අරක්කු

dileepadayan

Member
Mar 3, 2011
241
13
0
අරක්කු බීලා වාහන පදවන රියදුරන් අල්ලන්න මෙහෙයුම් දියත්කිරීම ඉතා අගයකළයුතු කටයුක්තකි, ඒ රියදුරන් අල්ලන්න හේතුව වාහනයේ ගමන් කරන අයට සහ පාර දෙපස සිටින අයට සිදුවන අනතුරු වලක්වා ගන්න කියලායි මම අදහස් කරන්නනේ. ඒත් ගරු බලධාරින්ට මතක්කලයුතු කරුනක් ඇත. එනම් ඔබ දැන් සෝදිසි කරන රෝද හතරේ වාහනයට වඩා විශාල රෝද නැති වාහන පදවාගෙන යන බොහෝ රියදුරන් පිරිසක් අප රටේ සිටින බවයි. රෝද නැති වාහන යනුවෙන් මා අදහක් කරනුයේ අපගේ ගෙවල්ය. ගෙවල් වල පාලකයාල එහෙමත් නැත්නම් මූලිකයා රියදුරා වන්නේ ගෙදර සිටින භාර්්‍යාව, දුදරුවන් හා අම්මා තාත්තාවයි. සමස්තයක් වශයෙන් ලෙන බැලූවොත් රෝද තියන වාහන වලට වඩා රෝද නැති වාහන පදවන රියදුරන් ඉතා වැඩි බව මොලේ ඇති අයට වටහා ගත හැහ. මෙම රෝද නැති වාහන පදවන රියදුරන් අරක්කුපානය කිරිම නිසා එම වාහන වලින් ජීවන ගමන් ගමන්කරන දුදරුවන් විඳින දුක් කම්කටොලූ අපමණය. ගරු බලධාරීන් උත්සාහ කරන්නේ බීපු මිනිහෙක් අල්ලාගෙන දඩ මුදලක් අයකරගෙන ප්‍රශ්නය විසඳන්න නම් මෙය දැනට විසඳී ඇති ප්‍රශ්නයක් විය යුතුය. මත් ද්‍රව්‍ය යනු අපේ රටේ මිනිසුන්ට අවශ්‍යම දෙයක් නොවන බව අපේ බලධාරීන් වටහාගන්නේ කවදාද, අරක්කු නිසා ලංකාවේ කී දෙනෙක් නම් නොයෙක් අන්දමේ දුක්ල අසරනකම් වලට පත්වනවාද කියා ටිකක් සොයාබලන්න බලධාරීන්ගේ මහා මන්දිර වලින් එලියට බහින්න පුලූවන්නඔවුන්ට එම වටහා ගැනීමට අපහසු නොවනු ඇත. නමුත් රටේ අවාසනාවට ඔවුන්ට එහෙම උවමනාවක් නැත. රට ගැන, රටේ අනාගත දරු පරපුර ගැන ඇත්තටම ආදරයක් තිඛෙනවානම් ඔය ජරා අරක්කු ලංකාවේ තහනම් කිරීමට කටයුතු කරන්නේ නැත්තේ ඇයි. මෙය මට එදත් අදත් හැමදාමත් තිඛෙන ගැටළුවකි.
 
Last edited: