අරුත් දනිමින් ජීවත් වෙමු.

SIC

Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    machan man lagadi kiyawapu pothaka thibuna mathpan panaya kirimia pawak wenne. e kriyawa anuwa kiyala.eke tibune udaharanekata dan uba bila pattakata wela nidagannawa.eken katawat karadarayk nane.eken ube health eka mudal pirihenna puluwan.eth eke pawak na neda.eke tibbe pansil kiyanawa ewa buduraduntat kalin idan tibuna kiyala.hitapu wiwda guruwaru laga sil tibuna kiyala.ube adahasa mokadda(man kiyanna bona eka hoda deyak kiyala.:rolleyes:)
     

    hpalpola

    Well-known member
  • හිතවත් මිතුර, සතුටුයි ඔබ වැනි විමර්ශකයකු හමුවීම ගැන. ඔබගේ කමන්ටුව අවසන් කොටස දෙස බැලූවිට ඒ බව පැහැදිලි වෙනවා. හරි මේ ගැන අදහසක් මම කියන්නම්. මත්පැන් පානය කිරීම ගැන දෙයක් අහලා තියෙනවා. ඒ ගැන මුලින්ම කතා කරමු. බුදුරජාණන්වහන්සේ කේසපුත්ත සූත්‍රයේදි දේශනා කරනවා කොහොමද කෙනෙක් හොඳ නරක වෙන් කර ගන්නෙ කියලා. අනෙක් අතට උන්වහන්සේ මෙත්ත සූත්‍රයේදී දේශනා කරනවා උත්තමයැයි සම්මත අයවලුන්ගේ උපදෙස්, අවවාද පිළිපදින්න කියලා. ඉතින් අපිට පිළිපදින්න වෙන කාගෙවත් උපදෙස් අවශ්‍ය නෑ, බුදුරජාණන්වහන්සේගේම උපදෙස් හැර. ඉතින් බලන්න පන්සිල්, ව්‍යග්ඝපජ්ජ සූත්‍රය, පරාභව සූත්‍රය, වසල සූත්‍රය වගේ සූත්‍ර ධර්මයන්. මේ හැම තැනකදිම මත්පැන් භාවිතයෙන් වලකින්න තමයි උන්වහන්සේ දේශනා කරෙන්නේ. මේ අනුව මත්පැන් පානයම තමයි පව වෙන්නේ. අනෙක සෞඛ්‍යය, මුදල් පමණක්ම නෙවේ මෙතන කාරණාව. මජ්ජ පමා තුලින්ම කියන්නෙ ප්‍රමාදයට හේතුව බවයි. අප්පමාදෝ අමත පදං යන්න අහලා අැති. බුදුරජාණන්වහන්සේගේ දේශනාවට පටහැනිව ලියවෙන පොතක් නේද එතකොට මේ කියලා තියෙන පොත මිතුර? පන්සිල් ගැන මීලඟට මගේ හිතවතා විසින් කියලා තියෙන දේ ගැනත් අදහසක් කතා කරන්නත් එපැයි. ඇත්තටම පන්සිල් කියන දේ ඉන්දියාවේ බුද්ධෝත්පාද කාලයටත් පෙර පටන් තිබ්බ දෙයක්. ඊට හොඳම නිදසුන තමයි මායා දේවිය. ඇයගේ කුසය බෝසතුන් තෝරා ගන්නෙත් ඇය සිල් රකින නිසා. ඇය බෝසතුන් කුස පිළිසිඳගත් දින සිට නොකඩවා සිල් රකිනවා. අනිත් අතට බෝසතුන් සත්‍යය සොයා යන ගමනේ දී සමාධිය වඩා ගත් බොහෝ දෙනකු මුන ගැසුනා. ඔවුන් සිල්වතුන්. අනෙක් අතට එවකටත් ශක්‍ර දෙව් රජුන් දෙව් ලොව වසනවා. ශක්‍ර පදවිය ලැබීමටත් ශීල සම්පත්තිය අවශ්‍යයි. ආලාර කාලාම වැන්නවුන් සමාධිය වඩා ධ්‍යාන සම්පත් ලබා ගත් අය. ඔවුනුත් ශීලයෙන් යුතුයි. මෙනිසා පන්සිල් යන්න අළුත් දෙයක් නොවන බව පැහැදිලියි. අනෙක් අතට හිතවත් මිතුර අරි අටඟි මගත් අළුත් දෙයක් නොවෙයි. බුදුරජාණන්වහන්සේ සොයා ගත්තේ මැකී ගිය මාර්ගයක් මිස අළුත් මාර්ගයක් නෙමෙයි. උන්වහන්සේට පෙර බුදුවරුන් ගමන්ගත් සහ අවිද්‍යාව වර්ධනය වීම නිසා පුහුදුන් මිනිසුන්ට සොයා ගැනීමට නොහැකිව තිබූ මාර්ගයයි උන්වහන්සේ සොයා ගනු ලැබූවේ. ඔබට පින් සිදු වේවා හිතවත.
    machan man lagadi kiyawapu pothaka thibuna mathpan panaya kirimia pawak wenne. e kriyawa anuwa kiyala.eke tibune udaharanekata dan uba bila pattakata wela nidagannawa.eken katawat karadarayk nane.eken ube health eka mudal pirihenna puluwan.eth eke pawak na neda.eke tibbe pansil kiyanawa ewa buduraduntat kalin idan tibuna kiyala.hitapu wiwda guruwaru laga sil tibuna kiyala.ube adahasa mokadda(man kiyanna bona eka hoda deyak kiyala.:rolleyes:)






     

    hpalpola

    Well-known member
  • එදිනෙදා සමාජයේ ජීවත්වෙද්දි නොයෙක් විදියෙ මිනිස්සු අපිට මුන ගැහෙනවා. විශේෂයෙන්ම අපේ වෘත්තියේ හැටියට සුවිශේෂී අවස්ථාවක් ලැබෙනවා එතනදි. ඒ වුනත් නිතරම මට එල්ලවෙන චෝදනාවක් තමයි මිනිස්සු ආශ්‍රය කරන්නේ තෝරලා බේරලා කියලා. ඒ කොහොමවුනත් මිනිස්සු ආශ්‍රයේදී මේ කරුණු ගැන උනන්දු වෙනවානම් හොඳයි. ඒ කියන්නේ, (1) ආශ්‍රය නොකල යුතු තැනැත්තෝ (2) ආශ්‍රය කල යුතු තැනැත්තෝ සහ (3) ආශ්‍රය කරනවා විතරක් නෙමෙයි, සත්කාර ගෞරව කල යුතු තැනැත්තෝ හඳුනාගෙන හැසිරීමයි. මෙහෙම කිව්වට සමහරුන්ට නොතේරෙන නිසා මේ කොට්ඨාශ 3 ගැන සරල හැඳින්වීමක් කරන්නම්.

    (1) ආශ්‍රය නොකල යුතු තැනැත්තෝ - මෙතනදි හඳුන්වන්නේ තමන්ට වඩා ශීල, සමාධි සහ ප්‍රඥා ගුණයෙන් හීන තැනැත්තන්ව. මොවුන්ව ඇසුරු කිරීම තමන්ට විපත්තිකාරකයි. කොයිවෙලේ තමන් විපතට පත්වේද කියලා හිතා ගන්න බැහැ ඒ වගේ අය නිසා. සමහරවෙලාවට සමහරු කියනවා එහෙම බැහැ කුකුල් බෙටිත් ඕනෑ වෙන වෙලාවල් තියෙනවා කියලා. ඇත්ත, බෙහෙත්වලට කුකුල් බෙටි විතරක් නෙමෙයි ගව මුත්‍රා අවශ්‍යවෙන වෙලාවලුත් තියෙනවා. නමුත් මේ ආකාරයේ තැනැත්තන් ඇසුරේ දී විපත්තිකාරක බව දැන සිටීම වැදගත්.

    (2) ආශ්‍රය කල යුතු තැනැත්තෝ - මෙතනදි අදහස් කරන්නේ ශීල, සමාධි සහ ප්‍රඥා ගුණයෙන් තමන්ට සමාන අය. මේ අය ආශ්‍රය කිරීම නිසා හොඳක් මිස නරකක් වෙන්නෙ නෑ. මේ අය එක්ක ආශ්‍රය කරද්දි අපිට අපේ ශීලය, සමාධිය හෙ‍ා් ප්‍රඥාව පහල දා ගන්න අවශ්‍ය වෙන්නෙ නෑ. ඒක අපිට හරිම සැනසිලිදායකයි.

    (3) ආශ්‍රය කරනවා විතරක් නෙමෙයි, සත්කාර ගෞරව කල යුතු තැනැත්තෝ - මෙතනදි අදහස් කරන්නේ තමන්ට වඩා ශීල, සමාධි සහ ප්‍රඥා ගුණයෙන් වැඩි ඇත්තන්. ඒ අයව ආශ්‍රය කිරීම අපේ ගුණ වර්ධනය කරගන්නත් හේතු වෙනවා. මේ වගේ තැනැත්තන්ව ඇසුරු කරද්දි අපිටත් ඒ වගේ වෙන්න ලැබෙනවානම් කියන දේ ඉබේම ඇති වෙනවා. ඒ අනුව අපි වැඩ කරනවා. අපේ වරදක් තියෙනවානම් ඒ අය අපිට ඒ දේවල් පෙන්වලා දෙනවා. මේ නිසා මේ ආකාරයේ තැනැත්තන් අපේ ගෞරවයට ලක් වෙනවා. අපි හාමුදුරුවරුන්ට ගරු කරන්නේ මේ නිසා. අපි පින්කෙත විදියට හාමුදුරුවන්ව දකිනවා.

    ඉතින් ඔයාල මිනිස්සු ඇසුරු කරද්දි මේ ජාති 3 ම මිනිස්සු මුන ගැහිලා ඇති බවට සැකයක් නෑ. දැනටමත් ඒ තුන්ආකාරයේම තැනැත්තන් ඇසුරු කරනවා ඇති. ඉතින් මතක තියා ගන්න සමාජයේ හැසිරීමේ දී මේ පුද්ගල කොට්ඨාශ ගැන.

    (අංගුත්තර නිකායේ තික නිපාතයේ 3.1.3.6 ඇසුරෙන්)





     
    Jul 5, 2012
    1,773
    265
    0
    එදිනෙදා සමාජයේ ජීවත්වෙද්දි නොයෙක් විදියෙ මිනිස්සු අපිට මුන ගැහෙනවා. විශේෂයෙන්ම අපේ වෘත්තියේ හැටියට සුවිශේෂී අවස්ථාවක් ලැබෙනවා එතනදි. ඒ වුනත් නිතරම මට එල්ලවෙන චෝදනාවක් තමයි මිනිස්සු ආශ්‍රය කරන්නේ තෝරලා බේරලා කියලා. ඒ කොහොමවුනත් මිනිස්සු ආශ්‍රයේදී මේ කරුණු ගැන උනන්දු වෙනවානම් හොඳයි. ඒ කියන්නේ, (1) ආශ්‍රය නොකල යුතු තැනැත්තෝ (2) ආශ්‍රය කල යුතු තැනැත්තෝ සහ (3) ආශ්‍රය කරනවා විතරක් නෙමෙයි, සත්කාර ගෞරව කල යුතු තැනැත්තෝ හඳුනාගෙන හැසිරීමයි. මෙහෙම කිව්වට සමහරුන්ට නොතේරෙන නිසා මේ කොට්ඨාශ 3 ගැන සරල හැඳින්වීමක් කරන්නම්.

    (1) ආශ්‍රය නොකල යුතු තැනැත්තෝ - මෙතනදි හඳුන්වන්නේ තමන්ට වඩා ශීල, සමාධි සහ ප්‍රඥා ගුණයෙන් හීන තැනැත්තන්ව. මොවුන්ව ඇසුරු කිරීම තමන්ට විපත්තිකාරකයි. කොයිවෙලේ තමන් විපතට පත්වේද කියලා හිතා ගන්න බැහැ ඒ වගේ අය නිසා. සමහරවෙලාවට සමහරු කියනවා එහෙම බැහැ කුකුල් බෙටිත් ඕනෑ වෙන වෙලාවල් තියෙනවා කියලා. ඇත්ත, බෙහෙත්වලට කුකුල් බෙටි විතරක් නෙමෙයි ගව මුත්‍රා අවශ්‍යවෙන වෙලාවලුත් තියෙනවා. නමුත් මේ ආකාරයේ තැනැත්තන් ඇසුරේ දී විපත්තිකාරක බව දැන සිටීම වැදගත්.

    (2) ආශ්‍රය කල යුතු තැනැත්තෝ - මෙතනදි අදහස් කරන්නේ ශීල, සමාධි සහ ප්‍රඥා ගුණයෙන් තමන්ට සමාන අය. මේ අය ආශ්‍රය කිරීම නිසා හොඳක් මිස නරකක් වෙන්නෙ නෑ. මේ අය එක්ක ආශ්‍රය කරද්දි අපිට අපේ ශීලය, සමාධිය හෙ‍ා් ප්‍රඥාව පහල දා ගන්න අවශ්‍ය වෙන්නෙ නෑ. ඒක අපිට හරිම සැනසිලිදායකයි.

    (3) ආශ්‍රය කරනවා විතරක් නෙමෙයි, සත්කාර ගෞරව කල යුතු තැනැත්තෝ - මෙතනදි අදහස් කරන්නේ තමන්ට වඩා ශීල, සමාධි සහ ප්‍රඥා ගුණයෙන් වැඩි ඇත්තන්. ඒ අයව ආශ්‍රය කිරීම අපේ ගුණ වර්ධනය කරගන්නත් හේතු වෙනවා. මේ වගේ තැනැත්තන්ව ඇසුරු කරද්දි අපිටත් ඒ වගේ වෙන්න ලැබෙනවානම් කියන දේ ඉබේම ඇති වෙනවා. ඒ අනුව අපි වැඩ කරනවා. අපේ වරදක් තියෙනවානම් ඒ අය අපිට ඒ දේවල් පෙන්වලා දෙනවා. මේ නිසා මේ ආකාරයේ තැනැත්තන් අපේ ගෞරවයට ලක් වෙනවා. අපි හාමුදුරුවරුන්ට ගරු කරන්නේ මේ නිසා. අපි පින්කෙත විදියට හාමුදුරුවන්ව දකිනවා.

    ඉතින් ඔයාල මිනිස්සු ඇසුරු කරද්දි මේ ජාති 3 ම මිනිස්සු මුන ගැහිලා ඇති බවට සැකයක් නෑ. දැනටමත් ඒ තුන්ආකාරයේම තැනැත්තන් ඇසුරු කරනවා ඇති. ඉතින් මතක තියා ගන්න සමාජයේ හැසිරීමේ දී මේ පුද්ගල කොට්ඨාශ ගැන.

    (අංගුත්තර නිකායේ තික නිපාතයේ 3.1.3.6 ඇසුරෙන්)







    ඈ බං දන්නේ නැති නිසා අහන්නේ. දැන් ඔය ක්‍රොමේට අනුව 3 වැනි වර්ගයේ උත්තමයෙක් ඔය ක්‍රොමේ අනුගමනය කරනවා නම් අපිට මේ ආත්මෙදි එතුමා වැනි කෙනෙක් ආස්‍රය කොරන්න ලැබෙන්නෙ නැහැනේ, මොකද එතුමාට අනුව අපි 1 වැනි වර්ගයේ පවුකාරයෙක් නිසා? ඈ බන් උත්තර දීහන්කෝ? :baffled:
     

    hpalpola

    Well-known member


  • හිතවත් මිතුර, මන් ලියපු දේ ටිකක් වෙනස් විදියට අරුත් ගලපාගෙන වගෙයි පෙනෙන්නේ. ස්තුතියි වගේම බොහොමත්ම පින් මේ පිටුව සමග එකතු වුනාට.


     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    හිතවත් මිතුර, සතුටුයි ඔබ වැනි විමර්ශකයකු හමුවීම ගැන. ඔබගේ කමන්ටුව අවසන් කොටස දෙස බැලූවිට ඒ බව පැහැදිලි වෙනවා. හරි මේ ගැන අදහසක් මම කියන්නම්. මත්පැන් පානය කිරීම ගැන දෙයක් අහලා තියෙනවා. ඒ ගැන මුලින්ම කතා කරමු. බුදුරජාණන්වහන්සේ කේසපුත්ත සූත්‍රයේදි දේශනා කරනවා කොහොමද කෙනෙක් හොඳ නරක වෙන් කර ගන්නෙ කියලා. අනෙක් අතට උන්වහන්සේ මෙත්ත සූත්‍රයේදී දේශනා කරනවා උත්තමයැයි සම්මත අයවලුන්ගේ උපදෙස්, අවවාද පිළිපදින්න කියලා. ඉතින් අපිට පිළිපදින්න වෙන කාගෙවත් උපදෙස් අවශ්‍ය නෑ, බුදුරජාණන්වහන්සේගේම උපදෙස් හැර. ඉතින් බලන්න පන්සිල්, ව්‍යග්ඝපජ්ජ සූත්‍රය, පරාභව සූත්‍රය, වසල සූත්‍රය වගේ සූත්‍ර ධර්මයන්. මේ හැම තැනකදිම මත්පැන් භාවිතයෙන් වලකින්න තමයි උන්වහන්සේ දේශනා කරෙන්නේ. මේ අනුව මත්පැන් පානයම තමයි පව වෙන්නේ. අනෙක සෞඛ්‍යය, මුදල් පමණක්ම නෙවේ මෙතන කාරණාව. මජ්ජ පමා තුලින්ම කියන්නෙ ප්‍රමාදයට හේතුව බවයි. අප්පමාදෝ අමත පදං යන්න අහලා අැති. බුදුරජාණන්වහන්සේගේ දේශනාවට පටහැනිව ලියවෙන පොතක් නේද එතකොට මේ කියලා තියෙන පොත මිතුර? පන්සිල් ගැන මීලඟට මගේ හිතවතා විසින් කියලා තියෙන දේ ගැනත් අදහසක් කතා කරන්නත් එපැයි. ඇත්තටම පන්සිල් කියන දේ ඉන්දියාවේ බුද්ධෝත්පාද කාලයටත් පෙර පටන් තිබ්බ දෙයක්. ඊට හොඳම නිදසුන තමයි මායා දේවිය. ඇයගේ කුසය බෝසතුන් තෝරා ගන්නෙත් ඇය සිල් රකින නිසා. ඇය බෝසතුන් කුස පිළිසිඳගත් දින සිට නොකඩවා සිල් රකිනවා. අනිත් අතට බෝසතුන් සත්‍යය සොයා යන ගමනේ දී සමාධිය වඩා ගත් බොහෝ දෙනකු මුන ගැසුනා. ඔවුන් සිල්වතුන්. අනෙක් අතට එවකටත් ශක්‍ර දෙව් රජුන් දෙව් ලොව වසනවා. ශක්‍ර පදවිය ලැබීමටත් ශීල සම්පත්තිය අවශ්‍යයි. ආලාර කාලාම වැන්නවුන් සමාධිය වඩා ධ්‍යාන සම්පත් ලබා ගත් අය. ඔවුනුත් ශීලයෙන් යුතුයි. මෙනිසා පන්සිල් යන්න අළුත් දෙයක් නොවන බව පැහැදිලියි. අනෙක් අතට හිතවත් මිතුර අරි අටඟි මගත් අළුත් දෙයක් නොවෙයි. බුදුරජාණන්වහන්සේ සොයා ගත්තේ මැකී ගිය මාර්ගයක් මිස අළුත් මාර්ගයක් නෙමෙයි. උන්වහන්සේට පෙර බුදුවරුන් ගමන්ගත් සහ අවිද්‍යාව වර්ධනය වීම නිසා පුහුදුන් මිනිසුන්ට සොයා ගැනීමට නොහැකිව තිබූ මාර්ගයයි උන්වහන්සේ සොයා ගනු ලැබූවේ. ඔබට පින් සිදු වේවා හිතවත.








    ස්තුතියි.:yes:
     

    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    umba oya kiyana katawa sahatika atta

    namut arakku nodunnot wasala hamarai

    mata matakai ape akka kenek ge weddign ekaka dunne na kiyala minissu mage ekkat banna.. samaharu langa bar ekata gihin beela awa.. aradana nokara yanna bari wetcha un bonna deelat nane kiya kiya chater kala

    nikan minissunge katha ahanne mokatada oka deela damm anam iwara ne
     

    hpalpola

    Well-known member
  • මා හිත මිතුරාගේ අදහස අගය කරනවා. බහුතර සමාජයේ සාමාජිකයන්ගේ මතය තමයි ඔය. බුදුරජාණන්වහන්සේ දේශනා කලේ ප්‍රඥාවන්තයාට පමණක් වැටහෙන දහමක්. නමුත් බහුතරය ප්‍රඥාවන්තයෝ නෙමෙයි. එනිසායි බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ බොහොම සුළු පිරිසක් විතරයි මේ ධර්මයෙන් පිහිට ලබනනෙ කියලා. නියපිට රැඳෙන වැලි ස්වල්පය වගේ. අනෙක ප්‍රිය මිතුර උඩු ගං බලා පිහිනන්න සියල්ලන්ටම බැහැ. කුසලයේ යෙදීමට වීර්යය ඇත්තාට පමණයි එය කල හැකි. එවැන්නෝ දුර්වල යුගයකයි අපි අද වසන්නේ. මගේ මිතුරාට මතක ඇති උපතිස්ස පිරිවැජි සංජය පිරිවැජිට බුදුන් දකින්න ආරාධනා කලාම ඔහු දුන් පිලිතුරු. ඔහු ප්‍රශ්න වලට පිලිතුරු දෙමින් අවසානයේ කියනවා මෙලොව වැඩියෙන් ජීවත්වෙන්නේ මෝඩයො නිසා ඔවුන් මා ලඟට ආවාවේ, නුවණැත්තෝ සර්වඥයින් ලඟට ගියාවේ කියලා. ඇත්තටම ප්‍රිය මිතුර සියල්ලන්ටම බුදුරජාණන්වහන්සේ වදාළ දහමට අනුව හැසිරෙන්න අපහසුයි. එනිසා තෙරක් නොපෙනෙන සසරෙ ඔවුන් දුක් විඳිමින් සරනවා. බෝධිසත්ත්වයන්ගේ පටන් සත්‍ය සොයා ගමන් කල සැරියුත්, මුගලන්, ආනන්ද, කාශ්‍යප ආදී සියල්ලෝම පවත්නා සමාජ මතයට විරුද්ධව ජීවිතය හදා ගත් උත්තමයන්. මගේ ප්‍රිය මිතුරාටත් එවැන්නකු ලෙසින් දිවි ගෙවීමට අවශ්‍යනම් සමාජය යන මතයටම නොගොස් පද්මාකාර දිවියක් ගත කරන්න උත්සාහ කරන්න. එහෙම ජීවත්වෙන උතුම් මිනිස්සු ටික දෙනෙක් තවමත් මෙලොව ජීවත්වෙනවා ප්‍රිය මිතුර.
    umba oya kiyana katawa sahatika atta

    namut arakku nodunnot wasala hamarai

    mata matakai ape akka kenek ge weddign ekaka dunne na kiyala minissu mage ekkat banna.. samaharu langa bar ekata gihin beela awa.. aradana nokara yanna bari wetcha un bonna deelat nane kiya kiya chater kala

    nikan minissunge katha ahanne mokatada oka deela damm anam iwara ne





     

    hpalpola

    Well-known member

  • බුදුදහම නම් විශිෂ්ඨ ධර්මයකි. ඉගැන්වීමෙකි. මනුෂ්‍යයකුට යහතින් ජීවත්වීමට එතුලින් ලබා දෙන උපකාරය වෙනත් කිසිදු දහමකින්, ඉගෙනුමකින් ලබා නොදේ. එදිනෙද‍ා ජීවිතය ඵලදායී සහ සතුටින් ගත කිරීමම සඳහා අවැසි මාර්ගය බුදුදහමෙන් ලබා දෙයි. බුදුරජාණන්වහන්සේගේ ධර්මය කිසිදු බෞද්ධයකු සැක නොකරයි. ඒ වෙනකක් නිසා නොව කිසිදු දෙවි, බඹු, මිනිස් ගුරුවරයකුගේ මග පෙන්වීමක් නොමැතිව තමන් වහන්සේ විසින්ම ලෝකවිදූ වී භගවත් වී සුගතව දේශනා කල ධර්මය වන නිසාවෙනි. මේ ධර්මයේ වන එක්තරා කොටසක් අද අපි කතා කරමු.

    අංගුත්තර නිකායේ තික නිපාතයේ මේ ගැන දැක් වේ. මෙලොව ජීවත්වන සියල්ලෝම අපායගාමී නොවේ. නමුත් බහුතරයක් දෙනා නිරය අරමුණු කර ගෙන ඇත්තෝය. නිරයට යන්නා දැන ගැනීම එතරම්ම අපහසු කරුණක් නොවේ. ඒ ගැන මේ "දේවදූතයන් තිදෙනා" ගැන තික නිපාතයේ දී කරන හැඳින්වීම මහෝපකාරී වේ. වැදගත්ම දේ නම් තමන්ටම තමන්ගැන හැඳීනීමට එය උපකාරී වීමයි.

    මේ සූත්‍ර ධර්මයට අනුව අපායගාමී වන්නාගෙන් යමරජු පළමු දේවදූතයා දැක්කේ ද යන්න ප්‍රශ්න කරයි. එයට පව්කාරයා උත්තර දෙන්නේ නොදැක්ක බවටයි. පළමු දේවදූතයා කව්දැයි එවිට යමරජු පැහැදිලි කරයි. ඒ අනුව පළමු දේවදූතයා නම් මෙලොව ජීවත්වෙන වයසට පත් අයයි. ඔවුන් දුටු විට තමනුත් වයසට යන බව කල්පනා නොවිනිදැයි යමරජු ප්‍රශ්න කරයි. පව්කාරයා පමාව නිසා එවැන්නක් නොවැටහුන බවට උත්තර දෙයි.

    ඉන්පසු දෙවැනි දේවදූතයා ගැන විමසයි. දෙවැන්නා නම් රෝගාබාධයට ලක් වූ තැනැත්තෝයි. මේ අය දුටුවිට තමන්ටත් රෝගාබාධවලට ලක්වන්නට සිදුවෙන බව නොවැටහුනාදැයි අසනු ලබන ප්‍රශ්නයට පව්කාරයා පිළිවදන් දෙන්නේ ප්‍රමාදය නිසා එවැන්නක් නොවැටහුන බවයි.

    තුන්වැනි දේවදූතයා නම් මරණයට ලක්වූවන් ය. එවැන්නකු දුටුවිට තමනුත් මෙසේ මරණයට පත්වන බව නොවැටහිනි දැයි යමරජු විමසයි. පව්කාරයා එය ප්‍රමාදය නිසා නොවැටහුන බව දක්වයි.

    බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ තමන් වහන්සේ විසින්ම දැක මෙය දේශනා කරන බවයි. බලන්න කෙතරම් නම් ජරාවට, රෝගාබාධවලට, මරණයට පත් වූවන් ඔබ දැක ඇත්ද කියා. තමන්ටත් මෙසේ වේවි නේද කියා ස්වයං අවබෝධයක් ඇති වී අප්‍රමාදීව නිරයෙන් වැලකීමට පව්කම්, අකුසලයෙන් වැලකීමට උත්සහ කරන්නෝ ඇත්තේ කීයෙන් කීයද? අප ඒ ආකාරයෙන් දකින්නේනම් අපේ දැක්ම සක්කාය දිට්ඨිය නැසීමට අරමුණු වේ. මක්නිසාදයත් මේ ජීවිතයේ අනිත්‍යතාවය, අනාත්මතාවය සහ දුක්ඛිතබව පසක්වන නිසාවෙනි. එසේම ඒ දැක්ම විචිකිච්ඡාව නැසීමට අරමුණු වේ. මක්නිසාදයත් අපට එකී ත්‍රිලක්ෂණය දැකීමට හැකියාව ලැබෙන්නේ ත්‍රිවිධ රත්නයේ පහලවීම සහ පැවැත්ම වීම නිසාවෙනි. එසේම ඒ දැක්ම සීලබ්බත පරාමාසයන්ගේ නිරෝධයට ද උපකාරී වේ. මන්දයත් අප ත්‍රිලක්ෂණය දැක හැසිරෙන්නේ සම්‍යක් දෘෂ්ටියෙන් වන නිසාවෙනි.

    සක්කාය දිට්ඨි, විචිකිච්ඡා සහ සීලබ්බත පරාමාස යනු දස සංයෝජන ධර්මයන්ගෙන් තුනකි. ඒ නැසීම සෝවාන් ඵලත්වය වේ. කෙනකු සෝවාන් ඵලයට ලක්වනතෙක් අපායගාමීවීම උරුමය. අපායගාමීවීම උරුමයි යනු පෙර කී ප්‍රශ්න වලට උත්තර දීමට සිදුවීමයි. මිනිසාට ඇත්තේ ඒවාට උත්තර දෙනවාද නැද්ද යන්න තමන් විසින්ම තීරණය කර ගැනීමයි. මොහොතකටවත් දුක් විඳීමට ඔබ කැමති ද නැද්ද යන්න තීරණය කර ගත යුතුය. ධර්මයේ හැසිරෙන්නා ධර්මයෙන්ම රැකෙන්නේ එලෙසිනි.
     

    hpalpola

    Well-known member
  • බෝධියේ පහන් පත්තුකරන තැන, හඳුන්කූරු පත්තුකරන තැන පහනක් පත්තු කිරීමටවත්, හඳුන්කූරක් ගැසීමටවත් ඉඩක් නැත. එතරම් ශ්‍රද්ධාකාමීන් බෝධියට පැමිණ ඇත. කෙසේ හෝ ඉඩක් සොයාගෙන පහනක් පත්තුකර හඳුන්කූරු දෙකකුත් අස්සෙන් ගසා ගත්තෙමි. දැල්වෙමින් සුවඳ හමන්නා වූ හඳුන්කූර දෙස බලා සිටිද්දී දැනෙන්නේ පුදුම හැඟීමකි. හින්දු ආගමිකයෝද ක්‍රිස්තු බැතිමතුන් ද අප මෙන්ම පහන් (ඉටි පන්දම්) ආගමික ස්ථානවල දල්වති. හින්දු ආගමිකයන් හඳුන්කූරු ද දල්වති. සුවඳ දෙති. බෞද්ධ අපද එසේ කරමු. මේ සියල්ලන්ම නොයෙක් අරමුණු පෙරදැරිව ඒ සිදු කළත් බෞද්ධ අප එය සිදු කරන්නේ පූජාවට අමතරව ත්‍රිලක්ෂණය මෙනෙහි කිරීමක් වශයෙනි. බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ ආමිශයට වඩා ප්‍රතිපත්ති පූජාව උතුම් බවයි. හඳුන්කූර අපට අපගේ ජීවිතය අප ඉදිරියේ මවා පෙන්වයි. හඳුන්කූරු නොයෙක් වර්ගයෙන් ඇත. සමහරක සුවඳ කීපයකි. සමහරක එක් සුවඳකි. සුවඳ ද එකිනෙකට වෙනස් ය. සියල්ලෝම උත්සුක වන්නේ වැඩියෙන් සුවඳ හමන හඳුන්කූරු පත්තු කිරීමටයි. මිනිස් ජීවිතද එසේමැයි. සුවඳ හමන ජීවිත මෙන්ම දුර්ගන්ධය විහිදවන ජීවිත ද වේ. සමහර ජීවිතවල සුවඳත් නැත, දුර්ගන්ධයත් නැත. ඒ කෙසේවෙතත් දුර්ගන්ධය හමන්නෝද උත්සහ ගන්නේ සුවඳවත් වීමටය. සුවඳ වුවත් දුගඳ වුවත් හඳුන්කූර එහි ආයුකාලය ගෙවී අළු වී අවසන් වෙයි. ඉතිරිවන කූර (රඳවනයට) ට හඳුන්කූර කියා අප කියන්නේ නැත. මිනිස් ජීවිතය ද එසේමැයි. ආයු කාලය අවසානයේ මරණයට පත් වේ. ජීවිතය නැති මේ කඳට මිනිසා කියා අප කියන්නේ නැත. සමහරක් මිනිස්සු සුවඳ හඳුන්කූරු මෙන් ලෝකයම සුවඳ කරමින් මරණයට පත්වෙති. ත්‍රිලක්ෂණය දැකීමට මල්, පහන් සහ හඳුන්කූරු පූජාව කෙතරම් උපකාර වන්නේදැයි ප්‍රඥාවන්තයෝ දනිති. එසේවුවත් මේ පූජාවන්හි නිතිපතා යෙදෙන්නෙ‍ා්ද මාර බැම්මට හසු වී අනාථව සසරේ සරන යුරු පුදුම සහගතය. උපන්දිනය දා පාර්ටි දමා, කේක් කපා සමරන්නෝ තවමත් අප අතර වෙති. ඔවුන්ගේ පිරිවරද ඒ සඳහා නිබඳ අනුග්‍රහය දක්වයි. නමුත් මාරයාගේ ශක්තිය නිසා ඒ මාර සේනාවයැයි හඳුනා ගැනීමට නොහැක. එතරම්ම වූ අවිද්‍යාවෙන් ඔවුන්ගේ මනැස වැසී ඇත. සමහරු උදේ කේක් කපා හවස පන්සල් යති. සමහරු උදේ පන්සල් ගොස් හවස කේක් කපති. පන්සල් යාමෙන් ඇති පලක් නැත. එවන්නන්ට ජීවිතයේ අනියත බව කෙසේ වැටහෙන්නද. අඩුම තරමේ කටින් පිඹ නිවන ඉටි පන්දමේ දැල්ල දැකවත් ඔවුන්ට ප්‍රඥාව පහල නොවේ. හඳුන්කූර හෝ පහන උපන්දින සමරන්නන්ට හොඳ අරමුණකි ත්‍රිලක්ෂණය දැකීමට. ජාතිය නිසා ජරාව, ව්‍යාධිය මෙන්ම දුක, වැලපීම ඇති වේ. මරණය ඇති වේ. පහන් දැල්ල, හඳුන්කූර පෙන්වන්නේ එයයි. එය වටහා ගැනීමට නොහැක්කෝ මරණය සැමරීමට උත්සව ගනිති, කේක් කපති. එපමණක් ද නොව යමෙක් ඔවුන්ට සුබ නොපැතුවේ නම් ඔවුන් සමග තරහ වෙති. හඳුන්කූරක්, පහනක් දෙන පණිවිඩය ඔවුන්ට නොවැටහෙන තරමට අවිද්‍යාව ඔවුන් වසා ඇත. සමහරවිට ඔබත් සත්‍යය දැක ඇතිවාට සැක නැත. නමුත් නොදැක්කා මෙන් සිටිනවා ඇත. එහෙත් සත්‍යය දැක්කේනම් ධෛර්යමත් ව අරුත්බරව දිවි ගෙවන්න. එසේ නැත්නම් අඩුම තරමේ හඳුන්කූරක්, පහනක් දල්වන මීලඟවාරයේ සිට ත්‍රිලක්ෂණය දැකීමට උත්සුක වන්න.




     

    hpalpola

    Well-known member

  • තණ්හාව මහ පුදුම දෙයකි. බුදු දහමට අනුව සෑම දුකටම හේතුව තණ්හාව වන අතර අනිකුත් ආගම්වල ඒ ආකාරයෙන් ඉගැන්වෙන්නේ නැත. කිසිවකුට වෙනස් කල නොහැකි සත්‍යයන් හතරෙන් එකකි තණ්හාව. හයක් හතරක් නොතේරෙන පුංචි එකාගේ පටන් දණ ගාන මහල්ලා දක්වාත් මේ තණ්හාව හට ගනී, පවතී. එසේම එය නොයෙක් ආකාරයෙන් පවතී. සමහරු එනිසා තණ්හාවෙන් පීඩිතව සිටත් තමුන්ට තණ්හාවක් නැතැයි කියා සිතති. තණ්හාව දුකට හේතු වන්නේ ඇයි ද යන්න මදක් සිතන්න. තණ්හාවේ ලක්ෂණ කීපයකි. එකක් අත් කර ගැනුමට ඇති ලක්ෂණයයි. තවෙකක් වන්නේ තමන්ගේ පමණක් කියා සිතීමයි. තවෙකකි තමන්ට රිසි ලෙසින් පමණක් පැවතිය යුතු බව. තවෙකක් වන්නේ කෙතරම් ඇතත් මද බව දැනීමයි. මේ ආකාරයේ නොයෙක් ලක්ෂණ තණ්හාවට ඇත. මේ සෑම ලක්ෂණයකින්ම පෙන්වන්නේ දුකම පමණි. දෙමාපියෝ නූපන් දරුවන් ගැන තණ්හාවෙන් සිටිති. දරුවන් ලද විට උපන් දරුවන් ගැන තණ්හාවෙන් සිටිති. ඔවුන් තමන්ට රිසි සේ විසිය යුතු බවට සිතති. එසේ නොමැති විට දුක් වෙති. ජීවත්වීමට මුදල් අවැසි යැයි සිතති. ලද දෙයින් සැනසීමට නොසිතති. එනිසා නිදහසක් නොමැතිව මුදල් සොයති. අසනීප වෙති. දුක් වෙති. හම්බකල සියවල්ල වෛද්‍යවරුන්ට දෙති. නැත්නම් කය පිනවීමට වෙළෙන්දකුට දෙති. නැවත හූල්ලති. ස්ත්‍රිය පුරුෂයාටත් පුරුෂයා ස්ත්‍රියටත් තණ්හා වෙති. මගේ මිස වෙනකකුගේ නොවේවායැයි පතති. එසේ වූ විට එක්කෝ උන් නසති, නැත්නම් තමන් නැසෙති. කෙසේ බැලුවත් තණ්හාව නිසා දුක, ශෝකය, බිය, තරහව, වැලපීම ආදී සෘණාත්මක මානසික තත්ත්වයන් ඇති වේ. සමහරු තණ්හාව නැති කිරීමටැයි කියා දන් දීත් අතහැරගත නොහී විඳවති. අත්හරින්නන්ට අපහාස කරති. සමහරු පන්සල් යන්නේ තණ්හාව නැති කිරීමේ අරමුණින් වූවත් අවසානයේ නතර වන්නේ ස්වාමීන්වහන්සේලාට ද තණ්හා කරමිනි. මෙකී මානසික තත්ත්වයන් මිනිසා අවිවේකී තත්ත්වයට පත් කරයි. දුකින්, පීඩාවෙන් ජීවත්වීමට මග සලසයි. එනිසාවෙනි දුකට හේතුව තණ්හාව වන්නේ. තණ්හාව නැත්තෝ සැප සේ විවේකීව ජීවත් වෙති. තණ්හාව ඇත්තෝ තණ්හාව නොමැති විට ඇති සුවය විඳ නොමැති නිසාවෙන් සුවසේ වසන්නෝ මෙලොව කොයිද වැනි සම්ප්‍රප්ඵලාපයන් බණිමින්ම වසති. තණ්හාවෙන් ඈත් වන්නෝ අල්පේච්ඡතාවයට ඇලුම් කරති, සුභර වෙති, පහසුවෙන් පෝෂණය කල හැක්කෝ වෙති, දන් දෙන්නෝ වෙති. ආගම කුමක් වූවත් මෙවැන්නෝ අප අතර වසති. නමුත් බැණුම් අසන්නෝ, නින්දාවට ලක් වෙන්නෝ ඔවුන් ය. එවතුදු ඔවුහු සැප සේ වසති.

     

    hpalpola

    Well-known member
  • මිනිස්සු නම් පුදුම ජීවී කොටසකි. අරුත් දනිමින් ජීවත්වීමට කියා ඔවුහු නොයෙක් දේ කරති. පාසැල් යති, විශ්ව විද්‍යාලයට යති. එහෙත් මේවායින් ජීවිතයට කිසිදු අරුතක් නොලැබෙන බව නොවටහා ගනිති. පාසැල, විශ්ව විද්‍යාලය මිනිසාට උපකාර වන්නේ රැකියාව, ජීවිකාව සකස් කර ගැනීමට මිස ජීවිතය සකස් කර ගැනීමට නොවේ. ලෝකයේ ජීවත් වූ සුවිශේෂී පුද්ගලයින්ගේ ජීවිත බැලූ විට ඒ බැව් පසක් වෙයි. නමුත් සමාජයේ යම් තත්ත්වයක් ඇතිව ජීවත්වීමට පාසැල්, විශ්ව විද්‍යාල අධ්‍යාපනය හේතු වේ. මේ අධ්‍යාපනය කිසිවිට අවබෝධය දෙන්නේ නැත. තමන්ට තමන් ගැන අවබෝධයක් නොලැබෙන අධ්‍යාපනයකින් ඇති ඵලය කිම?

    බුදු දහම තුල යහපත් දිවියක් ගෙවීම සඳහා අකුසල් මූලයන් දුරු කරමින් දිවි ගෙවීම අනුමත කරයි. ක්‍රිස්තු ආගම ද පෙන්වන්නේ යහපත් ලෙසින් දිවි ගෙවන්නේ නම් යහපත් ප්‍රතිඵල ලැබෙන බවයි. හින්දු ආගම ද එසේමැයි. ලෝභය, ද්වේශය සහ මෝහය අකුසල් මූල වේ. කුසල් මූල වන්නේ අලෝභ, අමෝහ හා අද්වේශයයි. අප කරනා ඕනෑම ක්‍රියාවක් මේ අකුසල් හෝ කුසල් මූල හය මුල් කර ගනිමින් සිදු කරන බව ඔබට පෙනී යනු ඇත. එසේම ඉන් අකුසල් මූල මුල් කර ගනිමින් කරන ක්‍රියාවෙන් දුක ඇති වන බවත් කුසල් මූල මුල් කර ගනිමින් කරන ක්‍රියාවෙන් සැප ඇති වන බවත් ඔබට පෙනී යනු ඇත. බුදු දහමේ පෙන්වන්නේ ඇති අකුසල් නැසීමට සහ නව අකුසල් ඇති නොවීමට වෙර වැඩිය යුතු බවයි. එසේම නැති කුසල් වැඩීමට සහ ඇති කුසල් පවත්වාගෙන යාමට වෙර වැඩීමටත් බුදු දහම අපට උගන්වයි.

    පෘථග්ජන මිනිසාට අකුසල් වැඩීම වෙඩි බෙහෙත් ගොඩකට සිගරැට් කොටයක් දැම්මා වැනිය. කුඩා අරමුණකින් මහත් ප්‍රතිඵලයක් ඇති කරයි. නිදසුනකට කෙනෙක්ගේ එරවීමක් ද්වේශය පැතුරවීමට හේතු වෙයි. කාන්තාවකගේ රූපයක් පුරුෂයකුගේ නින්ද නැති කිරීමට මෝහය උපද්දවයි. ලෝභය ගැන කියනු කිම. එදිනෙදා අප කරන බහුතරයක් ක්‍රියාවන් අකුසල මූලයන්ගේ මෙහෙයවීමෙන් සිදු කරන බවට දැන් ඔබට වැටහෙනු ඇත. බලාපොරොත්තුවන දේ නොලැබීම නිසා විඳවීම තුලින් මෙලොවදීම අකුසල මූල සිතුවිල්ලේ ප්‍රතිඵල දුක්ඛිතබව වටහා ගත හැක. නමුත් මෝහයේ ආවරණය නිසාවෙන් අප ඒ දුක් සහිත බවෙන්වත් සෑහීමට පත් නොවී ලෝභය හේතවෙන් දවල් වැටුන වලේ රෑටත් වැටෙන්නෙමු. පාසැල් හෝ විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් මෙයින් ගැලවීමට මග නොපෙන්වයි. ඒ සඳහා මග පෙන්වන්නේ එකම එක අවබෝධයකි. එනම් යෝනිසෝ මනසිකාරයයි. අපගේ සිතුවිලිවල ස්වභාවය හඳුනා ගනිමින් දිවි ගෙවීමයි මේ. අකුසල් සිතුවිලි ඇති වූ විට ඒව‍ා උපන් තැනදී නැසීමටත්, ඇති අකුසල් සිත් යටපත් කිරීමටත්, කුසල් සිත් වර්ධනය කර ගැනීමට සහ පවත්වාගෙන යාමටත් හැකියාව ලැබෙන්නේ එවිට පමණි. කුසල් අකුසල් වෙනස දක්නාවිට පහසුවෙන් ත්‍රිලක්ෂණය මෙනෙහි වේ. දස සංයෝජනයන් කඩා දැමිය හැක්කේ තිලකුණෙනි. සැප විඳිය හැක්කේ නොගැටීමෙනි. ගැටීම ඇති කරන්නේ දුකම පමණි. දිවියේ අරුත ඇත්තේ නොගැටීම තුළයි. එය අප අවබෝධ කල යුතුය.






     

    hpalpola

    Well-known member
  • "සබ්බේ සත්ථා බවන්තු සුඛිතත්ථා" යන බුද්ධ භාෂිතය නොඇසූ බොදු කනක් තිබීමට නොහැක. බුදුරජාණන්වහන්සේ හැමවිටම අගය කලේ ප්‍රතිපත්තිමය වශයෙන් ශ්‍රාවකයන් කටයුතු කිරීමයි. අනෙක්අතට බුදුරජාණන්වහන්සේ දේශනා කලේ "සුනාථ ධාරේථ චරාථ" ලෙසිනි. ඇත්තෙන්ම අද බෞද්ධයෝ තමන්ට දීපයක් වන්නැයි බුදුරජාණන්වහන්සේ දෙසූ මග ගමන් කරන්නා වූ ආර්ය ශ්‍රාවකයන් ද? තම තමන්ම මේ ගැන විමසිය යුතුය.

    සබ්බේ සත්ථා බවන්තු සුඛිතත්ථා යන්නෙන් සරලව අදහස් වන්නේ සියලු සත්ත්වයෝ සැපවත් වේවා යන්නයි. සිතින් හෝ පණිවායේ යෙදෙන්නකුට මේ පැතීම කල නොහැක. අයිනාදනිනන් නොවැලක කෙසේනම් සියලු සත්ත්වයාට සැපය පතන්නද? වැරදි කම් සෙවුනාවෙන් ජීවත්වන්නේ, කෙසේනම් අන් සතුනට සෙත්වේවා යැයි පතන්නද? මුසාව යොදන්නා අන් සතුනට සැපත පැතීමත් මුසාවකි. පමාවට හේතුවන්නා වූ සුරාවේ යෙදෙන්නාගෙන් සතුනට සැපයක් බලාපොරොත්තු විය හැකිද?

    ඔබ ඔබෙන්ම විමසන්න. ඔබ වර්තමානයේ ජීවත් නොවන්නේනම් ඔබට සැපයක් ඇත්තේද කියා. වර්තමානයේ ජීවත් නොවන ඔබට අතීතයත් අනාගතයත් නැත. අතීතයේ ජීවත්වන්නා මල මිනියකි. අනාගතයේ ජීවත්වන්නා කව්දැයි ඔබම සිතා ගන්න. අතීතයේ ගත් හුස්ම දැන් පිටව ගොස්ය. අනාගතයේ ගැනීමට ඇති හුස්ම තවම පැමිණ නැත. එයිද දන්නේද නැත. මෙවැන්නකුට කිසිදා සැපයක් නැත. මක්නිසාදයත් ඔහු හෝ ඇය අවිඥානිකව ජීවත්වන බැවිනි.

    ඇස් ඇර බලන්න. බොහෝවිට ඔබත් මෙලෙසින් ජීවත්වන්නකු විය හැක. එය එසේනම් ඔබ බුදුරජාණන්වහන්සේ දෙසූ මාර්ගයෙන් බැහැරව ජීවත්වන්නෙකි. බුදු දහම යනු ජීවත්වීමේ ක්‍රමවේදය බව අමතක නොකරන්න.

    බුදුරජාණන්වහන්සේ දෙසූ මග ගමන් කල හැක්කේ ඒ මාර්ගයේ පිළිපදින්නාට පමණකි. එසේ නොමැතිව ඔබ කෙතරම් පන්සල් ගියත්, බණ ඇහුවත්, පැවිදි වූවත් බෞද්ධයකු විය නොහැක. අරුත් දනිමින් ජීවත් වන්න.




     

    hpalpola

    Well-known member
  • මල ගෙදරකට සහභාගී වුනෙමි. ජීවිතය නම් පුදුමක් බව මෙවැනි අවස්ථාවකදී මැනවින් පසක් වේ. මල සිරුර දෙස බලා සිටියෙමි. ඇය අවුරුදු 84 ක් ආයු විඳ මියගොස් ඇත. මල ගෙදර නොයෙක් වයස්වල තවත් කාන්තාවන්, පිරිමින් විය. ඇයත් ඒ වයස් පසු කොට ආ තැනැත්තියකි. එහි රැස්ව සිටි අයත් යම් දිනක එවැනි තත්ත්වයකට පත් වනු ඇත. සියල්ල අනිත්‍ය බව පසක් වීමට තවත් උපහරණ කුමටද? "සබ්බේ සංඛාරා අනිච්චා" බුදු වදන සර්වකාලීන සත්‍යයකි. එය එසේමය. ධර්මය සෑම කල්හිම ප්‍රතිඵල ගෙන දේ. එය සාන්ධිට්ඨිකය. අකාලිකය. ඒහිපස්සිකය, ඕපනයිකය. එහි පිළිසිඳ වටහා ගත යුතුය. බහුතරයක් ගැහැණු මිනිස්සු දුක සැප අතරේ ගැටෙන්නේ මේ බව නොදක්නා නිසාවෙනි. කූටාගාර සූත්‍රයේදි බුදුරජාණන්වහන්සේ මේ ගැන දේශනා කරන්නේ කල්ප සිය දහස් ගණනක් යථාර්ථය නොදක්නා නිසා අප දුක් විඳිමින් ගමන් කරනා බවයි. අනිත්‍යය, අනිත්‍යය කීවාට වැඩක් නැත. සියලු සතුන් නිදුක් වේවායි කියවීමෙන් පලක් නැත. එය අපගේ දිවියට එක් කර ගත යුතුය. ඒ අනිකක් නිසා නොව ධර්මය ජීවමාන නිසාය. සෑම සංස්කාරයක්ම අනිත්‍යය බව දකින්නා උපදින සියල්ලම නැසෙන බව දන්නා නිසා සෑම කල්හිම සැප සේ වෙසෙයි. එසේ නොවන කල අෂ්ට ලෝක ධර්මයෙන්, සංයෝජන ධර්මයන්ගෙන්, නීවරණයන්ගෙන් සහ ක්ලේශයන්ගෙන් තැවීමට මිනිසාට සිදු වේ. මේවායින් තැවෙන මිනිසා හැමවිටම තමන්ගේ තැවීම පිටට පෙන්වන්නේ නැත. ගැහැණියකවේවා පිරිමියෙකවේවා ඔවුන් පෙන්වන්නේ සැප වේදනාව පමණි. දුක වේදනාව, උපේක්ෂා වේදනාව ඔවුන් පෙන්වීමට මැලි වෙයි. මැලි වෙන්නේ නැත්නම් සඟවාලයි. අද මංගල උත්සවයකට සහභාගීවන්නන්ට මෙය හොඳින් දැකිය හැක. මංගල ඡායාරූපයට පෙනී සිටින්නේ රූපාලාවන්‍යයෙන් තම නියම රුව සඟවාගෙන සිටින්නා වූ කාන්තාවකි. ඇය එකී රූපාලාවන්‍ය උපාංග ඇඟ තවරාගන්නේ ඇගේ සිත වසාගෙන සිටින්නා වූ කාමච්ඡන්දය නම් නීවරණයේ බලපෑමත් අකුසලයන්ගේ බලපෑමත් නිසාවෙනි. කෙනකු ඇය දෙස බලා ඇගේ රුව වනන්නේ හෝ දොස් දකින්නේත් කාමච්ඡන්දය සහ අකුසලයන්ගේ බලපෑම නිසාවෙනි. මංගල ඇඳුම අඳින්නාත් ඒ දසුන දකින්නා වූ සියල්ලෝමත් නරකයට සිත සකස් කර ගනිති. මෙය එක් නිදසුනක් පමණි. අහෝ මනුස්ස ජීවිතයක හැටි. ඔබ ප්‍රඥාවන්තයකු නම් මල මිනියක් ඇස ගැටෙන්නා වූ එක් මොහොතින් තමන්ටත් කොයි විට හෝ මල මිනියක් වන්නට සිදුවන බව දැකිය හැක. උගතාත්, බුද්ධිමතාත් සිටින්නේ ප්‍රඥාවන්තයාට පහතිනි. බුදු දහම ප්‍රඥාවතුන්ට පමණි.






     

    hpalpola

    Well-known member


  • අත්තාහි අත්තනෝ නාථෝ
    කෝ හි නාථො පරෝ සියා
    අත්තනා’ ව සුදන්තේන
    නාථං ලභති දුල්ලභං

    තමාට පිහිට තමාමය. වෙන කවරකු තමාට පිහිට වේද? තමා මනාව දැමුණූ කල්හි දුර්ලභ වූ පිහිටක් ලබන්නේය.

    බුදුරජාණන්වහන්සේ වදාළ මේ ගාථා පාඨය කෙතරම් සත්‍යයද යන්න වැටහෙන්නේ එදිනෙද‍ා ජීවත්වන විටය. අට ලෝ දහමින් අකම්පිතව, නිහතමානීව සදාකාලීක නිවීම සොයා යන ගමනේදී මුහුණපෑමට සිදුවන බධා අපමණය. ඇති වී බිඳෙන සබඳතා අපමණය. මේ සියල්ල පසුතැවීම සහ බිය ජනිත කිරීමට සමත්වෙයි. ඒ සෑම විටම අප කරන්නේ නොපෙනෙන දෙවියකුට හෝ දෛවයට එය බාර දීමය. නැත්නම් ලඟ සිටින්නකුට දොස් තැබීමය. ඒ තැනැත්තා මව, පියා, දරුවා, යාළුවා, බිරිඳ, ස්වාමිපුරුෂයා ක්යා වෙනසක් නැත. අවම වශයෙන් රාජ්‍යය නයකයා හෝ දෝෂාරෝපණයට ලක් වෙයි.

    සමහරු දෙමාපියන්ට, දරුවන්ට, කලත්‍රයාට බැඳෙන්නේ තමාට ඇති හොඳම වස්තුව, සැනසීම එයයි සිතමිනි. නමුත් ඒ සියල්ල තාවකාලික බව වැටහෙන්නේ කුමක් හෝ අවුලක් මතු වූ විටය. අවුල කුමක් හෝ න්සා විසඳුන විට නැවතත් පෙර පුරුදු චක්‍රයටම යොමු වෙයි.

    බොහෝවිට අපි හිතන්නේ අපේ ප්‍රශ්නවලට, ආරවුල්වලට විසඳුම් ඇත්තේ තවකකු ලඟ කියායි. නමුත් එය සම්පූර්ණ මිත්‍යාවකි. ප්‍රධාන කරුණු කීපයක් නිසා අපේ ජීවිතයට ප්‍රශ්න ඇති වෙයි. එයින් 80% කටත් වඩා ප්‍රශ්ණ ඇති වන්නේ අපි තුලින්මය. තවත් 20% ක් පමණ ප්‍රශ්න අප වසන පරිසරය නිසා ඇති වේ. බුදුරජාණන්වහන්සේ ඒ දැක, සුදුසු පරිසරයක වාසය කිරීම මංගල කරුණක් ලෙසින් දක්වන්නට යෙදුන සේක. අප තුලින් ප්‍රශ්න ඇති වෙනවා කියා පිලිගැනීමට අප අකමැතිය. එය මානය සහ අවිද්‍යාව නිසා ඇතිවන මානසික තත්ත්වයකි. එහෙත් සිතන්න, යමකු විසින් නිරපරාදේ ඔබට චෝදනා කරනවිට ඔබට තරහ ඇති වන්නේ බනින්නා නිසාද කියා. නැත. ඔබට තරහ ඇති වන්නේ මේ මිනිසා මට නිරපරාදේ බනිනවා යන සිතුවිල්ල නිසාවෙනි. එය මානය සහ අවිද්‍යාව නිසා ඇති වන්නකි. එවිට වරද බනින්නාගේ නොව ඔබේය. සාධාරණ හේතුවකට දොස් නගද්දී ඇති වන කෝපය ද එසේමැයි. අවිද්‍යාව සහ ද්වේශයත්, මානයත් එක්ව එය හට ගනී. මෙකී තත්ත්වයෙන් අත්විඳීමට නම් ඉවසීමත්, උපේක්ෂාවත්, මෛත්‍රියත් ඔබ තුල තිබිය යුතුය. බුදුරජාණන්වහන්සේ විසින් මේ ගුණාංග ඔබ තුල වර්ධනය කර ගන්නා ලෙසින් උපදෙස් දෙන්නේ එහෙයිනි. ඉතින් ඇත්තටම වරද ඇත්තේ කා තුලදැයි මේ ආකාරයට ඔබට හඳුනා ගත හැක.

    මේ තත්ත්වයන්ගෙන් මිදිය හැක්කේ තමන්ටම පමණි. එහෙයින් පෙර කී ගාථා පාඨය බුදුරජාණන්වහන්සේ වදාළේ. නිවන් දැකීමට නැත්නම් සදාකාලික සතුට සොයන්නා මැනවින් ප්‍රගුණ කළ යුතු ගාථා පාඨයකි ඒ. ඔබත් ඔබේ දිවිය සරු කර ගැනීමට කැමැතිනම් තමන්ට තමා පහනක්කර ගනිමින් ජීවත්වන්න. අන් අයට වරද පැටවීමෙන් වලකින්න.

    ඔබේ උරුමය, ඔබේ දෙමාපියන්, ඔබේ ඥාතිය‍ෝ වන්නේ ඔබේම කර්මයම මිස අන් ුයගේ කර්මය නොවේ.