අරියධම්ම හිමි අපවලත් වෙලා
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාධිපති හා අනුශාසක අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම නා හිමියෝ අද අලුයම අපවත් වූහ.
ඒ, කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ය.
විශිෂ්ට ධර්ම කථික හිමි නමක් වූ නාඋයනේ අරියධම්ම හිමියන් අපවත් වන විට 78 වන වියේ පසු විය.
ත්‍රිපිටක ධර්මාචාර්ය,මහා කම්මට්ඨනාචාර්ය, ශ්‍රී ජිනවංශ ඥානාරාම වංශාව තන්ත්‍රී ,ශාසන ධජ, සද්ධර්ම වාගීෂ්වරාචාර්ය යන ගෞරව නාම රැසකින් පිදුම් ලැබූ උන්වහන්සේ සැලකෙන්නේ, අභිධර්මය සරල ලෙස ජනතාවට අවබෝධ කර දීමට විශාල මෙහෙයක් කළ මහා තෙර නමක් ලෙස යි.
උන්වහන්සේගේ ශ්‍රී දේහය අද සහ හෙට දෙදින තුළ කුරුණෑගල - නාවුල ආරණ්‍ය සේනාසනයට වැඩම කරවා පසුව මේ මස 9 සහ 10 තුළ මහජන ගෞරවය සඳහා අම්බලන්ගොඩ - ගල්දූව - ආරණ්‍ය සේනාසනය වෙත රැගෙන යාමට නියමිතයි.
ඉන් අනතුරුව මේ මස 11 සහ 12 වැනිදා දක්වා බෞද්ධාලෝක මාවතේ පිහිටි ජර්මන් ධර්ම දූත මධ්‍යස්ථානයේ තැන්පත් කෙරෙන උන්වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 12 වැනිදා පස්වරු 3ට සිදුකිරීමට නියමිතයි.