උඹට ගොඩක් පින් මචන්. නැවත සිහිය පාදලා දුන්නට. thread එකේ මුල් ටික කියෙව්වම මටත් පොඩි දෙගිඩියාවක් ආවේ. highlight කරපු ටික වැදුනා බොක්කටම. ආයෙමත් පින් සිහිය පාදලා දුන්නට.
උඹට පිනක් තිබ්බා බන් කොහොමරි ලොකු පවකින් බේරිලා ඉන්න මම මේ වගේ ඒවාට කතා කරන්නෙත් සමහර වෙලාවට එහෙම වෙයි කියලා හිතලා..
මොකද තුනුරුවනට ගැරහීම ලොකු පවක් අනිවාර්යෙන් නිරයේ..
මේ thread එක දාපු මනුස්සයා කොහොමත් යන්නේ නිරයේ (ඔහොම දිගටම ගිහිල්ලා)
එයා තනියෙන් නොයා, තව කට්ටිය සෙට් කර ගන්නවා එයා එක්ක යන්න..
එයා එකයි මේ thread එකෙන් ඇත්තටම කරන්නේ..
මිනිස්සු කරන කියන දේවල් වලින් නෙවේ බන් බුදු දහම ගැන තීරණය කරන්නේ හෝ මනින්නේ ..
තිරිපිටකයේ තියන ධර්මය කියවලා "ධර්මය දැකලා".
එකයි බුදු රජාණන් වහන්සේ දේශනා කලේ "දර්මය දකින කෙනා පමණයි මාව දකින්නේ" කියලා...
ඔය විවිධ භික්ෂුන් කරන නොගැලපෙන වැඩ, බෞද්ද කියා ගන්න මිනිස්සු කරන වැඩ දිහා විතරක් බලන, එහෙම බලලා බුදු දහම ගැන තීරණය කරන මනුස්සයා කවදාවත් බුදු රජාණන් වහන්සේව දකින්නේ නෑ!
සුත්ර පිටකයේ බුද්ධ දේශනා දැන් සිංහල පරිවර්තන වලින් තියනවා. ඒවා කියනවන ඕන කෙනෙක්ට ඒ උතුම් මැණික් ගල් තුනේ යථාර්තය දකින්න පුළුවන්!
ඒ දේශනා කියවන කෙනෙක් නිකම්ම දන්නවා ඇයි බුදු රජාණන් වහන්සේ ප්රිනිවන් පලා අවුරුදු 2600ක් ගියත් ඇයි තවම උන්වහන්සේ වෙනුවෙන් පුද පුජා සිද්ද වෙන්නේ කියලා...
අනිත් දේ බන්, ඔය හිඟන්නෝ, අසරණයෝ හැමෝම බුදු දහම අනුව කලින් භවයන් වල කිසි දෙයක් නොදීපු, දානය දෙන මිනිස්සුන්ට බැනපු, සමහර විට තුනුරුවනට නිග්රහ කල මිනිස්සු! මේ thread එකෙත් ඒ දේම කරන හැමෝටම ඒ group එකට ඊළඟ ආත්මේ ඉඳන් සෙට් වෙන්න පුළුවන් කිසි අවුලක් නැහැ!
