අලි_වෙනුවෙන්_කිඹුල්_කඳුළු

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    elephant-splash.jpg
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    හැම සත්ව හින්සාවක්ම නවත්තන්න ඕනෙනම් මුලින්ම සත්තු මරන එක, බලෙන් එලදෙනුන්ව ගැබ් ගන්වන එක, කෘමිනාශක ගහන එක නවත්තන්න කතා කරපන්. එතකොට අපිත් එකතු වෙන්නම්. හැබැයි සත්තු මරණ එක තහනම් කරොත් මුස්ලිම්, ක්‍රිස්තියානි අයගේ හිත රිදෙයි, සහජීවනය නැති වෙයි කියල කියන අය පෙරහැරේ යන අලි ගැන කතා කරනවානම් එතන තියෙන්නේ වෙනම අරමුණක්.

    ai uba side kick ekak venne kagevath campaign ekakata, ubath patanin ganinko mokak hari me vage.api epa kiyala nane, un ali venuven hadak naganava, uba harak venuven hadak nagapan.ethakota hamoma sattu venuven hadak nagana kota baladarin mokak hari karai, namuth uba methana karanne eka nevi ne, uba arun harak marana eka pitin dala methana alinta hinsa karana eka sadaranaya karanava.
     
    Last edited:

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    හා.
    එතකොට බුදු හාමුදුරුවෝ සත්තු ගැන කියල තියෙන දේවල් බොරු කියලද උඹ කියන්නේ?

    buduhamudru siyalu satvayanta maitiri karanna kiyala thiyenne, ehema karanna kiyala thiyena kenekuge dantha datun ,balen kalen aragena avith, danval valin badala ,henduven ana ana dakkana aliyekge pite geniyana eka budunta karana apahasayak, dan kale ali ona nane? oka hodata sarasapu vahanayaka genichcha nam hari. alinta kale unge paduve inna deepalla.
    mun balen agame namen alinta karana me vadei, muslim eun agame namen harakta karana vadei venasak na. :D antimata venne agamak nisa sattu dukvidina ekai.
     
    • Like
    Reactions: meedeniyats

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139

    ඔය කිව්වේ සන්නස්ගල ටයිප් එකේ කතාවක්. දැන් උඹත් කියන්නේ දළදා කරඬුව ලොරියක ගෙනියන්න කියලද?
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    හෙට වැඩට එනවා නේ? කපරාරුවේ ඉතුරු ටික හෙට ඉවර කරන්න පුළුවන් වෙයි නේද?

    ඔවු මල්ලි, අපි දෙන්නට පුළුවන් වෙයි. උඹ ටිකක් කලින් ගිහින් බදාම ටික අනල තියපන්.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    මේ තියෙන්නේ අලින්ට සලකන විදිය ගැන ඇත්ත විස්තර:

    අලි නාවන ෆොටෝ දාල මෙන්න අලින්ට සලකන විදිය කියල වැඩක් නැහැ අපි කතාකරන්නේ සතාගේ නිදහස ගැන උබ හිතන්නේ නාවනකන් ඔහොම පැත්තට ඇලවෙලා ඉන්න ඔය සතාව හීලැ කරන්න ඕකට කොච්චර වද දෙන්න ඇද්ද. පොඩ්ඩක් හොයල බලපන් අලියෙක්ව හීලැ කරන්නේ කොහොමද කියල. පනාමුරේ ඇත්රාජා කියල පොතක් තියෙනවා පොඩ්ඩක් බලපන්, අලියෙක් හීලැ කරද්දී උගේ බලබිදින්න දවස්ගානක් කන්න නොදී තියනවා මුලින්ම කකුලට දාන්නේ පොට කිහිපයක දන්වැලක් අලියා කකුල තුවාල වෙනකං chain එකෙන් බේරෙන්න දගලනවා, කන්නනැති කමටයි තුවාල වල වේදනාවටයි උගේ උත්සහය අතාරිනවා මේකට සතිගානක් යනවා හීලැ උනාට පස්සේ ඒක වහලෙක්. උබට ඕව කිව්වහම උබ ආයේ කලින්කතාවම පටන්ගන්නවා, හරක්මරණ එකයි අලින්ට සිද්දවෙන දෙයි සංසන්දනය කරන්න හදනවා. මචං ඕනම සතෙක්ට හිංසනයක් වෙනවනම් වැරදි. උබ හිතන්නේ අලි පෙරහැරේ ගෙනියන එක හෙන පිං අතේ සිරාවැඩක් කියල හීලැ අලි පෙරහැරේ කරඩුව ගෙනියන්නේ උන්ව පුරුදුකරලා තියෙන නිසා, අලියා කැමැත්තෙන් යනවා කියන එක ගොන්කතාවක්, කැලෙන් අලියක් අල්ලන් ඇවිත් පිටේ කරඩුවක් බැදලා පෙරහැරකට දලබලපන්කෝ උබට අලින්ගේ ශ්‍රද්දවේ තරම බලාගන්න පුළුවන්
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    "පෙරහරට අලි ඇතුන් ගෙනයන්න පෙර අලි හාම්පුතුන් විසින් අලි ඇතුන්ගේ කරේ පුංචි මිණි ජෝඩුවක් බැඳීම සිදු කෙරේ.එවිට ඒ අලි ඇතුන්ට තමන් දැන් පෙරහරට යන්න සූදානම් වෙන්නෙ කියා හැඟේ. එවිට ඒ අලින්ගේ හැසිරීම් රටාව ඔවුන් විසින් සම්පූර්ණයෙන්ම වෙනස් කර ගනී. ඒ අය ඉක්මනින් ඒ ගමන යන්න උත්සාහ කරයි. ඒ අය දන්නවා පෙරහරට ගිය විට තමන්ගෙ වර්ගයා මුණ ගැසෙනවා කියා ඒ අය පුදුම සතුටකින් ඉන්නෙ පෙරහරට යන්න. සමහර අලි ඇතුන් වසරකට වරක් හමුවන මිතුරු මිතුරියන් හමුවෙන්න හරිම ආශාවක් දක්වනවා. ශ්‍රී දළදා පෙරහරට සහභාගි වෙන්න පයින් එන එකම ඇතා කරඬුව වඩමවන නැදුන්ගමුවේ රාජා පමණයි. එයාගේ දළ දෙකට හානි වෙයි කියලා එයා ලොරිවල නග්ගලා එවන්න අයිතිකරු කැමති නැහැ. ඒ නිසා එයා දින හතක් තිස්සේ පෙරහරට එන්නේ පයින්මයි. ඒ දින හතේම එයා නිදා ගන්නෙ නැහැ. එයා නිදා ගන්නේ එයාගෙ ගෙදර ඇත් ගාලෙ සහ මාලිිගාවෙ ඇත් ගාලෙ පමණයි. බොහෝ අලින්ට නිදි‍පොල මාරු වුණාම ඒ අයට නින්ද යන්නේ නැහැ. නමුත් කාලයක් පෙරහරට ඇවිත් පුරුදු වුණු අය එකම තැන බඳින නිසා ඒ අය හොඳට නිදා ගන්නවා. මෙවර පෙරහරට දුර බැහැර සිට ආවෙ අලුත්ගම කිරින්දෙ ඇතා පමණයි. එයා ලොරියක නංවාගෙන දින දෙකක කාලයක් ගත කර මහනුවරට රැගෙන ආ අතර එක රාත්‍රියක් අතර මග නවාතැන් ගත්තේය.
    රට වටෙන් පෙරහරට එන අලි ඇතුන් මාලිගාව හා දේවාල අවට හැම වසරෙදිම බඳින්නෙ එකම ස්ථානයකයි. ඒ අලි ඇතුන් වසරකට පසුව එතනට ආවත් එයා දන්නවා මේ එයා හැමදාම පෙරහරට ආවාම ඉන්න තැනයි කියා. පෙරහරට එන අලි ඇතුන් ඒ අය අතර මිතුරන් හා හතුරන් ඇති කර ගැනේ. ඒ අය ගාල් කරන විට මිතුරන් ළංකර තරහ අය ඈත්කර තමයි ගාල් කරන්නේ. නැතිනම් ඒ අය රංඩු සරුවල්වලට යන්න උත්සාහ ගනී. පෙරහරට එන කිවුල්පනේ ඇතින්න හා කෑගල්‍ලේ නිස්සංක මහතාට අයත් මැණිකේ ඇතින්න පෙරහරට ඇවිත් පුදුම මිතුදමක් ගොඩනගා ගත් දෙන්නෙක්. ඒ දෙන්නා මුණ ගැසෙන්නේ වසරකට එක වතාවයි. ඒ මෙම පෙරහරේදී පමණයි. ඒ දෙන්න ගාල් කර බඳින්නේ එකම තැනකයි. ඒ දෙන්නා කෑම පවා කන්නේ හුවමාරු කරගෙනයි. ඒ වගේම ඒ දෙන්නාම තම යාළුවගේ ඇත් ගොව්වන් පවා හොඳින් හඳුනයි. ඒ දෙන්නම තමන්ගේ යාළුවගේ ඇත්ගොව්වගේ අණට පවා හරිම කීකරුයි.
    සාමාන්‍යයෙන් බොහෝ තරහා ඇතිකරගන්නේ පිරිමි අලින්. තවත් පිරිමි අලියෙක් සමග තාරුණ්‍යයට හා නායකත්වයට යම් ප්‍රශ්න ඇති වුණොත් ඒ අලි තරහා වෙනවා. එවිට ඒ අලි ඒ තරහා වසර ගණනාවක් තියා ගනී. ඒ අලි හොඳට හඳුනන නිසා හැම විටම ඒ අය එකට මුණගස්වන්නේ නැහැ. අලින් නුරුස්සන ඇතින්නක් මෙවර පෙරහරට පැමිණ සිටියාය. එම ඇතින්න ගොස් අලින්ට පන්න පන්නා පහර දුනි. එම නිසා එම ඇතින්න අනික් අලින් අසළින් බදින්නේ නැත. තවත් කෙනෙක් තමයි මාලිගාවේ ජනරාජා ඇතා. එයා ළඟ තියෙන්නේ අමුතුම තාලෙ වැඩ. එයාව පෙරහරේ ගෙනියන්නේ හරිම බයෙන්. ඒ කියන්නේ කුලප්පු වෙලා කරදර කිරීමක් නොවෙයි. එයා කොයි වෙලාවෙත් වැඩ අවුල් කරයිද කියලා කාටත් සැකයි. මේ කරුණු අනුව පෙරහරට අලි ගමන් කරවන්නෙත් ඒ අයගේ යාළු මිත්‍රකම් හා ගතිගුණ සැලකිල්ලට අරගෙනයි.
    අලි ඇතුන් පෙරහරේ යන්න හරිම කැමතියි. ඒ අය ඇඳුම් ඇඳගෙන පෙරහරේ යන්නේ මහත් ආඩම්බරෙන්. සාමාන්‍යයෙන් අලි ඇතුන් ඇඳුම්වල පාටට එතරම් ඇල්මක් දක්වන්නේ නැහැ. ඒත් ඇඳුම් ඇඳගෙන පෙරහරේ යන්න අලි ඇතුන් හරිම කැමතියි. අලි ඇතුන් ඕන වෙලාවක් බැඳගෙන ඉන්න පුළුවන් වුවත් ඒ අයට ඇඳුම් ඇන්දවූ විට සමහර අලි ඇතුන් එකතැන තියාගෙන ඉන්නට බැහැ. පෙරහරේ යන්නමයි උත්සාහ කරන්නේ. ඒ නිසා සමහර ඇත් ගොව්වන් කියන්නේ “අනේ මෙයා පෙරහරේ ඉස්සෙල්ලාම දාන්න. මෙයා ඇඳුම් අන්දවලා එකතැන තියාගෙන ඉන්න බැහැ” කියලයි.
    අලුතෙන් එන කෝඩුකාර අලි ඇතුන් එක්වරම පෙරහරේ ගෙනයන්නේ නැහැ. ඒ අය බෙර හඬට, පන්දම් එළිවලට හා මිනිසුන්ටත් බය නැති වෙන්න ඕනෙ. ඒ නිසා පළමුවෙන්ම කරන්නේ ඒ කෝඩුකාර අලි ඇතුන්ට පෙරහර පටන් ගන්න ඉස්සර ලස්සන ඇඳුමක් ඇන්දවීමයි. එවිට එම සතා ආශාවෙන් ඇඳුම් ඇඳගෙන සිටී. නමුත් එහෙම කළත් එයාව පෙරහරේ ගෙන යන්නේ නැහැ. පළමුව එයාට ඇඳුම් අන්දවලා ගෙනත් එක තැනක ගැට ගහලා එයාට පෙරහර පෙන්වනවා. එහෙම දින කීපයක් කළ විට එයා පෙරහරේ යන්න ආශාවක් දක්වනවා. එවිට කරන්නේ එයා මිතුරු වෙලා ඉන්න අලි ඇතුන් සමග එයා පෙරහරේ ගමන් කරවීමයි.එවිට පෙරහරේදී එයාට යම් බියක් ප්‍රශ්නයක් ඇති වුණොත් එයා එයාගෙ යාළුවා ළඟට කිට්ටු වෙලා ඉන්නව වගේම ඒ අය දන්නවා එහෙම කරදරයක් වුණොත් එයාගේ යාළුවා එයාට උදව් කරන බව.
    අලි ඇතුන්ගේ හැසිරීමත් මහා පුදුමයි. ඒ අය කොපමණ ප්‍රචණ්ඩ වුණත් පෙරහර වෙලාවට ඒ අය පුදුම සංවරකමක් දක්වයි.දැන් මාලිගාවේ ඇත්පංතියෙ ඉන්න ඉංදිරාජා ප්‍රචණ්ඩ ඇතෙක්. සමහරු පුදුම වෙනවා මෙයා කොහොමද කරඬුව වඩමවන්නේ කියා. ඒ කොපමණ ප්‍රචණ්ඩ චරිතයක් වුවත් ඇඳුම් අන්දවා ඇතාගේ පිටේ කරඬුව තැන්පත් කරන්න මාළිගාව තුළට ගත් පසුව ඇතාගේ හැසිරීම සම්පූර්ණයෙන් වෙනස් වේ.
    පෙරහරේ ශිල්පීන් බෙරකරුවන් පන්දම්කරුවන් එම ඇතා ළඟට ආවත් එයා නිහඬව සිටී. සමහර විට පෙරහර කරඬුව සමග රන්සිවිගේ ඇද වුණොත් එම ඇතා පෙරහරේ ගමන් කිරීම නතර කරයි. එක අඩියක්වත් ඉදිරියට තබන්නේ නැත. පෙරහර කරඬුව රැගත් ඇතා පෙරහරේ ගමන් කරන විට දෑලෙ ඇතුන් දෙදෙනා කරඬුව ගෙන යන ඇතාට පුදුම විදියට සහයෝගය දක්වති. දෑලෙ යන ඇතුන් දෙදෙනාත් පෙරහර කරඬුව ගෙනයන ඇතා ගැන පුදුම විදියට අවධානයක් යොමු කරති. කරඬුව වැඩමවන ඇතා නැවතුණ විට දෑලෙ යන ඇතුන් දෙදෙනාත් නතර වේ. ආයෙමත් ඉදිරියට ගමන් කිරීම ආරම්භ කළ විට කරඬුව වැඩම කරන ඇතා ගමන් කිරීමට පෙර පාදය තැබූ පසුවයි දෑලෙ ඇතුන් දෙදෙනා ඉදිරියට පාද තබන්නේ මේවා කවුරුත් ඒ අයට කියා දුන් ඒවා නම් නොවෙයි.
    පුංචි අලි පැටවුන් වගේ ලොකු අලි ඇතුන්ද පැණිරසට පුදුම කැමැත්තක් දක්වයි. ඒ නිසා ඒ අය පෙරහරේ ගමන් කරන විට කාටත් හොරෙන් ඇත් ගොව්වන් ඒ අයට ටොෆි, චොකලට් වගේ ඒවා කන්නට දෙති. සමහරු කොප්පරා කන්න ආසයි. සමහරු උක්දඬු වගේ දේවල් කන්න ආසයි. තමන්ගේ අලි ඇතුන් ආස කරන දේ ඇත්ගොව්වන් හොරෙන් සඟවාගෙන ඉඳන් පෙරහරේ ගමන් කරන විට කාටත් හොරෙන් ඒවා ඒ අය ට දෙති. සමහර අලි ඇතුන්ගේ දෙපාවලට මාංචු දාලා හිරකර ගෙනයි පෙරහරේ ගෙනයන්නේ. එයට හේතුව පෙරහරේ ගෙන යන්න ඒ අලි ඇතුන් නුසුදුසු වුණත් අලි ඇතුන්ගේ හිඟකම නිසා ඒ අයත් පෙරහරේ ගෙනයන්න සිදුවීමයි. එහෙම හිර කරගෙන යනවිට ඒ අයට තරහාත් යනවා. ඒ නිසා ඇත්ගොව්වන් ඒ අයට ටොෆි, චොකලට්, පලතුරු වගේ දේවල් දීලා රවටලා ඒ අයගේ අවධානය වෙන අතකට යොමු කර පෙරහරේ ගෙනයයි. හරියට ‍පොඩි ළමයි එක්ක කටයුතු කරනව වගෙයි.
    සාමාන්‍යයෙන් සමහරු හිතනවා ඇයි මේ වගේ අලි ඇතුන් මාංචු දාගෙන පෙරහරේ ගෙන යන්නේ කියා. අලි ඇතුන් මද කිපෙන්න මාස තුනකට කලින් වුණත් පෙරහරේ ගෙන යන්න සුදුසු නැහැ. නමුත් මද කිපෙන්නෙ ලබන මාසෙ කියලා තියන අයත් දැන් පෙරහරේ ගෙනයන්න සිදුවී තිබේ. ඒ අලි ඇතුන්ගේ හිඟකම නිසායි. ඒ අය ඒ කාලෙට ප්‍රචණ්ඩත්වයට බර නිසා ඒ අයව හිරකරගෙන අපට පෙරහරේ ගෙන යන්න සිදුවේ.
    අලි ඇතුන් පෙරහර වෙලාවෙදි වුණත් යන්නේ බොහෝ කල්පනාවෙන්. ඒ බව බොහෝ අය දන්නෙ නැහැ. මොකක් හරි කලබලයක් වෙලා මිනිසුන් කෑකෝ ගසන විට අනෙක් අලි ඇතුන් දන්නවා මොකක් හරි කලබලයක් අනතුරක් කියා. එවිට එතකොට ඒ අය නිතරම දුවන්නේ ඇත්ගොව්වා හා සෙනග දුවන දෙසටයි. ඒ අලි ඇතුන් හැම වෙලාවෙම හිතනවා ජනතාව අතරට ගිය විට ජනතාව ඒ අයව ඒ කරදරෙන් බේරගනීවි කියා. ඒ නිසා යම් සිදුවීමක් සිදුවුණ විට ජනතාව කෑකෝ ගැසුවොත් අලි ඇතුන් බිය වේ. ඝෝෂාවක් නැතිව නිහඬව ඉන්නවානම් අලි ඇතුන් කරදර කරන්නේ නැහැ.
    පෙරහර අවසානයේ ඇඳුම් ලිහනවාටත් අකමැති අලි ඇතුන් සිටී. පෙරහර මංගල්‍යය අවසන් වෙන දවස ඒ අලි ඇතුන්ට දැනේ. ඒ අයට පෙරහර අවසන් කියා වැටහෙයි. සමහරුන්ට ඒ කනගාටුව තිබෙයි. තමන්ගේ යාළුවන් මිතුරන් දාලා යන්න, ඒ අයගෙන් වෙන් වෙන්න යනවා කියලා ඒ අයට දැනේ. සමහරු දෑස්වල කඳුළු පුරෝගෙනයි සමුගන්නෙත්. දෑස්වල කඳුළු පුරෝගෙන දළදා හිමි වන්දනා මාන කරගෙන ඒ අය තමන්ගේ ගම් බිම් බලා යන්නෙ ආයෙ තවත් වසරකින් පෙරහරට එන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් වෙන්නට ඇති." - https://www.facebook.com/sridaladamaligawa/posts/10152397607048687
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    බල්ලන්ව දම්වැල් වලින් බැඳලා බෙල්ලෙන් ඇදගෙන යන එක හොඳයි. ඒක සුද්දොත් කරනවනේ. ඒක හින්ද කොහොමත් නරක වෙන්න බෑ. :lol:

    හැබැයි අලින්ගේ කකුල් වලට දම්වැල් දාන එකනම් අන්තිම අමානුෂිකයි. :lol:

    :lol::lol::lol:
    patta kathaawa
     
    waligamaya

    Well-known member
  • හෙට වැඩට එනවා නේ? කපරාරුවේ ඉතුරු ටික හෙට ඉවර කරන්න පුළුවන් වෙයි නේද?
    අපොයි ඔය බසලා එනකන් විෂවශ නැ. බොරුම තමයි කියන්නේ. අතේ සතේ නැතිඋනම තම යි අයි වැඩට එන්නේ. එක නිසා සල්ලි වැඩිපුර දෙන එපා.:yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අපොයි ඔය බසලා එනකන් විෂවශ නැ. බොරුම තමයි කියන්නේ. අතේ සතේ නැතිඋනම තම යි අයි වැඩට එන්නේ. එක නිසා සල්ලි වැඩිපුර දෙන එපා.:yes:

    උඹේ කතාව හරි. අද මූ වැඩට ආවේ නෑ. මේ පැත්තට ඇවිත් බැලුවේ මේකටවත් වෙලා ඉන්නවද කියලා.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    "පෙරහරට අලි ඇතුන් ගෙනයන්න පෙර අලි හාම්පුතුන් විසින් අලි ඇතුන්ගේ කරේ පුංචි මිණි ජෝඩුවක් බැඳීම සිදු කෙරේ.එවිට ඒ අලි ඇතුන්ට තමන් දැන් පෙරහරට යන්න සූදානම් වෙන්නෙ කියා හැඟේ. එවිට ඒ අලින්ගේ හැසිරීම් රටාව ඔවුන් විසින් සම්පූර්ණයෙන්ම වෙනස් කර ගනී. ඒ අය ඉක්මනින් ඒ ගමන යන්න උත්සාහ කරයි. ඒ අය දන්නවා පෙරහරට ගිය විට තමන්ගෙ වර්ගයා මුණ ගැසෙනවා කියා ඒ අය පුදුම සතුටකින් ඉන්නෙ පෙරහරට යන්න. සමහර අලි ඇතුන් වසරකට වරක් හමුවන මිතුරු මිතුරියන් හමුවෙන්න හරිම ආශාවක් දක්වනවා. ශ්‍රී දළදා පෙරහරට සහභාගි වෙන්න පයින් එන එකම ඇතා කරඬුව වඩමවන නැදුන්ගමුවේ රාජා පමණයි. එයාගේ දළ දෙකට හානි වෙයි කියලා එයා ලොරිවල නග්ගලා එවන්න අයිතිකරු කැමති නැහැ. ඒ නිසා එයා දින හතක් තිස්සේ පෙරහරට එන්නේ පයින්මයි. ඒ දින හතේම එයා නිදා ගන්නෙ නැහැ. එයා නිදා ගන්නේ එයාගෙ ගෙදර ඇත් ගාලෙ සහ මාලිිගාවෙ ඇත් ගාලෙ පමණයි. බොහෝ අලින්ට නිදි‍පොල මාරු වුණාම ඒ අයට නින්ද යන්නේ නැහැ. නමුත් කාලයක් පෙරහරට ඇවිත් පුරුදු වුණු අය එකම තැන බඳින නිසා ඒ අය හොඳට නිදා ගන්නවා. මෙවර පෙරහරට දුර බැහැර සිට ආවෙ අලුත්ගම කිරින්දෙ ඇතා පමණයි. එයා ලොරියක නංවාගෙන දින දෙකක කාලයක් ගත කර මහනුවරට රැගෙන ආ අතර එක රාත්‍රියක් අතර මග නවාතැන් ගත්තේය.
    රට වටෙන් පෙරහරට එන අලි ඇතුන් මාලිගාව හා දේවාල අවට හැම වසරෙදිම බඳින්නෙ එකම ස්ථානයකයි. ඒ අලි ඇතුන් වසරකට පසුව එතනට ආවත් එයා දන්නවා මේ එයා හැමදාම පෙරහරට ආවාම ඉන්න තැනයි කියා. පෙරහරට එන අලි ඇතුන් ඒ අය අතර මිතුරන් හා හතුරන් ඇති කර ගැනේ. ඒ අය ගාල් කරන විට මිතුරන් ළංකර තරහ අය ඈත්කර තමයි ගාල් කරන්නේ. නැතිනම් ඒ අය රංඩු සරුවල්වලට යන්න උත්සාහ ගනී. පෙරහරට එන කිවුල්පනේ ඇතින්න හා කෑගල්‍ලේ නිස්සංක මහතාට අයත් මැණිකේ ඇතින්න පෙරහරට ඇවිත් පුදුම මිතුදමක් ගොඩනගා ගත් දෙන්නෙක්. ඒ දෙන්නා මුණ ගැසෙන්නේ වසරකට එක වතාවයි. ඒ මෙම පෙරහරේදී පමණයි. ඒ දෙන්න ගාල් කර බඳින්නේ එකම තැනකයි. ඒ දෙන්නා කෑම පවා කන්නේ හුවමාරු කරගෙනයි. ඒ වගේම ඒ දෙන්නාම තම යාළුවගේ ඇත් ගොව්වන් පවා හොඳින් හඳුනයි. ඒ දෙන්නම තමන්ගේ යාළුවගේ ඇත්ගොව්වගේ අණට පවා හරිම කීකරුයි.
    සාමාන්‍යයෙන් බොහෝ තරහා ඇතිකරගන්නේ පිරිමි අලින්. තවත් පිරිමි අලියෙක් සමග තාරුණ්‍යයට හා නායකත්වයට යම් ප්‍රශ්න ඇති වුණොත් ඒ අලි තරහා වෙනවා. එවිට ඒ අලි ඒ තරහා වසර ගණනාවක් තියා ගනී. ඒ අලි හොඳට හඳුනන නිසා හැම විටම ඒ අය එකට මුණගස්වන්නේ නැහැ. අලින් නුරුස්සන ඇතින්නක් මෙවර පෙරහරට පැමිණ සිටියාය. එම ඇතින්න ගොස් අලින්ට පන්න පන්නා පහර දුනි. එම නිසා එම ඇතින්න අනික් අලින් අසළින් බදින්නේ නැත. තවත් කෙනෙක් තමයි මාලිගාවේ ජනරාජා ඇතා. එයා ළඟ තියෙන්නේ අමුතුම තාලෙ වැඩ. එයාව පෙරහරේ ගෙනියන්නේ හරිම බයෙන්. ඒ කියන්නේ කුලප්පු වෙලා කරදර කිරීමක් නොවෙයි. එයා කොයි වෙලාවෙත් වැඩ අවුල් කරයිද කියලා කාටත් සැකයි. මේ කරුණු අනුව පෙරහරට අලි ගමන් කරවන්නෙත් ඒ අයගේ යාළු මිත්‍රකම් හා ගතිගුණ සැලකිල්ලට අරගෙනයි.
    අලි ඇතුන් පෙරහරේ යන්න හරිම කැමතියි. ඒ අය ඇඳුම් ඇඳගෙන පෙරහරේ යන්නේ මහත් ආඩම්බරෙන්. සාමාන්‍යයෙන් අලි ඇතුන් ඇඳුම්වල පාටට එතරම් ඇල්මක් දක්වන්නේ නැහැ. ඒත් ඇඳුම් ඇඳගෙන පෙරහරේ යන්න අලි ඇතුන් හරිම කැමතියි. අලි ඇතුන් ඕන වෙලාවක් බැඳගෙන ඉන්න පුළුවන් වුවත් ඒ අයට ඇඳුම් ඇන්දවූ විට සමහර අලි ඇතුන් එකතැන තියාගෙන ඉන්නට බැහැ. පෙරහරේ යන්නමයි උත්සාහ කරන්නේ. ඒ නිසා සමහර ඇත් ගොව්වන් කියන්නේ “අනේ මෙයා පෙරහරේ ඉස්සෙල්ලාම දාන්න. මෙයා ඇඳුම් අන්දවලා එකතැන තියාගෙන ඉන්න බැහැ” කියලයි.
    අලුතෙන් එන කෝඩුකාර අලි ඇතුන් එක්වරම පෙරහරේ ගෙනයන්නේ නැහැ. ඒ අය බෙර හඬට, පන්දම් එළිවලට හා මිනිසුන්ටත් බය නැති වෙන්න ඕනෙ. ඒ නිසා පළමුවෙන්ම කරන්නේ ඒ කෝඩුකාර අලි ඇතුන්ට පෙරහර පටන් ගන්න ඉස්සර ලස්සන ඇඳුමක් ඇන්දවීමයි. එවිට එම සතා ආශාවෙන් ඇඳුම් ඇඳගෙන සිටී. නමුත් එහෙම කළත් එයාව පෙරහරේ ගෙන යන්නේ නැහැ. පළමුව එයාට ඇඳුම් අන්දවලා ගෙනත් එක තැනක ගැට ගහලා එයාට පෙරහර පෙන්වනවා. එහෙම දින කීපයක් කළ විට එයා පෙරහරේ යන්න ආශාවක් දක්වනවා. එවිට කරන්නේ එයා මිතුරු වෙලා ඉන්න අලි ඇතුන් සමග එයා පෙරහරේ ගමන් කරවීමයි.එවිට පෙරහරේදී එයාට යම් බියක් ප්‍රශ්නයක් ඇති වුණොත් එයා එයාගෙ යාළුවා ළඟට කිට්ටු වෙලා ඉන්නව වගේම ඒ අය දන්නවා එහෙම කරදරයක් වුණොත් එයාගේ යාළුවා එයාට උදව් කරන බව.
    අලි ඇතුන්ගේ හැසිරීමත් මහා පුදුමයි. ඒ අය කොපමණ ප්‍රචණ්ඩ වුණත් පෙරහර වෙලාවට ඒ අය පුදුම සංවරකමක් දක්වයි.දැන් මාලිගාවේ ඇත්පංතියෙ ඉන්න ඉංදිරාජා ප්‍රචණ්ඩ ඇතෙක්. සමහරු පුදුම වෙනවා මෙයා කොහොමද කරඬුව වඩමවන්නේ කියා. ඒ කොපමණ ප්‍රචණ්ඩ චරිතයක් වුවත් ඇඳුම් අන්දවා ඇතාගේ පිටේ කරඬුව තැන්පත් කරන්න මාළිගාව තුළට ගත් පසුව ඇතාගේ හැසිරීම සම්පූර්ණයෙන් වෙනස් වේ.
    පෙරහරේ ශිල්පීන් බෙරකරුවන් පන්දම්කරුවන් එම ඇතා ළඟට ආවත් එයා නිහඬව සිටී. සමහර විට පෙරහර කරඬුව සමග රන්සිවිගේ ඇද වුණොත් එම ඇතා පෙරහරේ ගමන් කිරීම නතර කරයි. එක අඩියක්වත් ඉදිරියට තබන්නේ නැත. පෙරහර කරඬුව රැගත් ඇතා පෙරහරේ ගමන් කරන විට දෑලෙ ඇතුන් දෙදෙනා කරඬුව ගෙන යන ඇතාට පුදුම විදියට සහයෝගය දක්වති. දෑලෙ යන ඇතුන් දෙදෙනාත් පෙරහර කරඬුව ගෙනයන ඇතා ගැන පුදුම විදියට අවධානයක් යොමු කරති. කරඬුව වැඩමවන ඇතා නැවතුණ විට දෑලෙ යන ඇතුන් දෙදෙනාත් නතර වේ. ආයෙමත් ඉදිරියට ගමන් කිරීම ආරම්භ කළ විට කරඬුව වැඩම කරන ඇතා ගමන් කිරීමට පෙර පාදය තැබූ පසුවයි දෑලෙ ඇතුන් දෙදෙනා ඉදිරියට පාද තබන්නේ මේවා කවුරුත් ඒ අයට කියා දුන් ඒවා නම් නොවෙයි.
    පුංචි අලි පැටවුන් වගේ ලොකු අලි ඇතුන්ද පැණිරසට පුදුම කැමැත්තක් දක්වයි. ඒ නිසා ඒ අය පෙරහරේ ගමන් කරන විට කාටත් හොරෙන් ඇත් ගොව්වන් ඒ අයට ටොෆි, චොකලට් වගේ ඒවා කන්නට දෙති. සමහරු කොප්පරා කන්න ආසයි. සමහරු උක්දඬු වගේ දේවල් කන්න ආසයි. තමන්ගේ අලි ඇතුන් ආස කරන දේ ඇත්ගොව්වන් හොරෙන් සඟවාගෙන ඉඳන් පෙරහරේ ගමන් කරන විට කාටත් හොරෙන් ඒවා ඒ අය ට දෙති. සමහර අලි ඇතුන්ගේ දෙපාවලට මාංචු දාලා හිරකර ගෙනයි පෙරහරේ ගෙනයන්නේ. එයට හේතුව පෙරහරේ ගෙන යන්න ඒ අලි ඇතුන් නුසුදුසු වුණත් අලි ඇතුන්ගේ හිඟකම නිසා ඒ අයත් පෙරහරේ ගෙනයන්න සිදුවීමයි. එහෙම හිර කරගෙන යනවිට ඒ අයට තරහාත් යනවා. ඒ නිසා ඇත්ගොව්වන් ඒ අයට ටොෆි, චොකලට්, පලතුරු වගේ දේවල් දීලා රවටලා ඒ අයගේ අවධානය වෙන අතකට යොමු කර පෙරහරේ ගෙනයයි. හරියට ‍පොඩි ළමයි එක්ක කටයුතු කරනව වගෙයි.
    සාමාන්‍යයෙන් සමහරු හිතනවා ඇයි මේ වගේ අලි ඇතුන් මාංචු දාගෙන පෙරහරේ ගෙන යන්නේ කියා. අලි ඇතුන් මද කිපෙන්න මාස තුනකට කලින් වුණත් පෙරහරේ ගෙන යන්න සුදුසු නැහැ. නමුත් මද කිපෙන්නෙ ලබන මාසෙ කියලා තියන අයත් දැන් පෙරහරේ ගෙනයන්න සිදුවී තිබේ. ඒ අලි ඇතුන්ගේ හිඟකම නිසායි. ඒ අය ඒ කාලෙට ප්‍රචණ්ඩත්වයට බර නිසා ඒ අයව හිරකරගෙන අපට පෙරහරේ ගෙන යන්න සිදුවේ.
    අලි ඇතුන් පෙරහර වෙලාවෙදි වුණත් යන්නේ බොහෝ කල්පනාවෙන්. ඒ බව බොහෝ අය දන්නෙ නැහැ. මොකක් හරි කලබලයක් වෙලා මිනිසුන් කෑකෝ ගසන විට අනෙක් අලි ඇතුන් දන්නවා මොකක් හරි කලබලයක් අනතුරක් කියා. එවිට එතකොට ඒ අය නිතරම දුවන්නේ ඇත්ගොව්වා හා සෙනග දුවන දෙසටයි. ඒ අලි ඇතුන් හැම වෙලාවෙම හිතනවා ජනතාව අතරට ගිය විට ජනතාව ඒ අයව ඒ කරදරෙන් බේරගනීවි කියා. ඒ නිසා යම් සිදුවීමක් සිදුවුණ විට ජනතාව කෑකෝ ගැසුවොත් අලි ඇතුන් බිය වේ. ඝෝෂාවක් නැතිව නිහඬව ඉන්නවානම් අලි ඇතුන් කරදර කරන්නේ නැහැ.
    පෙරහර අවසානයේ ඇඳුම් ලිහනවාටත් අකමැති අලි ඇතුන් සිටී. පෙරහර මංගල්‍යය අවසන් වෙන දවස ඒ අලි ඇතුන්ට දැනේ. ඒ අයට පෙරහර අවසන් කියා වැටහෙයි. සමහරුන්ට ඒ කනගාටුව තිබෙයි. තමන්ගේ යාළුවන් මිතුරන් දාලා යන්න, ඒ අයගෙන් වෙන් වෙන්න යනවා කියලා ඒ අයට දැනේ. සමහරු දෑස්වල කඳුළු පුරෝගෙනයි සමුගන්නෙත්. දෑස්වල කඳුළු පුරෝගෙන දළදා හිමි වන්දනා මාන කරගෙන ඒ අය තමන්ගේ ගම් බිම් බලා යන්නෙ ආයෙ තවත් වසරකින් පෙරහරට එන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් වෙන්නට ඇති." - https://www.facebook.com/sridaladama...52397607048687