අලි ගැන තියෙන කැක්කුම

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    සබ්බේ තසන්ති දණ්ඩස්ස
    සබ්බේ භායන්ති මච්චුනෝ
    අත්ථානං උපමං කත්වා
    නහන්‍යෙ න ඝාතයෙ

    සබ්බේ තසන්ති දණ්ඩස්ස
    සබ්බේ සඔ ජීවිතං පියං
    අත්ථානං උපමං කත්වා
    නහන්‍යෙ න ඝාතයෙ

    මේ ගාථා දෙක කියපු කෙනාගෙ දතක් අරන් යන්න
    අම්මගෙන් වෙන් කරලා,
    බලෙන් අල්ලගෙන,
    බලෙන් හීලෑ කරගෙන,
    බය කරගෙන,
    දඬුවම් කර කර,
    ජීවිත කාලෙම දංවැල් දාල බැඳගෙන,
    (අලි කියන්නෙ දවසකට 10-15km ඇවිදින සත්තු)
    ලිංගික ජීවිතේ නැත්තට නැති කරලා,

    සතෙක් තියාගෙන ඉන්න එක කොච්චර නොගැලපෙනවද,කොච්චර විහිලුවක්ද කියල මොලේ අබ ඇටයක් තරමට හරි තියෙන එකෙක්ට තේරෙනව ඉතින්.සාධාරණීකරනය කරන්න හැදුවට වැඩක් නෑ.කෑමට සත්තු මරන එකෙන් වහන්නත් බෑ.

    සියලු සත්වයෝම වධබන්ධනාදියට තැතිගන්නාහ. සියල්ලෝම මරණයට බියවෙති. තමා උපමාකොට හිංසා නොකරන්නේය. අනුන් ලවා හිංසා නොකරවන්නේය.

    සියලු සත්වයෝම වධබන්ධනාදියට බිය වෙති. සියල්ලන්ටම ජීවිතය ප්‍රියය. තමා උපමාකොට හිංසා නොකරන්නේය. අනුන් ලවාද හිංසා නොකරවන්නේය.

    යම් පුද්ගලයෙක් තමාහට සුව කැමතිවූයේ සුව කැමති සත්වයන් දණ්ඩනයෙන් පෙළාද, හෙතෙම පරලොව සුව නොලබන්නේය.

    යමෙක් තමහට සුව කැමතිවූයේ සුව කැමති සත්වයන් දඬුවමින් නොපෙළාද ඒ පුද්ගලතෙම පරලොව සුව ලබන්නේය.

    කිසිවකුට පරුෂ වචනයක් නොකියව. (තා විසින් පරුෂ වචන) කියන ලද්දාවූ අන්‍යයෝ තට පෙරළා කියති. එසේම, එකටෙක කථාව දුක්ය. තට පෙරළා දඬුවම් ලැබෙයි.

    ඉදින් (වටින්) කැඩූ ලොහොතලියක් මෙන් තාගේ සිත නිශ්ශබ්ද කෙළෙහි නම් නිවණට පැමිණියා නම් වෙහි. තට පෙරළා දෙසීම් නොවන්නේය.

    - දණ්ඩවග්ග, ධම්මපදය.
     
    • Like
    Reactions: S_M_S

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,790
    1
    58,038
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සමහරුන්ට අලි ගැන තියෙන කැක්කුම අශ්වයෝ ගාල් කරගෙන උන්ගේ නහය මැදින් පටි දාගෙන, උන්ගේ පිට උඩ ඉඳන් උන්ට ගගහ යන උන්ව දැක්කම නැත්තේ මොකද බන්?
    අපි අලියෙක්ට දම්වැල දාල ඇඟට උලෙන් ඇන ඇන පෙරහරේ ගෙනියන එක තමයි උන්ට පේන්නෙ.

    උන් දන්නෙ නෑනෙ අපි අලියට පව් ගෙවන්න උදව් කරනව කියල
     
    • Like
    Reactions: kal00

    kal00

    Active member
  • Feb 7, 2009
    543
    120
    43
    එළකිරි ඔස්තාර්ලනම් කියන්නේ කුකුල් අන්ඩක් මාලුවෙක් එළුවෙක් හරකෙක් ඌරෙක් කෑවට අවුලක් නැහැ කියලා. අලියා ලොකු නිසා පව්ලු :ROFLMAO:
    අනේද කියන්නේ. වැඩේ තියෙන්නේ ඇසළ පෙරහැර කාලෙට විතරයි මුන්ගේ සත්ව කරුණාව අවදි වනනේ!!!
    අනික් වෙලාවට බුරුතු පිටින් දෙවියන්ට කියල මරණ සත්තු ගැන කිසි අවුලක් නෑ . කිසි සද්දයක් නෑ. එව්වා දකින්නේ නෑ . ඇහෙන්නේ නෑ...
    බොරුවට තමන් රැඩිකල් කියල පුප්පගන්න හදනවා පෙරහරේ අලි ගෙනියන එකට බැනලා ......... :lol::lol:
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,928
    113
    Mother Earth
    EKkZ1VQXsAE_Aub.jpg:large
     

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    ඔතන වෙන්නේ බුද්ධ දර්ශනයයි මුද්ධ සංස්කෘතියයි ගැටීමක්. දර්ශනයට අනුව කිසිම විදියකින් සත්තුන්ට හිංසා කිරීම හෝ මරණයට පත් කිරීම වැරදියි. ඔය ඔක්කොම කරන්නේ මොනවා හරි විදියකින් මිනිස්සුන්ගේ පිනවීමක් වෙනුවෙන්. පංචස්කන්ධය පිනවනවා. අලි බලාගන්න ඕනේ නම් කැලේ නිදහසේ උන්ට හැසිරෙන්න දීලා අනතුරකදී හරි, කෑම හිඟයි නම් හරි, ලෙඩකදී හරි මිනිස්සුන්ට බලලා ඒ දේවල් කරලා දෙන්න පුළුවන්නේ. ඒකනේ හොඳම විදිය. උනුත් උපරිම නිදහසේ ඉන්නවා. මිනිස්සුන්ගේ අවධානෙත් තියෙනවා. සත්තු කිසිම විදියකින් පාවිච්චි වෙන්නෙත් නෑ.

    පෙරහැරේ කරඬුව වඩම්මන්න ලස්සනට මල් වලින් සරසපු , බල්බ් දාපු , ඕනේ විදියට customize කරපු වාහනයක් උනත් පාවිච්චි කරන්න පුළුවන්නේ. එහෙම option එකකට මිනිස්සු යන්නේ නෑ මොකද අලියා නැතුව පෙරහැරේ ආතල් එක නෑ. මිනිස්සු පිනවෙන්නේ නෑ. ඕනෙම දේකට හොඳම solutions හදන්නේ මිනිස්සු නම් ඇයි best ම solution එක විදියට ඒක කරන්න බැරි ?

    එතකොට සතාව කිසිම විදියක පාවිච්චි වීමක් වත් හිරිහැරයක් වත් වෙන්නේ නෑ ඌ උගේ නිදහසේ ඉන්නවා. පෙරහැරත් කිසිම සතෙක්ට කිසිම විදියක හානියක් නොවී වෙනවා. ඇයි ඉතින් ඒ වගේ හොඳම solution එකකට යන්නේ නැත්තේ ?

    යන්නේ නෑ මිනිස්සුන්ගේ ආතල් එක කුඩු වෙනවා අලියා නැතුව :lol:
     
    • Like
    Reactions: Honda.putha

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඒ ගාථා දෙක කිව්වත් නැතත් සත්ව හිංසනය නරක බව තේරුම් ගන්න බැරි හරක් ඉන්නවා.
    උන්ට වේදනාව තියෙන්නෙ අලි ගැන විතරයි. ඒකත් පෙරහැරේ යන අලි ගැන විතරයි.
    අන්න ඒ ගැනයි මේ කතා කරන්නෙ.

    * මොන විදිහට කළත් සත්ව හිංසනයක් නම් වැරදියි. මදුරුවාගෙ ඉඳන් අලියා, නිල් තල්මසා දක්වාම.


    ⁣ඔයාගෙ ආගමේ විදිහට නම් මැරුවත් පව් නෑ නේද bro?

    අලි ශිල්පයේදි උල (හෙණ්ඩුව), දංවැල් පාවිච්චි කරන විදිහක් තියෙනවා සතාට හානියක් නොවන විදිහට. (කටු කම්බි වැටවල් කඩාගෙන, ගස් පෙරගෙන යන අලිය⁣ව පූසෙක් ගානට දාලා හිතන්න එපා.)
    එහෙම නැතුව වැරදි විදිහට අනිනවා නම් ඒකට විරුද්ධව කතා කරන්න ඕනෙ තමයි. අලියට නෙවේ, හැම සතාම සම්බන්ධව.
    ඕකත් ඉතින් අලි හිංසාව සාධාරණීකරණය කරන්න කියන කතාවක්නෙ.ඔය කියන විදියට අලි ගැන කතා කරන්න කලින් ලෝකෙ වෙන හැම හිංසාවක් ගැනම කතා කරලා එන්න ඕන.ඒක කරන්න බැරි වැඩක්නෙ.ඔහොම කියන අයගෙ යෝජනාව එහෙම බැරි නම් අලි හිංසාව ගැන කතා කරන්නත් එපා කියන එක.අරමුණ පැහැදිලී
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ODMAziu.png


    අලි #කනෝ.... අපි තැලෙනෝ...
    ඔව්... අපි පෙරහැරේ අලි ගෙනියනවා තමයි... නිකන් නෙවෙයි ලබ්බට හෙණ්ඩුවෙන් ඇණ ඇණ...
    මොකද කියන්නෙ.... පුළුවන්නම් නවත්තපන්...
     
    • Haha
    Reactions: Mr Bones

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඕකත් ඉතින් අලි හිංසාව සාධාරණීකරණය කරන්න කියන කතාවක්නෙ.ඔය කියන විදියට අලි ගැන කතා කරන්න කලින් ලෝකෙ වෙන හැම හිංසාවක් ගැනම කතා කරලා එන්න ඕන.ඒක කරන්න බැරි වැඩක්නෙ.ඔහොම කියන අයගෙ යෝජනාව එහෙම බැරි නම් අලි හිංසාව ගැන කතා කරන්නත් එපා කියන එක.අරමුණ පැහැදිලී
    කවුද කොතනද එහෙම කිව්වෙ?
     
    • Like
    Reactions: Mr Bones

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    එළකිරි ඔස්තාර්ලනම් කියන්නේ කුකුල් අන්ඩක් මාලුවෙක් එළුවෙක් හරකෙක් ඌරෙක් කෑවට අවුලක් නැහැ කියලා. අලියා ලොකු නිසා පව්ලු :ROFLMAO:

    C9BTjDm.jpeg


    ඒක කිව්වාම මතක් උනේ
    බුදු හාමුදුරුවෝ පෝක් 🐖 කෑවද බං? 🤔

    දන්න කෙනෙක් කියන්නකෝ බුද්ධ පූජාවට තියන්න හොඳ සතෙක්ව 😁 හරක් ගාතයක් කමක් නෑ ද?
     
    • Haha
    Reactions: Asmodeus

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,928
    113
    Mother Earth
    සෝමෙ කියල යාල කැලේ අලියෙක් හිටියා..
    ඒ අලියට කිලෝ දහයෙ පයියක් තිබුණා..
    ඒ අලියට දවසක්දා අරින්න හිතිලා..
    එහා කැලෙන් ඇතින්නියක් ගෙන්නා ගත්තා..

    ඇතින්නි පාදල දුන්නා..
    අලියා දාගෙන ගැහුවා..
    කැලේ ඉන්න වඳුරු පැටව් අතේ ගහනවා..
    ළපටි කැරි විසිවෙනවා..
    PVgFC_.gif
     
    • Haha
    Reactions: dilann and Asmodeus

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    සතෙක් තියාගෙන ඉන්න එක කොච්චර නොගැලපෙනවද,කොච්චර විහිලුවක්ද කියල මොලේ අබ ඇටයක් තරමට හරි තියෙන එකෙක්ට තේරෙනව ඉතින්.සාධාරණීකරනය කරන්න හැදුවට වැඩක් නෑ.කෑමට සත්තු මරන එකෙන් වහන්නත් බෑ.
    සාධාරණීකරනය keranna one nan na...habai kemata saththu marana eka eeta wada thirisan wedak kiyela therun gattanan athi...
     
    • Like
    Reactions: S_M_S and neo7x

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    සාධාරණීකරනය keranna one nan na...habai kemata saththu marana eka eeta wada thirisan wedak kiyela therun gattanan athi...
    හරි වැරැද්ද , පින් පව නෙවෙයි බන් මෙතන කියන්නේ.
    පෙරහරට අලි ටිකක් හිරකරගෙන ඉන්න එකේ නොගැලපීම.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,026
    10,595
    113
    භික්ෂුවක් විසින් එහෙම සතුන් නඩත්තු කිරීම ගැටළු සහගතයි. විනයානුකූල නැහැ. අන්න එතනදි නිවැරැදි විය යුතු තැන් බොහෝමයි. පංසල්වල යම් සතෙක් භික්ෂුවක් භාරයේ ඉන්නවානම් ඒ සතා එක්කෝ මරණයතෙක් බලාගත හැකි ගිහි බාරකාරීත්වයකට හෝ හැකිනම් වනයට හෝ මුදාහරින්න ඕනෙ. භික්ශුවකට අලියෙක් තියා කටුසු පැටියෙක් වත් හදන්න බැහැ.

    භික්ෂුවක් විසින් සතුන් නඩත්තු කිරීම විනයානුකූල නැහැ කියලා කියන්නේ විනය පිටකයේ සඳහන් වෙලා තියෙනවද භික්ෂුවක් විසින් සතුන් නඩත්තු කිරීම නොකළ යුතුයි කියලා වගේ දෙයක් ?
     

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    මස් මාළු කන කෙනෙක්ට වුණත් සත්තු ගැන අනුකම්පාව පහල වෙන්න පුලුවන්
    මං ඒක අගය කරනව :yes: ඒකත් ලොකු දෙයක්
     
    • Like
    Reactions: Mr Bones