අයියෝ සල්ලි -වොක්ස්වැගන්

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,102
    5,904
    113
    canada
    අයියෝ සල්ලි -වොක්ස්වැගන්

    ලංකාවේ විතරක් නෙවි හොද හොද අයිය්යල ලෝකේ නම ගිය company ඉන්නවා

    2014-volkswagen-gti-concept_100403401_l.jpg


    copyright Lankadeepa newspaper

    වොක්ස්වැගන් සමාගමත් සවුත්තු වැඩ කරලා

    ලෝකයේ විශාලතම මෝටර් වාහන නිෂ්පාදන සමාගමක් වන ජර්මනියේ "වොක්ස්වැගන්" සමාගම, ඩීසල් වාහන නිෂ්පාදනයේදී එන්ජිමෙන් පිටවන විෂ වායු විමෝචනය පරික්ෂා කිරීමේදී හඳුනා ගත නොහැකිවන ආකාරයේ මෘදුකාංග භාවිතාකර ඇතිබව අනාවරණය වීම හේතුවෙන් විශාල අකරතැබ්බයකට පත්ව ඇත.

    "වංචනික කුටෝපක්‍රමයක්" ලෙසට හංවඩු ගැසී ඇති මෙම එළිදරව්ව සිදුවී ඇත්තේ ඇමෙරිකාවේදීය. පසුගිය සතියේ වොක්ස්වැගන් සමාගම ඩීසල් වාහන එන්ජින් නිෂ්පාදනයේදී මෙවැනි "මුලාකිරීමක්" සිදුවී ඇතිබව පිළිගත්තේය.

    මෙම පුවත අනාවරනයවූ විගස සමාගමේ සභාපතිවරයා ඉල්ලා අස්විය. "වාහන නිෂ්පාදනයේදී තම සමාගම විසින් කිසියම් ආකාරයක නීති විරෝධී ක්‍රියා පටිපාටියක් අනුගමනය කර ඇති බව තමන් දැන නොසිටියද එවැනි වරදක් සිදුවුවා නම් එහි සම්පුර්ණ වගකීම සභාපති වරයා ලෙස තමන්ට පැවරෙන නිසා එම තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව වොක්ස්වැගන් සමාගමේ සභාපති මාර්ටින් වින්ටර්කොන් නිවේදනය කළේය. වින්ටර්කොන් ෆොක්ස්වැගන් සමාගමේ අතිශය ජනප්‍රිය " බීට්ල්" වාහනයේ නිර්මාතෘ ෆර්ඩිනැන්ඩ් පෝෂ් ගේ මුණුබුරෙකි.

    1937 මැයි 28 වනදා වොක්ස්වැගන් හෙවත් "පොදුජනයාගේ වාහනය" නමින් සමාගමක් ආරම්භ කළේ ඇඩොල්ෆ් හිට්ලර්ගේ උවමනාව සහ උසිගැන්වීම මතය. අද වනවිට එම සමාගම ලෝකයේ විශාලතම වාහන නිෂ්පාදන ආයතනය බවට පත්වී ඇත.

    2009 වසරේ සිට මේ දක්වා ලොව වටා විවිධ මාදිලියේ වොක්ස්වැගන් ඩිසල් වාහන මිලියන 11 කටත් වඩා අලෙවි කර ඇත. මේවා අතර ජෙටා, බීටල්, ගොල්ෆ්,පසාර්ට් මෙන්ම එම සමාගමටම අයිති "අවුඩි" සමාගමේ ඒ 3 වර්ගයේ වාහනද වෙයි.

    මේ සියලුම වාහනවලින් විෂවායුව පිටකෙරෙනු පරීක්ෂාකිරීමේදී "වංචනිකව එම පරීක්ෂාවෙන් ගැලවීමට හැකිවන අන්දමේ" මෘදුකාංග විශේෂයක් ඒවායේ එන්ජිමට සම්බන්ධ කර ඇතිබව හෙළිවීම මේ අලකලංචියේ මුලාරම්භයයි.

    මේ අතර ජර්මන් බලධාරීන් වොක්ස්වැගන් සමාගම මඟින් සිදුකර ඇති මෙම බරපතල හානිය පිළිබඳව වගකිවයුතු එම සමාගමේ සේවානියුක්තිකයින් හට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට තීරණය කර ඇති බවද වාර්තාවෙයි.

    මෙම සිද්ධිය එළිවූ විගස කොටස් වෙළඳ පොලේ ෆොක්ස්වැගන් සමාගමේ අගය සීග්‍ර පහත වැටීමකට ලක්ව ඇත.

    මෙම සංසිද්ධිය පිළිබඳව අනතුරු හඟවන පරිසරවේදීන් මෙන්ම තතු දන්නන් පවසන්නේ කෙතරම් දැවැන්ත ආයතනයක් වුවද අනාගත පැවැත්ම පිළිබඳව දැනට උද්ගතව ඇති අවිනිශ්චිත භාවයෙන් ගොඩ ඒමට වොක්ස්වැගන් සමාගමට අසීරුවන්නට හොඳටම ඉඩ ඇති බවය.
    වාහන එන්ජින්මෙන් විෂවායුව පිටවීම වැළැක්වීමට හැකි අන්දමේ "පෙරනයන්" සවිකිරීම වාහන නිෂ්පාදකයින්ගේ වගකීම වෙයි. ගරාජයකදී එන්ජිම පරික්ෂාවට ලක්කරන අවස්ථාවේදී මෙම උපකරණ නිසි අයුරින් ක්‍රියාත්මක වනවාද යන්න සොයාබලන අතර ඒවා අක්‍රියව ඇත්නම් අලුත්වැඩියා කිරීමට අණ කරනු ලබයි. වාහනය පාවිච්චියට සුදුසු බවට සහතික කෙරෙන්නේ ඉන් අනතුරුවය.
    මෙම ක්‍රියාවලිය මඟහැර යාම සඳහා වොක්ස්වැගන් සමාගම මෘදුකාංගයක් සවිකර ඇත්තේ පරිෂා කරන උපකරණය රැවැට්ටීමට හැකිවන අයුරිනි.

    අවුඩි, බෙන්ටලී, බුගාටි, ලම්බෝගිනි, පෝෂ්, සියට් සහ ස්කෝඩා වැනි දැවැන්ත මෝටර් වාහන නිෂ්පාදන සමාගම් අයත් වන්නේ වොක්ස්වැගන් සමුහ ව්‍යාපාරයටය. මෙම වාහන නිෂ්පාදන කර්මාන්ත ශාලා ලෝකයේ බොහෝ රටවල පිහිටා ඇත.

    වොක්ස්වැගන් සමාගමේ වර්තමාන අර්බුදය වාර්තා වෙන්නේ ජර්මන් විදේශ ඇමති වරයා ලංකාවේ සංචාරයක නිරතවීම සහ වොක්ස්වැගන් සමාගම ලංකාවේ වාහන නිෂ්පාදනය ආරම්භ කිරීමට අදාළ ගිවිසුම් අනුමත කිරීම වැනි ක්‍රියාමාර්ග සහිත පසුබිමකය.

     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,904
    113
    canada
    පැටියා;19014492 said:
    Bingu puthage ihe malak pipila wage.
    Ww watunoth lankawata padui. Baiyonta nam kalakanni sathutak labanna puluwan.



    I just want to say the how big companies cheat the world for years! unbelievable. I do not know if this effect to sri lanka.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,904
    113
    canada
    පැටියා;19014520 said:
    Ammata hudu bingu putha English class gihin wage. Ela ela. Hal kilowaka lankawe mila nodanna bingu putha Ww saha lankawa athara sambande gana nodanna eka gana pudumayak na.

    EKA ATHTHA:lol:

    KOHOMADA YAHAPALANE?
     

    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    කමක් නැ මාත් එකක් ගන්නවා මිරිගමින් තව අවුරුද්දකින් විතර :cool:
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    @monson වොක්ස් වැගන් පචේ උපායමාර්ගික වැදගත්කම ගැන රචනයක් ලියපං බලන්න 🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    උඹේ අම්මා එකක් දාලා තියෙනවා

    උබේ අම්මගේ හිලෙ ඇඩ්රස් එක දැම්මේ අමතක වෙලා. කිම්බ හාරද්දී බලපන් වාහනේ ඇවිත් ඇති