ඊයේ මම මෑත කාලෙදි අසාපු දීර්ඝතම අයවැය කතාවතක් ඇහුවා. විවිධ ප්‍රසන්ටේෂන් ඉදිරිපත් කරමින් ප්‍රස්ථාරිකව අයවැය ක්‍රියාවලිය ගැනත් ඉතිහාසය ගැනත් අවශ්‍ය මෙන්ම අනවශ්‍ය කාරණාත් රවී කරුණානයක ඉදිරිපත් කරා..
ජනතාවට අවශ්‍ය සහන මිසක් මෙහෙම වටේ ගහන අයවැයක් නම් නෙවෙයි.
අයවැය යෝජනා වලින් පොදු ජනතාව බලාපොරොත්තු වන තරම් සහන නැහැ.
ඉතාම සුබදායී කාරණාව නම් සියල්ල මට අමතක කර දමන්න පුලුවන් කාරණාව වන්නේ අධ්‍යාපනයට අතිවිශාල මුදලක් වෙන් කිරීම. මෙතුවක් කල් කිසිදු රජයක් අධ්‍යාපනයට මෙහෙම මුදල් වෙන් කළේ නැහැ..නමුත් අනාගත ආයෝජන ලෙස අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වෙන් කළ හොත් විචාර බුද්ධියකින් යුතු ජනතාවක් වසර ගාණකින් හෝ ඇතිවෙයි..
නමුත් සීනි, පරිප්පු, අල,ලූණු,ගෑස් ආදිය අඩුකිරීම හොද වුවත්,(නව රජයෙන් මේ සියල්ල මසුගිය මාස 10 අසාමාන්‍ය ලෙස ඉහල දමා, අයවැයෙන් නැවත අඩු කිරීම විහිළුවක්) මිනිස්සු හාල් සදහාත් සහන බලාපොරොත්තු වුණා. රජයේ සේවකයන්ට දෙන 10000/- දීමනාව විශ්‍රාම වැටුපට එකතුකරනව කියන එක ‘සලකා බලනවා‘ කියද්දි හිනත් ගියා..