Western Music වලට සින්දු කියන්න අමරේ බෑ කිව්වා, ඒක නිසා පොරට අයිතිය තිබුන සින්දු ටික කේමදාස වෙන කෙනෙක් ලවා කියෙව්වා.
නමේ මුලකුරු ගැනනම් මම ලොකුවට දන්නේ නෑ, ඒ දවස්වල ඕක ලොකුවට ගිය සීන් එකක්. ගායකයා ලේබල් එකත් එක්ක ගනුදෙණු ප්‍රශ්නයක් උනාම උන් වෙන ගායකයෙක් බොරු නමක් හදල දාල සින්දු කියවනවා, මොකද සින්දුවේ ඇත්ත අයිතිය තියෙන්නෙ ලියපු එකාටයි මියුසික් කරපු එකාටයි. රෝහණ ප්‍රියමන්ත පීරිස් සීන් එක එහෙම මතකයිනේ මේකේ ඉන්න පරණ අයට.
හැබැයි W D ආරියසින්හ සන්ෆ්ලවර් ඇරෙන්න වෙන පීස් වලටත් අමරදේව මුලින් කියපු සින්දු කියලා තියනවා western classic style මියුසික් වලට. ඒක නිසා ගොඩක්විට ඕක අමරෙයි කේමදාසයි අතර තිබුන දීර්ගකාලින හුටපටේ නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක් වෙන්න ඕන.
ඕකේ රෑ හඳේ කියන සින්දුවේ සන්ෆ්ලවර් බැකින්ග් බලපන්, මාර ලස්සනයි, දැන් ඉන්න එක බෑන්ඩ් එකකට ඔහොම ක්ලීන් රිමේක් එකක් කරන්න බෑ. ඩ්‍රම්ස් එහෙම මරු, බොරු වැඩ මුකුත් නෑ, ටෙම්පෝ එක එහෙම ගානට දෙනවා.
------ Post added on Aug 29, 2023 at 7:02 PM