි ප්‍රහාරද, මරාගෙන මැරෙන ප්‍රහාරත් නිසා ආදරණීය සෙබෙලුන් විශල පිරිසක් දැයෙන් සමුගෙන හා තුවාල ලබා තිබුණි.
    "සර් ටෙරාල බුරුතු පිටින් අපේ area 1ට ඇතුල්වෙලා, අපේ සෑහෙන්න ගානක් lost, මම මේක බලාගන්නම්, සර් team1 අරං යන්න",යයි නිලන්ත තම නායක නිලධාරියා වන කපිතාන් අරංගල්ලට කීවේය.මිතුරනි, දුකින් වුවද පැවසීමට ඇත්තේ, මේ වනවිට ඉතිරිව සිටියේ ආදරනීය සෙබලු 20ක් පමණි.
    කපිතාන් අරංගල්ල නිලන්ත අමතා කීවෙ, "යමු නිලන්ත, අපි පස්සෙ අවිත් මේ පලිය ගමු කියාය."
    හරි සර් යන්න ම්න් එන්නන්, යයි කිවූ නිලන්ත පුෂ්පකුමරුන්,
    ආයුධ ගබඩාව තුලට ගියේ අවුරුදු 32ක තම ජීවිත කාලය සැනෙකින් මෙනෙහි කරමිනි.ආදරණීය මවටත්, පියාටත් සේම දේශයට ආදරය කල පුෂ්ප කුමාරයන් ක්ලේමෝ බෝම්බ රොත්තක් ගෙන තම වටා අතුරා ගත්හ.
    ..............................................................
    ගතවූ කාලය කෙතරම්ද කියා මා නොදනිමි මිතුරනේ, ජයග්‍රහණය උදම් අනමින් කොටි බුරුතු පිටින් අවි ගබඩාවට ඇතුලු වුණි....
    මිතුරනි..., ගත වූ නිමේශය විස්තර කිරීමට තරම් මා සැබෑ සමතෙකු නොවේ,
    හතරවන ඊලාම් යුධ ඉතිහාසයේ විශාලම වෙඩි හඬත් සමඟම වීරෝධාර තවත් විරුවෙක් ලක්මවට අහිමි වුණි.
    යම් හෙයකින් එම ආයුධ ගබඩාව කොටින් අතට පත්වූයේ නම් දෙවන ආරක්ෂක වලල්ල බිදීමට කොටින්ට ඉතා ලෙහෙසි දෙයක්ව තිබුණි.
    ජාතියට මෙවන් පුතකු බිහිකල ආදරණීය මවුනි, දැය වෙනුවෙන් ආදරණීය පුතකු වැඩූ ආදරණීය පියාණෙනි, මේ උත්තමාචාරය නුබටයි - නුබේ ආඩම්බරකාරයාටයි!
    හිරු නැගෙන පැයේත්, හිරු බැස යන පැයේත් පුදන්නම් ආචාර මගේ ආදරණීය රණවිරුවන්ට!
     
    • Like
    Reactions: King GBN