අමුතු වැඩක් උනා

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    පාන්දර , උදේ වගේ පේන හීන ඇත්ත වෙනවා බොහෝ විට.

    උදේ වරුවෙ නිදන් ඉද්දි මම දැක්ක මගේ ලගම කෙනෙක් වීල්චෙයා එකේ තියාගන හොස්පිටල් එකේ කොරිඩොර් එකේ ගෙනියනව.
    හරියටම රැ 11:15 වෙද්දි මම ඒක ඇත්තට දැක්ක(කුරුනෑගල හොස්පිටල් එකක )

    පාන්දර දැක්ක අල්ලපු එහා ගෙදර මල්ලි (ෆොර්සස් ට්‍රිනින් හිටියේ), මාත් එක්ක නාන්න ගිහින් දෙයක් උනා(මතක නැ 2010 වගේ) .
    ඒගමන අත්දෙකම කැඩුනා උගේ.
    ගෙදරින් කෝල් එකක් එනවා මෙන්න උදේ 7ට.
    අරු ට්‍රිනින් වෙද්දි අත කැඩිල, හමුදා රොහලෙන් මහරෝහලටද කොහෙද දාල කියල.
     

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    off topic

    උඹලට හීන පේන්න තරම් නිදාගන්නවද බං,. මම අවුරුදු ගාණකින් පැය 4කට වඩා නිදාගෙන නෑ බොහෝ වෙලාවට. ඒත් හීන දකින්නේ දවල්ට ඒව හැබෑ කරගන්න වෙහෙසෙනවා රෑ එලි වෙනකම්. මම වෙනුවෙන් නෙමෙයි මගෙන් යැපෙන මගෙ අම්මලා මගෙ බිරිඳ මගෙ දරුවා මගෙ බිරිඳගෙ පවුල වෙනුවෙන්. මම ඉක්මනින් මැරිල යාවි ඒත් ඒ අය සතුටින් ඉඳීවි. ජීවිතය අරමුණක් වෙනුවෙන් වැය කරන්න. ඔව් නරක හොඳ හීන මාත් දැකලා තියෙනවා ඒවා ගණන් නොගෙන අදහන ආගමකට අනුව නිවැරදිව ජීවත් වෙන්න. පුලුවන් හැම වෙලේම හිතින් හරි කාට හරි පිහිටක් වෙන්න.

    මම මේකෙ නම් පිස්සු කෙලිනවා ඒ මගේ දරාගන්න බැරි ස්ට්‍රෙස් එක නැති කරගන්න.

    ප.ලි - ......................................
    දෙ. ප. ලි. - ලිව්ව ටික මැකුවා. බීලා කියෙව්වම කෙල වෙන නිසා. (Bacardi half bottle :lol: :lol: :lol: :lol: )
    3 ප. ලි. - ඔරිජිනල් නෙමේ මෙන්ඩිස් බකාඩි 4500 සැර 40 පට්ට.
    Bacardi Black
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,734
    23,407
    113
    සීතල දවස්වලට හීන පේන එක නෝමල් බන්. මට පෙරේදද කොහෙද පෙනුන කලවැද්දෙක් මැරිච්ච මනුස්සයෙක්ව කන්න උස්සන් ඇවිල්ල ගෙදර සිවිලිම කඩාගෙන ඌව සාලෙට වැටෙනව. පස්සෙ ගෙදර අය මැරිච්ච මනුස්සයව වලලනව හොරෙන්ම. :baffled: