අරුත් දනිමින් ජීවත් වෙමු.

hpalpola

Well-known member
  • අරුත් දනිමින් ජීවත් වෙමු.

    පහුගිය දවසක් ලඟදිම මංගල උත්සවයකට සූදානම්වෙන ඥාතියෙක් එක්ක වගේම ඒ අයගේ පවුලේ අනිකුත් ඥාතීන් එක්කත් කතා කරන්න අවස්ථාවක් ලැබුනා. ඉතින් එයාලා කතා කලේ මංගල උත්සවය පවත්වන ආකාරය ගැන. මටත් ඒකට සම්බන්ධ‍ වෙන්න සිද්ධවුනා. එතනදි විශේෂයෙන්ම උත්සවයට යන අයවැය සකස් කරද්දි අරක්කු වලට සෑහෙන මුදලක් වෙන් වෙලා තියෙන හැටි දැකලා මන් ඇහුවා ඇයි මේ කියලා. ඒක අහලා බැණුම් අහන්නත් වුනා මට. පස්සෙ මන් ඒ ගැන කතා කලේ නෑ. ඒත් හිතුනා මේ ගැන බෞද්ධ ධර්මයට අනුව ටිකක් විමසලා බලන්න. මොකද මේ ඥාතීන් බෞද්ධයො නිසා.



    ඇත්තටම අපි අද මත්ද්‍රව්‍යවලට, විශේෂයෙන්ම මත්පැන් වලට මුල් තැනක් දුන්නට ඒකෙන් පෙන්වන්නේ අපේ කාලකන්නිකම කියන එක හුඟක් දෙනාට අමතක වෙලා. අද අරක්කු ටිකක් කටේ තියන්නේ නැත්නම් මිනිහෙක්ව ගණන් ගන්නෙ නැති තත්ත්වයට පත්වෙලා. සිංහලයාගේ පරිහානිය ගැන මීට වඩා අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ. මේකට හේතුව මොකක්ද කියන්නනම් මන් දන්නේ නෑ. ඒත් මන් හිතනවා ප්‍රධානම හේතුවක් වෙන්නේ සුරාවේ ආදීනව ගැන අපේ අය දන්නෙ නැතිකම කියලා. ඒ නිසයි මේ ගැන කතා කරන්නේ.



    බෞද්ධ අපට අමුතුවෙන් මහන්සිවෙලා කරන්න දෙයක් හාමුදුරුවන්ට වගේ නෑ. සුත්ත නිපාතයේ, ධම්මික සූත්‍රයෙදි බුදුහාමුදු‍රුවො දේශනා කරනවා සැපයට කැමති ගිහි කෙනා විසින් පිළිපැදිය යුත්තේ පංච ශීලයයි කියලා. අපි කවුරුත් පංච ශීලය ගැන දන්නවා. ඒ නිසා ඒ වෙනුවෙන් අමුතුවෙන් කල් මැරීමේ අවශ්‍යතාවක් නෑ. ඒත් අපි පස්වන සිල්පදය ගැන මෙතනදි කතා කරමු. මොකද ඒ ගැනයි මේ කතාව.



    “සුරාමේරය මජ්ජ පමාදට්ඨානා වේරමණි සික්ඛා පදං සමාදියාමි” අපි කවුරුත් අහලා පුරුදු පස්වන සිල්පදයයි මේ. මොකක්ද මේකෙන් කියවෙන්නේ?



    බලන්න අනිකුත් සිල් පද එක්ක ගත්තාම මේ සිල්පදයෙ පැහැදිලි වෙනසක් තියෙනවා. අනිකුත් සිල් පද එක්ක සමාන වෙනවානම් “සුරාමේරය වේරමණී” විදියටයි මේක කියවෙන්න තිබුනේ. නමුත් “මජ්ජ පමාදට්ඨානා” විදියට තවත් විශේෂණ පදයකුත් එක්කයි මේ සිල් පදය කියවෙන්නේ. මේ වෙනස නිසාවෙන්ම අපිට තේරුම් ගන්න පුළුවන් පස් වන සිල්පදය කොයිතරම් වැදගත් ද කියලා. අටුවාවට අනුව ගිහියෙක් විසින් වළකින්න ඕනා බරපතලම දේ තමයි මත්ද්‍රව්‍ය භාවිතය. ඒ තමයි බරපතලම පාපය. ඉතින් මේ නිසා අපිට හිතන්න පුළුවන් බුදුහාමුදුරුවො මජ්ජ පමාදට්ඨානා කියන පදය ඇතුල් කරන්න හේතු වෙන්න ඇත්තෙ මේ බරපතලකම පෙන්වන්න කියලා. ඇත්තටම මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඇති කරන්නේ ප්‍රමාදය මිස වෙන දෙයක් නෙමෙයි.



    හින්දු ආගමේ මත්පැන් භාවිතය දරුණුවටම හෙලා ‍දකිනවා. ඇත්තටම බුද්ධ ධර්මයට වඩා ඒක බරපතලයි කිව්වොත් නිවැරදියි. මජ්ජිම නිකායේ සලෙයියක සූත්‍රයෙදි මේ ගැන බුදුහාමුදුරුවො කතා නොකරන්නේ බ්‍රාහ්මණ තරුණයෙක් ප්‍රශ්න කරන නිසා. බ්‍රාහ්මණයින්ට සුරාවේ ආදීනව අමුතුවෙන් කියා දෙන්න අවැසි වුනේ නෑ, මොකද එයාලා සුරාවට හොඳටම ගරහන නිසා. බ්‍රාහ්මණ සමාජයේ සුරාමේරයක් නෑ. හින්දු ආගමට අනුව පෙන්වලා දෙන බරපතලම පාපයන් හතරෙන් එකක් තමයි මත්පැන් පානය. මේ නිසා සුරාවෙන් මත් වුන බමුණෙක් අහු වුනොත් එක්කො කලේ මරලා දැමීම. එහෙම නැත්නම් කු‍ලයෙන් නෙරපීම. තමන්ගේ කුලයෙන් නෙරපනවට වඩා මරලා දානවට බමුණො කොහොමත් කැමතියි. හේතුව ඉතින් දන්නවානේ. අනිත් අතට ‍බ්‍රාහ්මණ, වෛශ්‍යය සහ ක්ෂත්‍රිය කියන කුල තුනටම සුරාව තහනම් විදියටයි තිබුනෙ. ඒත් ශුද්‍රයන්ට එහෙම ප්‍රශ්නයක් වු‍නේ නෑ. මත්පැන් බොන්න ගත්ත ‍ජෝග්ගුවකින් වතුර බිව්වත් ඒ වතුර බිව් කෙනාගේ දිව කපන තත්ත්වයක් තිබුනා. හැබැයි බුද්ධ ධර්මය මේ තරම් සංකීර්ණ වුනේ නෑ. ඉතින් මේ වගේ තත්ත්වයකදි බමුණු තරුණයෙක් ධම්මාචරියයි සමාචරියයි ගැන බුදුහාමුදුරුවන්ගෙන් අහද්දී ඒ ගැන බමුණන් ඉදිරියේ කතා කරන්න තරම් දෙයක් බුදුහාමුදුරුවො දකින්නෙ නෑ. නමුත් සමාජීය වශයෙන් මෙහි තියෙන වැදගත්කම නිසා පන් සිල් පදයන් අතරට එය එකතු කරන්න බුදුහාමුදුරුවො කටයුතු කළා.



    මේ පස් වන සිල් පදයේ වැදගත් වචන හතරක් තියෙනවා අපි අවධානයට ගත යුතු. ඒ තමයි සුරා, මේරය, මජ්ජ, පමාද. සුරා කියන්නේ නොපැසුණු මත්පැන්. ‍මේරය කියන්නේ පැහුණු මත්පැන්. සුරාවේ වර්ග පහක් තියෙනවා. ඒ තමයි, පිත සුරා - කුඩු වලින් හදපු මත්පැන්, ඕදන සුරා - මිදි වලින් හදපු මත්පැන්, පුව සුරා - සීනි වලින් හදපු මත්පැන්, කින්නපක්ඛිත සුරා - ස්වභාවිකව පහවපු මත්පැන්, සම්භාවසම්‍යුත්ත සුරා - නොයෙක් ජාති එකට දාලා හදපු මත්පැන්.



    මේරයට කියන තවත් නමක් තමයි ආසව කියන්නේ. ආසව කියන්නේ මත්බවට පත් කිරීම සහ දේවල් කිළුටු කිරීම. ඉතින් මෙතනත් වර්ග පහක පැහුණු සුරාවේ ආකාර දක්වනවා. පුප්පාසව - ඒ කියන්නේ මල් වලින් හදපු මත්පැන්, ඵලාසව - පළතුරු වලින් හදපුවා, මද්වාසව - නොයෙක් ආකාරයේ ගස්වල මල්වලින් හදපුවා, ගුලාසව - නොයෙක් ආකාරයේ රස එකතු කරලා හදපුවා, සම්භාවසම්‍යුත්තාසව - ‍නොයෙක් දේ එකතු කරලා හදපු ඒවා.



    සුරාමේරය කියන වචනයේ තේරුම පාලි අටුවාවේ හැටියට බැලුවාම තමයි මේ. අද දවසෙ අපිට දකින්න අහන්න ලැබෙන හැම විදියකම මත් ද්‍රව්‍ය මේ තුළ ඇතුළත් වෙනවා කියන දේ අහද්දි පුදුම හිතෙන්නේ නැත් ද? මේ නිසා හොඳින් මතක තියා ගන්න ඕනා දේ තමයි සුරාමේරය කියන වචනය පුළුල් වගේම ඒ තුළින් විශාල පරාශයක් ආවරණය කරන බව. ඒකෙන් වර්ග දෙක තුනක් ආවරණය වෙන විදියට සීමා වෙන්නේ නෑ. මත්බවට පත් කරන හැම දේම ඒ තුළින් ආවරණය කරනවා.



    මජ්ජ කියන වචනයෙන් කායිකව අක්‍රියවීම අදහස් කරන අතරෙ පමාද කියන වචනයෙන් මානසිකව අක්‍රියවීම අදහස් කරනවා. එහෙම බලද්දි සුරාමේරය, පාවිච්චි කරන්නන්ව මානසිකව වගේම කායිකවත් අක්‍රිය කරනවා, දුර්වල කරනවා. ‍මේක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ. කසිප්පුකාරයෙක්ව, කුඩ්ඩෙක්ව දැක්කම හොඳට පේනවානේ. මේ පමාද කියන වචනය අර්ථ ගන්වද්දි සිහිය නොමැතිවීම (පමාදෝති සතිය විප්පවාසා) විදියට දක්වලා තියෙනවා. ඒ කියන්නේ මේ වචනය අපි තේරුම් ගන්න ඕනා වෙන්නේ අප්පමාද යන්නෙහි විරුද්ධාර්තයත් එක්ක. ඒ කියන්නේ පවතින සිහිය (සතිය විප්පවාස). මත්ද්‍රව්‍ය ගත්තම වෙන්නේ සිහිය නැති වෙන එක. මේ කියන්නේ ක්ලාන්තෙ දාලා වැටෙන එකම නෙමෙයි. සිහි කල්පනාව නැති වීම. පමාද කියන වචනය සම්පූර්ණයෙන්ම බුද්ධ ධර්මයට පටහැනි පැත්ත තමයි පෙන්වන්නේ. බුදු දහම සාරාංශයක් විදියට දක්වන්න පුළුවන් අප්පමාද කියන වචනයෙන්. මේ නිසා බුදුහාමුදුරුවො නිතරම තමන්ගේ ශ්‍රාවකයින්ට උගන්වන්නේ අප්‍රමාදවන්න කියලා. මොකද නිවන් දකින්න පුළුවන් අප්‍රමාද වන්නන්ට පමණක් නිසා. ප්‍රමාද වන්නෝ යන්නේ මාර කටට. මෙනිසා කවුරුහරි මත්ද්‍රව්‍ය භාවිතා කරනවා කියන්නේ දවසින් දවස ඔහු මරු කටට ලන් වෙනවා කියන එකයි. ඇත්තටම බලන්න ඒක නෙමේද වෙන්නේ කියලා. ඒ විතරක් ද මත්ද්‍රව්‍ය භාවිතය නිසා තමන්ගේ ශරීර සෞඛ්‍යය විතරක් නෙමෙයි වස්තු සම්පත් හානි වෙනවා කියන එක මිහිපිටදිම දකින්න පුළුවන්නේ. කොයිතරම්නම් මිනිස්සු බීමත්කම නිසාම දුප්පත් වෙලා තියෙනවාද?



    එක දේශනයකදි බුදුහාමුදුරුවො දේශනා කරනවා, යම්කිංචි අකුසලම් ධම්මා සබ්බතම් පමාදමූල (හැම අකුසලයක්ම සිදු වන්නේ පමාදය නිසා බව) කියලා. පමාද - සිහිය නැතිකම, තමයි හැම අනාචාරසම්පන්න හැසිරීමක ම මුල. ඒ වගේම තමයි අප්‍රමාදය තමයි හැම ආචාර සම්පන්න හැසිරීමකම පදනම. යම්කිංචි කුසලම් ධම්මම් සබ්බාතම් අප්පමාදමූල විදියට හැම කුසල ක්‍රියාවකම පදනම අප්‍රමාදය බව බුදුහාමුදුරුවො දේශන කරනවා. මේ හින්දා අටුවාවේ දක්වනවා මත්ද්‍රව්‍ය භාවිතා කරන්නෙක්ට ඕනෑම නරක වැඩක් කරන්න පුළුවන් කියලා. අටුවාවලට අනුව මත්ද්‍රව්‍ය භාවිතය මිනිහාගේ මනස විකල් කෙරුවට අනෙක් පව්කාර දේවල් වලින් එහෙම වෙන්නෙ නෑ. එනිසායි මේ පස්වැනි සිල් පදය නැත්නම් සුරාමේරය බරපතලම වරද විදියට හඳුන්වන්නේ. ඇත්තටම මිනිහෙක්ට සිහි විකල් වුනාම ඕනෑම අකුසලයක් කරන්න පුළුවන්.



    සුත්තනිපාතයේ ධම්මික සූත්‍රයෙදි ගිහියන්ටයි පැවිද්දන්ටයි ආචාර ධර්ම පද්ධතීන් දෙකක් හඳුන්වලා දෙනවා. කලින් කිව්වා වගේ ගිහියන්ට දේශනා කළ ආචාර ධර්ම පද්ධතිය තමයි පංච ශීලය. පළවැනි සිල්පද හතර වෙනුවෙන් බුදුහාමුදුරුවො ගාථා හතරක් දේශනා කරනවා, එකකට එක බැගින්. ඒත් පස්වැනි සිල්පදය වෙනුවෙන් ගාථා දෙකක් දේශනා කරනවා. ධම්මික සූත්‍රයෙම මේ නිසා මේ පස්වැනි සිල් පදයට වැඩි ඉඩක් දෙනවා.



    පළමු ගාථාව කියනවා, මත්ද්‍රව්‍ය භාවිතයෙ ආකාර තුනක් ගැන.



    1. කෙනෙක් මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් වැළකීම,

    2. කෙනෙක් අන් අයට මත්ද්‍රව්‍ය ගැනීමට නොපෙළඹවීම,

    3. සමාජයේ සිදුවන මත්ද්‍රව්‍ය භාවිතය හෙලා දැකිය යුතු වීම සහ ඊට විරුද්ධ වීම.



    භික්ෂුවක් හෝ භික්ෂුනියක් සම්බන්ධයෙන් බැලුවම, මත්ද්‍රව්‍ය භාවිතය සම්පූර්ණයෙන් ම තහනම් කරලා තියෙන්නේ. දෙවන සංගායනාවේදී වජ්ජිපුත්තක භික්ෂූන් විසින් මේ සඳහා අවසරය ඉල්ලද්දි විනය නීතිය (පාචිත්තිය 51) ගැන සඳහන් කරලා ඒක ප්‍රතික්ෂේප කරනවා.



    බුදුහාමුදු‍රුවො දේශනා කරනවා, සමහර වෙලාවට ගිහියන්ට මත්ද්‍රව්‍ය ටිකක් තොල ගාලා බලන්න සිතුවිල්ලක් පහල වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේ අවස්ථාවකදි බුදුහාමුදුරුවො ‍දේශනා කරන්නේ එවැන්නක් හිතට ඇති වුනොත්, මේකෙ අවසානය සිහිය විකල්වෙලා තමා ඉවර වෙන්නේ කියලා (උම්මාදනන්තම් ඉති නම් විදිත්වා) කියලා හිතලා, ඒ හිතුවිල්ල හිතින් ඈත් කරන්න කියලා.



    දෙවැනි ගාථාවෙදි බුදුහාමුදුරුවො දේශනා කරනවා අනෙක් හැම වරදක්ම තනිවම, රහසින් කළත් මත්ද්‍රව්‍ය භාවිතය කරන්නේ සාමූහිකව කියලා. අරක්කු බොන මිනිහා හැම තිස්සෙම උත්සහ කරන්නේ තව කෙනෙක්ව සම්බන්ධ කර ගන්න. ඇත්තටම බොහොම අඩුවෙන් තමයි තනිවම මේ වැඩේ කරන්නේ. බේබද්දා, අනිත් අයව බේබදු කමට පොළඹවන්නම තමයි හිතන්නේ. ඒ නිසාවෙන් අර කවියකුත් බේබද්දො හදන් ඉන්නේ සුරාවේ අගයත්, එහි ඇති මිහිරි රසයත් ...... කියලා. අනික දොස්තරලත් කියනවලුනෙ ටිකක් බිව්වට කමක් නෑ ඒක ඇඟට හොඳයි කියලා. අනේ අම්මපා. තව මිනිස්සුත් කියනවානේ මේ බොන්නේ වෙරි වෙන්න නෙමෙයි, අසනීප සනීප වෙන්න කියලා. කියනවානේ කිතුලට නැග්ග මිනිහාටත් උත්තරයක් තියෙනවා කියලා. ඒක හැර වෙන මුකුත් නෙමෙයි මේ.



    අනෙක් අකුසල ක්‍රියාවන් වගේ නෙමෙයි. මත්ද්‍රව්‍ය භාවිතය සමාජයට ඉතාමත් බරපතල විදියට බලපානවා. විශේෂයෙන්ම මේ නිසා ඇතිවෙන පවුල් ප්‍රශ්න අපමණයි. ඒවා අමුතුවෙන් කියන්න දෙයක් නෑ. මෙනිසා අනෙක් අකුසල ක්‍රියාවන් හතර අපුන්න (අකුසල ක්‍රියා) විදියට හඳුන්වද්දී මත්ද්‍රව්‍ය භාවිතය අපුන්යායතන (අපුන්න හටගන්වන ආයතනය) විදියට හඳුන්වනවා. මේක තනි අකුසල ක්‍රියාවක් නොවේ. නොයෙකුත් ක්‍රියාවන් කීපයක එකතුවක්. මෙනිසා මේ තුළ අංග තුනක් දකින්න පුළුවන්. ඒ, 1. උම්මාදන - විකල් කරන ගතිය 2. මෝහනම් - මෝහනය කරන ගතිය 3. බාලකන්තම් - මෝඩයින් ගරු කරන, මෝඩයින් කැමති ක්‍රියාවක්.



    මහාවග්ගයෙදි කියනවා මත්ද්‍රව්‍ය, බෙහෙතක් විදියටවත් භාවිතා කිරීම සුදුසු නෑ කියලා. අනිකුත් දියරයන්ගෙන් මත්ද්‍රව්‍ය වෙනස්වෙන ස්වභාවයන් තුනක් තියෙනවා, ඒ කියන්නේ පාටෙන්, රසයෙන් සහ සුවඳින්. ඉතින් බුදුහාමුදුරුවො දේශනා කරනවා පාට, රස, සුවඳ කියන දේවල් මත්ද්‍රව්‍යයේ තියෙනතාක්කල් ඒවා බෙහෙත් විදියටවත් පාවිච්චි කළ යුතු නැහැ කියලා. හැබැයි බෙහෙතකින් මේ ස්වභාවයන් ඉවත් කලාට පස්සෙ පාවිච්චියෙ වරදක් නෑ. ඒ වගේම මිනිස්සු කිව්වට සැරයක් බිව්වට මුකුත් වෙන්නේ නෑ, නැත්නම් අපි බේබද්දෝ වගේ බොන්නේ නෑ වගේ කතන්දර බුද්ධ ධර්මයේ එහෙම විභේදනයක් නැති බව කෑ ගහන හැම දෙනාම දැන ගන්න ඕනා. සැරයක් බිව්ව කෙනා තවත් බොන්න යනවා. අවසානයේ ඉතින් සිහිය විකල් වෙනකම්ම බොනවා.



    අවසන් වශයෙන් අපි බලමු දීඝ නිකායේ සිඟාලෝවාද සූත්‍රය ගැන. අපි උපයාගත්ත දේවල් නාස්ති වෙන ප්‍රධාන ක්‍රමවේදයන් හයෙන් එකක් තමයි මත්ද්‍රව්‍ය භාවිතය. මේක අපායමුඛ කියලා හඳුන්වනවා. මීට අමතරව බුදුහාමුදුරුවො දේශනා කරලා තියෙන මත්ද්‍රව්‍ය භාවිතයේ අවාසි හය ගැනත් අවධානය යොමු කරන්න.



    1. පාවිච්චිකරන්නාගේ ඇස් පනාපිටම වස්තුව ක්ෂය වෙලා යනවා.
    2. නොයෙකුත් ලෙඩ ඇති කරනවා.
    3. මත්ද්‍රව්‍ය භාවිතය නිසා‍ හිතා ගන්න බැරි විදියෙ සාමාජීය ප්‍රශ්න ඇති වෙනවා.
    4. පාවිච්චිකරන්නාගේ කීර්තියට ඒ නිසා හානි වෙනවා.
    5. ඒ වගේම පාවිච්චි කරන්නා (අශිෂ්ඨ සම්පන්න) තිරිසනෙක් බවට පත් කරනවා. (බලන්න බිව්වට පස්සෙ මිනිස්සු හැසිරෙන්නේ බල්ලන්ටත් අන්ත විදියට‍. අම්මා, තාත්තා, දරුවා - බිරිඳ හඳුනගන්න බැහැ.)
    6. මත්ද්‍රව්‍ය භාවිතය ප්‍රඥාව දුර්වල කරනවා. මොකද ඒ මගින් ‍මොළයේ ශෛල නසනවා. බේබද්දා ටිකෙන් ටික මෝඩයෙක් බවට පත් වෙනවා.



    ඉතින් මේ වගේ තමයි අපිට මත්ද්‍රව්‍ය භාවිතය ගැන බලන්න වෙන්නේ. එහෙම බලද්දි අපිට හිතන්න පුළුවන් මංගල උත්සවයකදි, උපන්දින සාදයකදි, අවමංගල අවස්ථාවකදි අරක්කු, කසිප්පු දීලා අපි කරගන්නෙ මොකක්ද කියලා. ඒත් අවාසනාවට කොසොල් රජ්ජුරුවන්ගේ හීන 16 ඇත්ත වෙන කාලයේ අපි අද ජීවත්වෙන නිසා ගොමරිටි යට ගිහින් ගල් පා වෙන බව ඔයාලා දන්නවා ඇති. ඉතින් යහපත් දේ යටපත්වෙලා අයහපත් දෙයට සමාජයේ මුල් තැන ලැබෙනවා.
     
    • Like
    Reactions: Shadow.Walker

    hpalpola

    Well-known member

  • පානාතිපාතා ගැන කථා කරද්දී සමහර වෙලාවට හිතෙනවා සමාජයේ ඒ ගැන දරන මතය දිහා බැලුවම මේ ගැන අපි අතරෙ නිවැරදි අවබෝධයක් නැත් ද කියලත්. මොකද අපි එකිනෙකා එකිනෙක මතයන් දරන නිසා. සාමාන්‍යයෙන් පානාතිපා කියලා කියද්දි අනුන් නැසීම, අනුන්ට හානි කිරීම, අනුන්ට කරදර කිරීම වගේ නොයෙක් අදහස් ප්‍රකාශ වෙනවා. ඒ වගේම සූත්‍රයන් ගත්තම මේ හැම දේමත් අන්තර්ගත වෙනවා.

    අටුවාවට අනුව බලද්දි පානාතිපාතා සිදු වෙන්නේ කරුණු 5 ක් සම්පූර්ණ වුනාම (රේරුකානේ හාමුදුරුවන්ගේ බෞද්ධයා‍ගේ අත්පොත පොත). ඒ තමයි,

    1. යමෙක් දැනගත යුතුයි සතුරෙක්, ඒ කියන්නේ පන තියෙන සත්ත්වයෙක් ඉන්න බව.
    2. මේ ජීවත්වෙන සත්ත්වයාව මරණ සිතුවිල්ල.
    3. මරණ ක්‍රමය
    4. ජීවත්වෙන සත්ත්වයාව ඇත්තටම මැරීම
    5. මරණ තැනැත්තා පුද්ගලිකව මේ ක්‍රියාවලියට සම්බන්ධවීම

    මෙහෙම බැලුවම පැහැදිලි වෙනවා පානාතිපාතා කියන වචනයේ අර්තය තනි ක්‍රියාවක් නොවේ, ක්‍ර්යාවලියක එකතුවක් බව. නමුත් මේ කරුණු පහ සූත්‍රයකදි මන් හිතන්නේ නැහැ මුණ ගැහෙයි කියලා (නිවැරදි කිරීමට යටත්ව). ඒවා මුණ ගැහෙන්නේ ථේරවාද බුදු දහමෙදි අපිට මුණ ගැහෙන අට්ඨකතා වලදි. ඉතින් මේ නිසා බුදුරජාණන් වහන්සේ මේ දේවල් දේශනා කලාද නැද්ද කියන එක ගැන කෙනෙක්ට වාද කරන්න පුළුවන්. නමුත් බලන්න මේ කරුණු 5 අනුගමනය කරනවානම්, විශේෂයෙන්ම කලින් කිව්ව 5 වන කරුණ අනුව කෙනෙක්ට පුළුවන් සත්ත්වයකුට හානි කරන්න අනුන් ලවා. මොකද එතනදි කියන්නේ පුද්ගලිකව සම්බන්ධ වෙන්න ඕනා කියලා නිසා. ඇත්තටම නීතියේදී මේ තත්ත්වය නිසා කෙනෙක්ට නිදොස්ව නිදහස් වෙන්න වුනත් පුළුවන්. උදාහරණයකට එක්තරා නඩුවක දී කෙනෙක් කෙනකුට පහර දීලා ඒ පහර කෑ තැනැත්තා ඇ‍ඳේ සිටීමේ දී ඇති වුන රෝගයක් නිසා මරණයට පත් වුනාම උසාවිය මිනීමැරීමට අර පහර දුන් තැනැත්තා වග කියන්න අවශ්‍ය නෑ කියලා තීරණය කරලා තියෙනවා. ඒ වගේම තව කරුණක් තමයි, මෙතනදි සඳහන් වෙන්නේ මරණයට පත් කිරීම පමණයි. කරදර කිරීමක් හෝ පීඩා කිරීමක් මීට ඇතුළත් නෑ.

    ත්‍රිපිටකයට අනුව පානාතිපාතා යන්නෙහි තේරුම මජ්ජිම නිකායෙ සලෙයියක සූත්‍රයේ දැක්වෙන්නේ ලද්දෝ ලෝහිතපානි හතපහතෙ නිවිත්තො අද්‍යාපන්නො පානභූතේසු (අකුරු වැරදි ඇති) විදියට. ඒ කියන්නේ, කෙනෙක්,

    නපුරු වෙයි (ලද්දෝ)
    අතේ ලේ ගෑවෙයි (ලෝහිතපානි)
    කොටන්න, මරන්න තරම් දරුණු වීම (හතපහතෙ නිවිත්තො)
    ජීවත්වෙන සත්ත්වයෝ ගැන කිසි අනුකම්පාවක් නැතිව ජීවත්වෙන (අද්‍යාපන්නො පානභූතේසු)

    ඊළඟට පානාතිපාතාවෙන් වැලකීම හඳුන්වන්නේ නිහිතදන්ඩො නිහිතසත්තො ලජ්ජි දයාපන්නො සබ්බපානභූතා හිතානුකම්පි විහ‍රති විදියට. ඒ කියන්නේ, කෙනෙක්,

    නපුර හැරලයි (නිහිතදන්ඩො)
    ආයුධ, දඬු මුගුරු හැරලයි ( නිහිතසත්තො)
    අනෙකාට හානි කිරීමට ලැජ්ජා සහගත වෙයි (ලැජ්ජි)
    අනිකා වෙනුවෙන් කාරුණික‍ වෙයි (දයාපන්නො)
    ජීවත්වෙන සියළුම සත්ත්වයා කෙරෙහි මෙත් සිත, දයානුකම්පාව පතුරවමින් ජීවත් වෙයි (සබ්බපානභූතා හිතානුකම්පි විහ‍රති)

    මේ විදියට පානාතිපාතාවෙන් වැලකීම සතත්ත්වයන්ගේ ජීවිතය ආවරණය කරනවා. ඒ එක්ක බැලුවම නිශ්චිතවම මරණයට පත් කිරීමම කියන දේ ට විතරක් සීමාවෙන්නේ නෑ. ඒක ඊට වඩා එහාට ගිය දෙයක්. මරණයට පත් කිරීම කියන්නේ පානාතිපාතාවෙන් පුංචි කොටසක් පමණයි. ඉතින් මේ හැම දේකින්ම ඈත් වීම තමයි පානාතිපාවෙන් බැහැර වීම කියන්නෙ. විහරති කියන වචනය හරිම වැදගත්. එහෙමයි කෙනෙක් ජීවත් වෙන්න ඕනා. කිසියම් නිශ්චිත වෙලාවකදි අපි කරන විශේෂ කාර්යයක් නෙමෙයි පානාතිපාතාවෙන් වැළකීම කියන්නෙ. ඒක අපේ ජීවිත රටාව බවටයි පත් වෙන්නෙ. අපි කොහේ ජීවත් වුනත් මෙතනනිනුයි අපි තීරණය කරන්නේ අනිකාට හානිදායී විදියට අපි ජිවත් වෙනවාද නැත්නම් අනිකාට ‍මෛත්‍රියෙන් ජීවත් වෙනවාද කියලා.

    මෙතනදි හම්බවෙන ප්‍රධානම වචනය තමයි පාණ - (ජීවිතය) කියන්නේ.අපිට ජීවිත රකින්න වෙනවා. ජීවිතය ආකාර 3 යි. ඒ කියන්නේ මිනිස් ජිවිතය, සත්ත්ව ජීවිතය සහ ගස්. භික්ෂුවකට ඇති විනය රීතිවල මේ ආකාර 3 ම සැලකිල්ලට අරන් තියෙනවා. පාරාජිකා ගැන දන්නවා ඇති නේ. මිනිහෙක් මැරීම කියන දේ ප්‍රධාන පාරාජිකා රීතියක්. භික්ෂුවක් විසින් මිනිස් ඝාතනයක් කළොත් එතැන් පටන් ස්වයංක්‍රීයව ම ගිහි බවට සළකනවා. අනෙක් අතට සත්ත්ව සහ ගස් වලට හානි කිරීම සම්බන්ධයෙන් දෙවිදියකට කරුණු දැක්වෙනවා. ඒ කියන්නේ ගස් වල ජීවිතයත් සත්ත්ව ජිවිතය හා සමානව සැළකිය යුතු බව, නමුත් වෙනසක් තියෙනවා. ගස් සම්බන්ධයෙන් ගත්තම බුදුරජාණන්වහන්සේ පාවිච්චි කරලා තියෙන්නේ ජිව කියන වචනය. නමුත් සතුන් සම්බන්ධයෙන් පාණා. උන්වහන්සේ දේශනා කරනවා, ගස් වලත් යම් ආකාරයක ජීවයක් තියෙන බව මිනිස්සු විශ්වාස කරනවා, ඒ නිසා ගස් ගැලවීමෙන් වලකින්න කියලා. නමුත් ගිහියො සම්බන්ධයෙන් මේ වෙනස ‍දේශනා කරපු බවක් හොයා ගන්න බෑ (නිවැරදි කිරීමට යටත්ව).

    සුත්ත නිපාතයේ ධම්මික සූත්‍රයෙදි බුදුහාමුදුරුවො ගිහියන්ට සහ පැවිද්දන්ට අනුගමනය කරන්න වෙන වෙනම ආචාර ධර්ම පද්ධති දෙකක් හඳුන්වලා දෙනවා. ගිහියන්ට නම් පංච ශීලය. ඒ අනුව පංච ශීලය විස්තර කරනවා මේ සූත්‍රයේදි. පානාතිපාතා ගැන කියවෙන පළමු සිල් පදයට අදාළව මේ සූත්‍රයේදි දේශනා කරනවා තස හෝ තාවරා කියන කාණ්ඩයන්ට වැටෙන සත්ත්වයන්ට හානි නොකරන්න කියලා. අටුවාවට අනුව තස කියන කොටසෙන් කෙලෙස් සහිත සත්ත්වයා ආවරණය වෙද්දි තාවරා කියන කොටසෙන් කෙලෙස් නැසූ සත්ත්ව කොට්ඨාශය ආවරණය වෙනවා. ඉතින් එහෙම බලද්දි බුදුහාමුදුරුවො ගිහියන්ට දේශනා කරනවා, රහතුන් වගේම නොරහතුන්ටත් හානි නොකරන්න කියලා. ඒත් මේක පිළිගත්තොත් ඇති වෙන ප්‍රශ්නය තමයි පළමු සිල් පදයෙන් ආවරණය කරනවා කියලා මෙයින් අදහස් කරන්නේ මිනිස්සු විතරක් වීම. එහෙම බලද්දි ආයිත් ප්‍රශ්නයක් වෙනවා මේ අටුවා අර්ථය මුල් බුදු වදනට පටහැනිව යනවා ‍නේද කියලා. ඒ නිසා තස කියන වචනය අරුත් දක්වන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි ඇවිදින සත්ත්වයො කියලා. එතකොට මිනිස්සු ව‍ගේම අනිකුත් සතුන්වත් ඒ තුළට අදාළ වෙනවා. අනිත් අතට ඇවිදින්නෙ නැති සත්තුත් ඕනා තරම් මේ පො‍ළොවෙත්, ජලයෙත් මුන ගැහෙනවා. ඒ අයව තාවරා කියන පදයෙන් ආවරණය කරතහැකි. ඒ වගේම ගස් වලට ජිවය තිබුනත් ඇවිදින්නේ නෑ. අපිට හිතන්න පුළුළවන් ගස් අයිති වෙන්නෙත් මේ කාණ්ඩයටම කියලා. මේ කාණ්ඩයත් ගිහියන් විසින් හානියට පත් නොකල යුතු දේ.

    අනික් අතට ධම්මික සූත්‍රය තව අතකින් ගිහියන්ට වැදගත්. මෙතනදි බුදුහාමුදුරුවො ගිහියන්ගෙන් ඉල්ලනවා ජීවත්වෙන සත්තු ගැන තුන් ආකාරයකට හැසිරෙන්න කියලා. ඒ කියන්නේ,

    1. පානම් න හනෙ - ජීවිතය ඇතිවුන් නොනසා
    2. නා ච ඝාත්‍යයෙතය - අනුන් ලවා නොනස්සවා
    3. නා චනුජනඤා හනතම් පරේසම් - සමාජයෙ සිදුවන ඝාතන හෙලා දැකීම

    අන්යන්ට හානිකිරිමෙන් වැලකීමට නම් මේ තුනම එක අවස්ථාවෙදි ක්‍රියාත්මක වෙන්න ඕනා. මේක ගිහියො සම්බන්ධයෙන් ගත්තම ටිකක් අපහසු කාර්යයක්. මෙනිසා බුදුහාමුදු‍රුවො සරලව දේශනා කරනවා පියවරෙන් පියවරට ඒ කාර්යය සම්පූර්ණ කරන්න කියලා. මුලින්ම අපි අන්යන් නොනසනවා. දෙවනුව අන්යන් ලව්වා අනුන් නොනසන්න කටයුතු කරනවා. තුන්වනුව අපි සමාජයේ සිදුවන නැසීම, පීඩා කිරීම් හෙලා දකිනවා, ඒවට විරුද්ධ වෙනවා. මෙන්න මෙතනදි තමයි මාංශ පරිබෝජනයෙන් වැළකීමට බුදු දහම අපිව මෙහෙයවන්නේ. ඉතින් මේක ලේසි කරුණක් ‍නොවුනත් බෞද්ධයො විදියට මේ වටිනාකම් අපි අපි තුළ ඇති කරගත යුතු බව ඔබට පේනවා ඇති.
     

    hpalpola

    Well-known member
  • බුදුහාමුදුරුවො දේශනා කල ධර්මය හරිම පැහැදිලියි, සත්‍යයි.

    බුදුහාමුදුරුවො දේශනා කල දෙයක් තමයි අපි අපේ ඇඟට කොයිතරම් ආදරේ කලත් බැඳිලා ඉඳියත්, අපි කොයිතරම් දේවල් පොදි බැඳ ගත්තත් මැරෙද්දි ඒ කිසිම දෙයක් අපිත් එක්ක අරගෙන නොයන බව. ඒ වගේම අපි ඒ දේවල්වලට බැඳෙන්නට බැඳෙන්නට සිදු වන්නේ කෙලෙස් රැස් කිරීම බවත්, අපි කරන හොඳ නරක අපිත් එක්ක අපේ කර්මය බවට පත්වෙලා සංසාරේ ඇවිද්දවන බවත් බුදුහාමුදුරුවො අපිට දේශනා කරනවා. තවදුරටත් බුදුහාමුදුරුවො දේශනා කරනවා අපේ ඊයෙ අපේ අද සකස් කරන බවත්, අපේ අද අපේ හෙට සකස් කරන බවත්. ඒ නිසායි බුදුහාමුදුරුවො දේශනා කරන්නේ අපිට අපේ කර්මය වෙනස් කරන්න පුළුවන් කියලා. ඒ වෙනුවෙන් අපි කරන්න ඕනා එකම දේ අපේ හිත හදා ගැනීම බව බුදුහාමුදුරුවො පැහැදිලි කරලා දෙනවා.

    බලන්න සෙන්ටිමීටරයක්වත් ලොකු නැති මදුරුවකුට පුළුවන් අපිව කිසිම ප්‍රශ්නයක් නැතිව අපායට යවවන්න. බලන්න, මේ පුංචි මදුරුවා අපේ ඇඟට දෂ්ට කලාම අපිට දැනෙන වේදනාවට ක්ෂ්ණයෙන් ද්වේශය ඉපදිලා පහරක් එල්ලවෙනවා මදුරුවා මැරෙන්න. අපිට ඌ පුංචි වුනාට ඌටත් තියෙන්නෙ ජීවිතයක් නිසා අපි මේ වෙලේ ජීවිතයක් නැති කරනවා ද්වේශයෙන්. අනිත් පැත්තට හිතලා බලන්න ඒ පුංචි මදුරුවා කෑවම ඌව මරන්න තරම් කේන්තියක් ඇති කරවන්න අපේ ඇඟ කොයිතරම් දර්වලද කියලා. අපි ඌව මරන්නේ ඇඟට සැප දෙන්න. ඒත් ඒකෙන්ම පේනවා අපේ ඇඟ කොයිතරම් දුර්වලද කියලා. එහෙව් ඇඟට අපි කොයිතරම්නම් බැඳෙනවාද? ඒකෙන් නවතින්නේ නෑ නේ. අනුන්ගේ ඇඟවලටත් අපි බැඳෙනවා. ඒවා නොලැබෙද්දි මරා ගන්නවා. තවත් හිතන්න.

    මදුරුවා රූං ගාලා පියඹන් අපේ පැත්තට එද්දි හිත අපට කියලා ඉවරයි ඕකව මරපං කියලා. ඇයි ඒ. අපි සැප හොයන නිසා බයයි මූ කෑවම අපිට වේදනාවක් දැනෙයි කියලා. ඒ කියන්නේ මොකද්ද. කාමයට අපේ තියෙන ගිජු බව. බුදුහාමුදුරුවො මේක තණ්හාව කියලයි හැඳින්වූවේ. ඉතින් මේ තණ්හාව නිසා අපි පව් කර ගන්නවා. ඒ පව් ගෙවන්න ඉපදි ඉපදි සංසාරේ දුවනවා. පිං කලත් මේකම තමයි. පින ගෙවන්න සංසාරේ ඉපදි ඉපදි යනවා. හැබැයි පිනට ඉපදුනාමයි, පවට ඉපදුනාමයි ජීවිතේ මුහුණ දෙන ආකාර දෙකක්. පව් ගෙවද්දි දුක් විඳින්න වෙනවා. උදාහරණයකට කොරු, බීරෝ, අන්ධයො, කන්න බොන්න නැති දුප්පත්තු වෙලා විතරක් නෙමෙයි ප්‍රාණගාතය කරලානම් අඩු වයසෙන් මැරෙනවා. පින් ගෙවන්න ආවම ඒ වගේ තත්ත්වයන් ඇති වෙන්නේ නෑ. ඉතින් මේක නොතේරෙන මිනිස්සු එහෙම වෙන්නෙ දෙවියන්ගේ කැමැත්තටයි කියලා කියනවා. ඒ මිනිස්සුන්ටත් ඉතින්ඒ දෙවියන්ගෙම පිහිටයි. ඇයි අප්පා අන්ධයෙක් වෙලා ඉපදීමම මොන තරම් දුකක්ද. ඔන්න ඉපදෙන හැමෝම අන්ධනම් කමක් නෑ. ඇස් පෙනෙන අය අතරෙ කෙනෙක් අන්ධවීම මන් නම් දකින්නෙ දුකක් විදියට. ඒක දෙවියන්ගේ කැමැත්ත කියලා කෙනෙක් කියනවානම් ඒ දෙවියො තරම් අසාධාරණ දෙවියෙක් තවත් නෑ. ඒ නිසාම පේනවා එවැනි ඉගැන්වීම්වල බොරුව. ඒකයි මන් මුලින්ම කිව්වෙ බුදුහාමුදුරුවො දේශනා කල දේ පැහැදිලියි, සත්‍යයි කියලා.
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    1. පාණාතිපාතා වේරමණී සික්ඛා පදය
    ජීවිතාන්තය තෙක් ඒ රහතන් වහන්සේ පර පණ නැසීමෙන් වෙන්ව, පර පණ නැසීම අතහැර, බහා තැබූ දඩු මුගුරු ඇතිව, බහා තැබූ දැල් උගුල් ආයුධ ඇතිව, පාපයට භය ඇතිව, පාපයට ලැජ්ජා ඇතිව, දයාවට පැමිණ සියලු ලෝ සතුන් කෙරෙහි හිතානුකම්පීයව වාසය කරන්නේය.

    උන්වහන්සේ අනුගමනය කරන මමද පර පණ නැසීමෙන් වෙන්ව, පර පණ නැසීම අත හැර, බහා තැබූ දඩු මුගුරු ඇතිව, බහා තැබූ දැල් උගුල් ආයුධ ඇතිව, පාපයට භය ඇතිව, පාපයට ලැජ්ජා ඇතිව, දයාවට පැමිණ සියලු ලෝ සතුන් කෙරෙහි හිතානුකම්පීව වාසය කරමි. මේ රැයත් දහවලත්, රෑ දහවලත් උන්වහන්සේ අනුගමනය කරමි.
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    2. අදින්නාදානා වේරමණී සික්ඛා පදය
    ජීවිතාන්තය තෙක් ඒ රහතන් වහන්සේ නොදුන් දේ ගැන්මෙන් වෙන්ව, නුදුන් දේ ගැන්ම අත හැර දෙන දෙයක්ම ගන්නේ, දුන් දෙයම බලාපොරොත්තු ඇතිව පිරිසිදු ආත්ම පරිහරණයෙන් යුතුව වාසය කරන්නේය.

    මමද මේ රැයත්, දහවලත් මේ රැය දහවලත් නොදුන් දේ ගැන්මෙන් වෙන්ව, නුදුන් දේ ගැන්ම අත හැර දෙන දෙයක්ම ගන්නේ, දුන් දෙයම බලාපොරොත්තු ඇතිව පිරිසිදු ආත්ම පරිහරණයෙන් යුතුව වාසය කරමි.
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    3. අබ්‍රහ්ම චර්යා වේරමණී සික්ඛා පදය
    ජීවිතාන්තය තෙක් ඒ රහතන් වහන්සේ අබ්‍රහ්ම චර්යාවෙන් වෙන්ව අබ්‍රහ්ම චරියාව අතහැර බ්‍රහ්මචාරී වූයේ නීච වූ ග්‍රාම්‍ය වූ කාම මෛථුන්‍යයෙන් වෙන්ව වාසය කරන්නෙන්ය.

    මමද මේ රැයත් මේ දවාලත්, මේ රැය දවාලත් උන්වහන්සේ අනුගමනය කරමි. අබ්‍රහ්ම චර්යාවෙන් වෙන්ව, අබ්‍රහ්ම චර්යාව අතහැර බ්‍රහ්මචාරී වූයේ නීච වූ ග්‍රාම්‍ය වූ කාම මෛථුන්‍යයෙන් වෙන්ව උතුම් වූ බ්‍රහ්ම චර්යාවෙන් වාසය කරමි. මේ තුන්වෙනි සික්ෂාවෙන්ද උන්වහන්සේ අනුගමනය කරමි.
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    4. මුසාවාදා වේරමණී සික්ඛා පදය
    ජීවිතාන්තය තෙක් ඒ රහතන් වහන්සේ මුසාවාදයෙන් වෙන්ව, මුසාවාදය අතහැර සත්‍යවාදී වූයේ සත්‍යයෙන් සත්‍ය ගලපා කරන කථා ඇතිව සත්‍ය වාදීව වාසය කරන්නේය.


    මමද මේ රැයත් මේ දහවලත්, මේ රැය දහවලත් උන්වහන්සේ අනුගමනය කරමි.මේ මාගේ සතර වන සික්ෂා පදයයි. මෙහිදී ශාසනයෙන් බැහැරව මිස දිටු ගෙන කරන වාද මුසාවාද බවත්, ශාසන සත්‍යයෙහි පිහිටා කරන ශාසනික කථාව සත්‍යවාදය බවත් දත යුතුය. මෙයද ශාසනයෙන් බැහැරව නැති බැවින් මෙය ශාසනය තුලම තිබෙන සිඛාපදයකි.
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    5. සුරාමේරය මජ්ජ පමාදට්ඨාන වේරමණී සික්ඛා පදය
    ජීවිතාන්තය තෙක් ඒ රහතන් වහන්සේ මදයට, ප්‍රමාදයට, අල්ලා ගැනීමට හේතුවන යම් සුරාවක්, මේරයක් ඇද්ද ඉන් තොරව නොමත්ව වාසය කරන්නේය.


    මමද මේ රැයත් දහවලත්, රැය දහවලත් උන්වහන්සේ අනුගමනය කරමි. මදයට, ප්‍රමාදයට, අල්ලා ගැනීමට හේතුවන සුරාවෙන්, මේරයෙන් වෙන්ව නොමත්ව වාසය කරමි. මේ ශික්ෂණයෙන් උන්වහන්සේ අනුගමනය කරමි.
     

    hpalpola

    Well-known member
  • [FONT=&quot]අදින්නාදාන සහ අදින්නාදා වේරමණී. [/FONT]


    [FONT=&quot]මේ තමයි ගිහි ඇත්තන්ට බුදුරජාණන්වහන්සේ විසින් වදාළ පංච ශීලයේ දෙවැනි සිල් පදය. අපි මෙතනදි මේ ගැන කතා කරන්නේ සලෙයියක සූත්‍රය මුල් කර ගනිමින්. [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]අදින්නාදා කියන්නෙන් සරලවම කියන්නේ නොදුන් දේ ගැනීමයි. සලෙයියක සූත්‍රයේ දී මේ විදියට තමයි ඒක විස්තර කෙරෙන්නේ. “යං තං පරස්ස පරිවිත්තුපකරණං ගාමගතං වා අරඤ්ඤගතං වා තං නාදින්නං ථෙය්‍යසංඛතං අදාතා හොති” මේ කොටස සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථයට අනුව සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ “පරා අයත්, එයින් ම පරාසතු, කුටු උපදවන, පිරිකර බඩු ගම්හි තුබුවා වේවයි, අරන්හි තුබුවා වේවයි ඇද්ද, ඒ නුදුන් දැය සෙත්යසංඛ්‍යාත (‍සොරකම් කිරීමේ හිතින්) සොරසිතින් නොගන්නා සුලු වෙයි.” [/FONT]


    [FONT=&quot]මේ කියන බුද්ධ භාෂිත කොටසින් අපිට ප්‍රභලව ගන්න වෙන වචනය තමයි “විත්තුපකරණං” කියන වචනය. මේ වචනය ආකාර දෙකකට අර්ත ගන්වන්න පුළුවන්. එකක් තමයි, මෙතනදි කරුණු දෙකක් පෙන්නුම් කරනවා. ඒ විත්ත සහ උපකරණං. විත්ත කියන වචනය ධනය කියන දේට සමානයි. උපකරණං කියන්නේ උපකරණය. ඉතිං ධනය සහ උපකරණ සොරකම් කිරීමේ චේතනාවෙන් අත්කර ගන්න පුළුවන්. ඒ වගේම ඒ දේවල් ගමේදී වගේම වනාන්තරයේ දී ත් ගන්න පුළුවන්. දෙවැන්න තමයි මේ විත්තුපකරණං යන්නෙන් වටිනා උපකරණ, වැදගත් උපකරණ කියන දේත් අර්ථ ගැන්වීම. ඉතින් වටිනා උපකරණත් ගමේ තිබුනත් කැලේ තිබුනත් සොරකම් කිරීමේ චේතනාවෙන් ගන්න පුළුවන්. මේකට තමයි අදින්නාදානා කිව්වෙ.
    [/FONT]


    [FONT=&quot]බලන්න අග්ගඤ්ඤ සූත්‍රය. එතනදි බුදුහාමුදුරුවො පෙන්නුම් කරනවා කොහොම ද මේ අදත්තාදානය මිනිසුන් අතරෙ භාවිතයට ආවේ කියලා. සරලවම බැලුවම ඒක පටන් ගන්නේ මිනිස්සු කෘෂිකර්මාන්තයට බැස්සට පස්සේ. ඒ අය දඩයමේ යද්දි මෙහෙම දේවල් තිබ්බෙ නෑ, සතා මරලා දැම්මා. කාමය වරදවා හැසිරීමක් ගැන ඒ කාලේ හිතුවෙ නෑ. මේ යහපත් ආචාර ධර්ම මිනිස්සු හඳුනා ගත්තේ කෘෂිකාර්මික ජීවිතයට ඇවිත් ජීවත්වෙන්න පටන් ගත්තම. [/FONT]


    [FONT=&quot]මේ කෘෂිකාර්මික සමාජයේදී ඒ වෙනුවෙන් යොදා ගන්න උපකරණ බොහොම වටින ‍දේවල් විදියටයි සැළකුවෙ. අදටත් ගොවියො මඩේ වැඩ කරලා ඉවර වුනාම උදැල්ල හෝදලා ඒකට බොහොම ගරු කරනවා. ඒ වගේම හේනක් කරන්න කැලේට ගෙනි යන භාණ්ඩ වගේම, ඒ විදියට ඒ මිනිස්සු හදා ගත්ත නොයෙකුත් උපකරණවලටත් මිනිස්සු හරියට ගරු කලා, පරිස්සම් කලා. අදත් එහෙමයි. ඉතින් මේ දේවල් සොරකම් කලාම ඒ අයට තවදුරටත් ගොවිතැන් කටයුතු කර ගන්න බැරි බව අමුතුවෙන් කිව යුතු නැහැනේ. මේ නිසා මානව ශිෂ්ඨාචාරයේ මුල් යුගයේ දී අදත්තාදානය ‍යන්නෙන් අදහස් කලේ මේ දේවල් අර ගැනීම. ක්‍රම ක්‍රමයෙන් මිනිස්සු නොයෙක් දේවල් අයිතිකර ගත්තා. ඒවත් විත්තුපකරණ විදියට හඳුන්වතෑකි. [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]අදත්තාදානයෙන් වැළකීම නා අදතා හෝති විදියට දක්වන්න පුළුවන්. ඒ කියන්නේ නුදුන් දේ නොගැනීම. ඔයාලා දන්නවා බුදු දහමට අනුව ප්‍රධාන මූලධර්ම හතරක් තියෙනවා හැම බෞද්ධ ආචාර ධර්මයක් ම පාලනය කරන. ඒ තමයි අන් අයට හානියක් කිරීමෙන් වැළකීම, නුදුන් දේ නොගැනීම, කාමය වරදවා නොහැසිරීම සහ බොරු කීමෙන් වැළකීම. මේ දේවල් නොයෙක් ආකාරයෙන් නොයෙක් අවස්ථාවලදී බුදුහාමුදුරුවො දේශනා කරලා තියෙනවා. අපි භික්ෂුවක් සම්බන්ධයෙන් බැලුවොත් මේ හතර ආකාර දෙකකට දක්වලා තියෙනවා. එකක් විනය රීති විදියට දැක්වීම. අනෙක භික්ෂු සමූහයා විසින් ආරක්ෂා කළ යුතු දේ විදියට දක්වලා තිබීම. මේ අරුතින් “චත්තාරෝ අකරණීය ධර්ම” විදියට මේවා හැඳින්වෙනවා. බලන්න පාරාජිකා රීති ගැන. භික්ෂුවක් පාරාජිකා රීති කඩ කරන්නේ මිනිහෙක් මැරුවොත්, ගත්තොත් ආණ්ඩුවෙන් දඬුවම් නියම කෙරෙන දෙයක් ලබා ගත්තොත්, භික්ෂුවක් කාන්තාවක් සමග ලිංගික හැසිරීමක යෙදුනොත් සහ තමන්ට ධ්‍යාන සම්පත් ‍තියෙනවා කියලා හරි තමන් රහත්යැයි කියලා හරි තමන්ට නැති ගුණයක් ගැන කියලා අනෙක් අයව නොමග යවනවානම් පාරාජිකා රීතිවල හතරවැනි රීතිය කඩ වෙනවා. බලන්න අර කලින් කියපු මූලධර්ම හතර පාරාජිකා රීති වලිනුත් පෙන්නුම් කරලා දෙන හැටි. මේ අනුව නොයෙක් පදනම් මේ තුළ තියෙනවා. ඒත් වඩාත්ම වැදගත් පදනම තමයි මන් දකින්නේ අර අකරණීය ධම්මා කියලා හඳුන්වන හැඳින්වීම. ඒවා කිසිසේත්ම කඩ කළ යුතු නෑ. ඒවා ආරක්ෂා කළ යුතුයි. ඒ තුළින් තමයි ගිහි පින්වතුනට මේ දෙවැනි සිල්පදය අර්ථ දක්වන්න වෙන්නේ. භික්ෂූන් සඳහා නොයෙක් පදනම් වලින් කෙරෙන අර්ථයන් තියෙනවා. [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ඔව්, මිනිස්සු අදින්නාදානයෙන් ආකාර තුනකින් වැළකිය යුතුයි. ඒ කොහොම ද කියනවානම්, 1. අදින්නම් පරිවාජෙයිය - නුදුන් දෙයක් නොගත යුතුයි. 2. නා හරායෙ - නුදුන් දේ අර ගන්න කිසිවෙක්ව කිසිවකු විසින් නොපෙළඹිය යුතුයි. 3. හාරතම් නානුජන්ඤා - සමාජයේ සිදුවන නොයෙක් ආකාරයේ සොරකම් වලට අපේ කැමැත්ත අපි නොදී ඉන්න අවශ්‍යයි. (ඒ කියන්නේ හොරට කිරීම, මාරු සල්ලි වලින් දෙන ගේම්, කළු කඩ කාරයින්ගේ ගේම්, අල්ලස්, දූෂණය, සොරකම, මං කොල්ලකෑම වගේ එකී මෙකී නොකී සොරකට වැටෙන සියළු දේ) ඇත්තටම මිනිස්සු දන්නෙ නෑ මේ දේවල් දැක දැක නිහඬව ඉඳීමෙන් දෙවැනි සිල්පදය කඩා ගන්න බව. [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]කොහොමවුනත් මේ දේවල් පුහුණු වෙන්න අපිට ටිකක් අමාරුයි. බුදුහාමුදුරුවො දේශනා කරන්නේ එක පාර සේරම කරන්න යන්නේ නැති ව ක්‍රමානුකූලව එකින්‍ එකට ගමන් කරන්න කියලා. නුදුන් දේ ගැනීමෙන් හැම විදියකින්ම වැළකිය යුතුයි. ඒකට එක එක හේතු දාලා නෑ නෑ එකට අයිතිකාරයෙක් නෑ. එහෙම නැත්නම් එයාගෙ නෙමෙයි එක් වගේ දේවල් කියලා වැඩක් නෑ. තමන්ගේ නෙමෙයිනම් ගන්න එපා, එච්චරයි. ඔබට අයත් නැති දෙයක් තියෙනවානම් ඒක අයිති වෙන කෙනෙක්ට. අවම වශයෙන් ලංකාවේනම් අයිතිකාරයෙක් නැති හැම දේම අයිති රජයට. ඒ වගේම බුදුහාමුදුරුවො දේශනා කරනවා තමන්ට නුදුන් දේ කොහෙන්වත් ගන්න එපා (කිංචි ක්වචි) කියලා. මේ තමයි ප්‍රඥාවත් ශ්‍රාවකයාගේ ජීවිතය ගෙවන ආකාරය. අහලා ඇතිනේ අර කැලේකට ගිහින් අතරමං වුන මනුෂ්‍යයායි ඔහුට හම්බවුන ඉඳිකට්ටෙයි කතාව. [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]අදින්නාදාන කියන වචනයෙන් භෞතික දේවල් ගැනීමම පමණක් අදහස් වෙන්නේ නෑ. අපිට නොපෙනෙන හුඟක් දේ මේ දෙවැනි සිල්පදයෙන් ආවරණය වෙනවා. උදාහරණයකට ඔබට පුළුවන් අනිකකුගේ කාලය හොරකම් කරන්න. ඒ විතරක්ද තව කෙනෙක් දෙන සේවය හොරකම් කරන්න පුළුවන්. මේ හැම දේම අදින්නාදානය. දීඝ නිකායේ සීලක්ඛන්ධ වග්ගයෙ 13 වන සූත්‍රයේ ආකාර 3 ක සොරකම් සාකච්ඡාවට භාජනය වෙනවා. [/FONT]

    1. [FONT=&quot]කෙනෙකුට තරාදිය මාර්ගයෙන් සොරකම් කළෑකි (තුලාකූඨ). [/FONT]
    2. [FONT=&quot]මැනීමෙන් සොරකම් කළෑකි (මානකූඨ)[/FONT]
    3. [FONT=&quot]වෙළඳාමේදී භාවිතාවන කාසි වලින් (කම්සකූඨ) [/FONT]
    [FONT=&quot]බුදුහාමුදුරුවන්ගේ කාලේ ගම්වල උන්න මිනිස්සු මේ තරාදිවලින් කරන වැඩ ගැන ඒ තරම් උනන්දුවුනා හිතන්න බෑ. ඉතින් කිරීමෙන්, මැනීමෙන් කෙරෙන සොරකම් ගැන ඒ කාලේ මිනිස්සුන්ට ඒ තරම් දැනුමක් නොතියෙන්න ඇති. මෙච්චර උගත් මිනිස්සු ඉන්න අද කාලෙත් ඔය රිදී, රත්තරං වගේ දේවලින් අපිව කොයිතරම්නම් රවට්ටනවාද? ඉතින් මිනිස්සුන්ව හරිම ලේසියෙන් මුලා කරන්න පුළුවන්. සමාජයේ ඉන්න මිනිස්සු මේ තුන්විදියෙන් මුලාවට ලක්වෙනවා කියලා බුදුහාමුදුරුවො දේශනා කරනවා. කෙනෙක්ට දෙවැනි සිල්පදය ආරක්ෂා කරන්න වෙනවානම් ඒ දේවලිනුත් වළකින්න වෙනවා. [/FONT]

    [FONT=&quot]

    [/FONT]
     

    hpalpola

    Well-known member

  • [FONT=&quot]කාමේසු මිච්ඡාඡාරා සහ කාමේසු මිච්ඡාඡාරා වේරමණී.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]දැන් අපි කථා කරන්නේ අපේ සමාජයේ නොසෑහෙන්න කථා කරන මාතෘකාවක් ගැන. කාමේසු මිච්ඡාඡාරා නැත්නම් කාමය වරදවා හැසිරීම. අද සමාජයේ, ලංකාවේ විතරක් නෙමෙයි ලෝකය පුරාම මේ තත්ත්වය ගැන කතා කෙරෙනවා. ඉතින් අපිත් ටිකක් කතා කරමු.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]කාමේසු කියන වචනය, වචනාර්ථයෙන් ගත්තම බහු අර්ථයි. මෙනිසා පංචේන්ද්‍රිය පිනවීම කියන වැරදි අදහසකිනුත් මේ වචනය යොදා ගන්නවා. නමුත් ඒක එහෙම නෙමෙයි. පංචකාමගුණ (පංචේන්ද්‍රියෙන් ලබන සතුටේ ගුණ) කියලා පොත්වල සඳහන්වෙන දේ කාමේසු මිච්ඡාඡාරා ගැන කතා කරද්දි‍ යෙදෙන්නේ නෑ. බුදුහාමුදුරුවොම කාමේසු මිච්ඡාඡාරා යන්නට යොදා ගත්ත වෙනස් වචනයක් තියෙනවා පරදාරගමන කියලා. ඉතින් මෙනිසාම පේනවා පංචේන්ද්‍රිය පිනවීම එක්ක කාමේසු මිච්ඡාඡාරාවේ සම්බන්ධයක් නෑ කියලා. ‍[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]නිදසුනක් විදියට සිඟාලෝවාද සූත්‍රයේ දී බුදුහාමුදුරුවො දේශනා කරනවා චත්තාරො කාම ක්ලේශ විදියට හැඳින්වෙන වැරදි හැසිරීම් හතරක් තියෙන බව. ඒවා පානාතිපාතා, අදින්නාදානා, කාමේසු මිච්ඡාඡාරා සහ මුසාවාදා විදියට හඳුන්වනවා. ඉන්පස්සෙ බුදුහාමුදුරුවොම ඒවා පරිවර්තනය කරලා දෙනවා. ඒ පරිවර්තනයෙදි කාමේසු මිච්ඡාඡාරා, පරදාරගමන විදියයට පරිවර්තනය වෙනවා. මෙනිසා කාමේසු මිච්ඡාඡාරා සහ පරදාරගමන කියන වචන සමානයි. ධම්මපදයෙ මල වග්ගයෙදි සිල්පද විදියට හඳුන්වන්නෙත් පානාතිපාතා, අදින්නාදාන, පරදාරගමන, මුසාවාදා සහ සුරා මේරය. මේ විදියට කාමේසු මිච්ඡාඡාරා වචනය පරදාරගමන කියන වචනයෙන් දක්වනවා.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]දැන් ඇතිවෙන ප්‍රශ්නය තමයි මුලින් කිව්වා වගේ කාමේසු කියන වචනය බහු අර්ථ වචනයක් නිසා ඇයි පරදාරගමන කියන වචනය එක්ක සමානව දැක්වූවේ කියලා. මේ ප්‍රශ්නයට විසඳුම සලෙයියක සූත්‍රයේ දී කාමේසු මිච්ඡාඡාරා යන්නට දෙන අර්ථය තුළින් ලබා ගන්න පුළුවන්. මේ සූත්‍රයෙදි පෙන්වනවා නොයෙක් තත්ත්වයේ කාන්තාවෝ ඉන්න බව. සමහරුන්ව අම්මා බලා ගන්නවා. සමහරුන්ව තාත්තා බලා ගන්නවා. සමහරුන්ව දෙමව්පියො බලා ගන්නවා. සමහරුන්ව සහෝදරයා බලා ගන්නවා. සමහරුන්ව සහෝදරිය විසින් බලා ගන්නවා. සමහරුන්ව නෑදෑයො බලා ගන්නවා. සමහරුන්ව සැමියා විසින් බලා ගන්නවා. සමහරුන්ව සමාජයේ පිළිගත්ත සම්ප්‍රදායන් විසින් ආරක්ෂා කරනවා. මේ වගේ. ඒ වගේම බුදුහාමුදුරුවො පෙන්වනවා නොයෙක් සමාජයන්වල පිරිමින් විසින් කාන්තාවන් ආරක්ෂා කිරීම සඳහා නොයෙක් ක්‍රමවේද අනුගමනය කරන බව. ඒ තුළ පෙන්වනවා සමහර කාන්තාවන් නොයෙක් ඇඳුම් අඳින බව ආරක්ෂාවට. මුස්ලිම් සමාජයේ කාන්තාවන් මේ වගේ ඇඳුම් වලින් ආරක්ෂාව බලාපොරොත්තු වෙනවා. අපිට වැරදිලා තියෙන්නේ අපි වහන්න ඕනා ඒවා ඇරිල්ල බව අමුතුවෙන් කියන්න ඕනා නෑ නේ. ඉතින් තුන්වන සිල් පදය ගැන විස්තර කරද්දි ඒ තුළට වැටෙන කාන්තාවන්ව මේ ආකාරයට දැක්වෙනවා.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]බුදුහාමුදුරුවො දේශනා කරනවා මේ කියපු කිසිම කාන්තාවක් ලඟට පිරිමි යා නොයුතු බව. අතීතයේ ඉඳන්ම සාමාන්‍ය සමාජයේ භාවිතාවක් තියෙනවා කසාද බැඳපු කාන්තාවක් ලඟට වෙන මිනිස්සු යන්නෙ නෑ කියලා. හැබැයි මේක සමාජ භාවිතාවක් මිස බුදු දහමෙන් ඉගැන්වෙන දෙයක් නොවේ. කාන්තාව නොයෙකුත් පුද්ගලයන් විසින්, සමාජය විසින්, පිළිගත් මූලධර්ම සහ පිළිගැනීම් විසින් ආරක්ෂා කෙරෙනවා. මේ නිසා පිරිමියෙක්ට හැකියාවක් නෑ සමාජයේ ඉන්න කිසිම කාන්තාවක් ලඟට යන්න. හැම දෙනාම ආරක්ෂිතයි. මේ බව පෙන්වන්නයි බුදුහාමුදුරුවො කාමේසු කියන වචනය භාවිතා කරන්නෙ. කසාද බැඳපු කාන්තාව ලඟට යන එක විතරක් නෙමෙයි මේ තුළ වැළැක්වන්නේ. හැම ආකාරයකම කාන්තාවක් ලඟට යාම ම මෙයින් වැළැක්වෙනවා.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]කාන්තාවක් ආකාර දෙකකට ලං කර ගත හැකියි. ඒ ආදරයෙන් සහ කපටිකමෙන්. බුදුදහමෙදි මේ දෙකම හෙළාදකිනවා. කිසිම කාන්තාවක් ලඟට බලහත්කාරයෙන් යන්න එපා. ඒ වගේම තවකෙනෙක්ට අයිති කෙනෙක් ලඟට ඇගේ ආදරය දිනා ගෙන යන්නත් එපා. මෙයයි තුන්වන සිල් පදයෙන් දැක්වෙන අර්ථය. මේ සිල්පදය බුදු දහමෙන් සමාජයට ලබා දුන්න ප්‍රභල බලපෑමක් විදියට හඳුන්වන්න පුළුවන්. මොකද බුදුහාමුදුරුවන්ගේ කාලයෙදිත් ඊට කලිනුත් සමාජවල බහුභාර්යා සේවනය පිළිගෙන පැවතුන නිසා. අදත් සමහර සමාජ ක්‍රම වල ඒ තත්ත්වය පවතිනවා. හින්දු දහමට අනුව බමුණකුට බිරින්දෑවන් හයකුත්, ක්ෂත්‍රියන්ට බිරින්දෑවන් හතරකුත්, වෛශ්‍යයන්ට බිරින්දෑවන් දෙකකුත්, ශුද්‍රයන්ට එක බිරිඳකුත් තියා ගැනීමට ඉඩ ඇති බව දැක්වුවා. කොන්ෆියුසස් ධර්මයට අනුව මිනිහෙකුට බිරින්දෑවන් නමයක් තියා ගන්න පුළුවන්. ක්‍රිස්තියානි දහම ඒකභාර්යා සංකල්පය පිළිගත්තත් බුදු දහමට පස්සෙ ආපු ධර්මයක් නිසා අපිට මෙතනදි ඒ ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. ඉතින් බුදු දහමට පෙර තිබුන හැම දහමකම බහුභාර්යා සේවනය පිළිගෙන තිබුන බව අවිවාදයෙන් පිළිගත හැකියි.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]තුන්වන සිල් පදයෙදි පෙන්වන්නේ මිනිහෙකුට ඉන්න පුළුවන් එක කාන්තාවක් පමණක් බවයි. ඔහු තමන්ගේ බිරිඳ අතහැරලා වෙනත් කාන්තාවක් ලඟට යනවානම් ඒක පරදාරගමන (අනුන්ට අයත් කාන්තාවක් කරා යාම) ලෙසින් සැළකෙනවා. තමන්ගේ ගිහි උපාසකයින්ට බුදුහාමුදුරුවො විසින් හින්දු දහමින් අනුදැනපු බහුභාර්යා සේවනය පිළිපැදීමෙන් වැළැක්වීමට කටයුතු කලා. මේ ඒකභාර්යා තත්ත්වය බුදු දහමෙ නොයකුත් තැන්වලදි පෙන්නුම් කරනවා. තුන්වන සිල්පදයෙදි පෙන්නුම් කරන ප්‍රධාන කරුණු දෙකක් තියෙනවා. එක, පිරිමියෙකුට සිටිය හැක්කෙ එක කාන්තාවක් පමණක් බව. අනෙක තමයි විවාහයට පෙර වන ලිංගික සබඳකම් නොපිළිගැනීම. ලිවින්ග් ටුගෙදර් කියන අද ලංකාවේ සාකච්ඡා කරන සංකල්පයත් මේ නිසා කාමේසු මිච්ඡාඡාරා තුළින් ආවරණය වන බව පෙනී යනවා ඇති.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]තවත් වැදගත් කරුණක් තියෙනවා. අදත් නොයෙකුත් සමාජයන්වල පිරිමි ලිංගික කාර්යයේ යෙදීම සම්බන්ධයෙන් එතරම් තද තත්ත්වයක් පෙන්නුම් නොකිරීම දකින්න පුළුවන්. ඒ අය කසාද බැඳලා ඉඳියත් වෙනත් කාන්තාවො එක්ක සම්බන්ධතා තියා ගැනීමට ඉඩ ප්‍රස්ථා තියෙනවා. කාන්තාව තමයි පිරිමියාටම බැඳිලා ඉන්න ඕනා. අවාසනාවට සිංහල බෞද්ධයැයි කියා ගන්න මේ සමාජයෙත් ඔය තත්ත්වය ඔහොමමයි. පිරිමින්ට තියෙන සමහරක් රස්සාවල්වල හැටියට වැඩි කාලයක් තමන්ගේ බිරිඳගෙන් වෙන් වෙලා ඉන්න සිද්ධ වෙනවා. ඉතින් එවැනි අවස්ථාවල ඔවුන්ගේ ලිංගික අවශ්‍යතා සංතර්පණය කර ගැනීමට නොයකුත් ක්‍රමවේදයන් සකස් වෙනවා. නමුත් බුදු දහම මේ ක්‍රමවේදයටත් විරුද්ධ බව සිහි තබා ගන්න. බුදු දහමට අනුව ආචාර ධර්ම, ලිංග භේදය අනුව වෙනස් වෙන්නේ නෑ. ඒවා පිරිමින්ටත්, එකයි කාන්තාවන්ටත් එකයි. කාන්තාවක් විසිනුත් මේ කියන විදියටම පරදාරගමන කළ හැකියි. මේ තුන්වන සිල් පදයෙදි දෙදෙනාම එක සමයි.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]බෞද්ධ දේශනා වලදි විවාහය සහ එහි පැවැත්ම, සැමියා සහ බිරිඳගේ වගකීම්/යුතුකම්, දරුවන් සහ මවගේ බැඳීම් ආදිය ගැන කතා වෙන්නේ ඒකභාර්යා සංකල්පයේ සිට. දැන්, විවාහය පිළිබඳව බලනවානම් පාලි දේශනා වලදි වචන දෙකක් කියවෙනවා, අවාහ සහ විවාහ ලෙස. බුදුහාමුදුරුවො දේශනා කරනවා කිසිම භික්ෂුවක් මේ කියන දේ වල නොයෙදෙන්න කියලා. මේ වචන ‍ගැන දැනගන්න ඕන කෙනෙක් ඉන්නවානම් මජ්ජිම නිකායේ සේල සූත්‍රය ටිකක් බලන්න.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]නොයෙකුත් පාලි සූත්‍රයන්වල මේ වචන දෙක දකින්න පුළුවන්. අවාහ කියන්නේ කාන්තාවක් ලබා ගැනීම (ඉත්ති ගහනම්[/FONT][FONT=&quot];[/FONT][FONT=&quot] කන්‍යා ගහනම්) විවාහ කියන්නේ වෙනත් පුද්ගලයකුට කාන්තාවක් දීම (ඉත්ති දානම්). මේ ඉත්ති ගහනම් සහ ඉත්ති දානම් කියන වචන දෙක හුඟක් වැදගත්. මොකද මෙතනදි ඉත්තියො කියන්නේ නැහැ. එක කාන්තාවයි අදහස් කෙරෙන්නේ. ඒ වගේම මෙතනින් පේන අනිත් දේ තමයි අවාහ විවාහ කියන දේ කාන්තාව මුල් කර ගෙන පවතින්නක් මිස පිරිමියා මුල් කර ගෙන පවතින්නක් නොවන බව. මොකද මේ වචන වලදි කතා කරන්නේ කාන්තාව ගැන විතරයි. විවාහය ඇති කිරීමේ දී කාන්තාවට වඩාත් වැදගත් ස්ථානය දී ඇති බව මෙයින් පැහැදිලියි.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඉතින් කාමේසු මිච්ඡාඡාරා ගැන අපිට කතා කරන්න පුළුවන්. අද සමාජයේ ඇති වෙලා තියෙන විශේෂයෙන්ම මිනිස්සුන්ට, ගැහැණුන්ට ඇති වෙලා තියෙන ප්‍රශ්නවලින් බහුතරයක් මේ බුද්ධ භාෂිතයට පිටින් යාම නිසා ඇති වෙලා තියෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ. අද සමාජයේ මිනී මැරුම් කීයක් නම්, ස්ත්‍රී දූෂණ, බාලාපරාධ වගේ සමාජ විරෝධී ක්‍රියා කීයක් නම් දවසකට අහන්න ලැබෙනවා ද මේ තුළ පදනම් වෙලා. එක අතකින් සමාජ ව්‍යසනයක් වගේම අනිත් අතින් පුද්ගල වශයෙන් පුද්ගලයා ව්‍යසනයට පත් කරන්නත් මේ තත්ත්වය හේතු පාදක වන බව අමුතුවෙන් කිව යුතු නැහැ.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]බුදුන් වදාලේ බ්‍රහ්මචර්යාවේ යෙදෙන ලෙස. නමුත් මිනිස් සිතේ පවතින මේ ක්ලේශයන් නිසාවෙන් ඉතාමත් සුළු පිරිසකට පමනක් බ්‍රහ්මචර්යාවේ යෙදිය හැකි බව බුදුහාමුදුරුවො දැක්කා. එනිසා උන්වහන්සේ ගිහියන්ට නිත්‍ය ශීලය ගැන දේශනා කරද්දි කාමය නොවරදවා හැසිරෙන්න යෝජනා කළා. ඒ අවම වශයෙන් මෙතුළින් හෝ මනුෂ්‍යයා ප්‍රමාදයෙන් වැළකේවි ය යන විශ්වාසයෙන්. ඉතින් ඒ විශ්වාසය මල් පල ගන්වමින් බොහෝ පවුල් බුද්ධ කාලයේ පටන් පංච ශීලයේ යෙදී, කාම මිච්ඡාඡාරයෙන් වැළකී තම ජීවිත සාර්ථක කර ගත් බවට නිදසුන් නොයෙක් ආකාරයෙන් අපිට අද දක්වාමත් අහන්න ලැබෙනවා. ඒ වගේම කාම මිච්ඡාඡාරයේ හැසිරෙන පුද්ගලයන් විඳින දුක් ගැහැට ගැන අපිට අදත් අහන්න ලැබෙනවා. මෙනිසා පිරිමි එක කාන්තාවකගෙනුත් කාන්තාවක් එක පිරිමියකගෙනුත් සෑහීමට පත්ව වසන්නේනම් මැනවි ලෙසින් අවසන් වශයෙන් දක්වන්න පුළුවන්. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]

    [/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot] [/FONT]

     

    hpalpola

    Well-known member

  • [FONT=&quot]මුසාවාදා සහ මුසාවාදා වේරමණි
    [/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]වරක බුදුහාමුදුරුවො දේශනා කරනවා තමන් වහන්සේ සංසාරේ පුරාවට නොකළ එකම පාපය බොරු කීම බව. එනිසාවෙන්ම උන්වහන්සේ දේශනා කරන එක වචනයක් වුනත් සත්‍ය බවට පිළිගන්නවා. අපි කතා කරමු මුසාවාදා ගැන.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]පාලියෙන් මුසා කියන වචනයෙ විරුද්ධ පදය තමයි සච්ච.‍ බලන්න සච්ච කියන වචනයෙ විරුද්ධ පදය අසච්ච නෙමෙයි, මුසා. මුසා කියන වචනයෙ තේරුම තමයි පැටිලිලි සහගත බව. සංස්කෘත භාෂාවෙන් සච්ච කියන පදයේ විරුද්ධ පදය අසච්ච වුනත් පාලියෙදි අසච්ච කියලා වචනයක් නෑ. මහාචාර්ය කලුපහන කියන විදියට සච්ච කියන පදයෙ සෘජු විරුද්ධ පදය මුසා නෙමෙයි ‘කලි’ නැත්නම් වරද. මේ ගැන හොයන අනිත් අය සැලකිල්ලට නොගන්න අංගුත්තර නිකායේ සඳහනකින් විතරයි ඔහු එය තහවුරු කරන්නෙ. ඒ අනුව බැලුවම පාලියෙන් මේ කරුණ ගැන වචන තුනකින් සඳහන් වෙනවා, ඒ කියන්නේ සච්ච, මුසා සහ කලි.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මුසාවාදා වේරමණී[/FONT][FONT=&quot] කියන වචනයේ අර්ථ ‍දෙකක් තියෙනවා. සලෙයියක සූත්‍රයෙ එක අර්ථයක් තියෙනවා. එතනදි මොකක්ද අසත්‍ය කියලා විස්තර කරලා අවසානයේ අසත්‍යයෙන් වැළකීම විදියට එය අර්ථ දක්වනවා. මේ සූත්‍රයට අනුව පහත කියන තැන් පහෙන් එකකදි අසත්‍ය කියන්න පුළුවන්.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    1. [FONT=&quot]සභා - රැස්වීමකදී [/FONT][FONT=&quot][/FONT]
    2. [FONT=&quot]පරිසා - හමුවක දී [/FONT][FONT=&quot][/FONT]
    3. [FONT=&quot]පුග - යම් මනුස්ස කුලයක හමුවක දී (ඒ කියන්නේ වඩුවො වගේ, බුදුහාමුදුරුවන්ගේ කාලේ කුල 18 ක් තිබුන බව සඳහන් වෙනවා.)[/FONT][FONT=&quot][/FONT]
    4. [FONT=&quot]ඥාතිකුල - ඥාතීන් අතරෙ [/FONT][FONT=&quot][/FONT]
    5. [FONT=&quot]රාජකුල - අධිකරණයේ දී
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මේ හැම ස්ථානයකම මිනිස්සු රැස් වෙන බව පැහැදිලි. අසත්‍ය කියන්නේ මෙයින් එකදු හෝ තැනකදි කියන දෙයක්. සරලවම කියනවානම් සලෙයියක සූත්‍රයට අනුව බොරු සාක්ෂි දීම අසත්‍ය. ක්‍රිස්තියානි ධර්මයට අනුවත් බොරු සාක්ෂි දීම වරදක් විදියට. දස පනතේ මේ ගැන සඳහන් වෙනවා. කෙනෙක්ට පුළුවන් මිනිහෙක්ව කලින් කියපු තැන් පහෙන් එකකට ගෙනැවිත් තමන්ට ඇහුනෙ මෙහෙමයි, දැක්කෙ මෙහෙමයි කියලා බොරු සාක්ෂි දෙන්න (සාක්කිපුත්තො ඔභිනිතො) ඉල්ලන්න. මේ විදියට තමන් නොදැක්ක, නොඅහපු දෙයක් ගැන කෙනෙක් කියනවානම් අන්න ඒක මුසාවාද විදියට හැඳින්වෙනවා. මේ අනුව බලද්දි මුසාවාද කියන්නේ යම් තැනකදි මිනිස්සු බොරු සාක්ෂි දීම.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]බොරු සාක්ෂි දීමෙන් වැළකීම ඇත්ත (සච්ච). ඒ කියන්නේ මුසාවාදා වේරමණී. ඇත්ත කියන්නෙ, කලින් කියපු තැන්වලින් එකකට එන පුද්ගලයෙක් තමන් දැක්ක දේ, තමන්ට ඇහුන දේ ගැන විතරක් කතා කරනවා නම්. සලෙයියක සූත්‍රයට අනුව මනුස්‍සයෙක් බොරු සාක්ෂි දෙන්නේ පහත හේතු වලින් එකක් නිසා.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    1. [FONT=&quot]අත්තහේතු - තමන්ට ලැබෙන වාසියකට [/FONT][FONT=&quot][/FONT]
    2. [FONT=&quot]පරහේතු - අන්යන්ට ලැබෙන වාසියකට [/FONT][FONT=&quot][/FONT]
    3. [FONT=&quot]ආමිසකිචික්කහේතු - භෞතික දෙයක් ලැබීම නිසාවෙන්
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මේ කියන හේතු තුනෙන් එකක් නිසා කලින් කියපු තැන් වලින් එක් තැනකට ගේන පුද්ගලයකු විසින් අසත්‍ය සාක්ෂි දෙනවානම් ඒක මුසාවාදා විදියටත් ඇත්ත කියනවානම් ඒක සච්ච කියලත් හැඳින්වෙනවා.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]සුත්තනිපාතයේ ධම්මික සූත්‍රයට අනුව තවත් අර්ථ නිරූපනයක් ගන්න පුළුවන් මුසාවාදා ගැන. මේ සූත්‍රයෙදි සඳහන් කරන්නේ ස්ථාන දෙකයි. ඒ කියන්නේ සභා සහ පරිසා. මේ කියන ස්ථාන දෙකේ දි කෙනෙක් තවකෙනකුට බොරු නොකියන්න කියලා දේශනා කෙරෙනවා. අපි කියන බොරුව අහන්න තවකෙනෙක් ඉන්න ඕනා. එහෙම නැත්නම් ඒක අසත්‍යයක් වෙන්නෙ නෑ. අපි කියන දේවල් අසත්‍ය වෙන්නේ තව කෙනෙක් ඒවා අහනවානම්. අනිත් අතට කියනවානම් අසත්‍ය තනිවම කියන්න බැහැ.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ධම්මික සූත්‍රයෙ තියෙන මේ අර්ථයට අනුව අසත්‍ය සම්බන්ධයෙන් දකින්න පුළුවන් පැතිකඩ තුනක් තියෙනවා.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    1. [FONT=&quot]නා මුසා භානෙයිය - කෙනෙක් අසත්‍ය නොකිවයුතුයි. [/FONT][FONT=&quot][/FONT]
    2. [FONT=&quot]නා භානයෙ - අනිකකුට අසත්‍ය කියන්න නොපෙළඹවීම [/FONT][FONT=&quot][/FONT]
    3. [FONT=&quot]භානතම් නානජඤඤා - වෙනත් අය අසත්‍ය කියද්දි අපි ඒවාට අපේ අනුමැතිය ලබා නොදී, අපි ඒවට විරුද්ධ වෙන්න ඕනා.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මේ කරුණු තුනම සංයුක්ත වෙද්දි තමයි සත්‍යයක් වෙන්නෙ.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මේ සූත්‍රයේ දී කියනවා අසත්‍ය වළක්වන්න හැම අසත්‍යයක්ම වැළැක්විය යුතු යි (සභම් අභූතම් පරිවජජෙයිය) කියලා. අභූත කියන්නෙ අසත්‍ය. අභූතයෙන් වැළකීම සච්ච, ඒ කියන්නෙ භූත. එනිසා සූත්‍රයට අනුව හැම අභූතයක්ම වැළැක්වූවොත් තමයි සත්‍යය වෙන්නේ. මෙතනින් භූත කියන්නෙ මේ වන විටත් සිදුවුන දෙයක්. අභූත කියන්නේ මෙතෙක් සිදු ‍නොවුන කියන එක. අනිත් අතට මෙතනදි භූත කියන්නේ අපි දැනටමත් දන්න දෙයක්, අභූත කියන්නේ සිදු නොවීම නිසා නොදන්න දෙයක්. එහෙම බැලුවම අභූත කියන්නෙ මනසෙ ඇ‍ඳෙන හිතලුවක් ‍වගේ දෙයක්. මේ විදියට ගත්තම ධම්මික සූත්‍රයට අනුව අසත්‍ය මනසේ ඇ‍ඳෙන දෙයකින් හට ගන්නවා. සත්‍ය අපේ අත්දැකීමෙන් හට ගන්නවා. සූත්‍රයට අනුව භූත කියන්නෙ කරුණු. එහෙම බලද්දි ඇත්ත කියන්නෙ කරුණු මුල් වෙච්ච ප්‍රකාශයක්. මේකෙ විරුද්ධ පැත්ත තමයි අභූත කියන්නෙ. මේ භූත කියන වචනය යතා කියන වචනය එක්ක බැඳුනට පස්සෙ තමයි බුද්ධ ධර්මයේදී අපි කතා කරන යථාභූත කියන වචනය නැත්නම් ඇත්ත ඇති සැටියෙන් දැනීම කියන වචනය භාවිතයට එන්නෙ. ඒකම තමයි නිබ්බාන කියලා හඳුන්වන්නෙත්. මෙනිසායි චතුරාර්ය සත්‍යය, සත්‍යය බවට පත් වෙන්නේ.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]බුද්ධ ධර්මය අසත්‍යට ගරහන අතරෙ සත්‍යය උතුම්කොට සළකනවා. එය සත්‍යයෙන් ධර්මයයි. බුදු දහමෙ ප්‍රධානම ඉගැන්වීමක් තමයි චතුරාර්ය සත්‍යය. මෙනිසා අසත්‍යයෙන් වැළකීම බුදු දහමෙදි වඩාත් වැදගත් කොට සළකනවා. ධම්මපදයෙදි පෙන්වනවා බොරු කියන්න පුළුවන් කෙනාට ‍ඕනෑම වරදක් කළ හැකි බව. මේ තත්ත්වය අනිකුත් සිල් පදයන්ට ලබා දි නැහැ.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]සත්‍යය ගැන තවත් විග්‍රහයක් දීග නිකායේ සීලක්ඛන්ධ වග්ගයෙ සූත්‍රවලින් ගන්න පුළුවන්. සෘණාත්මක තත්ත්වයෙන් කියනවා හැම කෙනෙක්ම අසත්‍යයෙන් වැළකිය යුතු බව (මුසාවාදා පතිවිරති හෝති). ධනාත්මක පැත්තෙන් සත්‍යය ගැන කියනවා සච්චවාදී සච්චසන්ධෝ තේටෝ පච්චයිකො අවිසම්බාදකො ලෝකස්ස කියලා. අපි ඇත්ත කථා කළ යුතුයි. අපි ඇත්ත සමගම ගමන් කළ යුතුයි. අපි හැම තිස්සෙම තහවුරු කළ දේ ගැන කතා කළ යුතුයි. අපේ ප්‍රකාශ කරුණු මත පදනම් විය යුතුයි. අපි ලෝකය තුළ ගැටුම් ඇති නොකළ යුතුයි. අපි කතා කරන දෙයින් ලෝක සාමය, සහෝදරත්වය ඇති විය යුතුයි.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]සුත්තනිපාතයේ සුභාසිත සූත්‍රයේ දී බුදුහාමුදුරුවො දේශනා කරනවා වර්ග දෙකක ප්‍රකාශ තියෙන බව. එකක් යහපත් ප්‍රකාශ (සුභාෂිත). අනෙක අයහපත් ප්‍රකාශ (දුබ්භාෂිත). ප්‍රකාශයක් සුභාෂිත වෙන්නේ ඒක කරුණු මත පදනම්ව (ධම්මමේව) ප්‍රියශීලීව(ප්‍රියවචමේව) සහ සත්‍යයවාදී (සච්චමේව) වෙන කොට.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]චූලසච්චක සූත්‍රයෙදි බුදුහාමුදරුවො දේශනා කරනවා ඇත්ත එකයි, දෙවැන්නක් නැති බව (ඒකම් හි සච්චම් නා දුතියම් අත්ති). සත්‍යය ගොඩක් නෑ (නේව සච්චානි බහුනි සන්ති). මේ තත්ත්වය චතුරාර්ය සත්‍යයටත් අදාළයි. චතුරාර්ය සත්‍යය කියන්නේ එකම ඇත්තක අවස්ථා හතරක්. ඒ කියන්නේ ‘දුකේ’.[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]අභයරාජකුමාර සූත්‍රයේ දිත් අපිට සත්‍යය පිළිබඳ විග්‍රහයක් දකින්න පුළුවන්. ඒ අනුව ඇත්ත තච්චම් විදියටත් අසත්‍ය අතච්චම් විදියටත් දක්වනවා. සංස්කෘත වචන වද තත් + ය කියන වචනයෙන් තච්චම් හැදිලා තියෙනවා. ඒ කියන්නෙ යථාර්තය. ඇත්තට කියන තවත් නමක් තමයි යථාර්තය කියන්නෙත්. යථාර්තයේ විරුද්ධ පදය අයථාර්තය කියලා අපිට කියන්න පුළුවන්. මේ දෙකම අප්පිය අමනාප පිය මනාප අනත්තසහිතම් අත්තසහිතම් කියන වාක්‍යයෙන් දක්වන්න පුළුවන්. සත්‍යය තියෙන්න පුළුවන් ප්‍රසන්න නොවෙන (අප්පිය අමනාප) නමුත් අර්ථ සහිත (අත්තසහිතම්). ඒත් බුදුහාමුදුරුවො දේශනා කරන්නේ ඇත්ත කියන්න ඕනා හොඳම අවස්ථාව විදියට ප්‍රසන්න වගේම අරුත්බර අවස්ථාව. බුදුදහම කොයිම වෙලාවකවත් අසත්‍ය ප්‍රයෝජනවත් කියන්නෙ නැහැ. ඒ වගේම හැම වෙලාවෙම අසත්‍ය බොහෝ පිරිසකට ප්‍රසන්න වුනත් අර්ථ විරහිතයි (අනත්තසහිතම්). බුද්ධ ධර්මයට අනුව හොඳ චේතනාවෙන් අසත්‍ය කියන්න හැකියාවක් නැහැ. යමක් අසත්‍යයනම්, ඒක අයහපත් චේතනාවෙන් කළ දෙයක්. හින්දු ධර්මයෙදි සමහර අවස්ථාවලදී අසත්‍ය කියන්න අවස්ථාව සැළසෙනවා වුනත් මොනම හේතුවකටවත් කිසිම අවස්ථාවක දී අසත්‍යයක් කියන්න බුද්ධ ධර්මයෙන්නම් ඉඩක් නැහැ.[/FONT]
     

    hpalpola

    Well-known member
  • [FONT=&quot]සතිමත්බවේ ආශ්චර්යය[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]ආරම්භය
    [/FONT]


    [FONT=&quot][/FONT]
    [FONT=&quot]අපි දැන් කථා කරන්නේ සතිමත්බවේ ඇති ආශ්චර්යය ගැන. ඇත්තටම කෙනෙක්ට හිතා ගන්නවත් බැහැ සතිමත්බව කෙතරම් ආශ්චර්යමත් ද කියලා. හැබැයි සතිමත්බව ඇති කර ගැනීම හරිම සරලයි වගේම එතරම් බරපතල නැහැ. ඔබ කරන්නේ කුමක් ද, කියන්නේ කුමක් ද, හිතන්නෙ කුමක් ද මේ හැම දේකදි ම අවධානයෙන් ඉන්න. ඒ ඇති. වර්තමානයේ ජීවත් වන්න. හිතලා බලන්න. මෙතනදි හිතාමතා කළ යුතු දෙයක් නැහැනේ. තියෙන්නේ වර්තමානයේ ජීවත් වීම පමණයි. ඉතින් මේ සරල දෙයින් ඔබගේ ජීවිතයේ වෙනසක් කර ගන්න පුළුවන්. සමහරක්වෙලාවට සරල දේවල් හරිම ප්‍රතිඵලදායකයි වගේම අපේ ජීවිතය වෙනස් කර ගන්න අපට බොහොම උපකාරී වෙනවා. ඒක හරියට අපේ ඇස් පනාපිටම තියෙන සත්‍යය අපිට පේන්නෙ නැහැ වගේ. ඇයි ඒ නොපෙනෙන්නේ? අපි කොයිවේලාවකවත් හිතන්නෙ නෑ අපේ ජීවිතය වෙනස්කරන සතිමත් බව ඇති කර ගන්න ක්‍රමය ඒ තරම් සරලයි කියලා. අපි බලාපොරොත්තු වෙන්නෙ මහා ලොකු දෙයක්. කලින් කිව්වා වගේ මේකට අවැසි වන්නේ සරලව අවධානයෙන් ඉඳීමයි. බලන්න කොයි තරම්ම සරල ද කියලා.
    [/FONT]


    [FONT=&quot][/FONT]
    [FONT=&quot]සතිමත්බව කියන දේ ඕනෑම වෙලාවක, ඕනෑම තැනකදි භාවිතා කරන්න පුළුවන් දෙයක්. ඒක තමයි ඒකෙ තියෙන විශේෂත්වය. ඔබ කරන ඕනෑම දෙයකදි, ඕනෑම හිතුවිල්ලකදි නැත්නම් කතා කරන වෙලාවකදි මොහොතකට නතරවෙලා සිහිය පිහිටුවා ගන්න හැකියාව තියෙනවා. ඒකයි ඕනෑම වෙලාවකදි, ඕනෑම තැනකදි සිහිය පිහිටුවා ගන්න පුළුවන් කිව්වේ. මේ සතිමත්බවට හුරුවීමෙන් ඔබට පුළුවන් ඔබේ ජීවිතය ශ්‍රේෂ්ඨ ජීවිතයකට පරිවර්තනය කර ගන්න. අතීත ගුරුවරු මේ නිසයි කිව්වෙ ඔබ දෙස බලන්න, එවිට ඔබට පිළිතුරු ලැබේවි කියලා. ඇත්තටම පිළිතුර තියෙන්නෙ අපි තුළම මිසක් අපෙන් පිටත නොවේ.
    [/FONT]


    [FONT=&quot][/FONT]
    [FONT=&quot]හොඳයි ආරම්භයට මේ ඇති. දැන් අපි පළමු පාඩමට යොමු වෙමු.
    [/FONT]


    [FONT=&quot][/FONT]
    [FONT=&quot]මෛත්‍රියෙන් ‘හෙලෝ’ කියන්න.[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]අද සමාජයේ බහුතරයකට ටෙලිෆෝන් තියෙනවා. එයිනුත් බහුතරයකට මොබයිල් ෆෝන් තියෙනවා. සමහරුන්ට නිතරම කෝල් ආවත් සමහරුන්ට නිතරම කෝල් එන්නෙ නෑ. ඉතින් හිතලා බලන්න ඔබටත් ෆෝන් එකක් තියෙනවානම්, හැම තිස්සෙම ඔබ කෝල් එකකට උත්තර දෙන්නෙ එකම විදියට ‘හෙලෝ’ කියලාද කියලා. සමහරක්විට වැදගත්වැඩක් කරමින් ඉද්දි කෝල් එකක් ආවම ඔබට කේන්ති යන්නත් පුළුවන් නේද? සමහරවෙලාවට අපි ‘හෙලෝ’ කියන විදිහ අහන් ඉන්න අනිත් පැත්තෙන් ඉන්න කෙනා අපෙන් අහනවා ඇයි අසනීපයක් ද, නැත්නම් මොකෝ අවුලෙන් වගේ වැනි ප්‍රශ්න. තවත් වෙලාවකට අපි ෆෝන් එකට උත්තර දෙන්නෙ දුවගෙන ගිහිල්ලා. හොඳයි නැද්ද. ඔයාලත් හිතලා බලන්න.
    [/FONT]


    [FONT=&quot][/FONT]
    [FONT=&quot]තවදුරටත් එහෙම වෙන්න එපා. ඇයි උත්සහ නොකරන්නේ ප්‍රයෝජනවත්, අර්ථවත් වගේම අපිට කතා කරන කෙනාටත් අපි ගැන ප්‍රසන්න හැඟීමක් ඇති වෙන විදියට ෆෝන් එකට උත්තර දෙන්න. ඇයි අපි මෙතනදි සතිමත්බවයි, මෛත්‍රියයි පාවිච්චි නොකරන්නේ?
    [/FONT]


    [FONT=&quot][/FONT]
    [FONT=&quot]මේකයි ඔබ කරන්න අවශ්‍ය. මීළඟ වතාවේ ෆෝන්එක රිං වෙද්දි ඒක උස්සන්න කලබල වෙන්න එපා. සැහැල්ලු වෙන්න. සරලව ගන්න. වර්තමානයට පැමිණෙන්න. ටිකක් රිං වුනාට මොකෝ වෙන්නේ. කලබලවීමෙන් ඇති ප්‍රයෝජනය මොකක් ද? අනිත් පැත්තෙ ඉන්න කෙනාටත් ටිකක් වෙලා ඉන්න දෙන්න. සමහරුනම් ‍රිං වෙද්දි ෆෝන් එක උස්සන්නෙ නෑ කියලා කේන්ති ගනී. ඒත් අපිට මොකද? බුදුහාමුදුරුවො නිතරම දේශනා කරන්නෙ අපිට සැහැල්ලු වෙන්න කියලා. බලන්න කොයි තරම් තරහ ගත්ත අය බුදුහාමුදුරුවො මුන ගැහෙන්න ආවද. ඒත් ඒ කිසි කෙනෙක් එක්ක බුදුහාමුදුරුවො පැටලුනේ නෑ නේ. බුදුහාමුදුරුවො සැහැල්ලුවෙන් ඒ හැම කෙනාටම මෛත්‍රියෙන් සහ සිහියෙන් මුහුණ දුන්නා වගේම ඒ අය අවසානයේ බුදුහාමුදුරුවන්ගෙන් වෙන්වෙලා ගියේ තෙරුවන් සරණ ගිය උපාසකයින් බවට පත් වෙලා. එහෙම නැත්නම් මගඵල ලාභීන් බවට පත්වෙලා.
    [/FONT]


    [FONT=&quot][/FONT]
    [FONT=&quot]ෆෝන් එක රිං වෙද්දි ‘ඇහෙනවා’ කියලා ඒ ඇහෙන ශබ්දය ගැන මනසින් දැනීම ඇති කර ගන්න. ඉන්පස්සෙ ලයින් එකේ අනිත් පැත්තෙ ඉන්න කෙනා කවුරුවුනත් ඒ කෙනාගැන මෛත්‍රිය පතුරුවන්න. හිතන්න, මේ කතා කරන කෙනා කවුරුවුනත් ඔහු/ඇය කායික වශයෙන් සුවපත් වෙත්වා, සුවපත් වූ සිත් ඇත්තෙක් වෙත්වා, සුවසේ ආත්මභාවය පරිහාර කරත්වා කියලා. මේ විදියටම නැතත් ඔබට හුරු වචනවලින් මෛත්‍රිය පතුරුවන්න. ඒ තැනැත්තාට යහපත පමණක්ම තියෙන මෛත්‍රී සිතුවිලි පතුරුවන්න. හිතන්න, අනිත් පැත්තෙ ඉන්නකෙනා කවුරු වුනත් ඔබගේ මෛත්‍රී සිතුවිලි වා තලයට මුසුවෙලා ඒ තැනැත්තා දෙසට ගලා ගෙන යන හැටි.
    [/FONT]


    [FONT=&quot][/FONT]
    [FONT=&quot]මේ විදියට අපිට කතා කරන කෙනා ගැන මෛත්‍රී සිතුවිලිවලින් පිරිලා ෆෝන් එකට උත්තර දෙන්න. එතනදි ඔබ ෆෝනයට අත යොමලා අල්ලලා අතට ගෙන කන ලඟට ගැනීම දක්වා හැම දෙයක්ම අවධානයෙන් කරන්න. මුලදි මේක අමාරුයි වගේ පෙනුනට හුරු වෙද්දි ‍ඔබටම දැනේවි කොයිතරම් සරලද කියලා. ඒ වගේම අත ෆෝන් එකේ වදිද්දිත්, ෆෝන් එක කණේ ගෑවෙද්දිත් දැනෙන සංවේදනය ගැන අවධානය යොමු කරන්න.
    [/FONT]


    [FONT=&quot][/FONT]
    [FONT=&quot]ෆෝන් එකට උත්තර දෙද්දි වර්තමානයේ ජීවත් වෙන්න. මනසේ තියෙන අනෙක් හැමදේම පැත්තකට දාන්න. සම්පූර්ණ අවධානය දිය යුතු වෙන්නේ ෆෝන් එකේ අනිත් පැත්තෙ ඉන්න කෙනාට යි. ඇත්තෙන්ම මේක ඔබ ඒ තැනැත්තා වෙනුවෙන් දෙන දානයක් නැත්නම් ත්‍යාගයක්. මොනවද ඔබ දන් දෙන්නෙ? ඔබේ හොඳ සිතුවිලි සහ ඔහු/ඇය වෙනුවෙන් ඔබගේ පූර්ණ අවධානය. ඊට වඩා මොනවද ඔහුට/ඇයට ඔබෙන් බලාපොරොත්තු විය හැක්කේ. බලන්න ඔහු/ඇය කොයිතරම් වාසනාවන්ත ද කියලා.
    [/FONT]


    [FONT=&quot][/FONT]
    [FONT=&quot]සම්පූර්ණයෙන්ම වර්තමානයේ අවධානය යොදමින් ‘හෙලෝ’ කියන්න. ඔබ සාමාන්‍යයෙන් කතා කරන විදියට කතා කරන්න පටන් ගන්න. ‘සුභ උදෑසනක් මොනවද මගෙන් කෙරෙන්න ඕනා...’ හරි ඔය වගේ ඔබ සාමාන්‍යයෙන් කතා කරන විදියට. හැබැයි සම්පූර්ණයෙන්ම ඔබ හා අනිත් පැත්තෙ ඉන්න කෙනා එක්ක කෙරෙන සංවාදයට ‍යොමු වෙන්න. වෙන වෙන දේවල් ගැන නොසිතා. මගෙනුත් සමහරු අහලා තියෙනවා සමහර වෙලාවට ‘මා එක්ක කතා නොකර මොනවද ඔය කරන්නේ’ කියලා. එහෙම වෙන්න එපා. ස්වභාවික විදියටම උත්තර දෙන්න. අවධානයෙන් ඉන්න, ඇහෙන දේ හොඳට අහන්න, ඒත් සන්සුන්ව ඉන්න. ඔබේ හදවතින් ම කතා කරන්න. ඒ වගේම කාරුණිකව, ඉවසිලිවන්තව, විශ්වසනීයව වගේම ඇත්ත කතා කරන්න.
    [/FONT]


    [FONT=&quot][/FONT]
    [FONT=&quot]සමහරක්වෙලාවට අනිත් පැත්තෙ කෙනා කතා කරන දේවලට හෝ අහන දේවලට හරියට උත්තර දෙන්න වචන හොයා ගන්න බැහැ ව‍ගේ දැනුනොත් වැඩිය හිතන්න එපා. ඒක ස්වභාවිකයි. කොහොමද අපි හැම වෙලාවකම කතාවෙදි 100% නිවැරදි වෙන්නෙ. ඔයාව හිර‍වුනොත් ඒ වෙලාවට හොඳට හිතලා ඒ අවස්ථාවට ගැලපෙන හොඳම දේ කියලා හිතෙන බොරුවක් නොවන උත්තරයක් දෙන්න. ඒ ගැන කණගාටුවෙන්න එපා. ඔයා කරන වැරදි වලට අනුන්නට නැතිව තමන්ටම හිනා වෙන්න ඉගෙන ගන්න අද ඉඳන්. විහිළු තහළු ගැන දැනුවත්ව ඉඳීමේ කිසිම වරදක් නැහැ. හිතන්න ඔබ කිව් දෙයක් ගැන යම් අපහසුවක් ඔබට දැනෙනවා කියලා. ඒ ඇත්තටම ඔබ අපහසුවක් විඳිය යුතු දෙයක් නෙමෙයි. ඒ කියන්නෙ ඔබ කතා කළ දේ ගැන ඔබ අවධානයෙන් උන්නා කියන එකයි. සතිමත්බව කියන්නෙ මොන දේ වුනත් සිදු වෙන දේ ගැන අවධානයෙන් ඉඳීමයි. හිතන්න ඔබ කතා කරනවා වේගෙ වැඩියි කියලා ඔබට දැනෙනවා කියලා, හොඳ හුස්මක් අරගෙන වේගය අඩු කරන්න. ඒත් එහෙම කරන්න පුළුවන් වෙන්නෙ ඔබ, ඔබගේ කතා කරන වේගය ගැන සිහියෙන් ඉඳියොත් විතරයි නේද? [/FONT]