මේ කතාවේ ඇත්ත නැත්ත නම් හරියටම දන්නේ නෑ. ගොඩක් කාලෙකට කලින් වැඩසටහනක කිව්වා මෙහෙම කතාවක්. කෝච්චියේ රියදුරුට තියනවලු පාගන්න පැඩල් එකක්. ඒක තියෙන්නේ නින්ද යනවට ලු. ඉතින් ඒක පාගන්නේ නැතුව ටික දුරක් ගියාම හෝන් එකක් වදිනවලු රියදුරු ඇහැරවන්න. අලි ඉන්න පලාත්වල කෝච්චිය යන්නේ හෙමින් ලු. ඒ මනුස්සය කිව්ව විදිහට හොඳ කල්පනාවෙන් ගියොත් අලි හැපෙන්නේ නැතුව නතර කරගන්න පුළුවන් ලු. රියදුරු ගොඩක් වෙලාවට අර පැඩල් එකට කොටයක් තියලා නිදගන්නවලු. ඕකේ ඇත්ත නැත්ත දන්නේ ඉතින් රියදුරෝම තමා.