අමුතු පුවත් : දේශපාලන NEWS

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ravi1.gif

    එල එල
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කොටි සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ වේලායුදන් දයානිධි හෙවත් දයා මාස්ටර් බ්‍රහස්පතින්දා (11) තෙක් රිමාන්ඩ් කිරීමට වව්නියාව මහේස්ත්‍රාත් බාලේන්ද්‍රන් ශෂි මහේන්ද්‍රන් මහතා අද (10) නියෝග කළේය.
    නීති විරෝධී ත්‍රස්ත සංවිධානයක මාධ්‍ය ප්‍රකාශකවරයකු ලෙස කටයුතු කිරීම යන චෝදනාවට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ත්‍රස්ත විමර්ශන අංශය ඔහුට එරෙහිව නඩු පවරා ඇත.
    දයා මාස්ටර් හා ජෝර්ජ් මාස්ටර් 2009 අප්‍රේල් 20 වැනිදා පුදුමාතලන්හිදී රජයේ හමුදාවට බාර වූහ. ඒ යුද්ධය අවසන් වීමට දින කිහිපයකට පෙරදීය.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අතුරුදන් වූවන් පිළිබඳ කාර්යයාලය පිහිටවීමේ පනත සංශෝධන සහිතව අද (11) පස්වරු 2.30 ට ඡන්දයකින් තොරව සම්මත විය. පනතට එරෙහිව සභා ගැබ මැදට පැමිණි විරෝධය දැක් වූ ඒකාබද්ධ විපක්ෂයේ කතිකයන් නොසිටීම නිසා විවාදය හිටිගමන් අවසන් විය. ජවිපෙ මන්ත්‍රීගේ කතාවෙන් පසු දිනේෂ් ගුණවර්ධන මහතාගේ වාරය එළැඹි බව මූලාසනයෙන් දැනිවිණි. එහෙත් ඔහු කතා කිරීමට ඉදිරිපත් නොවීය. ඒ අනූව විවාදය අවසන් කළ මූලාසනය පනත දෙවැනි තෙවැනි වර කියැවීමේ අවස්ථාව එළඹී ඇතැයි ප්‍රකාශ කළේය. සිකුරාදා පස්වරු 2.30 දක්වා පැවැත්වීමට නියමිත වූ විවාදය හිටි ගමන් මෙසේ අවසන් විය.