අය වැය ගැන ඔබේ අදහස් .

lovesl

Member
Dec 8, 2014
235
20
0
අය වැය ගැන ඔබේ අදහස් .

කට්ටියම කියමු බලන්ට තම තමාගේ අදහස් .
මටනම් 50% වගේ හොදා .
 
mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සුද්දටයි, සල්ලි කාරයාටයි, පොඩිම මිනිහටයි හොදා. මැද පන්තියට කෙලවලා

    avatar63803_11.gif
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113
    බයියෝ බනින්නේ රවියගේ උච්චාරනයට, ඒ කියන්නේ අඩුපාඩු අඩුයි..:lol::lol:

    ඒත් අර යෝජනාවක් තිබ්බේ පාසල් වල තියෙන හිස් භූමි ප්‍රදේශ වල පෞද්ගලික අංශය එක්ක එකතුවෙලා වාගා කරනවා කියලා. මෙන්න මේක නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි. මේකට එරෙහි වෙන්න ඕනේ

    පාසලේ ආරක්ෂාවයි ලමයින්ගේ නිදහසයි නැතිවෙලා යනවා
     
    sisira10

    Well-known member
  • සමස්තයක් විදිහට හොදයි. දුම් පරීක්ෂාවට ගාන හොදටම වැඩී. මං හිතන්නෙ රවියට හරියට කියන්න තේරෙන් නෑ වගේ. රු5000 දක්වා කියල කිව්වෙ. හරියට තේරුන්නැ. බං..60% vitara hodai
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Regaining Sri Lanka 2 වගේ...

    අරව මේවා කරනවා කිව්වට වැඩක් නෑ... ඒවා කොරල පෙන්නන්න එපෑ.

    පැහැදිලි සංවර්ධන අරමුණක් නැති අයවැයක්....
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    සුද්දටයි, සල්ලි කාරයාටයි, පොඩිම මිනිහටයි හොදා. මැද පන්තියට කෙලවලා

    ඔව් රටේ බර අදින උන්ටමයි කෙලලා තියෙන්නේ :growl:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    බයියෝ බනින්නේ රවියගේ උච්චාරනයට, ඒ කියන්නේ අඩුපාඩු අඩුයි..:lol::lol:

    ඒත් අර යෝජනාවක් තිබ්බේ පාසල් වල තියෙන හිස් භූමි ප්‍රදේශ වල පෞද්ගලික අංශය එක්ක එකතුවෙලා වාගා කරනවා කියලා. මෙන්න මේක නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි. මේකට එරෙහි වෙන්න ඕනේ

    පාසලේ ආරක්ෂාවයි ලමයින්ගේ නිදහසයි නැතිවෙලා යනවා
    අර කලේ කොචර කීවද පොහාර සහනදාරේ කපනවා කියලා .
    දැන් මොකද උනේ .
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඊයේ මම මෑත කාලෙදි අසාපු දීර්ඝතම අයවැය කතාවතක් ඇහුවා. විවිධ ප්‍රසන්ටේෂන් ඉදිරිපත් කරමින් ප්‍රස්ථාරිකව අයවැය ක්‍රියාවලිය ගැනත් ඉතිහාසය ගැනත් අවශ්‍ය මෙන්ම අනවශ්‍ය කාරණාත් රවී කරුණානයක ඉදිරිපත් කරා..
    ජනතාවට අවශ්‍ය සහන මිසක් මෙහෙම වටේ ගහන අයවැයක් නම් නෙවෙයි.

    අයවැය යෝජනා වලින් පොදු ජනතාව බලාපොරොත්තු වන තරම් සහන නැහැ.

    ඉතාම සුබදායී කාරණාව නම් සියල්ල මට අමතක කර දමන්න පුලුවන් කාරණාව වන්නේ අධ්‍යාපනයට අතිවිශාල මුදලක් වෙන් කිරීම. මෙතුවක් කල් කිසිදු රජයක් අධ්‍යාපනයට මෙහෙම මුදල් වෙන් කළේ නැහැ..නමුත් අනාගත ආයෝජන ලෙස අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වෙන් කළ හොත් විචාර බුද්ධියකින් යුතු ජනතාවක් වසර ගාණකින් හෝ ඇතිවෙයි..
    නමුත් සීනි, පරිප්පු, අල,ලූණු,ගෑස් ආදිය අඩුකිරීම හොද වුවත්,(නව රජයෙන් මේ සියල්ල මසුගිය මාස 10 අසාමාන්‍ය ලෙස ඉහල දමා, අයවැයෙන් නැවත අඩු කිරීම විහිළුවක්) මිනිස්සු හාල් සදහාත් සහන බලාපොරොත්තු වුණා. රජයේ සේවකයන්ට දෙන 10000/- දීමනාව විශ්‍රාම වැටුපට එකතුකරනව කියන එක ‘සලකා බලනවා‘ කියද්දි හිනත් ගියා..
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ගෑස් වලට හොද සහනයක් ලැබුන අනික් දේවල් නම් ඉතින් එච්චර ෂුවර් කරන්න බෑ බන්... දැන් බලපන් බඩු මිල වැඩි වෙන සාපේක්ෂව බැලුවොත් මේක එච්චර මිනිස්සුන්ට දැනෙන්නෙ නැති වෙයි... සමස්ථයක් විදිහට නම් හොදයි කියන විදිහට වෙනවනම්...
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ගෑස් වලට හොද සහනයක් ලැබුන අනික් දේවල් නම් ඉතින් එච්චර ෂුවර් කරන්න බෑ බන්... දැන් බලපන් බඩු මිල වැඩි වෙන සාපේක්ෂව බැලුවොත් මේක එච්චර මිනිස්සුන්ට දැනෙන්නෙ නැති වෙයි... සමස්ථයක් විදිහට නම් හොදයි කියන විදිහට වෙනවනම්...

    කලින් අතුරැ අයවැයේ වී වලට 50ක සහතික මිලක් දෙනවයි කිවා , එත් දුන්නෙ නැ නේද ? සමහර අවස්ථා වල හාල් 100 කටත් වඩා වැඩි උනා , දැන් ආයිත් කියනවා වී වලට 50 ක මිලක් දෙනවයි කියලා , එතකොට රැපියල් 65 ට හාල් මිලදි ගන්න පුලුවන්ලු . හාල් කිලෝ එකක් හදන්න කොච්චර වී යනවද , ප්‍රවාහන ගාස්තු අරවා මේවා එනකොට 65ට දෙන්න පුලුවන්ද ? කලිනුත් එ ගානට දෙනවා කියලා දුන්නද මේ මිනිස්සු නේ අන්දන්නෙ

    කලින් ආණ්ඩුවේ පරිප්පු කිලෝ එක රු 160 -170 අතර අගයක් ගත්තා,
    මෛත්‍රි ඡනපති උනාට පස්සෙ පරිප්පු කිලෝ එක රු 220 ක් වෙනකල් ඉහල දැම්මා ,
    මෙදාපාර අයවැයෙන් පිරිප්පු මිල 160 ක් දක්වා අඩු කරලා තියනවා ,
    කලින් ආණ්ඩුව දුන්න ගානටමනෙ දෙන්නෙ

    රුපියල් මිලියන 21000 ගමට වෙන් කරපුවම
    එක ග්‍රාම සේවා වසමකට ලැබෙනවා ලක්ෂ 15 ක් ලැබෙනවා
    ලක්ෂ 15 න් ගමේ එකත් යටිමඩි ගහපුවම
    ගමට හදන්න වෙන්නෙ පොදු වැසිකිලියක් තමා
    ගම්වල පොදු පහසුකම් සංවර්ධනය කරනවා කිවෙ එක වෙන්න ඇති

    අනේ මන්ද බන්.. හැමෝම මිනිස්සු අන්දවන එක තමයි කරන්නේ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113
    අර කලේ කොචර කීවද පොහාර සහනදාරේ කපනවා කියලා .
    දැන් මොකද උනේ .

    අතට සල්ලි

    ගෑස් වලට හොද සහනයක් ලැබුන අනික් දේවල් නම් ඉතින් එච්චර ෂුවර් කරන්න බෑ බන්... දැන් බලපන් බඩු මිල වැඩි වෙන සාපේක්ෂව බැලුවොත් මේක එච්චර මිනිස්සුන්ට දැනෙන්නෙ නැති වෙයි... සමස්ථයක් විදිහට නම් හොදයි කියන විදිහට වෙනවනම්...

    උපරිම මෙච්චරයි කිය කිය ආණ්ඩුව මොන තව්සන්ඩ් ටෝක් දුන්නත්, එළවළු වල අඩු වැඩි වීම් තීරණය කරන්නේ කාලගුණය බන්.