අම්මා..

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,695
    7,889
    113
    මෙන්න මෙතන...
    "මට මගේ දරුවා බලන්න පුලුවන් ද?"
    අලුතෙන් මව් පදවිය ලැබූ තරුණ අම්මා ආසාවෙන් ඇහුවා. හෙදියක් පැමින රෙදි වලින් ඔතා තිබූ දරුවා ඇය අතට දුන් අතර තරුණ මව ඉතා ආශාවෙන් රෙදි කඩ අයින් කලේ අලුත ඉපදුන තමන්ගේ කුලුදුල් දරුවාගේ මුහුණ බැලීමටයි.
    නමුත් දරුවාගේ මුහුණ දුටු ඇයට වේදනාවෙන් කෑ ගැසුනා...අසල සිටි වෛද්‍යවරයා කිසිත් නොකී අතර ඔහු අසල වූ ජනේලයෙන් හිස් අහස දෙස බලාගෙන සිටියා.දරුවාට උපතින්ම භාහිර කන් දෙකක් පිහිටා තිබුනේ නෑ!!!

    කාළය ගත වීමේදී දරුවාගේ කන් ඇසීමේ දුර්වලතාවයක් නොමැති බව ප්‍රත්‍යක්‍ෂ වූ නමුත් කන් දෙක පිහිටා නොමැති නිසා දරුවාගේ මද විරූපී ගතියක් පෙනුනා. බොහෝ දින වල පාසල් අවසන් වී නිවසට ආ පසු මවගේ තුරුලට යන දරුවා ඔහුට පාසලේ අනෙක් දරුවන් ගෙන් විදින්නට සිදු වන නොයෙකුත් අඩන්තේට්ටම් මවට පවසමින් හැඩුවා.

    කාලය ගත වුනා. දරුවා නව යොවුන් තරුණයෙක් වුනා.ඉතා ප්‍රියමනාප දරුවෙකු වූ ඔහු පාසලේදී අනෙක් ළමුන් අතර ජනප්‍රිය චරිතයක් වුනා. මොහු සාහිත්‍යකරණයට විශේෂ දක්‍ෂකම් පෑ අතර මව තව තවත් ඔහුව ඒ සදහා දිරිමත් කලා. භාහිර කන් පිහිටා නොමැති ඔහුගේ අනාගතය ගැන බිය වූ මව සහ පියා දිනක් ඔවුන්ගේ පවුලේ වෛද්‍යවරයා මුන ගැසීමට ගිය අතර දරුවා වෙනුවෙන් කල හැකි කිසිවක්ම නැත්දැයි ඔහුගෙන් විමසා සිටියා.

    "දරුවට තමන්ගේ කන් දෙක පරිත්‍යාග කරන්න කැමති කෙනෙක් හොයා ගන්න පුලුවන් උනොත් ඒ කන් දෙක දරුවට බද්ධ කිරීමට හැකි බව මම විශ්වාස කරනවා මහත්මයා" වෛද්‍යවරයා පිලිතුරු දුන්නා.

    එතැන් පටන් දරුවාගේ දෙමව්පියන් දරුවාට තමන්ගේ කන් දෙක පරිත්‍යාග කිරීමට කැමති කෙනෙක් සෙවීමට ගොඩක් මහන්සි ගත්තා. නමුත් කවුද කැමති තමන්ගේ කන් දෙක තරුණ දරුවෙක්ට පරිත්‍යාග කරන්න. මේ විදියට වසර දෙකක්ම ගෙවිලා ගියා. හදිසියේම දිනක් දරුවාට කතා කල පියා
    "පුතා ඔයා අද රෝහලට යනවා,අම්මටයි මටයි පුලුවන් වුනා පුතාට තමන්ගේ කන් දෙක පරිත්‍යාග කරන්න කැමති කෙනෙක් හොයා ගන්න,හැබැයි ඒ පුද්ගලයා කැමති නෑ එයා කවුද කියලා පුතා දැන ගන්නවට,ඒ නිසා ඒක රහසක්"

    ශල්‍යකර්මය සාර්ථකව නිම වුනා...අලුත් හැඩකාර තරුණයෙක් රෝහලෙන් පිට වී නිවසට පැමිනියා.කලින් දක්‍ෂ සිසුවෙක් වූ ඔහු ශල්‍යකර්මයෙන් පසු අති දක්‍ෂයෙක් බවට පත් වුනා. මුහුන දුන් විහාග සියල්ලෙන්ම අති විශිෂ්ඨ ලෙස සමත් වූ ඔහුට රජයේ ඉහල රැකියාවක් ලැබුනා. පියකරු තරුණියක් හා විවාහ වූ ඔහු තම මව්පියන් සහ බිරිද සමග ඉතා සාර්ථක ජීවිතයක් ගත කලා.

    "තාත්තේ මට කන් දෙක පරිත්‍යාග කරපු කෙනාව මම දැන් ගන්නම ඕනි...එයා මට කරපු පරිත්‍යාගය වෙනුවෙන් මම එයාට කලගුන සලකන්න ඕනි" ඔහු නිතරම ඔහුගේ පියාට කරදර කලා. නමුත් පියා කෙදිනකවත් ඔහුට ඒ පුද්ගලයා ගැන කිව්වේ නෑ,ඔහුගේ නම හෙලි නොකරන බවට ඔහුට වූ පොරොන් දුව මතක් කරමින් පියා මග හැරියා.

    කාලය ගෙවී ගියා...පුතෙකුට තම ජීවිතයේ මුහුන දීමට සිදුවන අදුරුම දිනයක් පැමිනියා...මවගේ නිසල සිරුර අසල ඔහු පියා සමග තනි වුනා.
    අත පහලට ගෙන ගිය පියා සෙමින් මවගේ ඝනව වැවී තිබුන කෙස් කලඹ පැත්තකට කලා,මවගේ භාහිර කන් පෙති නැති බව පුතා දුටුවේ එවිටයි.

    "පුතාට බද්ධ කරන්න තමන් ගේ කන් දෙක පරිත්‍යාග කරන්න කවුරුත් කැමති වෙයි කියලා අම්මා හිතුවේ නෑ,අම්මා කන් දෙක ඒ මොහොතෙම දෙන්න කැමති උනත් ඒ බව පුතා දැන ගන්නවට අකමැති නිසා කන් නැති බව නොපෙනෙන්න අම්මා කොණ්ඩේ වවන්න පටන් ගත්තා,ඒකට අවුරුදු දෙකක්ම ගිය නිසයි පුතාගේ ඔපරේෂන් එක අවුරුදු දෙකක් ප්‍රමාද වුනේ" පියා හඩමින් පැවසුවා.

    මවකගේ ආදරයට සම කල හැකි කිසිවක් මේ විශ්වයේ නොමැත.
    ඇයගේ ආදරයට ගරු කරන්න... ඇයගේ ආදරයට ආදරය කරන්න...

    උපුටා ගැනීමකි​
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,104
    16,906
    113
    Ohoma ammala ada kale adui ban.mama dakka adath lamayekwa onakamin atharaman karala gihin.e podi eka adanawa ho gala police station eke.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    uba ada dapu post serama patta bn rep denna haduwa hama ekatama
    but bari una
    keep it up yaluwa
    big clap 4 u

    10846161_10152980234714578_129569571623916793_n.jpg


    9Y7qmQ3.png