අරුත් දනිමින් ජීවත් වෙමු.

hpalpola

Well-known member

  • [FONT=&quot]පහුගිය දවසක මතකය අළුත් කර ගන්න හිතලා මහා පරිනිබ්බාන සූත්‍රය ආපහු කියවන්න හිතුනා. බොහෝ බෞද්ධ පින්වතුන් මේ සූත්‍රය ගැන දැනුවත්. අමුතුවෙන් කිව යුතු නැහැ. බුදුරජාණන්වහන්සේ අවුරුදු 45 ක් විතර කාලයක් අසරණ මිනිස් වර්ගයා වෙනුවෙනුත්, අප වෙනුවෙනුත් තමන්ගේ දිවිය කැප කරලා පරිනිර්වාණයට පත් වීමට වැඩිය ගමනත්, ඒ මහා පරිනිර්වාණයත් මේ සූත්‍රයෙන් විස්තර කෙරෙනවා. ඇත්තටම මේ සූත්‍රය කියවද්දී අපිට හමුවෙන වැදගත් සිදුවීම් කීපයක් ම තියෙනවා. එයින් එකක් තමයි බුදුරජාණන්වහන්සේගේ අවසන් දානය පිරිනමන්න චුන්ද සූකරට අවස්ථාව ලැබීම. අදත් අපි මේ චුන්ද පූජා කලේ මොනවාද කියලා වාද ඇති කරන් දඟලනවා. ඒත් අපේ බුදුරජාණන්වහන්සේ මේ සූත්‍රයෙ දී ඒ ප්‍රශ්නය එදාම නිරාකරණය කරලා අවසන් කරනවා. ඒ වගේම තමයි අපේ බුදුරජාණන්වහන්සේ ජීවමානව සිටිය දී පැවිද්ද ලබා රහත් බවට පත් වුන අවසන් ශ්‍රාවකයාණන් වහන්සේ වන සුභද්‍ර රහතන්වහන්සේ සහ බුදුරජාණන්වහන්සේගේ හමු වීම. අද මේ ලිපියෙන් මන් කතා කරන්න හිතුවෙ මෙන්න මේ හමුවීම ගැන. මොකද මේ හමුවීමේ දී සුභද්‍ර සහ බුදුරජාණන්වහන්සේ අතර ඇති වන සාකච්ඡාව අද අපිට බොහොම වැදගත්.
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]අද බුදු දහමට නොයෙක් ආකාරයේ ප්‍රහාරයන් එල්ල වෙමින් පවතිනවා. විශේෂයෙන්ම භික්ෂු වේශයෙන් ඉඳිමින් ම මේ ධර්මය වනසන පිරිස් අද අපිට දකින්න ලැබෙනවා. අන්‍යාගමිකයන් විසිනුත් ඒ වගේම ‍බුදු දහම නසන්න නොයෙක් ආකාරයේ උපක්‍රම යොදනවා. බොහෝ වෙලාවට අපිට සිද්ධ වෙනවා අන්‍යාගමිකයන් එක්ක අපේ ධර්මය ගැන කතා කරන්න. අවාසනාවට හුඟක් බෞද්ධයන් තවමත් බෞද්ධ ඉගැන්වීම් ගැන හරියට දන්නෙ නෑ. එක අවස්ථාවක දී මට මුණ ගැසුන ක්‍රිස්තියානි භක්තිකයෙක් කියනවා එයාල‍ට අනුව බුද්ධාගම මිථ්‍යාදෘෂ්ටික ආගමක් කියලා. එවේලේ මන් කිව්වා වෙන්න ඇති, මොකද ඔයා අන්‍ය භක්ති‍කයෙක්. ඒත් ඔයා දන්නවා ද බෞද්ධ ඉගැන්වීම් ගැන කියලා. එයා, එයා ඉගෙනගත්ත විදියට ඒ ගැන කිව්වාම මන් අහගෙන ඉඳලා ඇහුවා, හොඳයි ඔයා අහලා තියෙනවා ද මහා පරිනිබ්බාන සූත්‍රය ගැන කියලා. එයා නැහැ කියලා උත්තර දුන්නම මන් මේ ගැන කතා කරලා ඒ සූත්‍රයෙදි බුදුරජාණන්වහන්සේ සුභද්‍ර එක්ක ඇති වුන සංවාදය ගැන මතක් කලා. ඉන්පස්සේ මන් ඇහුවා ම තවමත් ඔයා කියනවාද අපේ බුද්ධ ධර්මය මිථ්‍යා දෘෂ්ටියක් ය කියලා, එයා කියනවා ඕක ඇහුවමනම් එහෙම කියන්න අමාරුයි, ඔය කියපු එකක්වත් ක්‍රිස්තියානි ධර්මයේ නෑ කියලා.
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඉතින් මේ වගේ නිසා මන් දකිනවා මේ සුභද්‍ර එක්ක බුදුරජාණන්වහන්සේ යෙදෙන සංවාදය අපිටත් වැදගත් වෙනවා කියලා. ඊට කළින් අපි සුභද්‍ර කියන්නෙ කව්ද කියලත් ටිකක් දැන ගත්තොත් හොඳයි නේද? ඇත්තටම මට වඩා හොඳට මේ කියවන ඔයාලා සුභද්‍ර ගැන දන්නවා. මේ සුභද්‍ර අයිති වුනේ මහාසාල කියන කුලයට. මහාසාල කුලය එවකට දඹදිව ඉඳිය ධනවත්තු පිරිසක්. මේ සුභද්‍රත් එවකට උන්න බොහෝ තරුණ පිරිස් වගේ සත්‍ය සොයාගෙන යන්න පටන් ගත්තා. ඔහු‍ට ඇති වුන ප්‍රශ්න ගැන එකල උන්න ප්‍රසිද්ධ ගුරුවරුයැයි සැළකෙන අයගෙන් ප්‍රශ්න කලා. ඒත් ඒ කිසි කෙනකුට ඔහුගේ ප්‍රශ්නවලට ඔහුට අවශ්‍ය උත්තරය දෙන්න හැකියාවක් තිබුනෙ නෑ. හැබැයි සුභද්‍ර කිසිම වෙලාවක බුදුරජාණන්වහන්සේ මුණ ගැහිලා තිබුනෙ නෑ. මෙන්න මේ නිසාම තමයි බුදුරජාණන්වහන්සේ ගව් ගාණක් ගෙවාගෙන සුභද්‍ර මුණ ගැහෙන්න වැඩම කළේ. කුසිනාරාවට වැඩමවා සිටි බුදුරජාණන්වහන්සේ ගැන සත්‍ය සොයමින් ඇවිදපු සුභද්‍රට අහන්න ලැබුනා. ඒ වගේම එදා රාත්‍රියෙ දී උන්වහන්සේ පිරිනිවන් පාන්න නියමිත බවත් අහන්න ලැබුනා. ඉතින් සුභද්‍ර ඉක්මණිනන්ම බුදුරජාණන්වහන්සේ මුණ ගැහෙන්න පැමිණුනා. කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයා කල්ප ලක්ෂයක් ති‍ස්සේ පාරමිතා සම්පූර්ණ කරනු ලැබුවේ බුද්ධ ශාසනයක ප්‍රථම ශ්‍රාවකයන් බවට පත්වෙන්න. උන්වහන්සේ එය සාර්ථක කර ගත්තා. ඒ වගේම මේ සුභද්‍ර පාරමිතා පුරමින් ඉඳියෙ බුද්ධ ශාසනයක අවසන් ශ්‍රාවකයා බවට පත් වෙන්න. උන්වහන්සේත් එය සම්පූර්ණ කර ගත්තා.
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]දැන් අපි බුදුරජාණන්වහන්සේ සහ මේ සුභද්‍ර අතර ඇතිවුන සාකච්ඡාවට යොමු වෙමු. අපිට වැදගත් ම ඒකයි. සුභද්‍ර බුදුරජාණන්වහන්සේ මුණ ගැහැලා ‍මුලින්ම වැඩි ගරු සරුවක් ඇතිව නෙමෙයි කතා කරන්නේ. ‘ගෞතමයෙනි’ කියලා තමයි මුලින්ම ඔහු බුදුරජාණන්වහන්සේ අමතන්නේ. එහෙම අමතලා ඔහු අහන්නේ පූරණ කස්සප වගේ නොයෙක් දාර්ශනිකයො මිනිස්සුන්ගේ වන්දනාවට ලක් වෙලා ඉන්නවා. මේ අයගේ ඉගැන්වීම් සංසාරයෙන් එතෙර වෙන්න හේතු වෙනවා ද නැද්ද කියලා. බුදුරජාණන්වහන්සේ ඒ අයගේ ඉගැන්වීම් ගැන කිසිම දෙයක් වදාරන්නේ නැතිව සුභද්‍රට දේශනා කරනවා ඒවා ඒ විදියට තිබිච්චාවේ, මම නිවනට මාර්ගය දේශනා කරන්නම් කියලා. අන්න එතැන් පටන් සුභද්‍ර බුදුරජාණන්වහන්සේ ට ‘ස්වාමිණී’ කියලා ගෞරවයෙන් අමතන්න පටන් ගන්නවා. බලන්න අද ඉන්න තමන් රහතුන්වහන්සේ යැයි කියා ගන්නා, අනෙක් භික්ෂූන්ට තමන්ගේ රහත්කම පරීක්ෂා කරන්නැයි කියමින් අභියෝග කරන භික්ෂූන්වහන්සේලාට බුදුරජාණන්වහන්සේගෙන් කොයිතරම් දේ ඉගෙන ගන්න තියෙනවා ද කියලා. උන්වහන්සේ සුභද්‍ර සඳහන් කරන ගුරුවරු ගැන කිසිම අදහසක් කියන්න යන්නෙ නෑ.
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]බුදුරජාණන්වහන්සේ සුභද්‍රට දේශනා කරනවා, ‘සුභද්‍ර යම් ආගමක ආර්ය අෂ්ටාංගික මාර්ගය නොමැත්තේ ද සෝවාන් ආදී මාර්ගඵල ලැබූ මහණුන් නැත. ඔවුන් ඇත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇති සසුනේ පමණි. භික්ෂූන් නිසි පරිදි පිළිවෙත් පුරතොත් ලොව රහතුන්ගෙන් හිස් නොවේ ය’ කියලා.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මේ විදියට බුදුහාමුදුරුවො දේශනා කරද්දි ඒ ගැන පැහැදුන සුභද්‍ර තිසරණයේ පිහිටලා බුදුරජාණන්වහන්සේගෙන් කමටහන් ඉගෙනගෙන පැත්තකට ගිහින් භාවනා කරලා තමන් පුරපු පාරමිතා සම්පූර්ණ කරමින් රහතන්වහන්සේ නමක් බවට පත් වෙනවා. මේ තමයි කලින් කියපු විදියට බුදුරජාණන්වහන්සේගේ අවසන් ශ්‍රාවකයා. [/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඇත්තටම මොන ආගමේ ද බුද්ධ ධර්මයේ හැර ආර්ය අෂ්ටාංගික මාර්ගය තිබෙන්නේ. කිසිම ආගමක, ධර්මයක නැහැ. ඒත් බෞද්ධයො වුනත් මේවයින් ඈතට ගිහින්දෝ කියලා සමහර වෙලාවට හිතෙනවා. අද අපේ බෞද්ධ ඉගැන්වීම්වල වෙනත් ආගම්වල සංකල්පත් කැටි වෙලා. හින්දු ආගමේ වගේම ක්‍රිස්තියානි ආගමේ සමහරක් දේවලුත් අපේ බෞද්ධ ධර්මයට අද එකතු වෙලා දෝ කියලා හිතෙනවා. සමහරු කියනවා ආලෝකය නැත්නම් ප්‍රඥාව පහල වුනාට පස්සෙ ආයිත් ඒ ගැන මහන්සි වෙන්න අවශ්‍ය නෑ කියලා. මොන පච ද? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රතිඵල ලබන්න ලේසියෙන් බැහැ. ලබන්න පුළුවන් එකම ක්‍රමය තමයි ඒ ගැන හොඳින් අවබෝධයෙන් කටයුතු කිරීම. ඉතින් ඒකට අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ මොකක් ද කියන දේ තේරුම් ගන්න අවශ්‍යයි. [/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන අද වෙද්දි නොයෙක් ධර්ම දේශනා, පොත් පත්, ලිපි, සාකච්ඡා සමාජගතව තිබෙනවා. ක‍ව්රු වුනත් ඒ ගැන කතා කරන එක කිසිම වරදක්, පාඩුවක් නොවේ. මොකද අපි ආර්ය අෂටාංගික මාර්ගය ප්‍රචලිත කරන්න කරන්න තමයි මිනිස්සුන්ට ඒ ගැන දැන ගන්න වෙන්නේ. දම්සක් පැවතුම් සූත්‍ර දේශනයේ දී ප්‍රථම වරට බුදුරජාණන්වහන්සේ මේ ගැන අපිට හඳුන්වලා දෙනවා. කාලයක් තිස්සේ අන්ධකාරයෙන්, අනවබෝධයෙන් වැහිලා තිබුණු මාර්ගය උන්නහන්සේ නැවත සොයා ගෙන අපිට පෙන්වලා දෙනවා. ඒ කාලේ ඉඳපු මිනිස්සු මේ පෙන්වා දුන් මාර්ගයේ ගමන් කරලා අර්ථවත් ජීවිතයක් සකස් කර ගත්තා. ඒ ඔස්සේ නිවන් සම්පත් ලබා ගත්තා. බුද්ධ ධර්මය ලංකාවට හඳුන්වලා දුන්නාට පස්සෙ ලාංකිකයොත් ප්‍රතිඵල ලබා ගෙන නිවන් සම්පත් ලබා ගත්තා. එදා ලාංකික සමාජය සකස්වෙලා තිබුනෙ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මුල් කර ගනිමින්. ඒත් ක්‍රමයෙන් ලංකාව ඇතුලෙ අනෙක් ආගම්, දර්ශනයන් පැතිරෙන්න පටන් ගැනීමත් එක්ක සහ මිනිස්සු ඒ තුළට යොමු වීමත් එක්ක ක්‍රමයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් අපේ ර‍ට ඈත් වෙන්න පටන් ගත්තා. රට එයින් ඈත් වෙද්දි තනි පුද්ගලයො ඈත් වීම ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ නේ. අද සමහර මිනිස්සු නිවන් ලැබෙන්නෙ මැරුනට පස්සෙ කියලා කියන තැනටම කොහොමහරි දියුණු වෙලා. හිතන්න රටේ ප්‍රධාන ආදායම අරක්කු වලින් උපයාගනිද්දි, රට පුරාම බලපත්‍ර දීලා මස් කඩ පවත්වාගෙන යද්දි, සූදුව කරන්න බලපත්‍ර දෙද්දි රටක මොන ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ද කියලා. ඒත් අපි එහෙමයි කියලා එතැනින් අයින්වෙන්න හොඳ නෑ. අපි බුදුහාමුදුරුවො දේශනා කළ මේ මාර්ගයේ හැකි උපරිමයෙන් ම ගමන් කරන්න ඕනා. සමහරක් අවස්ථාවල දී පාර ටිකක් වැරදෙයි. ඒත් ආපහු කොහොමහරි හරි පාරට එන්න. මොකද සැප විඳින්න පුළුවන් මේ ක්‍රමයෙන් ම විතරක් නිසා. [/FONT]
    [FONT=&quot] [/FONT]

     

    hpalpola

    Well-known member

  • [FONT=&quot]ඊයේ පෙරේදා [/FONT][FONT=&quot]FB [/FONT][FONT=&quot]ආපු වෙලාවක දැක්කා අන්ධ ගැහැණියක් විසින් 2016 ගැන කියපු අනාවැකි දක්වලා පෝස්ටුවක් කව්රු හෝ ෂෙයාර් කරලා තිබුනා. ඒක දැක්කම හිතුනා මේවා වෙයිද නැද්ද දන්නෙ නැති නිසා අදටත් සිද්ධ වෙමින් පවතින නමුත් දැනට අවුරුදු ගාණකට කලින් බුදුහාමුදුරුවො විසින් දේශනා කළ අනාවැකි කීපයක් ගැන කතා කරන්න. හුඟක් අය මේ ගැන දන්නවා. අපි කරන්නේ මතකය අළුත් කර ගැනීම විතරයි. ඒත් නොදන්න අයට මේක අලුත් අත්දැකීමක් වේවි.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]කොසොල් රජතුමා තෙරුවන් සරණ ගිය උපාසකයෙක්. එතුමා වෙනුවෙන් ම බුදුහාමුදුරුවො වදාළ සූත්‍ර ගණනාවක් සංයුක්ත නිකායේ කෝසල සංයුක්තයේ තියෙනවා. වරක කොසොල් රජතුමා හීන 16 ක් දැකලා බය වෙනවා. එතුමාගේ නිමිති කියන්නන්ට රජතුමා සෑහීමට පත්වෙන ආකාරයෙන් ඒ හීන පහදන්න නොහැකි වෙන නිසා එතුමා බුදුහාමුදුරුවො මුණ ගැහිලා මේ ගැන විමසනවා. ඒ වෙලාවෙදි බුදුහාමුදුරුවො ඒ හීන පහදලා දෙනවා රජතුමනි, මේවා ඔබතුමාට කරදරයක් වෙන හීන නොවේ, අනාගතයේ දී සිදුවෙන දේවල් කියලා. මේ මොනවාද කියලා අපි ටිකක් බලමු.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

    1. [FONT=&quot]කොසොල් රජු දැක්ක පළමු හීනය තමයි කළුපාට ගොන්නු හතර දෙනෙක් හතර දිශාවෙන් දූවිලි අවුස්සගෙන වේගයෙන් දුවගෙන එනවා. මේ දිහා නරඹන්නෝ බලාගෙන ඉන්නවා. ලඟට ආපු ගොන්නු හතර දෙනා ලඟට ඇවිත් ආපහු හැරිලා දුවනවා. ඉතින් රජතුමා කියනවා තමන්ට මේ හීනය තෝරා ගන්න අපහසුයි කියලා. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]මෙතනදි බුදුහාමුදුරුවො දේශනා කරනවා රජතුමනි මේ ඔබට හෝ රටට අද හෙට වෙන දෙයක් නෙමෙයි. අනාගතයේ දී රටේ පාලකයෝ අධාර්මිකවීම නිසා රටේ දේශගුණය, කාලගුණය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. කලට වෙලාවට වැසි වහින්නේ නෑ. ගොවියො බලාගෙන ඉන්නවා වැසි බලාපොරොත්තුවෙන්. එහෙම වෙද්දි වැහි වහින්න සූදානම් වෙනවා. එතකොට ගොවියො ලෑස්ති වෙනවා ගොවිතැනට. ඒත් වැහි වලාකුළු වෙන දිහාවකට පාවෙලා යනවා. වැස්ස බලාපොරොත්තුවෙන් සිටි ‍ගොවියො දුකට පත් වෙනවා. ඒකයි මේ හීනයෙන් අදහස් කරන්නෙ කියලා. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]බලන්න කොයිතරම් දුරක් බුදුහාමුදුරුවන්ට පෙනිලා තියෙනවාද කියලා. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පටන් ගන්නේ දේවෝ වස්සතු කාලේන කියන ගාථාවෙන් බව ඔබ සියළු දෙනාම දන්න දෙයක් නේ. ඒත් හිතනව ද ඒ ගාථාවේ තියෙන “රාජා බවතු ධම්මිකො” කොටස ඉතිරිවෙලා තියෙනවා කියලා. ඉස්සර පාලකයො ගෙදර ගියෙ තමන්ගේ තිබ්බ අන්තිම ශතයත් මේ මිනිස්සුන් වෙනුවෙන් වියදම් කරලා. ශ්‍රාවස්තිය රජයට හිමි වුනේ කොහොමද කියලා දන්නෝ දන්නවා. ඒත් අද දේශපාලකයො කරන්නෙ මොනවා ද කියලා පොඩි ළමයි පවා දන්නවා. බලන්න අපේ රටේ දැන් කාලගුණය, දේශගුණය සම්පූර්ණයෙන් ම වෙනස්. වැස්ස නිසි කලට වැටෙන්නෙ නැහැ. දැනට අවුරුදු 100 කට මෙහායින් පිටරටවලට හාල් දුන්න අපි අද කන්නෙ පකිස්ථාන් හාල්. කෘෂිකාර්මික ආර්ථිකයකින් ලෝකයම හොල්ලපු, ලෝකෙ අද දියුණුයැයි සම්මත රටවල් එදා දියුණුවෙන්න ආදර්ශය ගත්ත මේ පුංචි රට අද හිඟමන් යදින රටක්වෙලා. අද අපේ ආර්ථිකය තියෙන්නේ හම්බයින්ට ශ්‍රමය විකිණීමෙන් ලබන ආදායම මත රැඳිලා. පාලකයො ‍කොයිතරම් අධාර්මික ද කියනවානම් රටේ අයවැය තීරණය වෙන්නේ රටවැසියො බොන අරක්කු, සිගරැට් මත. ඒ විතරක් ද පොඩි මිනිහාට ගෙවා ගන්න බැරි තරම් බදු බර පටවලා. දේශපාලකයො සෘජුවම සහ වක්‍රාකාරයෙන් මිනිස්සුන්ට ජීවත්වෙන්න තියෙන පරිසරය, ඉඩ කඩම් අල්ලා ගන්නවා, විනාශ කරනවා මුදල් වෙනුවෙන්. සමහරු කියනවා ජනාවාස කරන්න කැලෑ කපනවා කියලා. සිංහරාජය කියන ලෝක උරුමය මැද්දෙන් කපලා පාරක් හදන්න උත්සහ කරපු, අදත් දියඇලි හින්දලා විදුලි බලාගාර හදන්න දේශපාලකයො උත්සහ කරන, තමන් විතරක් කාලා ඇඳලා ඉඳලා හිටියම ඇති කියන පාලකයො ඉන්න රටක් වෙලා මේ රට. හැබැයි දැනට අවුරුදු 25 කට 30 කට කලින් මේ රට සුරපුරයක්. මේ වගේ හේතු එක්ක අපේ රටේ බහුතරයක් මිනිස්සු අසහනයෙන්, පීඩනයෙන් වගේම දුකින් ඉන්නෙ. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]මේ වගේ දේවල් ගැන කිසිම කෙනෙක් කතා කරලා නෑ මේ තරම් පැහැදිලිව බුදුහාමුදුරුවො ඇර. උන්වහන්සේ අද ගැන දැක්කෙ ජේසුතුමා බිහි වෙන්නත් කලින්. දෙවියන්වහන්සේ ලොව පහල වෙන්නත් කලින්. කොයිතරම් පුදුම සහගත ද විශිෂ්ඨද. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    2. [FONT=&quot]කොසොල් රජු දැක්ක දෙවැනි හීනය තමයි රජමාලිගාවේ මිදුලේ පුංචි පුංචි පැළවල ලොකු ලොකු ගෙඩි හැදිලා තිබීම. ඉතින් මේකත් කලින් විදියටම රජතුමා බුදුහාමුදුරුවන්ට යොමු කළා. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]බුදුහාමුදුරුවො දේශනා කළා රජතුමනි මේ ගැන ඔබ බිය විය යුතු ‍නෑ, මේ අද හෙට වෙන දෙයක් නොවේ. අනාගතයේ දී මිනිස්සුන්ගේ කාමාශාව වැඩි වෙනවා. එමනිසා ඔවුන් අඩු වයසෙන් විවාහ වෙනවා. ඔවුන්ගේ ආයුෂත් අඩු වෙනවා. ඔවුන් කුඩා අවදියේ දී ම ළමයි බිහිකරනවා. එයයි මේ සිහිනයේ ප්‍රතිඵලය කියලා. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]බලන්න දැන් අපේ රට දිහා. අවුරුදු 15, 16 අයත් බොරු වයස් දාලා කසාද බඳිනවා. ඒ විතරක් ද ඇයි දණ්ඩ නීති සංග්‍රහය 1995 දී අවුරුදු 16 ට අඩු ගැහැණුකෙනකු සමග මෛථුනයේ යෙදීම ඇගේ කැමැත්ත ඇතිව හෝ නැතිව සිදු වූවත් අපරාධ වරදක් විදියට සංශෝධනය කලේ ඇයි කියලා හිතුව ද? බලන්න මේ වචන, කැමැත්ත ඇතිව හෝ නැතිව. ඉතින් මීට වඩා තවත් මොනවා ද. කාමාශාව ගැන ආයිත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ දවසගානේ අහන්න ලැබෙන ප්‍රවෘත්ති එක්ක. ගල්කිස්ස මුහුදු වෙරළට ගියාම, ලංකාව පුරා තියෙන බීච් පාර්ටි ගණන දැක්කම ඕන කෙනෙක්ට හිතා ගත්තෑකි කාමාශාවේ තරම. වේස ගැහැණියක් එක්ක නිදා ගන්න සල්ලි වියදම් කරන්න වගේම ඒ සල්ලි වියදම් කරන මිනිහෙක් එක්ක නිදා ගන්නත් අද අපේ රටේ ගෑණු පිරිමි හිරිකිතයක් නැතිව සූදානම්. අද ආයු අපේක්ෂාව කොහොමද කියලා ඕන කෙනෙක් දන්නවා. අපේ ආච්චිලා, සීයලා අවුරුදු 80, 90 ජීවත්වෙලා මැරෙද්දි ඒ ආච්චිලාගේ මුණුපුරු මිණිපිරියො අවුරුදු 40, 50 න් මැරෙනවා ඒ ආච්චිලා, සීයලා ඉද්දි. ‍කොහොමද වැඩේ. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]මේ වගේ දේවල් ගැන කිසිම කෙනෙක් කතා කරලා නෑ මේ තරම් පැහැදිලිව බුදුහාමුදුරුවො ඇර. උන්වහන්සේ අද ගැන දැක්කෙ ජේසුතුමා බිහි වෙන්නත් කලින්. දෙවියන්වහන්සේ ලොව පහල වෙන්නත් කලින්. ඒ වගේම නොස්ත්‍රඩාමුස්ලා ඉපදෙන්නත් කලින්. කොයිතරම් පුදුම සහගත ද විශිෂ්ඨද. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    3. [FONT=&quot]කොසොල් රජු දැක්ක තුන්වැනි හීනෙ තමයි තමන්ගෙන්ම ඉපදුන වහු පැටියාගෙන් එළදෙන කිරිබොනවා. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]මේ ගැන බුදුහුමුදුරුවො විග්‍රහ කරලා දුන්නා මෙහෙම. මේ සිහිනයෙන් කියවෙන්නෙ දරුවන් දෙමාපියන්ව නොසලකා හරින බව වගේම ඔවුන් ‍වැඩිහිටියන්ට ගරු නොකරන බව. වැඩිහිටියන්ට සිද්ධ වෙනවා ඔවුන්ගේ දරුවන් මත යැපෙන්න. දරුවන්ගේ දාසයො වෙන්න. ඔවුන්ට ‍සලකන්නෙ නැත්නම් ඔවුන් වැඩිහිටියන්ට සලකන්නෙත් නෑ. මේකත් අනාගතයේ දී වෙන දෙයක් කියලා. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]දැනට ටික දොහොකට කලින් තමන්ගේ තාත්තාව බලු කූඩුවෙ දාපු දුවෙක් වගේම, අම්මටත් ඒ විදියට කරපු තවත් දුවෙක්ව පොලීසියෙන් අත්අඩංගුවට ගත්තා. ටිකක් හිතලා බලන්න අද කසාද බඳිද්දිම අළුත් ජෝඩුවෙ ගෑණු කෙනා හරි පිරිමි කෙනා හරි අනිත්කෙනාගෙන් කියනවා “ඒයි ඔයාගේ අම්ම තාත්තා කොහොමද ඉන්නෙ අපි බැන්දට පස්සෙ? ඔන්න මටනම් බෑ එයාලත් එක්ක ඉන්න හො‍ෙඳේ” කියලා. ඉතින් අර අනිත් මෝඩය හරි මෝඩි හරි කාමාශාවට තියෙන ලෝබකමටයි, උපන් ගොන්කමටයි දෙමාපියන්ගෙන් ඈත් වෙනවා. සමහරුනම් තමන්ව කසාද බඳිනකම්ම ලොකු මහත් කරපු තමන්ගේ දෙමාපියන්ව දෙයියනේ කියලා වැඩිහිටි නිවාසෙටම පංගරාර්තු කරනවා ඕන්. මෙතනදි තවත් දෙයක් තියෙනවා කියන්න. සමහර වැඩිහිටියො, දෙමාපියො හැසිරෙන විදිය ඇත්තටම තරුණ පරම්පරවට දරන්න බෑ තමයි. ඒ වගේම තමයි බිරඳක් ගේද්දි ඒ ගැහැණුකෙනා අහවල් එකටද කොහෙවත් ඉන්න ගෑණියෙක්ගෙන් හරි මිනිහෙක්ගෙන් හරි බැණුම් අහන්නෙ කියන තර්ක මේ දේවල් සාධාරණ කරන්න ඉදිරිපත් කෙරෙනවා. බැලූබැල්මටම මේවා ඇත්ත නේන්නම් කියලා තමයි කෙනෙක්ට හිතෙන්නෙ. ඒත් මේවා පුහු තර්ක. දෙමව්පියො අපිට මොනව කළත් අපිට බෑ එයාලට එහෙම කරන්න. මොකද ඒ අපේ දෙමාපියො. බුදුහාමුදුරුවො දේශනා කරන්නේ ගෙදර බුදුන් දෙමාපියො කියලා. ජේසුතුමා කියන්නෙ මිහිපිට දෙවියො දෙමාපියො කියලා. එහෙව් ‍මගපෙන්වීමක් තියෙද්දි කොහෙන්වත් ජීවිතේට එන නොදන්න, නොහඳුනන ගෑණියෙක් හරි පිරිමියෙක් නිසාවෙන් මේ ලෝකෙ එළිය දැකපු දවසෙ ඉඳන් ඒ සහකරු හෝ සහාකාරිය එක්ක යන දවස වෙනකම් හැමදුකක්ම ඉවසන් තමන්ව නඩත්තු කළ තමන්ගේ දෙමව්පියන්ව අත්හරින දරුවෙක්ට කොහෙත්ම හරි යන්නෙ නෑ. අනෙක් අතට සමහර දරුවො තමන්ගේ දරුවො බලාගන්න වැඩකාරයො විදියට, තමන් වැඩට ගිහින් එනකම් ගෙදර ආරක්ෂා කරන්න පාවිච්චි කරන්නේ තමන්ගේ දෙමව්පියො. මහා නින්දිත වැඩ තමයි දැන් සිංහලේ තියන සිංහලයෝ කරන්නේ. මුන්ට හරියයි ද ඉතින්. මේ වගේ කාලකන්නි ඉන්න රටකට දියුණුවක් තියේවි යැ. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]මේ වගේ දේවල් ගැන කිසිම කෙනෙක් කතා කරලා නෑ මේ තරම් පැහැදිලිව බුදුහාමුදුරුවො ඇර. උන්වහන්සේ අද ගැන දැක්කෙ ජේසුතුමා බිහි වෙන්නත් කලින්. දෙවියන්වහන්සේ ලොව පහල වෙන්නත් කලින්. කොයිතරම් පුදුම සහගත ද විශිෂ්ඨද. ඔය සිංහලේ කියලා කෑ ගහන එවුන් මේ ගැනත් හිතුවොත් හොඳයි නේද. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]
    [/FONT]


     

    hpalpola

    Well-known member
  • කොසොල් රජු දුටු හීන - ඉතිරි ටික

    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]4. [/FONT][FONT=&quot]රජතුමා දැක්ක හතරවැනි හීනය තමයි කරත්ත පේළියක ඉස්සරහ කරත්තවල වසු පැටවුනුත් පසුපස කරත්තවල හොඳ හරක් බැඳලා තිබීම. ඉතින් ඉස්සරහ ඉඳියෙ වසු පැටව් නිසා කරත්ත ටික ඇදගන්න බැරිව කරත්ත පේළිය නතර වෙලා තිබුනා. මේ ගැන බුදුහාමුදුරුවො අර්ත විවරණය කළා. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] රජතුමනි මෙම සිහිනයෙන් කියවෙන්නේ අනාගත පාලකයන් බුද්ධිමත් අත්දැකීම් ඇති ඇමතිවරුන්හට බලතල නොදී ඔවුන්ට විරුද්ධව බාල අත්දැකීම් අඩු පුද්ගලයන්හය බලතල ලබා දී පාලනය අවුල් කර ගැනීමයි. මෙයින් හානියක් ඔබට ඇති වෙන්නේ නෑ, මෙය අනාගතයේ සිදුවෙන්නක් ලෙසින්. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] බලන්න අද අපේ රට දිහා බලලා. කව්ද ඇමතිකම් දරන්නේ, කව්ද මේ රට මෙහෙයවන්නේ කියලා. කිසිම සුදුසුකමක් නැති මිනිස්සු ලොක්කො වෙලා සුදුසුකම් ඇති මිනිස්සුන්ව මෙහෙයවන්න හදනවා. මේ රට අවුල් ජාලයක් වෙලා. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]5. පස්වැනි හීනය වුනේ ඔළු දෙකක් තියෙන අශ්වයෙක් ඉස්සරහ ඔළුවෙනුයි, පිටි පස්සෙ ඔළුවෙනුයි දෙකෙන්ම තණකොල කනවා. ඉතින් රජු බුදුහාමුදුරුවන්ගෙන් අහනවා ස්වාමිනී මේක වෙන්න පුළුවන් ද කියලා. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] රජතුමනි, අනාගතයේ දී රටේ පාලකයන් නිසා නීතිය අවනීතිය වෙනවා, යුක්තිය අයුක්තිය වෙනවා, නීතීඥයොත් විනිශ්යකා‍රයොත් දෙපැත්තෙන්ම (විත්තිය හා පැමිණිල්ල) අල්ලස් ගනිමින් කටයුතු කරනවා. මේ හීනයෙන් කියන්නේ එයයි. මෙයින් ඔබට හානියක් වෙන්නේ නෑ කියලා බුදුහාමුදුරුවො මේ හීනයත් අර්ථ ගන්වනවා. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] මේ ගැන ඉතින් ආයිත් අමුතුවෙන් කිවයුතු නෑ. කාලයක් තිබ්බා පොලීසියට නිවාඩු දීලා උසාවියට ගල් ගස්සපු. ස්ත්‍රී දූෂකයො, මිනී මරුවො ජනාධිපති සමාවෙන් ගෙදර ගියා. තවත් දේශපාලකයො ගෑණු 100 දූෂණය කරලා කේක් කපලා සමරනවා. තවත් අය ප්‍රසිද්ධියෙ කුඩු ‍විකුණනවා. නීතීඥවරු විනිසුරුවරු ගැනත් මෙතනදි දක්වලා තියෙනවා. ඒ ගැන මන් මුකුත් ලියන්නෙ නෑ මමත් නීතීඥවරයකු නිසා. නමුත් ඒ ගැන දන්නෝ දනිති. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]6. ස්වාමිනී හයවන හීනයෙන් මන් දැක්කෙ ජරාවට ගිය හිවලකුට රන්තලියක මුත්‍රා කිරීමට සලස්වා ජනතාව ඒ දෙස බලා සිටින අයුරුයි කියලා රජතුමා බුදුහාමුදුරුවන්ට කියනවා. මේ ගැන බුදුහාමුදුරුවො අර්ථ දක්වනවා මේ විදියට. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] රජතුමනි මෙයින් කියැවෙන්නේ අනාගතයේ දී සම්භාවනීය යැයි සැලකෙන පුද්ගලයින් තමන්නේ ම නොමනා ක්‍රියාකාරකම් නිසා සම්පත්වලින් පිරිහෙනවා, තමන්ගේ පරම්පරා වලින් උරුම වූ සම්පත් පිරිහීම නිසා මොවුහු තමන්ගේ දූ දරුවන් අයථා ක්‍රම වලින් ධනවතුන් හට සරණපාවා දෙනවා. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] මේ හීනය තම තමන්ගේ ප්‍රදේශවල ජීවත්වෙන මිනිස්සු, තම තමන්ගේ පවුල් දිහා බලලාම හිතලා බැලීම වැදගත්.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]7. රජු දුටු හත්වැනි හීනය තමයි මිනිහෙකු ආසනයක වාඩි වී සම්පටකින් ලණුවක් අඹරද්දි එම අඹරන ලණුව අසුන යට හිටින හිවල් ධේනුවක් විසින් කා දමන ආකාරය. මේ ගැන අර්ථ දක්වන බුදුහාමුදුරුවො දේශනා කරනවා රජතුමනි, මෙයත් අනාගතයේ සිදු වන්නක්. කාම මිථ්‍යාචාරය බහුලවීම නිසා ස්වාමි පුරුෂයන් විසින් උපයන ධනය ස්ත්‍රීන් විසින් අනාචාරයේ හැසිරීමට වැය කිරී නිසා ඇතිවන පිරිහීමේ ස්වභාවයයි කියලා. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] මේ ගැන තම තමන්ම හිතලා බලන්න කොයි තරම් ඇත්තක් ද කියලා. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]8. අටවැනි හීනය විදියට රජු දකින්නේ හතර ‍දිශාවෙන් පැමිණෙන ස්ත්‍රීන් හා පුරුෂයන් හිස් කළගෙඩි දිහා බලන්නෙවත් නැතිව පිරිලා ඉතිරිලා යන කළයකටම වතුර දාලා පුරවන්න හැදීම. මේ ගැන අර්ථ දක්වමින් බුදුහාමුදුරුවො දේශනා කරනවා, රජතුමනි මින් කියවෙන්නේ, අනාගතයේ දී පාලකයන් රට සමෘද්ධිමත් නොකිරීම නිසා රටේ ජනතාව අතිශය දිළින්දන් බවට පත් වෙනවා. රටේ ආර්ථිකය පිරිහෙනවා. එවිට රජය ජනතාව අතර බදු බර තව තවත් පටවනවා. රටේ ධනවතුන් තව තවත් තර වෙනවා. ඇත්තෝ තර වෙනවා, නැත්තෝ නැත්තටම නැති වෙනවා කියලා. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] බලන්න අද අපිට වෙලා තියෙන්නෙත් මේකම නෙමෙයි ද කියලා. රු.2.50 ට තිබ්බ ඉඩම් ‍ලේඛන සෙවීමේ ගාස්තුව බොරු හේතු කියලා රු.500 කලා. විවාහ ලියාපදිංචි ගාස්තුව රු.5000 කලා. වාහනවලට බදු ගහන හැටි. වතුර, විදුලිය හැම දේකින්ම පුංචි මිනිහාව නැති කරනවා. හැබැයි ඇත්තෝ තව තවත් මන්දිර හදමින් ජීවත් වෙනවා. ඉතින් මේ වගේ දෙයක් වෙන කව්ද දේශනා කරන්නේ බුදුහාමුදුරුවොම ඇර. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]9. රජු දුටු නව වන හීනය තමයි දිය පිරුණු පොකුණක මැද බොර වී තිබීම. සතුන් සිව්පාවුන් ඇවිත් පොකුණ වටේ වතුර බොනවා. පොකුණ වටේ වතුර පැහැදිලියි මැද බොරවෙලා. මේක වෙන්න බැරි දෙයක්. මේක පුදුම සහගත දෙයක් කියලා රජු බුදුහාමුදුරුවන්ට කියනවා. ඉතින් අනිත් හීනවල වගේම බුදුහාමුදුරුවො මේ හීනයෙත් අර්ථ පෙන්වලා දෙනවා. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] රජතුමනි රටේ පාලකයො අධාර්මික වීම නිසා රට හැම අතින්ම දූෂනය වෙනවා. රටේ සිටින උගතුන් බුද්ධිමතුන් රට ගැන කළකිරෙනවා. තමන්ගේ උගත්කමට හරියන ස්ථානය නොලැබීම නිසාත් රටේ යහපත් ජීවිතයක් ගෙවන්න නොහැකිවීම නිසාත් ඔවුන් ඒවා සොයා වෙනත් රටවලට යනවා. එවිට ඔවුන්ගේ සේවය රටට ලැබෙන්නෙ නැහැ. එම නිසා රට තව තවත් පිරිහෙනවා. මෙය අනාගතයේ සිදුවන දෙයක් කියලා බුදුහාමුදුරු‍වො පෙන්වලා දෙනවා. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] යහපාලන ආණ්ඩුව ආපු ගමන්ම මොකක් ද කිව්වෙ පිටරට ගිහින් ඉන්න උගතුන් බුද්ධිමතුන්ට ආපහු ලංකාවට ඇවිත් රට දියුණු කරන්න එකතු වෙන්න කිව්වා. බුද්ධිගලනය කියලා ලොකුවට හඳුන්වන්නේ මේක තමා. පෙරසවි කොන්ක්‍රීට් ක්‍රමය සොයා ගත්ත බුද්ධිමතා ලංකාවෙන් එළෙව්වා. ඉන් පස්සෙ ලංකාවේ මිනිස්සු ඒ මනුස්සයා ඉන්න පිටරටට ගිහින් එහෙන් ඉගෙන ගන්නවා. ඒ මනුස්සයා තමන් ජීවත්වෙන රට සංවර්ධනය කරලා ලංකාවට වඩා සෑහෙන්න උසස් රටක් කරන්න තමන්ගේ සේවය ලබා දෙනවා. මේ අපේ රට ගැනයි බුදුහාමුදුරුවො පෙන්වලා දෙන්නෙ. හොඳයි නැද්ද? [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]10. දහවැනි හීනය තමයි ලිපේ තියෙන බත් මුට්ටියෙ එක පැත්තක ඉදුණු හාලුත් අනිත් පැත්තේ බාගෙට තැම්බුන හාලුත් තවත් පැත්තක ඇට්ටකුණා හාලුත් තියෙනවා. ඉතින් රජු අහනවා ස්වාමිනී එකම බත් මුට්ටියෙ මේ වගේ විවිධාකාරයෙන් හාල් තියෙන්න බෑ නේ ඒක පුදුම සහගතයි කියලා. ඉතින් බුදුහාමුදුරුවො මේ හීනයත් පැහැදිලි කරලා දෙනවා මෙන්න මෙහෙම. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] රජතුමනි මම දේශනා කරලා තියෙනවා රටේ පාලකයා අධාර්මික වෙන කොට රටට නිසා කලට නිසි ලෙස වැහි වහින්නෙ නෑ කියලා. මේ හීනයෙන් කියවෙන්නෙත් අන්න ඒ වගේ දෙයක්. රටේ පාලකයින් ගේ නොමනා ක්‍රියාකලාපය නිසා නිසි විදියට වැහි වහින්නෙ නෑ. වැස්සත් වහින්නේ කඩින් කඩ. තව තැනකට හොඳට පායනවා. මෙහෙම වුනහම එක තැනක ඇති වී බොල් වෙනවා. සමහර තැන් නියඟයට අහු වෙනවා. මේකයි අනාගතයේ සිදුවන දෙය කියලා. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] අද අපේ රටේ මේ දේවල් දකින්න ලැබෙනවා. ගොවිතැන් කරන් ඉඳපු පැතිවල ගොවිතැන ඉවරයි වැස්ස නිසි විදියට නොවැටෙන නිසා. සමහරු ගොයම් කපා ගත්ත දවසෙ ඉඳන් වැස්ස, වේල ගන්න විදියක් නෑ. ගොයම් ටික ඉවරයි. අපි ගැන එදා බුදුහාමුදුරුවො දැකලා තියෙනවා. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]11. මේක තමයි රජු දුටු එකළොස්වන හීනය. රජු දකිනවා සුවඳ හමන සඳුන් කොටයක් කුණු ගඳ ගහන මොරු කළයකට හුවමාරු කරනවා. මේ ගැනත් බුදුහාමුදුරුවො අර්ථ දක්වනවා. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] රජතුමනි, අනාගතයේ දී ලාභසත්කාර බලාපොරොත්තුවෙන් මගේ ශාසනයේ බොහෝ භික්ෂූන් සිවුරු දරනවා. පස්කම් සැපය උදෙසා සිවුරු දරනවා. මෙසේ ශාස්තෲන්වහන්සේලාගේ ධර්මය මුදලට හා අනෙකුත් දේවල් වලට පාව දීම තයි මෙම හීනයේ තේරුම කියලා. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] බලන්න අද වෙද්දි එදා බුදුන්ගේ ශාසනය කොටස් කීයකට කැඩිලා ද කියලා. ක්‍රිස්තියානි දහමෙ එකම දෙවියන්වහන්සේ කණ්ඩායම් කීයකට බෙදිලා ද. මේවා ඒ ශාස්තෲන්වහන්සේලා ගේ වැරදි නොවේ. ලාභසත්කාර බලාපොරොත්තුවෙන් ඒ තුළට වැදුන මෝඩ මිනිස්සු කරන ‍දේවල්. අනාගතය දැකලා බුදුහාමුදුරුවො මේ බව එදා දේශනා කලා. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]12. ස්වාමිනී සැහැල්ල ලබු කබල් වගයක් දියේ පා නොවී බර වස්තූන් වගේ ගිලෙනවා මන් දැක්කා. මේ හීනයේ අරුත කුමක් ද ස්වාමිනී. රජතුමා තමන් දැක්ක දොළොස්වැනි හීනයේ අර්ථවත් බුදුන්ගෙන් විමසනවා. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] රජතුමනි, අනාගතයේ රාජසභාවේ සුදුස්සන්ට ඇමතිකම් නොදී නුසුදුසු පහත් අයට ඇමතිකම් හා නිලතල ලබා දීම නිසා රාජසභාව හිස් කතා වලින් පිරෙනවා. පන්සල් හා අනෙකුත් ආගමික ස්ථාන වල හිස් කථා පැතිර යනවා. රටේ ජනතාව හිස් කතා වලට ප්‍රිය කරන තත්ත්වයට පත් වෙනවා. මේ හීනයේ අර්ථය මෙයයි. බුදුහාමුදුරුවො පෙන්වලා දෙනවා. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] අද ඉතින් රාජසභා නෑ නේ. තියෙන්නේ පාර්ලිමේන්තුව. අපේ පාර්ලිමේන්තුව ගැන බලන්න. අපේ රට ගැන බලන්න. මේ හීනය කොයිතරම් සැබෑවක් ද කියලා පෙනේවි. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]13. රජුදුටු දහතුන්වන හීනය තමයි විශාල ගත් ජලයේ පාවෙනවා. මේක වෙන්න බැරි දෙයක් නිසා රජු පුදුම වෙනවා. ඉතින් බුදුහාමුදුරුවො මෙන්න මෙහෙම මේ හීනය අරුත් ගන්වනවා. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] රජතුමනි, අනාගතයේ පාලකයොත් මහජන ප්‍රජාවත් රටේ ඉන්න උගතුන්ගේ, වියතුන්ගේ, බුද්ධිමතුන්‍‍ගේ අදහස් හා අනුසාශනා අහන්නෙ නැහැ. රාජසභාවේත් ප්‍රජාවත් අතර ඉහත වටිනා අදහස් කිඳා ‍නොබැස ඔහේ පා වෙලා යනවා කියලා. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] බලන්න අද පුංචි උදාහරණයකට එකෙක් විල්පත්තුව කියන ස්වභාවික කැලේ කපලා විනාශ කරනවා. පරිසරය ගැන දන්න වියත්තු ඒකට විරුද්ධ වෙනවා. හිටපු රජතුමා ගණන් ගත්තෙත් නෑ, වත්මන් රජතුමා ගණන් ගන්නෙත් නෑ. අන්තිමට රටට තමයි හානිය. මේ අපේ රට එදා බුදුහාමුදුරුවො දැක්ක විදිය බව අමුතුවෙන් කිව යුතු නැහැනෙ. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]14. ස්වාමිනී මන් දැක්කා පුංචි ගෙම්බො සර්පයින්ව කන්න පස්සෙන් පන්නනවා මෙය විය හැක්කක් ද කියලා දහහතරවැනි හීනය රජතුමා විමසනවා. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] බුදුහාමුදුරුවො දේශනා කරනවා රජතුමනි, අනාගතයේ මිනිස්සු මීටත් වඩා රාගාධික වෙනවා. එවිට වයසක පුරුෂයින් වයසින් අඩු ස්ත්‍රීන් සමග සේවනය සඳහා පෙලඹෙනවා. ඒ සඳහා ඔවුන්ගේ ධනය වැය කරනවා. ධනයට ආසාවෙන් ඉන්න පෙර කී ස්ත්‍රීනුත් ඒ සඳහා යොමු වී වයසක ධනවත් පුරුෂයින්ව වසඟයට ගෙන පසුව දේපල තමන්සතු කර ගෙන අර වයසක පිරිමින් හට නිග්‍රහ කරනවා. මේකයි මේ හීනෙ අරුත කියලා. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] බලන්න අද අපේ සමාජයේ මේ තත්ත්වය දකින්න නැද්ද කියලා. දැන් දැන් මේ තත්ත්වය පොඩ්ඩ පොඩ්ඩ දකින්න ලැබෙනවා. තව ඉදිරියේ දී ඇස් ඇරගෙන ඉද්දි හොඳටම ඇස් පනාපිටම දකින්න ලැබේවි. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]15. රජු දැක්ක ‍පහළොස්වැනි හීනය තමයි නිතරම යමක් ඩැහැගන්න බලන් ඉන්න කපුටෙක් හංසයො රෑනක් පිරිවරාගෙන ඉඳීම. මේ ගැන අර්ථ දක්වන්නෙ මේ විදියට. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] රජතුමනි අනාගතයේ දී පාලකයන් විසින් දාමරිකයින් හට, මිනීමරුවන් හය, හීන ජාති ඇති අයට ඉතා ඉහල සම්භාවනීයත්වය ලබා දෙනවා. එම නිසා ඔවුන් සමාජයේ ඉහළින් වැජඹෙනවා. එම නිසා බුද්ධිමතුන්ට සිදුවෙනවා මොවුන්ට යටත් වීමටත් ඔවුන්ට ආරක්ෂාව සැපයීමටත් කියලා.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] මේ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ අපේ රට දිහා බැලුවම නේද? [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]16. අවසන් හීනය විදියට රජු දැක්කෙ එළුවන් විසින් කොටියන් අල්ලාගෙන කන ආකාරය. මේ ගැනත බුදුහාමුදුරුවො පැහැදිලි කලා මේ විදියට. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] රජතුමනි දාමරිකයන් හට මිනීමරුවන් හට රජයෙන් වරප්‍රසාද ලැබෙන නිසා පාරම්පරික අයිති ඉඩම් ඔවුන් විසින් කොල්ල කනවා. ඒ සඳහා අධිකරණයේ පිහිට පැතීමට ගියාම එතනදි තාඩන පීඩනවලට ලක්වෙන්න වෙනවා. ජීවිත අන්තරාය නිසා ඔවුන් අර මැරයින් හට ඉඩකම් පවරා දී පැත්තකට වෙලා බලා ඉන්නවා. රටේ පූජ්‍ය පක්ෂය ඉහත කී සිදුවීම් දෙස නිහඬව බලා සිටිනවා. එයයි මේ හීනයේ තේරුම කියලා. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] පහුගිය පාලනය යටතේ මේ තත්ත්වය හොඳින්ම අත් විඳින්න ලැබුනා ලාංකිකයන්ට. තවත් ඒ ගැන කුමන කතා ද.... [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]ඉතින් මේ තමයි කොසොල් රජු දුටු හීන 16 සහ ඒ හීන බුදුහාමුදුරුවො පැහැදිලි කළ ආකාරය. මේ පැහැදිලි කිරීම් හරියට අනාගතය ගැන එදා කියපු අනාවැකි වගේ. බලන්න ඒ හැම එකක්ම අද වෙද්දි අපේ ඇස් පනාපිටම දකින්න ලැබෙනවා. බුදුහාමුදුරුවො අනාගතය ගැන පේන කියන්නෙක් නෙමෙයි. ඒත් අනාගතයේ මෙවැන්නක් විය හැකි බව උන්වහන්සේගේ ප්‍රඥාවෙන් දැකලා දේශනා කළා. වැ‍ඩේ තියෙන්නෙ මේකයි. මේ දේවල් අපිට වළක්වන්න බැහැ. ඒවා අනිවාර්යෙන්ම වෙනවා. අපිට තියෙන්නෙ මේ දේවල් දිහා බලාගෙන කම්පා නොවී ජීවත් වීමයි.[/FONT][FONT=&quot][/FONT]

     

    hpalpola

    Well-known member
  • දුකින් මිදී, අවිද්‍යාවෙන් ඈත්ව මෙලොව ජීවත්වීමට මිනිසකුට නොයෙක් ප්‍රතිපත්තීන් හේතු සාධක වේ. නමුත් මිනිසුන් ඒවා නොදන්නා හෙයින් හැමදා දුකින් තැවෙමින් දුකම විඳිමින් දුක සේ ම ජීවත් වේ. මේ සඳහා එක් පිළිවෙතක් සුත්ත නිපාතයේ (5-1) දී බුදුරජාණන්වහන්සේ මෙසේ දක්වා ඇත.

    "කාමෙසු නාභිගිජ්ජෙයිය මනසා නාවිලො සියා, කුසලො සබ්බධම්මානං සතො භික්ඛු පරිබ්බජෙති.

    කාමයෙහි ගිජු නොවන්නේ ය. සිතින්‍ නොකැළඹුනෙක් වන්නේ ය. මහණ සකලධර්මයන්හි කුශල වූයේ ස්මෘතිමත් වැ හැසිරෙන්නේ ය."

    ඔබ, ඔබ ගැනම විමසා බලන්න. කාමයට ගිජුවීම නිසා ඔබ දුක් විඳින්නේ නැත්ද කියා. උදාහරණයකට ඔබගේ දිවට අවැසි රසයකට ඇති ගිජුකම නිස‍ා එක් වරක් හෝ දුකට පත්ව නො මැත්තේ ද? සිත චංචල වීම නිසා දුකට පත් නොවූයේ ද? මෙයින් මුක්ත නොවන තාක් ඔබට ඇත්තේ දුකම පමණි. සංසාරයේ බිය දක්නා තැනැත්තා සිහිසන් ඇතිව (යෝනිසෝ මනිසිකාරයෙන්), කුශල උත්පාදනයෙහි ම ධම්මානුධම්ම ප්‍රතිපාදාවෙන් යුතුව හැසිරෙන්නේ ය.

    මෙලොව පවතින වෙනත් කිසිදු ඉගැන්වීමක මේ දහම නැත. මක්නිසාදයත් ඒ කිසිදු දහමක ආර්ය අෂ්ටාංගික මාර්ගය නොමැති නිසාවෙනි. මේ ඉගැන්වීම, ශිෂ්‍යාව යොමු කරන්නේ සදාකාලික සන්තුෂ්ටිය වෙතටය. එය වෙනත් කිසිදු දහමක, ආගමක නොමැත.
     

    hpalpola

    Well-known member

  • [FONT=&quot]ශ්‍රී ලංකාව ලොව ප්‍රසිද්ධව ඇත්තේ බෞද්ධ රටක් ලෙසිනි. බෞද්ධ දර්ශනයේ දී පුද්ගලයාට නිරයෙන් වැලකී සුවපත්ව ජීවත්වීමටත් නිර්වාන සුවය ලබා ගැනීමටත් උගන්වයි. එසේම චතුරාර්ය සත්‍යය පිළිබඳව හඳුන්වා දී දුකට හේතුව නම් ‘තණ්හාව’ බව ද උගන්වයි. එයින් නොනැවතී එකී දුක නැති කිරීමේ මාර්ගය ද හඳුන්වා දෙයි. කැමති කෙනකුට මේ මාර්ගය ඔස්සේ ගමන් කර සදාකාලික සැපතට පත් විය හැක. එසේත් නැත්නම් මෙලොව පරලොව සැපත සාදා ගත හැක. මෙවන් වූ උතුම් දහමකි බොදු දහම. නමුත් මා දකිනා ආකාරයට ලංකාවේ ජනතාව දැන් ගමන් කරන්නේ මෙකී දහමෙන් බැහැරට ය. ඒ සඳහා නිදසුන් අප අවට එමට තිබේ. බොදු දහමෙන් පල ලබා ගත හැක්කේ එය ජීවිතයට එක් කර ගැනීමෙන් පමණි. නමුත් දැන් දැන් සිංහල බොදුනුවායැයි කියා ගන්න තැනැත්තා එකී තත්ත්වයෙන් බැහැරට ගමන් කරයි. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]මීට හොඳම නිදර්ශනයක් වන්නේ ‘මංගල උත්සවයයි’. වරක සුදත්ත සිටුතුමාගේ මිණිබිරියට සාදා දී තිබූ මැටි බෝනික්කා කුඩු වී යාම නිසා ඇය කිසිවකුටත් නැළවීමට නොහැකි ආකාරයෙන් හඬමින් සිටිනා විට සුදත්තා සිටුතුමා පැමිණ ඇය අස්වසනු ලැබූවේ හෙට දිනයේ බුදුන් ඇතුළු සඟරුවන වඩම්මා දානයක් දී බෝනික්කාට පින් අනුමෝදන් කිරීමේ යෝජනාව ඉදිරිපත් කරමිනි. පසුදින සිටුතුමාගේ ආරාධනයෙන් දනට වැඩි බුදුරජාණන්වහන්සේ මෙකී දාන පූජාවේ හේතුව අසා පෙර කී තොරතුරු දැන දේශනා කරන්නට යෙදුනේ ප්‍රඥාවත් පුද්ගලයා ජීවිතයේ සෑම අවස්ථාවක් ම පින් රැස් කර ගැනීමට යොමු වන බව පෙන්වා දෙමිනි. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]විවාහ මංගල්‍යය ද සමාජයේ වැදගත් අවස්ථාවක් ගන්නා සිදුවීමකි. නමුත් මේ සිදුවීම මුල් කර ගනිමින් කී දෙනෙක්නම් අපා ගත වන්නේ ද? අප ඒ ගැන මදක් විමසමු. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]ශ්‍රී ලංකා නීතිය අනුව වලංගු විවාහයක් කිරීම සඳහා (සාමාන්‍ය නීතිය අනුව) විවාහ රෙජිස්ට්‍රාර්වරයකු ඉදිරිපිට විවාහය ලියාපදිංචි විය යුතු ය. එසේම චාරිත්‍රානුකූල විවාහය සඳහා ද අවස්ථාව ලැබී තිබේ. එනමුදු අද වන විට චාරිත්‍රානුකූල විවාහය ලංකාවේ එතරම්ම දක්නට නොමැති අතර දෙමළ ජනයා අතර එය දක්නට ලැබේ. මෙකී විවාහ ලියාපදිංචිය සඳහා නියමිත ගාස්තුවක් ආණ්ඩුව විසින් නියම කර ඇති අතර ඊට හේතුව වන්නේ විවාහය සඳහා රජයේ පිළිගැනීම ලැබීමයි. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]සම්මා සම්බුදුරජාණන්වහන්සේ පවුල් ජීවිතයේ ආරම්භය ගැන අග්ගඤ්ඤ සූත්‍රයේ දී දේශනා කර ඇති අයුරු ඔබ කියවා දැන ගෙන ඇතැයි මා සිතමි. එනිසා එය නැවතත් සඳහන් නොකරමි. එකල ඒ සඳහා සමාජයෙන් ලද ප්‍රතිචාරය එහිදී උන්වහන්සේ දේශනා කර ඇති අතර එකී සූත්‍රය දේශනා කරන අවස්ථාවේ දී උන්වහන්සේ සඳහන් කරන්නේ අදත් එදා වැනිම චාරිත්‍ර දැකිය හැකි වන බවයි. ඒ මීට අවුරුදු 2500 කට පෙර දීය. එකී සිදුවීම් අද සමාජයේ දී ද දක්නට ලැබීම බුදුරජාණන්වහන්සේගේ වදන් කෙතරම් සත්‍යය ද යන්න තේරුම් ගැනීමට හොඳම සාධකයකි. අදත් ටින් බෙලෙක්ක එල්ලා, නොයෙකුත් අපහාස කරමින් මනාල යුවල පිටත්කරන අවස්ථා අප අතර ඇතිවා ඔබ දැක ඇතිවාට කිසිදු සැකයක් නැත. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]බුදුරාජාණන්වහන්සේ කිසිදු අවස්ථාවක විවාහය හෝ පවුල් ජීවිතය ගත කිරීමෙන් අප වළක්වන්නේ නැත. ඉන් බැහැරට උන්වහන්සේ අපට උගන්වන්නේ නිවැරදිව පවුල් ජීවිතය ගත කරන අයුරුයි. කෙසේවෙතත් පැවිදි ජීවිතයේ දී ලැබිය හැකි සහනය ගිහි ජීවිතයේ දී ලැබීමට නොහැකි බව බුදුරජාණන්වහන්සේ පෙන්වා දෙන සේක. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]නමුත් විවාහයක් සිදු කරන ආකාරය ගැන උන්වහන්සේ කිසිදු සඳහනක් නොකරන්නේ එය අනවශ්‍ය බැවිනි. කාමභෝගී ගිහි පින්වතුන්ට ම ඒ නිසා එය සොයා ගැනීමට සිදු වෙයි. එහිදී උපකාරී වන්නේ කේසපුත්තිකයන්ට බුදුරජාණන්වහන්සේ දේශනා කරනු ලැබූ ‘කේසපුත්ත සූත්‍රය’ යි. කුමක් කුසල් වන්නේ ද කුමක් අකුසල් වන්නේ ද යන්න සම්බන්ධයෙන් අපටම නිශ්චය කර ගැනීමේ ක්‍රමවේදය උන්වහන්සේ මේ ඔස්සේ උගන්වයි. එසේම සියළු බුදුවරුන්ගේ ඉගැන්වීම වන්නේ ‘සියළු පව් වලින් වැලකීමත් කුසලයේ යෙදීමත්’ ය. මේ සඳහා ධම්මානුධම්ම ප්‍රතිපදාවේ ගමන් කළ යුතු ය. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]ඒ අනුව බැලීමේ දී අද අපි දකින 99.9% ක්ම විවාහයන් එහි පාර්ශ්වයන්ට මෙන්ම ඊට සම්බන්ධවන අයවලුන්ට නිරයේ වැටීමට මාර්ගය සකස් කරයි. ඒ කෙසේද යන්න ද මදක් සාකච්ඡා කරමු. විවාහය ලංකාවේ දී හේතූන් දෙකක් නිසා සිදු වෙයි. එක්කේ ප්‍රේම සම්බන්ධයක් නිසාවෙනි. එක්කෝ යෝජනාවකිනි. මේ දෙකින් කුමක් ‍හේතුව වුවත් විවාහය සඳහා පාර්ශ්වයන් නිශ්චිත දිනට වසරක් හෝ පමණ පෙර සිට සැළසුම් කරයි. එයද ‘නැකත’ මුල් කර ගනිමිනි. කාන්තා පාර්ශ්වය තමන් විවාහයට අඳින සාරිය, විවාහය ගන්නා ස්ථානය, උත්සවයේ ස්වභාවය ආදී සියල්ල පිළිබඳ උනන්දු වන්නේ තමන්ට වුවමනා විදියට නොව රූපවාහිනියේ හෝ පුවත්පතක දකින රූපයන් මුල් කර ගනිමිනි. ඒ අනුව තමන්ව හැඩ ගන්වන්නේ කවුද යන්න පිළිබඳ වික්ෂිප්තව සොයා බලති. ඒ හමුවන අයවලුන් එකිනෙකා එකිනෙකාට වෙනස් මිල ගණන් අය කිරීමෙන් ම එය ව්‍යාපාරයක් බව හඳුනා ගැනීමට කිසිදු අපහසුවක් නැත. මනමාලිය යනු එකී ව්‍යාපාරයේ එක් සාධකයක් පමණි. මේ ආකාරයෙන් තමන් රූපයක් බලා රැස් කරන්නේ කුසල් හෝ පින් යැයි ඔබ සිතනවා ද? කොහෙත්ම නැත. ඇය රැස් කරගන්නේ අකුසල් සහ පව් ය. ලෝභය, ද්වේශය මෙන්ම මෝහය වැඩීමට අද විවාහ මංගල උත්සවය තරම් දෙයක් නැත. ඊළඟට බලන්න ලබා දෙන ආහාරය හා සංග්‍රහය. සමහරු මද්‍යසාර ඉන් ඉවත් කරන්නේ ඒ සඳහා වන වියදම දැරීමට නොහැකි නිසාවෙනි. එහෙත් 99.9% මංගල උත්සවයන්වලදී මස්, මාංශ භාවිතා කරනු ලැබෙයි. සමහරු කියන්නේ බුදුරජාණන්වහන්සේ මස් කෑමෙන් වළකින්නැයි දේශනා කර නැති බවයි. නමුත් උන්වහන්සේ ‘පානාතිපාතා වේරමණී’ ලෙසින් දේශනා කරනු ලැබ ඇත්තේ තමනුත් සත්ත්ව හිංසනයෙන් වැලකී, අනුන්වද ඉන් වළකා, සමාජයේ එවැන්නක් සිදු වන්නේනම් එයද හෙළා දැකීම ද ඒ තුළට ඇතුල් කරමිනි. ඉතින් මේ කර ගන්නේ නිරයේ දොර ඇර ගැනීම නොවේ ද? වැදගත්ම දේ මෙයයි. විවාහයට වැය වන්නේ විනාඩි 5 කටත් වඩා සුලු වේලාවකි. නමුත් විවාහ උත්සවයට පැය කීයක්, දින කීයක් වැය වේ ද? බෞද්ධ ඔබගේ ඇස් ඇරිය යුත්තේ මෙවැනි දේ වලට ය. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]මංගල උත්සවයෙන් මදක් බැහැරව ‘අවමංගල උත්සවය’ ගැන සිතන්න. ‍සතිපට්ඨාන සූත්‍රය ඔබ සැම දන්නා නිසාත් මළ සිරුර ගැන එහි ඇති දේශනාව ඔබට ආගන්තුක නොවේ යැයි මා සිතමි. අවමංගල උත්සව සඳහාම නම් දරනු ලැබූ ආයතන ලංකාවේ තිබේ. මිනී පෙට්ටිවලට එකිනෙකට වෙනස් අය කිරීම් ඒවායේ ඇති අතර හර්ස් රථය අනුව ද අය කිරීම් වෙනස් වේ. මදක් සිතන්න. අද එදා මෙන් අමු සොහොන් අපට නැත. ආණ්ඩුව විසින් මළ සිරුරට කළ හැකි දේ සිදු කිරීමේ රීති සකස් කර තිබේ. ගෑස් උඳුනේ පිළිස්සීම සඳහා යම් මුදලක් වැය කිරීමට ඔබට සිදු වූවත් භූමි දානය සඳහා එවැනි මුදලක් සමහරවිට වැය නොවේ. ඒ කෙසේවුවත් මේ සඳහා වැය වන්නේ රු.15,000/- කට අඩු මුදලකි. එහෙත් අද අවමගුලකට අවම වශයෙන් රුපියල් ලක්ෂ දෙකකට වඩා වැය වේ. අද කෙනකුගේ අවමගුලක් නිසා ද ඔබ සතර අපායට දොරටු විවෘත කර ගන්නා බව ඔබට නොවැටහෙන්නේ ද? [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]මේ සියල්ලට ‍හේතුව අද අපි ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් මිදී සම්මා සම්බුදුරජාණන්වහන්සේගේ දහමට පිටුපා ගමන් කිරීමයි. අප අතර රහතුන් දැකීමට අපට මෙවැනි තත්ත්වයක දී කිසිදු හැකියාවක් නැත. විවාහක යුවලක් හිතන්නේ විවාහයෙන් පසු ජීවත්වන ආකාරය නොව විවාහ උත්සවය සිදු කරන ආකාරයය. ඔවුන්ගේ සැළසුම්වල කේන්ද්‍රස්ථානය එයයි. ඒ තුළදී ඇති මෝහය නිසාවෙන් තමන් කර ගන්නා අකුසල් ඔවුන්ට නොපෙනේ. කවුරුන් හෝ උපදෙස් දුන්නොත් ද්වේශය වර්ධනය කර ගනී. සියල්ල අකුසලයට මුලයි. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]අප සිටින්නේ අවිද්‍යාවෙන් පිරුණු ලොවක බව බහුතරයකට නොවැටහේ. ඇත්තෙන්ම තණ්හාවට මුල අවිද්‍යාව වේ. එනිසාවෙනි ආලෝකය ඉපදුන බවට බුදුරජාණන්වහන්නේ දම්සක් පැවතුම් සුතුරේ දී උදම් අනනුයේ. අප හැසිරෙන්නේ ද ජාති අන්ධයන් විලසිනි. මෙවැනි දේ ප්‍රඥාවන්තව සිදුකළ යුතු බව බහුතරයකට නොතේරේ. ඇයි ඔබ ඔබගේ ජීවිතයේ වැදගත් අවස්ථාවක් සතර අපායට දොරටුව බවට පත් කර ගන්නේ? බුදුරජාණන්වහන්සේ දෙසූ ආකාරයට ජීවිතයේ සෑම අවස්ථාවක් ම ධර්මයේ හැසිරීමට ම යොදා ගන්න. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]මෙවැනි දේ කියවන විට කියවන්නාට මේක ලියන එකාට පිස්සු කියා නොසිතුනොත් පුදුමය. මක්නිසාදයත් අද එතරම්ම කෙලෙස් අප ආක්‍රමණය කර ඇති නිසාවෙනි. නමුත් සිතන්න, සසර ඉතාමත් බියකරුය. ඔබ විසින් සිදු කරන බොහෝ ක්‍රියාවන් අකුසල් සිතුවිලි මුල් කර ගනිමින්, මාර බැම්මට අසු වී සිදු කිරීමේ ප්‍රතිඵලය ඔබ තව තවත් සසරේ බියට අසු වීමයි. දුකට පත් වීමයි. ධර්මයේ හැසිරෙන්න. විවාහ වන්න. අවමංගල කටයුතු කරන්න. නමුත් ඒ සෑම තැන්හිදී ම ධර්මය මුල් කොට ගැනීමට වග බලා ගන්න. එය ඔබගේ ජීවිතය සුවපත් කරනු ඇත. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]අරුත් දනිමින් ජීවත් වන්න. [/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]

     

    hpalpola

    Well-known member
  • සෑම බෞද්ධයෙකුගේම (නාමික නොවන බෞද්ධ) අරමුණ නිර්වානය සාක්ෂාත් කර ගැනීමයි. ඒ සඳහා තෝරාගත හැකි මාර්ගයන් තුනකි. බුදු, පසේ බුදු සහ රහත්. මේ කුමන මාර්ගයක් තෝරා ගනු ලැබූවත් එහි ගමන් කල යුතු පිළිවෙලක් තිබේ. ඒ අනුව කෙනකු පිළිවෙලින් සෝවාන්, සෘදාගාමී, අනාගාමී අවස්ථාවන් පිළිවෙලින් පසු කොට ය රහත් අවස්ථාවට පත් වන්නේ. එහිද බෙදීම් කීපයකි. සෝවාන් මග හා ඵල, සකෘදාගාමී මග හා ඵල, අනාගාමී මග හා ඵල ආදී ලෙසින් දැක්වේ. අප උත්සහ ගන්නේ මේ භවයේදී අවම වශයෙන් සෝවාන් මාර්ගයටවත් පැමිණෙන්නටය. සමහරුනම් එය ද පසු භවයකට කල් දමා සිටී. විශුද්ධිමාර්ගයට අනුව "චූල සෝතාපන්න" ලෙසින් ද සෝවාන් මාර්ගයේ ගමන් කරන්නකු දක්වයි. සරලවම ගන්නේනම් මෙයින් අනාගතයේ සෝවාන් මගට පිලිපන් තැනැත්තකු අදහස් කරයි. මේ සඳහා කෙනකුට උපකාර වන්නේ කුමක් ද? ඔව් ඒ සඳහා ඔබ විසින් පටිච්ච සමුප්පාදය නැත්නම් හේතුඵල දහම අවබෝධ කර ගත යුතුය. ඒ තුලින් වැරදි දෘෂ්ඨීන් තුනෙන් මිදීමට ඔබට හැකියාව ලැබේ. වැරදි දෘෂ්ඨි තුන දැනටමත් ඔබ දන්නේ ය. 1. අහේතුක දිට්ඨි (අහේතුකව සිදුවන බවට වන වැරදි දෘෂ්ටිය) 2. විසම්හේතු දිට්ඨි (ලෝකය සර්වබලධාරි දෙවියකු විසින් මැවූ බවට වන වැරදි දෘෂ්ටිය) 3. පුබ්බේකත හේතු දිට්ඨි (පූර්වයේ කල කර්ම නිසා සියල්ල සිදුවන බවට වන වැරදි දෘෂ්ටිය) ඒ තුනයි. මෙයින් පළමු දෙක සම්පූර්ණයෙන්ම බරපතල මිච්චා දෘෂ්ඨීන් වන අතර තෙවැන්න තරමකට සාධාරණ බවද පෙනී යයි. මක්නිසාදයත් නාම-රූප, පූර්ව කර්මය අනුවද සකස්වන බැවිනි. නමුත් එයම පමණක් නොවේ. මෙය පූර්ව කර්මය නිසා හට ගන්නා නාම රූප සම්බන්ධයෙන් පමණක් නිවැරදි වුවත් අන් කරුණු අත්හැරෙන බැවින් මෙයද වැරදි දෘෂ්ටියක් බවට පත්වේ. මේවා අත්හල විටදීය නිවැරදි දෘෂ්ටිය හට ගන්නේ. එය අත්හල හැක්කේ පටිච්ච සමුප්පාදය පිළිබඳව අවබෝධය ලැබීමෙන් පමණි. අනාගතයේ සෝතාපත්ති මාර්ගයට පැමිණිය හැක්කේ මෙකී අවබෝධය අැත්තන්ට පමණි. එහෙයිනි චූල සෝතාපන්න ලෙසින් ඔවුන් හැඳින්වෙන්නේ. එනිසා අප ඒ සඳහාවත් අවම වශයෙන් උත්සාහ දැරිය යුතු වෙමු.

     

    hpalpola

    Well-known member
  • ජීවිතය අපිට නොයෙක් අත්දැකීම් දෙනවා. අපි ඒවා බාරගන්නා ආකාරය එකිනෙකාට වෙනස් නිසා ඒ අත්දැකීම් කෙනෙක්ට වදයක් වෙද්දි කෙනෙක්ට සතුටක්, වින්දනයක් වෙනවා.

    පුංචි කාලෙ මන් හැදුනෙ දෙමව්පියන් ලඟ නෙමෙයි. ඉතින් මේ නිසා කෑම බීම සපයා ගැනීම ගැන අපහසුතා තිබුනා. තාම මතකයි ආතා බඩ ගින්නෙ ඉන්නවා මට කෑම දීලා. ඒ කාලෙ වැඩිපුරම බඩ ගින්න නිවා ගන්නෙ තේ බීලා. අදත් තේ තමයි මගේ ප්‍රියතම පානය. හැබැයි එහෙම වුනා කියලා කවදාවත් අනුන්ගේ වත්තකින් අඹ ගෙඩියක්වත් කඩලා නෑ. ආතා පුංචි කාලෙ ඉඳන්ම ඉගැන්වූවේ අනුන්ගේ දේ ගැනීම දෙවිදියකට අපිව ලැජ්ජාවට පත් කරනවා කියලා. මෙලොවදියි පරලොවදියි. ඒ කාලෙ පරලොව ගැන නොතේරුනාට අද ඒ ගැන යමක් තේරෙනවා. මේ විදියට බඩ ගින්නෙ උන්න නිසා අනිකාගේ බඩ ගින්න ගැන පොඩි දැනීමක් ඇති වුනා. ඒ දැනීම නිසා පුංචි කාලෙ ඉඳන්ම අනිත් අය එක්ක ලැබෙන කෑම ටික බෙදන් කන්න පුරුදු වුනා. ඒක හරිම ජොලි වැඩක් බව තේරුනම කෑම විතරක් නෙමෙයි වෙනත් දේවලුත් බෙදා ගන්න පුරුදු වුනා. සල්ලි, ඇඳුම්, පොත් පත්, සපත්තු වගේ දේවල් තමයි පොඩි කාලෙ බෙදා ගත්තෙ. අද වෙද්දි නීතීඥවරයකු විදියට නීති දැනුමත් සහෝදර වෘත්තිකයො එක්ක වගේම සාමාන්‍ය මිනිස්සු එක්ක නොමිලේම බෙදා ගන්නවා. ඒක මාරම ජොලි. ඇත්තටම ඒකෙ පුදුම kick එකක් තියෙනවා. අද මන් දන්නවා ලැබෙන එකම කෑම වේල හරි බෙදා ගෙන කද්දි දැනෙන සතුට.

    මේ සතුට ගැන දන්න තව කෙනෙක් තමයි අපේ Leelaratne අයියා. ඒ දවස්වල අපි පාඩම් කරද්දි අපිට අපි කැමති කැමති දේ කන්න හදලා දෙනවා. මන් ආසයි රතු හාලේ කිරිබතුයි, ලුණු මිරිසටයි. ඉතින් අයියා ඒවා හදලා දෙනවා බඩ පැලෙන්න කන්න. අයියාගේ කෑම හරිම රසයි. ඒ වෙන දෙයක් නිසා නෙමෙයි, එයා මට කන්න දෙන්න තියෙන හෘදයාංගම බැඳීමෙන් ඒක කරන නිසා. අද අපි නීතීඥවරු කියලත් ඒකෙ වෙනසක් නෑ. හෙට එහෙ එනවා කිව්වත් කිරිබතයි, ලුණු මිරිසයි වරදින්නෙ නෑ.

    ඒත් අවාසනාවට බොහෝ දෙනෙක් මේ සතුට විඳලා නෑ. සමහරු ලෝකෙට පේන්න බෙදා ගන්නවා. සමහරු කරන්න දෙයක් නැති නිසා බෙදා ගන්නවා. එහෙම නෙමෙයි. ඔයාලත් දවසකට එක දෙයක්, එක අවස්ථාවක්, අඩුම තරමෙ හිනාවක්වත් තවකෙනෙක් එක්ක බෙදා ගන්න. සුපිරි සතුටක් දැනෙයි. නිකම්ම ඉඳලා ඔහේ පොලොවට පස්වෙලා යන ජීවිතේ, පොඩි ප්‍රඥාවන්ත ජොලියක් දාලා මැරුනම මොකෝ...



     

    hpalpola

    Well-known member
  • ජීවිතේ නම් පුදුම දෙයක් යන්න නිතරම සිතෙයි. හරි හරි වැඩය මටනම් සිදු වන්නේ. ඔබලාටත් එසේදැයි මා නොදනිමි.

    ඒ දවස්වල නීතීඥ වෘත්තියට මා පුදුම ලෙස වෛර කළෙමි. ඒ අපේ පැත්තේ සිටි නීතීඥවරයකු නිසාවෙනි. ඔහු පුදුම දුකක් විඳය මිය ගියේ. ඔහු මිය යන විට අතුණුබහන් පවා කුණුව ගොස් තිබිනි. ආතානම් කීවේ මිනිසුන්ට කල අකටයුතුකම්වලට ඒ මිනිස්සු හීල්ලීමෙන්ම ඒම ශාපයක් වී ඔහුට වැදී කුණු වී දුක්විඳ මිය ගිය බවයි. මේ නිසාම මේ වෘත්තිය මට අප්‍රසන්න විය. නමුත් මාද කැරකවී අවසානයේ නැවතුනේ එම වෘත්තියේමය. මටත් අර විදියටම මිනිස්සු බනිනවා ඇත. ඒක මේ වෘත්තියේ හැටි නොවැ. ඒත් මම නම් මේ වෘත්තියට හරිම ආදරෙයි. එනිසා ආදරයෙන්, භක්තියෙන් වෘත්තීමය කටයුතුවල යෙදෙමි. කොහොමත් සමාජය දෙස බැලූ විට මා මහ මැට්ටකුයැයි අපේ තාත්තා කියන කතාව ඇත්තය. මට මෙහෙම ඉඳියට හරි හරි වැඩ වෙයි. දැන් මගේ කල වයසත් හරිලු, කොන්ඩෙත් ඉදිලලු, කසාදයක් කර ගන්න කාලය හරියැයි හැමෝම වගේ කියයි. යාළුවොත් සේරමවගේ බැඳලාය. මෑතකදී නොබැඳ සිටි අන්තිමයා, කාන්චනාත් බැන්දා දැන් ඉතින් උඹ විතරයි ඉතිරි කියා නිලූෂා බට්ටී කිව්වාය. ඒත් "කව්ද අපිට හිර දෙන්නෙ" මා උත්තර දුනිමි.

    මා දෙවරක් මනාලියන් බැලීමට ගියෙමි. දෙවරම බලු බැණුම් අසන්නට සිදු විය. පලමුවර ගමනේදී කපුනෝනා මට උපදෙස් රැසක් දුන්නාය. "මහත්තයා, ඔන්න ආගම ගැන කතා කරන්න එපා. වෘත්තිය කරන හැටි ගැන කතා කරන්න එපා. ගෙයක් ගැන ඇහුවම මන් ඒක බලා ගන්නම්. තව ඔය කොන්ඩෙ කළු කර ගන්නත් ඕනා. මස්,මාළු නොකන වග කියන්න යන්න ඕනා නෑ. ඒවා මන් බලා ගන්නම්"වගේ උපදෙස් රැසකි. මාද ගොනා සේ ඒවා අසා ඉඳ ගමන ගියෙමි. මනාලිය දුටු පමණින්ම දෙමව්පියෝ නෑදෑයෝ මට ඇස් ගහන්නට විය. මන් ඇයි කියා ඇසූ විට තාත්තා මට බැන්නේය. මා ඇයට හිනා වී බිම බලා සිටියෙමි. මනාලිය ඇහැට කනට පේන තරුණියකි. කපුනෝනා කතාව කරයි. මා ගැන පට්ට කෙබ්බ අදියි. අපේ නෑයෝ ඒවා අනුමත කරයි. ඒවා අසා දහඩිය දමන්න පටන්ගත් නිසා මා එතනින් එළියට ආවෙමි. ටිකකින් මනාලියගේ පියා පැමිණ පුතා එන්න ඇතුලට කී නිසා මා ඔහුට මාමේ මට දූ එක්ක කතා කලෑකිද කියා අැසුවෙමි. එවිට ඔහු ගේ දෙසට හැරී මෙන්න මනාල මහත්තයාට අපේ දෝණියන්දෑට කතා කරන්න ඕනලු, කෝ ආවනම් කියා කියූ විට කපුනෝනාම ඇය සමග පැමිනියාය. එවිටම අපේ පියා මට කතා කර "මේ අහපන් මැට්ටො, අනවශ්‍ය කතා කියලා වැඩේ අවුල් කරන්න එපා" කියා පැත්තකට අඬගසා මට අවවාද කලේය. මන් එයද හිතේ දරා ගෙන ඇය සමග කතාවට වැටුනි. "ඔයාගේ නම මොකක්ද මම හරිශ්" ආරම්භය ගත්තෙමි. "මම....". ඇයි උත්තර දෙයි. "මොකද ඔයාට හිතෙන්නෙ මට කැමති ද" මා ඇසුවෙමි. "දැන්ම ඉකමන් වෙන්න බෑනේ අපි අඳුනන්නේ නෑ නෙ" ඇය කියයි. "ඔව් එ්ක ඇත්ත. කපු නැන්දා කියන දේවල් බොරු හොඳේ. මන් ගැන මන් තරම් එයා දන්නෙ නෑ." මන් කීවෙමි. "ඉතින් ඔයා ගැන කියන්න බලන්න" ඇය ආරාධනා කලාය. "ඒවායින් වැඩක් වෙන්නෙ නෑ. මන් කියන දේ ටිකක් අහන්න. ඔයා ඇහැට කනට පේන කෙනෙක්. මගේ කොන්ඩෙ ඉදිලා පීනස නිසා, ඒ ගැන ඔයාගේ අදහස මොකක්ද" මා අසමි.
    "ඩයි කලෑකි නේද, කැතයිනේ නැත්නම්" ඇය කියයි. "ඒකනම් කවදාවත් වෙන්නෙ නෑ මිස්" මා කීවෙමි. ඒ ගැන කතාව ඉවරයි. "මන් හින්දු චාරිත්‍රවලට කැමති නෑ ඒ ගැන ඔයාගේ අදහස මොකක්ද" මන් දෙවැන්නත් ඇසුවෙමි. "ඒ කියන්නෙ මොනවද මට තේරෙන්නේ නෑ." ඇය කියයි. "ඒ කිව්වෙ නැකැත්, පෝරුවෙ නගින ඒවා වගේ" මා කීවෙමි. "මොකක් ඒක පුදුම වැඩක්නෙ. මන් ආසයි මනාලියක් විදියට ලස්සනට ඇඳලා පෝරුවේ නැගලා හොඳ මගුල් ගෙයක් ගන්න." ඇය ඇස් ලොකුකර කියයි. "වෙලාවට ඔයා මට කැමැති නැත්තෙ. මන් ඒවාට කැමැති නෑ මිස්. මට අනුන් කරන දේ කරන්න ඕනා නෑ. සරලව ආගමානුකූලව කරන දෙයක් හැර වෙන දෙයක් කරන්නේ නෑ." මන් කීවෙමි. "අම්මෝ ඔයා කලින්ම ඒ ගැන කිව්ව එක හොඳයි. මම නම් කැමති නෑ ඔයා වගේ අදහස් තියෙන කෙනෙක්ට" ඇය කීවාය. "ඇත්තම ද" මා පුදුමයෙන් ඇසුවෙමි. "අනේ ඔව්" ඇය කීවාය. "ෆ්‍රෙන්ඩ්ස්??" කියා මා ඇයට අතට අත දුන්නෙමි. ඇය ගස්සා අහක බැලුවාය. අපේ කතාව එපමණකි. එදා සිට දවස් ගණනක් යනතෙක් මට නොසෑහෙන්න රැවුම්, බැණුම්, ගෙරවුම් අඩුවක් නැතිව ලැබිනි. මේ වුනේ 2012 දී ය. ඉන් පසුව මට මගුල් කතා නොකර කාලයක් ගත වී නැවතත් 2015 දී එය කරලියට ආවේය.

    දිනක් මා උසාවිගොස් ගෙදර එන විට ගැහැණියක් ඉස්තෝප්පුවේ වාඩි වී සිටියාය. මා ඈ සමග හිනා වී ඇතුලට ගියේ අම්මාට අඬ ගසමිනි. "ඇයි අර ගෑණු කෙනෙක් තනියම ඉන්නෙ. මාව හම්බ වෙන්නද" "ඔව් ඔව් කපු කෙනෙක්" "හුටා අයෙත් පටන් ගන්නද යන්නෙ වැඩේ" මා හිනා වෙමින් අසා කාමරයට ගියෙමි. ටිකකින් අම්මා කතා කලාය. මාද ලැජ්ජාවෙන් ගොස් ඉස්තෝප්පුවේ වාඩි වුනෙමි. "මෙයාට තමයි අපි හොයන්නෙ. කොළඹ වැඩ කරන නීතීඥ කෙනෙක්" අම්මා කියයි. "මහත්තයා ගැන අම්මා කිව්වා. මහත්තයා මොන වගේ කෙනෙක්ද හොයන්නෙ" කපුනෝනා අහයි. "අනේ නැන්දෙ මට ගෑණු එපා." මන් කීවෙමි. "ඒක තීරණය කොරන්නෙ අපි, කල වයස ආවම දෙමව්පියො ඒවා කරලා දෙන්න ඕනා, දරුවන්ට ඕන විදියට නටන්න දෙන්න බෑ" අම්මා කියයි. "ඒකනෙ මහත්තයො." කපුනෝනා ‍පෝර දායි. "එහෙමද, හොඳයි එහෙනම් බලන්න මන් කැමති විදියෙ කෙනෙක්" මා කීමි. "කොයිවගේ කෙනෙක්ට ද මහත්තයා කැමති". "ම්ම් රූපය ගැන මන් හිතන්නෙ නෑ, හැබැයි පාරේ එක්ක යන්න පුළුවන්නම් හොඳයි. මොකද මන් කලින් යාළුවෙලා උන්න ලමයා මා එක්ක පාරේ යන්න කැමති නෑ. එයාගේ දෙමව්පියො යහපත්වෙන්න ඕනා, දුරාචාර වැඩ කරන කෙනෙක්ට මන් ගරු කරන්නෙ නෑ, විශේෂයෙන්ම ආගමානුකූලව ජීවත්වෙන්න ඕනා, ඔය පෝරුවේ වැඩ මන් කරන්නෙ නෑ. ඊට අමතරව මස්, මාළු නොකන, අරක්කු සිගරට් වලට විරුද්ධනම් හොඳයි. උදේම නැගිටින්න ඕනා. ඇඳුම් හෝදන්න සෙනසුරාදා වෙනකම් ඉන්න බෑ. අනික දරුවො හදන්න කල් ඕනා කියලා කියන්න බෑ. ඒ වගේම මට තවම ගෙයක් නෑ කියලා කියන්න ඕනා" මන් කීවෙමි. "අනේ මහත්තයො ඕවට කැමති ගෑණු ලමේක් කොහෙන් හොයන්නද. හැම කෙල්ලම හීන දකින්නෙ පෝරුවෙ නගින්න" ඇය කියන්නට වූයෙන් මා පුටුවෙන් නැගිට්ටෙමි. "මට ඕවයින් වැඩක් නෑ. කැමතිනම් මන් කියූ විදියට බලන්න. නැත්නම් අනවශ්‍යයි" කියා මා ඒ රැස්වීම හමාර කලෙමි.

    ටික දිනකට පසු ඇය හවස් වරුවක ආ‍වේ මංගල යෝජනාවක්ද සමගිනි. "ඔන්න මහත්තයො මහත්තයා කිව් විදියට කෙනෙක් ලැබුනා." ඇය කිව්වාය. "මොකක්" ඒ අසා මා විශ්මයට පත් වූයෙමි. මන් ඉවරයි. අම්මා අැයත් සමග සතුටින් කතාවය. අවසානයේ ඉරිදාවක ඇය බැලීමට අපි ගියෙමු. එදාත් යන ගමනේ දී කපුනෝනා මට පෙර ලෙසම උපදෙස් දුන්නාය. අපි ගෙදරට ගියෙමු. මනාලිය සාරියකින් සැරසී පැමිණ අම්මලාට ආචාර කොට මටද ආචාර කලාය. මා සිනා සී පෙරලා ආචාර කළෙමි. ටිකකින් මා ඇය සමග කතා කරන්න අවශ්‍ය බව කිව්වෙමි. අපේ තාත්තා හැර සියල්ලෝ අප තනිකොට පිටට ගියෝය. තාත්තා නොයන්නේ ඇයිදැයි මා දනිමි. එහෙත් මා තාත්තා ලඟට ගොස් යන්නයැයි කී විට "අනේ ලොකු පුතේ අපේ නම්බුව කන්න එපා මේ සැරෙත්" කියා තාත්තාත් එළියට ගියේය. මා ඇය ඉදිරිපිට වාඩි වුනෙමි. "මන් පුදුම වුනා මේ මගුල ගැන ඇහුවම, කපුනෝනා විස්තර කිව්වද මන් ගැන" මන් ඇසුවෙමි. "ඔව් කිව්වා." ඇය කිව්වාය. "ඒ කියන්නෙ මන් කිව්ව දේවල්".. ඇය පුදුම විය. "මන් එයාට කිව්වා මන් බඳින්න කැමති මොනවගේ කෙනෙක්ද කියලා" මා කිව්වෙමි. "මොනවගේ කෙනෙක්ද" ඇය අහද්දී මට කපුනෝනා ගැන තරහක් ඇතිවිනි. "ටිකක් ඉන්න. සමාවෙන්න ඔයාව අපහසුතාවට ලක් කරනවාට. මන් එයාට කිව්වා මන් කැමති දේවල් ගැන කියල‍ා ඊට කැමතිනම් විතරක් කතා කරන්න කියලා." උත්තර දුන් මා කපුනෝනාව කතා කරන් ආවෙමි. ඇයටද මනාලිය ලඟින් වාඩි වෙන්න කියා, මා, මා ඇයට කිවූ දේවල් මනාලියට කිව්වාදැයි ඇසුවෙමි. නැහැ ඇය උත්තර දුන්නාය. ඇයි ඒ මා ඇසුවෙමි. ඈ කීවේ ඒවාට කවුරුත් අකමැති බවයි. මට දැනුන ලැජ්ජාව නිමක් නැත. එහෙත් ඒ තරුණිය බුද්ධිමත් නිසා එදා අවුලක් නැතිව බේරුනි. කපුනෝනාව එදායින් පසු තවම දැක්කේ නැත. මේ ගැන මා ලද අත්දැකීම් එපමණකි. දැන් මගුල් නැත. බැණුම් නැත. තාත්තා කියන්නේ මා මැට්ටෙකු බවයි. ඒ මා ජීවත්වන රටාව නිසාවෙනි. නමුත් මා ඒ ජීවන රටාව නිසා මගේ වෘත්තියේ හරමි සතුටින් යෙදී ජීවිතයේද සතුටින් ජීවත් වෙමි. ගෙවෙන හැම දවසක්ම මට අළුත් ලස්සන දවසකි. හැමදාම සිනහවෙන් දවස අරඹන මා නින්දට යන්නේ ද එලෙසිනි. ඒ මා මට ඕනෑ විදියට මිස අනුන්නට ඕනෑ විදියට ජීවත්වන නිසාවෙනි. ඒ සියල්ල මේ වෘත්තිය නිසාවෙනි. මුලදී මා කෙතරම් වෛර කලත් දැන් මා මගේ වෘත්තියට කියන්න බැරි තරම් ආදරේ ය. ඒ වෙනකක් නිසා නොව මාගේ සහෝදර ජනතාවට යහපත්වන යමක් කල හැක්කේ මේ තුලින් නිසාවෙනි.

    අද අපි දකින විවාහ යනු සතර අපායේ උපදීමට ඇති පහසුම මාර්ගය ය. කෙලෙස් වසඟයට පත්ව ඇති මිනිස්සු ඒවා තරයේ අල්ලා ගෙන සිටිති. අද විවාහයක ඇත්තේ ඇස, කන, දිව පිනවීම මිස වෙනත් දෙයක් නොවේ. ඒ මදිවාට හින්දු, ක්‍රිස්තියානි චාරිත්‍ර අපේ කර ගෙන සිංහලුන් සේ නිලමෙ ඇඳුම ඇඳගෙන කරන එක්තරා විකාරයකි. එක් අතකට විවාහය සමහරුන්ට මුදල් ඉපයීමේ මාධ්‍යයකි. සමහරුන්ට ලොකුකම පෙන්වීමේ මාර්ගයකි. සමහරු හීනමානය වඩා ගන්නේ ද ඒ තුලිනි. සැබෑ නීතීඥවරයකු යනු සැබෑ මිනිසෙකු ලෙසින් මා නිතරම සිතමි. අධිකරණයක අසාධාරණව නඩු කතා කිරීම මෙන්ම අසත්‍ය සාක්ෂි දීම මහා පාපයක් ලෙසින් බුදුරජාණන්වහන්සේ දක්වා ඇත. අප එකී පාපයන්ගෙන් වැලකී දිවි ගෙවිය යුතු වෙමු. මෙවැනි දේ ඇසූ විට බොහෝ දෙනා මූ පිස්සෙකැයි කියා කියනු නොඅනුමානය. එහෙත් හොඳින් සිතා බලන්නකුට මා කියනා දේ වැටහෙනු නොඅනුමානය.








     

    hpalpola

    Well-known member


  • මිනිසුන් පුදුම ජාතියකි. ඔවුන්ට තරම් වැඩ රාජකාරී මිහිපිට ජීවත්වන කිසිම සතකුට නැත. අනෙක් අතට කිසිම වැඩක් නැති අයත් වැඩ පෙන්වන්නට හරිම කැමතිය. ඒ නිසා බොරුවටත් කට අරින්නේ "මම බිසී" කියමිනි. නමුත් ඔබ දන්නවාද ඔබේ මේ බිසිය නැත්නම් දවසෙ පැය 24 ටත් කර අවසන් කිරීමට නොහැකි වැඩ රාජකාරී නිසා ඔබගේ ජීවිතය දුක් ගොඩක් බවට පත්වන බව. අවසානයේ සැනසිල්ලේ මිය යාමටවත් ඔබට නොහැකිවනු ඇත. මරණ මංචකයේදීත් ඔබට කිරීමට නොහැකි වූ හෝ කරමින් අතරමැද නැවතුනු හෝ ඔබ විසින් කරනු ලැබූ වැඩ රාජකාරී සිහිපත්වී සිහිය ඒ මත රැඳෙනු ඇත. ඔබ විසින් කරන 99.9% ක් වැඩ මෙලොව, පරලොව දියුණුවට හේතුපාදකවන වැඩ නොවේ. ඉතින් ඒවා ගැන හිතා මක් කරන්නද? ඔබම හිතන්න. ඔබගේ ඔය වැඩ නිසා නැත්නම් බිසිය නිසා මෙලොව සැනසීමම ඔබට අහිමිව නැත්ද කියා. එනිසා සැනසිල්ලේ මියෙන්නටවත් ආසාවක් ඇත්නම් දැන් දැන්ම ඔබගේ වැඩ රාජකාරී අවම කර ගන්න. "කම්මාරාමයෙන්" මිදෙන්න.

    අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ "භද්දක සූත්‍රය" ඇසුරෙනි.



     

    hpalpola

    Well-known member
  • ඔබත් "භාෂ්‍යතාරාමයෙන්" පෙලෙන්නෙක් ද?

    නිතරම කතා කිරීමේ වුවමනාව, නොනවත්වා කතා කිරීම, වුවමනා දෙයටත් එපා දෙයටත් කතා කිරීමේ වුවමනාව, කවුරුන් හෝ යම් මාතෘකාවක් ගැන කතා කරමින් සිටියදී ඒ ගැන දැනුවත්වූවත් නොදැනුවත්වූවත් කතා කිරීමේ වුවමනාව, කොටින්ම නිතරම භාෂණයේ යෙදීමේ ආශාව/වුවමනාව වැනි රෝග ලක්ෂණ මෙහිදී හඳුනා ගැනීමට ලැබේ. එසේම කා සමග හෝ කතා කිරීමට නොහැකි වන විටකදී පාළුවක් දැනීම වැනි ලක්ෂණ ද මෙම භාෂ්‍යතාරාමය නම් රෝගය ඔබට පවතින්නේ ද යන්න හඳුනා ගැනීමට උපකාරී වේ.

    මෙම රෝගය වැලඳී ඇත්තන්ට මෙලොවදී සේම පරලොවදී ද දුක් විඳීමට සිදු වන අතර එය කායිකරෝගයක් නිසාවෙන් ඇතිවන වේදනකාරී තත්ත්වයටවඩා බරපතල තත්ත්වයකි. එනිසා ඔබ, ඔබට මෙම රෝගය ඇත්ද යන්න හඳුනාගෙන ඉන් වැලකීම අගනේය. මේ සඳහා මෙලොව ජීවත්වන කිසිදු වෛද්‍යවරයකුට ඔබට ප්‍රතිකාර කල නොහැකි අතර කිසිදු මැවුම්කාර දෙවි කෙනෙකුට ද පිළිසරණක් විය නොහැක. ඔබම ඔබට වෛද්‍යවරයා විය යුතුය.

    මෙකී රෝගය නිසා මරණාසන්නව සිටින්නා වූ ඔබට දරුණු වේදනාකාරී තත්ත්වයන්ට මුහුණ පෑමට සිදු වේ. ඔබ නොදන්නවා වූවාට ඔබ ආහාර මගින් සිරුරට ලබා දෙන පෝෂණයෙන් වැඩි කොටසක් කතා කිරීම සඳහා වැය වේ. වයස්ගතවන විට මෙහි සංකීර්ණ තත්ත්වය නිසා වැඩි කතාව ඔබව ශාරීරිකව දුර්වල තත්ත්වයට පත් කරවයි. එපමණක් නොව කතා කර ගැනීමට නොහැකි වූ විට ඔබට ඔබ ගැනම කලකිරීමක් ඇති වනු නොඅනුමානය. අනෙක් අතට මෙලොවදීම ඔබේ නිමක් නොමැති කතාව නිසා ඔබ මිනිසුන්ට අප්‍රසන්නයකු වනු ඇත. මරණාසන්න වූ ඔබ කතා කර ගැනීමට නොහැකිවීමේ අයහපත් ප්‍රතිඵලයක් ලෙසින් සතර අපායෙන් එකකට නොගියහොත් ඔබ පුදුම නොවිය යුතු ය. අනෙක් අතට භාෂ්‍යතාරාමය හේතුවෙන් වචනයෙන් කෙරෙන අකටයුතුකම් එනම් බොරුව, සම්ප්‍රප්ඵලාපය, පරුෂ වචනය, කේලම් කීම ආදී සියළු දේ අඩු නැතිව සිදු කර ගත හැක. ඒවායේ ප්‍රතිඵල එක් භවයක් සඳහා පමණක් නොව සසර සැරි සරනතෙක් ඔබට ලැබෙනු ඇත.

    මෙනිසා ඔබ, ඔබ ගැන උනන්දු වන්නේනම්, භාෂ්‍යතාරාමයෙන් වැලකීමට සිත්හි තබා ගැනීම උචිත බව නිර්දේශ කරන්නෙමි.

    --------- සුවපත් වේවා.-----



     

    hpalpola

    Well-known member
  • හවස නඩු තීන්දු කියවමින් ඉද්දි ජොන්ටි කෑ ගහන්, නැට්ට උස්සන් දුවන් ආවා. ආ කියන්න අමතක වුනා, ජොන්ටි කියන්නේ අපේ පූස් පැටියා. බැලුවා මොකද මූ දුවන්නේ කියලා. බල්ලෙක් වත්තට ඇවිල්ලා. උෟට බයේ තමයි ජොන්ටි දුවලා තියෙන්නේ. බල්ලව පන්නලා දාලා ඉඳගත්තම ජොන්ටි උකුලට පැනලා මා එක්ක නඩු තීන්දු කියවන්න පටන් ගත්තා. ඌව අත ගගා ඉද්දි මිනිස්සු ගැන හිතුනා. පූසා බල්ලාට බයයි. බල්ලා අපිට බයයි. අපි බල්ලට බයයි. හොඳයි නැද්ද. සයිස් බල්ලෙක් බුරන් එද්දි බය දැනෙන්නේ නැද්ද. දැනෙනවා... හැම සතෙක්ම තව සතෙක්ට බයේ තමයි ජීවත්වෙන්නේ. මිනිස්සු සත්තුන්ටත් වඩා සත්තුන්ට බයයි. ඒත් අපි හැසිරෙන්නේ කොහොමද. මහ ලොකු චන්ඩි වගේ. කැරපොත්තන්ට, අඳුරට බ‍යේ ගැහෙන ගෑනු මිනිස්සුන්ට කොයිතරම් පාට් දානවද. ඒ පාට්වලට බය නොවෙන මිනිස්සු ලෙඩදුක්වලට කොයිතරම් බයද. සමහරු හෙම්බිරිස්සාව තියෙන කෙනෙක් ගාවට යන්නත් බයයි. ලේ ගන්නවාට කොයිතරම් බය චන්ඩි අපි අතරෙ ඉන්නවා ද. අැයි මේ විදියට බය වෙන්නේ. මේකට හේතුව ලෝකෙට කියලා දුන්නේ එකම පුද්ගලයෙක් විතරයි. ඒ බුදුරජාණන්වහන්සේ. උන්වහන්සේ පෙන්වලා දුන්නා මමත්වය නැත්නම් ආත්මයක් තියෙනවා කියලා හිතීම තුළ බය, ශෝකය මිනිස්සුන්ට ඇති වෙන බව. මේ ගැන වෙන කිසිම පුද්ගලයෙක් පෙන්වලා දුන්නේ නෑ. ආත්මය පිලිගන්නා නිසා තමයි තමන්ගේ කියල‍ා හිතන්නේ, පිලිගන්නේ. ඒ නිසා තමයි කට්ටක් ඇනුනම වුනත්, කැරපොත්තෙක් දැක්කම වුනත් බය වෙන්නෙ. ලෙඩෙක් දැක්කම අපිට බය හිතෙන්නේ මේ නිසයි. අප්පිරියාව, බය, දුක, තරහව මේ හැමදේම ඇතිවෙන්නෙ ආත්මය පිලිගැනීම නිසයි. ආත්මයක් නෑ කියලා පිලිගන්න ආරාම, පන්සල් යන බහුතරයක් ගෑනු, මිනිස්සු ගෙදර ඉන්න මිනිස්සුන්ටත් වඩා ආත්මය අල්ල ගන්නවා. ඒ විතරකැයි එහෙම උගන්වන සමහරක් ස්වාමීන්වහන්සේලා, ආගමික ගුරුවරු ඒ ගිහියන්ටත් වඩා ආත්මය අල්ලන්. බෞද්ධ රටක, ජීවමාන බෞද්ධ ධර්මය පවතින රටක මෙවැනි තත්ත්වයක් මතුවීම කොයිතරම් නම් හාස්‍යජනක ද. බැලුවම ජොන්ටියි අපියි සේරම එකම විදියයි. ආත්මය නිත්‍යයි කියල‍ා අල්ලන් හති දාගෙන නොනවතින තරඟෙක දුවනවා. හොඳයි නැද්ද.




     

    hpalpola

    Well-known member
  • මිනිස් ජීවිතය නම් පුදුම සහගතය. මනසින් උසස් සත්ත්වයා ලෙසින් මිනිසා හඳුන්වයි. අන් සතුන්ගෙන් මිනි‍සා වෙනස්කොට දක්වන්නේ "අවබෝධය"යි. නමුත් මිනිස් අවබෝධය එකිනෙකාට වෙනස්ය. එකම අවස්ථාවක් දෙදෙනෙකුට දෙඅාකාරයකට අවබෝධ වේ. කිසිවිට කිසිවකුට එකම දේ එකම ආකාරයට අවබෝධ වන බවක් නොපෙනේ. අධිකරණ කටයුතුවලදී එය පැහැදිලිය. එකම සිදුවීමක් ඇසින් දුටු සාක්ෂිකරුවන් දෙදෙනකු ඒ පිළිබඳව වෙනස් සාක්ෂි දෙන්නේ එනිසාවෙනි. එසේම ඔවුන්ගේ සාක්ෂිය එකමනම් එවිට ඒ සාක්ෂි පුහුණු වී ලබා දෙන සාක්ෂියැයි සැක මතු කිරීමට නීතියේදී හැකියාව ඇත. ඒ පෙර කී එකිනෙකට වෙනස් අවබෝධය නිසාවෙනි. අවබෝධය, ප්‍රඥාව සමග බැඳී ඇත. අවබෝධයට පත්වීම යනු ප්‍රඥාවට පත්වීමයි. දම්සක් පැවතුම් සූත්‍රයේදී ආලෝකෝ උදපාදී, ප්‍රඥා උදපාදි ලෙසින් ආලෝකය පහල විය, ප්‍රඥාව පහල විය ලෙසින් බුදුරජාණන්වහන්සේ මේ බව දේශනාකල අතර එවැනි ප්‍රකාශයක් කල ශාස්තෘවරයෙක් මෙලොව තවත් නැත. අන් හැම ශාස්තෘවරයෙක් ම අනුන්ගෙන් ලද අවබෝධයක් ගැන පමණි කතා කරන ලද්දේ. එනිසා ම ඒ ශාස්තෘවරු දේශනා කලේද අනුන් ලවා ලබන අවබෝධයයි. අනුන්ගෙන් ලබන ප්‍රඥාවයි. එය සිංහල භාෂාවෙන් කියනවානම් "බළලුන් ලවා කොස් ඇට බෑවීම"ක් බඳුය. නමුත් බුදුරජාණන්වහන්සේ ප්‍රායෝගිකව සෑම තැනැත්තකුටම තමන්ගෙන් ම ලැබිය හැකි අවබෝධය ගැන දේශනා කලේ ය. එනිසා නිවන ලැබීමට තමන්ම වෙහෙසවිය යුතු බව බුදුරජාණන්වහන්සේ දේශනා කලහ. මේ දේශනාවේ එක් අරුතක් වූවේ "තමන් ගැන තමන් දැනීම"යි. වෙනත් කිසිදු ආගමික ඉගැන්වීමක එවැන්නක් උගන්වන්නේ නැත. අප සියල්ලෝම දුක් අටකින් පෙලෙති. ඉපදීම, රෝගයන්ට නිරාවරණය, වයසට යාම, මරණය, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් සමග සම්භෝගය, බලාපොරොත්තුවන දේ නොලැබීම, පංචුපාදානස්කන්ධයෙන් හට ගන්නා දුක ආදී ලෙසින් ඒ දුක් පෙන්විය හැක. තමන් විසින්ම මනසින් හිතා ඉහත කී දේ දුක් සහිත ද නැද්ද යන්න විමසිය යුතුය. උදාහරණයකට ඔබ සිතන්න ඔබේ සමීපතමයකුගේ මරණය ඔබට සතුටක් ද කියා? සමීපතමයකුගේ මරණය එසේ නම් ඔබේ මරණය කෙසේ විය හැකිද? ඩෙංගු හැදුනෙක් සතුටින් සිටිනවායැයි ඔබ සිතනවාද? ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය ඔබ අතැරයාම දැනෙන්නේ කෙලෙසද? කොණ්ඩය සුදු වෙද්දී දැනෙන්නේ කුමක්ද? මෙවැනි දේ ගැන ඔබ, ඔබ විසින් ම අවබෝධයෙන් බැලිය යුතුය. එවිට ඔබගේ ජීවිතයේ ස්වභාවය කොයිආකාරයේදැයි ඔබටම අවබෝධවනු ඇත. ඒ අවබෝධය නිසාවෙනි ප්‍රඥාවන්තයා දුක නැති කිරීමට උත්සුක වන්නේ. අපට තනියම මෙය සිදුකර ගැනීමට අපහසු නිසා බුදුරජාණන්වහන්සේ පළමුව තමන් එය අවබෝධකොට දෙවනුව ඊට මාර්ගය පෙන්වා දෙන ලදි. එහෙත් ඒ මාර්ගයේ ගමන් කරන්නෝ අද විරලය. අද මාර්ගය ගැන උගන්වන බහුතරයක් ද නොමග යන ඇත්තෝ ය. ක්‍රමයෙන් තමන්ගැන දකින්නෝ විරල වෙමින් පවතී. දැන ලංකාවේ ජීවත්වන 99.9%ක් ම දෙනා තමන් ගැන දකින්නෝ නොවෙති. උදාහරණයකට බහුතරයක් දෙනා අනුන් නිසාවෙන් තමන්ගේ හිත චංචල කර ගනිති. කෙනකුට පහසුවෙන්ම තවකෙකු ප්‍රකෝප කල හැක, දුකට පත් කල හැක, බියට පත් කල හැක. අද 99.9% ක් ම පමණ ආදරය යන්න දකින්නේ අනුන් විසින් කරන ආදරයේ තරමට මිස තමන්ගේ ආදරයෙන් නොවේ. 99.9% ක් දෙනා ඇඳුම් අඳින්නේ ඇඳුම් ඇඳීමේ අරමුුණු දැන නොවේ. 99.9%ක් දෙනා ගෙවල් හදන්නේ තමුන්ගේ උවමනාවට නොවේ, අන්‍යයන්ගේ උවමනා එපාකම් අනුවය. ජීවිතයේ හැම සිදුවීමක් ම අද තමන්ට උවමනා ලෙස නොව අනුන්ට උවමනා ලෙසින් 99.9% ක් පමණ දෙන‍ා සිදු කරති. අවබෝධයක් කොහෙන් සොයන්නද. අවබෝධය නැති කල ප්‍රඥාවක් ද නැත. ශ්‍රී ලංකාවාසීන් හැම අතින්ම පරිහානියට යන්නේ මෙනිසාවෙනි. පුද්ගලයෝ දුකින් ජීවත්වන්නේ ද මෙනිසාවෙනි. ජීවමාන බුද්ධ දේශනාව පවතින අප රට තුළ ඒ ධර්මය ශ්‍රවණය කරමින් අඳුරේ විසීම හඳුන්වන්නේ කුමන නමකින් දැයි ඔබම සිතන්න. එහෙත් හැකිනම් ඔබ ගැන අවබෝධ කර ගැනීමට උත්සහ කරන්න. ආලෝකය පහල වී අන්ධකාරය නැසෙන්නේ එවිටය.
     

    hpalpola

    Well-known member
  • ජීවිතේ හැමවිටම සතුටින් ම ගෙවීමට අවැසි අත්දැකීම්ම පමණක් ලබා දීම පුදුම සහගතය. දිනක් රාත්‍රියේ පුට්සයිකලේ පැදගෙන යද්දී පූසෙකු පාරට පැන ඌ බේරන්නට යාමෙන් මා අනතුරට පත්විය. ඒ 9 වසරේදීය. එනිසා අත මැණික් කටුව ලඟින් කැඩුන අතර තුවාලද සිදු විනි. බයිසිකලයේ හැඬලය ඉනේ වැදීමෙන් අඟලක පමණ තුවාලයක් සිදු වූ අතර තාමත් එහි කැළැල ඇත. අතට සිංහල බෙහෙත් කල අතර බෙහෙත් කොටා ගන්නට වූයේ ද මටමයි. ටික දිනකින් මා සුවපත් විනි. අර තුවාලය මට ඉගැන්වූ පාඩම තවමත් මතකය. කේන්තිය ද තුවාලයක් මෙනි. එය තිබෙනතාක් ඇත්තේ වේදනාව පමණි. තුවාලයකින් සැරව ගලද්දී අපිටම පිළිකුල් වන්නේ යම් සේද කේන්තිය ඇත්තා අන්යන්ට පිළිකුල් ය. තුවාලයෙන් සැරව ගලන්නේ යම් සේද කේන්තිය ඇත්තාගෙන් ද අප්‍රසන්න දේ පිටට ගලා එයි. නිසිලෙස ප්‍රතිකර්ම නොකරන තුවාල ඔඩු දුවා එය ඇත්තා මරුමුවට වූවද පත් කරයි. කේන්තිය ද එසේමැයි. නිසි ප්‍රතිකර්ම නොදෙන්නේනම් කේන්තිය ඇත්තා මරා දැමීමට එය සමත් වේ. එපමණක් ද කේන්තිය ඇත්තා එය ඇති තාක් කල් කිසිදු සුවයක් නොලබන්නේ යම් සේද තුවාලයක් ඇත්තා ද එය ඇති තාක් සුවයක් නොලබයි. කේන්තියට ඇති ප්‍රතිකර්මය නම් මෛත්‍රියයි. තුවාලයක් එදා මට ඉගැන් වූ පාඩම අද මෙලෙස ජීවත්වීමට මා හට දුන් රුකුල අපමණය. නොකල වැරදිවලට, අනුන්ගේ දොස්වලට, කල වැරදිවලට අසන්නට ලැබුනු අපහාස, බැණුම්, රැවුම්-ගෙරවුම් හි අවසානයක් නැත. එහෙත් තවමත් මා එ‍සේමැයි. මට බනින ඇත්තෝ දෙස මා මෛත්‍රියෙන් බලා සිටිමි. ඔවුහු මටම බැන කේන්තියෙන් විඳවති. තුවාලයකින් මා උගත් දේ ඔවුන් අත්දැක නැතුවාට මන් කුමක් කරන්නද. ඇත්තෙන්ම තුවාලයක් ඇත්තාත් කේන්තිය ඇත්තාත් එකම විදියය. දෙදෙනාම විඳවති.