අලි ඇතුන්ගේ කුල
අලි ඇතුන්ගේ කුල
අපි ඔක්කොමලා දන්න අලි ගැන අපි නොදන්න පොඩි විස්තරයක්.
දෙව්පුර ඇතෙකී - කුඹු දහසයකී
දිග දළ අටෙකී - සත් ගැබකී
වැව් පොකුණු ද කී - සත් සිය ගැන කී
එක පොකුණෙකී - සිවු මලෙකී
සිවු මල පෙති කී - ගැන තිස් දෙකකී
පෙත්තක නටු කී - සිවු සැටෙකී
කව් කර වැනුකී - ලෙවු ඉසි බසෙකී
ගජගා නමකී - වන්නමකී
මෙන්න මෙහෙමයි අලි ඇත්තු කුල වලට බෙදන්නේ . තියෙනවා ඔක්කොම අලි කුල 10ක්
කලාවක
ගන්ගෙයිය
පන්දර
තම්බ
පිංගල
ගන්ධ
මංගල
හේම
උපෝසථ
ඡද්දන්ත
මේ අය මේ කැටගරි වලට දාලා තියෙන්නේ මෙයාලට තියෙන වෙනස් ලක්ෂණ නිසා . තැපෑලෙන් පීනන්න උගන්නනවා වගේ ඒ ලක්ෂණ ටිකත් දාන්නම් . හැබැයි මෙහෙම කියවලා ඒ ගැන අවබෝධයක් ලබාගන්න අමාරුයි කියලා මට හිතෙනවා . මොකද අලි ඇත්තුන්ගේ පොඩි පොඩි වෙනස්කම් දකින්න පුළුවන් කමක් නැති අයට ඔක්කොම අලි ඇත්තු එක වගේ පේන්නත් ඉඩ තියෙන නිසා . කොහොම උනත් මේවා තමයි ඒ ලක්ෂණ වෙන්නේ
කලාවක
======
මෙයාලගේ ඇස් ඉතාම අඳුරු පැහැතියි . ඒ වගේම පාද කොටයි . සම තද කළු පාටයි . වලිගය වක් වෙලා පිහිටනවා . ඒ වගේම කකුලේ නිය පොතුත් හොඳට වක් වෙලා පිහිටනවා .
ගංගෙයිය
======
විශාල හිසක් තියෙනවා මෙයාලට . ඒ වගේම මෙයාලගේ කකුල් හොඩවැල වලිගය තරමක් දිගයි . නියපොතු විශාලයි . ඒ වගේම කකුල් වල යටිපතුල් පළල වැඩි ස්වභාවයක් ගන්නවා .
පන්දර
=====
දිගටි විශාල හිසක් පිහිටනවා මෙයාලට . හොඩය පටන්ගන්න හරිය තරමක් පළලින් වැඩියි . නියපොතු තද කහ පාටක් ගන්නවා . ඒ වගේම මෙයාලගේ සම අළු පාටට හුරු කළු පාටක් වෙනවා .
තම්බ
====
මෙයාලගේ ඔලුව වැඩිය ලොකු නෑ . ඒ වගේම හොඩය කොටයි පටුයි . කකුල් සිහින් වෙනවා . කන්දෙක ලොකුවට පිහිටනවා . ඒ වගේම ශරීරය තඹ පාටට හුරු කළු පාටක් ගන්නවා මෙයාලගේ .
පිංගල
====
ලොකු හිසක් තියෙනවා මෙයාලට . හොඩය පටන්ගන්න තැන ගොඩක් විශාලයි . දිගත් නැති කොටත් නැති කකුල් තියෙනවා . ඒ වගේම දිගටි ඇස් දෙකක් මෙයාලට හිමි වෙනවා .
ගන්ධ
====
හිස , හොඩය . කකුල් කුඩාවට පිහිටනවා මෙයාලගේ .ඇඟ තද කළු පාටයි වගේම හම තරමක් වැඩිපුර ගොරෝසු වෙනවා .වලිගය නැමිලා නැත්නම් දඟර ගැහිලා තියෙන්න පුළුවන් . ඒ වගේම ඇඟේ ගොඩක් රෝම පිහිටනවා මෙයාලගේ .
මංගල
====
හිස හොඩය දල දෙක පාද හතර සහ කන් දෙක විශාලව පිහිටනවා . යටිපතුල වෙන අයට වඩා පළල වෙනවා . ඒ වගේම මහතින් වැඩි ශරීරයක් සහ බිම ගෑවෙන වලිගයක් මේ අයට ලැබෙනවා .
හේම
====
තරමක් ඉදිරියට නැවුන ශක්තිමත් හිසක් තියෙනවා මෙයාලට . දිගටි ඇස් වගේම මධ්‍යම ප්‍රමාණයේ හොඩයක් තියෙනවා .ඇඟ සහ කකුල් විශාලයි වගේම මහතයි . වලිගය නැවිලා තියෙනවා . ශරීරය අළු පාටට හුරු කළු පාටක් ගන්නවා . නියපොතු රතු පාටට හුරු වෙනවා .
උපෝසථ
======
හිස , කන්දෙක , ශරීරය මධ්‍යම ප්‍රමාණයේ පිහිටනවා . ඒවගේම දිගටි පාද හතරකන් යුක්ත වෙනවා . නියපොතු කහ පාටයි . හොඩය ලිංගය වලිගය කියන තුන බිම ස්පර්ෂ වෙනවා . ශරීරය අළු පාටට හුරු කළු පාටක් ගන්නවා .
ඡද්දන්ත
======
ශරීරය ඉතාම මහතයි . ඒ වගේම ඇස් දිගටියි . කකුල් හතරත් දිගින් වැඩියි . ඇස් දෙක රන් වන් පාටයි . ඒවගේම ශරීරයත් දීප්තිමත් පැහැයක් ගන්නවා . හොඩය , ලිංගය වලිගය කියන තුනම බිම ස්පර්ශ වෙනවා .
මෙන්න මෙහෙමයි මේ අයගේ ලක්ෂණ පිහිටලා තියෙන්නේ . මේවට කවි ශ්ලෝක වගේ දේවල් අලි බලන ය පාඩම් කරගෙන ඉන්නවා. ඒ වගේම තව වැදගත් දෙයක් කියන්න ඕන මේ අලි කුල වලට එක එක අලි නිසා අලි හාම්පුත්තුන්ගේ ඉරණම තීරණය වෙන හැටි ගැනත් යම් කිසි පිළිගැනීමක් තියෙනවා . ඒ මෙන්න මෙහෙම .
කලාවක = හාම්පුතාට අවාසනාව අරගෙන එනවා .
ගන්ගෙයිය = හාම්පුතාට ශෝකය සහ අවාසනාව අරගෙන එනවා .
පන්දර = හාම්පුතා දුප්පත් කෙනෙක් වෙනවා .
තම්බ = හාම්පුතාට හා පවුලේ අයට හදිස්සි මරණය ගෙන එනවා .
පිංගල = හාම්පුතාට මරණය ධන හානි වීම ගෙන එනවා .
ගන්ධ = හාම්පුතාට මධ්‍යස්ථ ලැබීමක් ලැබෙනවා .
මංගල = හාම්පුතාගේ තේජස වැඩි වෙනවා .
හේම = හාම්පුතාට වාසනාව යහපත ලැබ දෙනවා .
උපෝසථ = හාම්පුතා දීර්ගායුෂ විඳිනවා වාසනාවන්ත වෙනවා .
ඡද්දන්ත = හාම්පුතාට කීර්තිය තේජස වාසනාව මහජන බලය අරගෙන එනවා .
මම වගේම අලි ඇත්තු ගැන ඇල්මක් දක්වන අය විශ්වාස කරන හැටියට මිල්ලන්ගොඩ රාජා උපෝසථ කුලයට ආසන්නයි . නැදුන්ගමුවේ රාජා සහ කතරගම වාසනා ඡද්දන්ත කුලයට ආසන්නයි .
කොහොම හරි මෙයාලා , මෙන්න මේ කරුණු ගැන සලකලා බලලා තමයි ඉස්සර අලි බලන අය සහ අලි හාම්පුත්තු අලි ඇත්තු තෝරාගත්තේ .
හොදයි නම් සලකල යන්ට .
bump 1ක් දලාම යමු මචන්ලා .

Last edited: