අලස සැමියා කොන්වේ

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
අලස සැමියා කොන්වේ

ඉරණමකටඉඩදී නිකම් බලාගෙන සිටීමේ පුරුද්ද නිසා ජැමෙයිකා සමාජයේ මුල් තැන හිමිව තිබෙන්නේ කාන්තාවට බව එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි.
ජැමෙයිකාවේ කි‍්‍රයාත්මක බොහෝමයක් රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතන වල කළමනාකාරු වැනි විධායක ශ්‍රේණි පදවි උසුලන්නේ කාන්තාව සතුය.සංසන්දනාත්මකව පැහැදිලි කළහොත් ඇමරිකාවේ විධායක ශ්‍රේණියේ රැකියා කාන්තාවන්ගෙන් සියයට 43 ක් හිමිවන වන විට ජැමෙයිකාවේ එම ප‍්‍රතිශතය සියයට 60 කි.
මෙය යහපත් දෙයක් යැයි ලොව අනෙක් රටවල කාන්තාවන්ට හිමිව ඇති තත්ත්වය හා සැළකූ විට සිතිය හැකිවුවත් සැබෑව නම් ජැමෙයිකාවේ සමාජ පද්දතිය කඩා වැටෙමින් තිබීම බව විද්වතුන් කියයි.
පිරිමින් මේ සා පසුගාමී වීමට හේතුව වී ඇත්තේ ජැමෙයිකාවටම අනන්‍ය රෙගේ සංගීත ශෛලියේ බලපෑම හා එම සංගීත සංස්කෘතියේම අංගයක් වන ගංජා වැනි මත්ද්‍රව්‍ය භාවිතය බව ඔවුන් පෙන්වා දේ.මේ දෙකෙහි බලපෑම බොහෝමයක් පිරිමින් කන දෙයක් කා වෙන දෙයක් බලාගෙන සිටීමේ තත්ත්වයට පත්කර තිබෙන බව ඔවුන් කියයි.
ඌණ සංවර්ධිත ප‍්‍රදේශවල මෙය වඩා පැහැදිලිව දැකගත හැකිය.
ජැමෙයිකාවේ පාසැල් ගුරුවරියක් පවසන ආකාරයට පන්තියේ පිරිමි දරුවෙකු හොදින් අධ්‍යාපනය හදාරයි නම් ඔහුට ජැමෙයිකා සමාජයේ හාස්‍යයට ලක්වීමට සිදුවේ.බොහෝමයක් දෙනා ඉගෙනීම කාන්තා පාර්ශවයට අයත් දෙයක් යැයි සිතා සිටින බව ඇය කියයි.
මෙය ජැමෙයිකාවට පමණක් පොදු තත්ත්වයක් නොවන බව එක්සත් ජාතීන්ගේ අධ්‍යන වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.මුළු කැරිබියන් කලාපයේම රටවල තත්ත්වය මෙවැනිය.කෙසේවුවත් මෙම රටවල් වල පිරිමින් අනෙක් රටවල් හා සැසදීමේදී විවේක සුවයෙන් හා සැපෙන් සිටින බව නම් සත්‍යය.
කාන්තා හා පිරිමි දෙපාර්ශවය අතර සමතුලිතතාවය ඇතිකිරීමට මෙම රටවල රජයයන් දැනටමත් මැදිහත්ව සිටී.කෙසේනමුත් පාලකයින් බහුතරයකගේ අදහස වන්නේ රටවල නීති පද්දතිය,ආගමික පද්දතිය හා දේශපාලන පද්දතිය තවමත් පාලනය වන්නේ පිරිමින් යටතේ නිසා බියක් ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවය.













.lankadeepa.lk/index.php/articles/296618
 
Last edited:

tedy

Member
Feb 2, 2015
80
7
0
*ට *කෙයි කිව්වලු . ඇයි බන් ලෝකෙට මෙහෙම වෙන්නේ :baffled: