අයියෝ රනිල්

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,075
    5,844
    113
    canada
    බලන්නකෝ ලංකාදීපේ කියවන කට්ටිය මේකෙට ලියපු දේවල්. හිනා කල මැරෙනවා

    මාධ්‍යවේදී පැමිණිල්ල වැරදි පොලිසියටයි

    DSC0377.jpg


    http://www.lankadeepa.lk/index.php/articles/490510

    2016-12-15 13:07:49
    අනේ දෙවියනේ මේ මොනවද කියන්නේ? කොයි පොලිසියට කීවහම මොකද . මම ඉන්නේ නුවර මට ගැහැව්වේ ගාල්ලේදී. කොහාටද දන්නේ නැහැ කියන්න ඕනේ. (බ)​
    සෙනෙවි 2016-12-15 13:37:12
    දැන් ත්‍රිවිධ හමුදාවට කරන්න වෙලා තියෙන්නෙ ජනතාව රකින්න නෙවෙයි කොම්පැණි ජනතාවගෙන් රැක ගන්න (හේ)​

    සිසිර 2016-12-15 13:43:09
    දැන් අලුත් දෙයක්.(හේ)​

    දහම් 2016-12-15 14:09:50
    ඕකගේ පින්තූරේ කපල දාපු එක හොඳයි මූණ දැක්කමත් මිනිස්සුන්ට තරහ යනවා කරපු ජරා වැඩේට. (බ)​

    අරවින්ද 2016-12-15 14:15:22
    මගේ දැනුමට නම් පැමිණිල්ලක් ඕනෙම පොලිසියකට කළ හැකියි.(හේ)​

    අසංක 2016-12-15 14:27:56
    වැරදි කාරයෝ ආරක්ෂා කරන්න හදන්න එපා (හේ)​

    සමන් 2016-12-15 14:51:50
    ඕකට තමා කියන්නේ ලිච්චවි පාලන ක්‍රමය කියලා (හේ)​

    අනුර 2016-12-15 15:41:25
    ඉතාම ලැජ්ජයි. දෙකයි පනහේ නීති තර්ක ඉදිරිපත් කිරීම ගැන. (බ)​

    දම්මි 2016-12-15 15:56:10
    දේශපාලකයන් මෙහෙම නීති තමයි දන්නේ ඉතින් (නි)​

    ධම්ම 2016-12-15 15:57:50
    මේ වගේ කතා එච්චර ගණන් ගන්න එපා. (නි)​

    එඩ්වඩ් 2016-12-15 16:16:51
    ජනතාවට විහිළු සපයන්න එපා මහත්තයෝ (නි)​

    අන්වර් 2016-12-15 16:47:38
    ඒක තමයි. යන්න තිබුනේ යහපාලන පොලිසියකටනේ! (නි)​

    විදානේ 2016-12-15 16:49:02
    ඔබතුමා හරි පොලිසි වල නාම ලේඛනයක් ප්‍රසිද්ධියට පත්කරන්නකෝ අපිට පහසු වෙන්න (නි)​

    උපසේන 2016-12-15 16:47:38
    මේවා අහලා පණ පලයන් ලබන සුමානේ කිවුවලු! (නි)​

    හිරාන් 2016-12-15 16:59:09
    මදැයි කළා! දැන් ඉතින් හරි පොලිසිය හොයාගෙන පලයන්කෝ අසාධාරණයක් වුණාම (නි)​

    නලින් 2016-12-15 17:00:34
    මාර වැඩේ. දැන් කොහොමද හරි පොලිසිය හොයන්නේ? ඕක ඔබතුමා ටිකක් කලින් කියන්න එපායැ (නි)​

    හර්ෂ 2016-12-15 17:00:43
    දැන්නම් නියම කට්ටියක් රට පාලනය කරන්නේ. කිසිදෙයක් හරියට කරගන්නේ බැහැ. මොන නාවික හමුදාපතිද නැවෙන් බැහැලා ඇවිල්ලා මිනිසුන්ට ගහන්නේ. (නි)​

    connect_fb_icon.png
    හේවගේ 2016-12-15 17:44:56
    මුළු රටම දැන් විනාශයි. එච්චරයි කෙටියෙන්ම අපිට කියන්න තියෙන්නේ (නි)​

    අයියෝ මෙහෙමත් බාල බොළඳ කතා! (නි)​

    ආනන්ද 2016-12-15 18:44:38
    මම නම් කියන්නේ අපිට පක්ෂ පාට වැඩක් නැහැ. සිදුවුණ පාඩුව අගමැති අතින් ගෙවන්නේ නැහැ. දුප්පත් අපිම තමා ඔය අලාබයත් ගෙවන්නේ (නි)​

    කොස්තා 2016-12-15 18:49:35
    වරද කොතන සිදුවුවත් ළඟම පොලිසියට පැමිණිලි කළයුතුයි. මගේ නුවර ගනුදෙනුවක් වංචා කළ අයෙක් නාරාහේන්පිට සිටින බව අසා එහි ගොස් සොයා බලා නාරාහේන්පිට පොලිසියට පැමිණිලි කළා. ඔවුන් කිවුවා ඒ පැමිණිල්ල නුවරට යවන බව. (නි)​

    සනත් 2016-12-15 18:58:04
    ලිච්ඡවී පාලනය ක්‍රමය අනුව අගමැතිතුමා ප්‍රශ්න විසඳනවා. (නි)​

    බණ්ඩාර 2016-12-15 19:10:08
    ඔය ගමන්ම කියන්නකෝ උතුරු නැගෙනහිර නාවුක කඳවුරු ඉවත්කර දකුණේ එම කඳවුරු පිහිටුවන්නෙ ඇයි කියලත් (නි)​

    ජනහිත 2016-12-15 21:10:03
    පැමිණිල්ල කරන්න එනකොටම කියන්න තිබුනනේ "අනේ මේක වෙලා තියෙන්නේ අපේ වැයික්කියේ නොවෙයි, අහවල් තැනට ගිහින් කරන්න" කියලා. අනෙක ඇයි ඒ අයට අයිති නැත්නම් ඒක බාරගත්තේ. මොනවද මේ කියන කතා. හොරාගේ අම්මගෙන් පේන අහනකොට වෙන දේ කියන්න ඕනෑ නැහැනේ. (නි)​

    රකිත් 2016-12-15 21:13:05
    රටේ නීතිය අනුව ඕනෑම පොලිසියකට පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැක. නිවැරදි පොලිස් ස්ථානයට පැමිණිල්ල යොමු කිරීම පොලිස් සේවාවේ අභ්‍යන්තර කටයුත්තක්. (නි)​

    කැලුම් 2016-12-15 21:44:36
    අමතක කරන්න එපා, මේවා කියන ඔබ රටේ අගමැති කියලා (නි)​

    ඉන්ද්‍රජිත් 2016-12-15 21:57:11
    අනේ මෙහෙමත් හතරබීරි කතා? (නි)​
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,075
    5,844
    113
    canada
    සත්‍යයා 2016-12-15 22:45:06
    පොලිසියේ ලොකු ලොක්කන්ට නීතිය දෙකට නවන්න කියලා දුන්නේ කවුද කියලා අපිට දැන් හිතාගන්න පුළුවන්. නේවි ලොක්කා රකින්න යන අය අනාගතයේදී කිසිදාක බලයට නේවි කියලා තමයි ජනතාව වන අපි නම් කියන්නේ. (නි)​

    බන්දුල 2016-12-15 23:04:00
    මාධ්‍යවේදියාට පහරදීම ගැන කතා කරන්න. වර්ජනය නිසා වෙච්ච පාඩුව විසඳාගන්න එක අපේ ප්‍රශ්නයක් නොවෙයි. මිනිස්සු කරගත් මෝඩකම දැන් තේරෙනවා. ලබන සැරේ බලමු. (නි)​

    බමුණු ආරච්චි 2016-12-15 23:06:04
    පින්තූරය දැක්කහම මට එන තරහක තරම කියන්න අමාරුයි (නි)​

    ලුම්බිණි 2016-12-15 23:08:59
    මේ වගේ විහිලු කතා ප්‍රසිද්ධියේ කියන්න ලැජ්ජා නැද්ද? (නි)​

    සදුන් 2016-12-15 23:34:29
    ඔබතුමාගේ උගත්කමට, බුද්ධිමත්කමට ගැළපෙන ප්‍රකාශ විතරක් නිකුත් කරන්න. (නි)​

    හේවාවසම් 2016-12-15 23:42:51
    ලංකාවේ වැරදි පොලිසිත් තිබෙනවද? වැරදි පොලිසියක් තිබේ නම් වහාම කොමිසමක් පත්කරන්න (නි)​

    හේවා 2016-12-15 23:46:48
    බොළඳ කතාවක් හා සමාන කියවිල්ලක් (නි)​

    සංජීව 2016-12-15 23:53:16
    මෙහෙමත් නීති තියෙන රටක්. මේවා හරිම විහිළු. වෙන රටවල් දැනගත්තොත් හිතයි ශ්‍රී ලංකාව යන්නේ ආපස්සට කියලා. (නි)​

    සංජු 2016-12-15 23:54:50
    මේ රටේ තියෙන්නේ එ්කාධිපති පාලන ක්‍රමයක්. නීතිය තියෙන්නේ දුප්පත් අයට විතරයි (නි)​

    බීනු 2016-12-16 00:23:54
    මොකද මේ බව පොලිසියෙන් නොකිවුවේ පැමිණිලි කළ වෙලාවේ? (නි)​

    රෝහණ 2016-12-16 01:51:53
    නැව් අයිතිකාරයන්ට යම්කිසි ප්‍රමාදයක් වුණොත් නැවේ කාර්මික දෝෂයක් නොමැතිවිට සහ අදාළ රටේ (නැව තිබෙන රටේ) දවසකට වෙන පාඩුව ගෙවන්න ඕනෑ. එ්ක එහෙමම තමයි. (නි)​

    කසුන් 2016-12-16 02:41:41
    අපි බලමු දැන් අලුතින් පත්කළ ජාතික පොලිස් කොමිසම මේ සම්බන්ධයෙන් මොනවගේ අර්ථකථනයක් දක්වාවිද කියලා. මට හිතෙන්නේ පාලකයෝ හිතාගෙන ඉන්නේ මේ රටේ ඉන්නේ හැට දෙලක්ෂය ජනතාව හැර අනිත් කොටසත් තණකොළ බුදින හරක් ගානටයි කියලා (නි)​

    සකුන්තලා 2016-12-16 02:57:08
    රාජකීය අගමැති, රාජකීය නීතිය සහ සාමය පිළිබඳ ඇමති සහ රාජකීය නාවික හමුදාපති! රාජකීය වැඩකිඩ සහ තීරණ. රටම අනාථයි. රටේ ප්‍රජාතන්ත්‍රවාදයට දෙවි පිහිට ඉල්ලීම විතරයි කරන්න තියෙන්නේ. යහපාලනය හැමතැනම ඉතිරෙනවා. (නි)​

    දහම් 2016-12-16 03:20:58
    තුන්වන පින්තූරයේ ඇමතිතුමා අගමැතිතුමා දිහා සොඳුරු බැල්මකින් බලාගෙනයි ඉන්නේ (නි)​

    ජයන්ත 2016-12-16 03:38:30
    ඔන්න කිවුවා ගතවුණ අවුරුද්දටම හරියන්න කතාවක් (නි)​

    සම්පත් පතිරණ 2016-12-16 03:38:34
    පැමිණිල්ලක් දාන සියලුදෙනා ළඟ අනිවාර්යෙන් පොලිස් වසම් ගැන සිතියමක් තිබිය යුතුය (නි)​

    දාස 2016-12-16 03:43:44
    ඔන්න ඉඳලා ඉඳලා කිව්වා එකක්. බලාගෙන මිනිසුන්ට හිතෙයි ඡන්දෙ දුන්නෙත් වැරදි මිනිහටද කියලා. (නි)​

    ජයසිංහ 2016-12-16 03:47:47
    අපෝ! ලක්ෂ 62ක්නේ අප්පේ... (නි)​

    connect_fb_icon.png
    රන්ජිත් 2016-12-16 04:07:43
    කොහෙද අප්පේ වැරදි පොලිසි තියෙන්නේ? හරි පොලිසී හොයාගන්නේ කොහොමද? වැරදි පොලීසියට ගියාම හරි පොලීසියට යන පාර කියලවත් නැද්ද? එතකොට අපිව පාරේ යනකොට අල්ලාගන්නා පොලිසි? හරි ඒවාද? (නි)​

    ටෙහාන් 2016-12-16 04:13:00
    සමහර අදහස් දැක්කහම නම් දුකත් හිතුනා. තවම මිනිස්සු හරි වැරැද්ද තේරුම්ගෙන නැහැ (නි)​

    හේමන්ත 2016-12-16 04:30:50
    අනතුරක්, කරදරයක්, පහරකෑමක් වුණාම එම ප්‍රදේශයේ පොලිසියට පැමිණිල්ල දාන්න ඕනෑ නේද? (නි)​

    ප්‍රියන්ත 2016-12-16 05:14:31
    රටක රාජය නායකයෙක් වුනාම ප්‍රශ්න දියා බැලිය යුත්තේ යථා ස්වරූපයෙන් මිසක්, විශාදයෙන් පෙළෙන කෙනෙක් බලන ආකාරයට නෙවෙයි (බ)​
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,075
    5,844
    113
    canada
    රියන්ත 2016-12-16 05:14:31
    රටක රාජය නායකයෙක් වුනාම ප්‍රශ්න දියා බැලිය යුත්තේ යථා ස්වරූපයෙන් මිසක්, විශාදයෙන් පෙළෙන කෙනෙක් බලන ආකාරයට නෙවෙයි
    :lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වද පොන්සිය අමු සතෙක් බන්,කියුවෙනම් කොහොමද මිස්ටර් ක්ලීන් කියල දැන්???
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,075
    5,844
    113
    canada
    වද පොන්සිය අමු සතෙක් බන්,කියුවෙනම් කොහොමද මිස්ටර් ක්ලීන් කියල දැන්???

    pissek agamathi duraye inne

    mona mr clean da ban
    amuma amu horek