අරුත් දනිමින් ජීවත් වෙමු.
පහුගිය දවසක් ලඟදිම මංගල උත්සවයකට සූදානම්වෙන ඥාතියෙක් එක්ක වගේම ඒ අයගේ පවුලේ අනිකුත් ඥාතීන් එක්කත් කතා කරන්න අවස්ථාවක් ලැබුනා. ඉතින් එයාලා කතා කලේ මංගල උත්සවය පවත්වන ආකාරය ගැන. මටත් ඒකට සම්බන්ධ වෙන්න සිද්ධවුනා. එතනදි විශේෂයෙන්ම උත්සවයට යන අයවැය සකස් කරද්දි අරක්කු වලට සෑහෙන මුදලක් වෙන් වෙලා තියෙන හැටි දැකලා මන් ඇහුවා ඇයි මේ කියලා. ඒක අහලා බැණුම් අහන්නත් වුනා මට. පස්සෙ මන් ඒ ගැන කතා කලේ නෑ. ඒත් හිතුනා මේ ගැන බෞද්ධ ධර්මයට අනුව ටිකක් විමසලා බලන්න. මොකද මේ ඥාතීන් බෞද්ධයො නිසා.
ඇත්තටම අපි අද මත්ද්‍රව්‍යවලට, විශේෂයෙන්ම මත්පැන් වලට මුල් තැනක් දුන්නට ඒකෙන් පෙන්වන්නේ අපේ කාලකන්නිකම කියන එක හුඟක් දෙනාට අමතක වෙලා. අද අරක්කු ටිකක් කටේ තියන්නේ නැත්නම් මිනිහෙක්ව ගණන් ගන්නෙ නැති තත්ත්වයට පත්වෙලා. සිංහලයාගේ පරිහානිය ගැන මීට වඩා අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ. මේකට හේතුව මොකක්ද කියන්නනම් මන් දන්නේ නෑ. ඒත් මන් හිතනවා ප්‍රධානම හේතුවක් වෙන්නේ සුරාවේ ආදීනව ගැන අපේ අය දන්නෙ නැතිකම කියලා. ඒ නිසයි මේ ගැන කතා කරන්නේ.
බෞද්ධ අපට අමුතුවෙන් මහන්සිවෙලා කරන්න දෙයක් හාමුදුරුවන්ට වගේ නෑ. සුත්ත නිපාතයේ, ධම්මික සූත්රයෙදි බුදුහාමුදුරුවො දේශනා කරනවා සැපයට කැමති ගිහි කෙනා විසින් පිළිපැදිය යුත්තේ පංච ශීලයයි කියලා. අපි කවුරුත් පංච ශීලය ගැන දන්නවා. ඒ නිසා ඒ වෙනුවෙන් අමුතුවෙන් කල් මැරීමේ අවශ්‍යතාවක් නෑ. ඒත් අපි පස්වන සිල්පදය ගැන මෙතනදි කතා කරමු. මොකද ඒ ගැනයි මේ කතාව.
“සුරාමේරය මජ්ජ පමාදට්ඨානා වේරමණි සික්ඛා පදං සමාදියාමි” අපි කවුරුත් අහලා පුරුදු පස්වන සිල්පදයයි මේ. මොකක්ද මේකෙන් කියවෙන්නේ?
බලන්න අනිකුත් සිල් පද එක්ක ගත්තාම මේ සිල්පදයෙ පැහැදිලි වෙනසක් තියෙනවා. අනිකුත් සිල් පද එක්ක සමාන වෙනවානම් “සුරාමේරය වේරමණී” විදියටයි මේක කියවෙන්න තිබුනේ. නමුත් “මජ්ජ පමාදට්ඨානා” විදියට තවත් විශේෂණ පදයකුත් එක්කයි මේ සිල් පදය කියවෙන්නේ. මේ වෙනස නිසාවෙන්ම අපිට තේරුම් ගන්න පුළුවන් පස් වන සිල්පදය කොයිතරම් වැදගත් ද කියලා. අටුවාවට අනුව ගිහියෙක් විසින් වළකින්න ඕනා බරපතලම දේ තමයි මත්ද්‍රව්‍ය භාවිතය. ඒ තමයි බරපතලම පාපය. ඉතින් මේ නිසා අපිට හිතන්න පුළුවන් බුදුහාමුදුරුවො මජ්ජ පමාදට්ඨානා කියන පදය ඇතුල් කරන්න හේතු වෙන්න ඇත්තෙ මේ බරපතලකම පෙන්වන්න කියලා. ඇත්තටම මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඇති කරන්නේ ප්‍රමාදය මිස වෙන දෙයක් නෙමෙයි.
හින්දු ආගමේ මත්පැන් භාවිතය දරුණුවටම හෙලා දකිනවා. ඇත්තටම බුද්ධ ධර්මයට වඩා ඒක බරපතලයි කිව්වොත් නිවැරදියි. මජ්ජිම නිකායේ සලෙයියක සූත්රයෙදි මේ ගැන බුදුහාමුදුරුවො කතා නොකරන්නේ බ්‍රාහ්මණ තරුණයෙක් ප්‍රශ්න කරන නිසා. බ්‍රාහ්මණයින්ට සුරාවේ ආදීනව අමුතුවෙන් කියා දෙන්න අවැසි වුනේ නෑ, මොකද එයාලා සුරාවට හොඳටම ගරහන නිසා. බ්‍රාහ්මණ සමාජයේ සුරාමේරයක් නෑ. හින්දු ආගමට අනුව පෙන්වලා දෙන බරපතලම පාපයන් හතරෙන් එකක් තමයි මත්පැන් පානය. මේ නිසා සුරාවෙන් මත් වුන බමුණෙක් අහු වුනොත් එක්කො කලේ මරලා දැමීම. එහෙම නැත්නම් කුලයෙන් නෙරපීම. තමන්ගේ කුලයෙන් නෙරපනවට වඩා මරලා දානවට බමුණො කොහොමත් කැමතියි. හේතුව ඉතින් දන්නවානේ. අනිත් අතට බ්‍රාහ්මණ, වෛශ්‍යය සහ ක්ෂත්රිය කියන කුල තුනටම සුරාව තහනම් විදියටයි තිබුනෙ. ඒත් ශුද්‍රයන්ට එහෙම ප්‍රශ්නයක් වුනේ නෑ. මත්පැන් බොන්න ගත්ත ජෝග්ගුවකින් වතුර බිව්වත් ඒ වතුර බිව් කෙනාගේ දිව කපන තත්ත්වයක් තිබුනා. හැබැයි බුද්ධ ධර්මය මේ තරම් සංකීර්ණ වුනේ නෑ. ඉතින් මේ වගේ තත්ත්වයකදි බමුණු තරුණයෙක් ධම්මාචරියයි සමාචරියයි ගැන බුදුහාමුදුරුවන්ගෙන් අහද්දී ඒ ගැන බමුණන් ඉදිරියේ කතා කරන්න තරම් දෙයක් බුදුහාමුදුරුවො දකින්නෙ නෑ. නමුත් සමාජීය වශයෙන් මෙහි තියෙන වැදගත්කම නිසා පන් සිල් පදයන් අතරට එය එකතු කරන්න බුදුහාමුදුරුවො කටයුතු කළා.
මේ පස් වන සිල් පදයේ වැදගත් වචන හතරක් තියෙනවා අපි අවධානයට ගත යුතු. ඒ තමයි සුරා, මේරය, මජ්ජ, පමාද. සුරා කියන්නේ නොපැසුණු මත්පැන්. මේරය කියන්නේ පැහුණු මත්පැන්. සුරාවේ වර්ග පහක් තියෙනවා. ඒ තමයි, පිත සුරා - කුඩු වලින් හදපු මත්පැන්, ඕදන සුරා - මිදි වලින් හදපු මත්පැන්, පුව සුරා - සීනි වලින් හදපු මත්පැන්, කින්නපක්ඛිත සුරා - ස්වභාවිකව පහවපු මත්පැන්, සම්භාවසම්යුත්ත සුරා - නොයෙක් ජාති එකට දාලා හදපු මත්පැන්.
මේරයට කියන තවත් නමක් තමයි ආසව කියන්නේ. ආසව කියන්නේ මත්බවට පත් කිරීම සහ දේවල් කිළුටු කිරීම. ඉතින් මෙතනත් වර්ග පහක පැහුණු සුරාවේ ආකාර දක්වනවා. පුප්පාසව - ඒ කියන්නේ මල් වලින් හදපු මත්පැන්, ඵලාසව - පළතුරු වලින් හදපුවා, මද්වාසව - නොයෙක් ආකාරයේ ගස්වල මල්වලින් හදපුවා, ගුලාසව - නොයෙක් ආකාරයේ රස එකතු කරලා හදපුවා, සම්භාවසම්යුත්තාසව - නොයෙක් දේ එකතු කරලා හදපු ඒවා.
සුරාමේරය කියන වචනයේ තේරුම පාලි අටුවාවේ හැටියට බැලුවාම තමයි මේ. අද දවසෙ අපිට දකින්න අහන්න ලැබෙන හැම විදියකම මත් ද්‍රව්‍ය මේ තුළ ඇතුළත් වෙනවා කියන දේ අහද්දි පුදුම හිතෙන්නේ නැත් ද? මේ නිසා හොඳින් මතක තියා ගන්න ඕනා දේ තමයි සුරාමේරය කියන වචනය පුළුල් වගේම ඒ තුළින් විශාල පරාශයක් ආවරණය කරන බව. ඒකෙන් වර්ග දෙක තුනක් ආවරණය වෙන විදියට සීමා වෙන්නේ නෑ. මත්බවට පත් කරන හැම දේම ඒ තුළින් ආවරණය කරනවා.
මජ්ජ කියන වචනයෙන් කායිකව අක්‍රියවීම අදහස් කරන අතරෙ පමාද කියන වචනයෙන් මානසිකව අක්‍රියවීම අදහස් කරනවා. එහෙම බලද්දි සුරාමේරය, පාවිච්චි කරන්නන්ව මානසිකව වගේම කායිකවත් අක්‍රිය කරනවා, දුර්වල කරනවා. මේක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ. කසිප්පුකාරයෙක්ව, කුඩ්ඩෙක්ව දැක්කම හොඳට පේනවානේ. මේ පමාද කියන වචනය අර්ථ ගන්වද්දි සිහිය නොමැතිවීම (පමාදෝති සතිය විප්පවාසා) විදියට දක්වලා තියෙනවා. ඒ කියන්නේ මේ වචනය අපි තේරුම් ගන්න ඕනා වෙන්නේ අප්පමාද යන්නෙහි විරුද්ධාර්තයත් එක්ක. ඒ කියන්නේ පවතින සිහිය (සතිය විප්පවාස). මත්ද්‍රව්‍ය ගත්තම වෙන්නේ සිහිය නැති වෙන එක. මේ කියන්නේ ක්ලාන්තෙ දාලා වැටෙන එකම නෙමෙයි. සිහි කල්පනාව නැති වීම. පමාද කියන වචනය සම්පූර්ණයෙන්ම බුද්ධ ධර්මයට පටහැනි පැත්ත තමයි පෙන්වන්නේ. බුදු දහම සාරාංශයක් විදියට දක්වන්න පුළුවන් අප්පමාද කියන වචනයෙන්. මේ නිසා බුදුහාමුදුරුවො නිතරම තමන්ගේ ශ්රාවකයින්ට උගන්වන්නේ අප්‍රමාදවන්න කියලා. මොකද නිවන් දකින්න පුළුවන් අප්‍රමාද වන්නන්ට පමණක් නිසා. ප්‍රමාද වන්නෝ යන්නේ මාර කටට. මෙනිසා කවුරුහරි මත්ද්‍රව්‍ය භාවිතා කරනවා කියන්නේ දවසින් දවස ඔහු මරු කටට ලන් වෙනවා කියන එකයි. ඇත්තටම බලන්න ඒක නෙමේද වෙන්නේ කියලා. ඒ විතරක් ද මත්ද්‍රව්‍ය භාවිතය නිසා තමන්ගේ ශරීර සෞඛ්‍යය විතරක් නෙමෙයි වස්තු සම්පත් හානි වෙනවා කියන එක මිහිපිටදිම දකින්න පුළුවන්නේ. කොයිතරම්නම් මිනිස්සු බීමත්කම නිසාම දුප්පත් වෙලා තියෙනවාද?
එක දේශනයකදි බුදුහාමුදුරුවො දේශනා කරනවා, යම්කිංචි අකුසලම් ධම්මා සබ්බතම් පමාදමූල (හැම අකුසලයක්ම සිදු වන්නේ පමාදය නිසා බව) කියලා. පමාද - සිහිය නැතිකම, තමයි හැම අනාචාරසම්පන්න හැසිරීමක ම මුල. ඒ වගේම තමයි අප්‍රමාදය තමයි හැම ආචාර සම්පන්න හැසිරීමකම පදනම. යම්කිංචි කුසලම් ධම්මම් සබ්බාතම් අප්පමාදමූල විදියට හැම කුසල ක්‍රියාවකම පදනම අප්‍රමාදය බව බුදුහාමුදුරුවො දේශන කරනවා. මේ හින්දා අටුවාවේ දක්වනවා මත්ද්‍රව්‍ය භාවිතා කරන්නෙක්ට ඕනෑම නරක වැඩක් කරන්න පුළුවන් කියලා. අටුවාවලට අනුව මත්ද්‍රව්‍ය භාවිතය මිනිහාගේ මනස විකල් කෙරුවට අනෙක් පව්කාර දේවල් වලින් එහෙම වෙන්නෙ නෑ. එනිසායි මේ පස්වැනි සිල් පදය නැත්නම් සුරාමේරය බරපතලම වරද විදියට හඳුන්වන්නේ. ඇත්තටම මිනිහෙක්ට සිහි විකල් වුනාම ඕනෑම අකුසලයක් කරන්න පුළුවන්.
සුත්තනිපාතයේ ධම්මික සූත්රයෙදි ගිහියන්ටයි පැවිද්දන්ටයි ආචාර ධර්ම පද්ධතීන් දෙකක් හඳුන්වලා දෙනවා. කලින් කිව්වා වගේ ගිහියන්ට දේශනා කළ ආචාර ධර්ම පද්ධතිය තමයි පංච ශීලය. පළවැනි සිල්පද හතර වෙනුවෙන් බුදුහාමුදුරුවො ගාථා හතරක් දේශනා කරනවා, එකකට එක බැගින්. ඒත් පස්වැනි සිල්පදය වෙනුවෙන් ගාථා දෙකක් දේශනා කරනවා. ධම්මික සූත්රයෙම මේ නිසා මේ පස්වැනි සිල් පදයට වැඩි ඉඩක් දෙනවා.
පළමු ගාථාව කියනවා, මත්ද්‍රව්‍ය භාවිතයෙ ආකාර තුනක් ගැන.
1. කෙනෙක් මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් වැළකීම,
2. කෙනෙක් අන් අයට මත්ද්‍රව්‍ය ගැනීමට නොපෙළඹවීම,
3. සමාජයේ සිදුවන මත්ද්‍රව්‍ය භාවිතය හෙලා දැකිය යුතු වීම සහ ඊට විරුද්ධ වීම.
භික්ෂුවක් හෝ භික්ෂුනියක් සම්බන්ධයෙන් බැලුවම, මත්ද්‍රව්‍ය භාවිතය සම්පූර්ණයෙන් ම තහනම් කරලා තියෙන්නේ. දෙවන සංගායනාවේදී වජ්ජිපුත්තක භික්ෂූන් විසින් මේ සඳහා අවසරය ඉල්ලද්දි විනය නීතිය (පාචිත්තිය 51) ගැන සඳහන් කරලා ඒක ප්‍රතික්ෂේප කරනවා.
බුදුහාමුදුරුවො දේශනා කරනවා, සමහර වෙලාවට ගිහියන්ට මත්ද්‍රව්‍ය ටිකක් තොල ගාලා බලන්න සිතුවිල්ලක් පහල වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේ අවස්ථාවකදි බුදුහාමුදුරුවො දේශනා කරන්නේ එවැන්නක් හිතට ඇති වුනොත්, මේකෙ අවසානය සිහිය විකල්වෙලා තමා ඉවර වෙන්නේ කියලා (උම්මාදනන්තම් ඉති නම් විදිත්වා) කියලා හිතලා, ඒ හිතුවිල්ල හිතින් ඈත් කරන්න කියලා.
දෙවැනි ගාථාවෙදි බුදුහාමුදුරුවො දේශනා කරනවා අනෙක් හැම වරදක්ම තනිවම, රහසින් කළත් මත්ද්‍රව්‍ය භාවිතය කරන්නේ සාමූහිකව කියලා. අරක්කු බොන මිනිහා හැම තිස්සෙම උත්සහ කරන්නේ තව කෙනෙක්ව සම්බන්ධ කර ගන්න. ඇත්තටම බොහොම අඩුවෙන් තමයි තනිවම මේ වැඩේ කරන්නේ. බේබද්දා, අනිත් අයව බේබදු කමට පොළඹවන්නම තමයි හිතන්නේ. ඒ නිසාවෙන් අර කවියකුත් බේබද්දො හදන් ඉන්නේ සුරාවේ අගයත්, එහි ඇති මිහිරි රසයත් ...... කියලා. අනික දොස්තරලත් කියනවලුනෙ ටිකක් බිව්වට කමක් නෑ ඒක ඇඟට හොඳයි කියලා. අනේ අම්මපා. තව මිනිස්සුත් කියනවානේ මේ බොන්නේ වෙරි වෙන්න නෙමෙයි, අසනීප සනීප වෙන්න කියලා. කියනවානේ කිතුලට නැග්ග මිනිහාටත් උත්තරයක් තියෙනවා කියලා. ඒක හැර වෙන මුකුත් නෙමෙයි මේ.
අනෙක් අකුසල ක්‍රියාවන් වගේ නෙමෙයි. මත්ද්‍රව්‍ය භාවිතය සමාජයට ඉතාමත් බරපතල විදියට බලපානවා. විශේෂයෙන්ම මේ නිසා ඇතිවෙන පවුල් ප්‍රශ්න අපමණයි. ඒවා අමුතුවෙන් කියන්න දෙයක් නෑ. මෙනිසා අනෙක් අකුසල ක්‍රියාවන් හතර අපුන්න (අකුසල ක්‍රියා) විදියට හඳුන්වද්දී මත්ද්‍රව්‍ය භාවිතය අපුන්යායතන (අපුන්න හටගන්වන ආයතනය) විදියට හඳුන්වනවා. මේක තනි අකුසල ක්‍රියාවක් නොවේ. නොයෙකුත් ක්‍රියාවන් කීපයක එකතුවක්. මෙනිසා මේ තුළ අංග තුනක් දකින්න පුළුවන්. ඒ, 1. උම්මාදන - විකල් කරන ගතිය 2. මෝහනම් - මෝහනය කරන ගතිය 3. බාලකන්තම් - මෝඩයින් ගරු කරන, මෝඩයින් කැමති ක්‍රියාවක්.
මහාවග්ගයෙදි කියනවා මත්ද්‍රව්‍ය, බෙහෙතක් විදියටවත් භාවිතා කිරීම සුදුසු නෑ කියලා. අනිකුත් දියරයන්ගෙන් මත්ද්‍රව්‍ය වෙනස්වෙන ස්වභාවයන් තුනක් තියෙනවා, ඒ කියන්නේ පාටෙන්, රසයෙන් සහ සුවඳින්. ඉතින් බුදුහාමුදුරුවො දේශනා කරනවා පාට, රස, සුවඳ කියන දේවල් මත්ද්‍රව්‍යයේ තියෙනතාක්කල් ඒවා බෙහෙත් විදියටවත් පාවිච්චි කළ යුතු නැහැ කියලා. හැබැයි බෙහෙතකින් මේ ස්වභාවයන් ඉවත් කලාට පස්සෙ පාවිච්චියෙ වරදක් නෑ. ඒ වගේම මිනිස්සු කිව්වට සැරයක් බිව්වට මුකුත් වෙන්නේ නෑ, නැත්නම් අපි බේබද්දෝ වගේ බොන්නේ නෑ වගේ කතන්දර බුද්ධ ධර්මයේ එහෙම විභේදනයක් නැති බව කෑ ගහන හැම දෙනාම දැන ගන්න ඕනා. සැරයක් බිව්ව කෙනා තවත් බොන්න යනවා. අවසානයේ ඉතින් සිහිය විකල් වෙනකම්ම බොනවා.
අවසන් වශයෙන් අපි බලමු දීඝ නිකායේ සිඟාලෝවාද සූත්‍රය ගැන. අපි උපයාගත්ත දේවල් නාස්ති වෙන ප්‍රධාන ක්‍රමවේදයන් හයෙන් එකක් තමයි මත්ද්‍රව්‍ය භාවිතය. මේක අපායමුඛ කියලා හඳුන්වනවා. මීට අමතරව බුදුහාමුදුරුවො දේශනා කරලා තියෙන මත්ද්‍රව්‍ය භාවිතයේ අවාසි හය ගැනත් අවධානය යොමු කරන්න.
1. පාවිච්චිකරන්නාගේ ඇස් පනාපිටම වස්තුව ක්ෂය වෙලා යනවා.
2. නොයෙකුත් ලෙඩ ඇති කරනවා.
3. මත්ද්‍රව්‍ය භාවිතය නිසා හිතා ගන්න බැරි විදියෙ සාමාජීය ප්‍රශ්න ඇති වෙනවා.
4. පාවිච්චිකරන්නාගේ කීර්තියට ඒ නිසා හානි වෙනවා.
5. ඒ වගේම පාවිච්චි කරන්නා (අශිෂ්ඨ සම්පන්න) තිරිසනෙක් බවට පත් කරනවා. (බලන්න බිව්වට පස්සෙ මිනිස්සු හැසිරෙන්නේ බල්ලන්ටත් අන්ත විදියට. අම්මා, තාත්තා, දරුවා - බිරිඳ හඳුනගන්න බැහැ.)
6. මත්ද්‍රව්‍ය භාවිතය ප්‍රඥාව දුර්වල කරනවා. මොකද ඒ මගින් මොළයේ ශෛල නසනවා. බේබද්දා ටිකෙන් ටික මෝඩයෙක් බවට පත් වෙනවා.
ඉතින් මේ වගේ තමයි අපිට මත්ද්‍රව්‍ය භාවිතය ගැන බලන්න වෙන්නේ. එහෙම බලද්දි අපිට හිතන්න පුළුවන් මංගල උත්සවයකදි, උපන්දින සාදයකදි, අවමංගල අවස්ථාවකදි අරක්කු, කසිප්පු දීලා අපි කරගන්නෙ මොකක්ද කියලා. ඒත් අවාසනාවට කොසොල් රජ්ජුරුවන්ගේ හීන 16 ඇත්ත වෙන කාලයේ අපි අද ජීවත්වෙන නිසා ගොමරිටි යට ගිහින් ගල් පා වෙන බව ඔයාලා දන්නවා ඇති. ඉතින් යහපත් දේ යටපත්වෙලා අයහපත් දෙයට සමාජයේ මුල් තැන ලැබෙනවා.