සබ්බේ තසන්ති දණ්ඩස්ස
සබ්බේ භායන්ති මච්චුනෝ
අත්ථානං උපමං කත්වා
නහන්‍යෙ න ඝාතයෙ
සබ්බේ තසන්ති දණ්ඩස්ස
සබ්බේ සඔ ජීවිතං පියං
අත්ථානං උපමං කත්වා
නහන්‍යෙ න ඝාතයෙ
මේ ගාථා දෙක කියපු කෙනාගෙ දතක් අරන් යන්න
අම්මගෙන් වෙන් කරලා,
බලෙන් අල්ලගෙන,
බලෙන් හීලෑ කරගෙන,
බය කරගෙන,
දඬුවම් කර කර,
ජීවිත කාලෙම දංවැල් දාල බැඳගෙන,
(අලි කියන්නෙ දවසකට 10-15km ඇවිදින සත්තු)
ලිංගික ජීවිතේ නැත්තට නැති කරලා,
සතෙක් තියාගෙන ඉන්න එක කොච්චර නොගැලපෙනවද,කොච්චර විහිලුවක්ද කියල මොලේ අබ ඇටයක් තරමට හරි තියෙන එකෙක්ට තේරෙනව ඉතින්.සාධාරණීකරනය කරන්න හැදුවට වැඩක් නෑ.කෑමට සත්තු මරන එකෙන් වහන්නත් බෑ.
සියලු සත්වයෝම වධබන්ධනාදියට තැතිගන්නාහ. සියල්ලෝම මරණයට බියවෙති. තමා උපමාකොට හිංසා නොකරන්නේය. අනුන් ලවා හිංසා නොකරවන්නේය.
සියලු සත්වයෝම වධබන්ධනාදියට බිය වෙති. සියල්ලන්ටම ජීවිතය ප්‍රියය. තමා උපමාකොට හිංසා නොකරන්නේය. අනුන් ලවාද හිංසා නොකරවන්නේය.
යම් පුද්ගලයෙක් තමාහට සුව කැමතිවූයේ සුව කැමති සත්වයන් දණ්ඩනයෙන් පෙළාද, හෙතෙම පරලොව සුව නොලබන්නේය.
යමෙක් තමහට සුව කැමතිවූයේ සුව කැමති සත්වයන් දඬුවමින් නොපෙළාද ඒ පුද්ගලතෙම පරලොව සුව ලබන්නේය.
කිසිවකුට පරුෂ වචනයක් නොකියව. (තා විසින් පරුෂ වචන) කියන ලද්දාවූ අන්‍යයෝ තට පෙරළා කියති. එසේම, එකටෙක කථාව දුක්ය. තට පෙරළා දඬුවම් ලැබෙයි.
ඉදින් (වටින්) කැඩූ ලොහොතලියක් මෙන් තාගේ සිත නිශ්ශබ්ද කෙළෙහි නම් නිවණට පැමිණියා නම් වෙහි. තට පෙරළා දෙසීම් නොවන්නේය.
- දණ්ඩවග්ග, ධම්මපදය.


ඒකත් ලොකු දෙයක්