අමාවකට අත වනනා පිචිච මලී - මේ කාන්තාව ව්‍යසනයකට ලං වෙමින් ඉන්නා බව
ළැමද නුඹේ කිරි පුසුඹින් සිත පෑරී - මේ කාන්තාව දරුවන් සහිත කාන්තාවක්, ඒ කිරි සුවද නිසා මේ කාන්තාව සමග මේ සම්බන්ධය ඇති කරගත් පුරුෂයා ප්‍රශ්නයක ඉන්නා බව
පිචිච පතට පැණී පෙරලා බොන යාමේ
පිචිච මලට පැණි ඉහුනද සංකාවෙ... - අර කලින් කියූ දරුවන් සහිත කාන්තාව හැර වෙනත් කාන්තාවක් සමග මේ පුරුෂයා ගේ ඇති සම්බන්ධය නිසා මේ කාන්තාව රාගයෙන් ද ආලයෙන් ද නිර්විමුක්තව, විදවමින් ඉන්නා බව
ළැමද හොවා හද සෙනෙහස දුන්නාට
කුමක් කරන්නද සමණල් හිනාවට - තමා ගේ කාන්තාව- බිරිද කොපමණ සෙනෙහස දුන්නත් තමා ඇදී යන අන් අගනන් ගේ සිනාව ගැන...
ඉතින් ශාප කරමින් මගේ ඉක්මන් කමට
එපා විසිකරනු ගින්දර මගෙ පැල්පතට... - බිරිදට කරන ආයාචනයක් ගෙදර ප්‍රශ්න ඇති නොකරන ලෙසට
අවිහිංසක සිතිවිළි සිත බැන්දාට
එකට කුඩුවෙන්නට බැරි පෙර පවට - අසම්මත ප්‍රෙමය දිනන්නට බැරි බව
දෑත දිගුකරන්නට බෑ නුඹෙ ලොවට
වරද මගෙන් සගවා දෙනු ලෝකයට... - තමා ගේ මේ අයථා(?) සම්බන්ධය ලොවට හෙලි නොකරන ලෙසට බිරිදට කරන ආයාචනය
මේ තමා ගේ අසම්මත(?) ප්‍රේමය ගැන දැන ගත් බිරිදට ඒ පිළිබදව ලොවට හෙළි නොකරන ලෙසට කරන ආයාචනයක්......
ප.ලි.
සහෝදරයා මම පොඩි උපදෙසක් දෙන්නම්. අපි සිංහල වුනාට එන්න එන්නම සිංහල බාෂාව නොදන්න උන් බවට පත් වෙමින් ඉන්නේ. තමන් ගේ භාෂාව ඉගෙන ගන්න, පරිශීලනය කරන්න. මම දන්නා පරිදි ලොව ඇති සරවත් ම, පොහොසත් ම සබ සිංහල. අනික ගීයක් විදිනවා නම්, එහි වචනාර්ථය නොවේ එයින් තමාට දැනෙන දේ විදින්න.....