මිද්දෙණියෙන් සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිත කරන බවට සැක කෙරෙන තවත් රසායන ද්‍රව්‍යය තොගයක් සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
පොලීසිය පැවසුවේ අදාළ රසායනික ද්‍රව්‍ය තොගය කඳාන ප්‍රදේශයේ නිවසක් තුළ තිබී සොයා ගැනීමට කටයුතු කළ බවය.
කළුතර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත ඊයේ (07) සවස මෙම නිවස සෝදිසි කර ඇති අතර එහිදී එම නිවස තුළ සහ නිවසේ ඉදිරිපිට භූමියේ තිබී මෙම රසායනික ද්‍රව්‍ය තොගය පොලීසිය විසින් සොයා ගෙන ඇත.
සොයාගත් ප්‍රමාණය සම්බන්ධව මෙතෙක් ගණනය කර නොමැති අතර මෙම ලිපිනය සහිත නිවසද වසා දමා තිබූ පාලු නිවසක් වන බවත් සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන නොමැති බවත් පොලීසිය පැවසීය.
දෙමහල් නිවසක් වූ මෙම නිවස පසුගිය අගෝස්තු මස 11 වැනි දින මසකට රුපියල් 150,000 ක කුළී පදනම මත ලබා ගත් බවත් එම නිවසේ අයිතිකරු පොලීසිය වෙත පවසා තිබේ.
එමෙන්ම පසුව සැප්තැම්බර් මස 05 වැනි දින එම නිවසේ යතුර දෙමහල් නිවසේ හිමිකරු හට නැවතත් කුළී පදනම මත ලබා ගත් පුද්ගලයා ලබා දී ඇති බවත් එම නිවසේ හිමිකරු පොලීසිය වෙත පවසා ඇත.
සිද්ධිය සම්බන්ධව මේ වන විට පෑලියගොඩ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් ස්ථාන පරීක්ෂණය සිදුකරමින් සිදුකරන අතර කළුතර අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.
giya para kudu lansa bada gattata karana udawwa.. kudu lansa paan piti wisikaranawa focus eka maru karanna ICE news wala..