අමුතු වැඩක් උනා

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    ඔය දැකලා තියෙන්න හීනයක් ඇතුලේ තව හීනයක් වෙන්න ඕනි. ඔයවගේ videos , films බලලා එහෙමම නිදිමතක් ඇවිත් නින්ද ගියාමත් ඔහොම වෙනවා. පළවෙනි හීනය දේවල් දැකලා තිබ්බ එක. දෙවැනි හීනය තමයි sleeping paralyze වෙලා ඉන්නවා තේරුන එක. මටත් ඔය වගේ වෙලා තියෙනවා හැබැයි කාලේකට කලින්. ඕක ගොඩක්ම වෙන්නේ දවල්ට නිදා ගත්තාම. සමහරවිට දවසක් දෙකක් නිදිමරලා හරි පට්ට මහන්සි වෙලා හරි ඉදලා දවල් නිදා ගත්තාම. එක්කෝ මොකක් හරි දෙයක් හින්දා මානසිකව පීඩනයකින් හරි excitement එකක හරි ඉන්නකොට වගේ තමයි ඔහොම වෙන්න chance වැඩී. නැත්තන් ඔයා වගේ මොකක් හරි බලබල ඉඳල නින්ද ගියාම
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    මට අද පෙනුනා අපෙ අප්පච්චි මන්ත්‍රී කෙනෙක්ගෙන් ගේම ඉල්ලලා මැරයො සෙට් එකක් අපෙ ගෙදර අයව මරන්න එන හීනයක්
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මටත් ඔය වගේ හීන පේනවා. ඒවා එකම සීරීස් එකක එපිසෝඩ් හැටියටයි පේන්නේ.
    ඊයේ අලුත් හීන සීරීස් එකක් පටන් ගත්ත.
    පළවෙනි එපිසෝඩ් එකේ පෙන්නුවේ මම බ්‍රැඩ් පිට්ට ගහනවා.
    මම ඇන්ජලීනා ජොලී බඳින එක තමයි දෙවෙනි එපිසෝඩ් එක.
    අද රෑට පෙනෙන්නේ තුන්වෙනි එපිසෝඩ් එක. ඒකෙ තමයි හනිමූන් එක පෙන්නන්නේ.
     
    • Like
    Reactions: TonyMontana83

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    නිවාඩු දවසක දවල් 11ට විතර මට නින්ද ගිහින්. හරි වැඩේනේ හීනවල කට්ටිය කතා කරනවා, මම ඇවිදිනවා. එත් පෙන්නේ නෑ. ජනේලයක් පේන්නේ. ඉතින් මම ගොඩක් අමාරුවෙන් බිත්ති අල්ලගෙන පුටු වල වැදි වැදි තමයි ඇවිද්දෙ. ඇස් ඇරියම පෙන්නේ ජනේලයක්. ටිකක් වෙලා ගිහින් මම අවදිවෙලා බැලුවම මගේ කාමරේ ජනේලේ පැත්තට තමයි මම නිදාගෙන තියෙන්නේ.:unsure:
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අද ටිකක් කලින් ඇහැරුනා. තේ එකක් බීලා පොඩි බඩගින්නක් ආව නිසා බිස්කට් ටිකක් කාලා ටිකක් කිරියෙත් කැරකිලා යූටියුබ් වීඩියෝ එකක් බලන්න ගත්තම ආයෙ නිදිමතක් ඇල්ලුවා. ඒ ගමන ෆෝන් එකත් අරන් පොඩ්ඩක් ඇල උනා. වීඩියෝ එක බල බලම නින්ද ගියා.

    හීනයක් පේන්න ගත්තා. කිසිම වැඩකට නැති විකාර තිබ්බෙ. මං පාරෙ ඇවිදගෙන යනකොට ලොරියක් යනවා ඉස්සරහ රෝදයක් නෑ. රෝදෙ ගලෝනකොට බිමට රිම් එකක් හරහට තියල ඒක උඩ කොට කෑල්ලක් තියල ඒක උඩ ඇක්සලේ තියල ගලෝල තියෙන්නෙ. ලොරිය යනවා පාරෙ, අර රිම් එක බිම ඇතිල්ලීගෙන යනව ගින්දර විදගෙන :lol:

    ඉස්පිරිතාලෙක/මල්ශාලාවක මෝචරියක ඉන්නව දැක්කා. එතකොට මං බය උනා මොනෞත්තක්ද යකෝ මේ කියල. තව මොනව පෙනෙයිද දන්නෑ ඉක්මනට ඇහැරෙන්න ඕන කියල හිතුනා. (ඉන්නෙ හීනෙක කියල තේරුනා හොඳට) 3 2 1 ගැනල 1දි ඇහැරෙන්න ඕන කියල හිතලා එහෙම ගැන්නා. 1දි ඇස් අරින්න බෑ. ඒ ගමන ඇඟිලි වලින් ඇස් පිල්ලම් බලෙන් ඇරියොත් හරි කියල හිතිල එහෙම ඇරල ඇහැරුනා. ඇහැරෙද්දි ඇගම වෙවුලනව වගේ දැනුන.

    හැබැයි ඇහැරිලා බලද්දි කිසි හැලහොල්මනක් නෑ. ඇස් අරින්න ඇඟිලි වලින් ඇහි පිල්ලම් උස්සලත් නෑ.
    Indrajith gen ahamu..
     
    • Sad
    Reactions: TonyMontana83

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,627
    113
    Miami
    නිවාඩු දවසක දවල් 11ට විතර මට නින්ද ගිහින්. හරි වැඩේනේ හීනවල කට්ටිය කතා කරනවා, මම ඇවිදිනවා. එත් පෙන්නේ නෑ. ජනේලයක් පේන්නේ. ඉතින් මම ගොඩක් අමාරුවෙන් බිත්ති අල්ලගෙන පුටු වල වැදි වැදි තමයි ඇවිද්දෙ. ඇස් ඇරියම පෙන්නේ ජනේලයක්. ටිකක් වෙලා ගිහින් මම අවදිවෙලා බැලුවම මගේ කාමරේ ජනේලේ පැත්තට තමයි මම නිදාගෙන තියෙන්නේ.:unsure:

    ඇත්තටම ඇඟ ඇවිදලද නැත්නම් හීනෙ ඇතුලෙද ඇවිදල තියෙන්නෙ?

    මට අද පෙනුනා අපෙ අප්පච්චි මන්ත්‍රී කෙනෙක්ගෙන් ගේම ඉල්ලලා මැරයො සෙට් එකක් අපෙ ගෙදර අයව මරන්න එන හීනයක්

    පොඩි කාලෙ මම ආමි පොරකගෙ පුතෙක් එක්ක රන්ඩු උනා. එදා රෑ හීනෙන් දැක්කා අරූ තාත්ත එක්ක ආමි ට්‍රක් එකකින් ඇවිල්ලා අපේ ගෙයි ඒක හපල්ලා කඩල දානවා :P

    ඔය දැකලා තියෙන්න හීනයක් ඇතුලේ තව හීනයක් වෙන්න ඕනි. ඔයවගේ videos , films බලලා එහෙමම නිදිමතක් ඇවිත් නින්ද ගියාමත් ඔහොම වෙනවා. පළවෙනි හීනය දේවල් දැකලා තිබ්බ එක. දෙවැනි හීනය තමයි sleeping paralyze වෙලා ඉන්නවා තේරුන එක. මටත් ඔය වගේ වෙලා තියෙනවා හැබැයි කාලේකට කලින්. ඕක ගොඩක්ම වෙන්නේ දවල්ට නිදා ගත්තාම. සමහරවිට දවසක් දෙකක් නිදිමරලා හරි පට්ට මහන්සි වෙලා හරි ඉදලා දවල් නිදා ගත්තාම. එක්කෝ මොකක් හරි දෙයක් හින්දා මානසිකව පීඩනයකින් හරි excitement එකක හරි ඉන්නකොට වගේ තමයි ඔහොම වෙන්න chance වැඩී. නැත්තන් ඔයා වගේ මොකක් හරි බලබල ඉඳල නින්ද ගියාම

    Sleep paralysis මම experience කරල තියෙනව මචං සෑහෙන. මේක එහෙම එකක් නෙමෙයි. දැන් sleep paralysis එකක් උන ගමන් තේරෙනව මේකයි උනේ කියල ඔහෙ ඉන්නවා. ආයෙ නින්දත් යනවා. මේක වෙනම සීන් එකක්. කවදාවත් වෙලා නෑ මට. බය හිතෙන සීන් වෙලා ඉබේ ඇහැරෙනකන් දන්නෙ නෑනෙ ඒක හීනයක් කියලා. මේකෙ හීනෙ තුලම මට තේරුණා හීනයක් කියලා. අනතුරක් වගේ දෙයක් දැනුනෙ නෑ. අපහසුතාවයක් දැනුනා දැක්ක දේවල් නිසා. ඒ නිසා ඇහැරෙන්න ඕන කියල හිතුනේ.

    හීන පේන්නෙ නෑනෙ. හැබැයි ඊයෙ දවසෙ කරපු අන්තිම වැඩ ටික හීනයක් වගේ. ටිකක් කල්පනා කරලා බැලුවම ඇත්තටම එහෙම උනා නේද කියල මතක් වෙන්නෙ.

    එහෙම සීන් නම් සෑහෙන තියෙනවා :P
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    මට මේ ලගදී පෙනුනා.. මුහුද මැද ඉන්නේ මම පොඩි දුපතක ගෙවල් ටිකයි තියෙන්නේ... 5ක් වගේ.. දෙපැත්තෙන් පට්ට ලොකු සුනාමි waves දෙකක් එනවා.. මම වහලේ උඩට නගිනවා.. ඒ උනාට ලොවෙත් බේරෙන්න බෑ අහස උසට උසයි waves.. ටික වෙලාවක් වටපිට බලලා මම accept කරා මන් දැන් මැරෙනවා කියලා.. මන් wave එක ලඟට එනකන් ඉඳල පන්න වහලෙන් පල්ලෙහාට.. ටක්ගාලා මැරෙන්න කියලා හිතාගෙන.. පන්නම ඇඟට මුකුත් රිදෙන්න දැනුන් නැතිනිසා.. මන් හිතුවා එකපාරම මැරෙන්න ඇතිකියලා.. ෆුල් කළුවර වෙලා තියෙන්නේ දැන්.. මන් මරණින් පස්සේ මොකක්ද තියෙන්නේ කියලා බලාගන්න ආසාවට ඇස් දෙක අරෙනකන් බලන් හිටියා.. තප්පර ගානකින් ඇස දෙක ඇරියම නැගිට්ටුනා... හෙනම අමුතු feeling එකක් ඒක..
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ඇත්තටම ඇඟ ඇවිදලද නැත්නම් හීනෙ ඇතුලෙද ඇවිදල තියෙන්නෙ?
    නෑ... නෑ ...ඇත්තට ඇවිදල නෑ. හීනෙ විෂුවල් විදියට පෙනිලා තියෙන්නේ ඇත්ත පරිසරය.
     
    • Wow
    Reactions: TonyMontana83

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,627
    113
    Miami
    මට මේ ලගදී පෙනුනා.. මුහුද මැද ඉන්නේ මම පොඩි දුපතක ගෙවල් ටිකයි තියෙන්නේ... 5ක් වගේ.. දෙපැත්තෙන් පට්ට ලොකු සුනාමි waves දෙකක් එනවා.. මම වහලේ උඩට නගිනවා.. ඒ උනාට ලොවෙත් බේරෙන්න බෑ අහස උසට උසයි waves.. ටික වෙලාවක් වටපිට බලලා මම accept කරා මන් දැන් මැරෙනවා කියලා.. මන් wave එක ලඟට එනකන් ඉඳල පන්න වහලෙන් පල්ලෙහාට.. ටක්ගාලා මැරෙන්න කියලා හිතාගෙන.. පන්නම ඇඟට මුකුත් රිදෙන්න දැනුන් නැතිනිසා.. මන් හිතුවා එකපාරම මැරෙන්න ඇතිකියලා.. ෆුල් කළුවර වෙලා තියෙන්නේ දැන්.. මන් මරණින් පස්සේ මොකක්ද තියෙන්නේ කියලා බලාගන්න ආසාවට ඇස් දෙක අරෙනකන් බලන් හිටියා.. තප්පර ගානකින් ඇස දෙක ඇරියම නැගිට්ටුනා... හෙනම අමුතු feeling එකක් ඒක..
    ගෝටයිම්බර උඹේ ඔලුව ගැලවෙන්න දෙකක් දුන්න වෙලාවෙ ඕක දැනුනෙ නැද්ද :P
     
    • Haha
    Reactions: Ritigala Jayasena69

    thalia

    Well-known member
  • Sep 8, 2014
    1,174
    878
    113
    සයිබරේ තමා
    මම පෙරේද හීනයක් දැක්ක, ගෙදර තනියම ඉන්න දවසක අපේ වත්තෙ තියෙන පුටුවක ඉද්දි මට නින්ද යනව . ඊට පස්සෙ ගෙදර කට්ටිය ගිය ගමන ඉවර කරල ඇවිත් මාව ඇහරවල කියනව "TV එක නෑනෙ" කියල. ඊට පස්සෙ මම ගේ ඇතුලට දුවල සාලෙ බලනකොට TV එක නෑ. මම එලියෙ නිදි අතර කවෘහරි ඇවිත් හොරකම් කරල. මම දුවල ගිහිං බලනව මගේ කාමරේ ඉලෙක්ට්‍රොනික් බඩු ටිකත් උස්සලද කියල, ඒව අවුලක් නෑ. දැං මට මාර අප්සට් මම ගෙදර අයට අරන් දුන්න TV එක නිසා.
    හැබැයි ටිකකිං මට තේරුනා පොඩ්ඩක් වියර්ඩ් වගේ ගතියක්, මට තේරුනා මට මේ හීනයක් පේන්නෙ කියල. මමත් ඉතිං මේ ඇති අප්සට් ගත්ත, නැගිටින්න ඕනෙ කියල හිතල ෆුල් ඩම් එක දාල ඇහැරුනා. ඇහැරිල සාලෙට ගියා, අඩේ සාලෙ ඒත් TV එක නෑ, අපේ පරණ CRT TV එක දාල කට්ටිය බලාගෙන ඉන්නව. දැන් මට ෆුල්ම අප්සට් යකෝ ඇත්තටම හොරකම් කරල නේද, මම දෙක්කෙ හීනයක් නෙමේ නේද කියල. දැන් ඉතිං අලුතෙන් ගන්නත් බෑ පට්ටම ගණන් නේ කිය කිය මම අපේ තාත්තට කියනව. ඒ දුකටම/තරහටම වගේ එක් පාරට මොකක්ද වෙලා ආයෙ ඇහෙරුනා. මම පලවෙනි එක බ්‍රේක් කරල ගිහිං තියෙන්නෙ තවත් හීනෙකට නෙ. 🥴
    oya wage wela tyenwa sahena parak.
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,382
    2,578
    113
    colombo
    off topic

    උඹලට හීන පේන්න තරම් නිදාගන්නවද බං,. මම අවුරුදු ගාණකින් පැය 4කට වඩා නිදාගෙන නෑ බොහෝ වෙලාවට. ඒත් හීන දකින්නේ දවල්ට ඒව හැබෑ කරගන්න වෙහෙසෙනවා රෑ එලි වෙනකම්. මම වෙනුවෙන් නෙමෙයි මගෙන් යැපෙන මගෙ අම්මලා මගෙ බිරිඳ මගෙ දරුවා මගෙ බිරිඳගෙ පවුල වෙනුවෙන්. මම ඉක්මනින් මැරිල යාවි ඒත් ඒ අය සතුටින් ඉඳීවි. ජීවිතය අරමුණක් වෙනුවෙන් වැය කරන්න. ඔව් නරක හොඳ හීන මාත් දැකලා තියෙනවා ඒවා ගණන් නොගෙන අදහන ආගමකට අනුව නිවැරදිව ජීවත් වෙන්න. පුලුවන් හැම වෙලේම හිතින් හරි කාට හරි පිහිටක් වෙන්න.

    මම මේකෙ නම් පිස්සු කෙලිනවා ඒ මගේ දරාගන්න බැරි ස්ට්‍රෙස් එක නැති කරගන්න.

    ප.ලි - ......................................
    දෙ. ප. ලි. - ලිව්ව ටික මැකුවා. බීලා කියෙව්වම කෙල වෙන නිසා. (Bacardi half bottle :lol: :lol: :lol: :lol: )
    3 ප. ලි. - ඔරිජිනල් නෙමේ මෙන්ඩිස් බකාඩි 4500 සැර 40 පට්ට.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,553
    17,591
    113
    Auckland
    යන්තන් නින්ද ගිහින් ඉන්නකොට ඔය වගේ මල සමයන් සීන් පේනව. මට ඕක වෙනව වාහනේ නිදාගත්තම. මම වැඩ ඉවර වෙලා ගෙදර ගිහින් විනාඩි 10ක් විතර පොඩි පවර් නැප් එකක් දානව ස්ටොප් වොච් එක තියල. අඩ නින්දෙ වගේ ඉන්න ගමන් බාගයක් පියවි සිහියෙන් අනෙක් ටික නින්දෙන් වගේ අමුතු ලෙවල් එකක ඉන්න ගමන් එක එක සමයන් දේවල් ඔලුවට එනව. මම හිතන්නෙ ඒ යටි හිත ප්‍රොසෙස් කරන ලොජික් සීන් :baffled:
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    අම්ඩෝ සිරාවටම මාත් ගිය සතියෙ අමුතු හීනයක් දැක්ක. යාලුවෙක් එක්ක අපේ දොර ලග චැට් එකක් දාගෙන හිටිය. ඉන්නකොට මූ මොකක් හරි එකක් ඉල්ලුව. ඊට පස්සෙ මං ඕක ගේන්න මගේ කාමරේට ගියා. එක පාරට මං දැක්ක කාමරේ ඇද ලග බීඩියක් තියනව. මං බැලුව බීඩියක් කොහෙන්ද මෙතනට කියල. ආතල් එකට වගේ මං කටේ තියල පත්තු කරා විතරයි ඩෝං ගාල පිපුරුවා කියහංකො.:shocked: දඩස් ගාල ඇහැරුනා. මං හිතුව මං මලා කියල🥴
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,973
    17,606
    113
    Nowhere
    ekaparak gedarata kawda awith dorata thattu karanwa. mn sleep paralyze. kaagahuwa hari giye na. epara perali perali gihin dora arinna haduwa. peralennat ba. apu ekaata monawa unada dannet na. samaharawita kawruwat awe nathi wenna puluwan :rofl: