අයිස් යුගය සහ අපි

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    අයිස් යුගය සහ අපි



    09_ICE%20CAP.jpg


    අයිස් යුගය කිව්වහම අපිට මතක් වෙන්නේ මිට අවුරුදු 10,000 විතර කලින් ලෝකයේ තිබ්බ ශීත කාලයක්. සාමාන්‍ය ලෝක උෂ්ණත්වය අංශක 4 විතර අඩු වෙලා තිබ්බ කාලයක්. උතුරු අර්ධගෝලයේ කොටසක් කි.මි. 4 විතර ගනකමට අයිස් තට්ටුවකින් වැහිලා තිබ්බ කාලයක්. මෙන්න මේ වගේ

    Ice_age_map.gif


    දැන් අයිස් බොහොමයක් දැන් දියවෙලා. තව තියෙන්න Greenland, Arctic, Antarctic සහ පොඩි පොඩි අයිස් තට්ටු විතරයි. අයිස් තට්ටුව කොච්චර බරද කිව්වහම, පොලව කිදා බැහැල තියනව මීටර් ගණනාවක්. කැනඩාව වගේ රටවල තවමත් පොලව ඉහලට හෙමිහිට එසවෙනවා (උදාහරණයකට Hudson Bay area). අවුරුදු 10,000 විතර කලින් තමයි මේක දියවෙන්න පටන් ගත්තේ. එදා ඉදන් අද දක්වා කියන්නේ Holocene යුගය කියල. දහස් ගණන විල් හැදිලා තියෙනවා අයිස් දියවෙනකොට. ඒ වගේම මුදු මට්ටම මීටර් ගණනකින් එසවිල ලෝකයේ ගොඩබිම් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. මැමත් වගේ ආදී කල්පිත සතුන් වදවෙලා තියනව. දැන් තියෙන්නේ සාපේක්ෂව උණුසුම් තත්වයක්.

    cd7a2c6640fdcfd9f5bd27d50b519072_vice_630x420.jpg


    මේක තමයි අපිට මැවෙන චිත්‍රය. එත් භූවිද්‍යාව දන්නා විද්වතෙක්ගෙන් ඇහුවොත් ටිකක් හිනාවෙවී. මොකද අයිස් යුගය ලෙහෙසියෙන් ඉවරවෙන්නේ නැති දෙයක් නිසා. මේක තේරුම් ගන්න අපි ලෝකේ තිබ්බ අයිස් යුග ගැන කතා කරමු.

    (1) Huronian, මුල්ම වාර්තාගත අයිස් යුගය = අවුරුදු මිලියන 2400 – 2100
    (2) Cryogenian අයිස් යුගය = අවුරුදු මිලියන 850 – 635
    (3) Andean-Saharan අයිස් යුගය = අවුරුදු මිලියන 450 – 420
    (4) Karoo අයිස් යුගය = අවුරුදු මිලියන 360 – 260
    (5) Quaternary අයිස් යුගය = අවුරුදු මිලියන 2.58 – අද දක්වා

    දැන් පේනවා නේද? අයිස් යුග කියන්නේ අවුරුදු මිලියන ගණනක් තියෙන දේවල්. මිලියන 100 වෙන්නේ පුළුවන්. බොහෝදුරට මිනිස් වර්ගය මේ පොලවේ ඉන්න මුළු කාලයම (අනාගතය ඇතුළුව) Quaternary අයිස් යුගය යටතේ වෙන්න පුළුවන්. මේකෙන් අපිට ගැලවීමක් නැහැ.

    අපි දැන් ඉන්නේ Quaternary අයිස් යුගය ඇතුලේ. මේ Holocene යුගය කියන්නේ උණුසුම් කාලයක්. මේවගේ කාල අයිස් යුගයක් ඇතුලේ තියෙනවා. එවට් කියන්නේ interglacials කියල. මේ පින්තුරේ බැලුවහම තේරේවි. මෙට කලින් මේවගේ උණුසුම් කලයක් අවුරුදු 115,000 සහ 130,000 (Sangamonian) අතර තිබ්බ.

    Vostok_Petit_data.svg


    අවරුදු 71,000 සහ 10,000 අතර තමයි අවසාන අයිස් තටටුව තිබ්බේ (glacier period). අයිස් යුගයක් ඇතුලේ මේවගේ අයිස් තටටු එනවා යනවා. අතරමැද කාල තමයි උණුසුම්. දැන් පැහැදිලි නේ. දැන් එමෙකෙන් පෙන දෙයක් තමයි උණුසුම් කල සාපෙක්ෂව බොහොම කෙටි බව. උදාහරනෙකට පසුගිය උණුසුම් කාලය (Sangamonian) පැවතුනේ අවුරුදු 15,000 විතරයි. අයිස් තටටු තිබ්බ හීත කාලය අවුරුදු 60,000 විතර. සනීපයි නේද?

    ඊලග ප්‍රශනය කොහොමද මේවා ඇතිවෙන්න් කියල. මේකට ගොඩක් හේතු තියෙනවා. පොලවේ වායුගෝලයේ වෙනස්වීම්, මහද්වීපවල වෙනස්වීම්, සාගර දියවැල්, පොලව ඉර වටා යනකොට ඇතිවන වෙනස්වීම් (Milankovitch cycles), සුර්යාගේ වෙනව්වීම් වගේ ගොඩක් දේවල්.

    Milankovitch_Variations.png


    දැන් ප්‍රශ්නය ඊලග අයිස් තටටු එන කාලය කවද්ද කියල.:no::no::shocked::shocked:

    නමුත් හරියටම මේ මේ හේතු නිසා මේක ඇතිවෙනවා කියල කියන්න බැහැ. ඒ නිසා scientists ලට ඊලග අයිස් තටටු එන කාලය ගැන නිශ්තිතව කියන්න බැහැ. 1970 ගනම් වල කිව්වේ දැන් අයිස් තටටු දියවෙලා අවුරුදු 10,000 කල් නිසා නිසා දැන් ඊලග අයිස් තටටු එන කාලේ හරි කියල. මොකද උණුසුම් කාලයක් පවතින සාමාන්‍ය කාලය අවුරුදු 10,000 වගේ නිසා. පසුව global warming වගේ දේවල් නිසා මේක පහුවෙනව (තව අවුරුදු 50,000 විතර) කියල මතයකුත් තියනවා. අවොත් අවුරුදු 60,000 විතර සීතල කාලයක් තමයි එන්නේ. අවොත් අපි ඔක්කොම අනාතයි.

    සුර්යාගේ වෙනව්වීම් කෙටි කාලින දිර්ගකාලින රටා සංකීර්ණයි. ගැන අපිට තියෙන්නේ පසුගිය දෙතුන් සියයක් වගේ කාලයක් ඇතුලත වාර්තා. මේ වාර්තාවලින් අනාගතේ සුර්යාගේ වෙනව්වීම් කොහොම වේවිද කියල (ඊලග අවුරුදු 50/ 100/1000 වගේ) හරියටම කියන්න බැහැ.

    කොහොම උනත් පහුගිය උණුසුම් කාලය (Sangamonian) තුල පවා ගොඩක් උෂ්ණත්ව වෙනස්වීම් උන. මේ වර්තමාන උණුසුම් කාලය නම්, අසාමාන්‍ය විදියට උෂ්ණත්වය බොහෝ දුරට ඒකාකාරියි. පොඩි වෙනස් කම් වලට තියෙන්නේ 17 වන ශතවර්ෂයේ ඇති වෙච්ච mini ice age වගේ දේවල්. ඒ අසාමාන්‍ය සහිත කාලයක්. එංගලන්තයේ තේම්ස් නදිය පවා මිදුණු. මේවගේ වෙනස්වීම් දේවල් අවුරුදු 10 වගේ ඇතුලත සීග්‍රයෙන් වෙන්න පුලවන්. මේ විදියට හිතුවොත් අනාගතය මොනවා වේවිද කියන හිතන්න බැහැ.

    copyright wikipedia
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හිතල බැලුවොත් ඩයිනෝසරයන් වගෙ සෑහෙන පරිසරයට ඔරොත්තු දෙන, ඒ අනුව හැඩගැහෙන්න පුළුවන් සත්තුත් විනාශ වෙලා ගිය එකේ මිනිස්සු ගැන කවර කතාද
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    හිතල බැලුවොත් ඩයිනෝසරයන් වගෙ සෑහෙන පරිසරයට ඔරොත්තු දෙන, ඒ අනුව හැඩගැහෙන්න පුළුවන් සත්තුත් විනාශ වෙලා ගිය එකේ මිනිස්සු ගැන කවර කතාද

    ඩයිනෝසරයන් තරම් මිනිස්සු පරිසරයට ඔරොත්තු දෙන්නේ නැහැ. එක ඇත්ත.

    ඩයිනෝසරයන් වද වුනේ උල්කාපාතයක් වැටිලා ඇතිවුන තත්වයක් තුල. හැබැයි මිනිස්සු අවුරුදු ලක්ෂ ගණනක් පහුගිය අයිස් යුගයේත් අමාරුවෙන් හරි ජීවත් උන. අයිත් අයිස් යුගයක් අවොත් තාක්ෂණයත් තියෙන නිසා ජීවිතේ ගැටගහගන්න පුළුවන්. එත් ලේසි නැහැ.

    ඊලග අයිස් තට්ටුව (glacial period) එන්න ගොඩක් කාලයක් යන්න පුළුවන්. එත් mini ice age වගේ එකක් ඕන වෙලාවක එන්න පුළුවන්. ඒවා ආවහම පුදුම වෙන්න් දෙයක් නැහැ.

    මිනිස්සු ජීවත් වුන කාලේ ලෝකේ ඉතිහාසය එක්ක සසදනකොට ඇහි පිය ගහනවා වගේ ඉතාම සුළු කාලයක්. අපි අන්ගතේ කොච්චර සාර්ථක වේවිද කියල දන්නේ නැහැ. අවුරුදු 10,000 ? ලක්ෂයක් ? මිලියනයක් ?


     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඩයිනෝසරයන් තරම් මිනිස්සු පරිසරයට ඔරොත්තු දෙන්නේ නැහැ. එක ඇත්ත.

    ඩයිනෝසරයන් වද වුනේ උල්කාපාතයක් වැටිලා ඇතිවුන තත්වයක් තුල. හැබැයි මිනිස්සු අවුරුදු ලක්ෂ ගණනක් පහුගිය අයිස් යුගයේත් අමාරුවෙන් හරි ජීවත් උන. අයිත් අයිස් යුගයක් අවොත් තාක්ෂණයත් තියෙන නිසා ජීවිතේ ගැටගහගන්න පුළුවන්. එත් ලේසි නැහැ.

    ඊලග අයිස් තට්ටුව (glacial period) එන්න ගොඩක් කාලයක් යන්න පුළුවන්. එත් mini ice age වගේ එකක් ඕන වෙලාවක එන්න පුළුවන්. ඒවා ආවහම පුදුම වෙන්න් දෙයක් නැහැ.

    මිනිස්සු ජීවත් වුන කාලේ ලෝකේ ඉතිහාසය එක්ක සසදනකොට ඇහි පිය ගහනවා වගේ ඉතාම සුළු කාලයක්. අපි අන්ගතේ කොච්චර සාර්ථක වේවිද කියල දන්නේ නැහැ. අවුරුදු 10,000 ? ලක්ෂයක් ? මිලියනයක් ?



    Ice age kiyana de eka sare wena deyak nemei..swabhawa darmaya kiyanne wishmitha ashcharyamath deyak nisa aniwaryenma thakshanaya kese wethath e yugayata anukoolawa minissunge sharira lakshana pawa hada ganwala thyewi ice yugayata galapena widihata..udaharanayak widihata gaththama aadi manawakayage dath tika pawa Ada kale manussayata wada thiyunu widiyata sakaswela thibbe..Anna ewage..:)