අයින්ස්ටයින්ගේ ප්‍රෙහේලිකාව විසඳමු!

sarinda100

Well-known member
  • Feb 13, 2010
    1,708
    545
    113
    colombo
    අයින්ස්ටයින්ගේ ප්‍රෙහේලිකාව විසඳමු!

    අද අපි ඉදිරිපත් කරන්න යන්නේ ලෝකයේ බොහොම ප්‍රසිද්ධ ප්‍රෙහේලිකාවක්. මෙය හඳුන්වන්නේ අයින්ස්ටයින්ගේ ප්‍රෙහේලිකාව යන නමින්. සමහරු කියනවා මේක අයින්ස්ටයින් තරුණ කාලයේදී නිර්මාණය කරපු ගැටළුවක් කියලා. නමුත් මෙහි නිමැවුම්කරු අයින්ස්ටයින් බවට ප්‍රබල සාක්ෂි නම් කිසිවක් නැහැ. කොහොම වුණත් ඒක ප්‍රසිද්ධ ඒ නමින් නිසා අපිත් එහෙමම හඳුන්වමු. තවත් කතාවක් තියෙනවා මේ ප්‍රෙහේලිකාව විසඳන්න පුළුවන් ජනගහනයෙන් 2%ක පිරිසකට පමණයි කියලත්. ඒ කරුණේ සත්‍යතාවය ගැනත් නිවැරදිවම සහතික වෙන්න බැහැ. කොහොම වුණත් ඔබත් කැමති නම් ඔබටත් පුළුවන් මේ රසවත් ගැටළුව විසඳන්න. ඒ සඳහා අවශ්‍ය වෙන්නේ කොලයක්, පෑනක් සහ තාර්කික බුද්ධියක් පමණයි.

    ප්‍රෙහේලිකාව මෙහෙමයි. එකතරා පාරක එකිනෙකට යාබදව ගෙවල් 5ක් පිහිටා තියෙනවා. මේ ගෙවල් 5 එකිනෙකට වෙනස් පාට 5කින් යුක්තයි. (රතු, කොළ, නිල්, සුදු, කහ.) ඒ වගේම ඒ ගෙවල් වල වාසය කරන්නේත් එකිනෙකට වෙනස් රටවල් වලින් පැමිණි මිනිසුන් 5 දෙනෙක්. මේ පස් දෙනා බොන්න කැමති පානයන්, ඇති කරන සුරතල් සතු සහ දුම් බීමට කැමති සිගරට් වර්ගත් එකිනෙකට වෙනස්. (මෙහි සඳහන් කරන වෙළඳ නාම සමහරක් අපිට නුහුරු වුණත් ප්‍රෙහේලිකාව ඒ පරිද්දෙන්ම තියාගන්න, එහි සඳහන් නම් වලින්ම ඒවා හඳුන්වා දී තිබෙන බව සළකන්න.)

    මේවා තමයි ඔබට ලැබෙන දත්ත:

    1. බ්‍රිතාන්‍ය ජාතිකයා ඉන්නේ රතු පාට නිවසේයි.

    2. ස්වීඩන් ජාතිකයා තමන්ගේ සුරතලා ලෙස බල්ලෙක් ඇති කරනවා.

    3. ඩෙන්මර්ක් ජාතිකයා බොන්න කැමති තේ.

    4. කොළ පාට නිවස තියෙන්නේ සුදු පාට නිවසට වහාම වම් පැත්තට වෙන්න.

    5. කොළ පාට නිවසේ අයිතිකාරයා බොන්න කැමති කෝපි.

    6. පෝල් මෝල් සිගරට් උරන පුද්ගලයා කුරුල්ලන් ඇති කරනවා.

    7. කහ පාට නිවසේ අයිතිකාරයා ඩන්හිල් සුරුට්ටු උරනවා.

    8. ගෙවල් පහෙන් මැද තියෙන නිවසේ ඉන්න පුද්ගලයා බොන්න කැමති කිරි.

    9. නෝවීජියානු ජාතිකයා වාසය කරන්නේ පාරේ පළමු වැනි නිවසේයි.

    10. බීඩි උරන්න කැමති පුද්ගලයා ඉන්නේ පූසන් ඇති කරන නිවසට යාබදවයි.

    11. අශ්වයන් ඇති කරන පුද්ගලයා ඉන්නේ ඩන්හිල් උරන පුද්ගලයාට යාබද නිවසේ.

    12.බ්ලූ මාස්ටර් සුරුට්ටු උරන කෙනා බියර් බොන්නයි කැමති.

    13. නෝවීජියානු ජාතිකයා වාසය කරන්නේ නිල් පාට නිවසට යාබද නිවසේයි.

    14. බීඩි උරන පුද්ගලයාගේ නිවසට යාබදව සිටින පුද්ගලයා කැමති වතුර බීමටයි.

    15. ජර්මානු ජාතිකයා උරන්නේ ප්‍රින්ස් සුරුට්ටු.

    දැන් ප්‍රශ්නය මේකයි.
    තමන්ගේ සුරතලා විදිහට මත්ස්‍යයන් ඇති කරන්නේ කවුද?

    ඔබත් මේ ප්‍රෙහේලිකාව විසඳන්න උත්සාහ කරලා බලන්න. ඒක මනසට හොඳ ව්‍යායාමයක් වේවි. ඔබ නිවැරදි පිළිතුර හොයා ගත්තොත් කමෙන්ට් කරන්න. නිවැරදි පිළිතුර සහ එය ලබා ගන්නා හැටි අපි පස්සෙ බලමු.
    මත්ස්‍යයන්,අශ්වයන්,කුරුල්ලන්,බල්ලා,පූසන් නිවෙස් වල සුරතල් සතුන් ලෙස සලකන්න


    source:FB
     
    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Oluwa mokakda unaa yako meka hadanna gihin tawama nikan assayoyi gewalui kuruloi beer ui suruttui oluwe mawenawa. :angry::angry:
     

    tin tin

    Active member
  • Mar 26, 2007
    196
    189
    43
    Calgary, AB
    ජර්මන් ජාතිකයා නේද?
    7o6xHG2WPkVUzL2xsp3VcGJUpI1Bmdv8r4_4GSEK8l3XEl_OZt0ijEInUI-Tx1DxbIIF3UsIO99QUHa0m9QzcmjcymsfV8au8VUeNDeBaYEAKU6Hjjz8N0hkiPQlAneMZQl8AVyshl3cD9jRzxHm7hyC80BUK7KY4iPY9tnkfysFhUWktf-Y_XYOWY4TUWzMgmWUbvrKHL9z6L0_Qm9ueI3tQx0UF-437413YRkvygV0dWVlhrV26VM6BxbTRsUr0C8EKIND-KSnDk3SGrhhPr46pDoxA2TxCEklEl9ixNUBWqgLVFYYfOTPBeBbnZcnKocnn542-Xd5G5wp-e5B1PbN_BDRFKdEsgjpUIIHj7Mjq5CC-06MrltP85kDQzDqGcxCDsOX1vqSB2j0GfCFxSoP7EnQg6DuaIc6SM19T-4QjEJ51u_LQ7lv7s2KdRrSZnyVSfT4SbD4ieIn1oV4pnymisESh1suV7y5rnu4ZsDZ93JtP-_YWjX63Hb6U_tbMBWEO4gzx5S6T_EnL5GMcXmKBp9zoi3o2mnaINeHYlZzYYgybiqE9xvZDE6HAe-c2QliJB9MP4dtFjctMAcXmVmDxj4ph3U6ISJlxH4=w704-h562-no

    හැබැයි ගැටලුව පරිවර්තනය කරපු හැටි පොඩ්ඩක් විතර අවුල් වගේ. අන්තිමට මම English එකක් හොයාගෙන තමයි හැදුවේ...
    මම ඒකත් මෙතන දාන්නම්. හොඳ වැඩක් සහෝදරයා...

    The Englishman lives in the red house.
    The Swede keeps dogs.
    The Dane drinks tea.
    The green house is just to the left of the white one.
    The owner of the green house drinks coffee.
    The Pall Mall smoker keeps birds.
    The owner of the yellow house smokes Dunhills.
    The man in the center house drinks milk.
    The Norwegian lives in the first house.
    The Blend smoker has a neighbor who keeps cats.
    The man who smokes Blue Masters drinks bier.
    The man who keeps horses lives next to the Dunhill smoker.
    The German smokes Prince.
    The Norwegian lives next to the blue house.
    The Blend smoker has a neighbor who drinks water.
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,400
    1
    62,032
    113
    Mother Earth
    යකෝ 9යි 4යි 13යි වාක්‍ය එකකට එකක් පරස්පරයිනේ. මගේ මොළේ කුරොවල් වෙලා ගියා.
     

    lkkanika

    Well-known member
  • Nov 4, 2008
    1,630
    105
    63
    නෝවීජියානු ජාතිකයා

    NorwayDenmarkBritishSweedenGerman
    DunhillPolmolBeediPrince Suruttu
    TEAMilkCoffeWater
    FishHorseBirdsDogCat
     
    Last edited:

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    adee 2% math innawa kiyala dangattama danunu adyatmika suwaya!!!

    hjhj.jpg
     
    Last edited: